Love In My Heart ( Complet...

By kidurangana

38K 6.5K 778

සත්තයි , වසන්තය නැවත ඔබ සොයා එනවාමයි. More

චරිත හැදින්වීම.
chapter 01
chapter 02
chapter 03
chapter 04
chapter 05
chapter 06
chapter 07
chapter 08
chapter 09
chapter 10
chapter 11
chapter 12
chapter 13
chapter 14
chapter 15
chapter 16
chapter 17
chapter 18
chapter 19
chapter 20
chapter 21
chapter 22
chapter 23 * ( bonus )
chapter 24
chapter 25
chapter 26
chapter 27
chapter 28
chapter 29
chapter 30
chapter 31
chapter 32
chapter 33
chapter 34
chapter 35
chapter 36
chapter 37
chapter 38
chapter 40
chapter 41
chapter 42
chapter 43
chapter 44
chapter 45
chapter 46
chapter 47
chapter 48
chapter 49
chapter 50

chapter 39

532 112 15
By kidurangana

මෙය මාගේ මනඃකල්පිතයක් පමණි. සැබෑ ජීවිතයේ අයවලුන් හා ඒහා සබැදි ස්ථාන මෙම කථාංගයට කිසිදු සබදතාවක් නොමැති බැවින් ඒවා සම්බන්ධ කර නොගන්න.

අඩන්න. .......මට ඕනෙ කෑ ගහල අඩන්න පපුවට දැනෙන මේ වේදනාව නැතිවෙනකන් අඩන්න. ..... .... ආයෙ මේ කදුලු දිය කරන්න ඒ පපුවෙ කවදාවත් ඉඩක් මට නොලැබේවි කියන සිතිවිල්ලම මගේ කදුළු අලුත් කරන්න කරන්න මම කරේ කදුළු හිරකරගන්න මගෙම පපුවට ගහගත්ත එක......... අවසානෙ පණ නැති මලකදක් වගේ මම බිම වැතිරැනා. ........ ......... හොදවෙලා තිබුන තුවාලෙ පෑරිල ලේ ආව උනත් මම එහෙමම ඉදිය........

*************************************

වැටිල උන්න තැනම නින්ද ගිහින් උන්නු මම නැගිටල ගිහින් ඇදන් හිටිය ඇදුම පිටින්ම ෂවර් එක යටට ගියා...... ඊයෙ පෑරැණු තුවාලෙත් ලාවට දාගෙනම සීතල වතුර බින්දු මාව තෙමාගෙන ඇගට වැටුන. ...... ...... වේදනයි..... තුවාලෙ නෙමේ මගෙ හදවත........ ....... කණ්ණාඩිය ඉස්සරහ වැටිල තිබුනු මගෙම රෑපෙ දිහා මම ටික වෙලාවක් බලන් උන්න. ........ මගෙ පෙනුම. ...... කැතක් නෑ..... ගෑනියෙකුගෙ හිත හොල්ලන්න තරම් අඩුවක් නැතිව මට ලස්සනක් තිබුන. .... සල්ලි ....... සල්ලිත් මට ඕන තරම් තිබුන....... ඒත් ආදරේ....... දශමෙකටවත් මට උරුම නොවුනු ඒ හිස්තැන වෙද්දී ඒක පුරවන්න හිටිය එකම කෙනාවත් මට නැති උනා....... නැති උනා නෙමේ මම අතඇරගත්ත..... මට තිබුන ආත්මාර්ථකාමී වෙන්න. ..... වෙනකොහේ හරි ගිහින් උඹත් එක්ක එකට ජීවත් වෙන්න. ...... මගෙ කුසින් තාත්තා කෙනෙක් කරන්න බැරි වුනත් දරැවෙක් අරන්හරි හදාගන්න. ........ සම්මතේ අසම්මතේ හොයන මේ වගේ රටකින් උඹත් එක්ක පැනල යන්න. ...... . .ඒ හැමදේම කරත් සැනසීමක් තියේවිද. ...... තමන්ව ජාතක කෙරැව දෙමාපියන්ව දාල මාත් එක්ක යන්න කියල මම කොහොම ද කියන්නෙ .... .අම්ම අප්පච්චි නැති මම කොහොමද තවත් කෙනෙක්ව ඒ වගේ තැනකට ගේන්නෙ......... මට පිහිට වුන අංකල්ට කොහොමද පිටුපාන්නෙ....... මගෙ ජීවිතේ බිලිගන්න බලන් ඉන්න උන් ගාවට කොහොමද ඔයාව ඇදල දාන්නෙ.........

මගෙ පොරොන්දුව හරිදෙයක් නේද ...... මම ගියාම එයා එයාගෙම ලෝකයක් ගොඩ නගා ගනී නේද....... ඒ ලෝකෙ එයා සතුටින් ඉදීවි නේද......මම මගෙන්ම ඇහුව..... ............. කෑමට පිරියක් හිත ලග නොවුනු තැන මම ඇදට වැටුන. ........ ඒ ආන්ටි මට කතා කරනකන් විතරයි......... දොර ඉස්සරහ හිටගෙන උන්න මාලිනී ආන්ටි මට කන්න කතා කරා. ..... . .....

"පුතා යමු කෑම කන්න. ....... අද යුනිවර්සිටි යන්නැද්ද දරැවො. ...... . මොකක් හරි අසනීපයක්ද පුතේ.. .....මේ ඇස් දෙකත් රතු වෙලා. ....... "

"මගෙ ඔලුව ටිකක් රිදෙනවා ආන්ටි. .......මම තව ටිකකින් කන්නම්......."

" මම බඩුවගයවක් ගන්න ටවුමට යනව දැන් පුතාට මොනාහරි එද්දී ගේන්න ඕනද......... "

" ඕන් නෑ. ...ආන්ටි. .... "

" හොදයි....එහෙනම් පුතාට අමාරැ උනොත් කෝල් එකක් ගන්න මට.... ගෙදර කවුරැවකුත් නෑ.....
.... දුවත් ගියා එලියට කේශාන් පුතත් එක්ක. .... අද කේශාන් පුතාගෙ අම්මයි තාත්තයි ලංකාවට එනවනෙ මෙහෙ ස්ථිර පදිංචියටම ..... පුතාට මොනාහරි ඕන උනොත් විමලඅම්මට කියල හදාගන්න හොදද ...... "

." හොදයි ආන්ටි පරිස්සමට ගිහින් එන්න ........ "

මම දණගහල වැන්ද. ..... මෙච්චර කාලෙකට අම්ම කෙනෙක් නොහිටපු මට ඒ ආදරේ දුන්න මාලිනී ආන්ටිට මම දණ ගහල වැන්ද. ..... ඒ අවසාන වතාවට. ......

"බුදු සරණයි දරැවො. ...... "

ආන්ටිට පහලට යන්න ඇරල මම ඇවිත් ඇද උඩින් ඉදගත්ත. ............ මෙහෙන් යන්න...... මට පේනතෙක්මානෙක තිබුන එකම විසඳුම ඒක වෙද්දී ... අංකල්ගේ පොරොන්දුව රකින්න තියෙන එකම විදිය ඒක විතරමයි කියල දන්න නිසාම මම ඒ තීරණේ ගත්ත. .... ....... ඒත් අදම යන්න තුන් හිතකවත් නොතිබුණු මට ආන්ටි අවස්ථාවක් දුන්න හා සමාන උනා....... කාටවත් සමු නොදී සමුගැනීමක් නැතිවම මම යන්න යනව...... ඔයාල හැමෝම හිටියොත් පෑරැණු හිත ආයෙමත් පාරගෙන ඔයාලගෙ හිතුත් රිදවල යනවට වඩා කාටවත් නොකියම යන්න මම හිත හදාගත්ත...... ....... කැබ් එකකට කතා කෙරැව මම ඇදුම් ඔක්කොම අහුවුනු විදියට බෑග් එකට ඔබාගත්ත. ............. පෑනකුයි කොල්ලෙකුයි අතට ගත්ත මන් ලියුමක් ලීවා...... මෙහෙන් යනවට සමාව ඉල්ලුව. ........ අවසානෙට මට උඹටත් ලියුමක් ලියන්න ඕන වුනා රත්තරන්. .......

මම ලිව්ව මෙච්චර කල් ආදරේ කෙරැව ඒ හදවතටම දොස් කිව්ව..... පුලුවන් හැම විදියකටම අපහාස කරා .....මට ආදරේ කරන මම ආදරේ කරන කෙනෙක් ඉන්නව කීව....... පුලුවන් හැම විදියකටම මන් ගැන වෛරයක් ඇති වෙනවිදියට මම මගෙ අවසාන ලියුම ලියල දැම්මා. ............ මේක කියවලා මට වෛර කරන්පන්. ..... ඒත් කවදාවත් මට සමාව දෙන්න එපා......... ආදරේ කරල විදවනවට වඩා වෛර කරන එකෙන් ඔය හිත හැදේවි රත්තරන්. ....... උඹේ සුදු මැණිකට සමාව දෙන්න එපා ....... එයාගෙ කාමරේ පොත් අතර ලියුම රැදෙව්ව මම එන්න ආව.......... සී සී කඩ විසිවෙලා තිබුන කවදාවත් එකතු කරන්න බැරි විදියට කැඩිල බිදිල ගිය මගෙ හදවතේ ආදරේ...... ඒක විතරක් ඉතිරි වේවි...... හැමදාම. ..... හැමදාටම. . .......

බෑග් එකත්අතට ගත්ත මම එන්න ආව ....... ගේට් එක ගාව උන්නු මම ආපහු එකම එක වතාවක් මුලු ගේ දිහාම බැලුව. ........ කවුරැත්ම නැති ගෙදර පාලුවට ගිහින් තිබුන ........ .......

"මම යනව මගේ ආදරේ........ පරිස්සමට ඉන්න. ....... "

ඒත් ගේට් එක ලග නැවතුන කා එක දැක්කම මගෙ අතේ තිබුණු
බෑග් එක ඉබේටම බිමට වැටුන. ........

" නෙතූ අක්ක...... "

" චූටි . ...... මොකද මේ. ..... කොහෙද යන්නේ. ....... "

"මම ද ..... ආ....මේ...... මම ආපහු යන්න කියල..... ප්ලීස් අක්කෙ ....ඔයා මට මගෙම අක්කා වගේ..... අද මාව නවත්තන්න එපා....... "

" චූටි ඔයා මේ ..... ගෙ...දරින්..... යන්...නම...යනවද.... මේ ගැන ඩැඩී එතකොට මල්ලී දන්නවද. ........"

" අංකල් දන්නව. .....මම කීව. එයාට ..... "

බොරැවක්..... ඔව්. ඒත් මම යන එක ගැන අංකල්ට තේරුම් ගන්න පුළුවන් ...... ...... එයාගෙ පොරොන්දුව රකින්න මම මගෙ ආදරේම කැප කරා........ ඒ නිසා මේ පුංචි බොරැව වෙනුවෙන් ඒ හිතේ කහටක් ඇති නොවේව්......හ

" එතකොට මල්ලිට .... ඌ දන්නෑ නේද........ ඌ මෙතන පිස්සු නටයි ..... චූටි ......... "

"එයාට ඔයා කියන්න ....... කියන්න මම ගියා කියල. ....මම ආදරේ කරන කෙනෙක් ලගට ගියා කියන්න. ....... නෙතූ අක්කෙ ඔයාම නේද කීවෙ ආදරේදි ගෑනු පිරිමි කියල භේදයක් නෑ කියලා. ......මම ඒ ගැන හිතුව..... මගෙ හිතේ කවදාවත් කවීෂ අයියා වෙනුවෙන් ආදරයක් ඇති වෙන එකක් නෑ. .... ....... මම කෙනෙක් ට දැනටමත් ආදරේ කරනව .......මම එයත් එක්ක සතුටින් ජීවත් වෙන්න ආස කරනව ඒක වැරදිද...... මම ආත්මාර්ථකාමී ඇති...... ඒත් කවදාවත් නොලැබෙන ආදරයක් වෙනුවෙන් එයාට බලන් ඉන්න සලස්සවන්න මට බෑ ...... ඒක මහ පවක්. ..... එයාට සතුටින් ඉන්න කියන්න. ....... මැරි කරල අලුත් ජීවිතයක් පටන් ගන්න කියන්න. ...... මට සමාවෙන්න නෙතූ අක්කෙ...... මම යන්නම්. .....

නෙතූ අක්ක ගොලු වෙලා...... ඒ ඇස් වලින් කදුළු කඩාගෙන වැටුන. ..... ඒත් ...... මම දැන් ඉස්සරහට තිබ්බ අඩිය පස්සට ගත්තොත් ජීවිත කාලෙටම මට විතරක් නෙමෙයි ඔයාගෙ මල්ලිටත් විදවන්න වේවි ...... මගෙ ලග තියෙන වටිනම දේ එයාගාව තියල මම ආව....... මම නැතත් ඒදේ හැමදාම උඹට විතරක්ම වෙලා තියේවි රත්තරන්......... ඒ කවදාවත් විදින්න බැරිවුන කියාගන්න බැරි වුන මගෙ ආදරේ........ ගලන්න  හදන කදුළු හදවතේම  ගල්කරගත්ත මන්  වාහනේට නැග්ගෙ ආයෙමත්  එක සැරයක්වත් ඒ පැත්ත නොබලමයි.......... 

     

  😊 ඕතරිය ඔන්න චැපියක් දුන්නෝ. ..    

   😀 මගේ කතාව කියවන වෝට් කරන හැමෝමටම ඉක්කෝතුයි. .....

 






Continue Reading

You'll Also Like

33.7K 5.7K 29
"මන් තමුන්ගෙ බොස් මිස්ටර් යතාර්ථ...තමුසෙගෙ පෝස්ට් එකෙන් මට වැඩක් නෑ...මාව යකා නොකර මේ දැන්ම...දනගහපන්....!!" නෙත් X මිතූ
3.7K 187 25
It is a love story with ups and downs... How both Mehak and Bhuvan try there best to keep the relationship..... but many times they are not in their...
42.2K 525 16
Hello I'm doing Beyblade one-shots now. If you want a personal just send me the request. I will only be doing certain characters and no lemons, yaoi...
2.1M 57.7K 95
On the twelfth hour of October 1st, 1989, 43 women gave birth. It was unusual as none of them had been pregnant since the first day they started. Sir...