මේඝ | MEGHA || 𝒸ₒₘₚₗₑₜₑ𝒹

Per Yazwi_03

50.9K 6.5K 2.3K

❝ 𝐈 𝐋𝐎𝐕𝐄 𝐘𝐎𝐔 𝐌𝐎𝐑𝐄 𝐓𝐇𝐀𝐍 𝐈 𝐇𝐀𝐓𝐄 𝐄𝐕𝐄𝐑𝐘𝐎𝐍𝐄 𝐄𝐋𝐒𝐄..!! ❞ . . . "මිස්ටර් මේඝාදිත්‍ය... Més

පළමු මේඝය
දෙවන මේඝය
තුන්වන මේඝය
හතරවන මේඝය
පස්වන මේඝය
හයවන මේඝය
හත්වන මේඝය
අටවන මේඝය
නවවන මේඝය
දහවන මේඝය
එකොළොස්වන මේඝය
දොළොස්වන මේඝය
දහතුන්වන මේඝය
බෝනස්...!!
දාහතරවන මේඝය
පහළොස්වන මේඝය
දහසයවන මේඝය
Character Introduction
දාහත්වන මේඝය
දහඅටවන මේඝය
දහනවවන මේඝය
විසිවන මේඝය
විසිඑක්වන මේඝය
SPECIAL
විසිදෙවන මේඝය
විසිතුන්වන මේඝය
විසිහතරවන මේඝය
විසිපස්වන මේඝය
විසිහයවන මේඝය
විසිහත්වන මේඝය
විසිඅටවන මේඝය
විසිනවවන මේඝය
තිස්වන මේඝය
තිස්එක්වන මේඝය
තිස්දෙවන මේඝය
තිස්තුන්වන මේඝය
තිස්හතරවන මේඝය
තිස්පස්වන මේඝය
සමාප්තයි..!!
Special Chapter
Meme Collection
කළුකුමාර අඩවිය

Q & A

987 98 16
Per Yazwi_03

➜ මේඝ

⚈ ඔයාට දැන් රස දැනෙනවද..?එතකොට කොහොමද kiss එකෙදි ස්ට්‍රොබෙරි රස අවේ ආආආ..

🔸රස නෙමෙයි ස්මෙල් එක..

⚈ නිරෝධා මැරුවෙ කවුද කියල ඔයා අනුමාන කරලද තියෙන්නෙ මෝක්ෂට කිව්වෙ නැති උනාට?

🔸ඔෆ්කෝස්...

⚈ දැන් රස දැනෙනවද ඔයාට.. නැත්තම් කොහොමද කිව්වේ කිස් එකේදි ස්ට්‍රෝබෙරි රසක් ආවා කියලා..

🔸ස්මෙල් එකෙන්

⚈ මෝක්ශ එක්ක යාලු වෙන්න අදහසක් නැද්ද. එයාගේ කිසි වැරැද්දක් නෑනේ අනේ නේද...

🔸එක නෑ... දෙක තියෙනවා..

⚈ අවින්දි ගැන ඔයාගේ හිතේ මොනවද තියෙන්නේ...

🔸ම්ම්.. මෝ දෑන් අ ලව්... නිකන් සෝල්මේට් වගේ ෆීල් එකක්... නොට් ඔන්ලි ලව්...

⚈ ආදරයක් දැනෙන්නෙම නැද්ද..

🔸දැනෙනවා...

⚈ මේ ප්‍රශ්න සේරම විසදුනම අවින්දිව දාලා යනවද...

🔸ලෙට්ස් සී.. දැනට නම් කොහෙත්ම නෑ...

⚈ ඇයි ඉස්සර හොදම යාලුවා උනු මෝක්ෂ එක්ක තරහා උනේ..?

🔸මට ඕන හින්දා..

A/N || හරියට උත්තර දෙනවකෝ මනුස්සයෝ...

වට්...

|| ආ නෑ... මොකුත් නෑ.. කැමති විදියකට කරගන්නකෝ...

තෑන්ක්ස්...

⚈ Do you like black colour?? ඔයා හැමතිස්සෙම function එකකදි වගේ use කරන්නෙ black colour එක..අවින්දිට උනත් බ්ලැක් කලර් ඩ්‍රෙසස් අදින්න කියන්නෙ..ඒකට හේතුවක් තියේද?

🔸ඉට්'ස් මයි ෆේවරිට්... මගේ ජීවිතේ..

⚈ ම්ම්..මේකට direct answer එකක් ඕනි..මං දන්නවා ඔයා වටේ යවන්න හරි දක්ෂයි කියලා..බට් අයි රියලි ඩෝන්ට් ලයික් ඉට්..සෝ ගිව් මී අ direct answer ..

         "අවින්දි ලස්සනයිද???"

🔸නෑ...

A/N || ඩිරෙක්ට් ඉල්ලුවට ඔය තරම් ඩිරෙක්ට් වෙන්න එපා හත්තිලව්වේ...

අහපු දේට උත්තර දුන්නා එච්චරයි

|| වහ නැද්ද වහ... පිහියක් උනත් කමක් නෑ...

ඕනද

|| නෑ එපා..

🔸අවින්දි කියුට්.... ඇති ලස්සනක් නම් නෑ

අවී :- මුගේ පැලියාව ඔය තියෙන්නේ... හිතන් ඉන්නේ තරු කුමාරයා කියලා.. විකාර...

පීචස්... වට් ආර් යූ සේයින් බේබ්..

අවී:- න්... නෑ.. මොකුත් නෑ... වතුර එකක් බීලා එන්නම්...

⚈ අවින්දි ඔයා ගැන කියන හැම වෙලාවකම ඔයා ගැන හැම විදිහටම explain කරනවා.ඒවා ඇහුවහම මැවෙන්නෙ ග්‍රීක් ගෝඩ් කෙනෙක්..අන්න ඒ විදිහට ඔයත් අවින්දි ගැන කියන්නකෝ...

🔸පිස්සු.. කිසිම පිළිවෙලක් නැති කම්මැලි කිසිම ප්ලෑන් එකක් නැති ඔහේ කකා බිබී ටීවි බල බල ඔල්මාදෙන් වගේ හිනාවෙවී ඉන්න කිසිම වගකීමක් නැති ජෝකර් කෙනෙක් වගේ මෝඩයි.. කොමන් සෙන්ස් නෑ....

බට්

කියුට් ඇන්ඩ් කෙයාරින්..

A/N || මට පේනවා දැන් ඊළඟට කට්ටිය අහන්න ඉන්න ප්‍රස්නේ...


"මේඝ ඔයා ආස කියුට් කෙල්ලන්ටද එතකොට..."

ඉතින්...

|| උත්තර දෙන්න අනේ..

කවුරුත් එහෙම දෙයක් අහලා තිබුණේ නෑ...

|| මන් ඇහුවනේ උත්තර දෙනවකෝ.. ප්ලීස්.. මන් වෙනුවෙන් බ්‍රෝ... කියුට් කෙල්ලොද චොයිස් එක

🔸නෑ..………………… චොයිස් එක අවී


|| ඕකේ අම්.. ගොයින් ටු ලීව් දිස් චැට් බන්...

⚈ එදා අයිස් ක්‍රීම් ෂොප් එකේදි ඩොක්ටර් නුගාර එක්ක අවීව දැක්කම හිතුනෙ මොකක්ද?? ( chapter -වේටර් මේඝාදිත්‍ය)
Enjoy your day වගේ line එකක්  කිව්වා වගෙත් මතකයි..

🔸මොකුත් නෑ...........

A/N || අන්න අන්න... මන් කිව්වා රූල්ස් වලදි බොරු කියන්න ඔට්ටු නෑ මහත්තයෝ....

උත්තරේ කම්ප්ලීට් කරනකන් පැත්තකට වෙලා ඉන්නවද වදයක් නොවී...

|| ඌප්ස්...

🔸මොකුත් නෑ... හැබැයි ඇඟේ අයිස්ක්‍රීම් වැටුණු වෙලාවේ ඉක්මනට ලෝයර්ව මීට් වෙන්න ඕන කියලා හිතුනා

අවී :- හෑහ්.. ඒ මොකටද...

මගේ ශූට් එක විනාස කරපු එකේ ගාණත් කන්ට්‍රෑක්ට් එකට ඇඩ් කරගන්න...

A/N || පව් වැඩේ එක්කෙනෙක්ට...

අවී : නම්කී මේ මගේ ප්‍රශ්නවලට මන් උත්තර දෙන්නෑ හරිත.. වැඩිය නටාගෙන ආවොත්....

|| නෑ...නෑ ඕන එකක් කරගන්න..

ඕහ් ප්ලීස් කච කච නොගා දෙන්නම යනවද.. අයි'ම් රනින් අවුට් ඔෆ් ටයිම්....

|| හරි හරි... මුන් ඔක්කොගෙම පුස් පාට් මට තමයි...

⚈ තාමත් ඔයා කියන්නෙ අවීට ආදරේ නෑ කියලද?

🔸නෑ.. දැන් කියන්නේ නෑ

⚈ දැන් රස දැනෙනවද?

🔸නෑ

⚈ ඩොක්ට නුගාර ගැන මොකද හිතෙන්නෙ.. එයා අවී එක්ක ඉන්නකොට තරහ යන්නෙ නැද්ද?

🔸කලින් නෑ.. ඉස්සරහට ඉන්න ලැබෙන එකක් නෑ... සෝ නෝ ප්‍රොබ්ලම්..

A/N || හරි කෲරයි හලෝ ඔහේ...

වට්-එවර්..

⚈ අර අවින්දිට ඇහෙන්නැති වෙන මැජික් එක කරේ කොහොමද?
එතකොට අර බස් එකේ දි ජැක් ගහන්න ආපු මනුස්සයට කතා කරන්න බැරි කරෙත් ඔයාද?

🔸ඔව්... temporary hear lose එක නම්...

A/N || හෝව් හෝව්... හෝව්... කතාව ස්පොයිල් කරන්න එපා මනුස්සයෝ මන් ඒක කියන්නම්...

විකාර....

⚈ ඔයාව හඳුන්වල දෙන්න පොඩ්ඩක්....ඔයාගේ වචනෙන්...!

🔸බ්ලැක්... දැට් represents me..

මන් කියන්නද බ්ලැක් ගැන...

A/N || හයියෝ ඒපාර හැම එකම අහන්න එපා දෙයියනේ.. කතාව ස්පොයිල් නොකර ඕන එකක්...

🔸බ්ලැක් කලර් එක කියන්නේ සෑහෙන දේවල් අඩංගු වෙන පාටක්.. ගූගල් කරොත් හොයාගන්න පුළුවන්.. බ්ලැක් කලර් එකේ මීනින්ග්ස්.. මාත් ඒ වගේ කැරැක්ටර් එකක්..

අනික ගොඩාක් පාටවල් හැඳෙන්න එළිය ඕන... ඒත් බ්ලැක් කලර් එක හැදෙන්නේ ලයිට් එකක් එළියක් නැතුව.. ඉතින් ලෝකේ එළියක් කොහෙවත් නැති වුණත් හැමදාම බ්ලැක් කලර් එක ලෝකේ තියෙනවා.. එයා ඉන්ඩිපෙන්ඩන්ට්... ජස්ට් ලයික් මී...

⚈ අවින්දි ගැන මොකද හිතෙන්නෙ....?

🔸ටිකක් පිස්සු.. කියන්න තරම් වරදක් නෑ....

⚈ බ්ලැක් කලර් කියන්නෙ ඔයාගේ ජීවිතේ අඳුරු පැත්තට යොමු වෙච්ච හේතුවක් වගේනේ...හරියට ඔයාට මුල් දවස්වල වුණ දේවල් එක්ක ඔයා ඔයාගෙ ජීවිතේ බ්ලැක් කලර් එකට සමාන කරා වගේනේ......ඉතින් ඇයි තාමත් ඔයා හැම දේකටම වගේ බ්ලැක් කලර් එක පාවිච්චි කරන්නේ....?

🔸කලින් කිව්වා.. තව දෙයක් තියෙනවා.. ඒ කාලේ... දන්නවනෙ මන් මොකක්ද කියන්නෙ කියලා.. ඒ කාලේ මගේ ජීවිතේ මන් ගාවින්ම ඉඳපු එකම කෙනා අඳුර.. ඒ කියන්නේ බ්ලැක් කලර් එක..

ඒකයි මන් එයාව අත අරින්නේ නැත්තේ.. අලුත් මේඝ කෙනෙක් හැදුනේ ඒ ඩාක්නස් එකෙන්.. සෝ... මන් බ්ලැක් ප්‍රින්ස් වුණේ ඒකයි....

A/N || කොහොමද මුලින් කිව්වේ එක වචනෙන් දෙකෙන් උත්තර දීලා යනවා කිව්වා.. ඒකට දැන්...අම්මේ රචනා කියන්නේ කෙළින්ම...

⚈ මෝක්ෂ ඔයාගේ Ex Best friend වෙන්න හේතුව එදා ඔයා මෝක්ෂට කියපු හැමදේම එයා එයාගේ තාත්තාට කියපු නිසා ද... ඒ නිසා ඔයාට ආයෙමත් කරදර විඳින්න වෙච්ච නිසා ද...?

.
.
.
.
.
A/N || ඒ උත්තර දෙන්නැද්ද...


|| අඩේ... කෝ උත්තර... මිස්ටර් මේඝාදිත්‍ය... කැත වැඩ ඕවා හරිද...


|| හරි හරි... ඉතින් මන් ආයේ මැදින් පනින්නේ නෑ.. ඕන දෙයක් ඕන විදියකට කියාගන්න....

🔸මේඝ :- ඒක එක රීසන් එකක් විතරයි

⚈ ඔයාගෙ හිත නොසන්සුන් වුණු වෙලාවකට ඔයා මොකද්ද කරන්නේ...සාමාන්‍යයෙන්

🔸අයිස්ක්‍රිම් පාලර් එකට යනවා...

A/N || ඇයි...

මොකටද අහන්නේ...

|| කියන්නකෝ අප්පාහ්..

මගේ ලෝකේ කළු විතරයි නේ තියෙන්නේ අනික කිසිම රසයකුත් නෑ...

එතකොට මගේ හිත අවුල් වුණු වෙලාවට මන් එතනට ගිහින් එක එක පාට පාට වල එක එක රසවල අයිස්ක්‍රීම් මිනිස්සුන්ට බෙදලා එක එක්කෙනාගේ මූණේ තියෙන එක්ස්ප්‍රෙශන්ස් දිහා  බලන් ඉන්නවා.. එතකොට මන් කූල් වෙනවා...

අහස දිහා බලන් ඉන්නවා යන්න බැරි වුණාම...

⚈ ඔයා වැඩියෙන්ම ආස පීච් ෆ්ලේවර් එකටද...? කොෆී ෆ්ලේවර් එකටද...?

🔸ඉට් ඩිපෙන්ඩ්ස් ඔන් මයි මූඩ්...

⚈ එදා ඩොක්ටර් නුගාරව මීට් වෙන්න යන්න නොදී අවී ව තියාගත්තේ ඕන කමින්මයි නේද....?
ඒකට හේතුවක් තියෙනවද...?

🔸එක ඔව්...
දෙක මන් හිතන්නේ ඔව්...

⚈ යස්වින්දි කෝ...!!?

🔸කනත්තේ

⚈ ඔයා දැන් අවීට ආදරෙයි නේද..

🔸ඒ වගේ

⚈ megha den kavi liyan1 nawaththalad inne? hug kalekin liwwe na ne...

🔸නිදහසක් ලැබුණාම ලියනවා..

⚈ ඔයාට මොනා ද අවින්දි ගැන හිතෙන්නෙ. හොහොම ද අවින්දි ගෙ පිස්සු වැඩ වලට හිනා නොවි ඉවසන්නෙ ?

🔸හිනා නොවී ඉන්න නම් මට පුළුවන්.. ඉට්'ස් නොට් අ බිග් ඉශූ...

⚈ Megha
ඔයාට දැන් රහ දැනෙනව නේහ්.. strawberry flavor

🔸නෑ... ඒ ස්මෙල් එක...

A/N || ඉවරයි නේත...

වැඩිපුර ගෙවන්න වෙයි... කිව්වේ කොහොමද ප්‍රශ්න දෙක තුනයි කියලා.. පේපර් එකක් වගේනේ...

|| හරි හරි මන් මොකක් හරි කරගන්නම්...


|| තැන්ක් යූ මිස්ටර් කළුස්...

වට්...

|| නෑ මිස්ටර් මේඝාදිත්‍ය...

➜අවින්දි

⚈ අම්මා ඔයාට මොනවා කරත් මොන දේ කිව්වත් ඔයා එයාට සමාව දුන්නනම් ඒකෙන් ඔයාගේ හිතට සැනසීමක් දැනෙයි නේද..

🔹නෑ මට තරහක් නෑ... ඒ උනාට.. මට එයාට ළං වෙන්න බෑ... අනික් අම්මලා දූලා වගේ.... මට බෑ කොච්චර ට්‍රයි කළත් එයාගේ මතකවලට ක්ලෝස් වෙන්න.. අවාසනාව තමයි...

⚈ මේඝ කොහොම වෙනවටද කැමති..
ආඩම්බර නපුරු මේඝට ද කැමති.. නැත්තම් වල් මේඝට ද.. එහෙමත් නැත්තම් අර එයාගේ පොඩි කාලේ ගැන කියද්දි හිටියා වගේ මේඝ කෙනෙක්ට ද..

🔹ඕල් ඉන් වන් හොඳයි වගේ නේ....

A/N || බොරු කියන්නෙපා ඕයි... එදා බස් එකේදී කිව්වා ඩර්ටි මයින්ඩඩ් මේඝට ආස කියලා...

අනේ මේ උබ දන්න රෙද්දක් නෑ.. කට වහන් ඉදහන්කෝ....

|| බ්ලා බ්ලා බ්ලා බ්ලා

⚈ මේඝව jela කරන්න idea නැද්ද

🔹මෙහෙමයි ජෙල කරන්න පුළුවන් ඒත් මිනිහා ජෙල වෙනවද නැද්ද කියන එක හොයන්න අමාරුයි... ජෙල කරන එකට වඩා වැඩේ සක්සස් ද කියලා හොයාගන්න එක තමයි අමාරුම... වැඩක් නෑ ඒ නිසා...

⚈ ඔයාගෙ studio එක⁣ට dark eye කියන නම දැම්මෙ නිකන්මද ..රීසන් එකක් තියේද..

🔹ඇත්තම කියන්නද...අපි දෙන්නා ගූගල් එකෙන් හොයලා නම දැම්මේ.... හැබැයි...

⚈ ආය නං ඉතිං අහන්න තියෙන්නෙ එක ප්‍රශ්නයයි..ඔච්චරටම ⁣මොංගල් උනේ කෝමද

🔹ම්ම්... ආශ්‍රයේ ප්‍රතිඵල..

⚈ First Time මේඝව දකිද්දි මොකද හිතුනේ ඔයාට...?

🔹අම්මෝ... රචනාවක් ලියන්නද... මෙහෙමයි ඉස්සර ඔය යශේන් ආවේ අපේ ස්කූල් එකට නේ.. මේඝත් ඒකේ.. මන් පස්සේ සීන් කෝන් දන්නේ.. අරූ අපේ යාළුවනේ.. ඌ හරි වෙනස් අපි දෙන්නත් එක්ක තමයි කොයිවෙලෙත් ඉන්නේ.. ඉතින් යශේන්ගේ අම්මා අපිට හරි ආදරෙයි අපිව ගෙදරත් එක්කන් යනවා...

මට මතකයි ඒ දවස්වල ඒ ගෙදර මල වසවර්ති මාරයෙක් ඉදියා.. පළවෙනියටම දැක්ක දවසේ මූ මගේ ඔලුවට හූනෙක් දැම්මා.. මන් ඉතින් ගිරිය යටින් කෑගැහුවා.. ඒක තමයි ෆස්ට් ඉම්ප්‍රෙශන් එක...

ඒත් ආයේ හරියටම මූණ දැක්කාම නම් ඒක කියන්න තේරෙන්නේ නෑ... මන් දන්නෑ ඉතින්... සුවඳ පෙනුම.. අම්මේ.. මන්දා මාව නිකන් පිස්සු වැටිලා වගේ ගියා..

A/N || අම්මෝ ඉතින් නේද.. හූනු ලව් එක..

මේ කවුරු හරි මේ පිස්සව අරන් යනවද.. පුදුම මල වදයක්නේ දෙන්නේ ෆුට් බෝඩ් එකේ එල්ලිලා...

A/N || බොලා හැදුනේ අපේ අත්වල බන්...

අනේ නිකන් පලයන් බන් යන්න..

⚈ ඔයා මොකටද අර ස්ලීපින් ටැබ්ලට් යූස් කරන්නේ...?

🔹නින්ද යන්නෑනේ... අප්පාහ්

⚈ ඔයාගෙ ජීවිතේ ඔයා කරන්න ආසම වැඩේ මොකද්ද....?
(මේඝ රෑට අහස දිහා බලන් ඉන්නව වගේ...)

🔹ම්ම්.. කතා බලන්න.. ටීවි සීරිස්.. නෑ නෑ එහෙමම නෙමෙයි.. ෆොටෝස් ගන්න ආසයි... ගොඩක්..

⚈ යශේන් ගැන ආරංචියක් නැද්ද අවියෝ...එදා යස්විගෙ මෙඩිකල් රිපෝට් දැකපු වෙලාවෙ අලබට්ටා කඩාගෙන බිඳගෙන ගියාලුනේ....

🔹ඔය ඉන්නේ මළ කඳ වගේ...

➜යස්වින්දි

⚈ යස්වින්දි ඇයි අවීව හම්බුවෙන්නෙ නැත්තෙ? මේ වෙලාවෙ එයා එක්ක ඉන්න ඕනෙ නේද?

🔺එයාව මේ ප්‍රශ්නවලට ගාවගන්න ඕන නෑනේ...

⚈ යශේන්ගෙන් ඈත් වුනේ අසනීපෙ නිසාද?

🔺මුලින් නම් එහෙමයි... පස්සේ හිතුනා මගේ පවුලේ ප්‍රශ්නවලට පිට මිනිස්සු ගාවගන්න ඕන නෑ කියලා.. ඒකයි අයින් වුණේ.. පිට කෙනෙක් කිව්වේ ඉතින් මෙහෙමයි.. මන් ඉදියේ නැත්තන් එයා කොහොමත් මේ ප්‍රශ්නවලට සම්බන්ධ වෙන්නෑනේ..

⚈ මට තියෙන ලොකුම ප්‍රශ්නෙ දැන් ලපයා ඉන්නෙ කොහෙද කියන එක...

🔺හෙලෝ මෙහේ ඉන්නේ...

⚈ යශේන්ගෙන් ඈත්වෙලා ඔයා ගොඩක් විදවනවා නේද...එයාට එහෙම දුකක් දීලා ඔයා හැමෝගෙන්ම හැංගිලා ඉන්නේ කොහොමද..

🔺දුකයි වගේම ඒක කරන්න හරි අමාරුයි ඉතින්... ඒ උනාට කරන්න වුණා.. හැමදේකම ඉවරයක් තියෙන්නත් එපැයි...

⚈ තාත්තා මොනවා කරත් එයාගෙන් පලිගන්න තරම් ඔයා දරුණු උනේ කොහොමද...

🔺පස්සේ බලමුනේ ඒක..

⚈ ඔයාගේ අසනීපේ කොහොමහරි හොද කරගන්න උත්සාහ කරානම් ආපහු යශේන් ළගට එන්න පුලුවන්නේ..

🔺මන් හිතන්නේ ප්‍රශ්නෙට උත්තරේ ලැබිලා නේ ඇත්තේ.. මේ බූරු රයිටර්ගේ ප්‍රමාද දෝශ හින්දා තමයි මේ සේරම..

A/N || අඩුවට ඉදියේ එච්චරයි.. බයිනවකෝ තව මොනා හරි කියලා අවුලක් නෑ...

⚈ ඇයි ඔයා මේ ප්‍රශ්නවලදි විතරක් අවින්දිව මග ඇරියේ?

🔺එයාව මේවට ගාවගන්න ඕන්නෑනේ.. මොකද මේක හිතනවට වඩා ඩේන්ජරස්...

⚈ ඔයාගේ ප්‍රශ්න ගැන ඔයා  මේඝට කිව්ව වගේම ඇයි ඔයා යශේන්ට ඒ දේවල් කිව්වෙ නැත්තේ...ඒ ඔයාගේ Boyfriend නේ...
අඩුම අවින්දිට වත් කිව්වේ නැත්තේ ඇයි...?

🔺මෙහෙමයි.. ඒ දෙන්නටම වඩා කේශර අයියට කියන එක වැදගත් කියලා හිතුණා.. මොකද එයා මේ දේවල් ගැන ඉන් ඩීටෙල් විස්තර දැනගෙන ඉදියේ.. ඒ දෙන්නට කියලා එයාලවත් රිස්ක් එකකට දාන්න බෑනේ ඒකයි කිව්වේ නැත්තේ...

⚈ කොහොමද එකපාරටම දැන ගත්තේ ඔයාට ලෙඩක් තියෙනවා කියලා...?

🔺මට ටිකක් ඔලුවේ කැක්කුමක් වගේ තිබුණා සතියක විතර වෙලේ ඉඳන්..ඉන්න බෑ නිකන් හරියට ඔලුව ඇතුළෙ කරන්ට් එකක් වදිනවා වගේ.. කොණ්ඩෙත් ගොඩක් ගියා.. මන් ඉතින් ඩොක්ටර් කෙනෙක්ව හම්බෙන්න ගියා...

ඒපාර මේ යකා කිව්වා එකපාරටම MRI එකක් කරන්න ඕන කියලා.. ඒකේ රිපෝට්ස් ආවම තමයි දැනගත්තේ.. එයා කිව්වා ඉක්මනට හොස්පිටලයිස් වෙන්න කියලත්...

A/N || මැඩම් දැන් යන්න වළට.. බොහොම අමාරුවෙන් යමයගෙන් පර්මිශන් ගත්තේ.. දුප් යන්න..

යකෙක් එවනවා හරිද...

පන්සිළු

⚈ පන්සිළුට කොහොමද මේඝව හම්බුනේ?

〽️ ම්ම්.. ඒක අපි කතාවෙන්ම දැනගමු නේ. මගේ ජීවිතේට සෙනසුරු අපලේ ආවේ කොහොමද කියලා.. රයිටර් කියයි...

⚈ මේඝ එක්ක වැඩ කරන එක අමාරු නැද්ද?

〽️ අම්මෝ.. ඕක නම් උත්තරේ දැනගෙන අහපු ප්‍රශ්නයක්..අමාරුයි කියන්නේ.. මට මුල් කාලේ මරන්න තරහයි ඔය යකාව.. වැඩ කරද්දි ඔක්කොම යාළුකම් අමතකයි ඌට.. මන් නිකන් වහලා වගේ... ඒත් වැඩ වලින් පස්සේ එහෙම නෑ... මන් ප්‍රෙශර් එක රිලීස් කරගන්න බනිද්දි අහගෙන ඉන්නවා අත් දෙකත් බැඳන්..

මිනිහා ගොඩක්ම නීට් ඇන්ඩ් ඕර්ගනයිස් නිසා තමයි හොඳට ටයිම් මැනේජ් කරගන්නේ.. අපිට බෑ ඒවගේ වැඩ කරන්න.. ඒ වගේ අමනුස්සයෙක්නේ සෙකට්‍රි වෙන එක තමයි මන් හිතන්නේ අමාරුම ජොබ් එක...

ටොයිලට් හෝදන්නැති ටික විතරයි මන්.. ඉස්සරහට ඒකත් වෙයි වගේ...

⚈ මේ මේ ඔයාට මල්සරා විදලද..
නැත්තම් තාම තනිකඩයිද.. මේඝගේ වැඩ නිසා ඕවට වෙලාවක් නැද්ද...

〽️ දන්නවනේ විස්තරේ... විරහවවත් විඳින්න අවසර නැති ඒකපාර්ශ්චවික ප්‍රේමය...

⚈ මේඝගෙන් තියෙන්නේ මාර වදයක්නේ නිදහසක්වත් නෑ. අනික එයාගේ ලොකුකම එහෙම වැඩි කියලා හිතිලම නැද්ද..

〽️ නැත්තේ මොකද.. ඌව දකින දකින සැරයක් ගානේ මට උගේ ගල් ඔලුව කඩලා දාන්න හිතෙනවා.. පුදුම අලි වංසයක් තියෙන්නේ...

⚈ මේඝගේ ලොකුකම නැති කරලා දාන්න පොඩ්ඩක් නෝන්ඩි කරන්න මොකක්හරි දෙයක් කරන්න ඕනේ කියලා හිතෙන්නේ නැද්ද.. එහෙම මොනවාහරි අදහස් තියෙනවා ද...

〽️ හිතිලා තියෙනවා... ඉස්සර නම් අපි කරනවා කැම්පස් එකේදි එහෙම.. හෙන ප්ලෑන් ගහන්න ඕන මිනිහව අහු කරගන්න..ඇත්තටම දැන් නම් වෙලාවක් නෑ..අනික මන් තනියෙන් ඕවා කරන්න ගියාම අහුවෙනවා..

බලමු ඉස්සරහට.. මෝක්ශත් ඉන්නවනේ දැන්....

⚈ මේඝ කියන්නෙ stubborn ,arrogant චරිතයක්නෙ..දවසක ඔයාට පෙන්නන පුස් පාට්වලට පලිගන්න අවස්ථාවක් හම්බුනොත් මොකද කරන්නෙ

〽️ මට ලොකු ආසාවක් තියෙනවා ඕකට ඇන්ටිලා සෙට් එකකට කියලා සෙරෙප්පු වලින් ගස්සවලා.. සෙරෙප්පු මාලයක් බෙල්ලට දාලා හන්දියක් ඉස්සරහා හිටවලා තියන්න..

ඒත් ඒක කරන්න බෑනේ...

වෙන්නෙත් නෑ...

මෙහෙමයි... මට චාන්ස් එකක් හම්බුනොත් මන් පළිනොගෙන ඉන්නෙත් නෑ...

මෝක්ෂ

⚈ මෝක්ෂ ගෙන් දැනගන්න ඕනෙ
තනියම කරන් යන්න පුලුවන් කියල ආයෙත් මේඝගෙන් උදව් ගන්න හිතුනෙ මොකද කියල...

✴️ මොකද.. මට වඩා එයාට ඒ කේස් එක ගැන හොඳ නොලේජ් එකක් තියෙනවා.. මුල ඉඳන්ම ගොඩක් වැදගත් පොයින්ට්ස් මට මිස් වුණා..එතකොට ආයේ මට තනියම ඒක කන්ඩක්ට් කරගන්න අමාරුයි.. ඒකයි නම්බුව පැත්තකින් තියලා උදව් ඉල්ලුවේ..

⚈ මේඝ ඇවිත් ඔයාගේ වැඩෙත් කරලා පන්ඩිත ටෝක් ටිකකුත් දීලා යද්දී මේඝ කාරයට දෙකක් ඇනගන්න විදිහක් නෑනේ කියලා හිතෙන්නේ නැද්ද..

✴️ නැත්තේ මොකද.. මට පුළුවන්නම් බොරු වැරැද්දක් හරි දම්මලා මූව හිරේ දානවා.. පන්සිළුත් කිව්වා දවසක් ගෑනු කේස් එකක් දාලා මොකුත් කරගන්න බැරිද කියලා.. මේවා ඉවර වුණාම බලන්න ඕන

මූ වැඩේ කරාට කමක් නෑ.. ආයේ නිකන් කාගෙත් සූරයා වගේ ටෝක් කරන එක තමයි මට අල්ලන්නැත්තේ..දෙන්න පුළුවන් දත් ඇන්ද කුඩු වෙන්න....

⚈ ඔයාටත් හිත ගිය තැන මාලිගාවක් තියෙනවදෝ..

✴️ අනේ නෑ අප්පාහ්..තාම නෑ

⚈ ඇයි ඔච්චර මේඝගේ ලොකුකම් බලන්නේ?

✴️ කරන්න දෙයක් නෑ. එකක් මේ කේස් එක විසඳගන්න ඕන අනික.. නෑ ඒක ඕන්නෑ...

⚈ ඔයාට හිතෙන්නේ නැද්ද ඔයාට වඩා මොලයක් මේඝට තියේ කියලා..??

✴️ අනිවාර්‍යෙන්.. ඒක ඉස්සර ඉඳන්ම තියෙන දෙයක්.. ඉස්සර අපි දෙන්නා තමයි නුවරඑළියේ ආවම ගලේ පන්සලට යන්නේ.. මිනිහා පුදුම ප්‍රශ්න තොගයක් අහන්නේ ලොකු හාමුදුරුවන්ගෙන්.. හෙන මීටරේ.. උපතින්ම ආපු එකක් මයේ හිතේ...

⚈ ඇයි මේඝ එක්ක තරහ උනේ?

✴️ රයිටර් කියයි නේ...

⚈ මේඝ කරන වැඩ නිසා එයා ගැන සැක හිතෙන්නෙ නැද්ද..?මේ මඩ(ර්)ස් වලට මේඝගෙ සම්බන්දයක්  ඇති කියල...

✴️ මුලින්ම නම් හිතුනා.. ඒත් පස්සේ ඒක හරි ගියා..ඒත් තාමත් සැරින් සැරේ පොඩි සැකයක් එනවා..

➜ යශේන්

⚈ යස්වින්දි ගැන හොයලා බලන්නේ නැද්ද... එයා ඔයාව දාලා ගියේ ලොකු හේතුවකටනේ...

✳️ ම්ම්ම්.. උත්තරේ ලැබුණා නේ

දේවප්‍රිය

⚈ දේවප්රියගෙන් අහන්න ඕනෙ
එයාට මේඝගෙ ෆැමලි එකත් එක්ක තරහක් තියනවද කියල

▫️️ඔව්...

.
.
.
.
.

අවී : හරිනේ දැන් ඉවරයිනේ...

කෝ මේ රයිටර්... පුස් ඊරි..කෝ ....

A/N || බොලා මාව එලෙව්වනේ.. මන් නෑනේ ආයේ කතා...


අවි : හනේ වැඩිය හොඳයි ඕමම ඉඳපිය...

A/N || ආහ් අවීව ඉමැජින් කරන්න දෙන්නේ කවද්ද ඇහුවා නේද..

# බ්ලැක් ප්‍රින්ස්ගෙන් අහලා කියන්නම්..


අවි: මුන්ට මාව විස්තර කරන්න බැරි තරමට මන් ලස්සනයි ඒකයි කේස් ඒක...


A/N || ඔව් හැබැයි රිලවියෙක් කකුල් දෙකෙන් හිටගෙන බාජු ගවුම් ඇඳන් ඉන්න විදිය විස්තර කරගන්න බැරුව මේ ඉන්නේ....


අවී : පැලියාව.. ඔය...

•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•

A/N || එහෙනම්... මේකත් ඉවරයි නේ.. සොරි පරක්කු වුණාට... උත්තර හම්බුනානේ ප්‍රශ්නවලට....

ඉස්සරහටත් ස්ලෝ අප්ඩේට්ස් තමයි ඉතින්..

තව මොනා හරි ප්‍රශ්න තියෙනවනම් අහන්න..

ආයේ අන්තිම චැප්ටර් එකටත් මේවගේ කැරැක්ටර් මීට් එකක් ඕන නම් ඒත් කියන්න..

එහෙනම්..

මීළඟ මේඝයෙන් හමුවෙමු....

Continua llegint

You'll Also Like

605K 44.7K 46
မင်ရန်ရှင်း💓ဝမ်ယွမ် {ဝမ်ယင်}
3M 263K 48
!အမွန္ေတာ့ မင္းက က္ုိယ္အၿမဲတမ္း အမွတ္တရ သိမ္းထားခ်င္မိတဲ့ အစိမ္းေရာင္ ေပ်ာ္႐ႊင္ျခင္းေလးပါ... Oct9.2021 !အ...
14.6K 3.8K 43
'ඔයා වෙව්ලන්නේ බය වෙලාද?' එයා අහද්දි මම උඩ බිම බැලුවා. මම බය වුණු බව ඇත්ත. ඒත් ඇයි මම ඒක එයාට කියන්නේ? 'නෑ මට තයිරොක්සින් ප්රශ්නයක් තියෙනවා.' මම...
4.2K 574 10
ප්‍රේමයේ කොන්ඩිස් වීදුරුව, මන්දගාමීව කලතමි......✨