මේඝ | MEGHA || 𝒸ₒₘₚₗₑₜₑ𝒹

By Yazwi_03

51.1K 6.5K 2.3K

❝ 𝐈 𝐋𝐎𝐕𝐄 𝐘𝐎𝐔 𝐌𝐎𝐑𝐄 𝐓𝐇𝐀𝐍 𝐈 𝐇𝐀𝐓𝐄 𝐄𝐕𝐄𝐑𝐘𝐎𝐍𝐄 𝐄𝐋𝐒𝐄..!! ❞ . . . "මිස්ටර් මේඝාදිත්‍ය... More

පළමු මේඝය
දෙවන මේඝය
තුන්වන මේඝය
හතරවන මේඝය
පස්වන මේඝය
හයවන මේඝය
හත්වන මේඝය
අටවන මේඝය
නවවන මේඝය
දහවන මේඝය
එකොළොස්වන මේඝය
දොළොස්වන මේඝය
දහතුන්වන මේඝය
බෝනස්...!!
දාහතරවන මේඝය
පහළොස්වන මේඝය
දහසයවන මේඝය
Character Introduction
දාහත්වන මේඝය
දහඅටවන මේඝය
දහනවවන මේඝය
විසිවන මේඝය
විසිඑක්වන මේඝය
SPECIAL
විසිදෙවන මේඝය
විසිතුන්වන මේඝය
විසිහතරවන මේඝය
විසිපස්වන මේඝය
විසිහයවන මේඝය
විසිහත්වන මේඝය
විසිඅටවන මේඝය
විසිනවවන මේඝය
තිස්වන මේඝය
Q & A
තිස්දෙවන මේඝය
තිස්තුන්වන මේඝය
තිස්හතරවන මේඝය
තිස්පස්වන මේඝය
සමාප්තයි..!!
Special Chapter
Meme Collection
කළුකුමාර අඩවිය

තිස්එක්වන මේඝය

1.1K 155 60
By Yazwi_03

යස්වින්දිගේ ෆියුනරල් එකේ වැඩවලින් පස්සේ හැමෝගෙම අතරේ තිබුණේ නිහඬතාවයක්.. අපරාධෙකට සම්බන්ධ මරණයක් නිසා යස්වි මෙඩිකල් ෆැකල්ටි එකට ඩෙඩ් බොඩි එක ඩොනේට් කරලා තිබුණත් පොලිස් යුනිට්ස්වලින් ඒකට අවසර ලැබුණේ නෑ...

යස්විගේ මරණය නිසා වෙනස් වුණු දේවල් අතරින් ප්‍රධානම තැනක තිබුණේ දේවප්‍රියගේ හැසිරීම... ඒක කොහෙත්ම බලාපොරොත්තු නොවන මට්ටමක දුක් වීමක්.. ඒ දෙන්නා අතර තිබුණු තාත්තගෙයි දුවගෙයි කනෙක්ශන් එක එක්ක බලද්දි නම් ඒක සාමාන්‍යයි..

ඒත් ඒ දෙන්නගේ සම්බන්ධය අනික් ඒවට වඩා වෙනස්.. ඒත් දේවප්‍රිය මුළු ලෝකෙම අමතක වෙලා වගේ අඬා වැළපුණු හැටි දැක්කාම කාට වුණත් ඇති වෙන්නේ පුදුමයක්... නිරෝධගේ මරණේ වෙලාවේ බොරු කපටි මවාගත්තු දුක්බර මූණක් තියාගෙන හිටපු දේවප්‍රිය යස්වි නිසා වෙනස් වෙලා...

එදා... යස්විගේ හත් දවසේ බණ පිංකම... හදිසියෙන් සිද්ද වුණු නිසා ෆියුනරල් එකට එන්න බැරි වුණු ගොඩක් දෙනෙක් බණ පිංකමට ඇවිත් තිබුණා...

හැමෝම කසු කුසු ගගා මරණේ ගැන කතා වුණේ ඒක සුයිසයිඩ් එකක් කියලා හිතාගෙන.. මොකද හේතු කිහිපයක් නිසා මීඩියාවලට වගේම දන්න අඳුනන මිනිස්සු අතරෙත් ඒ වගේ ආරංචියක් පතුරන්න පොලීසිය කටයුතු කරලා තිබුණා..

ඒත්.. අවින්දිට ඒ හැමදේම ඇහෙද්දි හිතාගන්න බැරි තරම් තරහක් ඇති වෙන්නේ ඉබේටමයි... මොකද ඒ මරණේ ඇස් දෙකෙන් දැකපු කෙනෙක්ට කියන්න පුළුවන් කොහෙත්ම ඒක සුයිසයිඩ් එකක් නෙමෙයි කියලා.. ඒත් මිනිස්සු අතරේ යන්නේ වෙනමම කතාවක්...

පන්සිළුත් සම්පූර්ණෙන්ම වගේ වෙනස් වෙලා.. යශේන්ව වහ කදුරු වගේ.. ඇහැට දැක්කොත් පැටලෙන්නමයි බලන්නේ.. යශේන් ඊටත් එහා.. ඇවිදින මළ මිනියක් වගේ... බයික් එකේ යතුර අරගෙන එන ටිකට.... ඊට විනාඩි ගාණකට කලින් විකාර කර කර හිනා වෙවී ඉඳපු කෙල්ල සාහසික විදියට මරලා දාලා තියෙනවා දකිද්දි.. සම්පූර්ණෙන්ම ශොක් වෙන එක ආයෙ අහන්න දෙයක් නෙමෙයි...

මේ හැමදේම මෙහෙම වෙද්දි මේඝ...

මේඝ පරණ මේඝමයි... මූණේ කිසි දුකක්වත් සතුටක්වත් කිසිම දෙයක් නෑ.. ඩේලි රුටීන් එකට අනුව කිසිම අවුලක් නැතුව මිනිහා එදිනෙදා වැඩ ටික කරනවා..

ඒත් මේඝගේ හිත ඇතුළේ උවමනාවක් තිබුණා.. අවින්දි එක්ක කතා කරන්න.. අවින්දිගේ හිතේ තියෙන දේවල් අහන්න.. එයාගේ හිත පොඩ්ඩක් හදන්න... ඒත්.. කොල්ලට ඒක කරන්න ඕන කොහොමද කියලා හරියටම හිතාගන්න බෑ....

බණ පිංකමට දේවප්‍රිය වගේම අනික් හැමෝමත් සම්බන්ධ වුණත් පන්සිළු ආවේ නෑ.... කොල්ලා කොහේ මොනවා කරනවද කියලා කාටවත් අයිඩියා එකක්වත් තිබුණේ නෑ....

ඒ තරම් සෙනඟක් හිටපු නැති නිසා දහය දහයයි තිහ විතර වගේ වෙද්දි දේවප්‍රිය වගේම පිටින් ආපු හැමෝම අවින්දිගේ ගෙදරින් පිටත් වෙලා තිබුණා...

අවින්දි ගේ ඇතුළට වෙලා පරණ මතක අස්සේ එහෙ මෙහෙ ඇවිදිමින් ඉද්දි.. යශේන් ෆෝන් එකත් අතේ තියන් ඒකේ යස්විත් එක්ක ගත්තු අන්තිම කපල් ෆොටෝ එක දිහා බලන් ඉදියේ ඇස් රතු කරගෙන.. කොල්ලා ෆෝන් එක අල්ලන් ඉන්න අත පවා වෙව්ලන්නේ යශේන් කොච්චර ප්‍රෙශර් එකක ඉන්නවද කියලා පෙන්නන්න වගේ....

මේ අතරේ ගාඩ්න් එකේ තිබුණු බෙන්ච් එකක් උඩට වෙලා අත් දෙකත් බැදගෙන මේඝ මේ හැමදේම බලන් ඉදියා... ඒ වගේ නිස්කලංකව ගෙවුණේ විනාඩි ගාණයි කළුම කළු පාට බයික් එකක් විදුලි වේගෙන් වගේ ඇවිත් අවින්දිගේ ගේට් එක ඉස්සරහා නැවැත්තුවා...

හෙල්මට් එකත් ගලවලා අතට අරගන්න ගමන් බයික් එකෙන් බැහැපු පන්සිළු ඉක්මන් අඩි තියන ගමන් ගේ ඇතුළට ඇවිදගෙන ගිහින් කෙළින්ම නැවතුනේ යශේන් ගාව...

පන්සිළු ඉදියේ එච්චර හොඳ මූඩ් එකක නෙමෙයි කියන එක හොඳටම දන්න නිසා මේඝත් වාඩිවෙලා ඉඳපු බෙන්ච් එකෙන් නැගිටලා ගේ ඇතුළට ආවා.

සාලේ පුටුවක වාඩි වෙලා ඉඳපු යශේන්ගේ අතේ තිබුණු ෆෝන් එක පැත්තකට විසි වෙලා ගියේ පන්සිළු එකපාරටම ඇවිත් කොල්ලගේ ශර්ට් එකේ කොලර් එකෙන් ඇදලා අරගෙන බිත්තියට හිර කරපු නිසා...

"පන්සිළු... මොකද මේ..."

මෝක්ෂ පන්සිළුට ළං වෙන ගමන් ඇහුවා....

"උබ මට ඇත්ත කියපන්.. ඇත්ත.... විතරයි...."

යශේන් එක වචනයක්වත් නොකිය ඇස් රතු කරන් පිළිමයක් වගේ පන්සිළු දිහා බලන් ඉඳපු එක විතරයි කළේ...

"බලපන් ඇස් ඇරලා හොඳට බලපන්..."

පන්සිළු ෆෝන් එක යශේන්ගෙ මූණටම ළං කරලා පෙන්නද්දි යශේන් කිසිම හැඟීමක් නැතුව ඒ දිහා බලන් ඉදියා...

"බයික් එකේ යතුර අතේ තියාගෙන මොකටද යකෝ උබ පාකින් එකට ගියේ ආහ්.... කියපන්... ඇයි උබ බොරු කිව්වේ...."

තව තවත් යශේන්ගේ කොලර් එකෙන් තද කරලා අල්ලගන්න ගමන් කෑගැහුවා.. අවින්දිට නම් ඒ හැමදේම මහ විකාරයක් වගේ... කෙල්ලගේ හිතට ඒ දෙන්නගේ හැසිරීමෙන් වගේම යශේන් බොරු කිව්වා කියලා කියද්දිත් දැනුනේ තවත් කලකිරීමක් විතරයි...

"මන්.. මන් ගියේ යස්විව බේරගන්න..."

"උබ එතනින් ගියපු නිසා තමයි යකෝ මේ හැමදේම මෙහෙම උනේ මෝඩයා... කියපන් මොකක්ද වුණේ කියලා..."

"මන්-මන් යස්වි ළඟ සෝර්ට් අවුට් කරලා තිබුණු ෆයිල් එක දෙ-දෙන්න මන් ගියේ..."

"මොළේ හොඳ නැද්ද මිනිහෝ..."

ආයේම බෙල්ලත් එක්ක තදින් අල්ලගෙන පන්සිළු කෑගැහුවා..

"මට-මට කරන්න වෙන දෙයක් තිබුණේ නෑ... මට ඕන වුණේ යස්-යස්විව බේරගන්න... දවල් මට restricted number එකකින් කෝල් එකක් ආවා..

ඒ මනුස්සයා කිව්වා.. ඒ ඔක්කොම එවිඩන්ස් ටික එයාගේ අතට දුන්නොත් යස්වි-යස්විව අතාරිනවා කියලා.. ඒ හින්දා මම.. එයා අයියට යවන්න පෙන් ඩ්‍රයිව් එකට දාපු-දාපු ඩොකියුමන්ට්ස්වල කොපි එකක් අරගෙන මගේ ළඟ තියාගත්තා...

අපි දෙන්නා ලිෆ්ට් එකට නැගලා මම රෙකෝඩින් එක ගන්න කොට තමයි මට නො-නොටිෆිකේශන් එක ආවේ... පාකින් එකට එන්න කියලා.. මන් ඒ හින්දා ඉක්මනට ඒ වෙලාවට සෙකන්ඩ් ෆ්ලෝ එකෙන් බැහැලා.. පහළට ගියා...

ඒ ගියාම කවුරු-කවුරුත් ඉදියෙ නෑ.. විනාඩි පහක් දහයක් බලලා මම ආයේ-ආයෙම ගෙදර එද්දි.. යස්වි නෑ.. ඊටපස්සේ මන් අපේ ෆ්ලෝ එකේ එයාව හොයද්දි තමයි.. ලිෆ්ට් එකේ දොර-දොර ඇරුනේ මගේ ඉස්සරහා.. ඒ වෙලාවේ... ඊටපස්සේ...."

එතනින් එහාට යශේන් තව මොනවත් ම නොකිය පිස්සෙක් වගේ අඬන්න ගත්තා.. යශේන් බයික් එකේ යතුරත් අතේ තියන් පාකින් ලොට් එකේ ඉඳගෙන වට පිට බල බල ඉන්න සීසීටීවි ෆුටේජස් ප්ලේ වුණු වීඩියෝ එක නවත්තපු පන්සිළු ෆෝන් එක ආයෙම තමන්ගේ පැත්තට අරගෙන යශේන්ව කොලර් එකෙන්ම ඇදලා අරගෙන පැත්තකට විසිකළා...

"උඹ ඔයිතරම් මෝඩයෙක්ද යකෝ.. උබට තේරුනේ නැද්ද ඔය වගේ දෙයක් යස්වි කලින්ම ඌට යවලා තියෙද්දි ආයේ උබෙන් ඉල්ලන්න ඌට පිස්සු කියලා හිතුවද.. ඒක උගුලක් යකෝ.. ඒක උගුලක්..."

නළලට වැටුණු කොණ්ඩේ එක අතකින් පිටිපස්සට කරන ගමන් තව අතක් ඉනට තියාගෙන හරිම නොසන්සුන්ව බිම වැටිලා පිස්සෙක් වගේ අඬන යශේන් ඉස්සරහා ඒ පැත්තට මේ පැත්තට ඇවිදන ගමන් යශේන්ට කෑගහන පන්සිළු දිහා මේඝ බලන් ඉදියේ පපුවට අත් දෙකත් බැඳගෙනමයි...

මේ අතරේ සෝෆා එකට වෙලා වාඩිවෙලා ඉඳපු අවින්දි නැගිට්ටේ උඩ තට්ටුවට යන්න... ඒත් දවස් ගාණක් තිස්සේ හරි හමන් කෑමක් බීමක්වත් නැතුව කල්පනා කර කරම ඉඳපු නිසා අවීගේ ඇඟ ටිකක් දුර්වලයි..

සෝෆා එකෙන් නැගිට්ට ගමන්ම අවින්දිට කරකැවිල්ල වගේ ගතියක් ඇවිත් කකුළ පැටලිලා වැටෙන්න ගියත් ඒ ළඟම ඉඳපු මෝක්ෂ කෙල්ලව වැටෙන්න නොදී අල්ලගත්තා...

ඒකෙන් වුණේ මෙච්චර වෙලා සන්සුන්ව ඉඳපු මේඝගේ දැහැන බිඳුණු එක...

උරහිස උඩ රැඳිලා තිබුණු මෝක්ශගේ අත අයින් කරලා දාපු අවී සෝෆා එකත් අල්ලගෙන ම උඩට යන්න හැදුවා..

"අවී ආර් යූ ඕකේ..."

මෝක්ෂ අහද්දි අවින්දි නැවතිලා හැමෝගෙම දිහා බැලුවේ ලොකු කලකිරීමකින්....

"අම්... ඩන් විත් යූ... අම් ඩන් විත් ඕල් ඔෆ් යූ..."

එහෙම කියපු අවි අමාරුවෙන්ම උඩට යද්දි මේඝගේ ඇස් තිබුණේ එතන.. හැමදාම වගේ ඒ ඇස්වල ගුප්ත කියවගන්න අමාරු හැඟීම් ගොන්නකින් පිරිලා තිබුණා...

"යශේන් ඔයා දැන් ගෙදර යන්න පන්සිළු ඔයත්..."

මෝක්ෂ කියලා ඉවර වෙද්දිම පුටුවකටත් පයින් ගහලා පන්සිළු ගෙදරින් එළියට ගියා...

"අපි යන්..."

මෝක්ෂ බොහොම අමාරුවෙන් යශේන්වත් නැගිට්ටවගෙන විනාඩි දහයකට විතර පස්සේ ගෙදරින් එළියට ගියේ අවින්දියි මේඝයි.. ගෙදර ඇතුළේ ඉතුරු වෙද්දි...

පැය භාගයක් විතර පහළට වෙලා ෆෝන් එකේ එහෙට මෙහේට ගියපු මේඝ ක්ෂණිකව හිතට ආපු අදහසක් නිසා උඩ තට්ටුවේ තිබුණු අවින්දිගේ රූම් එක ළඟට ගියා. ඒ යද්දිත් දොර ඇරලා දාලා... අවින්දි ලයිට් එකවත් ඔන් කරගන්නේ නැතුව ඇඳේ කොනකට වෙලා බලාගත්තු අත බලාගෙන ඉන්නවා...

කාමරේට ගියපු මේඝ ලයිට් එක ඔන් කරද්දි එකපාරටම ආපු ලයිට් එළිය නිසා අවීගේ ඇස් දෙක පුංචි වෙලා ගියා... කාමරේ ඇතුළට ඇවිත් හිටපු මේඝව දැක්කාම කෙල්ල ලොකු හුස්මක් පහළ හෙළලා ආයෙම අතේ තිබුණු ෆ්‍රේම් කරපු ෆොටෝ එක දිහා බලාගත්තා...

අඩියෙන් අඩිය අවීගේ ඇඳ ගාවට මේඝ ළං වුණත් කෙල්ලට ඒකේ ගාණක් තිබුණේ නෑ...

"කෑවද..."

ඇඳ උඩ වාඩි වෙලා ඉඳපු අවීගෙන් මේඝ ඇහුවාම කෙල්ල එක වචනයක්වත් නොකිය ෆොටෝ එක දිහාම බලන් ඉදියා..

ඒත් අවී දන්නවා එයාගේ හදවත කොච්චර වේගෙන් ගැහෙනවද කියලා.. මොකද ජීවිතේ පළවෙනි වතාවට මේඝ අවීගෙන් එහෙම දෙයක් අහපු පළවෙනි දවස ඒ...

කොච්චර කලකිරීමක් තිබුණත් මේඝ කියන අමුතු මනුස්සයා එයාගේ ඉස්සරහට ආවම, හදවත නිකන් කීරි ගැහිලා වගේ යන මේඝගේ සුවඳ දැනුනාම, කෙල්ල ඉබේටම නොසන්සුන් වෙලා යනවා....

අවී මොකුත් නොකිව්ව හින්දා මේඝ පහළට ගියා...

// පීකුදු බස්සට පොඩ්ඩක් තේරුම් ගන්න බැරි ඇයි.. මොකුත් කිව්වේ නෑ කියන්නේ බඩගිනි නෑ කියන එක නෙමෙයිනේ.. රෙද්ද.. ආයේ හැරිලා යන්නේ.. මල පිස්සා... //

අවින්දි මේඝට හිතින් බැන බැන ඉද්දි කොල්ලා ආයෙම විනාඩි පහකට හයකට වගේ පස්සේ උඩට ආවේ ප්ලේට් එකකුත් අතේ තියන්...

"ආ..."

එහෙම කියලා මේඝ කෑම ප්ලේට් එක අවින්දිගේ මූණ ඉස්සරහටම දික් කළා...

// කොත්තු මී....!! කළුකුමාරයා කොහොමද මේවා හොයගත්තේ... //

ඇත්තටම උණුම උණු කොත්තු මී එකේ සුවඳ නහය ගාවටම දැනෙන හින්දා කෙල්ලට තවත් බඩගින්න ඉවසගෙන ඉන්න බැරි වුණා...

"විසිකරන්න කලින් කනවනම් කනවා..."

යකාගේ හැටි හොඳටම දන්න හින්දා අවී පැනපු ගමන් කොත්තු මී ප්ලේට් එක අතට ගත්තා...

නොපෙන්නුවට මේඝගේ කට කොනේ පොඩි අමුතු හිනාවක් ඇඳුණේ හිතට පොඩිවට හීනියට වගේ අමුතු සතුටක් දැනුනු හින්දා....

"තමුසෙලා ඔය MSG කුට්ටි පිටින් ගිලින්නේ... කවදහරි මැරෙන්නේ හැදෙන ලෙඩක්වත් හොයාගන්න බැරුව..."

කාමරේ තිබුණු පුටුවක් උඩින් වාඩිවෙලා කකුළක් පිට කකුළක් දාගන්න ගමන් මේඝ කියවන්න ගත්තේ අවින්දි පළවෙනි කොත්තු මී කට, කටට ළං කරද්දිමයි...

// නොදකින් ඇලි මීයා... කන එක කන්න නෑ... //

ආයෙම බැන බැන අවින්දි කොත්තු මී එක කෑවේ තිබුණු බඩගින්න වැඩි හින්දමයි...

කාලා ඉවර වෙලා ප්ලේට් එක මේසෙ උඩින් තිබ්බ අවී ආයෙම ඇඳේ කොනකට වුණා..

මේඝ කිසි ගාණක් නැතුව අවින්දිගේ මේසේ උඩ තියෙන පොත් බල බල එකින් එක මේසේ උඩම විසි කර කර ඉදියේ...

"යන්..."

විනාඩි පහළොවකට විතර පස්සේ මේඝ එහෙම කියාගෙනම පුටුවෙන් නැගිට්ටත් අවී හිටපු තැනම ඉදියේ වචනයක්වත් නොකිය...

"එනවද නැද්ද..."

දොර ගාවට ගියපු මේඝ ආයෙම ඇහුවා...

// කට කැඩෙනවද මුගේ හොඳින් එන්න කිව්වාම...ඕන තරමක් නටපන්කෝ මන් එනවද බලන්න... //

අවී තනියම හිතින් හිත හිත අහක බලාගත්තා...

"මට පේන්නෙ තමුසෙට දැන් සෑහෙන දේවල් අමතක වේගෙන එනවා වගේනේ... කන්ට්‍රෑක්ට් එක.. මතක නැද්ද... තමුන් මන් කියන දේවල්වලට කැමති වෙන්න ඕන... නැත්තන් මිලියන පනහක් දීලා තමුසෙට ඕන දෙයක් කරගන්න පුළුවන්..."

"යාහ්... ඇති ඇති ඇති... කන්‍ට්‍රෑක්ට්.. කන්ට්‍රෑක්ට්... කන්ට්‍රෑක්ට්... මේක මල වදයක් වුණානේ.... කොයි වෙලෙත් කටේම ඒක...

මිස්ටර් මේඝාදිත්‍ය... හොඳට අහගන්න.. ඇති මේක හොඳටම ඇති... මන් මට තියෙන හැමදේම විකුණලා හරි ඔහේට මිලියන පනහක් දෙන්නම්... ඔය මගුල හින්දනේ මන් මෙච්චර කල් ඉදියේ... අදින් මේක ඉවරයි.. මන් ඉක්මනට ම සල්ලි ගේනවා.... සෝ දිස් ඉස් ඕවර්..."

එහෙම කියලා මේඝට කෑගහපු අවී වොශෲම් එක ඇතුළට ගිහින් සද්දෙන් දොර වහගත්තා...

"ඇවිස්සිලා.. හොඳටම.."

කට කොනෙන් හිනාවෙන ගමන් තමන්ටම මුමුණගත්තු මේඝ ආයෙම එයාගේ ගෙදරට ගියා..

ගෙදරට ගිහින් ඔෆිස් රූම් එකේ දොර ඇරන් ඇතුළට යද්දිම පන්සිළු රූම් එක ඇතුළට වෙලා ඉදියා..

"ඇයි... ගියේ නැද්ද..."

"නෑ මට උබට දෙයක් කියන්න තියෙනවා..."

"මොකක්ද..."

"මන් කරපු මෝඩ වැඩේම උබත් කරන්න එපා..."

"වට්..."

"උබ හොඳටම දන්නවා මන් මොකක් ගැනද කියන්නේ කියලා... හැඟීම් හිතේම තියාගෙන ඉන්න එක කාටත් කරන්න පුළුවන් හැබැයි වෙන දෙයක් වෙච්චාවේ කියලා හිත හදන් ඒක අනික් කෙනාට කියලා දාන්න හැමෝටම බෑ..."

"ඉතින්..."

"මන් දන්නවා උබ ඔය මොකුත් ගනන් ගන්නේ නෑ වගේ ඉදියට මේ වෙලාවෙදිත් හිතෙන් මේ ගැන හිතනවා කියලා.. සෝ ප්ලීස්.. ඩෝන්ට් ඩූ දැට්... උබේ හිතේ දෙයක් තියෙනවනම් ඒක කෙළින්ම කියපන්.. මොකද උබ කෙළින් කතා කරන්න බැරි මිනිහෙක් නෙමෙයිනේ...

පරක්කු වෙලා පසුතැවෙන එකේ වේදනාව උබත් විඳිනවට මන් කැමති නෑ.. ඒ හින්දා ඔය ලොකුකම පැත්තකින් තියලා උබේ හිතෙන්ම උබ අහලා බලපන්..."

එහෙම කියලා මේඝගේ උරහිසටත් පොඩි තට්ටුවක් දාලා පන්සිළු යන්න ගියා...

කල්පනා කරන ගමන්ම ගිහින් ඔෆිස් චෙයා එකේ වාඩි වුණු මේඝ පුටුවේ පිටිපස්සට බර වුණේ හිතේ තිබුණු හැඟීම් ඔක්කොම එකතැනකට ගොනු කරගන්න උත්සාහ කරන ගමන්...

අනික් අයට වඩා මොකක්දෝ විශේෂයක් මේඝට අවීගෙන් දැනෙනවා..

මේඝගේ ඔලුවේ හැමදාම වැඩ කරන්නේ එදා රූෆ්ටොප් එකේ වුණු සිද්දිය... එදා තමයි මෙච්චර දවස් ළඟ ඉඳපු අවින්දි ගැන අමුතු විශේෂ හැඟිමක් කවදාවත් නොවිඳපු විදියේ හැඟීමක් මේඝට දැනෙන්න ගත්තේ ඒත්...

"තව දෙයක්..."

මේඝ කල්පනා කර කර ඉන්න අතරෙම පන්සිළු ආයෙම රූම් එකට ආවා...

"උබ උබේ හැඟීම්වලට ඉඩක් නොදෙන්නේ අතීතෙට බය වෙලා නම් ඒක මහ මෝඩ වැඩක් බන්.. මොකද මන් දන්න මේඝ කියන්නේ කිසිම දෙයක් බයයි කියන හේතුව මත අත අරින මනුස්සයෙක් නෙමෙයි...

අනික... උබ ගැන තීරණ ගන්න ඕන උබ මිසක් උබේ අතීතේ නෙමෙයි... මිනිස්සු කියන්න තත්පරෙන් තත්පරේ වෙනස් වෙන අය.. කවුරු වුණත් වෙනස් වෙනවා.. කාලයත් එක්ක.. ඒක උබටවත් මටවත් නවත්තන්න බෑ... අපි ඒ වෙනස්වීම්වලට කාලෙන් කාලෙට හැඩගැහෙන්න ඕන...

ඔය වගේ පොඩි දේවල් හින්දා ජීවිතේ එක ෆ්‍රේම් එකකට කොටු කරගන්න යනවනම් උබ මන් දන්න මේඝ නෙමෙයි...."

"මන් දැන් කිව්වද උබට මට ලෙක්චර් එකක් දෙන්න කියලා..."

"උබ කිව්වේ නෑ ඒ උනාට මන් දන්නවා උබට මේ වෙලාවේ ලෙක්චර් එකක් ඕන.. නැත්තන්.."

"හරි හරි... දැන් යන්න..."

"මන් කියපුවා ඔලුවට දාගනින්..."

එහෙම කියලා පන්සිළු ආයෙම එළියට ගියා...

තවත් ටික වෙලාවක් ඇස් දෙක පියාගෙන කල්පනා ලෝකෙක ගිලිලා ඉඳපු මේඝ එකපාරටම පුටුවෙන් නැගිටලා රූම් එකෙන් එළියට ගියේ අවින්දිගේ ගෙදරට යන්න..

"මහත්තයා.. නෝනා ගෙදර ආවා.. අන්න කාමරේට ගියා..."

සාලේ ඉඳපු මේරි අම්මා කලබලෙන් අවින්දිගේ ගෙදරට යන්න ගියපු මේඝව නැවත්තුවා...

මොකුත් නොකිය එහෙමම මේඝ ගියේ අවින්දිගේ රූම් එකට...

දෙපාරක් විතර දොරට තට්ටු කළත් දොර ඇරුණේ නැති නිසා මේඝ දොරත් ඇරගෙන කාමරේට ගියා..

මල අපාය වගේ තිබුණු කාමරේ වටේම ඇස් යැව්වත් මේඝට අවින්දිව හොයාගන්න බැරි වුණා..

මේඝ එහෙමම බැල්කනි එකට ගියේ.. කෙල්ලගේ සමහර පුරුදු කොල්ලට නෝට් නිසා...

බැල්කනි එකට යන්න තිබුණු ග්ලාස් ස්ලයිඩ් දොර එහාට කරන් මේඝ යද්දි රවුම් ස්වින්ග් චෙයා එක ඉස්සරහට පස්සට පැද්දෙමින් තිබුණා..

"ම්ම් ඈස් යූශුවල්..."

තමන්ටම එහෙම මුමුණගත්තු මේඝ ස්වින්ග් චෙයා එකට ළං වෙලා ඒ මේ අත වැනෙන ස්වින්ග් චෙයා එක පිටිපස්සෙන් අල්ලලා නැවැත්තුවා...

ස්වින්ග් එක පැද්දෙන්නේ නෑ කියලා දැනුනු නිසා ඒක ඇතුළට වෙලා එරමිනිය ගොතා ගෙන වාඩිවෙලා ඉඳපු අවී බෙල්ල එළියට දාලා බැලුවා...

"ඇයි.. ඒපාර මොකද මල වදේ..."

මේඝ මොකුත් නොකිය ස්වින්ග් චෙයා එකේ පිටිපස්සෙන් අල්ලගෙන අවී දිහාම බලන් ඉදියා...

"ඕක අත අරින්න..."

මේඝගෙන් ඒත් කිසිම උත්තරයක් තිබුණේ නෑ...

"ඇයි.. මොකද වෙලා තියෙන්නේ ඒපාර..."

"ඕහ් සල්ලිද... සල්ලිද..."

යකා ආරූඪ වුණා වගේ අවී ස්වින්ග් චෙයා එකෙන් එළියට පැනලා මේඝට ළං වුණා...

"සල්ලි සල්ලි සල්ලි.. වෙන දෙයක් නෑනේ ඉතින්...."

මේඝ වචනයක්වත් නොකිය අතපය හතර අතට විසි කර කර කෑගහන අවින්දි දිහා බලාගෙනම ඉදියේ.. හිනාව බොහොම අමාරුවෙන් පාලනය කරගෙන...

"මන් කිව්වනේ මන් සල්ලි දෙන්නම් කියලා..."

"කොහොමද..."

"කොහොම හරි දෙනවනේ..."

"කොහොමද..."

"සල්ලි දුන්නම මදිද .. හොයන විදියත් කියන්න ඕනද..."

"නැතුව..."

ස්වින්ග් චෙයා එක අත ඇරපු මේඝ අඩියෙන් අඩිය ඉස්සරහට ආවේ අවින්දි ටිකෙන් ටික පස්සට යද්දි...

මේඝ අඩියක් ඉස්සරහට එනවා..
අවී අඩියක් පස්සට...

මේඝ ඉස්සරහට...
අවී පස්සට...

අඩි පහකට වඩා යන්න වුණේ නෑ කෙළින්ම අවින්දි ගිහින් අත් වැටේ වැදුණේ ආයේ යන එනමං අමතක වෙද්දි...

"තමුසේ මිනී මරලා, කුඩු විකුණලා,ගෙවල් බිඳලා, හොරකම් කරලා සල්ලි ගෙනාවොත් මන් කොහොමද ඒවා ඇක්සෙප්ට් කරන්නේ...."

"වෙ-වෙන වැඩ නෑනේ.."

අත්වැටට පිට තියාගෙන වටපිට බලන ගමන්ම අවින්දි කිව්වා...

"ඔව් ඉතින් තමුසෙගේ අර ගුබ්බෑයමෙන් මිලියන පනහක් හොයන්න බැරි බව මන් දන්නවනේ.. කලින් කිව්ව දේවල් ඇරෙන්න තමුසෙට සල්ලි හොයන්න කියලා කරන්න වෙන වැඩකුත් නෑ..."

"මන් කිව්වනේ මන් කොහොම හරි සල්ලි දෙනවා... ලෝන් එකක් ගන්නවා..."

"මූණ බලලා මිලියන පනහේ ඒවා දෙන්නෑ හලෝ කවුරුවත්..."

"කමක් නෑ මන් ගෙවන්නම්කෝ..."

"කොහොමද..."

"කොහොම හරි"

"කොහොමද..."

තව තවත් අවින්දිගෙ මූණටම ළං වෙලා මේඝ අහද්දි කෙල්ලගේ අත පය සීතල වෙලා ගියේ... මේඝගේ සුවඳ ඕනවටත් වඩා ළඟින්ම දැනුන නිසා...

"අනේ මේ මනුස්සයෝ..."

හිත පොඩ්ඩක් සන්සුන් කරගෙන අවින්දි කතා කළා...

"මන් කිව්වනේ.. මන් මගේ තියෙන සේසතම විකුණලා...ලෝන් අරගෙන... ඒත් බැරි නම් තියෙන අවයව ටිකත් විකුණලා සල්ලි ටික දෙනවා.. එච්චරයි..."

"ඕහ්... රියලි...
.
.
.
.
දෙන්...
.
.
.
.
.
අයි'ල් බයි යුවර් හාට්...."
.
.
.
.
.
.
.
.
.
.
.
.
.

.
.
.

"මොකක්ද..."

"අයි විල් බයි යුවර් හාට්....."

Avinidi's pov

අත් දෙකත් පිටිපස්සට බැඳගෙන ටිකක් නැවිලා මගේ මූණට ම එබීගෙන කළුකුමාරයා සල්ලි දෙන්නේ කොහොමද කොහොමද කියලා අහද්දි.. මට ආවේ මරාගෙන මැරෙන්න තරම් තරහක්... මන් මෙතන මෙච්චර අවුල් මූඩ් එකක ඉද්දි මේ මලසමයන්කාරයට සල්ලි ඕනවෙලා...

වැඩිපුර තරහා ගියපු හින්දම එහා ලේන් එකටත් ඇහෙන්න හයියෙන් කෑගහලා මන් කළුකුමාරයට කිව්වා තියෙන අවයව ටික විකුණලා හරි සල්ලි දෙන්නම් කියලා.. ලෝබ කුණා...

ඒත් ඊටපස්සේ යටිතොලත් දිවෙන් තෙත් කරලා මගේ මුළු මූණෙම ඇස් යවපු කළුකුමාරයා තව තව මගේ මූණට හොඳටම ළං වෙලා කොටින්ම ඒ යකාගේ උණුම උණු හුස්ම සැරින් සැරේ මගේ නළලේ වදින තරමට ළං වෙලා කියපු එක නම් ඇත්තටම මට දරාගන්න බැරි වුණා..

මන් අත් වල වගේම කකුල්වලත් ඇඟිලි ගුලි කරගෙන ඉදියේ ඒ ෆීලින් එක අමාරුවෙන් හරි දරාගන්න ඕන නිසා...

"මො-මොකක්ද"

"අයි... විල්... බයි යුවර් හාර්ට්..."

මගේ හාට් එක තියෙන තැනට ඇඟිල්ලකුත් දික් කරලා ආයෙම මගේ මූණ දිහා බලන් මේඝ කිව්වා... හනේ හත්තිලව්වේ මූ මොනාද මේ කියවන්නේ....

"ඩිඩ්න්'ට් යූ ගෙට් දැට් හනී..."

අත්වැටට හේත්තු වෙලා ඉඳපු මගේ ඉන වටෙන් අත් යවලා කළුකුමාරයා මාව ඒකා ගාවට ම ඇදලා අරගත්තේ.. ජබොක් ගාලා ගිහින් මගේ ඔලුව ඒ යකාගේ පපුවේ වදිද්දි..

මගේ තොල් පවා කට කට ගගා ගැහෙන්නේ මේ මල යස්සයට රෝමෑන්ටික් දේවරාජයෙක් ආරූඪ වෙලා ඉන්න නිසා... ඇයි නැත්තන්.. මොන මගුලක්ද මේ.. කලින් සල්ලි ඉල්ලලා දැන් හදවත ඉල්ලනවා...

"විල් යූ ගිව් මී..."

ආයෙම කළුකුමාරයා ඇහුවේ පට්ටම ස්වීට් වොයිස් එකකින්.. මාව කාපිය යකෝ... රෙද්ද.. මෙහෙම ෆීලින්ග්ස් එක්ක සෙල්ලම් කරනවට වඩා හොඳයි එකපාර මරලා දාන එක..

මට නම් බෑ හත්තලාමේ ඒ තදම කළුම කළුම පාට ඇස් දිහා බලන් ඉන්න.. මට මාවම පේනවා.. මන් කන්ෆියුස් වෙලා වෙව්ලන හැටි පෙනෙද්දි මහා...ශිකේයියා ෆීල් එකක් එන්නේ...

කොටින්ම කියනවනම්....මේ යකා කියන්නේ මොකක්ද කියලවත් මට තේරෙන්නේ නෑ..

මොකක්ද කියන්නේ ඒ.. සල්ලි එපා කියලද.. ඒ වෙනුවට හදවත ගලවලා දෙන්න කියලද කියන්නේ... මූ අවයව ජාවාරම්කාරයෙක්ද...

හාට් එක ගැලෙව්වම මන් මැරෙනවනේ..

මූ දැන් එතකොට මට මැරෙන්නද කියන්නේ..

නොදකින් අමනයා.. හාට් එක අරන් මූට ලේ බොන්නද..

මූ ඇත්තටම පිසාචයෙක්ද.. නෑ වැම්පයර්... අනේ මේ මිනිහා මාව අවුල් කරනවා...

කළුකුමාරයා මාව අල්ලගෙන ඉදිද්දිම මන් බිම බලාගෙන කල්පනා කරේ ඒ කිව්ව එක ගැන... ජරා මිනිහා.. මාව මරන්න ඕන වෙලා...

දෙන්ඩ තියෙන්නේ මූට... පරපුරත් එක්කම හැඳිගෑවිලා යන්න..

"ඕයි.. තමුසෙට උපතින්ම බුද්ධියක් කියලා දෙයක් නැද්ද... නැත්තන් නෑ වගේ රඟපානවද..."

"මොකක්..."

වැඩේ කියන්නේ ඇයි මට මේ යකා කියන දේවල් හරියට තේරෙන්නේ නැත්තේ.. දැන් බුද්ධියක් ගැන අහනවනේ.. අනේ මන්දා....

"තමුසේ දෙන්නැත්තන් මන් බලෙන් හරි ගන්නවා..."

මොකක්ද වාහේ තෝ ඔය ඉල්ලන්නේ.. දෙන්න පුළුවන් දෙයක් නම් දෙනවනේ යකෝ...කියන ලපයක් තේරෙන්නෙත් නෑ.. රෙද්ද....

"මො...මොකක්ද ඕන..."

මන් එහෙම ඇහුවාම කළුකුමාරයා ඇඟිල්ලක් මගේ වම් පපුවට පොයින්ට් කරලා ඇස්වලිනුත් ඒ ඇඟිල්ල මට පෙන්නුවා...

නොදකින් වනචර බල්ලා...මට දැන්නේ තේරුනේ.. මද කිපුණු වල් සලමන්දරා... ශික්..... මූට දෙනවා මන් ඉඳහන්කෝ...

මගේ කටට ආසන්නයේම තිබුණේ පපුවෙන් ටිකක් පහළට යනකන්ම වගේ බට්න්ස් ඕපන් වෙලා තිබුණු තිබුණු ශර්ට් එකෙන් වැහුණු කළුකුමාරයගේ යෝධ පපුව..

ආයේ නෑ.. ඌරු මස් කෑල්ලක් අහුවුණා වගේ කෙළින්ම හැපුවා... ආයේ වස්තරේම මූත්‍රා යන්න...

ඒත් මිනිහා මාව අත ඇරියේ නෑ.. ගාණක් නෑ වගේ ඉදියා.. රිදුනේ නැද්ද.. හෑහ්.. මුගේ ඇඟේ ස්නායුත් මැරිලද හත්තලාමේ....

ශික්.. වල් වැදුනු අවලමා...

මන් ඔලුව පහත් කරගෙනම කළුකුමාරයට තනියම බැන්නා..

"තමුසෙට සිංහල තේරෙන්නෙත් නෑ ඉංග්‍රීසි තේරෙන්නෙත් නෑ.. මන් තමුසෙට මගේ භාශාවෙන් එක්ස්ප්ලේන් කරලා දෙන්නම්.."

මගේ ඇස් දිහාම බලන් ඉඳපු කළුකුමාරයා මාත් එක්කම පස්සෙන් පස්සට ගිහින් නැවතුණේ මාව කෙළින්ම පිටිපස්සේ අත්වැටට හිර කරගෙන...

චූ යන්න ඔන්න මෙන්න සයිස් එකෙන් බය වෙලා ඉඳපු මන් ඔහේ ගල් පිළිමේ වගේ බලන් ඉදියා.. ඇයි ඉතින්..මේ යකා එක්ක දඟලලා වැඩකුත් නෑනේ..

ඒ ඇරත් මන් මේ හැඟීමට, මේ වනචර කළුකුමාරයට හරි ආසයි.. කමක් නෑ.. දුරදිග ගිහින් ළමයෙක් හරි හැදුනොත් මටත් ඉන්නවනේ කළුකුමාර පැටියෙක්...

මන් එහෙම හිත හිත ඉද්දි මගේ ඉන වටේ එතිලා තිබුණු කළුකුමාරයගේ අත්වල ග්‍රහණය තව තවත් දැඩි උනේ මාව නිකන් පොළොව මට්ටමටත් වඩා උඩට ඉස්සෙද්දි..

ඇඟිලි තුඩු විතරක් පොළොව මත තියෙද්දි කළුකුමාරයා ටිකෙන් ටික මගේ මූණට ළං වුණේ මගේ ඇස් දෙක දිහා වගේම තොල් දිහත් මාරුවෙන් මාරුවට බලන ගමන්...

ක්... කිස්...කොරන්නද ඔහේ ඔය හදන්නේ...

හනේ යකෝ...මට බෑ.....

කළුකුමාරයගේ නහය මගේ නහයේ වදින තරමටම ළං වුණු ඒ පිස්සා... ඇස් දෙකත් පියාගෙන මගේ ලිප්ස් ළඟටම නැවිලා ලොකුම ලොකු හුස්මක් උඩට ගත්තා.. ඇඟේ හිරිගඬු පිපිලා රෝම කූපත් කෙළින් වෙලා යකුනේ...

"ම්ම්ම්.. ඉට්ස් කොෆී..."

ආහ් ලිප් බාම් එකේ සුවඳද බැලුවේ... හම්මටසිරි.. රස හොයාගන්නේ මේකා සුවඳින් ද එතකොට... හොඳ වෙලාවට මන් කොයිවෙලෙත් ඕක ගාගෙන ඉන්නේ....

ආයෙම ඒ ඇස් මගේ ඇස් ඉස්සරහා.. බලන්න නම් බෑ මොකද ඒ තරම්ම ඒවා දිලිසෙනවා... දිලිසෙනවා.. කියන්නේ පුදුමාකාර ශයින් එකක්..

"දිස් ටයිම්... ඉට්ස් නොට් අ එක්සයිට්මන්ට් ඕර් අ මිස්ටේක්...දිස් ටයිම් දිස් ඉස් රියල්..."

එහෙම කියපු කළුකුමාරයා තව තවත් මගේ ඉන වටේ තිබුණු අත්වලින් මාව ළං කරගන්න ගමන් මගේ තොල්වලට බර වුණා...

මුළු ලෝකෙම නතර වුණාද මන්දා.. මන් නිකන් වළාකුළු උඩ ඉන්නවා වගේ...මගේ කකුළුත් පොළොවේ වැදෙන්නේ නැති නිසා වෙන්නැති එහෙම දැනෙන්නේ...

හාට් එක නිකන් එළියට පනින්න තරම් වේගෙන් ගැහෙද්දි මගේ දණහිස් දෙක නිකන් පණ නැති ගතියක් මට දැනුනේ.. හොඳ වෙලාවට කළුකුමාරයා මාව අල්ලගෙන ඉදියේ.. නැත්තන් කෙලින්ම ජිංජිබරස්....

ඕයි.. මෝඩ ගෑනි මොනවද බන් ඔය හිතන්නේ... කිස් බැක් කරනවද නැද්ද...

ඇඟ ඇතුළේ ගංවතුර ගලලා වගේ.. පුදුම ප්‍රෙශර් එකක් ඇඟ ඇතුළේ මිරිකෙන්නේ... මගේ කොණ්ඩේ අස්සෙන් පවා මට නිකන් අමුතු හැඟීමක් දැනෙනවා.. නිකන් කොණ්ඩේ අස්සේ උණුසුම් දෙයක් තියෙනවා වගේ...

මන් ගල් පිළිමේ වගේ ඉද්දි කළුකුමාරයා මාව තව තවත් එයාට ළං කරගෙන අත්වැටට බර වුණා... ඇත්තටම ඒක හරි වෙනස් කලින් එක වගේ නෙමෙයි... මේක ඒකට වඩා මාරම වෙනස්... ගොඩක් සොෆ්ට් නෑ ටිකක් රෆ්... ඒත් මට පොඩ්ඩක්වත් නොරිදෙන්න මාරම ජෙන්ට්ල් විදියට මේ මනුස්සයා කිස් කරන්නේ...

ඇත්තටම මට කිස් බැක් කරන්න බයයි...

මොකද මන් දන්නෑ ඒක කොහොමද කරන්න ඕන කියලා... මන් දන්නෑ මගේ අතින් වැරදුනොත්... මට කොහෙත්ම උවමනාවක් නෑ මේ මොහොත නැති කරගන්න මොනම හේතුවක් නිසාවත්...

"පීචස්...."

කිස් එක බ්‍රේක් කරලා මගේ ලිප්ස් උඩම කළුකුමාරයා මිමිණුවා.. මාව නිකන් තව තව උඩට පාවෙනවා වගේ... ඒ හස්කි ටෝන් එක... වාහ්... කොහෙන් එනවද මන්දා....

මන් කිස් බැක් කරපු නැති නිසා වෙන්නැති එයා මගේ මූණෙන් ඈත් වෙලා මගේ ඉන වටේ එතුණු අත් ඈත් කරගන්න හැදුවා...

අනේ...

යාහ්...මට මොකක්ද මේ වෙලා තියෙන්නේ.. හොඳ වෙලාවට මට හිතුණු අමුතු අනේ එක කටින් පිටවුණේ නෑ.. වාසනාව...නැත්තන් වසලා හමාරයි...

ඒත් මට ලෝබයි.. මේ මොහොත නැති කරගන්න.. මට ඕන තව මේ වෙලාව දික් කරගන්න... ගොඩක් වෙලා.. පුළුවන් තරම් වෙලා...

කළුකුමාරයා මගේ ඉනෙන් අත කරගෙන බෙල්ල කෙලින් කරගන්න හදනකොටම මන් ඉක්මනට මගේ අත් කළුකුමාරයගේ බෙල්ල වටේ වටේ දාලා පුළුවන් තරම් උඩට ඉස්සුනත් මන් කොට නිසා ඒ යකාගේ ලිප්ස් තියා නිකට ගාවටවත් ළං වෙන්න මට බැරි වුණා...

ලැජ්ජාවේ සන්තෝසේ බෑ...

මන් නිකන් මොකාද එකා වගේ මේඝගේ බෙල්ලේ එල්ලිලා ඉද්දි මන් යන්තන් ඇස් ඇරලා බැලුවා..

නොදකින්.. මුගේ smirk එක.. බැල්කනියෙන් පහළට පනින්න හිතෙනවා....

"ඕඕඕහ්..... වට් ආර් යූ ඩුයින් හනී...."

තව තවත් බෙල්ල කෙලින් කරගන්න ගමන්ම කළුකුමාරයා ඇහුවේ හෙනම නෝන්ඩි විදියට.. පව කියන්නේ යකෝ මෙතනත් නෝන්ඩි වෙනවනේ...

"යූ වෝන්ට් දිස් නෝ...?"

අමූතුම හස්කි ස්ටීමී වොයිස් එකකින් කියපු මේඝ ආයෙම බෙල්ල නවලා මගේ මූණට ළං වෙලා පොඩිම පොඩි පෙක් එකක් මගේ ලිප්ස් උඩින් තියලා ආයෙම කෙළින් වුණා...

මේ අමනයා මාව ටීස් කරනවා නේද...

මන් ජීවිතේ කවදාවත්ම නැති විදියට කළුකුමාරයගේ බෙල්ලේ එල්ලිලා උඩ බලන් ඉදියේ අනේ මන්දා...නිකන් කෑම දෙනකන් බලන් ඉන්න පූස් පැටියෙක් වගේ... ශික් මටම ලැජ්ජයි ඕයි.... මූ මට වශියක්වත් කළාද...

"වයි..."

මගේ නළලට ඇඟිලි දෙකකින් තට්ටුවක් දාන ගමන් මේඝ ඇහිබැමක් උස්සගෙන යටි තොලත් දිවෙන් තෙත් කරන ගමන් ඇහුවා...

මන් මොකක්ද කියන්නේ...මාව ආයේ කිස් කරහන් බූරුවෝ කියන්නද... කටක් ඇරලා කියන්නේ කොහොමද... ඒත් මට අත අරින්නත් මොකක්ද වගේ....

එක එක ඒවා කල්පනා කර කර ඉද්දිම මන් හිතන්නේ මන් මගේ තොල් ටිකක් අකුලගත්තද කොහෙද...

"ඕහ්.. අයි ටෝල්ඩ් යූ හනී..."

එහෙම කියපු මේඝ එයාගේ මාපට ඇඟිල්ල මගේ ලෝවර් ලිප් එක දිගේ එකපැත්තකට අරගෙන ගියේ මන් දිහා කන්න වගේ බලාගෙන... අමතක වුණානේ.. මිනිහා කිව්වනේ කැමති නෑ කියලා... ලිප්ස් ෆෝල්ඩ් කරගන්නවට...

"කැන් අයි බයි... ශුගර්...."

"ව...ට්...."

කළුකුමාරයගේ බෙල්ලේ එල්ලීගෙනම මාත් උගුර අස්සෙන් මිමිණුවා...

"දිස් වන්..."

ආයෙම කළුකුමාරයා මගේ හාට් එකට ඇඟිල්ලක් පොයින්ට් කරලා ඇහුවා...

කළුකුමාරයගේ අමුතු මැජික් කියන්නේ ඕවට.. මෙච්චර දවස් මිනිහා එක්ක තිබුණු තරහා කලකිරීම එක විනාඩියෙන් මේ යකා නැති කරලා දානවා..

ඒකෙන් මට තේරෙන්නේ මෙච්වරයි කොච්චර වෙන පිටින් හැඟීම් මගේ හිත අස්සේ පොදි ගැහුනත් මේඝ ගැන තියෙන අමුතු වචනවලට පෙරලන්න තේරෙන්නේ නැති ඒ හැඟීම ඒ හැමදේකටම වඩා බලවත්... රබර් බෝලේ වගේ හැමවෙලාවකම ඒක උඩට මතුවෙනවා...

තවත් ඉතින් මෙහෙම වවුලා වගේ එල්ලිලා ඉන්න ඕන නැති නිසා මන් පොඩි පවුට් එකකුත් හදාගෙන මේඝ දිහා බලලා එහෙමම ඔලුව වැනුවේ....ඔව් කියන්න...

ඒ විනාඩිය ඇති මේඝට ටර්න් ඔන් වෙන්න...

ලාවට වගේ මගේ ඉනවටේ බැඳිලා තිබුණු අත්වල ග්‍රහණය වැඩි කරපු මේඝ.... හරි ලස්සන අමුතු...මන් කවදාවත් දැකලා නැති පිස්සු හැදෙන විදියේ හිනාවක් දාලා ආයෙම බෙල්ල පහත් කරගත්තේ මාවත් ටිකක් ඉනෙන් උඩට උස්සන ගමන් මයි..

හියර්'ස් කම් දි ඉන්හෙවන් ෆීලින්.....

හෙමීට මගේ ලෝවර් ලිප් එක එයාගේ තොල් වලින් අල්ලගත්තු මේඝ ඒක හෙමීට සක් කරේ ඉබේටම මගේ ඇස් පියවෙද්දී... ඊටපස්සේ ටිකක් රෆ් විදියට එයා මගේ තොල් අතරේ මාරුවෙන් මාරුවට සැරිසැරුවේ පුදුමාකාර ෆීලින්ග්ස් තොගයක් මගේ ඇඟ ඇතුළේ පිනුම් ගහද්දි...

මේඝගේ බෙල්ල වටේ එතුනු මගේ අත් හෙමින් හෙමින් මේඝගේ සිනිඳුම සිනිඳුම කොණ්ඩේ දිහාවට යද්දි මට නිකන් දැනුනේ මගේ ඇඟිලි තුඩුවලින් පටන් අරගෙන හීන් හිරියක් මගේ මුළු ඇඟ පුරාම පැතිරෙනවා වගේ...

ඒ අතරේ මට දැනුනා මගේ ඉනවටේ තිබුණු මේඝගේ එක අතක ඇඟිලි මගේ කොණ්ඩේ අස්සේ දඟ කරන විදිය....ආශ් ඒක නිකන් සැරින් සැරේ දැනෙන ඉලෙක්ට්‍රික් ශොක් එකක් වගේ...

ඒ දිඟ සීතල ඇඟිලි මගේ ඇඟේ නිරුවත් තැන්වල සිනිඳුවට ගෑවෙද්දි මාව නිකන් ඇතුළාන්තයෙන් පිච්චිලා යනවා වගේ මට දැනුනේ... මගේ ඇඟේ හැම අස්සක් මුල්ලක් නෑරම පුදුම විදියට සෙන්සිටිව් වෙලා කියලා මට හිතුණේ....

ඇස් පියාගෙන ඒ හැඟීම් ඔක්කොම විඳගන්නත් මට අමාරුයි ඒක ඒ තරම්ම ඇබ්බැහිවෙන සුළුයි...

මන් දන්නෑ මගේ නාස් කුහර අස්සෙන් යන මේඝගේ පර්ෆියුම් එකේ සුවඳ මගේ ඔළුවත් එක්ක හිරිවට්ටලා දානවා...

ඒ විතරක් නෙමෙයි... මට දැනෙනවා...කළුකුමාරයගේ ශැම්පො එකේ සුවඳ... ඒකත් මහ කියාගන්න තේරෙන්නේ නැති සුවඳක්..

ඇයි මූණෙන් ශේවින් ක්‍රීම් එකේ සුවඳ ඕනවටත් වැඩියෙන් දැනෙනවා... මේඝගේ ස්කින් එකෙන් එන අමුතු බටර් චොක්ලට් fragrance එක මාව ඔක්කොමට වඩා අවුස්සනවා..

ඔක්කොටම හපන් ඒ යකාගේ බෙල්ලේ එල්ලෙන ගෝල්ඩන් පෙන්ඩන්ට් එක මගේ බෙල්ලේ සීතලට වදිද්දි...ආයේ කියන්න වචන නෑ....මොකක්ද මන් කියන්නේ අනේ මන්දා මට තේරෙන්නේ නෑ....

බඩ ඇතුළේ නිකන් සමනල්ලු පියාඹනවා වගේ... රෑ පානේ සීතල හුළං ඇඟේ වදිද්දි ඉඳිකටු ඇනෙනවා වගෙයි.. වෙනදා වගේ නෙමෙයි හරි වෙනස්...

මට විතරද මෙහෙම දැනෙන්නේ.. නෑ මේඝටත් දැනෙනවා.. කළුකුමාරයගේ උගුර අස්සෙන් එන කනට නෑහෙන තරමේ පුංචි කෙඳිරිලිවලින් මට ඒක තේරෙනවා... ඇස් දෙකත් පියාගෙන ඇත්තේ... මාත් ඇස් පියන් හින්දා මට පේන්නෙ නෑ.. ඒත් මට දැනෙනවා...

කළුකුමාරයා බෙල්ල ඒ පැත්තට මේ පැත්තට හරව හරව මාව නන්ස්ටොප් කිස් කරන හැටි.. මේඝගේ හාට් එකත් හැටට හැටේ ගැහෙනවා.. මොකද පරිසරය වෙන කවදාටත් වඩා නිහඬව තියෙන නිසා මට ඒක හොඳට ඇහෙනවා...

මට විතරක් නෙමෙයි මේ වගේ ෆීලින්ග්ස් දැනෙන්නේ කියන එකට හොඳම පෲෆ් එක ඒක...

මේඝ තව තවත් මගේ තොල් අස්සේ රස තැන් හොයද්දි මන් වැඩිය කිස් බැක් කරන්න ගියේ නෑ.. මොකද මට හුරු නැති නිසා...ඒත් එයා ස්ලෝ ඩවුන් වෙන සමහර වෙලාවට මන් පරිස්සමට මේඝගේ සුපර් සොෆ්ට් ලිප්ස් කිස් බැක් කරත් ඒක එච්චර දිගට අරන් ගියේ නෑ...

සෑහෙන ලොකු වෙලාවක් ඇතුළත ඇතිවුණු හැඟීම් ගොන්නක් වගේ පෙනුනට ඇත්තටම ඒක එහෙම නෑ...උපරිම විනාඩි දෙකක් තුනක් තියෙන්න ඇති... එච්චරයි... ඒ මැජිකල් ටයිම් එක පැය ගාණක් තරම් දිගයි මට මොකද ඒ තරම් දේවල් විස්තර කරන්න පුළුවන්...

විනාඩි දෙකකට විතර පස්සේ කළුකුමාරයා මගෙන් ඈත් වුණා...

මොන පිස්සෙක්ද මන්.. ඇයි මට මේ මදි කියලා හිතෙන්නේ.. බූරු හරකා..කන්ට්‍රෝල් යුවර්සෙල්ෆ්...

භූතයා මගෙන් අයින් වුණාම මන් මගේ අත් දෙකත් හෙමීට කළුකුමාරයගේ බෙල්ලෙන් අයින් කරගත්තා.. අනේ හත්තික්කේ ඒ වෙලාවෙයි මන් දැක්කෙ..

කළුකුමාරයගේ බෙල්ල රතු වෙලා.. ඔව් ඉතින් මන් ඇතින්න වගේ බෙල්ලේ එල්ලිලා ඉදියාම.. රතු නොවී තියේවිද.. මන් ඒ තරම් බර නෑ ඒ උනාට... පවු ඉතින්...

මන් අත් අයින් කරාට කළුකුමාරයා නම් අත් අයින් කරගන්න පාටක් පේන්නේ නෑ.. මාත් වල් වදිනවා මූ හින්දා...

"තමුසේ.. මහ මෝඩ එළදෙනක් අයිසේ..."

මගේ කනටම කරලා එහෙම කියපු කළුකුමාරයා ආයෙම මගේ මූණ දිහා බැලුවා..

"ඇයි..."

"ඉල්ලුව ගමන් ඕන දෙයක් දෙන්න එපා ඕයි... ටිකක් කල්පනා කරලා ගණන් උස්සලා පස්සේ කරන එකක් කරගන්නවා..."

අම්මපා මේ වගේ වෙලාවට තමයි මට මරු විකල් වෙන්නේ.. ඇයි යකෝ.. දැන් මන් මෙතන හිත හිත කල්පනා කර කර ඉදියනම්... මේ යකා එවෙලෙම මාව දාලා යයි මෙතන... හෙට ඩිවෝස් එකත් උස්සන් එයි.. මන් දන්නවනේ යකාගේ හැටි....

දැන් කියනවා... කල්පනා කරන්නලු...
පේන බල බල ඉද්දි කෙහෙල් කැන ගහත් එක්කම වැට පැනලා තියේවි...

මන් මොකුත් නොකිය කළුකුමාරයට බැන බැනම ඉදියා...

"බට් අයි ලයික් දැට්...."

මගේ ඇහිබැම දෙකත් එකපාරට එකට එකතු වුණේ ඒ කියපු එක හිතාගන්න බැරුව...

"යුවර් ක්වික් රෙස්පොන්ස්..."

යකෝ මුටද පිස්සු මටද පිස්සු...කලින් කිව්වා කල්පනා කරන්නලු.. දැන් කියනවා ඉක්මන් වෙන එකට ආසලු.. මොන මගෝඩියෙක්ද මන්දා...

"මනුස්සයෝ... එකක් කියන්න බැරිද.. එක්කෝ කල්පනා කරලා නැකත් බල බල ඉන්න නැත්තන්... වෙඩිල්ල වගේ පත්තු වෙන්න... මොකක්ද වෙන්න ඕන...."

බැරිම තැන මන් ඇහුවා ඇයි යකෝ මාවත් කන්ෆියුස් වෙනවනේ...

"ම්ම්ම්.... wanna තර්ඩ් වන් පීචස්..."

ආයෙම මූණටම... මූණටම... කොටින්ම ඇස් අස්සට එබීගෙන කළුකුමාරයා ඇහුවේ මාව තව පාරක් අවුස්සලා....

පිස්සා.. ඒ හුස්මවල තියෙන රස්නේ.... ආව්ස්....

"යසයි යසයි.. කුපාඩි බේසමා මැරිලා හත්දවසයි.. තෝ මෙතන මගුල් නටනවා..."

ඒත් එක්කම මට ඇහුණේ කටහඬක්..

කළුකුමාරයට ඇහුණේ නෑ මන් හිතන්නෙ මොකද මිනිහා ඉදියේ කලින් පොසිශන් එකේම කට කොනෙන් හිනාවේගෙනමයි...

"මගුල් විසේ නේද තොට.. අවලමී..."

ආයෙම ඒ කටහඬ.. හුරුයි ඒක

මන් පොඩ්ඩක් බෙල්ල ඇල කරලා කළුකුමාරයගේ පැත්තෙන් ඔලුව දාලා බැලුවාම තමයි.. දෙයියන් බුදුන් සිහි වුණේ...

හත්තිලව්වේ...

ලපේ....

මේ යකා හිනාවෙවී මන් දිහා බලන් ඉදියා...

මුගේ හොල්මනද මේ....

ප්ලීස් ගෝඩ් සේව් මී...

සතරවරම් දෙයියෝ සිහි කරන ගමන් මන් ආයෙම ඇස් පොඩි කරලා බලද්දි ඌ එතන නෑ...

"මැඩම් මාවද හොයන්නේ..."

ඊටපස්සේ මගේ අනික් පැත්තේ...

ඊළඟට ඇහිපිය ගහන සුනංගුවට ආයේ මිසින්...

ආයේ බලද්දි අත්වැට උඩ වාඩි වෙලා..

හත්තලාමේ හොල්මනක්....

නිකන් හාට් බීට් එක මිලියන බිලියන ගාණකට වැඩි වෙලා වගේ ෆීල් වෙලා ඊටපස්සේ නිකන් වටේම බොඳ වෙලා යනවා විතරයි මට දැනුනේ...
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.

එළිය ඇස් වලට හුරු කරගෙන අමාරුවෙන් මන් ඇස් අරිද්දි මන් ඉදියෙ ඇඳ උඩ...මන් ඇඳට ආවේ කොහොමද...

ඒත් එක්කම මට මතක් වුණේ ලපේගේ හොල්මන මූ මට මැරිලවත් ඉන්න දෙන්නෑනේ...

අතේ ඇඟිලිවල නියපොතු හූරන ගමන් ඉද්දි ඇඳ ළඟටම ඇවිත් වාඩි වුණේ මේඝ...පුදුම කිණ්ඩි smirk එකක් තිබ්බේ මූණේ...

"තමුසෙට කිස් එකක් දීලා ඔහොම නම්... තව මොනා හරි කළානම් තමුසේ මැරිලා වැටෙයිනේ හලෝ..."

එහෙම කියලා කළුකුමාරයා මගේ අත උඩින් වතුර එකක් තිබ්බා...

මේ මිනිහා දන්නෑනේ මන් කලන්තේ දැම්මේ ඇයි කියලා.. හ්හ් කියන්නත් බෑ බඩ අල්ලන් හිනාවේවි....

මන් මොකුත් නොකිය වතුර එක බිව්වේ හිත කූල් කරගන්න...

මන් වතුර එක බීලා ග්ලාස් එක නයිට් ස්ටෑන්ඩ් එකෙන් තිබ්බට පස්සේ කළුකුමාරයා මගේ අත උඩින් සුදුපාට A4 Size ලියුම් කවරයක් තිබ්බා...

"ඉරන්න..."

භූතයා එහෙම කිව්වාම ආයෙම මාව සීතල වෙලා ගියා..

"ඕක ඉරන්න...."

කළුකුමාරයා ආයෙම කිව්වාම මන් හෙමින් සැරේ ඒක දෙකට ඉරුවා...

ආයෙම හතරට...

අටට....

පොඩිම කෑලි එන විදියට මන් ඒක ඉරලා බෙඩ්ශීට් එක උඩින් තිබ්බා...

"සෝ ඉට්ස් ඕවර්...."

"මොකක්ද..."

"අපේ කන්ට්‍රෑක්ට් එක..."

"මොකක්..."

මේඝ ඔලුව වැනුවා..

ඒ කියන්නේ ඉවරද.. අපි දෙන්නා.. දැන් මන් තනියම ඉන්න ඕනද.. කොච්චර එහෙම ඉන්න ඕන කියලා කෑගැහුවත් දැන් නම්.. මේ ගෙදරින් එළියට බැහැලා මේඝගෙන් ඈත් වෙනවා කියන්නේ ආයේ කරන්න තියා හිතන්නවත් බැරි වැඩක්...

"මන් යන්න ඕනද දැන්..."

"ඔව්..."

කළුකුමාරයා කිසි ගානක් නැතුව කිව්වා. එතකොට කලින් කිස් එක... හාට් එක සල්ලි දීලා ගන්න එක.. ඒ මොනාද ඒ... කිව්වේ.. මාව අවුල් කරනවා මේකා ආයෙම....

"යන්න ඕනමද..."

මන් ආයෙම ඇහුවා...

"නැතුව..."

මේකා කිසි ගාණක් නැතුව උත්තර දෙන හැටි.. ශික් මුඩුමයා...

"දැන් යන්න බෑ.. ඒ ගෙදර මගේ රූම් එක අස් කරන්නත් ඕන... බණ වැඩයි මළ ගෙදරයි හින්දා ගෙදර හැඩි වෙලා තියෙන්නේ අනික.. මට දැන් තනියෙන් ඉන්නත් බෑ ඒ ගෙදර..."

"තමුසෙට පිස්සුද කොයි ලෝකේ තියෙන ගෙදරක්ද ඔය..."

"ඉ...ඉස්සරහා ගෙදර..."

"එහේ යන්නේ මොකටද..."

"ඇයි දැන් යන්න කිව්වේ..."

"මන් තමුසෙට මොළේ නෑ කිව්වේ නිකන් නෙමෙයිනේ... ගෙදරකට නෙමෙයි හලෝ මන් කිව්වේ මේ රූම් එකේ ඉඳන් මගේ රූම් එකට යන්න ඕන කියලා..."

මොකක් මොකක් මොකක්... මේ මොකක්ද මේ වෙන්නේ..

මේ මිනිහා වෙනස් වුණේ කොහොමද.. මෙච්චර ඉක්මනට.. ඊයේ වෙනකන් ඉදියේ බුම්මට්ටෙක් දැන් මේ මොකද.. දැන් නම් බය හිතෙනවා...

"ඒ...ඒ කොහොමද..."

"ට්‍රැක් අයිසේ තමුසෙට නම්...

කන්ට්‍රැක්ට් එකේ තිබ්බේ තමුසෙට ඕන්නම් මිලියන සීයක් ගෙවලා මගෙන් ඩිවෝස් වෙන්න පුළුවන් කියලනේ.. ඒක පස්සේ ෆිෆ්ටි මිලියන් උනා.. තමුසේ එහෙම සල්ලි නොදුන්නොත් කොහොමත් අවුරුද්දකට පස්සේ තමුසෙට ඕන දෙයක් කරන්න පුළුවන්නේ එක්කෝ ඉන්න එක්කෝ යන්න...

දැන් කන්ට්‍රැක්ට් එක ඉවරයි ඒ කියන්නේ.. තමුසෙට අවුරුද්දකට පස්සේ ඕන ඕන ඒවා කරන්න බෑ... අවුරුදු දෙකකට පස්සෙත් බෑ.. තුනකට හතරකට පහකට නෙමෙයි පනහකට පස්සේ වුණත් මේ ගෙදර මාත් එක්ක ඉන්න වෙනවා.. ගොට් දැට්..."

මන් කට ඇරන් බලන් ඉදියේ කියවගෙන කියවගෙන ගියපු කළුකුමාරයා දිහා.. එකපාරට ඔලුවට ගියෙත් නෑ.. ඒ කියන්නේ.. කන්ට්‍රැක්ට් එකක් නැතුව ඔෆීශියලි අපි හස්බන්ඩ් ඇන්ඩ් වයිෆ් කියලද...

හරිනම් මන් දැන් සතුටු වෙන්න ඕන

ඒත් මට බයයි...

මේ යකාට මොන ආත්මයක් ආරූඪ වෙලාද කියලා හිතාගන්න බෑනේ...

"සෝ.. ගුඩ් නයිට්... පීචස්...."

එහෙම කියපු කළුකුමාරයා නැගිටලා යන්න ගියත් ආයෙම හැරුණා...

"ඩ්‍රීම් අබවුට් මී හනී..."

කිණ්ඩි හිනාවක් දාලා ඒකා යන්න ගියා.. මේකා නම් පිස්සු වාතයක්.. ලව් නම් කෙළින් කියන්න ඕන.. එක එක විකාර නොකිය...

"ම්ම්.. දැන් හීන දැකපන් එහෙනම්..."

ආයෙම මට ඇහුණේ යස්විගේ කටහඬ වෙන කොහෙන්වත් නෙමෙයි මගේ එහාපැත්තෙන්.....

•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•

අහ්ම්... අහ්ම්....

හපන්න කො-කිසක්වත් දෙන්නත නිකන් ඉන්න එකේ...

මීළඟ මේඝයෙන් හමුවෙමු..

Continue Reading

You'll Also Like

88.9K 8.8K 36
အိပ်မက်ရှည်ကြီးတစ်ခုမက်တယ် ။ ကျောခိုင်းထားတဲ့နောက်ကျောပြင်တစ်ခုကို ငါက တစ်ဖက်သတ် ဖက်တွယ်ဖို့ကြိုးစားနေခဲ့တာတဲ့ ။ ဟင့်အင်း.. မင်းငါ့ကိုမချစ်ဘူး ။ ...
5.7K 913 14
දැනට වට්පෑඩ් තුල ප්‍රසිද්ද කතුවරුන් මෙතෙක් කාලයක් ආ මග
4.3K 574 10
ප්‍රේමයේ කොන්ඩිස් වීදුරුව, මන්දගාමීව කලතමි......✨
4.5K 967 8
අග්නි පසුබිම් කතාංගයකි. ( එය නොකියවීම මෙය කියවීමට බාධාවක් නොවන වග සලකන්න )