Love In My Heart ( Complet...

By kidurangana

33.5K 6.2K 775

සත්තයි , වසන්තය නැවත ඔබ සොයා එනවාමයි. More

චරිත හැදින්වීම.
chapter 01
chapter 02
chapter 03
chapter 04
chapter 05
chapter 06
chapter 07
chapter 08
chapter 09
chapter 10
chapter 11
chapter 12
chapter 13
chapter 14
chapter 15
chapter 16
chapter 17
chapter 18
chapter 19
chapter 20
chapter 21
chapter 22
chapter 23 * ( bonus )
chapter 24
chapter 25
chapter 26
chapter 27
chapter 28
chapter 29
chapter 30
chapter 31
chapter 32
chapter 33
chapter 34
chapter 35
chapter 37
chapter 38
chapter 39
chapter 40
chapter 41
chapter 42
chapter 43
chapter 44
chapter 45
chapter 46
chapter 47
chapter 48
chapter 49
chapter 50

chapter 36

511 110 24
By kidurangana

මෙය මාගේ මනඃකල්පිතයක් පමණි. සැබෑ ජීවිතයේ අයවලුන් හා ඒහා සබැදි ස්ථාන මෙම කථාංගයට කිසිදු සබදතාවක් නොමැති බැවින් ඒවා සම්බන්ධ කර නොගන්න.

"චූටි ඔයා නොදන්නවා වුනාට  අපේක හය හත් ගමනකට වැඩිය මගෙන් කෝල් කර කරා ඔයා ගැන ඇහුව...... ..... පව් කොල්ල හොදටම බය වෙලා....... මන් දන්නනෑ  චූටි  ඔයාගෙ හිතේ මොනවගේ හැගීමක් මගෙ මල්ලි ගැන තියෙනවද  කියල...... ඒත් ඌ ඔයාට පණ ඇරල...... මම කවදාවත්  හිතුවෙ නෑ  මගෙ මල්ලි ඔය තරම්  කාටවත් ආදරේ කරයි කියල. ..... ...... ඇත්තටම ආදරේ කියන දේ තියෙන්නේ විදින්න මිසක් විදවන්න නෙමෙයි චූටි ....... ඒත් ගොඩක්  අය ආදරේ කියන දේ නිසා විදවනව.....මම කැමති නෑ  ඔය දෙන්නට එහෙම  වෙනවට...... පිරිමියෙක්  තවත් පිරිමියෙක්ට  කරත් ආදරේ ආදරේමයි..... ආදරේට ගෑනු පිරිමි භේදයක් නෑ කියලා  විතරක්  මතක තියාගන්න. ....... මට කියන්න තියෙන්නේ අපේකගෙ ආදරේ  ප්‍රතික්ශේප  කරන එක නොකරන  එක ඔයාට බාර දෙයක් ඒත්   කවදාවත්   ගෑනු පිරිමි කියන සාධකය ආදරේදි මූලික කරගන්න එපා චූටි .... මම දන්නවා  ඔයා එහෙම කරන එකක් නෑ කියල. ...... "

*************************************

" අක්කෙ....මම........... "

"හරි මල්ලී අපි පස්සේ කතා කරමු මේ ගැන ........ යමුකො පහලට දැන් ඩිනර් එක ගන්න. ...ම්ම්ම්ම් .... "

" තව ටිකකින් එන්නම් අක්කෙ....... "

" හ්ම්ම්ම්. .....හරි..... "

මම පහලට ගියේ විනාඩි දහයක් පහළොවකට විතර පස්සේ. ..... මම යද්දී අංකල් කතාවක ....ඒත් ඒ කටහඩ ........ එයා ඇවිත්ද......

" පුතා මොකද දරැවො මේ වැඩෙත් දාල දුවගෙන ආවෙ ...... මොකක් හරි ප්‍රශ්නයක් ද. ...... "

" අනෙ නෑ ඩැඩී වැඩේ හොදට කෙරැණ. ..... හෙට දවල් මීටින් එක දාගත්ත..... අපේ ප්‍රසන්ටේෂන් එකට එයාල ගොඩක් කැමති උනා........ "

" ඉතින් දරැවො මීටින් එකටත් ඉදල එන්න එපැයි..... හදිසියේම ආවෙ...... "

" ආ...මේ ...ඩැඩී. ...මට අමතකවෙලා important file එකක් දාල ගිහින්නෙ..... ඒක ගන්න ආවෙ....... "

" ඒක දරැවො මට කීවනම් අරගෙන එනවනෙ.... ඒ නැතත් ඩ්‍රයිවර් අතේ හරි එවනවනෙ...... ඒකට කඩාගෙන බිදගෙන එන්න ඕන නෑනෙ දරැවො. ..... "

" සොරි ..... ඩැඩී. ... "

" හරි හරි දැන් ..පුතා ආව එකේ ඩිනර් එක ගමු හෙට උදේම යන්න පුළුවන්නෙ...... "

" අනේ ඔව් පුතා.......... වොෂ් එකක් දාගෙන එහෙම එන්නකො ලමයෝ ....."

" හා .....අම්ම .... මම වොෂ් එකක් දාගෙන එන්නම්. ......."

පඩිපෙල දිගේ උඩට එන එයාගෙ අඩි සද්දෙ ඇහෙනවත් එක්කම පහලට යන්න ආව මම රෑම් එකට ගිහින් දොර වහගත්ත. ....... ඇත්තටම එයා කීවෙ ඇත්තමද ...... ඒක බොරුවක් .....මට හොදටම විශ්වාසයි ඒක බොරුවක්. ...... දෙතුන් පාරක්ම දොරට තට්ටු කෙරැව එයා මම දොර ඇරපු තැන ඇතුලට ආවෙ ඇස් දෙකත් රතු කරගෙනමයි.......වැඩිම විනාඩි යක් දෙකක් එයා මන්දිහා බලන් ඉන්න ඇති මාව එයාගෙ අත් දෙකට තද වුණා. ........ වචනයක්වත් මට කියන්න නොතියම එයා ඉස්සර උනා......

" කොහොමද තුවාල වුනේ. .... .... ඒක නිසා නේද මම ගත්ත වීඩියෝ කෝල් එක කට්කරේ ........මම නාවනම් නොකියම ඉන්නවනෙ...... "

" කිව්වෙ නැත්තෙ කලබල වෙයි කියල..... ලොකුවට තුවාලයක් නෑ...... "

"මොකද වුනේ දැන්වත් කියන්න මැණික. ..... "

" මම බුක් ෂොප් එකට ගිහින් එද්දී වැරදිලා කා එකක හැප්පෙන්න ගියා ..... අහකට පැන්න පාර ලයිට් කණුවක ඔලුව වැදුන. එච්චරයි ..... ...... "

.. තාමත් මාව ඒ පපුවට තුරැල් කරන් උන්න එයා මගෙ කණ ගාවට වෙලා හිමින් මුමුණන්න ගත්ත.....

" දන්නවද මැණික මම ආවෙ උඹව බලන්න ඕන නිසා ....... මම හතර පස් ගමනක්ම අක්කට කතා කරත් උඹ ගෙදර නොහිටිය තැන මගෙ හිතට මහ අමුතු බයක් දැනුන මැණික. ....... ඊටත් පස්සේ මම මගදි කෝල් එකක් ගත්ත වෙලාවෙ උඹ හොදින් ද කියල ඇහුවම අක්කගෙ කටහඩත් එක්ක අමුතු උනා....... මං දන්නව ඒකි කීයටවත් මට කියන්නෑ කියල .......... "

ආදරේ නොකිය ආදරේ දෙන ඒ හිත රිද්දනවට මම මටම හිතින් බැන ගත්තා....... ඇත්තටම අපේ කතාවට මොනවගේ අවසානයක් තියේවිද රත්තරන්. ... එයාගෙ පපුවට තවත් මාව තද වෙද්දී කණුවෙ වැදිල වේදනා දුන්න මගෙ අත ඇදුම් කෑවත් ඊට වැඩිය ඒ උනුසුමට වෙලා ඉන්න තිබුන ආසාවටම වේදනාව දරන් මම එහෙමම උන්න. ..... ඒත් ට්කවෙලාවයි. ... ..... එයාගෙ අත මගෙ උරහිසේ එකසැරේම තදවුනපාර මට නිකන්ම කෙදිරි ගෑවුන.....

" ආ...හ්ව්...... "

"මොකද වුනේ මැණික............ තව කොහෙද තුවාල වුනේ. ....... "

"කොහෙවත්නෑ....ඒක ...මේ .... පොඩි තැලීමක් විතරයි..... "

" ෂර්ට් එක ගලවන්න ..... "

" මො...ක..ක්ද ..... "

" මොකද නිකන් ...... ඔහොම බලන්නෙ ...... හනිමූන් යන්න නෙමේ......ඒවට තව කල් තියෙනවා. ...... "

මගෙ මූලු මූණම රතුම රතු වෙන්න තත්පරයක් යන්න ඇති..... ..... ලැජ්ජවෙන්න . අඩන්න. හිනාවෙන්න. කේන්ති ගන්න. මේ හැමදේම නිදහසේ වින්දෙ ඔය ඇස් දෙක ගාවදි විතරමයි මන්...... ඇත්තටම ඔයාගෙ වෙන්න මට නොහිතුනු දවසක් නැතිතරම් . ............. එහෙම දවසක් අපිට උදාවෙනවනම්....... කවදම හරි අපිට අපේම වෙන්න පුලුවන්නම් ......
මට නැතිවුනත් කවදමහරි ඔයා වෙන කෙනෙක්ගෙ වේවි .....ඒ ආදරේ විදීවි නේද......

" විහිලුවට කීවෙ මැණික. ...... කවුද දන්නේ උඹ මගේම වෙයිද කියලා. ..... ?"

මගෙන් කිසිම දෙයක් පිටනොවුනු තැන එයාම කතා කරන්න ගත්තා... ..... ඒත් ඒ කටහඩ බාල වෙලා. .......

"අයිතියක් නොදුන්න දේකට කොහොමද ඔහොම ආදරේ දෙන්න පුරැදු වුනේ...... "

" මම ආදරේ කරන්නෙ අයිතියක් බලාගෙන නොවෙන නිසා........ආදරේ කියන්නෙ අයිතිකරගැනීමක්ම නොවෙන නිසා....... මම උඹට ආදරෙයි මැණික ..... ඒත් ඒ ආදරේ බලෙන් ලබාගන්න මට බෑ වගේම ඔය හිතෙන් ආදරේ වෙනකෙනෙක්ට බලෙන් දෙන්නත් බෑ..... "

ආදරේ කර කරත් ඒ ආදරේ හිතට විතරක් සීමා කරන් ඉන්න එක තරම් අමාරැදෙයක් තවත් නෑ........ තමන් ආදරේ කරන කෙනාගේ ආදරේ හදවතේ ගැඹුරටම දැනෙන වාරයක් වාරයක් පාසා තමන්ගෙ ආදරේ කියාගන්න බැරැව තමන් මැරි මැරී උපදිනව..... ඒ හැගීම කාටවත් දැනෙන්න හොදනෑ. ......

"කෝ එන්න. ...... මෙතනින් ඇවිත් ඉදගන්න...... "

මම ඉදගත්ත. .....අණට කීකරැ වුන දරැවෙක් වගේ එයා කියන දේ කරා....... මගෙ කමිසෙ බොත්තන් ටික එකින් එක එයා අතින්ම ගැලවිලා ගියා...... මගෙ හිත නොසන්සුන් වෙද්දී එයා ගොඩක් සන්සුන්ව මගෙ උරහිසේ රිදුම්දෙන තැන බේත් ගාන්න ගත්ත. ....... ...... එයා අතින්ම ගැලවුන ෂර්ට් එක ඒ අතින්ම මගෙ ඇගට ඇන්දුනා වගේම මොකුත් නොකියම යන්න හැදුව එයා ආපහු ඇවිත් මගෙ නලලට මෘදු හාදුවක් තිබ්බ. .......
තත්පර කිහිපයකට මගෙ හදවත නතර වුනා.......

තුවාලෙට වඩා හිත රිදුම් දෙද්දී නිදා ගන්න මම උපරිම උත්සාහයක් දරැව...... අහලකටවත් ආවෙ නැති නින්ද නිසාම මම ජනෙල් පියන් ඇරියෙ අහසටම එලිය දෙන හද දිහා බලන්න........ හද හරි ලස්සනයි හැමෝම කියනව ...... ඒත් ඒ හදටත් එලිය දෙන්නෙ දවල්ට පායන ඒ හිරැ නෙමෙයි ද........ එහෙම බැලුවම මගේ ලෝකෙ ඉරත් හදත් යන දෙකම ඔයා....මොකද ඔයාට පුළුවන් උනා හදක් වගේ සීතල අරන් ඇවිලෙන මගෙ හිත නිවන්න. ......... ඔයාට පුළුවන් උනා කලුවර මගෙ ලෝකෙට ඉරක් වෙලා එලිය දෙන්න.......

ආපහු ඇතුලට යන්න යද්දි තමා මම දැක්කේ ගේ දිහා බලන් උන්න කා එකක් වේගෙන් හරවන් යන්න ගියා. ..... ඒ කා එක ...... ඔව් .....මේ ඒකම තමා....... සැකයක් නෑ......... පාරෙ දිගේ වැටිල තිබුනු ලයිට් එලියෙන් පෙනුන කා එක නොපෙනීම යන්න ගියා ...... මම අද බුක් ෂොප් එකෙන් එලියට එද්දී මාව හප්පන්න හැදුව කා එක....... එතකොට ඒක අහම්බයක් නෙමේ....... ඒ කා එක මාව ඇක්සිඩන්ට් කරන්නම ආව එකක් ...... මේ හැමදේම දැන් ගොඩක් දුර දිග ගිහින් කියල තේරැනේ උන් මාව හොයාගෙන මෙහාටම ඇවිත් නිසා. .......

"දෙයියනේ උන් මෙතන කියන්නෙ...... මම ඉන්නේ සුරේන් අංකල්ගේ ගෙදර කියල උන් දන්නව කියන එක නේද. ..... ....... දැන් මගේ විතරක් නෙමේ එයාලගෙ ජීවිතෙත් අනතුරේ.... මම නිසා....... "

*********"


😊 උදාවෙන නව වසර සියලු දෙනාටම නිදුක් නිරෝගී බව පිරි ....සතුට ඉතිරෙන හිනාව සපිරි ආර්ථිකය ශක්‌තිමත් සුභම සුභ   නව වසරක් වේවා. .......!  Wish you Happy newyer 2023!!!!!!!

😁 හායි ලමායි. .....ඕතරිය අද රෑ වෙලා දැම්මේ ඕන්.....

Continue Reading

You'll Also Like

470K 31.7K 47
♮Idol au ♮"I don't think I can do it." "Of course you can, I believe in you. Don't worry, okay? I'll be right here backstage fo...
Cry-Baby By Criss

Teen Fiction

3.2M 103K 30
I wiped my eyes once again to see deep piercing green ones looking down at me. More tears came as I saw the root of my anger, and I stood up pushing...
1.3M 58.9K 105
Maddison Sloan starts her residency at Seattle Grace Hospital and runs into old faces and new friends. "Ugh, men are idiots." OC x OC
328K 9.8K 105
Daphne Bridgerton might have been the 1813 debutant diamond, but she wasn't the only miss to stand out that season. Behind her was a close second, he...