Love In My Heart ( Complet...

By kidurangana

33.5K 6.2K 775

සත්තයි , වසන්තය නැවත ඔබ සොයා එනවාමයි. More

චරිත හැදින්වීම.
chapter 01
chapter 02
chapter 03
chapter 04
chapter 05
chapter 06
chapter 07
chapter 08
chapter 09
chapter 10
chapter 11
chapter 12
chapter 13
chapter 14
chapter 15
chapter 16
chapter 17
chapter 18
chapter 19
chapter 20
chapter 21
chapter 22
chapter 23 * ( bonus )
chapter 24
chapter 25
chapter 26
chapter 27
chapter 28
chapter 29
chapter 30
chapter 31
chapter 32
chapter 33
chapter 34
chapter 36
chapter 37
chapter 38
chapter 39
chapter 40
chapter 41
chapter 42
chapter 43
chapter 44
chapter 45
chapter 46
chapter 47
chapter 48
chapter 49
chapter 50

chapter 35

480 116 11
By kidurangana

මෙය මාගේ මනඃකල්පිතයක් පමණි. සැබෑ ජීවිතයේ අයවලුන් හා ඒහා සබැදි ස්ථාන මෙම කථාංගයට කිසිදු සබදතාවක් නොමැති බැවින් ඒවා සම්බන්ධ කර නොගන්න.

ඔක්කොටම කලින් කියන්නකො ගුණසේන අංකල් ඒ වාහනේ නම්බර් එක දැක්කද.......... "

" අනේ චූටි මහත්තයො........ චූටි මහත්තයා බිම වැටුන දැක්කම හදිස්සියට මට ඒකත් බලන්න බැරිව ගියානෙ....... "

" හරි කමක් නෑ ...... යමු..... ගෙදර....."

" අපි මෙහෙමම යමින් ගමන් බෙහෙතුත් දාගෙන යමු නේද චූටි මහත්තයො. ...... නැත්තන් මට ලොකු මහත්තයගෙන් බැනුම් තමා අහන්න වෙන්නේ. ....... "

" හ්ම්ම්ම්. ........ "


රිදෙන තුවාලෙට වඩා මගෙ හිතේ තිබුනෙ මම නිසා සුරේන් අංකල්ගේ පවුලෙ අයටත් අනතුරක් වෙයි කියන බයක්. ....... ඒත් ඒ ඇක්සිඩන්ට් එක වැරදීමක්නම් ..... ඒ හිටියෙ උන් නෙමෙයිනම්....... මම බොරැවට කලබල උනාද මන්ද. ...... කොහොමත් ඉක්මනට ම ඒ සාක්ෂිය මම හොයාගන්න ඕන. .......


*************************************



මම යද්දී කේශාන් අයියයි නෙතූ අක්කයි දෙන්න වගේම සුරේන් අංකල්ගේ වයසම වගේ තවත් මනුස්සයෙකුයි ගෑනු කෙනෙකුයිත් ඉස්සරහ වාඩිවෙලා උන්නා. ...... මේ ඉන්නෙ කේශාන් අයියගෙ අම්මයි තාත්තයි වෙන්න ඇති. ...... අංකලුයි ආන්ටියි දෙන්නම මාව දැකල කලබල වුනේ මගෙ නලලෙ බැන්ඩේජ් කරල තිබුන නිසා කියල මට හොදටම තේරැන .......


" පුතා මොකද වුනේ දරැවො "

" සුරේ බලන්නකෝ ........මේ ... අනෙ මගෙ දරැවා... තුවාලත් වෙලා ...... මොකද වුනේ දරැවො කියන්නකො .....අපිව කලබල නොකර ...... "

ආන්ටිගෙ කටින් පිටවුන ඒ වචන ටික ගෙනාවෙ මට පුදුම සතුටක්. .....මම එයාගෙ දරැවෙක් නොවුනත් ඒ කටින් පිටවුන මගෙ දරැව කියන වචනෙ ඇතුලෙ තිබුන ආදරේ මම උපරිම මේ වෙලාවේ වින්ද. ...... එක අතකට තුවාල උන එකත් හොදද මන්ද කියල මට හිතුන ......

" ලොකු තුවාලයක් නෙමේ ආන්ටි ....... කලබල වෙන්න එපා. ... මේ පුංචි ඇක්සිඩන්ට් එකක්. ....... මම පස්සෙ විස්තරේ කියන්නම්කො. ...... අංකල් දැන් බිසීනෙ ..... ගෙස්ට්ලත් ඇවිල්ල..... ඒ නිසා ..... පස්සේ මේ ගැන කතා කරමු..... මම රෑම් එකට යන්නම්........ "

" හරි...පුතා....හරි....... පුතා එහෙනම් රෑම් එකට ගිහින් රෙස්ට් කරන්නකෝ...... "

" එහෙනම් සුරේන් අපි ලබන මාසෙ අන්තිමට වගේ මේ දෙන්නගෙ එන්ගේජ්මන්ට් කරමු නේද ...... මහේන්ද්‍ර උනත් හරි කැමැත්තෙන් ඉන්නෙ නීශා දුවත් ඉක්මනට කවීෂ පුතාව මැරිකරනවට........... මොකද කියන්නේ මුලින්ම මේ ජෝඩු දෙකම එකට එන්ගේජ් කරවලා පස්සෙ හෙමීට කසාදෙ කරමුද....... "

"ඒ ගැන ඉතින් මහේන්ද්‍රගෙනුත් අහල බලල තමා තීරණයක් ගන්න ඕන ..... කොහොමත් මට පුතා එක්කත් මේ ගැන ටිකක් කතා කරල බලන්න ඕන... කොල්ලගෙ ස්ටඩීස් තාම ඉවරත් නෑනෙ...... "

පඩිපෙල මගක් යද්දී මට ඒ ඇහුන කතාවෙන් මම එකතැනම ගල්වුණා වගේ දැනුන. ........ එයාගෙ එන්ගේජ්මන්ට් එක............ඒ ආදරේ මගේ වෙන්නෑ කියලා කොච්චර කොහොම මම මටම කීව උනත්..... හිත හදාගන්න උත්සාහ කෙරැව උනත් මගේ ඉස්සරහදිම ඒ ආදරේ වෙන කෙනෙක්ගෙ වෙනව බලන්න පුළුවන් තරම් ශක්තියක් මට නෑ....... කොහොමවත් නෑ........

මම රෑම් එකට ඇවිත් ෆෝන් එක චාජරේට ගහල ඇග පොඩ්ඩක් හෝදගෙන ඇවිත් පෝන් එක ඔන් කරේ හිතේ තියෙන හැම බරක්ම අඩු කරගන්න හිතාන සින්දුවක් අහන්න හිතන් උනත් ඒකෙන් වුනේ මගේ හිතේ බර තවත් වැඩි වුන එක .......


" මිස් කෝල් විසි එකක්. .... මැසේජ් හතක් ."

මගෙ පොන් එකට එයාගෙන් ඇවිත් තිබුන මැසේජ් එකින් එක මම කියවන්න ගත්ත. .........

" සුදු මැණික ඔයා දැන් ලෙක්චර්ස් එකක වෙන්න ඇති. ...... මම කෝල් කරා ඒත් පෝන් එක ආන්සර් කරේ නෑ..... ඩැඩීගෙ වැඩකට මම කලම්බු වල තියෙන හෙඩ් ඔෆිස් එකට යන්න වුනා. අනිද්ද වෙද්දී මට එන්න පුළුවන් වේවි...... ඉතින් යන්න කලින් ඔය කටහඩ පොඩ්ඩක් අහන්න ඕනවුනා...... මම ගිය ගමන් ගන්නම් ..... පරිස්සමින් ඉන්න. ..බුදු සරණයි මගෙ මැණිකට. .... "

" ඇයි තාම පෝන් එක ආන්ස්වර් නොකරන්නෙ? මම හොටෙල් එකට ඇවිත් දැන් ටිකක් වෙලා ..... සුදු මැණික ලන්ච් එක ගත්තද...... ලෙක්චර්ස් ඉවරනම් මට කෝල් එකක් ගන්න. ......."

" මොකද වෙලා තියෙන්නේ. ...... එදා වගේ පෝන් එක ගෙදර දාල ගියාද පණ්ඩිතය ......
කරදරයක් නෑනේද ....පොන් එක උස්සන්නෙ නැත්තෙ ඇයි ....."

" මම අක්කටත් ගත්ත ....... ඇයි පෝන් එක උස්සන්නැත්තෙ ........ මොකක් හරි ප්‍රශ්නයක් ද. ..... "

" අක්ක කීව ඔයා තාම ගෙදර ආවෙ නෑ කියලා. ........ මගෙ හිතට මහ අමුතු බයක් දැනුනෙනව සුදු මැණික. ........ ඉන්න තැනකින් පරිස්සමට ගෙදර යන්න. .... "

අන්තිමට එයා
" මට මේ ගමන නොයා ඉන්න තිබුන.... " කියල මැසේජ් එකක් දාලා තිබුන....... මං ගැන හිතන ඒ හිත රිද්දන්න මට හීනෙකින්වත් ඕන කමක් නෑ..... ..... කොල් කෙරැව ගමන් මට බනින බව දැන දැන උනත් මම කෝල් කරා. ... ඇත්තටම ඒ කටහඩ අහන්න එයාට විතරක් නෙමේ මටත් ඕන වුණා. .. ........

" හෙලෝ..... "

මම ගත්ත කෝල් එක කට් වුනා වගේම විනාඩියක් යන්නත් කලින් ඒ වෙනුවට වීඩියෝ කෝල් එකක් ආව . ......... ඒත් ඒ වෙනුවට මම කරේ ඒ වීඩියෝ කෝල් එක කට් කෙරැව එක . ....... ඒක වැරදියි කියල හොදටම දැන දැන උනත් මම එහෙම කරා........ කොහොමත් මේ වීඩියෝ කෝල් එක ආන්ස්වර් කෙරැව හැටියෙ එයා මගෙ තුවාලෙ දැකල කලබල වේවි ......
එහෙම නොවෙන එක තමා මේ මට ඕන උන එකම දේ.....ආයෙමත් එයාට කෝල් එකක් විතරක් ගත්ත . නිකන්ම නිකන් කෝල් එකක්. ..... .....

" සුදු මැණික. ............ මට උඹෙ මූණවත් බලන්න දෙන්න බැරිද මැණික. ........... "

" මට සමාවෙන්න ..... කෝල් එකක් ගන්න බැරි වුනේ පෝන් එකේ බැට්රි බැහැල තිබුනෙ ඒක නිසා....... මේ දැන් ආව විතරයි....... "

"කමක් නෑ මැනික ඔයා පරිස්සමින්නම් මට ඒ ඇති....... ඒත් මට දැනෙනව මොකක් හරි උඹ මගෙන් හංගනව කියල...... ඒක එහෙම නේද.......... හරි කමක් නෑ ...මම ඇවිත් බලන්නම්කො...... තියනව මම දැන් ඩ්‍රයිව් කරන ගමන්........ පරිස්සමට ඉන්න. ..... "

" බුදු සරණයි ...... "

මේ මහ රෑ කොහෙද යන්නේ එයා..... තව ටිකකින් කෝල් එකක් අරන් අහනව..... කොහොම උනත් මටත් වඩා පරිස්සමට ඔයාගෙ වැඩ ටික කරගෙන එන්න ලැබෙන්න ඕන ....... කාමරේ දොරට තට්ටු කරන සද්දෙට මම ගිහින් දොර ඇරිය ......

"නෙතූ අක්කා....... "


" චූටි ....... ඔයා හොදින් ද බලන්න ආවෙ ...... ඔලුව කොහොමද දැන්. .... "

"ඒ හැටි අමාරැවක් නෑ අක්කෙ...... පොඩි තුවාලයක්. ....... "

" මොකද වුනේ චූටි ඇත්තටම ..... "

" බුක් ෂොප් එකට ගිහින් එද්දී කා එකක් මගෙ ඉස්සරහටම ආව ... බේරෙන්න මම අහකට පැන්න පාර නලල කණුවක වැදුන. .... එච්චරයි නෙතූ අක්කෙ .... කලබල වෙන්න දෙයක් නෑ. ......... "

"චූටි ඔයා නොදන්නවා වුනාට අපේක හය හත් ගමනකට වැඩිය මගෙන් කෝල් කර කරා ඔයා ගැන ඇහුව...... ..... පව් කොල්ල හොදටම බය වෙලා....... මන් දන්නනෑ චූටි ඔයාගෙ හිතේ මොනවගේ හැගීමක් මගෙ මල්ලි ගැන තියෙනවද කියල...... ඒත් ඌ ඔයාට පණ ඇරල...... මම කවදාවත් හිතුවෙ නෑ මගෙ මල්ලි ඔය තරම් කාටවත් ආදරේ කරයි කියල. ..... ...... ඇත්තටම ආදරේ කියන දේ තියෙන්නේ විදින්න මිසක් විදවන්න නෙමෙයි චූටි ....... ඒත් ගොඩක් අය ආදරේ කියන දේ නිසා විදවනව.....මම කැමති නෑ ඔය දෙන්නට එහෙම වෙනවට...... පිරිමියෙක් තවත් පිරිමියෙක්ට කරත් ආදරේ ආදරේමයි..... ආදරේට ගෑනු පිරිමි භේදයක් නෑ කියලා විතරක් මතක තියාගන්න. ....... මට කියන්න තියෙන්නේ අපේකගෙ ආදරේ ප්‍රතික්ශේප කරන එක නොකරන එක ඔයාට බාර දෙයක් ඒත් කවදාවත් ගෑනු පිරිමි කියන සාධකය කවදාවත් ආදරේදි මූලික කරගන්න එපා චූටි .... මම දන්නවා ඔයා එහෙම කරන එකක් නෑ කියල. ...... "


😊 ඕතරිය ඔන්න දුන්නෝ.......

😀 මගෙ followers ලට වගේම මගේ කතා කියවන ඔයාල හැමෝටම ස්තුතියි. ......






Continue Reading

You'll Also Like

959K 21.9K 49
In wich a one night stand turns out to be a lot more than that.
469K 31.6K 47
♮Idol au ♮"I don't think I can do it." "Of course you can, I believe in you. Don't worry, okay? I'll be right here backstage fo...
95.1K 3.7K 15
【 rewriting - on going 】 「 jjk x f!reader x kny 」 ╰┄➤ [Name] was a girl that got turned into a demon in the taisho era by the Lord Demon himself, Kib...