මේඝ | MEGHA || 𝒸ₒₘₚₗₑₜₑ𝒹

Yazwi_03

50.7K 6.5K 2.3K

❝ 𝐈 𝐋𝐎𝐕𝐄 𝐘𝐎𝐔 𝐌𝐎𝐑𝐄 𝐓𝐇𝐀𝐍 𝐈 𝐇𝐀𝐓𝐄 𝐄𝐕𝐄𝐑𝐘𝐎𝐍𝐄 𝐄𝐋𝐒𝐄..!! ❞ . . . "මිස්ටර් මේඝාදිත්‍ය... Еще

පළමු මේඝය
දෙවන මේඝය
තුන්වන මේඝය
හතරවන මේඝය
පස්වන මේඝය
හයවන මේඝය
හත්වන මේඝය
අටවන මේඝය
නවවන මේඝය
දහවන මේඝය
එකොළොස්වන මේඝය
දොළොස්වන මේඝය
දහතුන්වන මේඝය
බෝනස්...!!
දාහතරවන මේඝය
පහළොස්වන මේඝය
දහසයවන මේඝය
Character Introduction
දාහත්වන මේඝය
දහඅටවන මේඝය
දහනවවන මේඝය
විසිවන මේඝය
විසිඑක්වන මේඝය
SPECIAL
විසිදෙවන මේඝය
විසිතුන්වන මේඝය
විසිහතරවන මේඝය
විසිපස්වන මේඝය
විසිහයවන මේඝය
විසිහත්වන මේඝය
විසිනවවන මේඝය
තිස්වන මේඝය
තිස්එක්වන මේඝය
Q & A
තිස්දෙවන මේඝය
තිස්තුන්වන මේඝය
තිස්හතරවන මේඝය
තිස්පස්වන මේඝය
සමාප්තයි..!!
Special Chapter
Meme Collection
කළුකුමාර අඩවිය

විසිඅටවන මේඝය

1.1K 160 71
Yazwi_03

Once Upon a Time

මෙල්බර්න් නුවර වීදී හැම එකක්ම පාහේ තැඹිලි දුඹුරු පාටට හුරු මේපල් කොළවලින් වැහිලා ගිහින් තිබුණේ ඒ වෙනකොට ඒ ගතවෙන්නේ වසරේ සරත් සෘතුව කියලා හැමෝටම අඟවන්න උවමනාවට...

ටිකෙන් ටික පරිසරය සීතලට හැඩගැහෙමින් පවතිද්දි හරි හරියට හුළං ඒ මේ අත හමාගෙන ගියේ කොළ හැළුණු අතු එකිනෙක වද්දවමින් සර සර හඬක් ඇති කරන ගමන්මයි...

මේ අතර මෙල්බර්න් නුවර පාසලක පන්තිකාමරයක් ඉස්සරහා තමන්ගේ ගුරුතුමියට ටිකක් එහාට වෙන්න වයස අවුරුදු දහතුනක දාහතරක තරම් වයසැති පිරිමි ළමයෙක් හිටගෙන හිටියේ බිම බලාගෙන...

පන්තියේ හැමෝම අතරේ මේ නිහඬ ආගන්තුකයා ගැන එක එක කසුකුසු පැතිරෙද්දි එකම එක ඇස් දෙකක විතරක් අමුතු දිස්නයක් පැතිරෙන්න ගත්තා...

"කියුට්..."

ඒ දිලිසුණු ඇස්වල අයිතිකාරි හෙමීට මිමිණුනේ ලැජ්ජකාර කොල්ලා දිහා බලාගෙනමයි...

"හෙලෝ ගුඩ් මෝනින් ළමයි..."

"ගුඩ් මෝනින් ටීචර්... හව් ආර්.. යූ..."

"අම්.. ෆයින් මයි ඩියර් බේබීස්.. හවු අබවුට් යූ..."

"වී ආර් ෆයින් ටීචර්...."

මුළු පන්තියෙම ළමයි එක හඬින් කෑගහලා කියද්දි පවා අර දිලිසෙන ඇස්වල අයිතිකාරිගේ සිහිය තිබුණේ අලුත් පිරිමි ළමයා ළඟ...

සෝ අද වැඩ පටන් ගන්න කලින්... මට ඔයාලට අඳුන්වලා දෙන්න කෙනෙක් ඉන්නවා.. මේ ඉන්නේ අපේ ක්ලාස් එකට අලුතෙන්ම එකතු වෙන යාළුවා.. කේශර

"කේශර සේ හායි ටු යුවර් ෆ්‍රෙන්ඩ්ස්..."

ගුරුතුමියගේ අණකිරීමත් එක්කම කේශර ඔලුව උස්සලා මුළු පන්තිය දිහාම බැලුවත් ඒ මූණේ කිසිම හිනාවක් නම් පේන්න තිබුණේ නෑ...

"හෙ... හෙලෝ... අම්.. කේශර ප්‍රභූ මේඝාදිත්‍ය..  නයිස් ටු මීට් යූ ඕල්..."

ආමාරුවෙන් වචන කීපයක් ගැටගහගත්තු කොල්ලා ආයෙම බිම බලාගත්තා.. ඒ වෙද්දි මුළු පන්තියෙම ළමයි ඒ අමුතු විදියේ නම කියවගන්න බැරුව ලොකු අමාරුවක වැටිලා ඉදියේ...

"ගුඩ්.. නව් දිස් ඉස් යුවර් ටර්න් මයි ශුගර්ස්.. ඉන්ට්‍රොඩියුස් urselves ටු යුවර් ෆ්‍රෙන්ඩ්..."

පන්තියේ ළමයි කීප දෙනෙක් ගුරුතුමිය කියපු දේ වගේම ඒ අළුත් ළමයවත් සත පහකට ගණන් නොගෙන තමන්ගේ එක එක වැඩවලට යොමු වෙද්දි ළමයි කීප දෙනෙක් මේඝ එක්ක හිනා වුණා... ඒත් මේඝගෙන් එයාලට සිනහවකින් නම් ප්‍රතිචාරයක් ලැබුණේ නෑ..

"හෙලෝ මේඝ.. අම්... සොෆී"

"හෙ....ලෝ...."

"හායි බ්‍රෝ... අම්... ඇරොන්..."

"හා...යි..."

"හෙලෝව්.. අම්... ලිලී.."

"හෙලෝ.."

පන්තියේ කීප දෙනෙක්ම මේඝට තම තමන්ව හඳුන්වලා දුන්නේ සිනහමුසු මුහුනින්.. ඒත් මේඝගේ මූණේ වගේම කටහඬෙත් ගැබ් වෙලා තිබුණේ ලොකු චකිතයක්... මෙච්චර කල් ගෙවපු ජීවිතේ තිබුණ පීඩනයත් එක්ක මේඝ බයයි අලුතෙන් මිනිස්සුන්ව අඳුන ගන්න.. කොටින්ම මේඝට මිනිස්සුන්ව හුරු නෑ...

"හෙලෝ මේඝ.... මම විහඟි..."

පන්තියේ අන්තිම පේළියේ වාඩිවෙලා මෙච්චර වෙලාවක් දිලිසෙන ඇස්වලින් මේඝ දිහා බලාගෙන හිටපු ඒ දිලිසෙන ඇස්වල අයිතිකාරි නැගිටලා සිංහලෙන්ම තමන්ව මේඝට අඳුන්වලා දුන්නේ අනික් අය මූණට මූණ බලාගනිද්දි...

මේඝත් අනික් හැමෝටම වඩා උනන්දුවෙන් ඒ කටහඬේ අයිතිකාරයා දිහා බැලුවේ තවත් සිංහල කෙනෙක් මේ පන්තියේ ඉන්න එක ගැන හිතින් ටිකක් සතුටු වෙන ගමන්...

"ඔයා ලංකාවෙන් නේද..."

විහඟි ඒ ප්‍රශ්නෙත් මේඝගෙන් ඇහුවේ සිංහලෙන්.. වටේ ළමයි ඔක්කොම ෆුල් හොල්මන්...

මේඝ මොකුත් නොකිය ඔලුව ඉහළ පහළ කලේ ඔව් කියන අදහසින්...

"මාත් ලංකාවෙන්.. ඔයාට පුළුවන් මගේ ළඟින් වාඩි වෙන්න..."

යුගල ඩෙස් පේළියේ තමන් ළඟ හිස් වෙලා තිබුණු ඩෙස්ක් එක පෙන්නන ගමන් විහඟි කිව්වේ හිනා වෙවීමයි..

ඒත් මේඝට එතනින් ම වාඩි වෙන්න වුවමනාවක් තිබුණේ නෑ..එයාට ඕන උනේ මේ හැමෝගෙන්ම හැංගෙන්න.. තමන්ව කන්න වගේ බලාගෙන ඉන්න හැම ඇස් දෙකක් ළඟින්ම ඈතට පැනලා යන්න...

මේඝ අසරණ ඇස්වලින් තමන්ගේ ගුරුතුමිය දිහා බැලුවේ ඇයගේ අදහස දැනගන්න වගේ....

"ගෝ.. කේශර.. ගෝ ඇන්ඩ් සිට් විත් හර්... ශී ඉස් අ ගුඩ් ගර්ල්.... ගෝ..."

මේඝගේ පිටටත් තට්ටුවක් දානගමන් ගුරුතුමිය කියද්දි මේඝට වෙන කරන්න දෙයක් තිබුණේ නෑ.. කොල්ලා කරේ එල්ලන් ඉඳපු බෑග් එකේ පටි දෙක හයියෙන් අත් දෙකෙන්ම තද කරලා අල්ලගෙන බිම බලාගෙනම ගිහින් විහඟි ගාවින් වාඩි වුණේ ගුරුතුමිය පාඩමට සූදානම් වෙද්දි....

"වයි ඉස් හී සෝ කියුට්..."

ඩෙස්ක් එකට වැලමිට ගහගෙන ඒ උඩින් මූණ තියාගෙන එක දිගට මේඝගේ හැම හැසිරීමක්ම බලාගෙන හිටපු විහඟි තනියම මිමිණුවා...

"මාත් මෙච්චර දවස් ඉදියේ තනියම.. ඔයාට පුළුවන් මගේ ඩෙස්ක් මේට් වෙන්න... ඔයා කැමතිද..."

බෑග් එකට ඔලුව ඔබාගෙන බෑග් එකෙන් පොත් එළියට ගනිමින් ඉඳපු මේඝ දිහා බලාගෙනම විහඟි කියෙව්වත් මේඝ ඒ ගැන අවධානේ දුන්නේ නෑ...

"මොකද කියන්නේ ඔයා මගේ ඩෙස්ක්මේට් වෙනවද..."

මේඝගේ ඩෙස්ක් එකේ බාගයක්ම අත්පත් කරගෙන මේඝගේ මූණට එබීගෙනම විහඟි අහද්දි එයාට තවත් ඒ දිලිසෙන ඇස් මග අරින්න බැරි වුණා...

"හා..."

"ඒ කියන්නේ ඔයා අද ඉදන් මගේ ඩෙස්ක්මේට්... හරි නේ.. මගේ ඩෙස්ක්මේට් විතරමයි.. වෙන කාගෙවත් නෙමෙයි...."

ඩෙස්ක් එකටත් පාරක් ගහන ගමන් විහඟි සතුටෙන් කෑගැහුවා...

"විහඟි.. වට් ආර් යූ ඩුයින්... පොත් ගන්න ඉක්මනට..."

ගුරුතුමියගේ අණකිරීමත් එක්කම විහඟි ඕනවට එපාවට වගේ බෑග් එකෙන් පොත් දෙක තුනක් ඇදලා ගත්තත් එයාගේ මුළු ඔලුව පුරාම ඒ වෙලාවේ කැරකුණේ මේඝ විතරමයි....

පාසල් කාලය දවසෙන් දවස ගත වෙද්දි විහඟි හැමදාම ඉදියේ මේඝගේ ළඟින්මයි.. හරියට නැට්ට වගේ.. විහඟිට වෙන කිසිම යාළුවෙක් නොහිටපු හින්දා විහඟි හැම තිස්සේම කරේ කොහේ ගියත් මේඝගේ පස්සෙන් ඇවිදින එක...

ඒක වෙලාවකට කොල්ලට කරදරයත් වුණත්.. ඇත්තෙන්ම හැම වෙලාවකම කරදරයක් වුණත් එයාගේ අඩුවෙන් වචන භාවිතා කිරීම හින්දා මේඝට විහඟිට මොකුත් කියන්න පුළුවන් කමක් තිබුණේ නෑ...

"හේයි..මේඝ.. විල් යූ කම් ටු ප්ලේ විත් අස්.. "

බෝලයක් කරකවමින් ආපු පිරිමි ළමයෙක් මේඝගේ උරහිසට අතක් තියමින් ඇහුවා.. ලංකාවෙදි නම් අනික් ළමයින්ව මේ වගේ සෙල්ලම් කරන්න එක්කගෙන යන්නේ මේඝ ඒත් හැමදේම දැන් වෙනස් වෙලා...

"නෑ එයා කොහෙවත් යන්නේ නෑ..."

එකපාරටම මේඝගේ එහාපැත්තේ ඉඳපු විහඟි යටි ගිරියෙන් කෑගහන්න ගත්තා...

"ඕහ් මොන්ස්ටර් සික්ස් ස්ටුපිඩ් ගර්ල්.. අපි තමුන්ගෙන් ඇහුවේ නෑනේ අපි ඇහුවේ අපේ යාළුවගෙන්.. අනුන්ගේ කෝප්ප හෝදන්නේ නැතුව ඉන්නවද..."

මේඝගේ කර වටේ අත යවන ගමන් ඒ පිරිමි ළමයා විහඟිව නෝණ්ඩි කළා...

අපේ යාළුවා.. ඌ මේඝට අපේ යාළුවා කිව්වා.. මේඝ මගේ... මේඝ මගේ විතරයි....

විහඟි හිතින් හිතන ගමන් මේඝ දිහා බැලුවේ එයාගේ රියැක්ශන් එක බලාගන්න....

"මොකද කියන්නේ යමුද..."

බෝලේ අතේ තිබුණු කොල්ලා ආයෙම ඇහුවා..

"යන්..."

එහෙම කියාගෙනම මේඝ පුටුවෙන් නැගිට්ටා...

"නෝ මේඝ යූ කාන්ට් ගෝ.. ඔයා ඉන්න ඕන මෙතන මාත් එක්ක.. යූ කාන්ට් ගෝ...."

මේඝගේ අතින් අල්ලගෙන විහඟි එහෙම කියද්දි මේඝට දැනුනේ නොරිස්සුමක්.. කිසි කෙනෙක් තමන්ව නවත්තනවට කොටු කරගන්නටව මේඝ පොඩ්ඩක්වත් කැමති වුණේ නෑ... ඒත් විහඟිව තරහා කරගන්න ඕන නැති නිසා මේඝ හෙමීට විහඟිගේ අත තමන්ගේ අත උඩින් අයින් කළා...

"අයි'ල් කම් සූන්..."

එහෙම කියලා මේඝ විහඟිට මොකුත් කියන්න ඉඩ නොදීම අනික් පිරිමි ළමයිත් එක්ක එළියට ගියා.. ඒත් විහඟි හිටියේ හොඳින් නෙමෙයි....

මේඝ ඉන්නේ මාත් එක්ක විතරයි.. එයාට ඉන්න පුළුවන් මාත් එක්ක විතරයි... මේඝ මගේ....

හිතින් කියවන ගමන් විහඟි අත මිට මොළවලා ඩෙස්ක් එකට පාරක් ගැහුවේ මුළු පන්තියේම ළමයි එහා දිහා හැරිලා බලද්දි....

ඔය විදියට පාසලේ එක වාරයක්ම ගෙවිලා ගියේ..විහඟි මේඝට ළං වෙන එක තව තව වැඩි කරමින්.. ඒත් මේඝට ඒක මහ හිසරදයක්.. එයා පුළුවන් හැම වෙලාවකම උත්සාහ කළේ විහඟිව මග අරින්න.. ඒත් විහඟිත් එක්ක ඒක ලේසි වුණේ නෑ...

මේඝගේ හැසිරීම එන්න එන්න ඩිවලොප් වුණේ පාසලෙන් ලැබුණු යහපත් පරිසරය නිසාමයි.. මේඝගේ අම්මා තාත්තා වගේම එයාගේ වෛද්‍යවරයත් ඒ ගැන සෑහෙන සතුටෙන් ඉදියේ.. මොකද ඒක එයාලට ලොකු සහනයක්..

බිම බලාගෙන මුල්ලකට වෙලා තනියම කිසි කෙනෙක් එක්ක කතාවක් බහක් නැතුව ගත කරපු කොල්ලා ටිකෙන් ටික පන්තියේ ළමයි එක්ක කතා කරන්න සෙල්ලම් කරන්න අලුත් යාළුවෝ අඳුන ගන්න පටන් ගත්තාම එයාගේ මානසික තත්ත්වය එන්න එන්න හොඳ අතට හැරෙනවා කියලා හැමෝටම තේරුනා...

ඒත් හැමදේම හොඳින් සිද්ද වෙද්දි විහඟි හිටියේ මේඝ නිසා පිස්සු වැටිලා කිව්වොත් හරි.. මොන හේතුවක් හින්දද කියලා හිතාගන්න බැරි වුණත් හිතාගන්නවත් බැරි විදියට විහඟි මේඝට බැඳිලා හිටියේ...

"අද මේඝ ඇවිත් නෑනේද..."

විහඟි වාඩිවෙලා හිටපු තැනට ටිකක් එහයින් එකතු වුණු කොල්ලො ටිකක් කියවන්න ගත්තා...

"ඔව්... පවුලේ අය එක්ක පික්නික් එකක් යනවා කියලා මට ඊයේ කිව්වා..."

මගේ මේඝ ඌට එහෙම කියලා.. ඒත් ඇයි මේඝ මට ඒක කිව්වේ නැත්තේ....

කට පියාගෙන ඒ පිරිමි ළමයි කියන දේවල් අහගෙන විහඟි අතේ තිබුණු පැන්සල තමන්ගේ ඇඟිලිවලින් තද කරගත්තා...

"මන් යන්න ඉන්නේ අද මේඝගේ ගෙවල් පැත්තේ.. අපේ මාම්ගේ යාළුවෙක් නේ ඒ ආන්ටි... එනවනම් යන්..."

මගේ මේඝගේ ගෙදර යන්න... එහෙම කොහොමද... මේඝගේ ළඟින් ඉන්නේ මන් විතරයි... මේඝ මගේ... මගේ විතරයි...

විහඟිගේ ඇඟිලි අතට හිරවෙලා තිබුණ පැන්සල දෙකට කැඩිලා ගියේ ඒතරම් තදින් විහඟි පැන්සල අල්ලගෙන හිටපු නිසා....

"මේඝ.. ඇයි ඔයා මට ඔයාගේ ගෙදර එන්න කියන්නේ නැත්තේ මන් එන්නද..."

මේඝ ඉස්කෝලේ ආපු ඊළඟ දවසේ උදේම විහඟි මේඝව අල්ලගත්තා...

"ඇයි ඔයා එන්නේ..."

"ඔයා මගෙ.... නෑ අයි මීන් මන් ඔයාගේ යාළුවෙක් හින්දා..."

"යාළුවෙක් වුණාම ගෙදර එන්න ඕනද..."

"ඔව්.. එහෙනම් ඇයි ඔයා අර ඇරොන්ට එන්න කිව්වේ..."

"මන් නෙමෙයි අම්මා..."

"එහෙනම් ඔයා අම්මට මාව අඳුන්වලා දෙන්න..."

"ඕන නෑ..."

"ඇයි ඕන නැත්තේ...."

"ඕන නැත්තේ ඕන නැති නිසා..."

එකපිට එක ප්‍රශ්න අහන එක වදයක් වුණ නිසා මේඝ ඩෙස්ක් එකට අත් දෙකෙන්ම ගහලා ක්ලාස් එකෙන් එළියට ගියා...

මේඝට තරහා ගිහින්.. මගේ මේඝට තරහා ගිහින්...

පන්තිය පටන් ගන්න විනාඩි ගාණක් තියලා ක්ලාස් එකට ආපු මේඝ විහඟි ළඟින් වාඩි වෙද්දි විහඟිගේ ඇස් තිබුණේ දාඩිය බිංදු දෙක තුන බේරෙන මේඝගේ සිනිඳු කොණ්ඩේ ළඟ...

මේඝ මන් නැතුව සෙල්ලම් කරලා.. මගේ මේඝ මන් නැතුව හිනාවෙන්න ඇති... අයි'ල් කිල් දෙම්....

එහෙම හිතන ගමන් විහඟිගේ ඇස් මේඝගේ මුළු මූණ පුරාම දිව්වා.. නිකලැල් මුණ.. තද කළුපාට ඇස්... සෘජු නහය..සැරින් සැරේ දිවෙන් තෙත් වෙන තොල් දිහා විහඟි බලන් ඉදියේ වශී වෙලා වගේ...

මගේ.. මගේ.. මගේ... මගේ විතරමයි....

ඔය විදියට අවුරුද්දක්ම පන්තිය ඇතුළේ ගෙවිලා ගියේ මේඝගේ හැසිරීම බොහෝ දුරට යහපත් අතට හැරෙද්දී... ඒ අවුරුද්දේ  පාසලේ අන්තිම දවස නිසා හැම ළමයෙක්ගෙම පවුලේ අය එදා ඉස්කෝලෙට ඇවිත් ඉදියේ ළමයින්ගේ කොන්සර්ට් එක බලන්න....

පන්සිළු වගේම මේඝගේ අම්මා මල්ලි හැමෝම මේඝ එක්ක ඉස්කෝලේ පුරාම ඇවිදිද්දි විහඟිගේ ඇස් තිබුණේ මේඝ ළඟම විතරයි..

විහඟිට ඉවසන්න  බැරි වුණු අනිත් කාරණය තමයි කාටත් වඩා ළඟින් පන්සිළු මේඝ එක්ක කතා බහා කර කර හිනා වෙවී හිටපු එක.. වෙන කෙනෙක් එක්ක මේඝ හිනා වෙනවා දකිද්දි පවා විහඟිට දැනෙන්නේ ඉහිලුම් නොදෙන තරහවක්...

අයි'ල් කිල් දැට් bastard... හව් ඩෙයා හී... හව් ඩෙයා... එයා කොහොමත් මගේ මේඝ එක්ක ඔච්චර ළං වෙලා ඉන්නේ.. එයා කොහොමද මගේ මේඝ එක්ක ඔහොම හිනාවෙන්නේ.... එයා කොහොමද මගේ මේඝව අල්ලන්නේ...

අතේ ඇඟිලි මිටිමොළවගෙන විහඟි තමන්ගේ තරහ පිට කරද්දි මේඝගේ ක්ලාස් එකේ ළමයින්ට එයාලගේ ගුරුතුමියගෙන් ලැබුණු ඇමතුමක් නිසා හැමෝම තමන්ගේ පන්ති කාමරයට ගියා...

"මයි ශුගර්ස්...මන් ඊයේ ඔයාලට කිව්වනේ සිස්ටම් අප්ඩේට් එකක් කරන්න තියෙන නිසා ඔයාලගේ බර්ත් සටිෆිකර්ට්ස් අරන් එන්න කියලා කෝ ගෙනාවද.. ඒවා ගන්න එළියට..."

ගුරුතුමිය කියන පමාවට ළමයි හැමෝම වගේ තමන්ගේ බෑග් ඇතුළෙන් කොළයක් එළියට ඇදලා ගත්තා.. විහඟි මේඝ විතරක් නෙමෙයි පන්තියේ හැම ළමයෙක්ගෙම ඩෙස්ක් එක උඩ ඒ වෙද්දි බර්ත් සටිවිකර්ට් එකක් තිබුණා...

"මේඝ.. අපේ ඒවා ඔයාලගේ ඒවාට වඩා වෙනස්... ලෙට් මී ශෝ යූ..."

එහෙම කියලා මේඝගේ එහාපේළියේ ඉඳපු පිරිමි ළමයා මේඝගේ ඩෙස්ක් එක උඩ තිබුණු කොළේ ඇදලා ගන්න හැදුවත් විහඟි එකපාරටම ඒක නැවැත්තුවා...

ඌ කොහොමද මගේ මේඝගේ දේවල් අල්ලන්නේ....

එහෙම හිතන ගමන් විහඟි තද කරන් අල්ලන් හිටපු ඒ පිරිමි ළමයගේ අත තමන්ගේ දිග නියපොතුවලින් හූරලා දැම්මේ.. ඒ කොල්ලා වේදනාවෙන් අත අල්ලගනිද්දි...

"ආර් යූ ක්‍රේසි.. මගේ අත කන්න හදන්නේ පිස්සුද..."

වචනයක්වත් නොකිය කොණ්ඩෙත් ගස්සලා දාලා විහඟි මේඝගේ බර්ත් සටිෆිකර්ට් එක අරගෙන එයාගේ මේසේ උඩින් තියාගත්තා...

"විහඟි ඒක දෙන්න..."

"නෝ මේඝ.. මන් ඔයාගේ එක බලන්නම්.. ඔයා මගේ එක බලන්න..."

එහෙම කියලා විහඟි එයා ළඟ තිබුණු කොළේ මේඝගේ ඩෙස්ක් එක උඩින් තිබ්බා... ඒත් මේඝ ඒ දිහා බැලුවේ ඕනවට එපාවට වගේ...

ඇස් රෝල් කරලා කොළේ දිහා බලපු මේඝ ඕනවට එපාවට වගේ කොළේ දිගට ඇස් යවන්න ගත්තත්..

ඒ ඇස් එක තැනක නැවතුණා..

ජීවිතේ අහන්න දකින්න තියා.. එක විනාඩියකටවත් මතක් කරන්න කැමති නැති නමක් ලස්සනට ඒ කොළේ උඩ සටහන් වෙලා තිබුණම... මේඝට දැනුනේ පරණ සිද්ද වුණු හැමදේකම රිපීට් එකක් තමන්ගේ ඔළුවේ ප්ලේ වෙනවා වගෙයි...

"දේවප්‍රියගේ.... දුව.... ඔයා......!!"

මේඝ විහඟි දිහා බලාගෙන මිමුණුවා.. එයාට විහඟිගෙන් පෙනුනේ දේවප්‍රිය කියන පිස්සව.. ඒ නරුමයව.. අතීතේ වුණු හැම දේම ආයේ ආයේ මතක් වෙද්දි මේඝ හයියෙන් පුටුව පිටිපස්සට ඇදලා දාලා නැගිට්ටේ විහඟිගේ වගේම අනික් හැමෝගෙම අවධානේ මේඝට යොමු වෙද්දි...

"වට් හැපන් ශුගර්.. මොකක් හරි ප්‍රශ්....."

ගුරුතුමිය තමන්ගේ ප්‍රශ්නේ සම්පූර්ණ කරන්න කලින්ම මේඝ වේගයෙන් අඩි තියමින් පන්තියෙන් එළියට ගියා....

"ටිකක් ඉන්න ළමයි.."

අනික් ළමයින්ට එහෙම කියලා ගුරුතුමියත් මේඝගේ පස්සේ වැටුණා..

ඒ තමයි විහඟි වගේම ඒ පන්තියේ අනිත් ළමයිනුත් මේඝව දැකපු අන්තිම දවස.. එදයින් පස්සේ මේඝට වුණේ මොකක්ද කියලවත් එයා කොහෙද ගියේ කියන්නවත් ඒ පන්තියේ කිසි කෙනෙක්ට පුළුවන් කමක් තිබුණේ නෑ....

ඒත් ටික කාලයක් ගත වෙද්දි එයාලට දැනගන්න ලැබුණා හදිස්සියෙම මේඝගේ අම්මා එයාව වෙන පාසලකට මාරු කරලා කියලා...

⊙⊙⊙⊙⊙⊙⊙⊙⊙⊙⊙⊙⊙⊙⊙⊙⊙⊙⊙

හීතලේ ගැහි ගැහිම මන් උදේ පාන්දරම නැගිට්ටා කියලා හිතුවට නැගිටිද්දි දහයත් පහුවෙලා...

නැගිට්ට ගමන් මගේ ඔලුවට කඩන් පාත් වුණේ එකම දෙයයි. දැන් මන් කොහොමද අර කළුකුමාරයගේ මූණ බලන්නේ... මන් කොහොමද හැසිරෙන්න ඕන...මොකුත් දන්නැති විදියට වෙනදා වගේ ඉදියනම් හරි...

කොහොමත් වැරදිලාවත් මගෙන් අනුකම්පා සහගත බැල්මට් එකක් වැටුණොත් මට තමයි දෙයියන්ගේ කරුණාව වැටෙන්න ඕන...

මන් එහෙම හිත හිත ස්වෙටර් එකත් ඇඟට තව තද කරගෙන ඇඳෙන් බැහැලා ගියේ.. මගේ ස්ලීපින් ටැබ්ලට්ස් බෝතල් දෙකත් අරගෙන.. ඕක මාරු කරන්නත් එපැයි...

යන්තන් ඔලුව දාලා කාමරේට බැලුවාම නම් මොකෙක්වත් ඉදිය පාටක් නම් පේන්න තිබුණේ නෑ...මන් කොහොම හරි හෙමිහිට රිංගලා බෝතල් ටිකත් ශේපට මාරු කරලා දෙයියනේ කියලා කාමරෙන් එළියට බැස්සා විතරයි.. කොහෙන්දෝ ඉඳන් ආපු කළුකුමාරයා මගේ අත හයියෙන් අල්ලගත්තා....

හරි පුතේ අදනම් අමාරුව හරි.. වෙනදා නොදැන වැරදි කරාට අද දැන දැනමනේ... රෙස්ට් ඉන් පීස් අවින්දි...

මන් එහෙම හිතලා තත්තපරයක් ගියේ නෑ මේ යකා ඒ ගැම්මටම මාව ඇදගෙන ගිහින් කාර් එක ඇතුළට දමාගෙන ස්ටාට් කළා...

හනේ හත්තිලව්වේ.. මූණ හේදුවෙත් නෑ.. දත් මැද්දෙත් නෑ.. රෑ ඇදුම පිටින්මනේ හිඟන්නා වගේ මාව ඇදගෙන යන්නේ.. ස්වෙටර් එක තියෙන හින්දා ටිකක් ශේප්....

මේඝ ඩ්‍රයිව් කරන අතර මන් හෙමීට බෙල්ල කරකවලා මේඝ දිහා බැලුවා..මට මතක් වුණේ ඊයේ රෑ ඉඳපු මේඝව..

කියාගන්න බැරි තරමට අසරණ වෙලා... කාමරයක් අස්සට වෙලා ඉඳපු මේඝව... මොන.. ඒකට දැන්... ආයෙම ඉන්නේ අර උද්දච්ච මහන්තත්ත අසුරයම තමයි...

"මේ.. ඒක නෙමෙයි... මන් මේ නිකන් දැනගන්න අහන්නේ...."

ඊයේ වුණ දේවල් සිරාවටම මිනිහට අමතකද කියලා දැනගන්න ඕන හින්දා මන් ටෝක් කරන්න ගත්තා... කොහෙද මූණවත් බැලුවේ නෑ උගුඩුවා...

"ඊයේ රෑ... මොකද වුණේ කියලා මතකද..."

මන් සෑහෙන බලාපොරොත්තු තියාගෙන කළුකුමාරයගෙන් ඇහුවට.. කිසි උත්තරයක් දෙන්නැතුව ඉස්සරහා බලන් ඩ්‍රයිව් කරනවනේ මේ යකා.. දෙන්න තියෙන්නේ මූට... ශික්..

"අයි මීන්.. ඊයේ රෑ.... මතක නෑහ්...?"

මන් ආයෙම ඇහුවා....

ඒ පාර නම් මිනිහා වට් ද ෆක් ලුක් එකකින් මගේ දිහා ඔරවලා බලලා ආයේ ඉස්සරහා බලාගත්තා... මතක නෑ වගේ ද කොහෙද....

"සිරාවටම.. මතක නෑ...?"

"ඇයි මොකද....? ඩිඩ් අයි ෆක් යූ ලාස්ට් නයිට්..."

"මොකක්.... න්.. නෝ... නොට් අබවුට් අ ෆක්.. අම්... අයි.. නෑ එක්කෝ නෑ මොකුත් නෑ...."

දැක්කද වනචර අසහනකාරයා අහපු එක.. මිනිහා නොවුනනම් කට තලනවා මන්... ඒක මගෙන් අහන්නේ... රෙද්ද... ආශ්.. මට එන තරහා ඇත්තමයි....

ඊටපස්සේ නම් මන් මිනිහා එක්ක වචනයක්වත් කතා කළේ නෑ.. පුදුම මහිමයක්නේ යකෝ.. රෑ මෙතන යකා නටලා.. දැන් අහනවා වෙන කුණුහර්පයක්.. කොහෙද.. උපන් කරුණාව හේදිලා යනවා මෙහෙම හැසිරෙද්දි...

කළුකුමාරයා ටිකක් දුර ගිහින් කාර් එක පාර අයිනට කරලා නැවැත්තුවා... 

ඕහ්.. දැන් නේ මතක් වුණේ ඊයේ මහ රෑ එද්දි බැහැලා බැලුවෙත් මෙතනම තමයි...  මොකද එතන ගහලා තිබුණ බෝඩ් එක මන් ඊයේ රෑත් දැක්කා.. ඒක මට හොඳටම මතකයි...

මට වචනයක්වත් නොකිය කළුකුමාරයා බැහැලා ගියා..ඈතින් පොලිස් කාර් කීපයක් වගේම.. තව මිනිස්සු කීප දෙනෙකුත් එතනට වෙලා ඉදියා...

මාත් කාර් එක ඇතුළට වෙලා ඉඳලා වැඩක් නැති නිසා හෙමීට මේඝගේ පස්සෙන් ගෑටුවා.. මිනිහා කෙළින්ම ගියේ පොලිසියේ සෙට් එක ඉඳපු තැනට... එතන මෝක්ශ වගේම එයාගේ උදව්වට ඉන්න අනික් ඔෆිසර් යොමේනුත් ඉදියා...

"මෙතන තමයි තැන.. විහඟිගේ වාහනේ පහළට පෙරළිලා තියෙන්නෙ මෙතනින්...."

එහෙම කියලා මෝක්ෂ පාර අයිනට අත දික් කරලා පෙන්නුවා.. මන් නිකමට ගිහින් ඔලුව දාලා බැලුවාම තමයි.. තෙරුවන් සිහි වුණේ..ඒ තරම් ගැඹුරු පාතාලයක් හත්තික්කේ ඒක...

මන් ආයේ ඒපැත්ත බලන්නේ නෑ කියලා හිතාගෙන අහක  බලාගත්තා...

"කම් විත් මී..."

එහෙම කියලා මේඝ පාර දිගේ උඩට යන්න පටන් ගත්තා.. වැලමිට වගෙ තිබුණු වංගුවකුත් පහු කරලා දිගටම පාර දිගේ ඇවිදගෙන ගිහින් එයා එක තැනක නැවතුනා...

අපි කලින් හිටපු පාරට වඩා මේ පාර තියෙන්නේ ටිකක් උඩින්... උඩ පාරේ අයිනටම ගිහින් ඒ අයිනේ තියෙන ගස් වල කොළ අතු ටිකක් එහාට මෙහාට කළාම කෙලින්ම අපි කළින් ඉඳපු එහෙමත් නැත්තන් මේඝ කාර් එක නවත්තපු පාර දැකගන්න පුළුවන්...

උඩ පාරේ ඉඳන් යට පාරට තිබුණු කෙටි බෑවුමක වගේ හැදිලා තිබුණු ගස් ළඟට ළං වුණු මේඝ එක ගහක් දිහා ගොඩක් අවධානෙන් බලන් ඉදියා...

"ලුක් ඇට් දිස්..."

මේඝ එහෙම කියද්දි මම වගේම මෝක්ශ යොමේන් දෙන්නත් ගහ දිහා ඇස් ලොකු කරන් බලන් ඉදියේ මේඝ කතා කරනකන්...

"පේනවද.. නියපොතු වලින් මේ කඳේ පොත්ත හීරිලා තියෙනවා..."

මේඝ එහෙම කියද්දි මෝක්ශ අත් කාචයක් අරන් ගහේ ඒ පෙන්නපු ප්‍රදේශයට තියලා බැලුවා...

ඔව්මයි... ඒත් ඒක මේකට සම්බන්ධ වෙන්නේ කොහොමද...

"මේ කඳ තුවාල වෙලා වැඩි දවසක් නෑ... ඒ විතරක් නෙමෙයි මේ කොනේම තියෙන අඩි පාරවල් පේනවද.."

එහෙම කියලා මේඝ අත දික් කරේ පාරේ අයිනටම වෙන්න තිබුණ මඩ පාට පොළොවට.. ඔය කියන මෙලෝ හත්තිලව්වක් මට නොපෙනුනත් මන් පෙනුනා වගේ ඒ කියන දේවල් අහගෙන ඉදියා..

"ඔව් ඉතින්..."

"වාහනේ අතන හෙළෙන් පහළට පෙරළෙන්න කලින් මෙතනින් තමයි පහළ පාරට වැටිලා තියෙන්නේ..."

"කොහොමද එහෙම කියන්නේ..."

"විහඟිගේ වාහනේ ආවේ මේ අපි ඉන්න පැත්තේ ඉදන් පහළට.. ඒ කියන්නේ මුළින්ම පාස් කරන්නේ අපි ඉන්න තැන ඊළඟට අර පහළ පාර..

හයිස් පීඩ් ආවනම්.. විහඟිගේ කාර් එක ඉස්සෙල්ලම පෙරළෙන්නේ වෙන කොහෙන්වත් නෙමෙයි මේ වංගුව ගන්න තැනින්..

හැබැයි මේ වැලමිට වංගුවත් පාස් කරන් එයා ඊටත් එහාට ගියා කියන්නේ... විහඟි අවධානෙන් කාර් එක ඩ්‍රයිව් කරලා තියෙනවා.. එහෙමත් නැත්තන් එයා මේ වංගුව පාස් කරගෙන ගිහින් නෑ....

සීසිටිවී ෆුටේජස් වල කාර් එක එන ස්පීඩ් එකේ හැටියට නම් විහඟි අවධානෙන් ඩ්‍රයිව් කළා කියලා හිතන්න බෑ... ඒ කියන්නේ එයා මේ වංගුව පාස් කරන් ගිහින් නෑ..."

"හරි.. කොහොමද කියන්නෙ මෙතනින්මයි වැටුණේ කියලා..."

"කම්..."

එහෙම කියලා මේඝ ආයෙම ගියේ කාර් එක නවත්තලා තිබුණ තැනටමයි... වචනයක්වත් නොකිය මේඝ ඩ්‍රයිවින් ශීට් එකට නගිද්දි මන් පැසෙන්ජර් ශීට් එකෙන් වාඩි වුණා.. මෝක්ෂ වගේම යොමේනුත් කාර් එකට නැග්ගේ මේඝ ඊළඟට කියන්න යන්නේ මොකක්ද කියලා දැනගන්න ලොකු උවමනාවකින්...

"අර ගහේ තිබුණ නියපොතු පාරවල් වලින් මන් DNA සාම්පල් ගත්තා.. ඒකෙන් තමයි මන් දැනගත්තේ ඒ නියපොතු පාරවල් මේ කේස් එකට සම්බන්ධයි කියලා...

ඔය ෆයිල් එක ඕපන් කරලා බලන්න ඒකේ ඇතුළේ තියෙන ස්කෙච් එක දිහා..."

මෝක්ෂ එයාගේ එහාපැත්තේ තිබුණ ෆයිල් එක අතට ගනිද්දි මන් කොකා වගේ පිටිපස්ස හැරිලා බලන් ඉදියේ ඒ ෆයිල් එකේ මොනවද තියෙන්නෙ කියලා...

"මේ විහඟිනේ..."

ෆයිල් එක ඇතුළේ තිබුණේ.. විහඟිගේ මූණට සමානව මොකක් හරි කම්පියුටර් බේස් ටූල් එකකින් ඇඳපු ස්කෙච් එකක්... ප්‍රින්ට් එකක් වගේ කියන්නත් පුළුවන්...

"ඔව් ඒ DNA විහඟිගේ කියලා හිතුවොත් මගේ ලොජික් එක හරි.. ඒ කියන්නේ විහඟි එතන ඉදලා තියෙනවා.. ඒත් ඒ DNA report එක ඩෙඩ් බොඩි එකේ DNA report එකත් එක්ක මැචින් වෙන්නේ නෑ..."

"ඒ කියන්නේ මට තේරෙන්නේ නෑ..."

"ඒ කියන්නේ මෙහෙමයි.. මුලින්ම මන් අර ගහේ තිබුණ DNA සාම්පල් Forensic DNA phenotyping test එකක් කෙරෙව්වා ඒකෙන් අපිට පුළුවන් ඒ DNA වල අයිතිකාරයගේ මූණේ ස්කෙච් එකක් ගන්න..

පැහැදිලි මූණ නෙමෙයි... ඒත් යම්තාක් දුරට ඒ අයිතිකාරයගේ ෆේස් එක ගැන අයිඩෙන්ටිෆිකේශන් එකක් ගන්න පුළුවන්.. ඒකෙන් ලැබුණු රිසල්ට් එක තමයි ඔය.. ඒ කියන්නේ ඒ ස්කෙච් එක සීයට අනූවක්ම විහඟිගේ මූණට සමානයි... ඒත් ඒ ගහේ තිබුණු DNA මැරුණු විහඟිගේ DNA වලට මැච් වෙන්නේ නෑ..."

"ඒ කියන්නේ එතන දෙන්නෙක් ඉන්නවා..."

උපරිම කුතුහලෙන් ඉඳපු මගේ කටෙන් ඉබේටම එහෙම පිටවුණා..

"යෙස්... ඇත්තටම විහඟි මැරිලා නෑ.. මැරුණේ විහඟි වගේ වෙන කෙනෙක්.. කොටින්ම කියනවනම්..  විහඟිගේ නිවුන් සහෝදරියක් කියන්න පුළුවන්..."

"මොකක් කොහොමද කියන්නේ මැරුණේ විහඟි නෙමෙයි කියලා.. ඒක වෙන්න බෑ..."

"නෑ ඒක වෙන්න පුළුවන්.. මොකද මෙච්චර කාලයක් විහඟි විදියට ජීවත් වුණේ ඇත්තම විහඟි නෙමෙයි..

එයාගේ ට්වින් සිස්ටර් තමයි විහඟි කියන නම අරගෙන මෙච්චර කල් ජීවත් වුණේ.. ඇත්ත විහඟිගේ වම් කකුළේ ඇඟිලි හයක් තියෙනවා... ඒත් ඩෙඩ් බොඩි එක චෙක් කරාම මට ඒකේ ඇඟිලි හයක් හොයාගන්න හම්බුනේ නෑ..

සමහර විට සර්ජරි එකකින් අයින් කරලා වෙන්නත් පුළුවන්.. හැබැයි සර්ජරි එකක් කරත් පොඩිම හරි ලකුණක් ඉතුරු වෙනවා අඩුම පොඩි මාක් එකක්වත්.. ඒත් මේ ඩෙඩ් බොඩි එකේ එහෙම දෙයක් නෑ.. හරිම නෝමල් විදියට ඒ ඇඟිලි පිහිටලා තිබුණේ....

මැරුණේ විහඟි නෙමෙයි.. වෙන කෙනෙක්.. හැබැයි... විහඟිත් මෙතනට ඇවිත් තියෙනවා... ඒ කියන්නේ අපි අර කලින් ගියපු තැනට.. ඒ නියපොතු පාරවල් ඇත්ත විහඟිගේ.. 

අනික මන් අනුමාන කරන විදියට ඔය මැරුණු කෙනා මැරුණේ.. හෙළෙන් පහළට වැටිලා නෙමෙයි... හෙළෙන් පහළට වැටෙද්දිත් එයා මැරිලා ඉන්න ඇත්තේ.."

"ඒත් පෝස්ට්මෝටම් රිපෝට් එකේ.."

"ඒක තනිකර කුණු ගොඩක්.. මොන විකාරයක්ද ඒ රිපෝට් එකේ තියෙන්නේ..."

යොමේන් කියන්න ගියපු දේ හරියට කියන්න නොදීම මේඝ කතාව පටන් ගත්තා...

"තුවාල වෙලා තියෙන එක ඇත්ත.. ඒ වුණාට මරණයට හේතුව.. ශ්වසන අපහසුතාවයක්.. ඒකට මොකක් හරි කෙමිකල් එකක් යූස් කරන්න ඇති කියලා මන් හිතනවා.. ඒත් මට හිතාගන්න බෑ ඒ මොන වගේ කෙමිකල් එකක්ද කියලා..."

"හරි.. මිස්ටර් මේඝාදිත්‍ය අපි ඔයා කියන දේවල් පිළිගත්තා කියමුකෝ.. ඊට කලින් මගේ ප්‍රශ්නවලට උත්තර දෙන්න...

එක කොහොමද කියන්නේ කෙමිකල් එකක් යූස් කළා කියලා .."

"ඔය ෆයිල් එක ඇතුළේ තියෙනවා ෆොටෝස් වගයක් ඒ ටික ගන්න..."

මේඝ කියද්දි මෝක්ශ ඒ ෆොටෝස් අතට ගත්තා...

"දැන් බලන්න හරියටම බෙල්ලට පහළින්.. වැලමිටට උඩින්.. කන පිටිපස්සේ තියෙන තැඹිලි රතු පාටට හුරු පැල්ලම් දිහා.. සමහර විට තුවාල වැඩි හින්දා ඕවා ගැන එච්චර හිතන්න නැතුව ඇති ඒත් මේක තමයි වැදගත්ම..

මේ කෙමිකල් එක වසක් නෙමෙයි.. හැබැයි වීස් එක තියෙන කෙනෙක් මේ කෙමිකල් එකේ අංශු තියෙන වාතය ආශ්වාස කරොත් එයාගේ ශ්වසන පද්ධතිය අවහිර වෙනවා.. මරණයෙන් පස්සේ තමයි අපිට ඔය වගේ පැල්ලම් බලාගන්න පුළුවන් වෙන්නේ..

හැබැයි ඒ වගේ බලපෑමක් සාමාන්‍යෙන් ඇති කරන්නේ ෆැල්ටොසයිල් කියන කෙමිකල් එක වුණාට.. මේ ඒක නෙමෙයි.. මේ ලැබ් එකක හදපු ඒකේ සංයුතියට වඩා ටිකක් වෙනස් හැබැයි ක්‍රියාකාරිත්වයට සමාන කෙමිකල් එකක්...

මල සිරුරේ නාස් කුහරයේ තියෙන රෝම කූපවල මේ කෙමිකල් එක රැදිලා තිබුණා.. මන් ඒක හොයාත්තා හැබැයි.. බ්ලඩ් රිපෝට් එකකින් හොයාගන්න බෑ මේ කෙමිකල් එක මෙයාගේ ඇඟට එකතු වෙලා කියලා.. ඒකයි ෆැල්ටොසයිල් වලයි මේ කෙමිකල් එකෙයි තියෙන වෙනස...

අනිත් වැදගත්ම දේ.. මන් කලින් පෙන්නපු නියපොතුවලත් ඒ කෙමිකල් එක ගෑවිලා තිබුණා.. ඕන්නම් ඔය රිපෝට්ස් බලන්න... ඒ කියන්නේ.. මැරුණු කෙනාගේ.. ඇඟේ තිබුණු කෙමිකල් එක... මෙතන ඉඳපු අනිත් කෙනා ඒ කියන්නේ රියල් විහඟිගේ අත්වල ගෑවිලා තිබුණා..."

"ඒ කියන්නේ මේ මනුස්සයව මැරුවේ විහඟිද..."

"මන් ඇහුවා..."

"නෝ... එහෙම උපකල්පනය කරන්න අමාරුයි.. මොකද.. එදා ඇක්සිඩන්ට් එකට පස්සේ දවසේ මන් මෙතනට ඇවිත් බලද්දි මට අඩි සටහන් කීපයක්ම අහුවුණා... එකක් මැරුණු විහඟිගේ.. අනික... පිරිමි කෙනෙක්ගේ..."

"මොකක් කවුද ඒ..."

මෝක්ෂ ඇහුවේ ඇස් කටේ දාගන්න සයිස් එකෙන්...

"ඒ කවුද කියන්න මන් දන්නෑ.. හැබැයි ඒ පිරිමි කෙනෙක් වයස විසි පහත් තිහත් අතර... උස අඩි පහමාරක් විතර වෙන.... බර කිලෝ හැටත් හැත්තෑවත් වගේ අතරේ වෙන මනුස්සයෙක්... අනික සල්ලිකාරයෙක්... කස්ටමයිස් කරපු බූට්ස් දාන සල්ලිකාරයෙක්..."

"කොහොමද එහෙම කියන්නේ..."

"අද අපි බලපු පොළොව වේලිලා තිබුණට ඇක්සිඩන්ට් එක දවසේ එතන තිබිලා තියෙන්නේ තෙත පොළොවක්... කාර් එකේ ටයර් පාරවල්... තිබුණු විදිය එක්ක ගෙස් කරද්දි ඒ මනුස්සයා තමයි කාර් එක ඩ්‍රයිව් කරලා තියෙන්නේ...

කාර් එකෙන් බැහැලා.. පැසෙන්ජර් ශීට් එක තිබුණු පැත්තට ඇවිදගෙන ගියපු අඩිසටහන් හොඳටම පැහැදිලිව පේන්න තිබුණා... ඒකෙන් තමයි මන් කියන්නේ ඒ පිරිමි කෙනෙක් කියලා...."

"හරි... ඕකේ... දැන් ඔච්චර දේවල් කියපු එකේ කියන්න මොකක්ද දැන් ෆයිනල් ඩිසිශන් එක... කවුද මර්ඩර් එක කළේ...."

"මම.......!!"

.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.

මේඝ එහෙම කිව්වාම මන් විතරක් නෙමෙයි යොමේන් මෝක්ශ දෙන්නත් කලන්තේ දාන සයිස් එකටම කන්ෆියුස් වුණා... ඒක වෙන්නත් පුළුවන්.. මේක විස්තර කරපු හැටියට.... ඒත් නෑ වෙන්න බෑ.. මන් දන්නවනේ මේ මිනිහගේ හැටි....

"කවුරුත් එහෙම ඇවිත් කියන්නේ නෑ.. මමයි මේකේ කල්ප්‍රිට් කියලා.. පොලිස් ඔෆිසර් කෙනෙක් විදියට ලැජ්ජ නැද්ද මගෙන් ඔය ප්‍රශ්නේ අහන්න...."

"මන් හිතන්නේ මිස්ටර් මේඝාදිත්‍ය ඔයා මෙතන මගේ රෝල් එක බලෙන්ම ප්ලේ කරනවා.. මගේ විතරක් නෙමෙයි අපි හැමෝගෙම.. මගේ යටතේ තියෙන කේස් එකේ බාගයක්ම විස්තර මන් නොදැන ඔයා දැනගෙන ඉන්න එකෙන්ම ඒක පේනවනේ.. ඉතින්.. මන් හිතන්නේ මගේ ප්‍රශ්නේ වරදක් නෑ..."

කිණ්ඩි හිනාවක් දාගෙනම මේඝ කාර් එකේ ඉස්සරහා බලාගෙන ස්ටියරින් වීල් එකට අත තියාගත්තා.. අනේ මන්දා මට නම් මෙලෝ දෙයක් තේරෙන්නේ නෑ....

"එක්කෝ මේ මර්ඩර් එක කළේ.. විහඟි නැත්තන් අර මන් කිව්ව පිරිමි කෙනා.. ඒ දෙන්නටම සැකේ විසිරිලා යන්නේ ෆිෆ්ටි ෆිෆ්ටි ප්‍රොබැබිලිටි එකකට... 

බට් අපිට එක පොයින්ට් එකක් තියනවා.. දැට්ස් විහඟි.... අපි විහඟිව ඒ කියන්නේ රියල් විහඟිව හොයාගත්තොත් මේ කේස් එකේ ඉතුරු බාගෙත් කම්ප්ලීට් කරගන්න පුළුවන්...

මන් මේ වෙද්දිත් ඒ දේ කරලා.. එතන ඉදියේ විහඟි කියන කෙනා නොවුනනම්... ඒක හින්දමයි මන් මේ විස්තර ඔක්කොම කිව්වේ.. දැන් ඒ වැඩේ කරන්න ඕන තමුන්.. විහඟිව හොයන එක..

ඒකට ඉස්සෙල්ලම දේවප්‍රියගෙන් පටන් ගන්න ඕන.. මන් කිසිම හේතුවක් මත ඔය සබ්ජෙක්ට් එකට අත තියන්න කැමති නෑ.. ඒ නිසා ඔයාට පුළුවන් නිදහසේ ඉන්වෙස්ටිගේශන් එක කරන්න.. අර පිරිමි කෙනාව හොයන්න කලින් විහඟිව හොයාගන්න එක තමයි ඉෆෙක්ටිව්ම වේ එක..."

"හරි.. ඕකේ... හැබැයි මට තව එක දෙයක් කියන්න... මිස්ටර් මේඝාදිත්‍ය ඔයා කොහොමද මේවා හොයාගත්තේ.. අයි මීන් කොහොමද.. මේවගේ රිපෝට්ස් ගත්තේ... ඒ විතරක් නෙමෙයි අපි නොදැකපු දේවල් ඔයා දැක්කේ කොහොමද..."

"හ්හ්හ්... මන් උබලා වගේ..  උත්තරේ අතේ තියන්... ඒ උත්තරේට එන්න පාරක් හොයන මිනිහෙක් නෙමෙයි... පාරක් හොයාගෙන... හරිම උත්තරේ හොයාගන්න මිනිහෙක්....

අනික ඔයාට මේ කේස් එක හම්බෙන්න කලින් මන් මේක ගැන ස්ටඩී කළා.. මේ ඉන්ෆෝමේශන් මන් හොයාගත්තේ මගේ විදියට.. ඕන්නම් ආයෙම ටෙස්ට් කරලා ඔය ෆයිල් එකේ තියෙන දේවල් හරිද කියලා චෙක් කරන්න තමුන්ට පුළුවන්

හැබැයි ගවර්මන්ට් ලැබ්වල ඕවා කරලා ඉවර වෙද්දි මන් හිතන්නේ මාසයක් විතර යයි... කැමති නම් මෙතනින් පටන් ගන්න.. මන් කියපු විදියට කරන්න...."

"ඕහ් මට අණ කරන්න ඔයාට අයිතියක් නෑ මිස්ටර් මේඝාදිත්‍ය..."

"වට්-එවර්..."

"ඇයි ඔයා මේකට ඉන්වෝල් වුණේ..."

"ඇයි තමුන්ට අමතකද.. තමුන්ලා මගේ ලව්ලි වයිෆිව මේකට සැක කරානේ... අනික.. එදා විහඟිගේ කාර් එක උඩ පාරේ ඉඳන් යට පාරට වැටෙද්දි.. කාර් එක ඩ්‍රයිව් කළේ යස්වින්දි නෙමෙයි අවී...

දැන් තේරෙනවනේ ඒ ඇක්සිඩන්ට් එකයි මර්ඩර් එකයි අතරේ සම්බන්ධයක් නෑ කියලා... සෝ මගේ වයිෆිගේ අතේ වැරැද්දක් නෑ..."

ඒකට නම් මගේ උගුර කටත් එක්ක වේලිලා ගියා.. ලව්ලි වයිෆි..ඊයා... එතකොට මන් හින්ද ද... මේ කළුකුමා මෙච්චර විස්තර හෙව්වේ.. අනේ මොන විකාරද... එහෙම වෙන්න නම් කොහෙත්ම විදියක් නෑ... මේ මුගේ පචනේ...

"ඕහ්හ්... ඒකද.. එහෙනම්... මෙතනින් එහාට මේක මන් බලාගන්නම්.. නෝ නීඩ් යුවර් හෙල්ප්..."

"ඈස් යුවර් විශ්..."

මෝක්ෂ වගේම යොමේනුත් කාර් එකෙන් බහිද්දිම වගේ මේඝ කාර් එක ස්ටාට් කරන් ආයෙම ගෙදරට ගියා.. හැබැයි වචනයක්වත් මාත් එක්ක කතා කරේ නම් නෑ... පිස්සු යකෙක්...

වාහනේ ගිහින් මිදුලේ නැවැත්තුවා.. මොකාද එකා වගේ බැහැලා ගියා.. අනේ මන්දා.. මේ යකා නම්.. පුදුම යකෙක්.. කලින් ලව්ලි ෆයිෆි කිව්වා ඒකට දැන්... ප්‍රෝඩාකාර ගස් බල්ලා... මගෙ හිත එක්ක සෙල්ලම් කරනවා...

මන් එහෙම හිත ගේ ඇතුළට අඩිය තිබ්බා විතරයි කළුකුමාරයා ඇවිත් එකපාරටම මාව ඇදගෙන ගියේ ගාඩ්න් එකට.. මාත් නිකන් පරඬැල වගේ ඔහේ ඇදිලා ගියා... අනේ මන්දා.. අදින්න ඕන්නෑනේ කතා කරානම් මන් එනවනේ...

මන් එහෙම හිත හිත කළුකුමාගේ පස්සෙන් ඇදිලා යද්දි මේ මිනිහා ගිහින් එකපාරටම මාව බෙන්ච් එකක් උඩින් ඉන්දෙව්වා.. ලොකු ගහක් යට තිබුණු හින්දා එතන සෑහෙන්න සීතලයි...

මාව වාඩිකරවලා ඊඩ එහාපැත්තෙන් කළුකුමාරයත් වාඩි වුණා.. ඒත් ඊළඟට මේ මිනිහා කරේ මන් හීනෙකින්වත් හිතපු නැති දෙයක්...

තියාගත්තේ නැතෑ මගේ උකුල උඩින් ඔලුව.. මේ මොන පිස්සුවක්ද... මීටර් දහයක් විතර දිග කකුල් දෙක බෙන්ච් එකේ එහා කොනේ... ඔලුව මගේ උකුල ඒ අස්සේ ඇසුත් පියාගෙන...

මන් කකුල් දෙක එහාට මෙහාට කරන ගමන්... අතින් කළුකුමාරයගේ ඔලුව තල්ලු කරා... ගල් කන්ද වගේ පට්ට බරයි.... මන් කොච්චර දැගලුවත් මේ භූතයා ඇස් පියාගෙන ඒ විදියටම අත් දෙකත් පපුවට බැදගන හාන්සි වෙලා ඉදියා පිස්සා...

මන් ආයේ දඟල දඟල ඔලුව තල්ලු කරන්න ට්‍රයි කරද්දි මේ යකා මගේ එක අතක් අරගෙන එකපාරටම මාරම හයියෙන් හැපුවා කියහන්කෝ.. අම්මෝ.. දත් පාරට තරුත් පෙනුනා මහ දවාලේ...

පිස්සු බල්ලෙක් හපාකෑවා නම් මීට හොඳයි... ඊයේ ඩ්‍රග් එකේ බලපෑම තාම තියෙනවද කොහෙද..

ආයෙම ඒපාර අතුත් බැඳන් ඇස් පියාගෙන ඉන්නවා උපාසකයා වගේ.. මන් ඉතින් දඟලන එක නැවැත්තුවා ඊළඟ මොනවා හපයිද කියලා කෞව්ද දන්නේ...

"තමුසේ කන්නැද්ද හලෝ..."

අත් දෙක බැඳගෙනම ඇස් ඇරලා කළුකුමාරයා මගේ දිහා බලන් ඇහුවා. මාව නිකන් දියවෙලා යන අයිස්පලමක් වගේ.. මෙච්චර වෙලා තිබුණු හීතලත් දැනෙන්නේ නෑ....

"තමුසෙගේ කටු ඇනෙනවා මගේ ඇඟේ..."

මොනවා කියවනවද මන් දන්නෑ.. අනේ මට නම් තේරෙන්නේ නෑ...

"මෙහෙම..... තියාගන්නවා..."

කළුකුමාරයා මගේ එක අතක් අරගෙන ඒ පිස්සගේ කොණ්ඩේ උඩින් තියන ගමන් කිව්වා...

මාර සිනිඳුයිනේ කොණ්ඩේ.. යකඩෝ මගේවත් කොණ්ඩේ මෙච්චර සිනිඳු නෑ... ගෑනු පරාදයි මේ කළුකුමාරයට...

මගේ ඇඟිලි නොදැනුවත්වම කළුකුමාරයගේ කොන්ඩේ පුරාම දුවන්න ගත්තා.. ඇත්තටම මාරම සිනිඳුයි.. ඒ කොණ්ඩේ ඇඟිලිවල ගෑවෙද්දි පවා මාව නිකන් පිච්චිලා යනවා වගෙයි..

"තමුසේ මගේ කොණ්ඩේ උගුලන්නද හදන්නේ.. බී ජෙන්ට්ල්..."

මේ යකා ඇස් පියාගෙන ම කියවනවා.. ආශ්... මට දැන් හොඳටම පේනවා මේඝගේ ඇස්වහක් කටවහක් වදින්න හොඳ නැති ලස්සන මූණ.. කෙල්ලෙක්ගේ වගේ දිහ ඇහි පිහාටු.. දිලිසෙන තොල්... සෘජු නහය.. හනේ jawlines.. කම්මුල්.... මිරිකලා මිරිකලා දාන්න හිතෙනවා..

අවින්දි කන්ට්‍රෝල් යුවර්.........

මන් ඇස් පියාගෙන මාව කන්ට්‍රෝල් කරගන්න හදද්දි මට දැනුනා මගේ ලිප්ස් සීතල සොෆ්ට් දෙයක ඇලිලා තියෙනවා කියලා.. ඇස් ඇරලා බලද්දි මගේ පිටිපස්සෙන් බෙන්ච් එකේ හෙඩ් එකට අත තියාගෙන කොන්දෙන් ටිකක් කෙළින් වෙලා මේඝ මගේ මූණ ඉස්සරහා...

අයි මීන් ඇස් දෙකත් පියාගෙන මගේ ලිප්ස් උඩින්ම එයාගේ ලිප්ස් නුත් තියාගෙන ඉන්නවා.. වෙන කිසිම මූව් එකක් නෑ.. ජස්ට් අ ලිප් ටචින්...

මගේ තියෙන මෝඩකමට එකපාරටම එදා වගේම මගේ තොල් මන් අකුලගත්තා.. අයියෝ ඇයි මන් එහෙම කළේ.. මට එහෙම කරන්න ඕන වුණේ නෑ ඒ වුණාට ඒක ඉබේම වුණානේ..

මිනිහට තේරිලාද කොහෙද ඇස් ඇරලා මගේ දිහා බැලුවා.. ඇහිබැමි දෙකත් එකට යාවෙලා හැබැයි මූණෙ තිබුණේ අමුතුම විදියේ එක්ස්ප්‍රෙශන් එකක්.. හිනාවකුත් නෙමෙයි තරහකුත් නෙමෙයි....smirk එකක්...

ආයෙම ලොකු හුස්මක් පහළට දාලා බෙන්ච් හෙඩ් එකෙන් අත අයින් කරලා කළුකුමාරයා මගේ උකුල උඩින් ඔලුව තියාගෙන අත් දෙක බැඳගත්තා...

"වයිල් අම් කිසින් යූ...."

එහෙම කියද්දි මේඝ එයාගේ එක අතක මාපට ඇඟිල්ලකින් මගේ lower lip එක ටච් කළේ.. මාව කුල්මත් වෙලා සලිත වෙලා යද්දි.. ඒ අමුතු පිස්සු හැදෙන ඇස් තිබුණෙත් මගේ ලිප්ස්වලම තමයි....

"ඩෝන්ට් ෆෝල්ඩ් යුවර් ලිප්ස් ලයික් දැට්... ජස්ට් ලීව් දෙම් ෆ්‍රී...."

මගේ ලිප්ස්වල තිබුණු ඇස් කරකවලා මගේ දිහාම බලාගෙන කළුකුමාරයා කියද්දි මට නිකන්... මිහිපිට තුසිතය පේනවා වගේ ෆීලින් එකක් ආවේ.. නෙළුම් කුළුණට යන්න ඕන වෙන එකක් නෑ මයේ හිතේ...

"ආහ්.. ඩෝන්ට් යූස් ස්ට්‍රෝබෙරි ෆ්ලේවර්.. යූස් පීච් ඕර් කොෆී.. අයි ලයික් ඉට්...."

කට උත්තර නැතුව මට දඩාරං සයිස් කෙළ ගුලියක් ගිලෙද්දි මේ මිනිහා අමුතු වනචාරි හිනාවක් දාලා නැගිටලා යන්න ගියා. කැමති ලිප් බාම් එකක් ගාන්න කියන්නේ.. හරියට හැමදාම කිස් කරන්න වගේ...

ආශ්... ශික්.. යූ pervert....

දැන් එන්න එන්නම මේ මිනිහා වල් වදිනවා... ඉදපියකෝ කරන්න හොඳ වැඩක්.. මන් කියලා ඒත් මොනවා කරන්නද..

බොරුවට මේ ඉතින් කෑගැහුවට මාත් ආසයිනේ ඉතිම් ඕවට.. හත්තික්කේ.. මේ මිනිහා හින්දා මාත් නරක් වෙනවා...

ටික වෙලාවක් ඉදලා එතනින් නැගිටින්න හදද්දි.. මගේ ෆෝන් එක වයිබ්‍රේට් වුණා.. ජර්සි එකේ සාක්කුවේ තිබුණු ෆෝන් එක ඇදලා බලද්දි.. කළුකුමාරයගෙන් මැසේජ් එකක්...

විනාඩි පහකින් යන්න රෙඩි වෙන්න ඔක්කොම බඩුත් අරගෙන...


එක්කෝ මේ මිනිහට පිස්සු නැත්තම් සිරාවටම මට පිස්සු.. ආවා ගියා.. මූ මට නුවරඑළියත් එපා කරවනවා..

මන් විනාඩි ගාණෙන් කෝම හරි වොශ් එකකුත් දාන් බඩුත් ලෑස්ති කරගත්තට පස්සේ අපි ආයෙම කොළඹ එන්න පිටත් වුණා...

පැය ගාණක ගමනකින් පස්සේ අපි නැවතුණේ අපේ ගෙදර ගාව නම් නෙමෙයි... වෙන මොකක්දෝ ගෙදරක්.. ඒ කොහෙද කියලවත් මන් දන්නේ නෑ.. හැබැයි කොළඹ කියලා නම් ශුවර්...

ගේ ඉස්සරහින් වාහනේ නවත්තද්දිම වගේ.. මන් දැක්කා ගේට් එක ඉස්සරහා කහ පාට පටි ඇදලා තියෙන විදිය ඒ කියන්නේ.. මෙතන ක්‍රයිම් එකක් වුණු තැනක්ද..

මෙලෝ දෙයක් හිතාගන්න බැරි වෙද්දි කළුකුමාරයා කාර් එකෙන් බැහැලා ගිහින් මගේ සයිඩ් එකේ දොරත් ඇරලා බහින්න කියලා මට එයාගේ අතත් දුන්නා.. මොන විහිළුවක්ද ඒ...

මාත් වැඩිය නොහිතම කළුකුමාරයා එක්කම කාර් එකෙන් බැහැලා ඇතුළට යන්න යද්දි ගේට් එක ගාව ඉඳපු පොලිස් ඔෆිසර් මේඝව නැවැත්තුවා...

ඒත් ඇතුළේ ඉඳන් පන්සිළු අපි ළඟට දුවලා ආපු හින්දා අපි දෙන්නට ඇතුළට යන්න ඒ ඔෆිසර් ඉඩ දුන්නා....

ගේට් එකෙන් ඇතුළු වෙලා ගෙදර දොර ගාවට යනකන්ම මට හිතාගන්න බැරුව ඉදියේ මොකක්ද වෙන්නේ කියලා... එහෙට මෙහෙට පොලිස් ඔෆිසර්ස්ලා වගේම තව එක එක යුනිෆෝම් ඇඳගත්තු අය දුවද්දි.. මේඝ මගේ අතින් අල්ලගෙනම ඒ ගෙදර දොර ගාවටම ගියා...

"වේට් හියර්.."

එහෙම කියලා දොර ගාවින් මාව තියලා මේඝ පන්සිළු එක්ක කොහෙදෝ ගියා.. ඉන්න කිව්වට ඉතින් මට මේ දොරකොඩ ළඟ හිටන් ඉන්න පුළුවන්ද... මගුල මන් ඒ හින්දා.. වටපිට බල බලම.. ගේ ඇතුළට ගියා...

"ඕහ්... ඔයා මැරුණු කෙනාගේ ෆැමලි මෙම්බර් කෙනෙක් නේද.. යන්... දැන් ඔයාට එයාව බලන්න පුළුවන්..."

මන් සැකෙන් වගේ වටපිට බල බල ඇතුළට යද්දි කොහෙන්දෝ ආපු ෆීමෙල් ඔෆිසර් කෙනෙක් මන් වචනයක්වත් කියන්න කලින් මාවත් ඇදගෙන ගේ ඇතුළට ගියා.. මොන විකාරයක්ද...

මාව ඇදගෙන ගියාට පස්සේ ඒ හොල්මන නැවතුනේ තවත් ඔෆිසර්ස්ලා රොත්තක් ඉඳපු තැනක.. සමහර අය ෆොටෝස් ගන්නවා සමහර අය ෆයිල්ස් අතේ තියන් චෙක් කරනවා එක එක වැඩ..

ඒ කට්ටිය හින්දා මැරිලා ඉන්නවා කිව්ව මනුස්සයවවත් මට හරියට පෙනුනේ නෑ... කකුලක් විතරක් යන්තමට පෙනුනා...

"යන්න ඉස්සරහට.."

එහෙම කියලා අර හොල්මන මගේ පිටට පොඩි තට්ටුවක් දැම්මා... මාත් ඉතින් කමක් නෑ ඕන එකක් කියලා මගේ ඉස්සරහා හිටගෙන හිටපු පොලිස් ඔෆිසර්ස්ලගෙන් ඈතට ගිහින් බොඩි එක පේන තැනකට ගියත්.....

නෑ... මේ...

ඕ ගෝඩ්......

වට් ඉස් දිස්....

එයා කොහොමද...

හව්...

එතන වැටිලා ඉදියේ වෙන කවුරුත් නෙමෙයි මගේ අම්මා... නිරෝධා...

එයා මැරිලා...

ඒ කොහොමද....

මගේ හාට් බීට් එක වේගෙන් වේගෙන් ගැහෙද්දි මන් ඉන්න තැනම ඉදගෙන ඇඟිලි තුඩුවලින් ඉස්සිලා ඩෙඩ් බොඩි එක දිහා බැලුවා...

මූණ දිහා බලන්නත් අමාරුයි.. ඇස් උඩ ගිහින්... දිව පවා එළියට ඇදිලා..කොණ්ඩේ නිකන් අනේ මන්දා.. දඟලලා වැඩිකමටද මන්දා.. කොණ්ඩේ තිබුණේ හිතාගන්නවත් බැරි තරමට අවුල් වෙලා..

අත පය ගුලි දෙලා දරදඬු වෙලා තිබුණේ.. මේ මගේ අම්මද කියලා මටම හිතාගන්න බෑ... කොටින්ම එයාට එතනම මළ මුත්‍රා පවා ගිහින් තිබුණේ ඒ ලැබුණු මරණයේ වේදනාව කොයිතරම්ද කියලා පෙන්නන ගමන්....

ඇත්තටම මට කියාගන්න තේරෙන්නෙ නෑ මට දැනෙන විදිය....

අම්මා.. කවදාවත් මගේ අම්මා නොවුනට එයා නමට හරි මගේ අම්මා.. අපි අතරේ තියෙන්නේ බ්ලඩ් බොන්ඩ් එකක්...

ඒකේ තියෙන මැජිකල් පවර් එක කොච්චරද කියනවනම්.. කවදාවත් එයාගෙන් ආදරයක් කියලා දෙයක් මට නොලැබුනත්.. මට ඇඬෙනවා.. කවදාවත් එයා මගේ තනියට නොහිටියට මන් තනිවෙලා කියලා මට හිතෙනවා.... මට මේ ලෝකේ කවුරුවත් නෑ කියලා හිතෙනවා...

ඇයි එහෙම... එයා කවදාවත් මන් වෙනුවෙන් නොහිටියත් ඇයි දැන් මට මෙහෙම දැනෙන්නේ...

හිත සෑහෙන නොසන්සුන් වුණ හින්දා මන් ඇඳගෙන හිටපු ගවුමත් එක්කම මගේ අතේ ඇඟිලි ගුලි වුණා... කඳුළුත් ඇස්වල පිරිලා ගිහින්... අම්මට මොකද වුණේ.. වචනයක්වත් කතා කරගන්න බැරුව මන් ගොලු වෙලා ඉඳියේ...

"කවුද තමුසෙට කිව්වේ මෙතනට එන්න කියලා..."

මගේ උරහිසෙන් අල්ලලා හරවන ගමන් එකපාරටම මේඝ අහද්දි මන් ගැස්සිලා ගියා.. මගේ ඇස්වල පිරුණු කඳුළු එහෙමම කම්මුල්වලින් පහළට ගලාගෙන ගියා... ඇයි මන් අඬන්නේ කියලවත් මන් දන්නෑ.. මන් අඬන්න ඕනද නැද්ද.. අනේ මන්දා.. ඒත් මට දුකයි... ගොඩක්...

"තමුසෙට මෙතන ඉන්න ඕනද නැද්ද..."

ඇත්තටම ඉන්න ඕන නෑ.. මට නිදහස් වෙන්න ඕන මාව නිදහස් කරගන්න ඕන..

මන් ඒ හින්දා බිම බලාගෙමන ඔලුව දෙපැත්තට වැනුවේ නෑ කියන්න...

මගෙන් උත්තරයක් පිට වුණු හැටියේ මේඝ මාවත් ඇදගෙන එළියට ආවා...

"මේකයි.. මන් අඬන බබ්බු නළවන්න නම් දන්නෑ.. හැබැයි තමුසෙට අඬන්න ඕන නම් අඬන්න..."

මට අඬන්න ඕන කියලා හිතුනට මෙතන බෑ... මගේ හැඟීම් සංකීර්ණ වෙලා මටවත් තේරුම් ගන්න බෑ..

"කේශර.. වැඩේ හරි.."

එහෙම කියාගෙනම පන්සිළු අපේ ළඟට දුවගෙන ආවා..

"ඉලෙක්‍ර්ටික් ශොක් එකක්... හින්දා මැරිලා තියෙන්නේ.. හැබැයි ඒක කවුරු හරි කෙනෙක් කරපු දෙයක්... ඒක ශුවර්..."

"ඕහ්.. මටත් වඩා මාර ෆාස්ට් නේ මේඝාදිත්‍ය ඔයා..."

මේඝ පන්සිළුත් එක්ක කතා කර කර ඉද්දි මෝක්ෂ වගේම යොමේනුත් අපි හිටපු තැනට ආවා...

"ඕල්වේස්..."

"මන් හිතුවෙ නෑ.. නිරෝධා මැරුණම.. එයාව බලන්න ඔයා එයි කියලා නම්.."

"මෝක්ශ... නිරෝධා සේනාධීර කියන්නේ.. අවින්දිගේ අම්මා..."

පන්සිළු එහෙම කිව්වාම මෝක්ෂ ඇස් ලොකු කරන් මන් දිහා බැලුවා...

"අම්.. රියලි සොරි.."

"නෝ ඉට්ස් ඕකේ..."

"මිස්ටර් මේඝාදිත්‍ය... ම්ම්ම්...ඇක්චුවලි මට ඔයාගෙන් රික්වෙස්ට් එකක් කරන්න තියෙනවා...

හෙල්ප් මී...

හෙල්ප් මී ඔන් දිස් ඉන්වෙස්ටිගේශන්..."

"ඕහ්.. රියලි.. සෝ වෙයා'ස් ද මැජිකල් වර්ඩ්.."

"ශිට්... ඕකේ... දෙන්.. ප්ලීස්... හෙල්ප් මී.."

"ඩිෆිනීට්ලි..."

මේඝ කට කොනකින් හිනා වෙන ගමන් කිව්වා..

පන්සිළු, මේඝ , මෝක්ශ තුන්දෙනාම මොනවද කියව කියව කොහේදෝ යද්දි යොමේන් මාත් එක්ක ඒ ගෙදර ලිවින් රූම් එකට ආවා..

අනේ මන්දා.. අම්මා තනියමද මෙහේ ඉදලා තියෙන්නේ...

ගෙදර වෙන කිසි කෙනෙක් පේන්න නොහිටපු නිසා මන් කල්පනා කරත් ඒක අහන්න කෙනෙක් මෙතන ඉදියේ නෑ . යොමේන් ලැප්ටොප් එකත් එක්ක වැඩක්...

මන් සෑහෙන දේවල් කල්පනා කර කර ඉද්දි අර තුන් දෙනාම ආයෙම ඇවිත් ඒ රූම් එකෙන් වාඩි වුණා... මන් හිතන්නේ පැය භාගෙකෙට විතර පස්සෙ තමයි මේ තුන් දෙනා ආවේ...

"යොමේන් ෆුටේජස් ගත්තද..."

"ඔව් සර්... මේ ගේ ඉස්සරහා පාරේ තියෙන කැම් එකක ෆුටේජස් තමයි මන් බැලුවේ..  පාන්දර හයයි තිහට වගේ යස්වින්දි කියන කෙනා..  මේ ගේ පහු කරගෙන පයින් ඇවිදගෙන යනවා සර්...

ගෙදර පිටිපස්සේ මොකුත් ෆුටේජස් නැති නිසා හරියටම කියන්න බෑ එයා මෙහෙටම ආවද කියලනම්.. ඒත් පොඩ්ඩක් සැක සහිතයි නේද සර් ඒක.."

මෝක්ෂ මොකුත් නොකියම මේඝ දිහා බැලුවේ මේකට එයාගේ අදහස දැනගන්න වගේ...

"නෑ.. යස්වින්දිව මේකට හැමවෙලේම ගාවගන්න හදන්න එපා... මොකද මේ මර්ඩර් එක කළේ පිරිමි කෙනෙක්.."

"අර කලින් කෙනාමද..."

"ඔව්... එයාමයි.... අනික එයා මේ මර්ඩර් එක කරන්න මේ ගෙට හොරෙන් පැනපු කෙනෙක් නෙමෙයි.. දවසක් හෝ දෙකක් මේ ගෙදර නැවතිලා ඉඳපු කෙනෙක්... ඔයා දැන්ම මීට දවස් දෙක තුනක් පරණ ෆුටේජස් චෙක් කරන්න..."

"කොහොමද ඒ පිරිමි කෙනාමයි මේක කළේ කියන්නේ..."

"දැක්කේ නැද්ද අර රූම් එකේ ශූ රැක් එකේ තිබුණු බූට්ස් දෙක.. ඒ විහඟිගේ මර්ඩර් එක වුණු තැනින් හොයාගත්තු කස්ටමයිස් කරපු බූට්ස් දෙකමයි.. සපත්තු දෙකේ කට්ට රටාව බැලුවාම... ඒ බ්‍රෑන්ඩ් එක චෙක් කරාම ඒ විතරක් නෙමෙයි සපත්තු සයිස් එක චෙක් කරාම කියන්න පුළුවන් මේ එයාමයි කියලා...

අනික මට තේරුන විදියට නිරෝධා දැනගෙන ඉඳලා තියෙනවා ඒ මනුස්සයා ගෙදරට ආපු දවසේ ඉඳන් මෙහෙම මොකක් හරි වෙයි කියලා..

මොකද එයාගේ රූම් එකේ එයා ඇඳුම් පවා පැක් කරලා තිබුණේ.. කබඩ් එකේ දවස් දෙකකට කලින් අද හවස ෆ්ලයිට් එකකට බුක් කරපු ටිකට් එකකුත් තිබුණා.. එයා පැනලා යන්න හැදුවත් මන් හිතන්නේ ඒක හරි ගිහින් නෑ..

අපි දෙවෙනියට රූම් එකේ තමයි.. අර මන් කිව්ව පිරිමි කෙනා ඉඳලා තියෙන්නේ.. මොකද මන් දැක්කා ඒ රූම් එකේ ජෙන්ස් බොඩි වොශ් එකකුයි ෆේස් ක්‍රීම් එකකුයි තියෙනවා.. අලුත්ම ටබ් දෙකක්..

සමහර විට නිරෝධා ආගන්තුක සත්කාරවල රිසල්ට් එකක් වෙන්නැති එක... අනික නේබර්ස්ලා කිව්වනේ නිරෝධා අවුරුදු ගාණක් තනියෙන් ඉදියේ කියලා ඉතින් එකපාරටම මොකටද ඔය ජෙන්ස් දේවල්...

කොහොම වුණත් ඒ රූම් එකේ හිටපු කෙනා අඩි හයකට වඩා උස නෑ.. එතන තිබුණු රාක්කේ යට තනිකරම දූවිලි.. මොකද ඒ රූම් එක අවුරුදු ගාණක් පාවිච්චි කරපු එකක් නෙමෙයි...

එතන යට තිබුණු දූවිලි ගොඩේ මිනිහගේ අඩි සටහන් හොඳට ඇඳිලා තිබුණා.. එක වෙලාවක කකුල්වල සම්පූර්ණ ෆුට් ප්‍රින්ට් එකක් වැදිලා තිබුණත්... ඊළඟ වතාවේ රාක්කෙට ආසන්නම ෆුට් ප්‍රින්ට් එකේ තිබුණේ ඇඟිලි කොටස විතරයි..

ඇයි එහෙම වෙන්නේ.. මිනිහා ඇඟිලි වලින් ඉස්සිලා උඩ තිබුණු මොනවා හරි දෙයක් අරන් තියෙනවා.. උඩ තිබුණු දූවිලිවලත් එක තැනක ඒ දූවිලි අයින් වෙලා තිබුණු එකෙන් ඒක හොඳටම පැහැදිලි...

ඒත් ඒ රාක්කේ අඩි හයක් වගේ උසයි... මිනිහා අඩි හයක් හෝ ඊට ආසන්නව උස වුණානම්.. ඔහොම කකුල් වලින් ඉස්සෙන්න ඕන වෙන්නේ නෑ... ඒත් මිනිහා අඩි හයකට වඩා උස අඩුයි..

ඒ කියන්නේ මගේ ගෙස් එකට අනුව මිනිහගේ උස අඩි පහමාරක් වෙන්න පුළුවන්... හැබැයි වෙන කිසිම එවිඩන්ස් එකක් අපිට හොයාගන්න බෑ එතනින් මොකද හැමදේම සුද්දම කරලා දාලා තිබුණේ... බූට්ස්වල උනත් මන් හිතන්නේ නෑ අපිට මොකුත් හම්බෙයි කියලා"

"ඉතින් අපිට බැරිද ඒ බූට්ස් ගත්තු තැන හොයාගෙන...විස්තර..."

"නෝ.. ටිකක් බුද්ධිමත්ව හිතන්න.. ඒක මෙහෙන් කස්ටමයිස් කරපු එකක් නෙමෙයි... ඒක වෙන රටක කස්ටමයිස් කරපු එකක්...

අනික ඒ වගේ ලක්ශරි බ්‍රෑන්ඩ් එකක සපත්තු කස්ටමයිස් කරගත්තු අයගේ ඉන්ෆෝමේශන් අපිට ගන්න පුළුවන් කියල හිතනවද... අනික ඒ මනුස්සයා හිතලමයි ඕක ඔතන තියලා ගිහින් තියෙන්නේ... ඒක පස්සේ ගිහින් වැඩක් නෑ...."

"ඒත් කේශර අපිට කියන්න බෑ මේ දේවල්වලට සම්බන්ධ ඔයා කියන ඔය පිරිමි කෙනාමද කියලා.. මොකද කලින් වතාවේ විහඟිත් එතන ඉදියා.. කෙමිකල් ගෑවුණෙත් එයාගේ අත්වල.. ඉතින් විහඟිව එහෙම අත ඇරලා දාන්න බෑනේද..."

"ඔව් ඒක ඇත්ත.. විහඟි වගේම ඒ පිරිමි මනුස්සයා අතරේ තියෙන්නෙ ෆිෆ්ටි ෆිෆ්ටි සිටුවේශන් එකක් මන් කලිනුත් කිව්වනේ..."

"දැන් මොකක්ද එහෙනම් අපි කරන්න ඕන..."

"මේක එක චේන් එකක් මෝක්ෂ.. හිතන්න... ඔය මැරුණු විහඟි.. රියල් නෙමෙයි ෆේක් විහඟි කියන්නේ දේවප්‍රියගේ දුවෙක්.. එතකොට මෙයා. දේවප්‍රියගේ එක්ස් වයිෆ්... අනික අපිට ලැබුණු නේල් මාක්ස් ඒවා රියල් විහඟිගේ.. එයත් දේවප්‍රියගේ දුවෙක්.. එතකොට මේක දේවප්‍රිය ෆැමලි එක වටේ ගෙතුණු කතාවක්..."

"ඒ කියන්නේ මෙතන සීරියල් කිලර් කෙනෙක් ඉන්නවද..."

"නෑ.. එහෙම කියන්න බෑ.. මොකද තාම සිද්දි දෙකයි.. ඒ සිද්දි දෙකේ කිසිම සමාන කමක් හරි... අසාමාන්‍ය වියරුවක් හරි අපිට  දැනෙන්නේ නෑ..

මෙතන තියෙන ෆැමලි එකේ ප්‍රශ්නයක්... ඒ හින්දා හැම දේටම කලින් දේවප්‍රියගේ ෆැමලි එක ගැන හොයලා ඉන්න.. මෝක්ෂ ඒක තමයි ඉම්පෝටන්ට් ම දේ...."

"එතකොට මේක සිද්ද වුණේ ඉලෙක්ට්‍රික් ශොක් එකකින් කියලා ශුවර්ද.. වෙන හේතුවක් නැද්ද..."

"නෑ.. මට පේන හැටියට නෑ.. හොඳටම පැහැදිලි ඒක... අනික අපිට වයර් දෙකත් හම්බුනානේ..."

"හරි.. මන් දේවප්‍රියගේ ෆැමලි එක ගැන විස්තර හොයලා කියන්නම්..."

මේඝ ඔලුව වැනුවාම මෝක්ශ වගේම යොමේනුත් අපි ඉඳපු තැනින් නැගිටලා ගියා...

"එතකොට... යස්වි ඉන්නේ කොහෙද දැන්..."

ඔක්කොම කතා ඉවර වුණාට පස්සේ මන් මේඝගෙන් ඇහුවා...මොකද යස්වි ලෙඩ වෙලා ඉන්නේ.. කොහේ ඉන්නවද මොනවා කරනවද කියලා මන් කිසිම දෙයක් දන්නේ නෑ... ඒත් මේඝ.. මන් නොදන්න දේවල් මන් හිතන්නේ එයා දන්නවා.. මට දැනගන්න ඕන... මොකක්ද වුණේ කියලා... යස්විට

"ශී ඉස් සේෆ් ඩෝන්ට් වොරි..."

මේඝ වෙනුවට උත්තර දුන්නේ පන්සිළු...

"පන්සිළු අවින්දි එක්ක ගිහින් පොඩ්ඩක් බලන්න.. ඉතුරු අරේන්ජ්මන්ට්ස් කොහොමද කරන්නේ කියලා.."

ඔව් ඉතින් මේඝ එන එකක් නෑ.. ඕවා බලන එකකුත් නෑ..

මන් පන්සිළු එක්ක.. එළියට ගිහින් බලද්දි තමයි දැක්කේ දේවප්‍රියත් එතනට ඇවිත් හිටපු බව.. මේඝ දැක්කද දන්නෑ...

"ඕහ් මිසිස් මේඝාදිත්‍ය ඔයත් ආවද.. ෆියුනරල් එක ගැන වද වෙන්න එපා ඒ හැමදේම මන් ඇරේන්ජ් කරන්නම්.."

කපටි හිනාවක් දාලා මිනිහා ඇතුළට ගියා.. කොහොමත් අම්මා මට වඩා ඒ මනුස්සයට ළඟයිනේ.. අනික අම්මා අඳුනන මිනිස්සුන්ව දන්නෙත් එයා... ඒ හින්දා එයා ඒ වැඩ බලන එක හොඳයි.. අනික මන් කොහොමද මේඝගෙන්වත් උදව්වක් ගන්නේ... ඒක හින්දා මන් මොකුත් කියන්න ගියේ නෑ...

"ඔයා ඒකට කැමතිද... අපිට පුළුවන් ඔයා කැමති නම් ඒ වැඩ ටික භාරගන්න..."

"නෑ ඕන නෑ.. පන්සිළු එයාලට කරගන්න දෙන්න..."

මන් පොඩි හිනාවක් දාලා ආයෙම ඇතුළට ගියේ අන්තිම පාරට අම්මගේ මූණ බලන්න...

මෙච්චර කාලයක් එයා නැතුව ජීවත් වුණත් මන් දැනන් ඉදියා එයා ලෝකේ කොහේ හරි ඉන්නවා කියලා.  ඒත් දැන් ඒක වෙනස්.. එයා කොහෙවත් නෑ..

මගේ කියලා කියන්න... මන් දන්න තරමින් දැන් කවුරුවත් මට නෑ..  ඉන්නවා මේඝ.. යශේන්.. අම්මා.. තාත්තා.. ඒ උනාට ඒවා තාවකාලිකයි නේ.. කවුද දන්නේ කවදා මේඝ මේක නවත්තයිද කියලා එහෙම වුණොත් ආයෙම මන් තනිවෙනවා..

ආයෙමත් ඉබේම ඇස්වල කඳුළු පිරෙද්දි.. මන් දිගටම අම්මා දිහා බලන් ඉදියා...

ඊළඟ පාරවත් මට මෙහෙම කරන්න එපා අම්මේ..ප්ලීස්... කොච්චර එපා වුණත්.. කොච්චර අසරණ වුණත් අනේ මාව ඔයාගෙන් ඈත් කරන්න එපා... මට ඔයා ගාව ඉන්න දෙන්න ප්ලීස්... අනික ඔහොම කලින් යන්නත් එපා... රෙස්ට් ඉන් පීස්....

මන් අම්මා දිහා බලාගෙනම හිතින් හිතලා එළියට ආවා.. මොකද මට ෆියුනරල් එකට එන්න උවමනාවක් නෑ. එතන ඉන්න මිනිස්සු අහන ප්‍රශ්නවලට උත්තර දෙන්න මට කොහෙත්ම බෑ... ඒ නිසා මේ අන්තිම පාර මන් අම්මව දකින...

මන් ආයෙම ගිහින් මේඝගේ කාර් එකෙන් වාඩි වෙද්දි මේඝත් ඩ්‍රයිවින් ශීට් එකේ වාඩි වෙලා ඉදියා...

"ඔක්කොම හරිද........
අම්.. විත් යූ.. බී ස්ට්‍රෝන්ග්..."

මන් කකුළ උඩ තියන් ඉඳපු මගේ අත අල්ලගෙන ගියර් බොක්ස් එක උඩින් තියපු මේඝ මගේ ඇස් දිහා බලාගෙනම කියද්දි ආයෙ තවත් මොකක්ද.. මාව දියවෙලා යන්න ඒ ටික ඇති....

ප්ලීස්... ඔයත් මාව තනිකරන්න එපා.. මන් බයයි තනියෙන් ඉන්න.. අනේ.. මන් කැමති නෑ ඒකට...

මට ඒ හැඟීම් වචන කරන්න ඕන වුණත් ඒවා තිබුණේ මගේ හිත අස්සෙමයි... මට ඒවා මේඝට කියන්න ඕන වුණත් ඒකට මට හයියක් නෑ...

එයා මගේ අත අල්ලගෙන ම දිගටම ඩ්‍රයිව් කරන් යද්දි මන් දිගටම මේඝ දිහා බලාගෙනම ඉදියා...

අයි.. ලව් යූ... අයි ලව් යූ... සෝ මච්.. ඔයා හිතනවටත් වඩා... ඔයා දන්නවටත් වඩා... ඔයාට දැනෙනවටත් වඩා... සෝ ප්ලීස් ඩෝන්ට් ලීව් මී...

මන් හිතින් හිතන ගමන් ඇස් දෙක පියාගත්තේ.. ඇස් මත්තේ තිබුණු කඳුළු... පෝලිමට මගේ කම්මුල් දිගේ පල්ලම් බහිද්දි....

•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°

මේඝව abuse කෙරෙව්වා කියලා අවින්දිගෙන් ගුටි කාලා ස්වර්ගස්ථ වුණු මන්... :(

කමක් නෑ

Thank u 4 2K guys..:)<33

මීළඟ මේඝයෙන් හමුවෙමු...

Продолжить чтение

Вам также понравится

5.7K 913 14
දැනට වට්පෑඩ් තුල ප්‍රසිද්ද කතුවරුන් මෙතෙක් කාලයක් ආ මග
604K 44.7K 46
မင်ရန်ရှင်း💓ဝမ်ယွမ် {ဝမ်ယင်}
6K 1.5K 11
හෝලා... කොපි නොකර තමාගේ උත්සාහයෙන් හා කැපවීමෙන් වට්පෑඩ් එකේ ජනතාව අතරට ඔයාගේ කතාවත් ගෙනියන හැටි පොඩ්ඩක් මම දන්න තරමින් කියලා දෙන්නයි මේ පොත. කැමති අය...
ඩේලියා | Dahlia lis

Документальная проза

14.6K 3.8K 43
'ඔයා වෙව්ලන්නේ බය වෙලාද?' එයා අහද්දි මම උඩ බිම බැලුවා. මම බය වුණු බව ඇත්ත. ඒත් ඇයි මම ඒක එයාට කියන්නේ? 'නෑ මට තයිරොක්සින් ප්රශ්නයක් තියෙනවා.' මම...