Love In My Heart ( Complet...

By kidurangana

33.1K 6.2K 775

සත්තයි , වසන්තය නැවත ඔබ සොයා එනවාමයි. More

චරිත හැදින්වීම.
chapter 01
chapter 02
chapter 03
chapter 04
chapter 05
chapter 06
chapter 07
chapter 08
chapter 09
chapter 10
chapter 11
chapter 12
chapter 13
chapter 14
chapter 15
chapter 16
chapter 17
chapter 18
chapter 19
chapter 20
chapter 21
chapter 22
chapter 23 * ( bonus )
chapter 24
chapter 25
chapter 26
chapter 27
chapter 28
chapter 29
chapter 30
chapter 31
chapter 32
chapter 34
chapter 35
chapter 36
chapter 37
chapter 38
chapter 39
chapter 40
chapter 41
chapter 42
chapter 43
chapter 44
chapter 45
chapter 46
chapter 47
chapter 48
chapter 49
chapter 50

chapter 33

539 115 12
By kidurangana

මෙය මාගේ මනඃකල්පිතයක් පමණි. සැබෑ ජීවිතයේ අයවලුන් හා ඒහා සබැදි ස්ථාන මෙම කථාංගයට කිසිදු සබදතාවක් නොමැති බැවින් ඒවා සම්බන්ධ කර නොගන්න.

මාලෙ දාලත් මගෙ කරවටම නැවතුන ඒ අත් දෙක මගෙ කම්මුලේ රැදුන වෙනකොට ඊලගට මම හීනෙකින්වත් නොහිතපු දෙයක් උනා..... මගෙ මුළු ඇගම සීතල වෙලා ගියා ....... ඒ දෙතොල් මාව ස්පර්ශ කරා....... ඔව් එයා මාව සිපගත්ත. ..... කරන්ට් එකක් වැදු හා සමානව ඇරැන මගෙ ඇස් දෙක ඒ ඇස් වල පැටලෙද්දි තාමත් උන දේ හිතාගන්නවත් බැරිව හිටිය මම එක තැනම ගල් වෙලා උන්න. ..... ඒත් ඒ මූණෙ ඇදිල තිබුනෙ මහ දගකාර හිනාවක්. .........

.************************************

" පරණ ණයක් මතක් වුනා...... පොඩි කාලෙ මගෙන් ගත්ත. .......... "

ඒ කිව්වෙ මම පොඩි කාලෙ උන දේ ගැන කියල මට හොදටම තේරැන වෙනකොට ටික වෙලාවකට තිබුන මගෙ සතුට ඊලගට ඇහුන කටහඩත් එක්කම නැත්තටම නැතිවෙලා ගියා......

" මල්ලී ............. "

" අ.....අක්ක........ "

කවදාවත් ඇහුන් නැති විදියට පලවෙනි වතාවට මම නෙතූ අක්කගෙ කටහඩේ කේන්තියක් දැක්ක. ......



" මැණික ඔයා රෑම් එකට යන්න මම බලන්නම්. .......... "

එයා මට යන්න කිව්ව උන කොට මම නොයා එතනම ඉදිය......

" මෙතන වැරදි කාරය ඔයා විතරක් නොවුනු කොට මම කොහොමද මේ ප්‍රශ්නෙට ඔයාව විතරක් තල්ලු කරන්නේ. ..... "

" සුදු මැණික මේ අහන්නකෝ. ......... දැන් හොද ලමය වගේ යන්නකෝ. ....... මම අක්කත් එක්ක කතා කරන්නම්. ...... "

" මල්ලී මම මොනවද මේ දැන් දැක්කෙ ......... ආ......කියනව........ මෙතන මොනවද සිද්ධ වෙන්නේ. ........."

තවත් එයාව අපහසු තාවයට පත් කරන්න බැරි තැන මම ආපහු මගේ රෑම් එකට ආව...... එතන මොනාවෙනව ඇත්ද කියල හිතනගමන් මම කලේ රෑම් එකේ එහාට මෙහාට ඇවිදින එක විතර වෙනකොට මට ආව කෝල් එකත් එක්ක  මම නැවතුනා. .......

"හෙලෝ..... . පුතා ...... ....... මේක ගොඩක් හදිසි අවස්ථාවක් ...... මට ඔයාව පුළුවන් ඉක්මනට මීට් වෙන්න ඕන ...... පුලුවන්නම් මේ දැන්මම..
...... "

" හරි අංකල් මට පුළුවන්. ..... එදා ආව කැෆේ එකටම එන්නම්. ...... ?"

.

"හරි දරැවො හරි....... එහෙනම්
පරිස්සමට....... "

නොසන්සුන් වෙලා තිබුන හිත තව තවත් නොසන්සුන් වෙද්දී අහුඋන ඇදුමකුත් ඇගට දාගත්ත මම ගෙදරින් එන්න ආවෙ කාටවත් නොකියම බස් එකක නැගල........

**********

" අංකල්. ......... "

"මම ගොඩක් ලේට් ද දරැවො...... "

" නැහැ අංකල් .......... අංකල්ට මොකද්ද මට හදිසියේම කියන්න තියෙනව කීවෙ ............."

" ඔක්කොටම කලින් මේක බලන්නකෝ දරැවො ....... "

මගෙ ඉස්සරහ තබුනෙ ලියුමක් වෙද්දි නමක් ගමක් සදහන් කරල නොතිබුණු ඒ ලියුම මම අරන් කියවන්න ගත්ත.......

" ආච්චි අම්ම. ...... මේ ආච්චි අම්මගෙ අකුරැ........... "

මම හිතුව වගේම ලියුම අවසානෙ ආචුගෙ නම තිබුන වෙනකොට මගෙ හිතට ආව ගැස්මත් එක්කම ලියුම කියවන්න ගත්ත . .......


මම දන්නවා වික්‍රම පුතා කීයටවත් මේ වගේ ලිපියක් බලාපොරොත්තු නොවෙන්න ඇති. ඒවගේම සමහර විට මේ ලියුම ඔයාගෙ අතට පත් වෙද්දී මම ජීවතුන් අතර ඉදීද කියල මට කියන්න අමාරුයි. මොකද මගෙ අසනීපෙ එන්න එන්නම නරක අතට හැරිල තියෙන නිසා මගෙ ජීවිතේ ගැන බලාපොරොත්තුවක් මට දැන් නැහැ. ඒත් මගෙ දරැව එයාගෙ ජීවිතේ මට ගොඩක් වටිනව. වික්‍රම පුතාට මම මේ ලියුම ලියන්න ප්‍රධානම හේතුව වුනේ මගෙ දරැවො දෙන්න මට නැති කරපු ඒ මිනීමරුවට විරැද්ධව සාක්ෂි මම හමුවුණා කියල දන්වන්න ඕන කමක් තිබුන නිසා වගේම උන්ට දඩුවම් දෙන්න පුතාගෙන් මම උදව් උපකාර බලාපොරොත්තු වෙන නිසා. මම නැති උනත් ඒ සාක්ෂි මම මගෙ දරැව ගාව තබා යන්නම්. කරැණාකර මගෙ දරැවගෙ ජීවිතේ ආරක්ෂා කරන්න. මම ඔබෙන් ඉල්ලා සිටිමි.

මෙයට'
අනීතා වික්‍රමසිංහ .

පරණ මතක ආයෙමත් අලුත් වෙද්දී මට හිතුනෙම මගෙ ආචු කියන්නෙ දෙවි කෙනෙක් කියල. මගෙ සතුට වෙනුවෙන් එයා එයාගෙ අසනීපෙ ගැන මගෙන් හංගලා තිබුන වගේම එයාගෙ අවසන් ඉල්ලීම හැටියට මාව ආරක්ෂා කරන්න කියල ඉල්ලල තිබුන.

" පුතා.... දැන් ඔය කදුළු පිහදාගන්න.මේ වෙලාවෙ අපි දුර්වල වෙන්න වෙන්න ඒකෙන් වෙන්නේ වැරදිකාරය ශක්තිමත් වෙන එක ......... ඒවගේම මේ වෙලාවේ කලබලේට වැඩ කරල බෑ දරැවො .......හොද කල්පනාවෙන් වැඩ කරන්න ඕන... ....... පුතා හොදට කල්පනා කරල බලන්න ඒ වගේ සාක්ෂි මොනවම හරි මැණිකේ අම්ම ඔයාට දුන්නද...?"

" නෑ.....අංකල් ...... මට හොදටම ෂුවර් ආච්චි අම්ම ඒවගේ මොනව ගැනවත් මට කීවෙ නෑ. ....... "

" මට හිතෙන්නේ පුතා මේ ලියුමෙ හැටියට ඔය සාක්ෂි පුතා නොදන්නව උනාට පුතා ගාවමයි තියෙන්න ඕන...... ඒවගේම මේ ලියුම නිර්නාමිකව එවන්නත් මොකක් හරිම හේතුවක් මැණිකෙ අම්මට තියෙන්න ඇති........ "

"එතකොට අංකල් ආචු නැතිවෙලා දැන් මාස තුනකටත් වැඩියි...... මෙච්චර දවසක් මේ ලියුම ........... "

" ඕක දරැවො දැන් ඇවිත් ගොඩක් කල්......ඒ වුනාට මගෙ මෙහෙ ගෙදරට නෙවෙයි ඕක ඇවිත් තිබුනෙ. ...... එහෙ address එකට ..... මම මෙහෙට ඇවිත් මාස තුන හමාරකට පස්සේ තමා නිවාඩුවක් අරගෙන ලගදි ගෙදර ගියේ....... ඒක නිසා තමා මට ඔය ලියුම හම්බවෙන්න මෙච්චර කල් ගියෙත්. ......... පුතා පොඩ්ඩක් නිවී සැනසිල්ලේ කල්පනා කරල බලන්නකො ඒ සාක්ෂි ගැන ........ මොනවම හරි තොරතුරක් ලැබුනොත් මට කියන්න. ......"

"හරි අංකල්. ..... මං දැන් යන්නම් අංකල්....... "

" හරි දරැවො පරිස්සමට ....... "

මග දිගට බස් එකේ එනගමනුත් මම හිතුවෙ ලියුමෙ හැටියට ආචු මගෙ ලග තියල තියෙනව කිව්ව සාක්ෂි මොනා වෙන්න පුළුවන් ද කියල වෙනකොට උදේ මම යන්න කලින් ගෙදර වුන දේ මට ආපහු මතක් වුනේ මගෙ රෑම් එකේ ඇද උඩ ඉන්න කෙනානිසා. .... ......

" කොහෙද ගියේ. .....? බලනව තමුසෙ පෝන් එකත් දාල ගිහින් ....... "

මැණික කිය කියා උන්න ඒ කටින්ම මට ආයෙමත් තමුසෙ කියන වචනෙ කීව වගේම මම මොකුත් නොකිය උන් තැනම බලන් හිටියා. ...... ඒ වචනෙ තදයි....ඒ උනත් ඒ වචනෙ ඇතුලෙ තියෙන්නේ මම වෙනුවෙන් පිරැණු ආදරේ විතරක්ම වෙද්දී ඒ කේන්තිය ඉස්සරහ මට දැනුනෙත් මහ පුදුමාකාර සැනසීමක් . .... ඇත්ත...මම කලබලේට පෝන් එක දාල ගිහින් ...... මගෙමයි වැරැද්ද. .... .

"දන්නවද මම කොච්චර බය උනාද කියල ...... "

**************

😊 ඕතරිය පලාක්කුයි කීල බනින්න  එපෝ.......මං පාව්....

😊මේ දවස්වල  කාලගුණේ හොද නෑනේ ලමායී   ...... ඒනිසා පරිස්සමින් ඉන්න. ......එලියට යද්දි මාස්ක් දාගෙන  යන්නෝ .......  හැමෝම පරිස්සමින්.... බුදු සරණයි. .....

Continue Reading

You'll Also Like

94.5K 2.4K 29
˖⋆࿐໋₊ 𝙥𝙧𝙤𝙢 𝙦𝙪𝙚𝙚𝙣 in which she wants to go to prom with her celebrity crush. zach herron / social media short story original characters...
886K 20.2K 48
In wich a one night stand turns out to be a lot more than that.
1.1M 35.9K 62
𝐒𝐓𝐀𝐑𝐆𝐈𝐑𝐋 ──── ❝i just wanna see you shine, 'cause i know you are a stargirl!❞ 𝐈𝐍 𝐖𝐇𝐈𝐂𝐇 jude bellingham finally manages to shoot...
4.2K 887 27
"ඔයා නොදැනුවත්ව හරි කරන්නෙ එක දශමෙකින් හරි මට අලුතින් බලාපොරොත්තු දෙන එක.. හදාගන්න හදන හිතට ඇවිත් තට්ටු දාලා යන එක.. මගෙ වේදනාව එක මොහොතකටවත් නොදැනෙන...