THE ENDLESS LOVE || ʙᴀꜱᴇᴅ ᴏɴ...

By Yugan_Zz

46.7K 7.8K 4.7K

අසීමාන්තික අව්‍යාජ ප්‍රේමයක් වේද එය ලෞඛික නිවනක්ම වනු ඇත, එවන් ප්‍රේමයක් ලග කාලයද නවතිනු ඇත, එවන් ප්‍රේමයක් ක... More

Introduction
CHAPTER 1
CHAPTER 2
CHAPTER 3
CHAPTER 4
CHAPTER 5
CHAPTER 6
CHAPTER 7
CHAPTER 8
CHAPTER 9
CHAPTER 10
CHAPTER 11
CHAPTER 12
CHAPTER 13
CHAPTER 14 🔞
CHAPTER 15
CHAPTER 16
CHAPTER 17
CHAPTER 18
Chapter 19
CHAPTER 20
CHAPTER 21
UNKNOWN CHAPTER
CHAPTER 22
CHAPTER 23
CHAPTER 24
CHAPTER 25
CHAPTER 26 🔞
CHAPTER 27 🔞
CHAPTER 28
CHAPTER 29
CHAPTER 30
CHAPTER 31
CHAPTER 32
CHAPTER 33
CHAPTER 34
CHAPTER 35
CHAPTER 36
CHAPTER 37
CHAPTER 39
CHAPTER 40
CHAPTER 41
CHAPTER 42
CHAPTER 43 🔞
CHAPTER 44
CHAPTER 45
CHAPTER 46
CHAPTER 47
CHAPTER 48
CHAPTER 49
CHAPTER 50
CHAPTER 51
CHAPTER 52
CHAPTER 53
CHAPTER 54
CHAPTER 55
CHAPTER 56
CHAPTER 57
CHAPTER 58
CHAPTER 59
CHAPTER 60 - Last
Author's Note

CHAPTER 38

367 70 49
By Yugan_Zz

At our house_

Aiya "දැන් මෙහෙමයි, දොලහට මෙහෙන් පිටත් වෙන්නෙ... ගෞරව්ව එහෙන් ගත්තා ලියෝව එහෙන් ගත්තා ඊටපස්සෙ කෙලින්ම destination එකට... හරිනෙ"

අයියා මල්ලිටයි මටයි උපදෙස් දෙන ගමන් ගමන යන විදිහ අපි දෙන්නට කිව්වා, අපි දෙන්නත් ඉතින් කියන හැම එකටම ඔලුව වන වන අහන් හිටියෙ ගමන් යන්න මෙහෙ පාරවල් දන්නෙ ඌ නිසා... අයියගෙ ලෙක්චර් එක ඉවර උනයෙන් පස්සෙ මම කෙලිනම මගේ රූම් එකට ආවෙ මගේ ඇදුම් ටික පැක් කරගන්න, මොකද දොලහ වෙන්න තිබ්බෙ තව පැය පහක් වගේ නිසා...

සති දෙකක් ඉන්න plan කරාට මම ටිකක් වැඩියෙනුත් එක්ක ඇදුන් පැක් කරගත්තෙ ඔය සති දෙක අඩුම සති තුනකටවත් ඇදෙනවා කියලා මම දන්න නිසා... ඒ වැඩෙත් ඉවර කරලා මම washroom එකට ගිහින් කන්නාඩිය ඉස්සරහට වෙලා ටිකක් හැඩත් බලලා මම wash එකක් දාන්න පටන් ගත්තා, දවසෙ වැඩ කරලා කරලා ඉවර වෙලා ගෙදර ඇවිල්ලා අයියගෙ මාර්ගෝපදේශනයටත් සවන් දීලා මගේ ඇගේ මාරම තෙහෙට්ටුවක් තිබ්බා... ඒ නිසා සීතල වතුර බින්දු ඇග දිගේ ගලාගෙන යද්දි මට දැනුනෙ පුදුම සනීපයක්...

වොශ් එක දාල ඇවිත් ගෞරව්ටත් කෝල් එකක් අරගෙන ටිකක් කියෝ කියෝ ඉදලා මම පහලට ඇවිත් අම්මලා එක්කම කෑම අරගන්න පටන් ගත්තා... ඔක්කොම වැඩ ඉවර වෙද්දි ගානට එකොලහ පහු වෙලා තිබ්බා... ඉතින් මම ආයෙත් උඩට ඇවිත් පහසු ඇදුමක් ඇදගත්තෙ කොහොමත් මම වාහනේට ගිය ගමන් ගෙම්මා ගැහුවා වගෙ නිදාගන්න නිසා... ලෑස්ති වුනයෙන් පස්සෙ මම පල්ලෙහාට ඇවිත් අම්මියි තාත්තිටයිත් සමු දීලා අයියයි මල්ලිත් එක්කම වාහනේට ආවා... වාහනේ දොර අරිනවත් එක්කම මල්ලිගෙයි මගෙයි රන්ඩුව පටන් ගත්තෙ seats වලට...

Malli "ඕකෙ මායි රූයි, තමුසෙයි ගෞරව් අයියයි පිටිපස්සෙ එකට යනවා"

Me "ඉස්සරහා ඔනේ නම් ඉස්සරහම එකට පලෑන්, නැත්තම් පිටිපස්සට පලෑම්, මේක දෙන්නෙ නෑ"

Malli "මගෙ හොද අයියනෙ, දෙනවකො ඕක"

Me "බෑහ් ඉල්ලන්න එපා දෙන්නෙ නෑ"

Aiya "උබලා දෙන්න පස්සෙ රන්ඩු වෙයල්ලකො පරක්කු වෙනවා"

මල්ලිත් එක්ක රන්ඩු කරලා කරලා කොහොමහරි මගේ පරමාදිපත්‍ය බලය පාවිච්චි කරලා මන් කොහොමහරි මට ඕන සීට් එක අල්ලගත්තා... අපේ රන්ඩුව මැද්දෙම අයියා ඩ්‍රයිව් කරන්න පටන් ගත්තේ රූව ගන්න එයාලගගෙ ගෙදරට යන්න...

Aiya "සුදූ ගෞරව් ආපු ගමන් උබ මලපෙරේතයා පොලේ ගැහුවා වගේ නිදාගෙන්න ලෑස්ති වෙන්න එපා හොදේ

Me "නිදිමතයි ඕයි, ඇගටත් පන නෑ"

Malli "ප්‍රේම කුමාරයා රතයට වැඩිය ගමන් ඇගට පන එයි නේ" පිටිපස්සෙ සීට් එකට වෙලා ඉන්න මල්ලි එහෙම කියද්දි අයියටයි මටයිත් බකස් ගාලා හිනා ගියා...

Me "උබ කොහෙන්ද බන් ඔච්චර පන්ඩිත උනේ"

Aiya "මූ ඉස්සර ඉදන් ඔහොමනෙ බන්, මතකනෙ පොඩි කාලෙ"

Me "අම්බෝ මතකයි මතකයි"

පොඩි කාලෙ මතකයනුත් මතක් කරන ගමන් ටික ටික කාලය ගෙවිලා ගියා... කොච්චර රන්ඩු උනත් මරාගත්තත් සහෝදර කම කියන බැදීම මාරම ශක්තිමත් දෙයක්... අයියෙක් කියන්නෙ මල්ලි කෙනෙක්ගෙ ජීවිතේ දෙවනි තාත්තා, මල්ලි කියන්නෙ අයියා කෙනෙක්ගෙ ජීවිතේ එයාගෙ පලවෙනි දරුවා... ඒ බැදීම් දෙක නොඅඩුව ලබන්න තරම් මම මගේ ජීවිතේ මාරම වාසනාවන්තයෙක්...

ටික ටික කාලය ගෙවිලා අපි එයාලගෙ ගෙදරින් රූවත් අරන් බාප්පටයි පුන්චිටයිත් සමු දීලා ගෞරව්ගෙ ගෙදරට ආවා... ගෙදර ගේට්ටුව ඉස්සරහින් වාහනේ නැවැත්තුව ගමන් මම phone එක අතට ගත්තෙ අපි ආවා කියලා ගෞරව්ට කියන්න... කෝල් එක අරන් විනාඩි පහක් යද්දි මම වින්ඩෝ එකෙන් දැක්කෙ luggage එකකුත් අරන් ගෙදරින් එලියට එන ගෞරව්ව... මූනෙ හිනාවකුත් පුරෝගෙන වාහනේ දොර ඇරලා මම එලියට බැස්සා... ගෞරව් ඇදන් හිටියේ කලුපාට කොට කලිසමකට සුදුපාට hoodie එකක්, ඉතින් හැමදාම වගේ මම ඒ cuteness එකට වශී වෙලා එයා දිහාම බලන් හිටියා...

Gauraw "හායී... " කියාගෙන මන් ලගට ආපු ගෞරව් ක්ශනයෙන් මගේ කම්මුලට කිස් එකක් දීලා මගේ ලගින් එහාට උනා...

Me "That is my breath of life, අදත් මට පිස්සු හැදෙන්නම cute බබෝ ඔයා"

Wishu "ආ හා හා පටන් ගත්තද" ඒත් එක්කම මම දැක්කෙ වත්තෙ ඉදන් ගේට්ටුව ගාවට එන ගෞරව්ගෙ අම්මවයි නංගිවයි, අම්මිත් එක්ක විනාඩි තුනක් විතර කතා කර කර ඉදලා මම ගෞරව්ගෙ luggage එක අතට ගත්තෙ ආයෙත් වාහනේ ඇතුලට යන්න හිතාගෙන...

Me "අම්මෙ එහෙනම් අපි ගිහින් එන්නම්"

Amma "හරි පුතේ කට්ටියන enjoy කරන්න හැබැයි පරිස්සමෙන්, කොහෙවත් නාන්න එහෙම යන්න එපා, අපේ එකාට දවල් වෙනකන් නිදාගන්න දෙන්නත් එපා"

Me " හරි අම්මෙ බුදු සරනයි, ජේසු පිහිටයි"

අම්මටත් සමු දීලා ගෞරව්ගෙ luggage එකත් trunk එකට දාලා අපි වාහනේ ඇතුලට නැග්ගා... අයියත් අම්මට යනවා කියලා ඩ්‍රයිව් කරන්න පටන් ගත්තා...

Malli "නෑ කිව්ව පන ආවද දැන්"

Ruu "එන්න ඇති නේද breath of life දුන්නනෙ" වාහනේට නැගලා විනාඩි පහක් ගියේ නෑ පිටිපස්සෙ ඉදන් මල්ලියි රූයි අපි දෙන්නව බයිට් කරන්න පටන් ගත්තා...

Me "ආපෝ උබලා ඒකත් අහන් හිටියද, අපි දෙන්නට චූටි හරි privacy එකක් දියල්ලකො බන්"

Ruu "මහ පාරෙ මොන privacyද බන්"

Gauraw "හරිනෙ අහගත්තා[😂]"

Me "මූට මාව ජෝක් එකක් මැනික"

Aiya "ඌට අපි ඔක්කොම ජෝක් එකක් බන්"

Me "ඇත්ත"

Ruu "හැකියාව තමා හැකියාව"

Aiya "උබට අපි දෙන්නා එක්ක තරහක් තියෙනවද මගේ චූටි මල්ලියො, උබ මල්ලිව බයිට් එකට ගන්නෙ නෑනෙ ඔහොම"

Me "ඒකනෙ"

Ruu "ඌ අහින්සකයිනෙ ඒකයි"

Me "මේ මූ අහිංසකද අයියෙ"

Malli "ඔව් යකෝ මන් අහින්සකයි තමා"

කියෝ කියෝ ඉද්දි ටික ටික රෑ වෙලා අදුර තව තව වැඩි උනා... අයියා සමහර පාරවල්වලදි වැඩි වේගෙකුත් නැතුව හිමීට ඩ්‍රයිව් කරන් ගියේ පාරවල්වල තියෙන අදුර නිසා... කට්ටියගෙම කියවිල්ලඅත් එක්ක මම ගෞරව්ගෙ උකුල උඩින් ඔලුව තියාගෙන ටිකකට ඇලවුනා, ඒත් එක්කම මගේ කෙස් ගස් අතරින් එයාගෙ එක අතක ඇගිලි යවන ගමන් ගෞරව් පට්ටම ආදරෙන් මගේ ඔලුව අතගාන්න පටන් ගත්තා... ටික වෙලාවක් යද්දි මට නොදැනිම මම නින්දට වැටුනෙ ගෞරව්ගෙ තුරුලෙ ඒ දැනෙන සනීපෙත් එක්කමයි...

වාහනේ ගැස්සෙනවා වගේ දැනෙනවත් එක්කම මම මගේ නින්දෙන් ඇහැරුනා... මම නැගිටිද්දි සීට් එකට හේත්තු වෙලා මගේ තුරුලෙම ගෞරව්ත් නින්දට වැටිලා තිබ්බා, වාහනේ ඇතුලෙ තිබ්බ නිහඩ කමින් මට තේරුනේ මල්ලිලත් නිදි කියලා.. කාටවත් ඇහැරෙන්නෙ නැති වෙන්න මම අයියට කතා කරා...

Me "අයියේ"

Aiya "ආ නැගිට්ටද"

Me "ඕහ්, එක පාටර ගැස්සුනා"

Aiya "වලක් බන් මම දැක්කෙ නෑ"

Me "ආහ් ආහ්, තව කොච්චර වෙලා යයිද ඕයි"

Aiya "තව පැය හතරක් වගේ යයි සුදූ"

Me "තමුසෙට අමාරු නම් මම ගන්නද වාහනේ, නැත්තම් පිටිපස්සෙ එකෙන් guard කෙනෙක් ගමු"

Aiya "නෑ නෑ ශේප් මම නිදාගත්තා දවල්, උබ මහන්සි උනානෙ නිදාගනින් මන් ඇහැරවන්නම් ගියාම..."

Me "හරී"

ඒත් එක්කම මම අපි දෙන්නගෙ සීට් දෙක නිදාගන්න ලේසි වෙන්න හදන්න පිටිපස්සට හැරෙද්දි මම දැක්ක දෙයින් මගේ හිත සතුටින් පිරිලා ගියා... මම දැක්කෙ අපේ මල්ලිගෙ තුරුලට වෙලා නිදාගෙන ඉන්න රූව...රූ මල්ලිගෙ පපුව උඩට ඔලුව තියන් මල්ලි රූගෙ ඇග වටෙන් අතකුත් දාගෙන දෙන්නට දෙන්නා තුරුල් වෙලා ඉද්දි මම උන් දෙන්නගෙන් අපිව දැක්කා... එවෙලෙ මගේ හිතට දැනුන සතුටත් එක්ක මම හිතාගත්තෙ මුන් දෙන්නා කපල් එක උනා නම් කියලා... මට තුරුල් වෙලා ඉන්න ගෞරව්ව මම ලෝබ කමින් උනත් ඇහැරෙවෙ මේක එයාට පෙන්නන්නම ඕන නිසා...

Me "මැනික"

මතු සම්බන්දයි...

හායි ලමායි😌🙌❤️...

ඊලග චැප්ටර් එකේ මොනා වෙයි කියලද හිතන්නෙ😁👉👈...

එහෙනම් ඒකෙන් හම්බෙන්න බලාගෙන අදට අපි ගියා guys..

Yugan Sandesh_









Continue Reading

You'll Also Like

1.3K 333 10
කිරි කෝපි සුවද කහට ජොග්ගුවක්...
24.1K 5.3K 31
[𝘾𝙊𝙈𝙋𝙇𝙀𝙏𝙀]✅ කැම්පස් එකේදි හම්බුන තරහකාරයෝ දෙන්නෙක් ආදරේ කරන්න ගත්තොත් ❤💚 𝙏𝙝𝙞𝙨 𝙞𝙨 𝙤𝙣𝙡𝙮 𝙛𝙖𝙣 𝙛𝙞𝙘𝙩𝙞𝙤𝙣 𝙙𝙤𝙣'𝙩 𝙘𝙤𝙢𝙥𝙖𝙧...
430K 22.5K 49
အခြေအနေတစ်ခုကြောင့် လက်ထပ်ဖြစ်ခဲ့ကြတယ် အန်တီက ရိုးရဲ့ ဇနီးမယားပါပဲ... အေျခအေနတစ္ခုေၾကာင့္ လက္ထပ္ျဖစ္ခဲ့ၾကတယ္ အန္တီက ရိုးရဲ႕ ဇနီးမယားပါပဲ...
62.5K 10.4K 35
තනියම ආදරේ කරන්න පුලුවන්ද ආදරය හිමි නැති බව දැන දැනම ආදරය ආපහු නොලැබෙන බව දැන දැනම.... දවසක හැම දේම ජීවිතයම උන ආදරේ වෙනකෙනෙක්ට බාර දීල... ඈත් වෙන්න ව...