මේඝ | MEGHA || 𝒸ₒₘₚₗₑₜₑ𝒹

By Yazwi_03

51K 6.5K 2.3K

❝ 𝐈 𝐋𝐎𝐕𝐄 𝐘𝐎𝐔 𝐌𝐎𝐑𝐄 𝐓𝐇𝐀𝐍 𝐈 𝐇𝐀𝐓𝐄 𝐄𝐕𝐄𝐑𝐘𝐎𝐍𝐄 𝐄𝐋𝐒𝐄..!! ❞ . . . "මිස්ටර් මේඝාදිත්‍ය... More

පළමු මේඝය
දෙවන මේඝය
තුන්වන මේඝය
හතරවන මේඝය
පස්වන මේඝය
හයවන මේඝය
හත්වන මේඝය
අටවන මේඝය
නවවන මේඝය
දහවන මේඝය
එකොළොස්වන මේඝය
දොළොස්වන මේඝය
දහතුන්වන මේඝය
බෝනස්...!!
දාහතරවන මේඝය
පහළොස්වන මේඝය
දහසයවන මේඝය
Character Introduction
දාහත්වන මේඝය
දහඅටවන මේඝය
දහනවවන මේඝය
විසිවන මේඝය
විසිඑක්වන මේඝය
SPECIAL
විසිදෙවන මේඝය
විසිතුන්වන මේඝය
විසිහතරවන මේඝය
විසිපස්වන මේඝය
විසිහත්වන මේඝය
විසිඅටවන මේඝය
විසිනවවන මේඝය
තිස්වන මේඝය
තිස්එක්වන මේඝය
Q & A
තිස්දෙවන මේඝය
තිස්තුන්වන මේඝය
තිස්හතරවන මේඝය
තිස්පස්වන මේඝය
සමාප්තයි..!!
Special Chapter
Meme Collection
කළුකුමාර අඩවිය

විසිහයවන මේඝය

883 144 34
By Yazwi_03

උදේ පාන්දරම හිතා ගන්න බැරි තරමේ ප්‍රශ්න කන්දරාවක් ඔලුව උඩට පාත් වුණ හින්දා මන් ඉදියේ මාරම අවුලෙන්.. කොච්චර ට්‍රයි කළත් දවසෙම ලපේව කන්ටැක්ට් කරගන්න බැරි වුණා... ඔය ගෑනිට මරි මෝල් තද වෙලාද කොහෙද නාඩගම් නටන්නේ...

මෝක්ෂගේ කට්ටිය ලපේගේ නම්බර් එක ට්‍රැක් කරලා ලොකේශන් හොයාගෙන තිබුණත් වැඩක් වෙලා නෑ.. ෆෝන් එකයි සිම් එකයි කුණු ගොඩක තිබිලා හොයාගෙන තියෙන්නේ.. ශුවර් එකටම වෙන නම්බර් එකකට මාරු වෙන්නැති....

අලයත් ගියා ගියාමයි හොයාගන්නවත් නෑ..අර අනික් පොලිස් පිලිහුඩුවත් ඇවිත් මගේ මුළු ගේම අවුස්සලා ඇදලා දාලා ගියා.. හම්බු වෙන්න ඇති බම්බුවක් ඔය යකාට...ඒත් මන් දැක්කා පොලිතින් බෑග් වල සාම්පල් වගයක් නම් දාගෙන යනවා නම්.. තම්බගෙන කන්න වෙන්නැති...

දවසම ගෙවුණේ හරිම මූසල විදියට ඔක්කොටම වඩා හිතට බයයි... ඩොක්‍ටර් නුගාරත් එක්ක ටිකක් කතා කරපු හින්දා හිත පොඩ්ඩක් හැදුනට ආයේ තනියම කල්පනා කරද්දි සේරම අවුල් යනවා...

හතහමාර අට විතර වෙන්නැති... මන් සාලෙට වෙලා සෝෆා එක උඩ හතරගාතේ දාගෙන ටීවි එකේ චැනල් මාරු කර කර ඉදියේ... මහා භූත කළුකුමාරයා සැපත් වුණා.. ඇයි ඉතින් දඬුමොණරේ නළා පිඹගෙනනේ එන්නේ... විකාරේ.....

මන් ගණන් ගත්තේ නෑ.. ආවා කියලා මට වැඩක් තියෙද.. මන් ඉතින් චැනල් මාරු කර කර ඉදියා.. මිනිහා ආවා ටොකොස් ටොකොස් සද්දෙත් දාගෙන ගෙට.... ෆෝන් එක මේසේ උඩින් තියලා ටයි එකත් බුරුල් කරන ගමන් උඩ තට්ටුවට ගියා බුම්මගෙන.. 

මේ උදේ හොඳට ඉඳපු එකාට රෑ වෙද්දි තද වෙලා.. නැත්තන් පොඩ්ඩක් මාත් එක්ක හිනා වුණානම් ඔය භූතයගේ පැත්තක් පහත් වෙනවද....

මන් කළුස්ට හිතින් බැන බැන ඉද්දි ටේබල් එක උඩ තිබුණ උන්දැගේ ෆෝන් එක රින්ග් වෙන්න ගත්තා..

අනේ මට මොකද.. කෝල් ගන්න එකා දන්නවා ඇතිනේ මොන වගේ ජොනතන් කෙනෙක්ටද කෝල් ගන්නේ කියලා.. ඒ දැන දැන ඔහොම කෝල් ගන්න එකට හොඳ වැඩේ ඕකට....

ආයේ දෙපාරක් විතර ඒ අටමගල රින්ග් වුණා...

රෙද්ද මට හිත නිදහසේ ටීවි එකවත් බලන්න නෑ මේ කොහෙද යන භූත මිනිහෙක් හින්දා..

හතර වෙනි පාර අටමගල නාද දෙද්දි මන් ඉදියේ ෆෝන් එක ළඟ.. පොප් අප් වුණු ස්ක්‍රීන් එකට එබිලා මන් බැලුවා කාගෙන්ද කෝල් එක කියලා... ම්ම්ම්හූ... අන්නෝන් නම්බර් එකක්... කවෞද්දන්නෑ...

මටත් ඉතින් අමුතු පුදුමාකාර කැහිල්ලක් තියෙන හින්දා.. ෆෝන් අතට අරන් ආන්සර් කළා විතරයි... මගේ අතින් ෆෝන් එක මොකෙක් හරි පිටිපස්සේ ඉඳන් උදුරලා වගේ ගත්තා...

මන් පට ගාලා ඔලුව හරවලා බැලුවා ඉතින්... වෙන කවුද අර කළුකුමාරයා කියන හෝතම්බුවා... ඒත් මට ඇහෙනවා ලයින් එකේ ඉන්න මනුස්සයා හෙලෝ හෙලෝ කියනවා.. දෙපාරක් තුන් පාරක් හෙලෝ සද්දෙ ඇහෙන්න ඇති මේ පිස්සා කෝල් එක කට් කළා.. අපෝ මුන්ගේ කෝල් අහන්න වැඩේමයි මට...

ඒත් අර කටහඬ මට පොඩ්ඩක් හුරුයි.. ලපේද.. ටිකක් ලපේ වගේ.. ඒත් ලපේ මොකටද මේ යකාට කෝල් ගන්නේ... මූණ බලලා කතා කරන්න බය ගෑනි මේ මනුස්සයට කෝල් ගනියි කියලා හිතන්නේ කොහෙද.. එක්කෝ මේ මගේ ඔළුවේ තියෙන විකාර වෙන්නැති... පිස්සු මටත්....

කළුකුමාරයත් මට රවලා ෆෝන් එකත් අරන් උඩට යන්න ගියා.. රැව්වේ නැතොත් මුගේ කටේ පැත්තක් ගෙවෙනවනේ ඉතින් ඒකනේ ඔය...

ස්ටෙයාකේස් එකේ ටික දුරක් නැගලා මිනිහා මට කතා කළා...

"ලෑස්ති වෙනවා... නුවරඑළියේ යන්න..."

"මොකක්...."

මන් ආයේ ඇහුවත් භූතයා උත්තරයක් නොදී උඩට ගියා.. මුගේ ආච්චිට.. කවදා කොයි වෙලාවටද අදද.. හෙටද... මොකටද..

යකෝ මෙච්චර මේ ප්‍රශ්න තියෙද්දි නුවරඑළියේ යන එකද කරන්න තියෙන ලොකුම වැඩේ ඒකත් කමක් නෑ මට හික් ගෑවෙන්නම හෙම්බිරිසාව හැදිලා තියෙද්දි නුවරඑළියේ යන්න.. මූට දෝදුද කොහෙද....

"අදද යන්නේ..."

මන් පහළ ඉඳන්ම හයියෙන් කෑගහලා ඇහුවා....

උත්තර නෑ... අනේ ඇත්තට මට එන සතුට.....

"අදදෝ...."

මෝඩකමට බෙහෙත් බොන්න අමතක වුණ හින්දා මන් ආයෙම හයියෙන් කෑගහලා ඇහුවා...

ඒත් නෑ සද්දයක්..

සිරාවටම මන් දැන් උඩට ගියොත් ඔක්කොම හිතේ අමාරු පැත්තකින් තියලා ඔය භූතයගේ කන පැලෙන්න ගහනවා... මේ දෙන දුකට...

මන් ටිකක් වෙලා ඉනට අත් දෙක ගහන් උඩ බලන් ඉදියා...

"අද........."

කියන්න ගියා විතරයි මොකක්ද මන් දන්නෑ බම්බුවක් උඩින් ඇවිත් මගේ ඔලුවට වැදිලා පැත්තකට විසි වෙලා ගියා...

රිදුනා යකෝ ඒක...

ඔලුවටත් අත ගගා උඩ බලද්දි පිස්සු කළුකුමා උඩ.. ඔය අපතස් තමා ඕක විසි කරන්නැත්තේ...

"අද නැතුව....!! දැන් ලේස්ති වෙනවා..."

එහෙම කියලා ගියා...

ඤම් පචන් ගාන්න විතරයි ඔය යකා දන්නේ.. මන් පටගාලා බැලුවේ අර විසි කළේ මොකක්ද කියලා....

දෙයියෝ සාක්කි...

හෙණ ගැහුවත් මදි... මල හොල්මනට... අනේ මගේ එයාබඩ්ස් දෙකනේ පිස්සු භූතයා පහළට විසි කරලා තියෙන්නේ.. එකක් කැඩිලා ගිහින්... මූ හිතන් ඉන්නේ මේවා කොස් ඇට දීලා ගන්න එව්වා කියලද දන්නෑ...

මන් අමාරුවෙන් හම්බ කරන සල්ලි එකතු කරලා මේවා ගත්තේ යකෝ.. රෙද්ද... ඇපල් බ්‍රෑන්ඩ් එකෙන් තිබ්බෙත් ඔච්වරයි... හරිනේ අමාරුව ඒකටත් කෙළියා... වඳුරු මොටා...

මන් බැන බැනම මගේ එයාබඩ්ස් දෙකත් අහුලගෙන කාමරේට ගියා...

තාම හොටු බේරෙනවා.. මොනවා කරන්නද.. මන් දැන් ලේස්ති වුණේ නැති වුණොත් ඔය පිස්සා ඇඳිවත පිටින් වුණත් මාව ඇදගෙන යන්න බැරි නෑ... ඒ හින්දා මන් කබඩ් එකෙන් යන්තන් ඇඳුම් කෑලි ටිකක් අරන් ඇඳ පැළඳගෙන පට ගාලා පහළට ආවේ තව පොඩි බෑග් එකකුත් අරගෙන.. කවුද දන්නේ ඔය මිනිහා කීදවසක් ඉදීද කියලා.. මට ඉතින් කුණු වෙවී ඉන්න බෑනේ එහෙම....

මන් පහළට යද්දිත් මේ මිනිහා ලේස්ති වෙලා ඔක්කොම කරලා කාර් එකටත් නැගලා ඉවරයි... යකෝ සොනික් වගේනේ...

මන් සද්ද නැතුව ගිහින් නැග්ගා කාර් එකට... ගෙදර දොර වැහුවෙවත් ලයිට්ස් ඕෆ් කරේවත් මොකුත් නෑ.. කමක් නෑ මේරි අම්මා ඉන්නවනේ...

මන් බෑග් එකත් බදන්... ශීට් එකේ වාඩි වෙලා බෙල්‍ට් එක දාගන්න හදනකොටම... කළුකුමාරයා මගේ උකුල උඩ තිබුණ පොඩි බෑග් එක උදුරලා අරගෙන පිටිපස්සෙ ශීට් එකට විසි කළා...

මුගේ ආච්චිට...

පුදුමාකාර අමාරුවක් නේ තියෙන්නේ....

" පොට්ටනි උස්සන් යන්න මන් තමුසෙව වන්දනා ගමනක් එක්කන් යන්නේ නෑනේ..."

එහෙම කියලා.. මගේ ශීට් බෙල්ට් එකත් ඇදලා වගේ අරගෙන එකපාරටම සෙට් කරලා ඒ භූතයා කාර් එක ස්ටාට් කළා.. යකෝ හුස්ම හිරවෙනවා තව ටිකෙක් අර ශීට් බෙල්ට් එක ඇදපු පාරට....

පැයක් දෙකක් යනකන්ම ඉතින් අපේ අතරේ කිසි කතාවක් නෑ.. මන් ටිකක් වෙලා ෆෝන් එකට ඇන ඇන ඉදියා.. ටිකක් නිදාගත්තා... ආයේ නැගිට්ටේ නම් නිකන් අමුත්තක් දැනුන හින්දා...

ඇස් ඇරලා බැලුවාමයි දැක්කේ කාර් එක කොහෙදෝ අම්බලමක නවත්තලා. අර පිස්සා ඩ්‍රයිවින් ශීට් එකෙත් නෑ.. අනේ මන්දන්නෑ මේ මිනිහට මොන ජාතියේ මනසක්ද තියෙන්නෙ කියලා....

මන් වටපිට බැලුවා ටිකක්.. ඇක්චුවලි ඒක අම්බලමක් නෙමෙයි කාර් පාක් එකක්.. කෝ ඒත් මේ යකා මට තනියම බහින්නත් බයයි අනික රෑනේ....

විනාඩියක් දෙකක් වටපිට බල බල ඉද්දි කළුකුමාරයා ආවේ කොෆී කප් දෙකකුත් අතේ තියාගෙන...

මට ද දන්නෑ.. ඇතැම් විට වෙන්න පුළුවන්.. බලමුකෝ....

"එන්නැද්ද..."

මගේ පැත්තේ දොර අරින ගමන් කාලභූතයා ඇහුවා...

මන් වචනයක්වත් කියන්නේ නැතුව බැස්සා ඉතින්.... මොකුත් ඇහුවට උත්තර දෙන මිනිහෙක් නෙමෙයිනේ.... මගේ දිහා ඇස් කොනෙන් වගේ බලලා කොෆී කප් එකෙනුත් උගුරක් බීලා මිනිහා ඉස්සරහට ඇවිදගෙන ගියා...

ඔව් ඔව් මට තමයි අරක ගෙනත් තියෙන්නේ.. අනේ මගේ ගොම්බෙටි මොළේ....

මන් ඔළුවටත්  එකක් ගහගෙන කළුකුමාරයගේ පස්සෙන් ගියා...

හරිනේ අමාරුව..

රෙස්ටුරන්ට් එකකට ඇවිත් තියෙන්නේ.. ඒකත් නිකන් එකක් නම් කමක් නෑ මහ බොරු සෝබන තියෙන ෆැන්සි රෙස්ටුරන්ට් එකක්... ඇත්තටම මන් ඔය වගේ විකාර තැන් වලට ආස නෑ.. ආස නෑ නෙමෙයි...

අනේ මන්දා.. මට ඇත්තටම එතන තියෙන කෑමවල නම් තේරෙන්නේ නෑ. කොච්චර මෙනූ එකක් තිබ්බත් මට ඒ වචන නිකන් කුණුසරුප වගේ.. ඒ හින්දා.. මට පොඩිමවත් රුචියක් නෑ මේ ගුබ්බෑයම අස්සට රිංගන්න.. මොනා කරන්නද... හැමදේම කරුමෙට භාර දීලා මන් ගියා කළුකුමාරයගේ පස්සෙන්...

මිනිහා ගිහින් වාඩි වුණා ඉතින් ටේබල් එකක.. අනේ මල සෝබන වැඩ... එක එක සුකුරුත්තන් ලයිට් කෑලි එල්ලලා වීදුරු වගේ පොළොව දිලිසෙනවා... හැටක් විතර අඬු බඬු මේසේ උඩ... කෝලම්... මට පේන්න බෑ...

මන් වචනයක්වත් නොකිය ඉදියා.. මොනවා කියන්නද.. අරන් දෙන දෙයක් කාලා යනවා...කන්නත් බෑ හෙම්බිරිසාව හින්දා...

විනාඩියකින් දෙකකින් වේටර් කෙනෙක් අපි ළඟට ආවා.. බූරු ඔලමොට්ටල ගස් ගෙම්බා මට නේ යකෝ මෙනූ කාඩ් එක දික් කරේ..  හරිනේ දැන් කාලා වරෙන්කෝ ගුලිය... මන් හෙමීට පෙරළලා බැලුවා.. කිව්වා වගේමයි මෙලෝ මල දානයක් තේරෙන්නේ නෑ මට...ඉංග්‍රීසිත් නෙමෙයිද මන්දා මේ නම්...

"මොනවද මිස් ඕඩර් කරන්නේ..."

වහ ටිකක් ගෙනත් දීපන්.. මූටත් දීලා තොටත් දීලා මාත් කාලා රොත්ත පිටින් මෙතනම වැළලෙන්න...

"ම්ම්.. අපි තව ටිකකින් ඕඩර් එක දෙන්නම්..."

මන් ඉතින් අමාරුවෙන් වචන ගළපගෙන එහෙම කිව්වා.. ඕවා මන් ලපේගෙන් ගත්තු අත්දැකීම්.. සමහර දවස් වලට අපි මේ වගේ රෙස්ටුරන්ට්වලට රිංගලා එහෙම කියලා පට ගාලා මාරු වෙලා හන්දියේ පෙට්ටි කඩෙන් උළුදු වඩේ කාලා ගෙදර එනවා.. අද මොන උළුදු වඩේද හම්බෙයි බම්බුවක්...

මන් උඩ ඉදන් පහළට පහළ ඉඳන් යඩට මෙනූ කාඩ් එකේ සැරිසරද්දි කළුකුමාරයා මගේ අතින් කාඩ් එක ඇදලා ගත්තා....

"මොනවද කන්නේ...

කාඩ් එක නවලා පැත්තකින් තියලා මේ මිනිහා අත් දෙකත් පපුවට බැඳගෙන මගෙන් ඇහුවා..

කන්නේ උබව... ඇයි යකෝ... මේ නැති ප්‍රශ්නයක් නේ ඔළුවට දැම්මේ..

"ම්ම්.... අනේ.... මන්දා... රයිස් හොඳයි.. සී ෆුඩ් වගේ..."

මිනිහා කිසි උත්තරයක් දුන්නේ නෑ අත් දෙකත් බැඳගෙන මගේ දිහාම එකඑල්ලේ බලන් ඉදියා..

මොන මගුලක්ද... සමහර විට ඒවා නැතුව ඇති...

"තව.... ආහ්... කොත්තු කොහොමද.. චීස් චිකන් එකක් නම් අවුලක් නෑ..."

ඒත් නෑ ඔහේ අත් දෙකත් බැඳන් මන් දිහා බලන් ඉන්නවා.. ඒකත් නැතුව ඇති...

"තව.. චීස් පැස්ටා මොකෝ...."

ම්ම්හු.. කලින් ඇක්ශන් එකමයි... යකෝ ඒකත් නැද්ද ඒ කියන්නේ.....

"තව එතකොට... ම්ම්ම්ම්....ආහ්.. මේ.... ස්පැගඩි... හොඳයි නේ...."

යකෝ කලින් විදියටම මගේ දිහා බලන් ඉන්නවා මේ යකා.. දෙයියනේ මේ මගුලේ කඩේ හොඳයි... කන්න බොන්න කිසි දෙයක් නෑනේ.. සෝබනේ විතරයි....

"බර්ගර් බන් එකක්... ආහ්... තව මොනාද.. ක්‍රීම් චිකන් සුප්...."

හැබැයි ඒ වෙලාවේ නම් කළුකුමාරයා පෑනක් අරගෙන මෙනූ කාඩ් එකේ නෝට් එකක් දැම්මා... අන්තිමට සුප් එකක් විතරයි මේ අටමගලේ තිබිලා තියෙන්නෙ.. අර පාරේ කොත්තු කඩේකින් නැවැත්තුවා නම් බඩ පිරෙන්න කාලා...

කළුකුමාරයා වේටර්ට කතා කරලා මෙනූ කාඩ් එක දුන්නට පස්සේ මොනාද මන්දා ඩ්‍රින්ක්ස් දෙකක් ගෙනල්ලා ඒ යකා මේසේ උඩින් තිබ්බා...

කළුකුමාරය නම් ඒක දිහාවත් නොබලා ෆෝන් එකේ මොකක්ද කරන්න ගත්තා... මන් ඉතින් ගොනා වගේ පොඩ්ඩක් බීලා බැලුවා..

නෙදකින් මුන්ගේ දහජරාව.. කටේ තියන්න බෑ වහතු රහයි... මොකට ගෙනාවද මන්දන්නෑ....

ආයේ ටික වෙලාවකින් තව භූතයෙක් ඇවිත් ඒ බීම එකට අමුතු හැඩයේ කුට්ටියක් වගේ එකක් දාලා ලයිටර් එකකින් පත්තු කළා...

ආහ් ඉටිපන්දමක්.. එත් ඇයි බීම එකට ඉටිපන්දම දැම්මේ පිස්සුද...

"මේ ඇයි අර බීම වීදුරු දෙකට ඉටිපන්දම් දැම්මේ..."

කළුකුමාරයා හෙනම නෝන්ඩි විදියට ඔලුව උස්සලා මගේ දිහා බැලුවා... පට්ටම නෝණ්ඩියි...

"තමුසෙට මේ උස වීදුරු දෙකේ ඩ්‍රින්ක් එකක් තියෙනවා වගේද පේන්නේ.. මොළේ හොඳ නැද්ද හලෝ..."

"ආ...... නැද්ද...."

කළුකුමාරයා ආයේ ඔළුව දෙපැත්තට වන වන ෆෝන් එකට මූණ ඔබාගත්තා.. හරියට මූ නම් හැදෙන්නෑ වගේ මූඩ් එකකින්...

හරිනේ ඉතින් වීදුරු දෙකත් පොඩ්ඩක් වෙනස්.. අනික ජරා රහක් ආපු එකෙත් පුදුමයක් නෑ.. යකෝ මන් එච්චරම මොංගල් ද දෙයියනේ... ආයේ නම් කෑම වගේ පැහැදිලිව පේන දෙයක් මිසක් වෙන කිසිම දෙයක් කටේවත් තියන්නේ නෑ...

ටික වෙලාවක් බලන් ඉද්දි වේටර්කාරයා ආවා.. ඇවිත් ටේබල් එක උඩින් ස්පැගඩි ප්ලේට් එකක් තිබ්බා.. සැක් තිබිලා නේ මේවා...

සුවඳයි හැබැයි...

මන් ගෑරුප්පුවත් අතට අරගෙන කන්න කියලා රෙඩි වුණා විතරයි මෙන්න අර වේටර්කාරයා ආයෙම ආවා.... ආහ් කළුකුමාරයගේ ඕඩර් එක ගේන්න ඇති....

මොන.. ඒපාර බර්ගර් බන් එකකුයි ක්‍රීම් චීස් සුප් එකකුයි චීස් පැස්ටා එකකුයි ගෙනත් තිබ්බා... මල හත්තිලව්වයි මේ සේරම තිබිලද එතකොට...

වැරදිලාවත්.. මේ මිනිහා මන් කියපු සේරම ටික ඕඩර් කරලවත් ද...ඕ ගෝඩ් එහෙම නම් වෙන්න එපා...

මන් කන්ෆියුස් වෙලා මේසේ උඩ තිබුණ කෑම ටික දිහා බලන් ඉද්දි අර ඔලුබක්කා ආයෙම ආවා ට්‍රේ එකකුත් උස්සගෙන...

හිතුවා හරි.. අමුතු කෑලි කෑලි ගහලා ඩෙකරේට් කරපු චීස් කොත්තු එකකුයි.. ඊළඟට එක එක මල සමයන් කැටයම් දාපු සී ෆුඩ් ෆ්‍රයිඩ් රයිස් එකකුයි.. අර යකා ටේබල් එක උඩින් තිබ්බා.... තව මොකක්ද මන්දා සැලඩ් එකක් වගේ එකකුත් තිබ්බා...

අනේ දෙයියනේ දිවි නහගන්නවා මීට හොඳයි...

වේටර්කාරයත් ගියාට පස්සෙ තමයි ඔන්න කළුකුමාරයා ඔළුව ඉස්සුවේ... ෆෝන් එක ටේබල් එක උඩින් තියලා මේ යකා අර සැලඩ් එක ළං කරගත්තා.... යකෝ... එතකොට මේ සේරම මටද...

"ආ.. මෙන්න ගන්න..."

මන් හෙමින් සැරේ ස්පැගඩි ප්ලේට් එක කළුකුමාරයට ළං කළා...

මගේ දිහා ඔළුව උස්සලා රවලා බලලා ආයෙම මේ යකා මගේ පැත්තට ප්ලේට් එක තල්ලු කළේ නැතැයි...

"ආ මේක එහෙනම්..."

මන් චීස් පැස්ටා ප්ලේට් එක මිනිහට ළං කළා...

ආයෙම රවලා ඒ ප්ලේට් එකත් මගේ පැත්තටම තල්ලු කරානේ පිස්සු භූතයා..  දැන් මේ ඔක්කොම කන්න ඕන මන්ද...

"එතකොට... මේ සේරම මටද...."

බැරිම තැන මන් ඇහුවා.. ඇයි බන් කන එකෙත් සීමාවක් තියෙන්න එපැයි...

"ඇයි දැන් තමුසේ ඉල්ලුවේ..."

"මන් කොයි වෙලාවෙද මෙච්චර ඒවා ඉල්ලුවේ..."

මොකුත් නොකිය මේ මල පෙරේතයා මගේ දිහා බලන් ඉදියා...

"හරි හරි ඉතින් දැන් ටිකකට කලින් මන් ඔක්කොම ඉල්ලුවේ නෑනේ... ඒවගෙන් එකයිනේ ඉල්ලුවේ..."

"තමුසේ කියපුවා තමයි මන් ඕඩර් කළේ.. කනවනම් කන්න නැත්තන් නිකන් ඉන්න...."

මුගේ ආච්චිට.. මගේ බඩ මරියානා ආගාධේ කියලද දන්නෑ හිතන් ඉන්නේ.. අනික.. මෙව්වා ඔක්කොම කන්න මන් අවුරුදු ගාණක් හාමතේ හිටපු එකෙක් නෙමෙයිනේ...

"එතකොට ඔයාට එපාද..."

මොකුත් නොකිය සැලඩ් එක කනවා ගවයා වගේ....

"ඔයා කන්නැද්ද..."

"මන් ඕඩර් කළේ සැලඩ් එක විතරයි..."

හෙනම ගහපන් මේ පිසාචයට.. ඇයි දෙයියනේ මෙහෙම පළිගන්නේ... මොන පවකටද..

කරන්න දෙයක් නෑ.. කාපන් පුතේ...

මන් හෙමින් හෙමින් මිශන් එක ස්ටාට් කළා.. ඉස්සෙල්ලාම සුප් එකයි බර්ගර් එකයි කෑවා අවුලක් නෑ තව කන්න පුළුවන්.. ස්පැගඩි එකත් කෑවා. හොඳ වෙලාවට මේවගේ රෙස්ටුරන්ට් වල කෑම චුට්ට චුට්ට දෙන්නේ..

නැත්තන් කොහේ කන්නද... ඒත් චීස් පැස්ටා එක දිහානම් බලන්නවත් කම්මැලි...කන්න බෑ ඔක්කාරෙට වගේ.. කමක් නෑ කියලා ඒකත් කෑවා.  හනේ තව දෙකක් තියෙනවා.. ආස එකම දේ කෑම.. අන්තිමට ඒකත් මේ මල යකා එපා කෙරෙව්වා..

චීස් කොත්තු එක කෑවේ පුදුම අමාරුවකින් වමනේ එන්න ඔන්න මෙන්න වගෙ... තව සී ෆුඩ් රයිස් එකකුත් තියෙනවා කියලා මතක් වුණාම අම්මෝ සනීපේ....

ඒකත් කෑවා මන් කොහොම හරි.. ඒත් දැන් මගේ බඩ රිදෙනවා.. පැත්තක් නිකන් මොකක්ද වෙලා වගේ.. උගුරටම කෑම පිරිලා.. වමනේ යනවා අද නම් ශුවර් ඇන්ඩ් ශොට්....

"ඩෙසර්ට් ඕනද..."

මෙච්චර වෙලා කට පියන් ඉඳපු කළුකුමාරයා මගෙන් ඇහුවා... ඩෙසර්ට් නෙමෙයි මන් කියන්නෑ ඉතින්...තව ඩෙසර්ට් කන්න කතාව.. ආච්චිගේ රෙද්ද තමයි....

"නෑ... නැතුවට නම් කමක් නෑ...."

ටික වෙලාවකින් අපි ගාවට වේටර් ආවා.. මූ බිල් එකත් මට දුන්නනම් ගෑරුප්පුවෙන් තට්ටේ හිල් වෙන්න අනින්න මන් ඉදියේ උගේ වෙලාවට ඌ ඒක දුන්නේ කළුස්ට..

"මන් මේ සැලඩ් එකට විතරයි පේ කරන්නේ අනික් ටික මේ මැඩම්ගෙන් ගන්න..."

එහෙම කියලා සල්ලි කොළ වගයක් අරන් අර බිල් කාඩ් එක අස්සට දාලා මේ භූතයා නැගිට්ටා.. මට නම් උන් හිටි තැන් අමතක වෙලා ඉදියේ...

"බබා ඔයා පේ කරලා එන්න.. අයි'ල් වේටින් ෆෝ යූ...."

කියලා යන්න ගියා අලුගුත්තේරු කළුකුමා..

යකෝ... මේක මහ බ්‍රහ්ම කෙළියක් වුණානේ.. මන් දැන් මොකක්ද කරන්නේ.. මේ අමනුස්සයා නම්...දෙයියනේ මාව බලෙන් කන්න උස්සන් ඇවිල්ලා බලෙන් කෑම කවලා.. දැන් මට මෙහෙම බිල් පේ කරන්න කියන එක සාධාරණද මන් අහන්නේ...

අර වේටර්කාරයා හිනාවෙලා මගේ අතට බිල් කාඩ් එක දුන්නා...

බුදු සන්තෝ... කිරි අත්තගෙම සරණයි...

පන්දාහත් පන්නලා බිල... අනේ මන් ගාව සල්ලි නෑ යකෝ.... මේවට කොහෙන් ගෙවන්නද...

මන්  නෝමල් එකේ බිල් එක ටේබල් එක උඩින් තියලා හෙමින් සැරේ අරූට නොපෙනෙන්න වොලට් එක ඇරලා බැලුවා...

මොන.. රුපියල් දාහේ කොළේකුයි පන්සීයේ කොළේකුයි විස්සේ පනහේ සීයේ කොළ දෙක තුනකුයි විතරයි තිබුණේ..

පුදුම වෙන්න දෙයක් නෑ ඉතින් මන් කොහොමත් දුප්පතා නේ... හනේ මෙහෙමත් මල කරුමයක්...බැංකු පොතේ තියෙන රුපියල් පහළොස්දාහට කෙළින්න තමයි මුන් ඔක්කොම බලන් ඉන්නේ.. දැන් ඒකෙන් තමයි දෙන්න වෙන්නේ රෙද්ද...

කාඩ් එකත් ගෙනත් නෑනේ හරි අමාරුව.. ඒක ගෙදර මේසේ උඩද කොහෙද...

"එක්ස්කියුස්මී කිව් ආර් ස්කෑන් කරලා පේ කරන්න පුළුවන්ද..."

"ඕහ්.. පුළුවන් මිස්.. වන් සෙකන්ඩ්..."

එහෙම කියලා ඒ හෙනහුරා චුත වුණා...

අර හීබෲ චිම්පන්සි කරවලාට නම් හොඳක් වෙන්නේ නෑ.. ඇයි දෙයියනේ මොන තරම් අසික්කිත වැඩක්ද ඒ කළේ ඔක්කාරෙට එන්නම කවලා අන්තිමට මටම ගෙවන්නත් වුණා...

වේටරයා ගියා ගියාමයි ඌත් නෑ... මේක මල සාපයක් වුණානේ යකෝ...

මන් නැගිටලා රෙස්ටුරන්ට් එකේ කවුන්ටර් එක ළඟට ගියේ වේටර්කාරයව හොයාගන්න.. කෝ මේ මිනිහා... කමක් නෑ ඒ මිනිහා නැති වුණාට මන් කවුන්ටර් එකට පේ කරනවා කියලා හිතාගෙන එතන ඉඳපු අම්මණ්ඩිට බිල් එක දික් කළා...

"වේට් අ මිනිට් මැඩම්..."

"ඕකේ..."

"ඕහ් මැඩම්.. මේ බිල් එක ක්ලියර් කරලා තියෙන්නේ... පේ කරන්න දෙයක් නෑ...."

"වට්.... ඒ කොහොමද..."

"දන්නෑ මැඩම්...සිස්ටම් එකේ තියෙනවා මේ බිල් නම්බර් එක ක්ලේම්ඩ් කියලා..."

"එහෙමද.. දෙන් ඉට්ස් ඕ....කේ.."

මන් ෆෝන් එකෙන් ඔලුවට තට්ටු කර කරම කවුන්ටර් එක ගාවින් ඈත් වුණා.. කවුද යකෝ...මගේ බිල් එක පේ කළේ...

"ආහ් මැඩම්... සොරි... මට කියන්න අමතක වුණා මැඩම්ගේ හස්බන්ඩ් බිල් එක පේ කළා..."

කොහෙදෝ ඉඳන් දුවගෙන ආපු වේටර්කාරයා මට කිව්වා...

"අර මාත් එක්ක හිටපු එක්කෙනාද..."

විශ්වාස කරන්නම බැරි දෙයක් හින්දා මන් ආයෙම ඒ මනුස්සයගෙන් ඇහුවා...

"ඔව් මැඩම්..."

එහෙම කියලා හිනාවෙලා ඒ යකා යන්න ගියා..

ඔය කළුකුමාරයට ඇත්තටම සෑහෙන්න ලොකු පිස්සුවක් තියෙනවා.. සිරාවටම... නැත්තන් මොන විකාරයක්ද ඒ... එක්කෝ ගෙවනවනම් එකපාර ගෙවන්න ඕන...සැරින් සැරේ මල සමයන් නොකර.... ශික්...

මන් කළුකුමාරයට බැන බැනම රෙස්ටුරන්ට් එකෙන් එළියට ආවේ මාරම අමාරුවෙන්... අඩියක් තියලා අඩියක් ගන්න බෑ නිකන් වෙරි වගේ.. කාලා වැඩිවෙලා මාරම අමාරුයි...

මන් බොහොම අමාරුවෙන් කාර් එකට නැගගත්තා.. කළුකුමාරයත් ඉන්නවා අත් දෙකත් බැඳන් ප්ලැටිපසා වගේ මගේ දිහා බලාගෙන...

තෝ හින්දා තමයි සේරම.. නල්ල මලේ සැමියා....

මන් ශීට් එක පිටිපස්සට ඇජස්ට්  කරලා පොඩි හාන්සි පාරක් දාන්න හැදුවේ.. ඒ අටමගල.... හිර වෙලා එහෙන්...

"ආශ්... මේ රෙද්දවල් ඔක්කොම එකයි..."

මන් ශීට් එක පිටිපස්සට කරන්න ට්‍රයි කර කර බැන බැන ඉද්දි මාවත් එක්කම එකපාරට භූගත වුණා...

යකෝ එකපාරටම ශීට් එක යට ගියේ මගේ උගුරටම ඇවිත් තිබුණ කෑම ටික එළියට තව ටිකක් ඉස්සරහට විසිවෙලා එද්දී...

වෙන කවුරුත් නෙමෙයි අර පෝරිසාදයා තමයි ශීට් එක ඇදලා තියෙන්නෙ.. අනේ අම්මපා මන් දන්නෑ මොන නැකතකින් ඉපදිලාද කියලා...

මට මාරම අමාරුයි කොටින්ම හුස්ම ගන්නත් අමාරුයි වගේ.. මොකක්ද දැන් මේකට කරන්නේ...

මන් බඩත් අල්ලගෙන ශීට් එකේ එහාට මෙහාට ඇඹරුණා.. නිකන් බඩත් එක්ක මොකක්ද වෙලා ගිහින්.. එක්කෝ වමනේ ගියානම් මේක හරියයි.. ඒක යන්නෙත් නෑ.... හයියෝ මල වදේ.. හෙම්බිරිසාව මදිවට තව රෙද්දක්..

"ඇඟේ හැටියට කන්න දැනගන්න ඕන..."

මොකක්ද කියන්නේ.. ඕන් ඔය යකා හදන්නේ මගේ කට අවුස්සගන්න.. ඇයි යකෝ මන් ඕනකමින් කාපු බම්බුවක් නෙමෙයිනේ.. මේ භූතයගේ තියෙන කුඩුකේඩුකමට කරපු බලු වැඩක් නේ ඒක.. ඒ අස්සේ මට කියනවා.... හ්හ්... ඇඟේ හැටියට කන්නලු.. බයිලානේ ඉතින්...

"පින් එකක් දෙනවා..."

මන් අමාරුවෙන් ශීට් එකේ ඇඹරි ඇඹරි ඉද්දි මේ යකා පින් ඉල්ලනවා.. පින් නෙමෙයි බොට පිරෙන්නේ පව් පිස්සා....

මන් මොකුත් නොකිව්ව හින්දා මේ යකා මගේ පර්ස් එක ඇදලා අරගෙන ඒක ඇතුළේ තිබුණ ඔක්කොම ටික මගේ උකුල උඩට හැලුවා..

මුගේ ආච්චිට.. මේ මොන බේසමක්ද...

ඊටපස්සේ මේ යකා මගේ අත ඇදලා ගත්තා...

ඊළඟ විනාඩියේ තමයි මට අම්මා මුත්තා සේරම එකපාර සිහි වුණේ.. හනේ හත්තිලව්වේ.. 

මගේ මාපට ඇඟිල්ලට මේ පෝරිසාදයා ඇන්නා මොකක්ද කට්ටකින්... ආයෙ හික් ගෑවිලාම යන්න..  චූ බරකුත් ආවා.. නොසිතූ මොහොතක එහෙම ඇන්නාම ෆුල් බංගස්ථාන් වෙනවා යකුනේ...

තව ටිකකින් මගේ ඇඟිල්ල කපලා දාන්නත් ඉඩ තියෙන හින්දා මන් පට ගාලා මගේ අත ඇදලා ගත්තා... ලේත් එනවා බොලව්...

"දැන් හරියයි..."

හරියයි රෙද්දක් හරි යයි.. රෙද්දක්....

මන් ඇඟිල්ලත් උරන ගමන් කළුකුමාරයට ඇද කළේ ඒ යකා ඉස්සරහා බලාගෙන ඩ්‍රයිව් කරන්න පටන් ගත්තු හින්දා... කමක් නෑ කමක් නෑ හරි යයිනේ එහෙනම්.. ඒකත් ලොකු දෙයක්..

මන් මාවම සනසගෙන ඇස් දෙක පියාගත්තා.. මේ යකා එක්ක විනාඩි පහක් ඉන්නවා කියන්නේ මොකක්ම හරි කුණ්ඩවාලයක් ඔලුවට කඩන් වැටෙනවා කියන එක තමයි...

•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•

මීළඟ මේඝයෙන් හමුවෙමු...

Continue Reading

You'll Also Like

5.7K 913 14
දැනට වට්පෑඩ් තුල ප්‍රසිද්ද කතුවරුන් මෙතෙක් කාලයක් ආ මග
298K 16.1K 53
A Love Story ( Own Characters ) ဘုဏ်းဇေယျာကျော်xရှင်းသန့်တည်ကြည် " မင်းသားလေး...မင်း ငါ့အပေါ် သိပ်သဘောကောင်းတာပဲ၊ ငါ့မေမေကပြောတယ်၊ အသက်ကြီးလို့ လက်ထ...
3.7K 866 44
" If my fate is to disappear like this, then this is my last letter Penned words, written then erased" - Park Jimin, 'Let Go', 2018.
3.5K 632 24
"මම මටවත් ආදරේ නැතුව ඔයාට ආදරෙයි කියන්නේ කොහොමද සහීන්? මට ඔයාගේ ආදරේ ඕන. ඒත් මම ඔයාට ආදරෙයිද නැද්ද කියලා මම දන්නේ නෑ." - නිහාරා. "මම හිතන්නේ මම එයා ග...