Baby Bully ✔️

Von sanju_54321

20.2K 3K 370

Baby bully Taehyung Nerd daddy Kook Mehr

INTRO
CHAPTER 1
CHAPTER 2
CHAPTER 3
CHAPTER 4
CHAPTER 5
CHAPTER 6
CHAPTER 7
CHAPTER 8
CHAPTER 9
CHAPTER 10
CHAPTER 12
CHAPTER 13
CHAPTER 14
CHAPTER 15
CHAPTER 16
CHAPTER 17
CHAPTER 18
CHAPTER 19
CHAPTER 20
EPILOGUE

CHAPTER 11

661 124 6
Von sanju_54321

ටේහ්‍යුන්ග් සයිඩ් බෑග් එකත් පැත්තකට කරල අල්ල ගෙන ගේ ඇතුලට ආවේ බිම බලාගෙන.

🦄 අනේ මගේ බෑණා පොඩ්ඩ ඇවිල්ලා.. කොහෙද මෙච්චර වෙලා රවුම් ගැහුවෙ කොල්ලො..? අපේ එකා මේ ඔයාව හොයන්න කියලා ගියා විතරයි. ඉන්නකො මම කෝල් එකක් දාන්න එයාට.

ටේහ්‍යුන්ග් ගෙට ගොඩ වෙද්දි ම යුන්ජි ෆෝන් එක අතට අරගෙන නම්බර් එකක් ඩයල් කරන ගමන් ටේහ්‍යුන්ග් ගාවට ඇවිදගෙන ගියා.

🐼 ටේහ්‍යුන්ග්... මම කලින් ම කිව්වා නේද අර හිඟන කොල්ලා එක්ක තියෙන ගනුදෙනු ඔක්කොම නවත්තන්න කියලා.

ජින් කෑ ගැහුවේ ටේහ්‍යුන්ග් මේ ගෙට ගොඩ වුණා විතරයි නේද කියලා වත් ගානක් නැතිව.

ටේහ්‍යුන්ග් කඳුළු පුරවගෙන ඇස් බෝල කරන ගමන් ජින් දිහා බැලුවේ දැන් නම් තවත් මොකවත් කියන්න එපා කියන්න වගේ...


🦄 ජිනී ඔප්පා... දරුවට ඔහොම කෑ ගහන්න එපා අනේ. බලන්න දරුවා බය ත් වෙලා.
යාලුවෙක්ගෙ ගෙදර යන්න ඇත්තේ. මොනවා වුණත් ටේ පුතා දන්නවා නේ එයාගෙ මැරේජ් එක ෆික්ස් වෙලා ඉවරයි කියලා.
දරුවා වරදක් කරන්නේ නෑ කියලා මම දන්නවා.

යුන්ජි ඒ වෙලාවේ කිව්ව වචන වලට මලානික හිනාවකින් උත්තර දුන්න ටේහ්‍යුන්ග් කෙලින්ම උඩ තට්ටුවට යන්න පිටත් වුණා.

ඒත් වචනයක්වත් නොකියා උඩ තට්ටුවට යන්න පිටත් වුණ ටේහ්‍යුන්ග් දිහා බලපු නම්ජුන් ටේහ්‍යුන්ග් ට කතා කළේ, ටේහ්‍යුන්ග් ට නම්ජුන් කතා කරයි කියලා ජින් වත් නොහිතුව වෙලාවක.

🐨 ඔහොම ඉන්න ටේහ්‍යුන්ග්..

ටේහ්‍යුන්ග් තියපු අඩිය එහෙමම තියලා හැරුණේ නම්ජුන් ගේ දිහාවට.

🐨 මෙහාට එන්න

ටේහ්‍යුන්ග් නම්ජුන් ගාවට ඇවිදගෙන ගියේ නිකම් එයාලා කියන ඕන දෙයක් කරයි වගේ ටේහ්‍යුන්ග් ව පෙනෙද්දි. ටේහ්‍යුන්ග් කවදාවත් මේ විදිහට එක පාරින් ම කියන දේ අහන කෙනෙක් වුණේ නැහැ.

🐨 ගෙදරට මනුස්සයෙක් ආවහම, එතන ගෙදර මිනිස්සු ඉන්න ඕන. විශේෂයෙන් ම තමන්ව බලන්න ආව මනමාලයා එන දවසට ගෙදර ඉන්න ඕන...
ඒ මොක නැතත් අඩුම ගෙදරට ආව මිනිස්සුන්ට සුබ සැන්දෑවක් කියලා වත් කියන්න ඕන...

නම්ජුන් කියාගෙන යද්දී ටේහ්‍යුන්ග් බිම බලාගෙන අහගෙන හිටියා. ටේහ්‍යුන්ග් ට ඕන වුණේ නැහැ එතන තමන් කතා කරලා ප්‍රශ්නය තවත් ලොකු කරන්න. ඒ නිසා ටේහ්‍යුන්ග් කට වහගෙන බිම බලාගෙන ඉන්න තීරණය කළා...

🐿️ ඒක ලොකු ප්‍රශ්නයක් නෙවෙයි බං. බළපං.. කොල්ලට මහන්සි පාටයි. ඔයා යන්න පුතා... ගිහින් වොශ් එකක් දාගෙන එන්නකො..
යුන්ජී...  අපේ එකාට කියන්න එන්න කියලා. ටේ පුතා ගෙදර ආවා කියන්න.

හොබී ටේහ්‍යුන්ග් ව සැනසෙන තාලෙට කතා කරේ සන්ශයින් හිනාව දාන ගමන්මයි. ටේහ්‍යුන්ග් ලාවට හිනා වෙලා ඔලුව නමලා ආචාර කරලා එතනින් උඩ තට්ටුවට යන්න පිටත් වුණේ හොබී ට හිතෙන් පින් දෙන ගමන්.








____________________________________

ටේහ්‍යුන්ග් ගිය ගමන් ම යුන්ජි කළේ බෝගම් ට කෝල් එකක් ගත්ත එක.

🦄 හෙලෝ බෝගම්...

🐸 කියන්න මැඩම්
    
🦄කෝ පුතා..?

🐸 මම මේ පුංචි මහත්තයා ගන්න යන ගමන්. මැඩම්...

🦄 දරුවගෙන් ඇහුවද ඊට පස්සේ මොකක්ද කරන්න ඕනේ කියලා.? 

🐸 ඔව්.. පුංචි මහත්තයා කිව්වා ටේහ්‍යුන්ග් බේබි මහත්තයා ව හොයන්න ගිහින් කා ටයර් එකේ පන්චර් එකක් ආවා කියලා කියන්න කිව්වා ටේහ්‍යුන්ග් බේබි මහත්තයා ඉස්සරහ.

🦄 ඇත්තට...? මේකා නම්... පොඩි එකා වගේ හිටියට හදන්න දන්න කතා...?

🐸 ජියොන් මැන්ෂන් එකට පයින් යන දුරකදි පන්චර් වුණ නිසා එහේ එන්නෙ නැතිව කෙලින්ම ගෙදරම ගියා කියල කියන්න කිව්වා.

🦄 අම්මට සිරි.. මුගෙ මොලේ දානවා මම ඇලේ.. ගෙදර ආවහම..

🐸 එහෙම කියන්න එපා මැඩම්. ටේහ්‍යුන්ග් බේබි මහත්තයා ට ආදරේ නිසානේ පොඩි මහත්තයා මෙච්චර කට්ටක් කන්නේ..

🦄 ටේහ්‍යුන්ග් වෙනස්වෙලා. ඒක පැහැදිලියිනේ. ඒ දරුවගේ මූණ දැක්ක ගමන් මට ඒක කියන්න පුළුවන්..

🐸 එත් පුංචි මහත්තයා බලාපොරොත්තු වෙන්නේ ආකර්ෂණය නෙවෙයි. ඇත්තම ආදරේ.. මම හිතන්නේ....

🦄 ඇත්තටම ආදරේ..? ඒක මට තේරෙන්නේ නෑ.. කාර් කඩාගෙන, පන්චර් දාගෙන.... මොනවද මේ කතා..

🐸 ඒක ඇත්ත කියලා හිතෙනවා මැඩම්. ඒත් එක පාරටම විස්වාස කරන්න බෑනේ...

🦄 මට තේරෙන්නේ නෑ අපේ එකා මේ ළමයා වෙනුවෙන් තව මොනා කරයිද කියලා පවා..

🐸 ඒත් මැඩම්...

🦄 උඹ හිටපන් කට වහගෙන.. පරිස්සමට ගෙදර එක්ක යන්න එයාව.

🐸 මේ අහිංසක මාත් එක්ක කේන්ති ගන්න එපා ඉතින් මැඩම්..

🦄 කේන්ති නෙවෙයි බෝගම් ..  මේවා එයා කරන්න ඕන දේවල් නෙවෙයි.

🐸 මමත් දන්නවා. ටේහ්‍යුන්ග් බේබි මහත්තයා වාසනාවන්තයි..

🦄ඒක නම් සහතික ඇත්ත. මගේ දරුවා වගේ කෙනෙක් ලබන්න ටේහ්‍යුන්ග් ට වාසනාව වැඩියි. ටේහ්‍යුන්ග් ගැන කොච්චර හිතනවද එයා..?

🐸හරි මැඩම්. ඉස්සරහ පුංචි මහත්තයා බලන් ඉන්නවා. මම තියන්නම්.

බෝගම් කිව්වේ ෆෝන් එක කට් කරන්න කලින්.

______________________________________

යුන්ජි කතා කරන්න ෆෝන් එක අරගෙන ගෙයින් එලියට බැස්සා වුණත් එයා දැනගෙන හිටියේ නෑ එයා හිටියේ ටේහ්‍යුන්ග් ගේ රූම් එකේ බැල්කනි එකට කෙලින්ම පහළින් කියලා.

🦄 හෙලෝ බෝගම්...

🦄 කෝ පුතා..?

🦄 දරුවගෙන් ඇහුවද ඊට පස්සේ මොකක්ද කරන්න ඕනේ කියලා.?

🦄 ඇත්තට...? මේකා නම්... පොඩි එකා වගේ හිටියට හදන්න දන්න කතා...?

🦄 අම්මට සිරි.. මුගෙ මොලේ දානවා මම ඇලේ.. ගෙදර ආවහම.. 

🦄 ටේහ්‍යුන්ග් වෙනස්වෙලා. ඒක පැහැදිලියිනේ. ඒ දරුවගේ මූණ දැක්ක ගමන් මට ඒක කියන්න පුළුවන්..

🦄 ඇත්තටම ආදරේ..? ඒක මට තේරෙන්නේ නෑ.. කාර් කඩාගෙන, පන්චර් දාගෙන.... මොනවද මේ..

🦄 මට තේරෙන්නේ නෑ අපේ එකා මේ ළමයා වෙනුවෙන් තව මොනා කරයිද කියලා පවා.. 

🦄 උඹ හිටපන් කට වහගෙන.. පරිස්සමට ගෙදර එක්ක යන්න එයාව.

🦄 කේන්ති නෙවෙයි බෝගම් ..  මේවා එයා කරන්න ඕන දේවල් නෙවෙයි.

🦄ඒක නම් සහතික ඇත්ත. මගේ දරුවා වගේ කෙනෙක් ලබන්න ටේහ්‍යුන්ග් ට වාසනාව වැඩියි. ටේහ්‍යුන්ග් ගැන කොච්චර හිතනවද එයා..?


ටේහ්‍යුන්ග් ගේ කාමරේට යුන්ජි පහළ තට්ටුවේ ඉඳන් කතා කරපු දේවල් ඇහුණා. ඒත් එයාට හිතට වැදුන දේ තමයි... " මගේ පුතා වගේ කෙනෙක් ලබන්න ටේහ්‍යුන්ග් ට වාසනාව වැඩියි" කියන එක.

ඒ කොහොම වුණත් ටේහ්‍යුන්ග් ට තමන්ගේ ආදරේ යුන්ජි ගේ පුතාට දෙන්න නම් කොහෙත්ම කැමැත්තක් තිබුණේ නැහැ. මොකද ඒ වෙනකොට ත් ටේහ්‍යුන්ග් ගේ හදවත කොලේජ් එකේ දුප්පත් නර්ඩ් හොරෙන් අරගෙන තිබුණා.

ටේහ්‍යුන්ග් ඇඳ උඩ ඇල වෙලා එහෙමම තමන්ගේ රූම් එකේ වහලේ දිහා බලාගෙන කල්පනා කළේ ජන්කුක් දුප්පත් කියන එක දැන ගත්ත ගමන් ම ජින් එක පාරටම වෙනස් වුණ විදිහ මතක් කරන ගමන්.

අවංකව ම කිව්වොත් ටේහ්‍යුන්ග් ට නම්ජුන් ගෙන් වත් සහයක් ලැබුණේ නැති වෙනකොට මෙතුවක් කාලෙකට තමන් කරන කියන හැම දේක ම වැරැද්ද විතරක් දැක්ක තමන්ගේ හ්‍යුන්ග් ජන්කුක් ගැන තමන්ට තියෙන ආදරේ ට උදව් කරන එක ටේහ්‍යුන්ග් දැක්කේ මෙච්චර කල් හිතන් හිටියට වඩා තමන්ගේ හ්‍යුන්ග් ගේ තියෙන ආදරණීය ගතිගුණයක් කියන දේ තේරුම් අරගෙන.

ටේහ්‍යුන්ග් ගෙ කාමරේට හෙමින් හෙමින් දොර ඇරගෙන ඇතුලට ආව යුන්ගී ටේහ්‍යුන්ග් ගාවින් ම වාඩි වුණා.

🐯 හ්‍යුන්ග්..

🐱 ටේහ්‍යුන්ග් මෙච්චර වෙලා හිටියේ ජන්කුක් එක්ක නේද..?

🐯 හ්‍යුන්ග් කොහොමද දන්නේ?

🐱 කමෝන් පොඩි එකෝ.. මම උඹේ හ්‍යුන්ග්. සිංහලෙන් කිව්වොත් අයියා.. ඉතින් මට උඹ ගැන හැම දේම තේරුම් ගන්න පුළුවන්.

🐯 ඔව් හ්යුන්ගී.. මම හිටියේ කූකි ගේ ගෙදර. එයා පේන තරම් නර්ඩ් කෙනෙක් නෙවෙයි හ්‍යුන්ග්.

🐱 මම දන්නේ නෑ නේ ජන්කුක් පෝසත් කියලා

🐯 ජන්කුක් පෝසත් තමයි හ්‍යුන්ග්. ගුණධර්ම වලින්, හැදියාවෙන්, ආදරයෙන්, අහිංසක කමෙන් වගේ තව ගොඩක් සල්ලි තියෙන මිනිස්සු ගාව නැති ගුණාංග ගොඩකින් මගේ කූකි පෝසත්.

🐱 මම උඹ වැරදි තීරණයක් ගන්න කලින් ආපහු අහන්න කැමතියි ටේහ්‍යුන්ග්. මේක ආකර්ෂණයක් නෙවෙයි ද? උඹට ශුවර් ද ඕක තමයි සැබෑ ආදරේ කියලා.

🐯 සීයට දාහක් හ්‍යුන්ග්. මගේ කූකි කියන්නේ හැබෑ මහත්මයෙක්.

🐱 උඹ කොහොමද ඒක හරියටම කියන්නේ.

🐯 මගේ කූකි කිව්වා, අපි එක වහළක් යටට වෙනකම්, මාව වැරදි විදියට අල්ලන්න එයාට ඕන නැහැ කියලා. මගේ කූකි ඉන්න ගේදොර පුංචියි වෙන්න පුළුවන්... එයා ට තියෙන මුදල් චුට්ටයි වෙන්න පුළුවන්... ඒත් ඒ හදවත ගොඩක් ලොකුයි.

🐱 මම දන්නවා බන්. කූකී කියන්නේ හොඳ කොල්ලෙක්. ඒත් කොහොමද බං මේ වගේ සැපට ජීවත් වුණ කොල්ලෙක්, ඉස්සරහට ඌත් එක්ක ජීවත් වෙන්නේ..?


ටේහ්‍යුන්ග් හැමදාමත් හිර වෙන ප්‍රශ්නේ යුන්ගී ඇහුවේ ටේහ්‍යුන්ග් ගේ අත් දෙකම තමන්ගේ අත් අතරට අරගන්න ගමන්.
















මතු සම්බන්ධයි.....

අදහස් උදහස් කියාන යන්ට... පැහැදිලි නැති තැනක් තියෙනවා නම් අහන්න..

Weiterlesen

Das wird dir gefallen

37.4K 7.4K 50
taekook story.. BL Sinhala every time i see you i fall in love all over again. 💚💜 " True Love Stories Never H...
13.1K 500 26
Elizabeth Murdock's life was seemingly normal, I mean, as normal as it could be being Matt Murdock's daughter. What happens when she befriends an unu...
1.8K 279 10
"The unknown beyond what the eyes see" අපි කෙනෙක්ගෙ ඇස් දෙකෙන් දකින්නෙ නැති පැති ගොඩයි ජන්ග්කුක්...සමහරවිට ඒ පැති හැංගිලා තියෙන එකම හේතුවත් වෙනස් කරන...
60.5K 12.2K 29
"W-Would you like to have some cookies, mister?" "Cookies?" "Yes! Homemade cookies! It's really tasty and sweet!" "Sadly, I'm not a sweet tooth, doll...