Love In My Heart ( Complet...

By kidurangana

38K 6.5K 778

සත්තයි , වසන්තය නැවත ඔබ සොයා එනවාමයි. More

චරිත හැදින්වීම.
chapter 01
chapter 02
chapter 03
chapter 04
chapter 05
chapter 06
chapter 07
chapter 08
chapter 09
chapter 10
chapter 11
chapter 12
chapter 13
chapter 14
chapter 15
chapter 16
chapter 17
chapter 18
chapter 19
chapter 20
chapter 21
chapter 22
chapter 23 * ( bonus )
chapter 24
chapter 25
chapter 26
chapter 27
chapter 28
chapter 29
chapter 30
chapter 32
chapter 33
chapter 34
chapter 35
chapter 36
chapter 37
chapter 38
chapter 39
chapter 40
chapter 41
chapter 42
chapter 43
chapter 44
chapter 45
chapter 46
chapter 47
chapter 48
chapter 49
chapter 50

chapter 31

601 114 14
By kidurangana

මෙය මාගේ මනඃකල්පිතයක් පමණි. සැබෑ ජීවිතයේ අයවලුන් හා ඒහා සබැදි ස්ථාන මෙම කථාංගයට කිසිදු සබදතාවක් නොමැති බැවින් ඒවා සම්බන්ධ කර නොගන්න.

ඒ පපුව අස්සෙ මූණ ඔබාගත්ත මන් මගෙ අත්දෙකම ඒ ඉනවටේ යවල තවත් ඒ පපුවට තුරැල් උනා වෙනකොට එයාගෙ එක අතකින් මාව තවත් එයාට තද වුනා..... .....

" මේ පපුවෙ උඹ මුලු ජීවිත කාලෙටම උනත් තියාගන්නව මන්......ඒත් මැණික. ........ ඔය හිතේ ..තියෙන හැම දුකක්ම පිටකරපන් රත්තරන්. .............. ඇති වෙනකම් අඩපන් මැණික. .....මට බයයි අන්තිමේට හැම දුකක්ම උඹ තනියම උහුලල .... ඔය හුස්ම අතඅරින්න හිතෙයිද කියල........"

*************************************

ඇත්තටම මට දැන් හිතෙන්නේ ඒ දේ විතරමයි රත්තරන්. ........ මමත් මැරිල ගියානම් කියල......... මගෙම ලොකු තාත්තා මගෙ අම්මවයි අප්පච්චිවයි මගෙන් උදුරගෙන. .......... ඇස් වලින් කදුළු ගලන්න ගලන්න මම කරේ තවත් එයාට තුරැල් වුන එක වෙනකොට එයා මගෙ ඔලුව හරි ආදරෙන් අතගෑව...... මම නිසා එයා ගොඩ වෙලාවක් හිටගෙන.... ඒත් පොඩ්ඩකටවත් මාව ඒ පපුවෙන් ඈත් නොකරම එයා තාමත් මගෙ ඔලුව අතගානව....... ආදරේ කියන අකුරැ හතරවත් උඹට නොකිය මට මේ දෙන ආදරේට උඹට පින් රත්තරනෙ. ...... මම එහෙමම මූණ හංගන් හිටිය ඒ පපුවට දැනෙන නොදැනෙන ගානට හාදුවක් තිබ්බ ........

" සුදු මැණික .............මන් උඹෙන් අහන්නෑ මැණික ලෙක්චර්ස් කට් කරල ගියෙ කොහෙද කියලා..... ඒවගේම කවුරු හම්බවුනාද කියල .... මොකද මම දන්නවා මට ඒකට අයිතියක් නෑ කියල ....... මේ අහන්න මැණික උඹට කවුරැ නැතත් මොන දේ උනත් මොන ප්‍රශ්නෙ ආවත් හැමදාම මම උඹට ඉන්නවා කියල විතරක් මතක තියාගනින් ඔය හිතේ. ........................ "

එයාගෙ පපුවෙ අස්සෙ ඔලුව හංගන් හිටිය මම ඔලුව ඉස්සුව වෙනකොට තාමත් නතර නොවුනු මගෙ ඇස් වලින් ගලන කදුළු එයාගෙ ඇසුත් රතු කරල තිබුන. ........ මං නිසා ඔය ඇස් වලත් කදුළු පිරෙව්වට මට සමාව දෙනවද රත්තරන්. .... හිතේ තියෙන කිසිම දෙයක් කාටවත් කියාගන්න බැරි තරමට මම දැන් අසරණයි. .....

" කොහොමද දන්නෙ මම ලෙක්චර්ස් කට් කරා කියල....... මම කාවහරි හම්බවෙන්න ගියා කියල..... මගෙ පස්සෙන් ආව ද......"

"ම් හ්ම්ම්ම් නෑ. ......... ඒත් එන්න හිතුන. ........ මම නිසා තවත් ප්‍රශ්නයක් වෙයි කියල හිතුන නිසා ආවෙ නෑ. ........ හිතනවට වඩා ගොඩාක් දේවල් මම මගෙ සුදු මැණික ගැන දන්නව.......හොදද..... යමු දැන් කන්න. ....... "

" මට බඩගිනියි නෑ ...... පස්සේ කන්නම්......... "

" හරි එහෙනම් මන් කෑම එක උඩට අරන් එන්නම්........ දැන් හොද ලමය වගේ වොෂ් එකක් දාගෙන එන්න. ......
දැන් හතත් පහුවෙලා ඒ නිසා කූල් වතුර වලින් නාන්න යනව එහෙම නෙවෙයි ......... හොට් වෝටර් වලින් ඇග
පොඩ්ඩක් හෝදගන්න ........ "

අම්ම කෙනෙක් පොඩි එකෙක්ට කියනව වගේ එයා මට එහෙම කීව වෙනකොට මම බලන් උන්නෙ මගෙ කදුළු වලට පෙගිල ගිහින් තිබුන ඒ ෂර්ට් එක දිහා.. ... . ...... ඇත්තටම මෙච්චර ආදරයක් උඹලග කොහෙ තියෙනවද කියල මට හිතුන . ......සැරින් සැරේ වෙනස් වෙන..... වෙලාවකට අම්ම කෙනෙක් වගේ තවත් වෙලාවකට තාත්තා කෙනෙක් වගේ වෙනස් වෙන ඒ ආදරේ ඇතුලෙ මම එයාට පොඩි එකෙක්ම උනා..... ඇත්තටම කවද හරි උඹ උබේම ලෙයින් උපන් දරැවෙක්ට හොද තාත්ත කෙනෙක් වේවි රත්තරන් ....... ..... නොලැබුණත් අන්න එදාට දුරින් ඉදන් හරි ඔයාගෙ සතුට දිහා බලලා මට සතුටු වෙන්න පුළුවන්. ..........

" මොනවද කල්පනා කරන්නේ ...... "

ජීවිතේට නොලැබෙන ආදරයක් වෙනුවෙන් පුංචිම දේ උනත් හොයල බලන ඒ ආදරේ මහ පුදුමයි ඇත්තටම පුදුමයි. ...... තවත් දුර මේ විදියට යන්න ගියොත් මං දන්නව ඒකෙන් වෙන්නේ තවත් ඔය හිත රිදෙන එක විතරයි කියලා. ... ඒනිසා බැදෙන්න කලින්ම මේ බැදීම බිදල දාන්න මට ඕන උනා.......

" නොලැබෙන ආදරයක් වෙනුවෙන් ආදරේ කරන්න එපා .... කවීෂ අයියෙ. ..... එහෙම උනොත් ඒකෙන් වෙන්නේ ඔය හිතම රිදෙන එක විතරයි නේද......"

කොච්චර හිතරිදෙනව කිය දැන දැනම උනත් මට ඒ දේ කියන්න ඕන උනා...

"උඹ දන්නවද මැණික මිනිස්සු නොලැබෙන බව දැන දැනත් ආදරේ කරන්නෙ ඇයි කීයල ..... ඒ ආදරේ කවදාවත් නොලැබුණත් ජීවිතේ අන්තිම වෙනකන් ඒ ආදරේ මතකෙට විතරක් තියාගෙන හරි ආදරේ කියන දේ විඳින්න පුළුවන් හින්ද....... උඹගෙ හිත කවදහරි කාගෙ ලග හරි නතර උනත් කවදාවත් උඹව මට නොලැබුනත් මගෙ ආදරෙත් එක්ක මට ජීවත් වෙන්න පුළුවන් මෑණික........ "

" විදවනවට වඩා තව හිතකට ඔය හිතට එන්න ඉඩහැරල ඒ ආදරෙත් එක්ක ජීවිතේ විදින්න ඔයාට පුළුවන් නේද ......... නීශා අක්කත් එක්ක සතුටින් ජීවත් වෙන්න පුළුවන් ලෝකයක් ගොඩනගාගන්න ආදරේ පිරැණු උඹගෙ හදවතට බැරිවෙන එකක් නැතිවෙයි ............ "

" ආදරය කියන දේ කවදාවත් බලෙන් ගන්න බැ මැණික. ...ඒක හදවතේ ඇතිවෙන්නෙ ඉබේටමයි.....මට උඹ ගැන ඇතිවුන ඒ හැගීම කවදහරි මේ හදවත උඹ වෙනුවෙන් ගැහෙන එක නැවතුන දවසක නතරවෙලාම යාවි ...සදහටම..... "

එතනින් එහා වචනයක්වත් නොකියපු එයා යන්න ගියා වෙනකොට මගෙ හිතට ද මම මහ පව්කාරයෙක් කියන හැඟීම විතරක් දැනුන. ......

බඩගිනියි නෑ කියල මම කොච්චර එයාට කිව්ව උනත් මම බලන් උන්න. ...එයා එනකම් බලන් උන්න. .....
ඇත්තටම බඩගින්නට වඩා මට ඕන වුනේ එයා ලග සැනසෙන්න. ...... එයා ලග දැනෙන ඒ සැනසීමට මම හුගක් ලෝබ කරා........

සුදු මැණික. ......... දොර අරින්න. ......


එයා ආපහු ඇවිත් උන්නෙ කන්දක් තරම් බත් එකකුත් එක්ක වෙනකොට මම සැරින් සැරේ කෑම එක දිහායි... ඒ මූණ දිහායි බැලුව. මොනව කියලද දන්නෑ මෙච්චර බත් පිගානක් අරන් ආවෙ..... එයා මට ඒ වෙනුවට දුන්නේ හිනාවක් වෙද්දී. ..... මම එයාගෙ තුවාල අතින් අල්ලගෙන හිටිය වතුර වීදුරුව අතට ගත්ත. .....

" ඔයාට විතරක් නෙවෙයි. ...... මටත් එක්ක...... කවනවද....."

හරියට ඊයෙ වගේම එයා මට කවන්න කීව වෙනකොට කෑම එකත් අතට ගත්ත මම බත් කටක් අනල එයාට ලන් කරා........ ජීවිතේ හැමදාම මෙහෙම ඉන්න තිබුනන්. ...... හරි සරලයි ඒවගේම හිතට හරි සැනසීමයි. ............ මගෙන් බත්කටක් කෑව එයා අනික් බත්කට මට කන්න කීව වෙනකොට තුවාල අතින්ම මගෙ ඔලුව අතගාන්න උනා........

මම එයාට කවල ඉවර කරල අත හෝදන් එනකොට එයා මගෙ රෑම් එකේ හිටියෙ නැතිකොට මුලු කාමරේම පාලුවට ගිහින් තිබුන ........... ... ගතට නැතත් හිතට දැනුන මහන්සියට මම එහෙමම ඇදේ වැතිරැනා ..... ....... ඒත් ට්ක වෙලාවයි....... පෝන් එකක් රින්ග් වුනා. .....ඒක එයාගෙ පෝන් එක...... පෝන් එකේ ස්ක්‍රීන් එකේ නීශා කියල වැටිල තිබුන ...... දුකයි.... කවදම හරි මේ නමේ අගට සේනානායක කියන වාසගමත් හරි ලස්සනට එකතු වේවි .... මට නැතත් එයාගෙ ආයිතීය වෙන කෙනෙක්ට හිමි වේවි.......දාල ගිහින් තිබුන පෝන් එකත් අතට ගත්ත මන් එයාගෙ රෑම් එක ලගට ඇවිදන් ගියා වෙනකොට හරියට මම බලාපොරොත්තු වෙන් වගේ ඒ දොර ඇරල තිබුන.........මම බලද්දී එයා බැල්කනි එකේ තිබුනු පුංචි බෙන්ච් එකට වෙලා අහස දිහා බලන් උන්නා.............අනිද්දා පෝය නිසා හද පුරහදක් නොවුනත් හරි ලස්සනට පායලා තිබුන වෙනකොට හද එලිය වැටිල තිබුනු ඒ මූණ දිහා මම හරි ආදරෙන් බලන් හිටිය.....


" ලස්සනයි නේද මැණික. ....... "

එයා මගෙන් ලස්සන ද ඇහුවා. .....ආව හේතුවක්වත් නොදැන ඉන්නෙ කවුද කියලාවත් නොදැන එයා මට මැණික කීව......

" හ්ම්ම්ම්. ...... කොහොමද මන් ආව කියල දන්නෙ. ........... "

"දැනුන ......... "

" ඔයාගෙ පෝන් එක දාල ගිහින් ....... කෝල් එකකුත් ආව. ........ "

"මෙතනින් වාඩිවෙන්න. .... "

මම එයාට පෝන් එක දික් කරද්දී එයා මට ලගින් වාඩි වෙන්න කීව.....

" සින්දුවක් කියන්නද ...... "

"සින්දුවක් ....... "

"හ්ම්ම්ම්. ......... ඔව්...... එපාද...... "

" කියන්න "

" ම්හ්ම්. ..... කියන්නම් ....... ඔහොම පොඩ්ඩක් ඉන්න. ........ "

මට මෙතන ඉන්න කියල එයා ගියා වෙනකොට අහස දිහා මම ඔහේ බලන් උන්න. .... ලෝකෙටම පායන මේ හදේ සිසිලස එක එක අය වෙනස් විදියට විදින්න ඇති......... සමහරැ දුකෙන් තවත් සමහරැ වෛරයෙන් ඒ අතර තවත් අය හරි ආදරණීය විදියට ඒ මොහොත විදින්න ඇති. ...... ....... ඒ අය මුලු ජීවිත කාලෙම එකට ගෙවන්න හදට දිවුරුම් දෙන්න ඇති..... ඒ හද යටම සමහරැ වෙන්වෙලා යන්නත් ඇති.......

"ගිටාර් එක අරන් එන්න ද ගියේ........ ?"

" හ්ම්ම්ම් ........ "

ඇත්තටම ඒ හඩට මගෙ හිත නිවන්න පුලුවන් උනා වෙනකොට  මම ඇස්  දෙකම  පියාගෙන ඒ හැගීම උපරිමෙන්ම  වින්ද.....


සද නිදන්න ඔය ආදර ඇස් දෙකේ
ඉඩ තියන්න සුදු සුමුදු මුහුණ පුරා
මට සිඹින්න .....ඇස් පියන්න........
මගෙ ආදරේ හංගන්න. ...............
සද නිදන්න............. ...........

සද සීත ගෙන එන්නේ  ආදරේ......
දගකාර නිල් දෑස මානයේ .........
ගුලිවෙන්න රතු රෝස  හීනයේ....
ලග ඉන්න තුරැලේම මා ලයේ....
අඩවන් දෑස කීවේ...............
ජීවිතේ  අරැතමයි සංවරයි මැණික  මාගේ........

සද නිදන්න..........


************************************
😊ඕතරිය ටිකක්  කතාව දෙන්න  පරක්කු  වෙන නිසා චුට්ටක් චැපිය  දික්කරන්නම් ලමායි.........

😀 මට වෝට් කරන  ඒවගේම වෝට් නොකර හරි කියවන හැමෝටම තැන්කූ. ...........

Continue Reading

You'll Also Like

2.7K 241 11
Taehyung explains 10 reasons why he couldn't love jeongguk. DO NOT SKIP CHAPTER 0! READ THOROUGHLY
1M 33.7K 80
"𝙾𝚑, 𝚕𝚘𝚘𝚔 𝚊𝚝 𝚝𝚑𝚎𝚖! 𝚃𝚠𝚘 𝚕𝚒𝚝𝚝𝚕𝚎 𝚗𝚞𝚖𝚋𝚎𝚛 𝚏𝚒𝚟𝚎𝚜! 𝙸𝚝'𝚜 𝚕𝚒𝚔𝚎 𝚝𝚑𝚎𝚢'𝚛𝚎...𝚍𝚘𝚙𝚙𝚎𝚕𝚐ä𝚗𝚐𝚎𝚛𝚜 𝚘𝚏 𝚎𝚊𝚌𝚑...
3K 320 28
"Do you want me to call you any other endearment like honey,sweetheart,love...babe?" She said tauntingly. "Whatever suits you fine 'love' as long as...
21.7K 1.9K 31
ලෝකෙ ජීවත් වෙන මනුස්සයො අතරෙ හැම කෙනා ළඟම තිබුණු ප්‍රාර්ථනා ගොන්නක් අස්සෙන් එකම එක ප්‍රාර්ථනයක් තිබුණා..... ඒක තිබුණෙ හැමදේකටම උඩින්..... හැබැයි ඒ ප...