~Bobby~ || KTH ✔️

By Nishyoon

6.1K 954 312

--- ඉතිං...මං බලන් ඉන්නම් ආයෙමත් කවදාහරි දවසක මට ඒ නමින් ඔයා කතා කරනකන්...---- ~... More

🏵️🏵️ Arranged Marriage 🏵️🏵️
🏵️🏵️ Crazy Alien 🏵️🏵️
🏵️🏵️ The Short Guy 🏵️🏵️
🏵️🏵️ Pikachu 🏵️🏵️
🏵️🏵️ Ex Again?? 🏵️🏵️
🏵️🏵️ The Mask 🏵️🏵️
🏵️🏵️ Suspicion 🏵️🏵️
🏵️🏵️ Forgiving 🏵️🏵️
🏵️🏵️ Confession 🏵️🏵️
🏵️🏵️ Jealousy 🏵️🏵️
🏵️🏵️ Secret Message 🏵️🏵️
🏵️🏵️ Cheating 🏵️🏵️
🏵️🏵️ Hurting 🏵️🏵️
🏵️🏵️ Leaving 🏵️🏵️
🏵️🏵️ Alien Baby 🏵️🏵️
🏵️🏵️ Rocket Uncle 🏵️🏵️
🏵️🏵️ Is this the End? 🏵️🏵️
🏵️🏵️ Bond 🏵️🏵️
🏵️ Author's Note & New Story🏵️

🏵️🏵️ Suffering 🏵️🏵️

312 51 30
By Nishyoon

💌💌 Chapter 14 💌💌

~~ Next Day ~~

--- Nara's POV ---

" බයවෙන්න එපා Mrs.නාරා දරුවා හොඳින්..මං විටමින්ස් ටිකකුත් ලිව්වා..ඒවා බබා හම්බවෙනකන්ම ගන්න. "

" Thank you doctor! "

ඩොක්ටර් මගේ reports බලලා එහෙම කියද්දි තමයි මගේ ඇඟට ලේ ටිකක් ඉනුවේ.

මගේ හිතේ තව ප්‍රශ්නයක් ඉතුරු වෙලා තිබුනු නිසා මං අත්වල ඇඟිලිත් පොඩිකරන ගමන් ඩොක්ටර් දිහා බැලුවේ ඒ ප්‍රශ්නේ අහනවද නැද්ද කියලා හිතන ගමන්.

" ඩොක්ටර්...මේ...මං...මං ප්‍රෙග්නට් නිසා___"

" මට තේරෙනවා Mrs.නාරා තාම ඔයා ප්‍රෙග්නට් වෙලා වැඩි කාලයක් නැති නිසා ඔයාලා දෙන්නට මාස පහක් හයක් යනකන් sex කරාට ප්‍රශ්නයක් නෑ..හැබැයි වෙනදට වඩා ටිකක් පරිස්සම් වෙන එක තියෙන්නෙත් ඔයාලා දෙන්නගේ අතේම තමයි "

ඩොක්ටර් හිනාවෙලා මං දිහායි, මට එහාපැත්තෙන් වාඩිවෙලා හිටපු සනී දිහායි බලලා කිව්වේ සනී මගේ හස්බන්ඩ් කියලා හිතලා වෙන්න ඇති.

යුනි එකේ ලෙක්චර්ස් ඉවර වුනු ගමන්ම මං සනීවත් අඬගහගෙන medical center එකකට ඇවිත් මගේ checkups වගයක් කරගත්තේ බබාගේ condition එක කොහොමද කියලා දැනගන්න.

මොකද කලින් දවසේ රෑ එලිවෙනකන් ටේහ්‍යුන් මාත් එක්ක හිටපු හැටි මතක් වෙද්දිත් මට හිතුනෙම දරුවා මාව දාලා යන්න ඇති කියලා. ඒත් මගේ වෙලාවට එහෙම වෙලා තිබුනේ නෑ.

" නාරා මං නම් කියන්නේ ඔයාට ටේහ්‍යුන්ට පුළුවන් තරම් ඉක්මනට දරුවා ගැන කිව්වොත් හොඳයි කියලා..එහෙම නැති උනොත් කල් යද්දි ඕක ලොකු ප්‍රශ්නයක් වෙයි. "

ඩොක්ටර්ත් එක්ක කතා කරලා room එකෙන් එනකොටම වගේ සනී කිව්වේ මගේ දිහා බැරෑරුම් විදිහට බලලා.

" හ්ම්..මං දන්නවා සනී..ඒත් ඔයා හිතනවද ටේහ්‍යුන් දරුවා ගැන දැනගත්තත් එයා දැන් ඉන්න තත්වෙත් එක්ක මට හොඳින් සලකාවි කියලා? එහෙම සැලකුවත් සමහරවිට මගෙන් පලිගන්න දරුවා හම්බවුනාට පස්සේ එයාට දරුවා දීලා මට යන්න කියාවි..එහෙම උනොත් මං මොකද කරන්නේ සනී? මං කොහොමද ඒ දෙන්නව දාලා යන්නේ? "

මං කිව්වේ දිග හුස්මකුත් පිටකරලා.

" මට තේරෙනවා නාරා..ඒත් තව ටික දවසක් යද්දි කොහොමත් ඔයාට ඕක ටේහ්‍යුන්ගෙන් හංඟන් ඉන්න බෑනේ..ඒකයි මං කිව්වේ "

සනී කිව්වේ මගේ ඔලුවත් අතගාලා.

" ඔ...ඔව් ඒක ඇත්ත..මං අද කොහොමහරි ටේහ්‍යුන්ට කියනවා අර ජීහු ගෑනි තමයි මේ හැමදේකටම මුල කියලා..එයා මං කියන දේවල් පිලිගත්තත් නැතත් මං අද එයත් එක්ක මේ ගැන කතා කරනවා..මං සෑහෙන දවසක් ඉවසුවා සනී..තවත් ඔය ගෑනිට ටේහ්‍යුන්ව නටවන්න දෙන්නේ නෑ මං "

මං අතකුත් මිට මොලවගෙන කිව්වේ දුකටයි කේන්තියටයි දෙකටම මගේ අැස් වලින් කඳුලු ගලන් යද්දි.

" ඒක හොඳයි නාරා..හැබැයි මොනදේ කරත් පරිස්සමින්. ඔයා දන්නවනේ කලබල වෙලා ප්‍රශ්න විසඳන්න බෑ කියලා..ම්ම්.."

සනී මගේ කම්මුල් වල තිබුනු කඳුලු පාරවල් අත්වලින් පිහදාලා කියද්දි, මං ලාවට හිනාවෙන ගමන් එයා දිහා බලලා ඔලුව වැනුවා.
-
-
-
-

~~ @ Evening ~~

" ඕහ්! ටේහ්‍යුන් ඇවිත්! "

ටේහ්‍යුන්ගේ කාර් එක වත්තට දාන සද්දේ අැහෙනවත් එක්කම මං බැල්කනි එකට ගිහින් පහල බලන් හිටියේ ටේහ්‍යුන් වාහනෙන් බහිනකන්.

" ආශ්! This annoying bitch! "

ටේහ්‍යුන් කාර් එකෙන් බහිනවත් එක්කම මං දැක්කේ එහාපැත්තේ දොරෙන් සිරික්කිය දාගෙන බහින ජීහුව. ටේහ්‍යුන් ඒ පාර මේ ගෑනිව වැඩ අැරුනට පස්සෙත් ගෙදර එක්කන් එන්න පුරුදු වෙන්නද හදන්නේ?..

දැන් නම් මේ මඟුල් දිහා බලාගෙන හිටියා හොඳටම ඇති!

මං දත්මිටිත් කාගෙන අඩියට දෙකට පඩිපෙලෙන් බැහැලා living room එකට යනකොටත් ටේහ්‍යුනුයි, අර සක්කරවට්ටමයි සෝෆා එකට වෙලා හිනාවෙවී මොනවද කතා කර කර ඉන්නවා.

" ටේහ්‍යුන්!! "

මං ලොකු හුස්මක් අරන් ටේහ්‍යුනුයි ජීහුයි ඉස්සරහට ගිහින් ටේහ්‍යුන්ට ටිකක් සද්දෙන් කතා කරා.

" ඕහ්! නාරා! හොඳ වෙලාවට ඔයා ආවේ..ගිහින් ජීහුට ජූස් එකක් හදන් එනවද? "

ටේහ්‍යුන් හිනාවෙලා මගේ දිහා බලන් කිව්වේ කිසිම දෙයක් නොවුන ගානට.

මට කිචන් එකේ වැඩ තියෙන්නේ ඉරිදට විතරනේ. අද සතියේ දවසක් වෙලත් ටේහ්‍යුන් මට එහෙම කියන්නේ අරකි ඉන්න නිසා වෙන්න ඇති.

" ගිහින් ජීහුට fruit juice එකක් හදන් එන්න! "

මං එතනටම වෙලා ඉද්දි ටේහ්‍යුන් ආයෙමත් කිව්වේ ටිකක් deep voice එකකින්.

" හ...හරි ටේහ්‍යුන්. මං maid කෙනෙක්ට කියලා හදාගෙන එන්නම් "

මං එහෙම කියලා එතනින් කිචන් එකට යන්න හැරුනේ මොනවා උනත් මේ වෙලාවේ ටේහ්‍යුන්ගේ කේන්තිය අවුස්සන ඕන නැති නිසයි.

" මං හිතන්නේ...මං කලින් කියපු දේ තමුන්ට හරියට ඇහුනා නම් මං කිව්වේ මේඩ් කෙනෙක්ට නෙමෙයි තමුන්ට ජීහුට ජූස් එකක් හදන් එනවා කියලා! "

මං හැරිලා යන්න හදද්දිම ටේහ්‍යුන් ටිකක් සද්දෙන් කියද්දි, මං දැක්කා ජීහු එහාපැත්තේ ඉඳන් මගේ දිහා බලාගෙන නෝන්ඩියට හොරෙන් හිනාවෙනවා.

මේකිට පොවන්න ඕන බීම නෙමෙයි! හොඳ වහ කුප්පියක්😒!

" ඒ...ඒත් ටේ..අද මේඩ්ලා වැඩනේ..මං එයාලට කිය___ "

" මං හිතනවා මං කියපු දේ ආයෙත් වතාවක් තමුන්ට පැහැදිලි කරලා දෙන්න ඕන නෑ කියලා "

" ඒකට කමක් නෑ ඔප්පා..මට දැන් ලොකු තිබහක් නෑ..අපි මඟිනුත් ජූස් එකක් බීලානේ ආවේ "

ටේහ්‍යුන් මට සද්දෙන් කියද්දි, ජීහු ටේහ්‍යුන්ගේ අතේ එල්ලිලා අහිංසක විදිහට කිව්වේ මගේ දිහාත් හොරෙන් බලන ගමන්.

" හ...හරි..මං...මං හදන් එන්නම් "

මගේ කේන්තිය අමාරුවෙන් control කරගෙන මං ටේහ්‍යුන්ට එහෙම කියලා කිචන් එකට ගියේ මගේ අතකුත් මිට මොලවගන්න ගමන්.

^^^^^^^^^^^^^^^^

" ආ! මෙන්න ජීහු! "

මං හදාගෙන ආපු orange juice එක සෝෆා ස්ටූල් එක උඩින් තිබ්බේ ජීහු දිහා බලලා කියන ගමන්.

" ඊව්ව්ව්...මේකේ සීනි හොඳටම වැඩීනේ! Oops..sorry නාරා..මං ජූස් වැඩිය පැනි රසට බොන කෙනෙක් නෙමෙයිනේ..ඒකයි එහෙම කියවුනේ..ගනන් ගන්න එපා.."

ජූස් එකෙන් උගුරු දෙක තුනක් බීපු ජීහු මගේ දිහා බලලා කිව්වේ මූනත් ඇඹුල් කරන්.

ආශ්! මේ ගෑනි නම්!..

ඒත් එක්කම ටේහ්‍යුන්,

" නාරා! ගිහින් තව එකක් ජීහුට හදන් එන්න! "

මගේ දිහාවත් බලන්නේ නැතුව කිව්වේ එයාගේ ෆෝන් එක දිහා බලාගෙන.

" අනියෝ..ක්වෙන්චනා ඔප්පා..පව් නාරා..මට තිබහක් නෑ කොහොමත්.."

ජීහු ආයෙමත් ටේහ්‍යුන්ගේ අතකින් අල්ලගෙන කියද්දි මං ජීහු දිහා බලන් හිටියේ මරන්න තරම් කේන්තියකින්.

" මං...මං හදන් එන්නම් ටේහ්‍යුන් "

එහෙම කියලා මං තවත් තත්පරයක්වත් එතන ඉන්නේ නැතුව ආයෙමත් කිචන් එකට ආවේ, දුකටයි කේන්තියටයි දෙකටම මගේ ඇස්වලින් ඔහේ කඳුලු ගලන් යද්දි.

මං ආයෙමත් ජූස් එක හදාගෙන living room එකට එනකොට දැක්කේ ෆෝන් එකත් කනේ ගහන් කතා කර කර එලියට යන ටේහ්‍යුන්ව.

" ආ ජීහු! ඔයාගේ ජූස් එක! "

මං බොහොම අමාරුවෙන් මගේ කේන්තිය control කරගෙන හදාගෙන ආපු ජූස් එක ස්ටූල් එක උඩින් තියද්දි, ජීහු මගේ දිහා බැලුවේ කට කොනකට හිනාවෙන ගමන්.

" ඊව්ව්!! What a rubbish!! ශිට්! මේකේ ලුනු ගොඩ! "

ජීහු ජූස් එකෙන් උගුරු දෙක තුනක් බීලා මගේ දිහා බලන් සද්දෙනුත් එක්ක කිව්වේ ටේහ්‍යුන් ලඟපාත පේන්න හිටපු නැති නිසා.

ආශ්! This bitch!! දැන් නම් මේ විකාරේ හොඳටම ඇති!..

" ඕහ්! සොරි ජීහු..කෝ දෙන්න! මං ආයේ එකක් ගේන්නම්.."

මං හිනාවෙලා ජීහුගේ අතේ තිබුනු ජූස් ග්ලාස් එක ගද්දි ජීහු ඇසුත් ලොකුකරන් මගේ දිහා බලන් හිටියේ, එයා හිතපු විදිහේ reaction එකක් මගෙන් ලැබුනේ නැති නිසා වෙන්න ඇති.

" ආහ්! ඔයා මොකක්ද කිව්වේ? මේකට ලුනු මදි කියලා නේද? "

එහෙම කියනවත් එක්කම මං කරේ මගේ අතේ තිබුනු ජූස් ග්ලාස් එක ජීහුගේ ඔලුවට හලපු එක.

" යාහ්!! You bitch!! තමුසෙට පිස්සු හැදිලද?? "

ජීහු මූනත් රතු කරන් කෑගහගෙන මගේ කම්මුලට ගහන්න අතක් උස්සද්දි, මං කරේ ජීහු මට ගහන්න ගියපු අත තදකරලා අල්ලගෙන පහලට ගසලා දාපු එක.

චටාාාාස්!!!

ඒත් එක්කම මං ජීහුට කම්මුල් පාරක් ගැහුවේ මෙච්චර වෙලා මං හිරකරන් හිටපු කේන්තියත් පිටකරන ගමන්.

" තමුසේ! තමුසේ කොහොමද මට___ "

චටාාාාස්!!!

ජීහු මං ගහපු කම්මුලටත් අතක් තියාගෙන දත්මිටි කන ගමන් මගේ දිහා බලාගෙන කියද්දි, මං අත දිග අැරලා ජීහුගේ අනිත් කම්මුලටත් පාරක් ගැහුවේ ජීහුගේ ඇස් තවත් ලොකු වෙද්දි.

" යාහ්!! How dare you fu|cking bi___ "

චටාාාාස්!!!

ජීහු මං ගහපු අනිත් කම්මුලත් අල්ලගෙන කෑගහද්දි, මං ආයෙමත් ජීහුගේ කම්මුල් වලට එකදිගට පාරවල් තුන හතරක් ගැහුවේ ජීහු බයෙන් පස්සෙන් පස්සට යද්දි.

" නාරා තමුසේ දඟලනවා වැඩී! බලනවා මං ටේ ඔප්පට කියලා තමුසෙට කරන___"

ජීහු මගේ ඉස්සරහට ඇඟිල්ලකුත් දිග්කරලා මං ගහපු කම්මුලකටත් අතක් තියාගෙන මට කෑගහද්දි, මං කරේ ජීහු මට දිග්කරන් හිටපු අත මගේ අතකින් අඹරලා ඒකිගේ පිටිපස්සට කරලා අල්ලගත්ත එක.

" ඇයි තමුසේ මට මොනවා කරන්නද? ආහ්? තමුසේ හිතුවද තමුසේ නටන ඔක්කොම නාඩගම් බලාගෙන මං හැමදාම කටපියන් ඉඳී කියලා?? Shameless bitch!! "

මං එහෙම කියන ගමන් මගේ අනිත් අත දාලා ජීහුගේ කොන්ඩේ පිටිපස්සෙන් හයියෙන් ඇදලා අල්ලගත්තේ ජීහු සද්දෙන් කෑගහද්දි.

" ආර්හ්හ්හ්හ්!! අතාරිනවා ගෑනියේ මගේ කොන්ඩේ!! ආව්හ්හ්!! "

" හොඳ හිතින් බහිනවා මගේ ගෙදරින් එලියට!! "

ජීහු අමාරුවෙන් කෑගහද්දිම මං ජීහුගේ කොන්ඩේ තවත් හයියෙන් ඇදලා අල්ලගෙන, ජීහුව පිටිපස්සෙන් තල්ලු කරන් ලඟ තිබුනු බඩු වලත් ඒකි හැප්පිලා වැටෙන්න යද්දි.

" නාරා!! තමුන්ට මොකක්ද වෙලා තියෙන්නේ?? ජීහුව අතාරිනවා! "

එලියේ ඉඳන් එකපාරටම living room එකට ආපු ටේහ්‍යුන් මාව පැත්තකට තල්ලු කරලා, ජීහුව එයා ලඟට ඇදලා ගත්තේ මගේ කේන්තිය තවත් වැඩිවෙද්දි.

" ඒක අහන්න ඕන මං නෙමෙයිද ටේහ්‍යුන්?? ආහ්? ඔයා මොකක්ද මේ නටන නාඩගමේ තේරුම පිට ගෑනියෙක්ව ගේ අස්සට දාගෙන?? "

මං ටේහ්‍යුන්ට කෑගහන්න ගත්තේ ටේහ්‍යුන් ඇසුත් ලොකුකරන් මගේ දිහා බලන් ඉද්දි. ජීහු ටේහ්‍යුන්ගේ පිටිපස්සට වෙලා ඒකිගේ ඔලුවත් පැත්තකින් අල්ලගෙන බොරුවට නහයෙන් අඬ අඬ හිටියේ.

" මෙච්චර දවසක් මං ඉවසුවා ටේහ්‍යුන් ඔයාගේ මේ විකාර වැඩ! මං දන්නවා ඔයා මේ දේවල් කරන්නේ මාත් එක්ක තියෙන කේන්තියට කියලා! ඒත් ටේහ්‍යුන් ඔයා දන්නවද මේ ගෑනි තමයි මේ හැමදේකටම මුල!! මේකි තමයි අපි දෙන්නව ඈත් කරන්න ජන්කුක් එක්ක එකතු වෙලා හැමදේම කරේ! "

" කට වහගන්නවා නාරා! "

ටේහ්‍යුන් මගේ දිහා බලලා දත්මිටිත් කනගමන් ටිකක් සද්දෙන් කියද්දි, ජීහුගේ අඬන සද්දේ තවත් වැඩිවුනා.

ශිට්! ඇත්තමයි මේ ලැජ්ජා නැති කටුස්සි!!

" නෑ!! මං කට වහන්නේ නෑ ටේහ්‍යුන්! මෙච්චර දවසක් මං කට පියාගෙන හිටියා ඔයා මට කරන හැමදෙයක්ම ඉවසගෙන..අඩුම තරමේ ඔයා මට එකපාරක්වත් ඔයත් එක්ක කතා කරන්න දුන්නද ටේහ්‍යුන්?? මං කියන්නේ ඇත්තද බොරුද කියලා ඔය ගෑනිගෙන්ම අහන්නකෝ ටේහ්‍යුන්! ඔය ගෑනි___"

" නාරා තමුසේ ඔය හදන්නේ මගේ ඉවසීමේ සීමාව පන්නන්න! මං ලඟට ඇවිත් තමුසෙගේ කට වහන්න කලින් කට වහගන්නවා!! "

" අනේ ඔප්පා..මං..මං දන්නේ නෑ නාරා මොනවා ගැනද මේ කියවන්නේ කියලා "

ජීහු ටේහ්‍යුන්ට තවත් ලංවෙලා අඬ අඬා කියද්දි මට ආවේ ජීහුව මරන්න තරම් කේන්තියක්.

" බෑ! බෑ! බෑ! ඇයි ටේහ්‍යුන් ඔයා මං කියන කිසිම දෙයක් පිලිගන්නේ නැත්තේ? ජන්කුක්ගෙයි මගෙයි අතරේ ඔයා හිතන විදිහේ affair එකක් නෑ ටේහ්‍යුන්..මේ ගෑනි තමයි මේ හැමදේම කරන්නේ! "

" දැන් තමුසේ කියන්නේ එදා මගේ ඇස් දෙකටම දැකපු දේත් බොරු කියලද නාරා? ආහ්?? කතා කරනවා!! "

ටේහ්‍යුන් කෑගහන්න ගත්තේ එකපාරටම මගේ බෙල්ලෙන් තදකරලා අල්ලගෙන මාව ලඟ තිබුනු බිත්තියට හිරකරන ගමන්.

" ට්...ටේ..ප්..ප්ලීස්..ම...මට අමාරුයි.."

ටේහ්‍යුන් මාව අල්ලන් හිටපු අත මගේ අතකින් අල්ලගෙන මං අමාරුවෙන් කතා කරේ, ටේහ්‍යුන් මගේ බෙල්ල තවත් තදකරද්දි.

" තමුසේ කියන්නේ එදා තමුසේ අර ජන්කුක්කාරයා එක්ක හිටියෙත් ජීහුගේ උවමනාවට කියලද? ආහ්?? තමුසෙගේ වැරදි වහගන්න දැන් ජීහුවත් අල්ලගන්න ලෑස්ති උනාද තමුසේ?? "

" ට්...ටේ..p..please..I..I can't breathe.."

මං අඬ අඬාම කිව්වේ ටේහ්‍යුන් මගේ බෙල්ලෙන් අල්ලන් හිටපු විදිහට මට හුස්ම ගන්න අමාරු වෙද්දි.

" ඔප්පා ප්ලීස්..නාරාව අතාරින්න! එයාට..එයාට හුස්ම ගන්න අමාරුයි! "

ජීහු ටේහ්‍යුන්ගේ අතක එල්ලිලා අඬ අඬ කිව්වත් ටේහ්‍යුන් දත්මිටිත් කාගෙන මාව අල්ලන් හිටියේ ජීහු කියන කිසිම දෙයක් නෑහුන ගානට.

" තමුසේ විඳවන්න ඕන නාරා! තමුසේ මෙච්චර කාලයක් අරෑ එක්ක එකතු වෙලා මාව ගොනාට ඇන්දුවට තමුසේ තවත් විඳවන්න ඕන! "

ටේහ්‍යුන් මූනත් රතු කරගෙන මට කෑගහද්දි මට දැනුනේ හුස්ම ගන්න බැරි අපහසුවට එකපාරටම මගේ ඇස් නිලංකාර වෙන්න යනවා වගේ.

~~ Author's POV ~~

" ටේහ්‍යුන්!! තමුන්ට මොකක්ද වෙලා තියෙන්නේ?? ඔය කෙල්ලව අතාරිනවා මනුස්සයෝ!! "

ඒත් එක්කම එතනට නම්ජුන් එක්ක ආපු ජින් කෑගහගෙන ටේහ්‍යුන්ගේ උරහිසකින් අල්ලලා නාරාගෙන් අයින් කරන්න හදද්දි, ටේහ්‍යුන් ජින්ගේ අත උරහිසෙන් ගසලා දැම්මා.

🐯: බෑ හ්යොන්ග්!! මං මේකිව අතාරින්නේ නෑ! මේකි! මේකි මාව අර ජන්කුක්කාරයත් එක්ක එකතුවෙලා රැවැට්ටුවා හ්යොන්ග්!! මේකි විඳවන්න ඕන!! මං විඳෙව්වා වගේම මේකිත් විඳවන්න ඕන!!

ටේහ්‍යුන් වියරුවෙන් වගේ නාරාගේ බෙල්ල තවත් හිරකරද්දි, නම්ජුන් එකපාරටම ටේහ්‍යුන්ගේ ශර්ට් කොලර් එකෙන් ඇදලා ටේහ්‍යුන්ව පැත්තකට තල්ලු කරලා දැම්මේ, නාරා බිත්තිය දිගේ රෑටලා බිමට වැටෙද්දි.

චටාාාාස්!!

පැත්තකට තල්ලු වුනු ටේහ්‍යුන්ට නම්ජුන්ගෙන් ලැබුනේ සැර කම්මුල් පාරක්.

🐯: හ්යොන්ග්!

ටේහ්‍යුන් නම්ජුන්ගෙන් අතුල්පාර වැදුනු කම්මුලත් අතකින් අල්ලගෙන නම්ජුන් දිහා බැලුවේ කොල්ලගේ ඇසුත් ලොකුකරන්. මොකද ටේහ්‍යුන්ට මෙච්චර කාලෙකට කවදාවත් නම්ජුන්වත් ජින්වත් අතක් උස්සලා තිබ්බේ නෑ.

🐨: ඔව්! හ්යොන්ග් තමයි!! තමුසෙට පිස්සු හැදිලද ටේහ්‍යුන් අර කෙල්ලව මරාගන්න හදන්නේ?? ප්‍රශ්නයක් තියෙනවා නම් කතා කරලා විසඳගනින් මෙහෙම පිස්සෙක් වගේ හැසිරෙන්නේ නැතුව!

නම්ජුන් කෑගහද්දි ටේහ්‍යුන් අහක බලාගෙන දත්මිටි කෑවේ කොල්ලගේ කේන්තිය control කරගන්න.

🐺: ඔයාට අමාරුවක් නෑ නේද පැටියෝ?

බිත්තිය ලඟ බිම වාඩිවෙලා, බෙල්ලත් අතකින් අතගාගන්න ගමන් අමාරුවෙන් හති අරින නාරා ලඟට කලබලෙන් ගියපු ජින් ඇහුවේ කෙල්ලගේ කම්මුලකටත් අතක් තියන ගමන්. නාරා 'නෑ' කියන්න ඔලුව දෙපැත්තට වැනුවේ කෙල්ලගේ ඇස්වලින් කඳුලු ඔහේ බේරිලා යද්දි.

🐯: හ්යොන්ග්! මේක මගේ පවුලේ ප්‍රශ්නයක්! ඒක මං මට ඕන විදිහට විසඳගන්නම්! ඒකට හ්යොන්ග්ලා මැදිහත් වෙන්න ඕන නෑ!!

ටේහ්‍යුන් සද්දෙන් කිව්වේ නම්ජුන් දිහාත්, ජින් දිහාත් මාරුවෙන් මාරුවට බලන ගමන්.

චටාාාාස්!!

නාරා ලඟින් නැඟිටලා ආපු ජින්ගෙන් ටේහ්‍යුන්ට ලැබුනේ නම්ජුන්ගෙන් වගේම සැර කම්මුල් පාරක්.

ඒත් එක්කම ජීහු,

👜: ඔප්පා!

අඬාගෙන ටේහ්‍යුන්ගේ අතක එල්ලිලා ජින් ගහපු ටේහ්‍යුන්ගේ කම්මුල අතින් අතගාන්න ගත්තේ, ටේහ්‍යුන් අහක බලාගෙන දත්මිටි කද්දි.

🐺: ජීහු! මං දැන් තමුන්ට ඇඟිල්ලෙන් ඇනලා කියන්න ඕනද මෙතනින් යනවා කියලා!

👜: ඔප්පා!

🐺: ඔව්! ඔප්පා තමයි! තමුසෙත් මෙච්චර වෙලාවක් තිස්සේ බබා වගේ පැත්තකට වෙලා සද්ද නැතුව බලන් හිටියේ මේ බූරුවගේ අතින් අර කෙල්ල මැරිලා යනකන්ද?

👜: අ...අනී ඔප්පා..මං ටේ ඔප්__

🐺: මං තමුසෙගෙන් නිදහසට කාරනා ඇහුවේ නෑ ජීහු! පොඩි කාලේ ඉඳන්ම මං හොඳට දන්නවා තමුසේ ගැන..කරුනාකරලා දැන්මම එලියට බහිනවා ගෙදරින්! පිට මිනිස්සුන්ගේ පවුල් ප්‍රශ්නවලට ඇඟිලි ගහන්න හොඳ නෑ කියලා තමුසෙට සම්චොන් කියලා දීලා නැද්ද? අාහ්?

👜: ඔප්පා!

ජින් කෑගහද්දි ජීහු ආපහු අඬන්න ගත්තේ ඉකිගගහා.

🐺: කිව්වම අහලා යනවා දැන්මම!!

ජින් මූනත් රතු කරන් ආයෙමත් ජීහුට කෑගහද්දි සෝෆා ස්ටූල් එක උඩ තිබුනු තමන්ගේ handbag එකත් කරේ දාගෙන, ජීහු හයියෙන් අඬාගෙන කිම් මැන්ෂන් එකෙන් එලියට දුවලා ගියේ අඩියට දෙකට.

🐯: හ්යොන්ග්!! ජීහුට කෑගහන්න එපා!! එයාගේ වැරැද්දක් නෑ !! මං දැන් සැරයක් කිව්වනේ හ්යොන්ග්!! මට මගේ දේවල් ගැන බලාගන්න දීලා හ්යොන්ග්ලා මෙතනින් යන්න!!

චටාාාාස්!!

ටේහ්‍යුන් ජින්ට කෑගහද්දි ටේහ්‍යුන්ට ආයෙමත් ජින්ගෙන් සැර අතුල් පාරක් ලැබුනා.

🐺: කට වහගන්නවා ටේහ්‍යුන්!! අපිට දැක්කේ නෑ වගේ යන්න තිබුනා තමුසේ අර කෙල්ලට තිරිසනෙක්ට වගේ වදදෙන්නේ නැත්තන්! කවදා ඉඳන්ද තමුසෙට තමුසෙගේ කසාද ගෑනිට වඩා පිට ගෑනියෙක්ව ලොකු වුනේ? ආහ්?

🐺: ප්‍රශ්න කියන දේ අපි හැමෝටම තියෙනවා ටේහ්‍යුන්! එහෙම කියලා කතා කරලා ප්‍රශ්නේ විසඳගන්නේ නැතුව තමුන්ගේ ගෑනිට මෙහෙම සලකන එක හරිද? හිතන්න එපා මං මෙච්චර දවසක් කටපියන් හිටියට තමුසේ අර කෙල්ලට සලකන විදිහ ගැන දන්නේ නෑ කියලා!

🐺: මට ජිමිනුත් දවසක් කිව්වා තමුසේ කලින් දවසකත් නටපු පිස්සුව ගැන..මෙච්චර දවසක් හරි මං ඉවසන් හිටියේ තමුන් කතා කරලා නාරාත් එක්ක ප්‍රශ්නේ විසඳගන්න ඇති කියලා හිතලා! හොඳ වෙලාවට මායි නම්ජුනයි තමුන්ලව බලලා යන්න කියලා ගෙදරට ආවේ! නැත්තං මෙලහටත්! ශිට්!!

ජින් කෑගහලා කියන ගමන් ලඟ තිබුනු මේසෙකට අත මිටමොලවලා පාරක් ගැහුවා.

🐯: හහ්! ඔයා මොනවද හ්යොන්ග් මෙයා ගැන දන්නේ?

ටේහ්‍යුන් කිව්වේ කට කොනකට හිනාවෙලා තාමත් අඬ අඬ ඉන්න නාරා දිහා බලාගෙන.

🐯: මෙයා දන්නේ බොරු අහිංසක මූනක් පෙන්නගෙන ලඟ ඉන්න මිනිස්සුන්ව හොඳට රවට්ටන්න විතරයි! ඔය පෙන්නේ නැද්ද දැනටමත් හ්යොන්ග්ලට මට වඩා ලොකුවෙලා තියෙන්නේ කොහෙවත් හිටපු මෙයානේ!

🐺: ටේහ්‍යුන්!! ඒ තමුන්ගේ කසාද ගෑනි!!

🐯: හහ්! කසාද ගෑනි?? මගේ කසාද ගෑනි නිසා වෙන්න ඇති මට හොරෙන් වෙන මිනිහෙක් එක්ක ගිහින් නිදාගන්න ඇත්තේ!

ටේහ්‍යුන් අවඥාවට හිනාවෙලා කියද්දි නාරාට දැනුනේ පොලවේ පලාගෙන යන්න තරම් ලැජ්ජාවක්. මොකද නාරා කීයටවත් හිතුවේ නෑ ටේහ්‍යුන් තමන් එක්ක මොනතරම් කේන්තියෙන් හිටියත් ජිනුයි, නම්ජුනුයි ඉස්සරහා කෙල්ල ගැන මේ විදිහට කතා කරයි කියලා.

🐺: ටේහ්‍යුන්!!

ජින් ටේහ්‍යුන් දිහා බලලා කෑගහද්දි ටේහ්‍යුන් ලඟ තිබුනු පුටුවකටත් පයින් ගහලා වචනයක්වත් නොකියා කිම් මැන්ෂන් කේන්තියෙන් අඩියට දෙකට එලියට ගියේ, ජිනුයි නම්ජුනුයි දිහා තවත් එක වතාවක්වත් නොබලා.

🐺: නාරා! නෝ ක්වෙන්චනා?

තාමත් බිම හිටපු තැනම වාඩිවෙලා ඉවරයක් නැතුව අඬන නාරා ලඟට පාත්වෙලා, ජින් නාරාගේ කම්මුලක් අතින් පිරිමදින ගමන් කෙල්ලගෙන් අැහුවේ නම්ජුනුත් පැත්තකට වෙලා නාරා දිහා අනුකම්පාවෙන් බලන් ඉද්දි.

🗨️: ඔ..ඔප්පා මං..මං ටේව රැවැට්ටුවේ නෑ..මං මේ ඇත්තමයි කියන්නේ..මං..මං එයාට ගොඩක් ආදරෙයි ඔප්පා..

නාරා ඉකිගගහා කියද්දි ජින් දිග හුස්මකුත් පිටකරන ගමන් නාරාගේ කම්මුල් වල තිබුනු කඳුලු සීරුවට අත්ලෙන් පිහදැම්මා.

🐺: මං දන්නවා නාරා..අපේ ගොන් වස්සා ඔය මොකක්හරි පටලගෙන දඟලනවා ඇත්තේ..

ජින් ලාවට හිනාවෙලා නාරාගේ ඔලුවට හිමීට තට්ටුවක් දාලා කිව්වත් කෙල්ලගේ ඇඬිල්ල නම් නතර වුනේ නෑ.

🐨: හ්යොන්ග්! ටේ එයා..එයා ආයෙමත් පොඩි කාලේ වගේ වෙලා..

නම්ජුන් ජින් දිහා බලාගෙන කිව්වේ බයවෙලා වගේ.

🐺: ඒක තමයි නම්ජුනා..මං හිතුවේ ටේහ්‍යුන්ව බලෙන් හරි ටික දවසකට අපේ ගෙදරට එක්කන් යන්න කියලා..මොකද මිනිහා ඔය තත්වෙන් ආයෙත් නාරා ලඟට ආවොත් මොන විනාසයක් කරලා නවතීද දන්නේ නෑ..

ජින් දිග හුස්මකුත් පිටකරන ගමන් කිව්වා.

🐺: නාරා! මේ අහන්නකෝ පැටියෝ..මං ටික දවසකට ටේහ්‍යුන්ව අපේ ගෙදර එක්කන් යනවා..බයවෙන්න එපා මං ඉක්මනට ටේහ්‍යුන්ව relax කරලා එයාගේ බූරු ඔලුවත් ටිකක් හදලා මෙහාට එවන්නම්..ඔයාට පුළුවන්ද එතකන් මෙහෙට වෙලා ඉන්න? ම්ම්?

තාමත් ඉකිගගහා අඬ අඬ හිටපු නාරාගේ රතුවෙලා තිබුනු කම්මුලකටත් අතක් තියලා ජින් අහද්දි, නාරා ඇසුත් ලොකුකරන් වචනයක්වත් නොකියා ජින් දිහා බලන් හිටියා.

නාරා කොහොමද ටේහ්‍යුන් නැතුව එක දවසක්වත් ඉන්නේ?..ටේහ්‍යුන් තමන්ට කොච්චර වෙනස්කම් කරත්.. ගැහුවත්..බැන්නත්..නාරාට ඕන වුනේ ටේහ්‍යුන් ලඟටම වෙලා ඉන්න..මොකද නාරා ඒ තරමටම ටේහ්‍යුන්ට අාදරේ කරන්න අරන් තිබුනා..ඉතිං නාරා කොහොමද ටේහ්‍යුන් එයා ලඟ නැති දවසක් ගැන හිතන්නේවත්?..

🐺: එහෙම නැත්තන් ඔයාට පුළුවන් ඒ දවස් ටිකේ අපේ නම්ජුනාලගේ ගෙදර ගිහින් ඉන්න..නේද නම්ජුනා?

ජින් නම්ජුන් දිහාට හැරිලා අහද්දි නම්ජුන් ලාවට හිනාවෙන ගමන් ඔලුව වනලා ඒක අනුමත කරා.

🐨: ඔව් නාරා..අපේ මින්සුයි, බබායි විතරයි ගෙදර ඉන්නේ මං කම්පැනි එකට ගියාම..ඔයාට පුළුවන් ටේ ආයෙත් එනකන් අපේ ගෙදර නැවතිලා ඉන්න.

🗨️: ක...කමක් නෑ ඔප්පා..මං..මං මෙහේ ඉන්නම්..ඔ..ඔප්පා අනිවාරෙන්ම ටේහ්‍යුන්ව එක්කන් එනවා නේද?

නාරා අමාරුවෙන් ඇඬුම් තදකරගෙන ජින්ගේ අත්දෙකෙන්ම අල්ලගෙන ඇහුවා.

🐺: අනිවාරෙන්ම පැටියෝ..බයවෙන්න එපා..මට ටික දවසක් දෙන්නකෝ..ම්ම්..මං ඉක්මනට එයාව ආයෙත් ඔයා ලඟට එවන්නම්..එතකන් මෙහෙට වෙලා පරිස්සමට ඉන්න..මොකක්හරි හදිස්සියක් උනොත් අනිවාරෙන්ම මට හරි නම්ජුන්ට හරි කෝල් එකක් දෙන්න..මං කියන්නම් අපේ යූරිටයි, මින්සුටයිත් ටිකක් මේ පැත්තේ ඇවිත් ඔයාව බලලා යන්න කියලා..අරස්සෝ?

ජින් නාරා අල්ලගෙන හිටපු තමන්ගේ අත්දෙකෙන් නාරාගේ අත් මැදිකරලා අල්ලගෙන නාරාගේ මූනට එබිලා අහද්දි, නාරා බිම බලාගෙන ඔලුව වැනුවා.

🗨️: මං..මං ඉන්නම් ඔප්පා..ප්ලීස්..ටේ ගැන බලන්න..

නාරා බැගෑපත් බැල්මකින් ජින් දිහා බලන ගමන් කිව්වා.

🐺: අනිවාරෙන්ම ස්වීටි! ඔයා ගිහින් එහෙනම් ටිකක් රෙස්ට් කරන්නකෝ..ම්ම්..මායි නම්ජුනයි ගිහින් අර බූරු පැටියා ගියේ කොහෙද කියලා බලන්නම්..

ජින් නාරාගේ ඔලුවත් අතගාලා එතනින් යද්දි, නම්ජුනුත් ජින්ගේ පස්සෙන් ගියේ නාරාගේ උරහිසට හිමීට තට්ටුවක් දාලා ඇස්වලින් 'හැමදේම හරියයි' කියන්න වගේ නාරාට ඉඟිකරන ගමන්.

_______________

--- Two weeks later ---

~~ Nara's POV ~~

ටේහ්‍යුන් දකින්නෙවත් නැතුව මං සති දෙකක් ගෙවලා දැම්මා කියද්දිත් මට පුදුමයි.

එදා ජින් මට කියපු විදිහටම ටේහ්‍යුන්ව එයාගේ ගෙදර එක්කගෙන ගිහින් තිබුනා. හැබැයි අද වෙනකන්ම ටේහ්‍යුන් මට කෝල් එකක්..මැසේජ් එකක් තියා අඩුම තරමේ මං ගත්ත කෝල් එකකටවත් answer කරේ නෑ.

ඒත් ජින් මේ සති දෙක පුරාම මට දවසට එක වතාවක් හරි කෝල් කරලා ටේහ්‍යුන් හොඳින් ඉන්නවා කියලා කියපු නිසා මං හිටියේ ටිකක් හරි හිතේ සැනසීමෙන්. ජින්ගේ යූරි ඔන්නියි, බබායි...නම්ජුන්ගේ මින්සු ඔන්නියි, බබායිත් මේ දවස් ටිකේ මාරුවෙන් මාරුවට එයාලට පුළුවන් වෙලාවට මාව බලලා යන්න ආවා.

ඒ හින්දා පහුගිය දවස් ටිකේ මට ලොකු පාලුවක් දැනුනේ නැති උනත්, ටේහ්‍යුන්ව මතක් වෙන හැම වෙලාවකම ජින් ටික දවසකට එයාව බලන්න එපා කිව්වත් එක වතාවකට හරි එයාව බලලා එන්න මට හොඳටම ඕන වුනා. ඒත් මං ඉවසුවා.

සනී ඇරෙන්න තවමත් මං හැමෝගෙන්ම මගේ දරුවව රහසක් විදිහට තියාගත්තා.

මොකද මට ඕන වුනා ටේහ්‍යුන් අාවම මටම එයාට මුලින්ම අපේ දරුවා ගැන කියන්න. එයා තාමත් වෙනස් වෙලා නැතත් වුනත් අපේ දරුවා ගැන දැනගත්තම එයා මොන විදිහට react කරයිද කියලා මට බලන්න ඕන වුනා. ඉතිං මං බලන් හිටියා ටේහ්‍යුන් ආපහු එනකන්...

***********

--- Next day ---

~~ Author's POV ~~

" ඔයත් ගියාම මට මෙහේ යාලුවෝ කවුරුවත්ම නැතිවෙනවා සනී "

නාරා මූනත් පුලුටු කරගෙන කියද්දි හෝසොක් හිනාවෙලා නාරාගේ ඔලුව අතගෑවා. ලෙක්චර් එකක් ඉවර වෙලා අනිත් ලෙක්චර් එක පටන් ගන්නකන් නාරායි, හෝසොකුයි හිටියේ යුනි එකේ ground එකේ auditorium එකට වෙලා වාඩිවෙලා.

🦄: අයිගෝ! මැට්ටි! මං ගියාට හැමදාම මං කෝල් කරනවනේ මගේ මැටි අලේට..

හොබී හිනාවෙවී කිව්වේ නාරාගේ කොන්ඩෙත් අතකින් අවුල් කරලා.

🗨️: ඒ උනාට ඉතිං ඔයා ලඟ ඉන්නවා වගේ නෑනේ..

නාරා මූන ඇඹුල් කරගෙනම කිව්වා.

බෙල්ජියම් වල ඉන්න හොබීගේ අම්මගේ පැත්තෙන් නෑදැයෙක් වෙන ග්‍රේස් ආන්ටිට හදිස්සියෙම අසනීප වුනු නිසා හොබීට ඉක්මනින්ම බෙල්ජියම් වල පදිංචියට යන්න වෙලා තිබුනා.

🦄: ඇත්තමයි නාරා මං අර ඒලියන්කාරයට පාඩමක් උගන්නන්නත් එක්ක ඔයාව බලෙන් හරි ටික කාලෙකට මාත් එක්ක එක්කන් යනවා මේ ඒලියන් පැටියා බන්ඩියේ හිටියේ නැත්තන්..

හොබී නාරාගේ ටීෂර්ට් එකෙන් ආවරණය වෙලා තිබුනු බඩට හිමීට ඇඟිල්ලකින් තට්ටු කරන ගමන් කියනකොට නාරාගේ මැලවිලා තිබුනු මූනට චූටි හිනාවක් ආවා.

🗨️: ඇත්තටම ඔයා ගියාම මට ගොඩක් පාලු හිතේවි සනී..

නාරා දිග හුස්මක් පිටකරන ගමන් මූනත් බිමට හරවගෙන කිව්වා.

🦄: මටත් එහෙම තමයි නාරා..ඒත් ඔයා දන්නවනේ අපේ ඔම්මයි, අප්පයි නැති උනාට පස්සේ මටයි, නූනාටයි ඉගෙන ගන්න උදව් කරේ ග්‍රේස් ආන්ටි කියලා..අනිත් එක මායි නූනායි ඇරුනම ග්‍රේස් ආන්ටි ගැන හොයලා බලන්න එයාට එහේ කවුරුවත් නෑ..නූනාත් ගිය මාසේ මැරි කරලා ජර්මනි ගියපු නිසා එයාට කොහොමත් යන්න බෑනේ..ඒකයි මං යන්නේ..

🗨️: හ්ම්..මට තේරෙනවා සනී..හැබැයි බෙල්ජියම් ගියා කියලා මාව අමතක කරන්න බෑ හොඳේ! ඔයා promise වුනා හැමදාම මට කෝල් කරනවා කියලා..

නාරා අැස් හීනි කරලා හොබී දිහාට එයාගේ දබර ඇඟිල්ලත් දිග් කරලා කියද්දි, හොබීට හිනාගියේ නාරාගේ කියුට් මූන දැක්කම.

🦄: අරස්සෝ..අරස්සෝ පොඩි හල්මොනි!

හොබී හිනාවෙවී නාරාගේ කොන්ඩෙත් අතකින් අවුල් කරලා කියලා, එහෙමම පාත්වුනේ නාරාගේ පොඩ්ඩක්වත් ඉස්සරහට නෙරලා තිබුනේ නැති චූටි බඩ ලඟට.

🦄: අපි බලමුකෝ නේද ඒලියන් බේබි ඔයාගේ මමා දැන් ඔහොම සනී අන්කල් යනවට නහයෙන් ඇඬුවට ඔයාගේ අප්පා එයත් එක්ක යාලුවුනු ගමන් සනී අන්කල්ව නිකමටවත් මතක් වෙයිද කියලා..

හොබී නාරාගේ බඩට ලංවෙලා කියද්දි නාරාට හිනාගියේ ඉබේටමයි.

🗨️: යාහ්! සනී! එයා තාම චූටියි..එයාට ඇහෙන්නේ නෑ ඕවා.

නාරා හිනාවෙවී කිව්වා.

🦄: මොකද නැත්තේ! ඔයාගේ මමාට ඇහුනේ නැති උනාට ඔයා මට හොරෙන් උත්තර දුන්නා නේද පැටියෝ?

හොබී ආයෙමත් නාරාගේ චූටි බන්ඩියට ලංවෙලා කියද්දි, නාරා ඔලුව දෙපැත්තට වැනුවේ හොබීගේ විහිලු කතා වලට ආපහු පාරක් හිනාවෙන ගමන්.

_________________

~~ @ Evening ~~

යුනි ගිහින් ඇවිත් වොෂ් එකක් එහෙම දාලා නාරා හිටියේ ඇඳට වෙලා ටිකක් නිදාගෙන. මොකද pregnancy එක නිසා නාරාට දැන් වෙනදට වඩා නිදිමත දැනෙනවා වැඩියි. ඉතිං කෙල්ලට අැඳට වැටුනු ගමන් ඇහැ පියවෙනවා.

ඒත් එකපාරටම නාරාට ඇහැරුනේ කෙල්ලගේ බෙල්ල ලඟින් දැනෙන්න ගත්ත සීතලක් නිසා.

" ට්...ටේ! "

නාරාගේ ඇස් ලොකුවුනේ කෙල්ලගේ එහාපැත්තෙන් අැඳේ වාඩිවෙලා තමන් දිහා බලන් හිටපු ටේහ්‍යුන්ව දැක්කම. ටේහ්‍යුන්ගේ අතේ scars වලට ගාන පොඩි ජෙල් ටියුබ් එකකුත් තිබුනා.

" මේ...මේ ඇත්තටම ඔයා නේද?..මේක..මේක හීනයක් නෙමෙයි නේද? "

නාරා ගොතගගහා ටේහ්‍යුන්ගේ මූන පුරාම නාරාගේ චූටි ඇඟිලි වලින් අල්ලන ගමන් අැහුවේ කෙල්ලගේ ඇස්වලින් ඉවරයක් නැතුව කඳුලු ගලන් යද්දි.

" ම්...මියාන්හේ නාරා.."

ටේහ්‍යුන් මූන බිමට බර කරගෙන බිඳුනු කටහඬකින් කියද්දි, නාරා ටේහ්‍යුන්ව බදාගත්තේ කොල්ලට හිතන්නවත් කාලයක් ඉතුරු නොකර.

" I missed you Tae! I missed you so much! "

ටේහ්‍යුන්ව බදාගෙනම අඬ අඬා කියපු නාරා ටේහ්‍යුන් ලඟින් ටිකක් ඈත් වෙලා, ටේහ්‍යුන්ගේ මුලු මූන පුරාම හාදු ගොඩක් තිබ්බේ ටේහ්‍යුන් freeze වෙලා වගේ හිටපු විදිහටම ඉන්නකොට.

" ඇත්තටම..මට..මට සමාවෙන්න නාරා..මං..මං ඔයාට ගොඩක් රිද්දලා.."

ටේහ්‍යුන් බාලවුනු කටහඬකින් කිව්වේ දිග හුස්මකුත් පිටකරන ගමන්. ඒත් එක්කම ටේහ්‍යුන් මෙච්චර වෙලා එයාගේ අතේ තිබුනු ජෙල් ටියුබ් එකෙන් ඇඟිලි තුඩකට ජෙල් ටිකක් අරන්, තාමත් ලාවට පේන්න තිබුනු නාරාගේ බෙල්ලේ පාමුල තිබුනු hickey එකක සීරුවට ගාන්න ගත්තා.

" ඒකට කමක් නෑ ටේ...ඒක..ඒක misunderstanding එකක්..ඒක ඔයාගේ වැරැද්දක් නෙමෙයි.."

නාරා එයාගේ අතකින් ටේහ්‍යුන්ගේ කම්මුලක් හිමීට පිරිමදින ගමන් ටේහ්‍යුන්ගේ මූන දිහාම බලාගෙන කිව්වා.

ටේහ්‍යුන්ගේ මූනේ පහුගිය දවස් ටිකේ තිබුනු කලබලකාරී පෙනුම නැතිවෙලා ගිහින්..එයාගේ hazel eyes කාලේකට කලින් තිබුනා වගේම නිවිච්ච පාටට හැරිලා..

ඒ කියන්නේ ටේහ්‍යුන් වෙනස් වෙලා..

සමහර විට ටේහ්‍යුන් ජන්කුක්ගෙයි තමන් අතරෙයි සිද්ද වුනු දේ දැනගෙනවත්ද?...

ටේහ්‍යුන්ගේ මූන දිහා විනාඩි කීපයක් එකදිගටම බලන් හිටපු නාරාට හිතුනා.

හැබැයි...නාරාට එක දෙයක් අමතක වුනා..ටේහ්‍යුන් තාමත් එයාට කතා කරේ 'බොබී' කියලා නෙමෙයි කියන එක..

ටේහ්‍යුන් තාමත් වචනයක්වත් නොකියා හිමීට නාරාගේ බෙල්ලේ තැන් කීපයකයි, අත්වලයි hickeys නිසා ඉතුරු වුනු කැලැල් මත ජෙල් ගාන ගමන් හිටියා.

නාරාට සතුටු හිතුනා..ඒ කියන්නේ කලින් වගේම ටේහ්‍යුන් ආයෙමත් එයා ගැන worry වෙන්න පටන් අරන්..එයා ගැන care කරනවා..

එහෙනම් මේක තමයි ඒ දෙන්නගේ බබා ගැන නාරාට ටේහ්‍යුන්ට කියන්න හොඳම වෙලාව..

🗨️: ටේහ්‍යුන් මං___

🐯: අපි ඩිවෝස් වෙමු නාරා!

නාරා කියන්න යද්දිම වගේ ලොකු හුස්මක් ගත්ත ටේහ්‍යුන් නාරා දිහාම බලාගෙන කිව්වා.

🗨️: ආහ්?

ටේහ්‍යුන්ගෙන් එකපාරටම පිටවුනු වචන ටික තමන්ට හරියටම ඇහුනද කියලා විශ්වාස නැති තැන නාරා ඇස් ලොකුකරන් ටේහ්‍යුන් දිහා බැලුවා.

🐯: අපි...අපි ඩිවෝස් වෙමු නාරා!

ටේහ්‍යුන් බිමට මූන හරවගෙන ආයෙමත් කියද්දි නාරාට තමන්ගේ හුස්ම එකපාරටම හිරවෙනවා වගේ හැඟීමක් දැනුනා..

To be continued...
✍️Nishyoon💜️

____________________

Continue Reading

You'll Also Like

957 85 6
"මගෙ රෝස මල..ඔයා දන්නවද ඔයා කොච්චර ලස්සනද කියලා..." "මට ඉවසිල්ලක් නෑ ඔයා මගෙ ඇඟට යට වෙලා මගෙ නමින් කෙඳිරි ගානවා අහන්න...දන්නවද මන් ඒකට කොච්චර ආසද කි...
1.1M 36.9K 63
𝐒𝐓𝐀𝐑𝐆𝐈𝐑𝐋 ──── ❝i just wanna see you shine, 'cause i know you are a stargirl!❞ 𝐈𝐍 𝐖𝐇𝐈𝐂𝐇 jude bellingham finally manages to shoot...
1.3M 57K 103
Maddison Sloan starts her residency at Seattle Grace Hospital and runs into old faces and new friends. "Ugh, men are idiots." OC x OC
72.8K 1.7K 21
FANFIC: Pete was traded by his father who didn't have enough money to pay for the debtor which he borrowed during gambling. Pete was brought by Mr Gu...