මේඝ | MEGHA || 𝒸ₒₘₚₗₑₜₑ𝒹

By Yazwi_03

51.1K 6.5K 2.3K

❝ 𝐈 𝐋𝐎𝐕𝐄 𝐘𝐎𝐔 𝐌𝐎𝐑𝐄 𝐓𝐇𝐀𝐍 𝐈 𝐇𝐀𝐓𝐄 𝐄𝐕𝐄𝐑𝐘𝐎𝐍𝐄 𝐄𝐋𝐒𝐄..!! ❞ . . . "මිස්ටර් මේඝාදිත්‍ය... More

පළමු මේඝය
දෙවන මේඝය
තුන්වන මේඝය
හතරවන මේඝය
පස්වන මේඝය
හයවන මේඝය
හත්වන මේඝය
අටවන මේඝය
නවවන මේඝය
දහවන මේඝය
එකොළොස්වන මේඝය
දොළොස්වන මේඝය
දහතුන්වන මේඝය
බෝනස්...!!
දාහතරවන මේඝය
පහළොස්වන මේඝය
දහසයවන මේඝය
Character Introduction
දාහත්වන මේඝය
දහඅටවන මේඝය
දහනවවන මේඝය
විසිවන මේඝය
විසිඑක්වන මේඝය
SPECIAL
විසිතුන්වන මේඝය
විසිහතරවන මේඝය
විසිපස්වන මේඝය
විසිහයවන මේඝය
විසිහත්වන මේඝය
විසිඅටවන මේඝය
විසිනවවන මේඝය
තිස්වන මේඝය
තිස්එක්වන මේඝය
Q & A
තිස්දෙවන මේඝය
තිස්තුන්වන මේඝය
තිස්හතරවන මේඝය
තිස්පස්වන මේඝය
සමාප්තයි..!!
Special Chapter
Meme Collection
කළුකුමාර අඩවිය

විසිදෙවන මේඝය

1K 148 78
By Yazwi_03

ඇත්තමයි මට එන තරහා....

මොකද කරන්නේ..  ආශ්.. මොකද කරන්නේ මේ කළුකුමාට...

මන් කාමරේ ඇතුළේ ඒ පැත්තට මේ පැත්තට ඇවිද ඇවිද ඉදියේ හිතේ තියෙන තරහා නිවාගන්න.. ඇයි යකෝ නැත්තන් මගේ නහරයක් පුපුරලා මැරෙන්නේ...

අවින්දි.... කූල් ඩවුන් මචන් කූල් ඩවුන්..

මන් මොකටද අර කොහෙවත් යන පිස්සෙක් හින්දා මගේ ලේ ටික පුච්චගන්නේ..

බෑ බෑ බෑ... මොන කූල්ද මට අර භූතයගේ කින්ඩි හිනාව මතක් වෙද්දි ඌවත් වළක් කපලා වළලලා ඊට මීටර් පන්සීයක් ඈතින් මටත් වළක් කපන් වැළලෙන්න හිතෙනවා...

බලුකම තනිකරම..

අසමජ්ජාති පොල්කාවයියා...

ඇවිදලා ඇවිදලා කකුල් දෙකත් රිදෙන හින්දා මන් ඇඳට පැනලා ෆෝන් එක ගත්තේ ලපයට කෝල් එකක් ගන්න.. නැත්තන් මේ තරහ නිවෙන්නේ නෑ...

"හෙලෝ... හදිස්සියක්ද..."

මූ බලහන්කෝ.. හ්හ් දැන් මුගෙත් මාර ලයින් තියෙන්නේ...

"ඇයි මොකද.. උබ හොර මිනිහෙක් එක්ක මගුලේ ගිහිල්ලද ඔච්චර හදිස්සියෙන් කතා කරන්නේ..."

"අනේ යකෝ මොකක්ද බන් ප්‍රශ්නයක් නේ ඇහුවේ.. ඔච්චර නැට්ට පාගගන්න ඕනද..."

"ඔව් ඔව්.. මන් තමයි දැන් මෙතන නැට්ට පාගගෙන ඉන්නේ.. උබලා ඔක්කොටම මාර්ග ඵල හම්බෙලා නේ තියෙන්නේ..."

"මොකද වුණේ කියලා කියපන් ගෑනියේ.. මොන මගුලක්ද..."

"වෙන්න ඕන දේවල් සේරම වෙලා තියෙන්නේ... උබට ඉතින් දැන් මාව මතක නෑනේ.. උබ දැන් මට කියන්නෙත් නෑ  කිසි දෙයක්.. ඔහොම පලයන්කෝ.. තොටත් කෙළවෙයිනේ දවසක.. වරෙන්කෝ ළමයෙක් එහෙම උස්සගෙන.. පුතේ මෙන්න ලොකු අම්මා කියාගෙන මාව පෙන්නන්...මරනවා තෝව කාලකන්නියා..."

"අනේ මේ ළමයි හදන්නේ කොහෙද බූට් තියලා ඉද්දි.. අනික දැන් උබ මට මේ තකහනියේ කෝල් කරේ ඕක කියන්නද..."

"නෑ..."

"එහෙනම්..."

"මේ උබ ගාව වඳ පෙති නැද්ද..."

"මොකක්....!!! මට හරියට ඇහුන්නෑ ආයේ කියහන්... ආයේ කියහන්..."

"වද පෙති භල්ලෝ වඳ පෙති.."

"උබට අහවල් කෙංගෙඩියකටද වඳ පෙති..."

"උබට ඒ බම්බුවක් වැඩක් නෑනේ තියෙද නැද්ද කියහන්කෝ...."

"අනේ බන් මන් මොකෙක් කියලද උබ හිතන් ඉන්නේ... වඳ පෙත්තක් ඉල්ලන්නේ.. මන් ගාව කොහෙන්ද ඕවා.. පෙවිලද බන් මොනා හරි..."

"තෝ ගාව මන් දෙයක් ඉල්ලුවාම තමයි නැත්තේ අනික් වෙලාවට ඕන්නැති මල මගුල් සේරම තියෙනවා.. රෙද්ද..."

"හරි දැන් ඔය වඳපෙති මොකටද කියහන් උබට බොන්නද.. යකෝ.. අර මිනිහගේ පරම්පරාව රැකගන්නවත් ළමයෙක් දීපන්..."

"පරපුර අනේ මන් කියන්නෑ.. ඕකා වගේ තව එකෙක් හැදුනොත් මට වෙන්නේ ගඟේ මූදේ පැනලා දිවි නහගන්න... වඳ පෙති නෑනේ සිරාවට හොයාගන්න..."

"මගුලක් කියවන්නැතුව ඉදහන් බන්..."

"සිරාවට බන්... කොල්ලොන්ට වඳ පෙති දුන්නාම උනුත් එහෙම වෙනවද බන්...."

"මන් දන්නේ කොහොමද බේසාවෝ.. මගෙන් අහන්නේ..."

"උබ බබානේ... නොදැන ඉන්න..."

"කාටද කියපන් උබ ඔය වඳ පෙති පොවන්න යන්නේ..."

"වෙන කාටද.. අර අලුගුත්තේරු මගෝඩි කළුකුමාරයට..."

"කෝ ගෑනියේ උබේ පතිභක්තිය..."

"භක්තිය මන් කියන්නෑ උබට ඒක තියෙන තැන... හිතාගනින්කෝ..."

"අනේ මේ... විකාර නොකර ඒ මනුස්සයට ඒ මනුස්සයගේ පාඩුවේ ඉන්න දීහන් බන්..."

"මන් ඒ මිනිහව අල්ලගත්තේ නෑ බන්.. ඒ මිනිහා තමයි තියෙන බලුකමට සේරම බලු වැඩ කරන්නේ.."

"හරි මොකක්ද කරපු බලු වැඩේ..."

හුටා.. හරිනේ.. මූට ඕක කියන්න ගියොත්.. මූ කොහෙන් හිනාවෙයිද කියලා මටවත් හිතාගන්න බෑ... බෑ බැ.. කියන්නෑ...

"ඒක උබට වැඩක් නෑ..."

"ඕන කුදයක් ගහගනින් එහෙනම්..."

"හරි හරි උබගෙත් මහ දැන් බොරු ශෝ එකනේ.. ඉදහන්කෝ මට බේරගන්නත් වැඩක් තියෙනවා.. උබත් එක්ක...අපි බලාගමුකෝ ඒවා හම්බෙලා... වරෙන් ඉක්මනට ඉන්න තැනකින්..."

"හරි හරි... එව්වා පස්සට..."

"මන් තියනවා එහෙනම්..."

"ආ මේ.. ඒ... අවී...පොඩ්ඩක් ඉඳහන්.."

"මොකෝ..."

"මේ... අරයා කොහොමද දැන්..."

"කවුද.."

"යශ්.. යශ්..."

"කතා කරලා වැඩක් නෑ.. ගෑනි වගේ ඇඬූ කඳුළින්මයි.. කන්නේ නෑ බොන්නේ නෑ.. කාමරෙන් එළියට එන්නෙ නෑ... පව් කියලා හිතෙනවා බන්..."

මන් ඉතින් වැඩිපුර අතිනුත් දාලා කිව්වා.. වැඩිපුර නෙමෙයි ඔක්කොම අතින් දාපුවා තමයි හැබැයි...

"බොරු නොකිය ඉදහන්... මන් දන්නවනේ උබේ හැටි...."

"යැයි යැයි තමයි.. පව් බන් අප්සට් එකේ ඉන්නේ මිනිහා..."

"මන් දන්නවා.. කරන්න දෙයක් නෑ බන් ඒ උනාට.. එයාට මාව ගැළපෙන්නේ නෑ..."

"ආ... දැන් තොට අවුරුදු පහමාරක් විතර ලවු කරලා කරන්න තියෙන සේරම ටික කරාට පස්සෙද ඒක තේරුනේ.... නිකන් බොරු කියන්නෙපා මිනිහෝ..."

"අනේ පින් අත්වෙයි කෝල් එක කට් කරපන් මගෙ ඔලුව කැක්කුමයි.. උබ කච කච ගාන්න ගත්තු වෙලේ ඉදන්... තියපන් පව් නොදී..."

"උබ තියපන් මට කියන්නේ..."

"උබනේ ගත්තේ..."

"උබ කට් කරපන්..."

"හරි හරි මන් ගියා එහෙනම්.. මරාගන්නැතුව ඉඳපන් අර මනුස්සයා එක්ක..."

"පැහෙන්නැතුව ඉදහන් උබ...."

ලපේ එක්ක කතා කරලා ඉවර වෙලා මන් ආයෙම ඇඳේ පෙරළුණා...

මගේ තියෙන මෝඩකමට උදේම නැගිටලා මන් බලන් ඉදියා අර හෝතම්බුවා එනකන් කෝපිත් හදාගෙන...

මෙතන මාව අවුස්සලා ඉවර වෙලා.. වෙන විකාරයක් කියවන්න ගත්තනේ..

මන් දැන් මේ වැඩ සේරම තියලා මගෙයි ඔය මනුස්සයගෙයි කන්ට්‍රැක්ට් එක කියවලා ඉන්න ඕන.. ඇයි යකෝ හැම මගුලකටම ඒකේ මොකක් හරි කන්ඩිශන් එකක් තියෙනවනේ.. මේ මිනිහා බොරු කියනවද කියලා කවුද දන්නේ...

හොඳ වෙලාවට අද ඉරිදා වුණේ... නැත්තන් මේ තියෙන පීඩනෙත් එක්ක ස්ටුඩියෝ එකට ගියානම් ඒකේ බඩු මුට්ටුත් පොළොවේ ගහලා නවතින්නේ...

අන්තිමට ඒකෙන් වෙන්නේ දුප්පත් මට කෙළවෙන එක...

මිලියන පනහක් හොයාගන්න තිබ්බනම් මන් ගොඩ... කොහෙද නෑනේ...

මන් කෝකටත් කියලා ඇප් එක ඕපන් කරලා අකවුන්ට් එක බැලුවේ නිකන් හිත රවට්ටගන්න හිතාගෙන...

අනේ නෙදකින් නොදෝකින්.. රුපියල් 15000 යි තියෙන්නේ... කෝ යකෝ මන් හම්බ කරන සල්ලි.. රෙද්ද... වාස්ප වෙලාද මන් දන්නෑ....

එක අතටක මන් මේ ගෙදරින් කාලා බීලා නොහිටියනම්.. මෙලහකට විකිණිලානේ හත්තික්කේ...

බිල් ගෙවන්නයි කන්නයි බොන්නයි ලෝන් ගෙවන්නයි.. කෝ බන් සල්ලි... ලෝන් එකට කැපුනට පස්සේ ඇති මගුලක් නෑනේ.. එහෙම බැලුවොත් කළුකුමාරයට මල් තියලා වඳින්න ඕන...

නිකන්වත් මාව එළියට දැම්මොත් බුදු අප්පච්චියේ මන් කාලා බීලා ජීවත් වෙන්නේ කොහොමද...

හත්තිලව්වේ... ඒ මනුස්සයට නේද මන් අර කලින් බැන්නේ...

මොනවද ගොන් ගෑනියේ ඒ කිව්වේ... අනික ඒ මිනිහට ඇහුණත් එක්ක...

දෙයියනේ මාව අද ගෙදරින් දොට්ට දායිද... ගෙදරක් විතරනේ එහෙම වුණොත් මට තියෙන්නේ.. හයියෝ මන් මෙච්චර දුප්පත්ද බොලව්...

ඉවරයි ඉවරයි සේරම ඉවරයි.. මෝඩ ගෑනි ටිකක් ඉවසන්න තිබුණා.. දන්නවනේ මිනිහගේ හැටි... ආශ්.... අද මගේ අවසානේ.. කොහොමද මූණ බලන්නේ...

එක්කෝ කොහෙන් හරි මිලියන පනහක් හොයාගෙන මේ මිනිහට දීලා මේක ඉවරයක් කරා නම් ඉවරයි.... නොකා නොබී හරි ජීවත් වෙන්න බැරියෑ...

මන් ආයෙම ගත්තා කෝල් එකක් ලපේට...

"ඒ පාර මොකෝ..."

"මේ.. මට උදව්වක් කරහන්කෝ..."

"මොකෝ..."

"මට උබේ වකුගඩුවක් විකුණලා සල්ලි ගෙනත් දීපන්කෝ... මිලියන පනහක් ගන්න පුළුවන් වෙයිද.. මොකක්ද යාළුකමටනේ බන්"

"ආ... යාළුකමට තොට වෙන මොකුත් ඕන්නැද්ද.. නෑ එක්කෝ වකුගඩු දෙකම විකුණලා අක්මාවේ භාගෙකුත් විකුණලා ඇස් දෙකයි පෙණහළු දෙකයි හාට් එකයි ඔක්කොම විකුණලා දෙන්නම් උබට.. ඒ ඇතිද.. මදි වගේ නම් කියහන්.. උණ්ඩුක පුච්ඡෙයි.. පිත්තාශේ බඩවැල්.. ඔක්කොම දෙන්නම් උබට...
ආවා මෙතන දැන් තොට මාව විකුණගෙන කන එක විතරයි අඩු වෙලා තියෙන්නේ..."

"හරි හරි බන්... උබෙන් එපා එහෙනම්... වෙන එකෙක්ගේ හරි විකුණලා සල්ලි ගෙනත් දීපන්කෝ..."

"මේ බන්.. උබට මාව මිනිස් ජාවාරම්කාරයෙක් වගේද බන් පේන්නේ... මරු කියවන්නැතුව ගිහින් වැඩක් බලාගනින්.."

"අනේ බන්.. සල්ලි නෑනේ.... බලහන්.. ලෝන් එකට කැපුනට පස්සේ ඉතුරු වෙන්නෑ බන්..."

"හරි ඉතින්.. දැන් උබට කන්න බොන්න හම්බෙනවනේ.. බිල් ගෙවන්න ඕනෙත් නෑ.. ඉතින් සල්ලි මොකටද බන්... "

"මාව එලෙව්වොත් ගෙදරින්..."

"හිඟා කාපන් එහෙනම්.. මන් තියනවා.."

"අනේ කියහන්කෝ...."

"බන් මේ... ඔය ගෙදරට වෙලා ඉඳපන්..  විකාර හිතන්නේ නැතුව.. මොන හෙනහුරෙක් පාත් වෙලාද මන්දන්නෑ.. කියවන්නේ තියාගෙන..."

"අනේ බන්.. සිරාවට එලෙව්වොත්..."

"අනේ කෙලපන් එහෙනම්.. මන් තියනවා..."

අවස්ථාවාදි පාපමිත්‍රයෝ මුන්.. දැක්කද කෝල් එක කට් කරපු හැටි.. අනික මූට අපේ යාළුකම වෙනුවෙන් වකුගඩුවක් දෙන්න බැරිද.. මල පෙරේතයා...

මන් ටිකක් වෙලා ඇඳේ පෙරළි පෙරළි ඉඳලා පහළට ගියේ කොත්තු මී හදන් කන්න.. එකක් නෙමෙයි අද නම් පහක් විතර කනවා.. මේ හිතේ අමාරුව යන්නත් එක්කම...

මන් කිචන් එකට ගිහින් කොත්තු මී පැකට් එක අතට ගත්තාමත් මතක් වුණේ..

මේ කළුකුමාරයගේ සල්ලි නේද යකෝ...

හත්තිලව්වේ.. මොන බම්බුවක්ද මේක.. මට මෙච්චර දවසකට ඕක තේරුනේ නෑනේ.. කමක් නෑ අදින් පස්සේ මන් කොත්තු මී කාලත් ඉවරයි...

මන් වතුර එක උණුවෙනකන් බලන් ඉදිද්දි යශේන් කිචන් එකට ආවා.. පව්.. මිනිහා නිකන් තෝන්තුවාවෙන් වගේ...

වෙනදා වගේ නම් දුවලා ඇවිත් මොනා හරි කුල්ල කුජීත කතාවක් කියලා මාව අවුස්සනවා.. අද එහෙම නෑ අලයා මට පොඩි හිනාවක් දාලා වතුර එකක් බිව්වා...

"යශ්... ආර් යූ ඕකේ..."

හිනාවෙලා ඔලුව වැනුවා විතරයි.. පව් දෙයියනේ...

"ඔෆිස් යන්නෑ...? අයියා නම් ගියා..."

"අද ඉරිදනේ..."

"ආ ඔව් නේ..."

"කතා කරන්නැද්ද යස්විට..."

"ම්ම්ම්.... නෑ බන්..."

"උබත් අත ඇරියද එහෙනම් එයාව..."

"එහෙම එකක් නෙමෙයි.. මන් හිතන්නේ මන් මේ වෙලාවේ මෙහෙම ඉන්න එක හොඳයි හැමෝටම..."

එහෙම කියලා කොල්ලා පොඩි හිනාවක් දාලා උඩට ගියා...

හනේ දෙයියනේ.. මගේ අලයා.. කොහොම ඉදපු කොල්ලෙක්ද.. මටත් පිස්සු තද වුණානේ.. නැත්තන් අරුත් එක්ක කතා කරන්න තිබුණා...

ඕවා හිත හිත ම මන් කොත්තු මී පැකට් තුනක් එකට දාලා ලොකූ නූඩ්ල්ස් එකක් හදාගෙන කෝලා බෝතලේකුත් අරගෙන සාලෙට ගිහින් ඩ්‍රාමා එකක් දාගත්තා හිත නිවාගන්න කියලා..

එදා දවසම ගෙවුණේ එහෙම.. කනවා බොනවා.. හනේ මේ කළුකුමාරයගේ සල්ලි නේද කියලා කල්පනා වෙනවා.. ආයෙම කනවා... ඩ්‍රාමා බලනවා... ආයෙම මන් මොන පිස්සු වැඩක්ද ඒ කරේ කියලා මතක් වෙනවා.. ආයේ බල්ලෙක් වගේ කනවා...

හවස් වේගෙන එද්දි හාට් බීට් එක හොඳටම වැඩී.. ඇයි දැන් අර මනුස්සයා එනවනේ.. ආවට පස්සේ මාව දොට්ට දාවි ඉතින්... මන් ඉල්ලගෙන නාලා කාලා කෙළවෙලා නේ ඉන්නේ...

හරි හිතුවා වගේම ආවා.. මිනිහා ආවා...

මන් දොර ගාව ඉදලා පට ගාලා කුස්සියට දිව්වා... ඔය යකා මූණට මුලිච්චි වුණාට පස්සේ මොන මගුලක් වෙයිද දන්නෑ....

ටොකොස් ටොකොස් ගගා අඩි සද්දේ ඇහිලා ඒක හෙමින් හෙමින් අඩු වෙලා යද්දි මන් කුස්සියට වෙලා ඉදියා.. හනේ මෙහෙම පව්කාර ජීවිතයක්.. මේ බූරු කට තමයි ඔක්කොටම පලි...

කළුකුමාරයා උඩට ගියා කියලා හිතුණ හින්දා මන් දුවලා ගිහින් පඩිපෙළ ගාව බිත්තිය අස්සට වෙලා බලන් ඉඳියේ මේ මිනිහා කොයි වෙලේ පහළට බහීදෝ කියලා හිතන ගමන්...

උඩින් මතුවුණ හැටියෙම මන් පැනලා දුවනවා..  ආයේ රෑ වෙනකන් පේන්න එන්නේ නෑ...

"මොනවද බලන්නේ..."

එකපාරටම මගේ කන ගාවින් කළුකුමාරයගේ කටහඬ ඇහුණ ගමන්ම මන් ඔලුව හරවලා බැලුවා.. කරුමේ කියන්නේ බැලන්ස් නැතුව කෙළින්ම දඩෝරියන් ගාලා බිම පත බෑවුණා කියහන්කෝ...

කොන්දත් ඇනුනා පඩිපෙළේ... උඩ බැලුවාම උසට උසට කළුකුමාරයා සාක්කු දෙකටත් අත් දාගෙන මගේ දිහා බලන් ඉන්නවා...

දෛවය තෝ මාව මරන් කාපන්...

මන් කොන්දත් අල්ලගෙන බොහොම අමාරුවෙන් නැගිටලා ඔලුවත් පහත් කරගෙන එතනින් මාරුවුණා.. මිනිහා මොකුත් කිව්වෙත් නෑ.. යකෝ උඩට ගියපු එකා මගේ පිටිපස්සෙන් මතු වුණේ කොහොමද..

ඒ අස්සේ ෆෝන් එකත් වයිබ්‍රේට් වෙනවා මැසේජ් වගයක් ඇවිත්...

ආ ඩොක්ටර් නුගාර... අමතක වුණානේ අද මීට් වෙමු කිව්වනේ...

6.30 pmat the same cafe..

හයයි තිහට දැන් ඒකටත් යන්නෙපැයි.. ලොකු දෙයක් මේ මිනිහව මග ඇරලා ඉන්න පුළුවන්...

මන් එහෙම හිතලා මගෙ රූම් එකට ගියා ලෑස්ති වෙන්නත් එපැයි ඉතින්.. ඒ නැතත් ගේ ඇතුළේ ඉබාගාතේ සැරිසරන එක එච්චර ඇඟට ගුණ නෑ...

පහට විතර කෝකටත් කියලා මන් ලේස්ති වෙලා ඉවර වෙලා පහළට ආවා..

හරිනේ අමාරුව අරුන්දෑ ඉන්නවා කකුලක් පිට කකුළක් දාගෙන සාලේ සෝෆා එකට වෙලා මොකක්දෝ අටමගලකට ඔලුව ඔබාගෙන...

දැන් මන් යන්නත් ඕන ඔය මිනිහව පහු කරගෙන..

අනේ මට බෑ.. බෑ බෑ...

මන් ඔලුවත් පහත් කරගෙන සයිඩ් බෑග් එකේ පටියෙත් තද කරලා අල්ලගෙන කළුකුමා ඉස්සරහින් මාරු වෙන්න හැදුවා විතරයි.. එකපාරටම මන් නැවතුණා... නෑ හිට්ටා.. මග හිට්ටා..

"පිස්සු අවලම් බල්ලා.. මට ඔය මිනිහව ආයේ හම්බුනොත් පෙති පෙති කපනවා..."

"හ්හ්හ් වනචරයා.. තියෙන උද්දච්චකමයි අසහනෙයි... මටත් හොද වැඩේ.. යනවනේ උඩ දාගෙන ටිකිරි ලියා වගේ... හරිනේ අමාරුව කවාගත්තනේ දියබරියට කියලා.. මූ දිය බරියා නෙමෙයි.. ග්‍රීස් යකා..."

මට නිකන් මගේ කටහඬින් ඔහොම කියනවා ඇහෙනවා ඇහෙනවා වගේ...

ඉකේ.. ඒ කාටද බනින්නේ.. මේ මම.... නෑ...  මම එහෙම කාටවත් බැන්නේ නෑනෙ....

අනික මගේ කටහඬ ඔච්චර කැත වෙන්නත් බෑ...

"ඔටුකිරි සෙවලයා... ආශ්... මට එන තරහා.... මාව ගලේ ගහලා මැරුවනම් මීට හොඳයි... ගස්ලබ්බා..."

"මොන ජාතියේ මිනිහෙක්ද.. මන් මිලියන පනහක් අඩු කරන්නම්... යැයි යැයි.. ලබ්බ තමයි... මගෝඩි බේසාවා... ආශ්... මර බෙල්ල මිරිකලා දාන්න හිතෙනවා..."

හත්තික්කේ ඒ මම තමයි.. කළුකුමාරයට නේත ඒ බයින්නේ... ඉවරයි.. මේ භූතයා ඒක රෙකෝඩ් කරලද කොහෙද...

යකෝ මූත් නිකන් අපේ රන්ජා වගේනේ... නැති හඬපටයක් නෑ.. හැම මගුලම රෙකෝඩ් කරනවද කොහෙද...

මන් නම් කළුකුමාරයා දිහා බැලුවෙවත් නෑ හිටගත්තු තැනම එහෙමම ඉදියා අහක බලාගෙන...

කොහොමද ඉතිම් මූණ බලන්නේ රෙද්දක් ඇඳගෙන...

"කොෆී ප්ලීස්..."

කළුකුමාරයා කිව්වා.. මන් යන්තන් ඔලුව උස්සලා බැලුවේ මේ ඔල්මොරොන්දන්කාරයා මොකද කරන්නේ කියලා.. ඔලුව පහත් කරන් මොකක්දෝ අටමගලක් බලනවා...

ඇති වැඩකටද අර වොයිස් රෙකෝඩින් එකක් ප්ලේ කරේ.. පාඩුවෙ  එළියට යන්න හදපු මට යන්න නොදී මෙතන...

"කුටු කුටු ගාන එක පැත්තකින් තියලා කිව්ව එක කරනවද... "

යැයි යැයි යැයි තමයි..  උලමා...

මන් ඉතින් කට පියන් කන පාත් කරන් ගියා කිචන් එකට.. කොහොමත් අද මන් ඉවරයි කියලා මන් හොඳටම දන්නවා.. අන්තිම කැමත්ත ලියන්නත් බැරි වුණා කමක් නෑ.. පොතේ තියෙන පාළොස්දාහා අරූ ගනීනේ...

මන් කෝපි එකත් හදාගෙන කළුකුමාරයා ගාවට ගිහින් ඒක දුන්නා..

මෙන්න යකෝ මේ මිනිහා මගේ දිහයි කෝපි එක දිහයි මාරුවෙන් මාරුවට බලන්න ගත්තේ හරියට මන් බලෙන් කෝපි පොවන්න ඇවිත් වගේ...

"ම්ම්.. මට දැන් කෝපි බොන්න ඕන නෑ වගේ..."

තොගේ ආච්චිට...

අම්මපා.. මුගේ තට්ටෙට හලනවා මන් මේක... පිස්සා...

"මට ඇපල් ජූස් එකක් ගේන්න..."

ආ.. ආ...ආ... වෙන මොකුත් එපාද දන්නෑ... ට්‍රේ එක අල්ලගෙන හිටපු මගේ අත වෙව්ලන්න ගත්තේ මේ මිනිහගේ හොම්බට දෙකක් ඇනගන්න බැරි හින්දා...

මන් හිතින් බැන බැනම ගිහින් ෆ්‍රිජ් එකෙන් ඇපල් ජූස් එක අරගෙන ග්ලාස් එකකට දාගෙන ට්‍රේ එකේ තියන් අරගෙන ගියා...

මන් ඒක උස්සන් මිනිහා ගාවට ගියා විතරයි ආයෙම කලින් වගේ මගේ දිහයි බීම එක දිහයි බලන්න ගත්තා...

"ඇයි..."

හෑහ්... ඇයි කියලා අහන්නේ මොකක්ද යකොව්... ඉල්ලපු එකනේ ගෙනත් දුන්නේ...

"ඔයා ඉල්ලුවනේ..."

"මොනවද.."

"ඇපල් ජූස්..."

"සයිකොද.. මන් මොකුත් ඉල්ලුවේ නෑ..."

උබ නම්.. මහත්තයෝ මගෙන් කන පැලෙන්න කනවා තව ටිකකින්.. මොන කුඩුකේඩුකමක්ද මේක...

"නෑ දැන්.. ඇපල් ජූස් ඉල්ලුවනේ..."

මන් කියන එක තඹේකට ගණන් නොගෙන මගේ මූණ දිහාවත් නොබලා මේ මිනිහා අර අටමගලට මූණ ඔබා ගත්තා...

මාත් ඉතින් උස්සන් ආපු ඇපල් ජූස් එක එහෙමම කිචන් එකට උස්සන් ගිහින් එක හුස්මට බීලා දැම්මා..

කමක් නෑ.. දැන් මන් යනවනේ එළියට.. ඕන බම්බුවක් කරගන්නැතෑ ඊටපස්සේ....

මන් සයිඩ් බෑග් එකත් දාගෙන ඉක්මනට එළියට පැනගන්න කියලා හිතාගෙන කළුකුමාරයව පාස් කරන් යන්න හැදුවා විතරයි...

මාරයා මාව ආමන්ත්‍රණය කළා...

"මෙතන හරියට දූවිලි අස් කරලා දාන්න..."

මොකක් කියන්න... හ්හ්.. දූවිලි අස් කරන්න.. මේ මම... යකෝ මූ කියන කියන එක කරන්න මන් කවුරු කියලද දන්නෑ හිතන් ඉන්නේ...

"බෑ... මට ගමන් යන්න තියෙනවා.."

මන් හිතට ධෛර්යය අරගෙන කියලා දැම්මා... ඇයි බන්..

"ආ එහෙමද..."

එහෙම කියාගෙනම කළුකුමාරයා නැගිට්ටේ ෆෝන් එකත් අතට අරගෙනමයි.. ඒ මගුලේ තමයි අර රෙකෝඩින් එකත් තියෙන්නෙ...

හරිනේ අමාරුව.. දැන් කනෙන් ඇදලා එළියට දාන්න කලින් මෙතන අස් කරන්න වෙනවා... මන් දන්නවනේ මිනිහගේ හැටි.. ඊටපස්සේ මිලියන පනහේ ඒවත් දෙන්න වෙයි...

"ආ නෑ.. හරි හරි.. මන් අස් කරන්නම්..."

මන් සයිඩ් බෑග් එකත් ගලවලා පුටුව උඩට විසි කරලා සාලේ අස් කරන්න ගත්තේ සෝෆා එකේ දැපලා ඉන්න තඩි ඔරංඔටාට රවන ගමන්මයි..

බලුකුමාරයා... මාව කෑවා..

මන් වගකීමෙන් කියන්නේ.. මේ වගේ මිනිස්සුන්ට ජීවිතේට ලව් කරන්නත් එපා.. මේ වගේ මිනිහෙක් කියන දේවල්වලට රැවටෙන්නත් එපා.. මුන්ගේ ඇඟේ ම තියෙන්නේ ප්‍රෝඩාව...

මන් බැන බැනම සාලේ අස් කරලා ඉවර වෙලා සයිඩ් බෑග් එක දාගත්තේ එළියට පැනගන්න හිතාගෙන උනත්.. කොහෙද.. ඉන්නවනේ.. අරක් ගත්තු මල පෙරේත ආත්මයක්..

"මගේ ස්ටඩී රූම් එකෙත් දූවිලි ඒකත් අස් කරන්න..."

මොන මල මගුලක්ද බන් මේක.. මට යන්න දෙන්නැති හැටි... පුදුම සාපයක්නේ.. මන් දන්නවා මේ මිනිහට ඕන මාව අවුස්සගෙන මන් අරම කෑගහද්දි ඒවා රෙකෝඩ් කරගෙන කරත්තේ බැඳපු ගොනාගෙන් වගේ මගෙන් වැඩ ගන්න...

මන් ඒකත් අස් කරා.. කමක් නෑ.. කන්න බොන්න හම්බෙන ඒවගේ ණය පියවන්න හරි පුළුවන්නේ...

"හරි මන් අස් කරලා ඉවරයි..."

"එතකොට ඩ්‍රෙසින් රූම් එක..."

අවින්දි.. ඉවසපන් මයේ අම්මා.. ඉවසපන්...

ආආආආශ්.. උබ නම් මහ සාපයක් කළුකුමාරයෝ...

හරි කමක් නෑ ඩ්‍රෙසින් රූම් එකනේ... කමක් නෑ කමක් නෑ.. අස් කරන්නම්...

මන් ඒකත් ඉවර කරලා ගිහින් කළුකුමාරයා ගාවින් හිටගත්තා.. තියෙන උද්දච්චකමට මූණවත් බැලුවේ නෑ මගේ.. භූතයා දැන් හයයි තිහත් පහු වෙලා.. අර මනුස්සයා මන් එනකන් බලාගෙනත් ඇති.. දැන් නම් යන එක යනවා...

"පහළ වොශෲම් එක..."

මොන බේසමක්ද යකෝ මේක.. මේ මිනිහට මාව සර්වන්ට්  කෙනෙක් වගේද පේන්නේ..

"මට දැන් යන්න ඕන..."

මන් එහෙම කිව්වාම නම් මිනිහා ඔලුව උස්සලා බැලුවා...

"ඉතින් යන්න... කිව්ව වැඩේ කරලා... නැත්තන්...."

එහෙම කියලා ආයෙම මේ භූතයා මගේ දිහා බලන් ෆෝන් එකත් අරන් නැගිටින්නයි හැදුවේ මන් දන්නවනේ.. කබරගොයා හැරෙන්නේ මොකටද කියලා..

අනේ මෙව්වා දෙයියොම බලාගන්න ඕන...

"නෑ..  හරි.. කමක් නෑ මන් කරන්නම්..."

අවින්දි... බී ස්ට්‍රෝන්ග් මචන්.. කමක් නෑ.. මෙහෙම කරාම උබ අර භූත මිනිහට ණය නෑනේ.. ඔව් ණය නෑ.. ඒ හින්දා ඉවසපන්... ෆූහ්හ්හ්හ්.. ඉවසපන්....

මන් බොහොම අමාරුවෙන් කුපිත වෙලා තියෙන මගේ ඇතුළාන්තය නිවා සනහාගෙන... අර කළුකුමා කිව්ව ටික කරා.. ඒ විතරක් නෙමෙයි අස් කරන්න කියයි කියලා හිතෙන හැම එකම අස් කරා.. ඇයි මල මගුල සැරින් සැරේ ඕකට නටන්න ඕන්නෑනේ...

පැයක් නෑ ඊටවැඩිය යන්නැති.. දැන් නම් මගේ හොඳ පණ ගිහින්.. කොණ්ඩේ ඔක්කොම අවුල් වෙලා පිස්සෙක් වගේ.. වෙලාව අටටත් කිට්ටුයි..

අයි අයි යෝ... අර මනුස්සයා දැන් යන්නත් ඇති.. කොච්චර වෙලා බලන් ඉදියද දන්නෑ.. පව් අප්පා.. කොහෙද මල යකෙක්ට අහුවුණානේ...

"අස් කළා..."

"කිච...."

"කිචන් එකයි.. ස්ටඩි රූම් එකයි ඔෆිස් රූම් එකයි ලිවින් රූම් එකයි වොශෲම් ඔක්කොමයි ටෙරස් එකයි.. අස් කරන්න තියෙන සේරම අස් කළා..."

හ්හ් මන් දන්නවනේ ඔය මිනිහා කට අරිද්දි තව මගුලකට තමයි කියලා.. ඒ හින්දා  මන් පැහැදිලිව කිව්වා.. අස් කරන්න තියෙන හැම එකම අස් කළා කියලා..

ඇයි යකෝ.. මෙතන ණය ගෙවනවා කියලා මෙහෙම ණය ගෙවන්න පුළුවන්ද...

"ඕහ්... ඕකේ.."

මගේ මූණවත් බලන්නේ නැතුව කළුකුමාරයා එහෙම කියලා දැම්මට පස්සේ මන් සයිඩ් බෑග් එකත් දාගෙන එළියට යන්න කියලා අඩි දෙක තුනක් ඉස්සරහට තියන්න හැදුවා විතරයි...

"අයිස්ක්‍රීම් එකක් ගෙනත් දෙන්න.."

ඕන නම් ඉතින් අරන් කාපන්කෝ.. මට කියන්නේ මොකක්ද....

හරි අවින්දි මේ අන්තිම පාර.. ආයේ එකපාරක් හරි මොකක් හරි කිව්වොත්... ගෙදරින් එළියට බැහැලා මිලියන පනහේ ඒවා දාහක් ගෙවන්න වුණත් කමක් නෑ බෙල්ල මිරිකනවා මේ මිනිහගේ..

මන් තරහෙන්ම ගිහින් ෆ්‍රිජ් එක ඇරලා බැලුවට පස්සේ තමයි මතක් වුණේ.. දවල් ඔක්කොම ටික මන් කෑවනේ.. දැන් කොහෙන්ද අර යකාට අයික්‍රීම් දෙන්නේ... කට හින්දම තමයි දවසක අවසන් ගමන් යන්නේ...

"අයිස්ක්‍රීම් ඉවරයිනෙ.."

කළුකුමාරයා අටමගලට ඔලුව ඔබන් ඉද්දි මන් මිනිහා ළඟට ගිහින් කිව්වා...

"ඉතින්..."

"අයිස්ක්‍රීම් නෑ ඉතින්..."

!ගිහින් අරන් එන්න එහෙනම්.."

අම්මපා.. නෑනේ නෑනේ මන් ගාව මොකුත් තට්ටේ හිල් වෙලා ලොඳ විසි වෙලා යන්න දෙන්න මේ යකාට...

අනික මේ රෑ අටට විතර අයිස්ක්‍රීම් ගේන්න මට යන්න පුළුවන්ද.. පිස්සෙක්නේ මූ...

"නැත්තන් ඉතින්..."

ඔය ඔය හරිනේ අමාරුව ආයේ මේ මිනිහා ෆෝන් එක අතට ගත්තේ මට පේන්නමයි..

හෙන ම ගහපන්.. බූරු කළුකුමාරයා..

"හරි මොකක්ද ඕන ෆ්ලේවර් එක..."

මන් අහපු එකට උත්තර නොදි නිකන් ඒක ඇහුනේ නෑ වගේ මේ මිනිහා අර  අතේ තියන ටැබ්ලට් එකට මූණ ඔබන් ඉදියා.. 

"චොක්ලට් වැනිලා ස්ට්‍රෝබෙරි.. බ්ලූබෙරි.. බටර්ස්කොච්.. මින්ට් චොකො.. cappuccino.. මොකක්ද ඕන.."

මන් පැහැදිලිව ඇහුවාමත් නිකන් ඇහුණේ නෑ වගේ මගේ මූණවත් නොබලා මේ මිනිහා අර රෙද්දක් අස්සෙ ඔලුව ඔබන් ඉන්නවා..

එන තරහක් මට...

යකෝ යස අගේට ඔය කටක් තියෙන්නේ කතා කරන්න මිනිහෝ.. අහපු දේට උත්තර දෙනවකෝ..

මන් හිතින් බැන බැනම... මට ඕන ෆ්ලේවර් එකකින් අයිස්ක්‍රීම් ගේනවා කියලා හිතාගෙන ගෙදරින් එළියට බැස්සා විතරයි.. මෙන්න බොලේ එකපාරටම කළුකුමාරයා මාවත් පාස් කරන් ඉස්සරහට ගියා.. පාර දිගේ ඇවිදගෙන... ෆෝන් එකත් කොට කොට...

මේ මිනිහා ඒපාර කොහේ යනවද..

නිකමටවත් පිටිපස්ස නොබල.. මොකාද එකා වගේ ෆෝන් එක දිහා බලන් ඒ යකා ඇවිද ගෙන ගියා...

කොහෙන් ආපු මල භූතයෙක්ද මන්දන්නෑ... දැන් එළියට යනවනම්.. ගිහින් අයිස්ක්‍රීම් ගන්න බැරිද... මට කියන්නේ මෙතන...මොලේ අමාරුකාරයා..

මන් පාරේ තියෙන ගල්වලටත් ගගහා ඉස්සරහට ටිකක් දුර ඇවිදගෙන ගියා.. ඒත් පුදුමේ කියන්නේ සුපර් මාකට් එක පේන නොපෙනන ගාණට ආවට පස්සේ.. කළුකුමාරයා අතුරුදහන් වුණානේ...

සිරාවට මට නම් දැන් බයයි මූට මොකක් හරි මැජික් බලයක්වත් තියේදෝ කියලා...

ඒ පිස්සා ගැන හිතන එක පැත්තකින් තියලා.. මන් සුපර්මාකට් එක ඇතුළට ගිහින් අයිස්ක්‍රීම් ෆ්‍රීසර් තියෙන තැනට ගිහින් එක එක අයිස්ක්‍රීම් ජාති අතට අරන් බැලුවා.. අනේ මන්දා...

මන් මොකක් හරි හිතලා ගෙනිච්චොත් අනිවා කියයි ඕක නෙමෙයි මට ඕන වෙන එකක් කියලා.. දෙයියනේ දෙයියනේ මොකක්ද මන් ගෙනියන්නේ...

ඕ...........

ටිකක් ඉන්න ටිකක් ඉන්න.....

හරිනේ...වැඩේ... මිනිහා කෝමද මේවගේ වෙනසක් දන්නේ.. සිරාවට දැන්නේ මතක් වුණේ..

මිනිහට මේ ඔක්කොම එකම රහනේ.. අඩේ....වාහ්... ඒකනේ..

මගෙත් ඉතින් මොළෙත් ටියුන් වෙන්නේ පරක්කු වෙලානේ... සැක්.. කමක් නෑ...

"I want cappuccino flavour.."

මන් චොක්ලට් ෆ්ලේවර්ඩ් අයිස්ක්‍රීම් එකක් අරන් ෆ්‍රීසර් එක වහන්න හදද්දිම මගේ කන ගාවින්ම වගේ මට ඇහුණේ කළුකුමාරයගේ කටහඬ..

ඩිම් වුණ පාරට මන් එකපාරටම පිටිපස්ස හැරිලා බලද්දි තමා වික්සිප්ත උනේ..

මේන් මේ මිනිහා මෙතන...

යකෝ.. අර ෆෝන් කට්ටත් කොට කොට මේ මගුලටද ඇවිත් තියෙන්නේ.. එහෙනම් තනියෙන් ඇවිත් ගන්න තිබ්බනේ.. මාව එව්වේ.. රෙද්ද.. මේ මිනිහා මාව පිස්සු වට්ටනවා දැන්...

මන් cappuccino flavoured ice cream එකකුත් අරගෙන ඒකටත් පේ කරලා එළියට බැහැලා වට පිට බලද්දි භූතයා ඉල්ලේ... මිනිහා වාස්ප වෙලා...

හනේ මෙහෙමත් මිනිහෙක්....

මන් අයිස්ක්‍රීම් දාපු මල්ලත් වන වන උඩ පැන පැන ලේන් එක දිග ඇවිදගෙන ආවේ මාර සැහැල්ලුවෙන්.. මේ වෙලාවට ඉතින් පාරේ මිනිස්සුත් නෑ අනික.. කහ පාට ලයිට් එළි විතරයි හැමතැනම පට්ට නිදහස්..

කාලෙකින් මන් මෙහෙම ඇවිද්දේ.. මට ඉස්සර මතකයි මෙහෙම ඇවිද ඇවිද මහ රෑට කළුකුමාරයගේ ඕපේ හොයපු හැටි...ඒකට දැන්.. කාලය මැව් වෙනස අරුමේ....

ගෙදර ගාවට ළං වෙද්දි මන් දැක්කා.. කළුකුමාරයා ගෙදර ඉස්සරහා හිටගෙන ඉන්නවා.. නිකන් භූතයෙක් වගේ.. හෙල්ලෙන්නෙවත් නෑ පොඩ්ඩක්වත්... මගේ ගේ දිහා බලාගෙන ඉන්නවා.. මක් වෙලාද මේ..

මන් ඊටපස්සේ මගේ ගේ පැත්ත බැලුවාම තමයි සුළුදිය පහවෙන්න වගේ ආවේ..

කවුදෝ මන්දා සාරියක් ඇදගත්තු ගෑනු කෙනෙක් මගේ ගෙදර පොඩි ගේට්ටුව ගාව හිටගෙන ඉන්නවා.. ඒ ළඟම තියෙන කහ පාට ලාම්පු එළියෙන් වැඩි දෙයක් පැහැදිලි පේන්නේ නැති වුණාට එයත් හොල්මනක් වගේ මේඝ දිහා බලන් ඉන්නවා කියලා නම් මන් දැක්කා...

මන් හෙමින් සැරේ දෙන්නා දිහාම මාරුවෙන් මාරුවට බල බල ගිහින් කළුකුමාරයගේ පිටිපස්සෙන් නැවතුණා.. මිනිහට තේරුනේ නෑ මන් හිතන්නෙ මන් පිටිපස්සේ ඉන්නේ කියලා..

මන් ඊටපස්සේ ඇස් ලොකු කර කර බැලුවේ මගේ ගෙදර ගාව ඉන්න ගෑනු කෙනා දිහා...

මන් දා.. මට එහෙම හරියටම අඳුනගන්න බෑනේ... මන් අඳුනන එක්කෙනෙක්ද.. අනේ මන්දා...

මන් ආයෙම බැලුවේ මේඝ දිහා..

මගේ අම්මේ ඒ ඇස්... ගිනි ගන්නවා.. මටත් බය හිතුණා ඒ බැල්මට නම්...අත් දෙක මිටි මොළවගෙන ඉදිද්දි අත්වල නහර හොඳටම ඉලිප්පිලා පේනවා...

මෙච්චර වෙලා එයාගේ ඇස්වල තිබුණු සැහැල්ලු පෙනුම කොහේ ගිහින්ද මන්දා.. දැන් නම් ඉන්නේ යකෙක්.. මන් මේඝ කියලා කියපු වෙලාවට ඒ ඇස්වල තිබුණ බැල්මටත් වඩා අමුතු හිතාගන්නවත් බැරි තරහක් එක්ක ඒ ඇස් දිලිසෙනවා...

මගේ ගේ ඉස්සරහා හිටපු ගෑනු කෙනා ටිකින් ටික ඉස්සරහට ඇවිත් පාර පැනලා අපි ගාවට ආවා...

ඒ සුවඳ...

මේඝගේ පර්ෆියුම් එක...

ඒත් ඒක ආවේ මේඝගෙන් නම් නෙමෙයි.. මේ ගෑනු කෙනාගෙන්.. කවුද මේ... මගේ හාට් එකත් එකසිය ගාණට ගැහෙන්න ගත්තේ ඒ ගෑනු කෙනා ළඟට ආපු වෙලාවේ ඉඳන්...

කවුද මේ.. මට ඒ පෙනුමත් ටිකක් හොඳට හුරුයි වගේ.. කවුද මේ...

මන් කල්පනා කර කර ඉදිද්දි එයා මගේ අතින් අල්ලගත්තා...

"අවී... මේ මන්.... "

එයා කිව්වේ එච්චරයි.. අවී.. මගේ නමත් දන්නවනේ..  ඒත් මට අඳුනගන්න බෑ මෙයාව හරියට.. මගේ හිත එක දෙයක් කිව්වත් මන් කැමති නෑ ඒක පිළිගන්න.. නෑ.. මේ එයා වෙන්න බෑ...

"අවී.. මන් ඔයාගේ අම්මා..."

ඔව් මගේ හිත කිව්වෙත් එහෙම තමයි...

මගේ ඇස්වලට කඳුළු පිරුණේ මටත් නොදැනිමයි... අම්මා... හ්හ්හ්.. අම්මා...

මන් ආසාවෙන් ඉදියා තමයි එයාගේ මූණ බලන්න ඒත් දැන්.. දැන් නම් කොහොමටවත් නෑ.. මට එයාව දකින්න තියා  එයා ගැන හිතන්නවත් උවමනාවක් නෑ...

අම්මා... දැන් තමයි එයාට ඒක මතක් වෙලා තියෙන්නේ අවුරුදු විසිතුනකට පස්සේ.... මාව අවුරුදු දෙකහමාරෙදි හවුස් එකට භාර දෙනකොට අමතක වුණ එක එයාට දැන් එකපාරට මතක් වෙලා....

"ආහ්... ඇයි ආවේ....."

ඇස් වල අහේතුකව පිරුණු කඳුළු වලට කොහෙත්ම නිදහස් වෙන්න දෙන්නේ නෑ කියලා හිතාගන්න ගමන් මන් හිත තද කරගෙන අරයගෙන්.. නිරෝධගෙන්... ඇහුවා...

"ඇයි අවී එහෙම අහන්නේ ආ... මන් ඔයාවයි.. මේඝ පුතාවයි බලන්නනේ ආවේ..."

එයා එහෙම කිව්ව හැටියෙම මට බැලුණේ මේඝගේ මූණ දිහා.. මට පේනවා.. කළුකුමාරයා මාරම අමාරුවෙන් හැඟීම් කන්ට්‍රෝල් කරන් ඉන්නේ මෙතන... ඒත් මෙයාව දැක්කාම මේඝ මෙච්චර අවුල් යන්නේ ඇයි... හරි නම් මමනේ අවුල් යන්න ඕන...

"දැන් බැලුවනේ.. ඉතින් යන්න.. මිසිස් නිරෝධා..."

එයා මන් දිහා බලාගෙනම ඉදියේ ඇස්වල කඳුළු පුරවගෙන... ඒත් ඒ කඳුළුවලට බෑ මාව හොල්ලන්න මගේ හිත හොල්ලන්න...එයා වෙනුවෙන් තිබුණ ආදරේ මැරිලා දැන් සෑහෙන කල්...

"අවී.. ඇයි එහෙම කතා කරන්නේ.. මන් ඔයාගේ අම්මනේ...."

"සොරි.. මට අමතක වුණා.."

මන් කතා කරන විදිය දරුණු වැඩියි කියලා මට තේරෙනවා වුණත්.. කරන්න දෙයක් නෑ.. ආයේ මගේ ජීවිතේ එයාට ඉඩක් නෑ... මගේ හිත වෙනස්වෙන්න කලින් මේක මෙතනින්ම ඉවරයක් කරලා දාන එක හොඳයි...

"මේඝ.. ඔයාටත් මාව අමතක ද.. පුතා..."

මේඝගේ පැත්තට හැරිලා නිරෝධා එහෙම අහපු සැනින් ම.. කළුකුමාරයා ගේ ඇතුළට යන්න ගියා.. මටත් වඩා මෙතන සෑහෙන අවුල් ගිහින් තියෙන්නේ එයා..

මට හේතුවක් හිතාගන්න බැරි වුණත් මොකක් හරි ලොකු දෙයක් තියෙනවා.. මොකද මේඝ කවදාවත් මේ තරම් නොසන්සුන් වෙනවා මගේ ජීවිතේට මන් දැකලා තිබුණේ නෑ....

මේඝ ගේට්ටුවෙන් ඇතුළට ගියාට පස්සේ අම්මත් ඒ පස්සෙන්ම ගේට්ටුවෙන් ඇතුළට ගිහින් කළේ මන් හීනෙකින්වත් නොහිතපු දෙයක්...

එයා සින්දුවක් කියන්න ගත්තා..

හිත හිරිවැටිලා යන විදියේ.. ඇඟේ රෝම කෙළින් වෙන විදියේ මහ අමුතු සින්දුවක්...

ගේ ඇතුළට යන්න හදපු මේඝ එතනම නැවතුනේ ඒ කටහඬ ඇහුණ හින්දම වෙන්නැති... හොඳ දෙයක් නම් නෙමෙ මෙයා මේ කරන්නේ...

Ding dong
I know u can hear me
Open up the door
I only want to play a little
Ding Dong
You can't keep me waiting
It's already too late
For u to try and run away...

හරිනේ ඔව්.. මේ ඒ කටහඬ.. මේඝගේ ප්ලේයර් එකේ සින්දුවේ තියෙන්නෙ මේ කටහඬ.. ඒ සිනිඳු.. වගේම ශාප් කටහඬ මගේ අම්මගෙද... ඔව් ඒකනේ මට එදා ඒ තරම් ඒ නර්සරි සින්දුව ෆීල් වුණේ.. 

ඇයි එතකොට මේ අර තරම් පරිස්සම් කරපු ප්ලේයර් එකේ මගේ අම්මා කියන සින්දුවක් තියෙන්නේ....

මන් බලන් ඉදියේ මේඝ දිහා.. එයා දොර ගාව නැවතිලා හිටියේ..

අපි හිටපු තැනට පිටුපාලා ඉඳපු නිසා මට මිනිහගේ මූණ නොපෙනුනාට මොකද.. මේඝ දොරේ හැන්ඩ්ල් එක ගැලවෙන්න තරම් හයියෙන් අල්ලගෙන ඉන්න විදිය නම් මට හොඳට පෙනුනා.. අනිත් අතත් මිට මෙලවිලා තියෙන්නේ..

"මේඝ.. මේකවත් මතකද..."

මේඝගෙන් කිසිම උත්තරයක් තිබුණේ නෑ.. ඔහේ දොර ගාව හිටගෙන ඉදියා. මේ වෙලාවේ මිනිහගේ මූණ බලන්න තිබුණ නම් අනේ සත්තයි මන් දන්නවා මාව එතනම චක බ්ලාස්ට් වෙලා යනවා..

"මතක නැද්ද... ආහ්.. ඔයා පොඩි කාලේ අපි දෙන්නා මේ සින්දුව කිය කිය සෙල්ලම් කරපු හැටි ආහ්.. ඔයා මන් මේ සින්දුව කියනවට ආසයි.. මගෙයි ඔයාගෙයි දෙන්නගෙ..."

නිරෝධට කියන්න හම්බුණේ එච්චරයි එකපාරටම මහා සද්දෙන් වීදුරුවක් වගේ එකක් කුඩු වෙලා යන සද්දයක් ආවේ මාවත් කන්ෆියුස් කරලා දාලා..

අම්මා දිහා බලාගෙන හිටපු මට එකපාරටම බැලුනේ මේඝ දිහා...

හත්තික්කේ දොර ගාව තියලා තිබුණු පෝසිලේන් පොට් එක.. කුඩු ඉහිරිලා ගිහින් මේඝගේ කකුල් දෙක ගාව.. පොට් එකේ කෑලි කෑලි බිම හැමතැනම විසිරිලා ගිහින්...

ඒ විතරක් නම් මැදෑ මේඝ පොට් එක කුඩු කරපු අත දිගේ ලේ බේරි බේරි වැටෙනවා.. මන් දැනගත්තා මොකක් හරි වෙන බව..

මේඝගේ ඇතුළේ පුදුම පීඩනයක් තිබුණෙ මගේ අම්මව දැකපු වෙලේ ඉදන්.. එයත් ඒකටම හරියන්න ඒ  මනුස්සයව තව ඇවිස්සුවා.. ඕක කුඩු කරලා නැවතුණ එක ඇති...

"මේඝ....!!!"

අම්මා කෑගහද්දිම වගේ මේඝ පිටිපස්ස හැරිලා බැලුවා.. දෙයියනේ ඒ බැල්ම.. මට නම් ඇස් දිහා කෙළින් බලන්න පවා බයයි.. දිලිසෙනවා.. කඳුළු හින්දා නෙමෙයි... ගිනි ගන්නවා වගෙයි.. අද නම් ඉවරම තමයි කියලා මට පෙර තියාම තේරුනා..

"හරිනේ.. තමුන් මේවා දැකලා නැත්තේ නෑනේ... යන්න.. ආපු තැනකටම යන්න..."

මේඝ කෑගැහුවේ ලේ බේරෙන අතත් අම්මට පෙන්නන ගමන්.. කටහඬේ වුණත් තියෙන්නේ අසීමාන්තික වියරුවක් විතරයි...

"මේඝ.. මන් කියන එක...."

"ඉනෆ්..... ඉනෆ් ඉස් ඉනෆ්..."

මේඝ ඒක කිව්වේ සෑහෙන ගැඹුරු කටහඬකින්... සිරාවටම මාවත් හීතල වෙලා ගියා ඒකට නම්.. සීරියල් කිලර් මූවිස් වල කිලර් කෙනෙක්ගේ කටහඬ වගේ.. ගැඹුරුයි සහ තියුණුයි...

එහෙම කියපු මේඝ ආයේ පිටිපස්ස හැරිලා බලන්නෙවත් නැතුව ගේ ඇතුළට ගියා...

ඇත්තටම එයා කෑගැහුවේ මගේ අම්මට තමයි.. හැබැයි මට ඒකට දුකක්වත් තරහක්වත් නෙමෙයි.. මොකද එයා වෙනුවෙන් දුක් වෙන්න මගෙයි එයාගෙයි එහෙම මහ ලොකු බැඳීමක් නෑ... ලේ බඳීමක් තිබ්බත් ඒක මට ලොකුවට ෆීල් වෙන්නෙත් නෑ..

මන් අම්මට දැන් යන්න කියන්න එයාගේ පැත්ත හැරෙනකොටම සපරමාදු හොල්මනත් පාර දිගේ දුවගෙන එනවා...

හරිනේ අමාරුව... ඌරොත් නෑ පෙන්නන්න...

"අනේ නිරෝ ඔයා ආවද... යන් යන් අපේ ගෙදර..."

යකෝ මේ ගෑනිද එතකොට මෙයාව ගෙන්නලා තියෙන්නේ...

"ආන්ටි ඔයා කොහොමද..."

"අවී.. ඩල්සිගේ වරදක් නෑ මමයි එයාට කිව්වේ ඔයාලගේ විස්තර හොයලා දෙන්න කියලා.. එයා දන්නවා ඔයා මගේ දුව කියලා..."

මන් කියන්න ගියපු එක සම්පූර්ණ කරන්න නොදීම අම්මා කතා කරා...

"එහෙමද... ඔයා දැන් යන්න.. නැත්තන් මෙතන තව ලොකු ප්‍රශ්නයක් වෙයි.."

"මට මේඝ එක්ක එකපාරක් කතා කරන්න ඕන..."

"මේ වුණ දේ මදිද.. මන් දන්නෑ ඔයාලා දෙන්නා අතර සිද්ද වුණේ මොකක්ද කියලා නම්.. ඒත් මේඝව හම්බෙන්න හදන එක එයාට වගේම ඔයාටත් එච්චර හොඳ දෙයක් වෙන එකක් නෑ.. ප්ලීස් ඒක හින්දා ඔයාලා දෙන්නම කලින් ඉඳපු විදියට ඉන්න බලන්න... ආන්ටි අම්මව එක්කන් යන්න..."

මන් කියන්න ඕන ටික කියලා ගේ ඇතුළට යන්න හදද්දී අම්මා මට කතා කළා...

"ඔයා අද ඔතන ඉන්නේ මන් හින්දා අවින්දි.. ඔයාට මන් දුන්නු සල්ලි පාවිච්චි කරපු හින්දා තමයි අද ඔයා ඔය තැනට ඇවිත් ඉන්නේ.. ඒක අමතක කරන්න එපා... ඔයාට වැටිලා ඉන්න තැනක් හරි තියෙන්නේ මන් හින්දා..."

"හරි.. මන් ඒ ඔක්කොම ඔයාට ආයේ දෙන්නම්.. මට මොකුත් එපා ඔයාගෙන්.. මන් එදත් අනාථයෙක් අදත් අනාථයෙක් ඉස්සරහටත් අනාථයෙක්ම තමයි..."

ඇත්තටම එයා කිව්ව කතාවට මට සෑහෙන දුක හිතුණා... කොච්චර වුණත් අම්මනේ මගේ..

අවුරුදු විසි තුනකට පස්සේ මන් එයාව ඉස්සෙල්ලම දැක්කේ අද.. ඒත් වැඩක් නෑ නිකන් හිත රිදුන එක විතරයි වුණේ...

එයා ඇවිත් ආයෙම මට අමතක වෙලා තිබුණ ඇත්ත මතක් කරලා දුන්නා...

"මන් රට යනවා ආයේ නොයෙන්නම.. ඔයාට මගේ හැමදේම දීලා යන්න ඉදියේ..  ඒත් ඔයා ඒකට ගැලපෙන්නේ නෑ..."

"මන් කිව්වනේ මට ඔයාගෙන් කිසිම දෙයක් එපා... අර ගෙදරද මට දීපු සල්ලිද මොකුත් එපා.. මන් පුළුවන් තරම් ඉක්මනට ඒ හැමදේම ඔයාට ආයේ දෙන්නම්... මට පුළුවන් හැමදාම අම්මෙක් අප්පෙක් නැති අවජාතකයෙක් විදියට ජීවත් වෙන්න.. ඔයා බය වෙන්න එපා..."

මන් ඒ ටික කියලා ඉවර වෙනකොටම එකපාරටම මේඝ වෙඩිල්ල වගේ ඇවිත් මගේ අතින් ඇදගෙන ගේ ඇතුළට එක්කන් ගියේ මට කිසිම දෙයක් හිතාගන්න බැරි වෙද්දි...

තාම අතේ ලේ බේරෙනවා මේ මිනිහට නම් ගාණක්වත් නැද්ද කොහෙද...

මන් කළුකුමාරයගේ අත දිහා බල බල හිත හිත ඉද්දි මේ මනුස්සයා මාව සාලේ මැද තියලා වචනයක්වත් නැතුව උඩට ගියා..

ජීවිතේ පළවෙනි වතාවට මේඝ පව් කියලා මට හිතුණේ අද.. මන් දන්නවා මිනිහා අනුකම්පාව ලබන්න නම් කොහෙත්ම කැමති නෑ කියලා ඒ උනාට..

එයාගේ ඇතුළේ හිර කරන් ඉන්න ප්‍රෙශර් එක ලේසි එකක් නෙමෙයි.. ඕක පුපුරලා ගියපු දවසට ඒ මනුස්සයට මොනවයින් මොනවා වෙයිද මන්දා...

මන් ඉක්මනට පන්සිළුට කෝල් එකක් ගත්තේ ඇත්තටම මන් ඊළඟට කරන්න ඕන දේ දැනගෙන හිටපු නැති හින්දා...

"හෙලෝ මැඩම්..."

"මැඩම් නෙමේ දෙයියනේ අවින්දි අවින්දි..."

"හරි හරි.. හදිස්සියක්ද.. "

"ඔව් ලොකු හදිස්සියක්.. මාර වැඩේනේ උනේ අද මගේ අම්මා ආවානේ..."

"වට්... නිරෝධා සේනාධීර.. ඔයාලගේ ගෙදර ආවද..."

"නෑ නෑ මගේ ගෙදර ඉස්සරහා ඉදියේ.. අහම්බෙන් වගේ මේඝ ව මුණ ගැහුණා..."

"සිරාවටම...ඊටපස්සේ... මිනිහා යකා නැටුවද..."

"මගේ අම්මා මොකක්ද මන්දා සින්දුවක් කියන්න ගත්තා... ඒක ඇහුණා විතරයි මේඝට යකා ආවේශ වෙලා අර දොර ළඟ තියෙන පොට් එක කුඩු වෙලා යන්න ගැහුවා.. ඊටපස්සේ කාමරේට ගියා.. අනේ මන්දා..."

"මයි... ගොඩ්... මාර වැඩේනේ.. ශික් මන් නුවරඑළියේ එස්ටේට් එකට ඇවිත් නේ ඉන්නේ.. මෙහෙම කරන්න ඔයා මිනිහා එක්ක කතා කරන්න යන්න ඕන නෑ.. හැබැයි මිනිහා මොනවද කරන්නේ කියලා බලන් ඉන්න.. ළඟින් ඉන්න පොඩ්ඩක්.. මිනිහා සෑහෙන්න අවුල් වෙලා ඇත්තේ..."

"හරි මන් එහෙම කරන්නම් එහෙනම්..."

"අවින්දි ඔයා හිතන්න සෑහෙන කාලෙකට කලින් සිද්ද වුණු ගැඹුරු තුවාලයක් අවුරුදු ගාණක් තිස්සේ ටිකෙන් ටික ටිකෙන් ටික හොඳ වෙවී අලුතෙන් හම ඇවිත් වේදනාව එන්න එන්න අඩුවෙලා කලින් තිබුණ විදියට හැදීගෙන එද්දි එතනටම ආයේ පිහියකින් ඇනලා ඇනලා තුවාල කරොත්..දැනෙන වේදනාව.. තියෙනවා නේද.. අන්න ඒ වගේ හැඟීමක් තමයි දැන් මේඝට තියෙන්නේ.. මන් හෙට උදේම ඔහේ එනවා.. එතකන් පොඩ්ඩක් මිනිහව බලාගන්න.."

"හරි..."

ඒ කෝල් එකෙන් පස්සේ මගේ හිතටත් මොකක්ද වගේ.. පව් මොනා වුණත්... මන් කොච්චර හිතක් පපුවක් නැති අමනුස්සයා කියලා බැන්නත් මිනිහටත් හැඟීම් දැනීම් තියෙනවනේ...

මන් වැඩි සද්දයක් නොකර උඩට ගියේ කළුකුමාරයගේ තත්ත්වේ බලාගන්න...

කාමරේ දොරත් ඇරලා දාලා.. ලයිට් එකක්වත් දාලා නෑ...

මන් හෙමින් සැරේ ඇතුළට ඔලුව දාලා බැලුවත් මොකෙක්වත් ඉන්න බවක් නම් පේන්න තිබුණේ නෑ.. මන් ඒ හින්දා ලයිට් එකත් දාලා බැලුවා..

ඇඳ උඩ අර කළුපාට ප්ලේයර් එක වැටිලා තිබුණා.. ඒකේ වයර් දෙක කඩලා දාලද කොහෙද..

මේ මනුස්සයා මටත් නොපෙනි කොහේ ගිහින්ද.. මන් කාමරෙයි වොශෲම් ඒයි බැල්කනියෙයි හැම තැනම බැලුවත් කළුකුමාරයා ඉදියේ නෑ...

මන් ඊටපස්සේ මුළු ගේම පීරලා හෙව්වේ මේ මල භූතයව.. කොහේ වාස්ප වෙලාද මන්දා..

මලා.. suicide කරගන්නවත් ගියාද.. ලියුමක්වත් හම්බුනේ නෑනේ..

නෑ ඔය මිනිහා එහෙම ලියුම් ලිය ලිය ඉන්න එකක් නෑ...

ආශ්... එළදෙන මොනවද බන් ඔය හිතන්නේ...

මන් සාලේ මැද කැරකි කැරකි ඉද්දි අලබට්ටා මගේ ළඟට ආවා..

"උබේ අම්මා ආවානේ..."

"හෑහ්.. උබ දන්නේ කොහොමද.."

"මන් අහන් ඉදියේ..."

"ආ..."

"අවුලෙන්ද ඉන්නේ උබ..."

"නෑ නෑ මට නම් අවුලක් නෑ හැබැයි අයියා නම් අවුලෙන්..."

"කෝ දැන්..."

"ඒක තමයි මාත් හොයන්නේ කොහෙවත් නෑනේ..."

"පූල් එක ගාව බලන්න එතන ඇති..."

"උබ කොහොමද කියන්නේ..."

"ඒ මගේ අයියනේ බන්.. මන් දන්නැද්ද මිනිහා ගැන..."

"උබ ගිහින් බලපන්කෝ... හැබැයි පණ්ඩිත වැඩ කරල ගුටි කාලා අඬාගෙන ඉන්න එපා.."

"වැඩේමයි..."

මන් අලබට්ටා කිව්ව සැනින් පූල් එක පැත්තට දුවලා ගියා...

හරිනේ කිව්ව විදියටම කළුකුමාරයා එතන ඉදියා.. ලයිට්ස් මොකුත් දාගෙන නෑ... එකම එක ලයිට් එකක් තියෙනවා හරියටම කළුකුමාරයා ගාව.. ඒකෙන් තමයි යන්තන් හරි මිනිහව පේන්නේ...

මන් හෙමින් හෙමින් කළුකුමාරයා ගාවට ළං වුණා... ඒ මනුස්සයා පූල් එකේ ගැට්ටේ වාඩි වෙලා පූල් එකට කකුල් දෙක දාගෙන අහස දිහා බලාගෙන ඉදියේ..

බුදු අම්මේ... බියර් කෑන් එක පහකට හයකට වඩා ඒ මනුස්සයා ගාව බිම...

මන් හෙමින් හෙමින් සද්ද නොකර ළං වුණත් මගේ තියෙන වාසනාවේ මහත හින්දා කකුළක් වැදුනා බියර් කෑන් එකක...

ඒ සද්දෙට අහසේ තිබුණ කළුකුමාරයගේ ඇස් යන්තන් මගේ පැත්තට හැරවුණත් විනාඩියෙන් එයා ආයෙම අහස දිහා බලාගත්තා..

මාත් කටපියන් ඒ මනුස්සයා ගාවට ගියේ කොච්චර වුණත් බයෙන්...

දාඩියත් දාලා කළුකුමාරයට... නළලට කොණ්ඩ කෑලි දෙක තුනකුත් වැටිලා... බෙල්ල උස්සගෙන ඉන්න හින්දා jawline එකත් මාරම විදියට කැපිලා පේනවා...

ඒත් එක්කම මට බැලුනේ මිනිහගේ තුවාල වුණු අත දිහා.. ඔහේ තියෙනවා ඉතින්... කොහෙද අත පය හයියද බලන්න යනවනේ..

මන් මොකුත්ම කියන්නේ නැතුව මේඝට එහාපැත්තේ බිමින් වාඩිවුණා.. කළුකුමාරයා නිකමටවත් ඔලුව හරවලා බැලුවේ නෑ... දිගටම උඩ බලන්... බියර් කෑන් එකක් අතේ තියාගෙන ඒක හෙමින් හෙමින් බොනවා... මටත් මරාලයක් පාත් වෙයිද දන්නෑ.. කටපියන් ඉන්න එක වඩාත් ගුණදායකයි...

"මාව තමුසෙලට විහිළුවක් වගේද පේන්නේ..."

"ඈහ්..."

මේඝ එකපාරට අහපු එකෙන් මාව හොල්මන් වෙලා ගියා... කටහඬත් හරි ගැඹුරුයි.. අමුතුම ටෝන් එකක් ඒක...

"නෑ.. ඇයි එහෙම අහන්නේ..."

මොකුත් කියන්නැතුව ඒ මනුස්සයා කට කොනෙන් පොඩි හිනාවක් දැම්මා.. කතා කරන්නත් බයයි හත්තික්කේ..

"නැගිටින්න..."

අහස දිහා බලාගෙනම මේඝ කිව්වේ බියර් කෑන් එකෙන් උගුරක් බොන ගමන්මයි...

"මොකක්... මන්ද.."

මේඝ මන්ද දිහා ආයෙම රවලා බැලුවා.. ආහ් ඒ කියන්නේ ඔව් තමයි...

"ළඟට එනවා..."

මන් නැගිට්ටට පස්සේ මේඝ අහක බලාගෙනම කිව්වා.. දැන්නම් සාධාරණ බයක් මෝදු වෙනවා යකුනේ.. මූ මේ වෙරි මරගාතේ මොන මගුලක් කරන්න යනවද මන්දා...

මේ මිනිහා ඉතින් ඕන දෙයක් කරලා ඊට පහුවෙනිදට සොරි කියන මනුස්සයනේ ඒ හින්දා තමයි වැඩියෙන්ම බය..

මන් හෙමින් මේඝගේ ළඟට ගියේ හිතේ සැකෙන්....

ඊළඟ විනාඩියෙදී එකපාරටම කළුකුමාරයා මගේ අතින් ඇද්දේ මන් කෙළින්ම ඔන් ද ස්පොට් මිනිහගේ කකුල් දෙක උඩට වැටෙද්දි...

හත්තික්කේ මොකක්ද යකෝ මේ වෙන්න යන්නේ.. මේඝගේ මූණ කෙළින්ම මගේ මූණ ඉස්සරහා... ඒ ඇස් දිහා නම් කෙළින් බලන්න බෑ කොහොමටවත්.. ඇල්කොහොල් ගඳත් ටික ටික එද්දි නිකන්.. මොලේ කොලොප්පන් වෙනවා වගේ...

"අ... ආයිම් සො... සොරි..."

මන් සොරි කියලා නැගිටින්න හදද්දි මේඝ මාව නැවැත්තුවා.... හත්තික්කේ  කවදා හිතපුවද මේ සිද්ද වෙන්නේ...

"ඇයි ආවේ..."

"මන්.. මේ... නිකන්... ඔව්.. නිකන් ආවේ..."

මේඝ මගේ ඇස් වලට එබීගෙන අහද්දි මන් ඇස් එහෙ මෙහෙ කරකව කරකව උත්තර දුන්නා...

"මගේ ජීවිතේ විහිළුවක්.... එක එක කාලෙට එක එක මිනිස්සුන්ට ඕන විදියට ඒක ලියන්න හදනවා..."

අහස දිහා බලාගෙන මේඝ ඔහේ කියවගෙන යද්දි මන් වැටුණු විදියටම හෙල්ලෙන්නෙවත් නැතුව ඉදියා... බෑනේ කවුද දන්නේ ආයේ යක්ශ මොඩ් ටර්න් ඔන් වුණොත්...

මේ මනුස්සයට වෙරිද කොහෙද.. ඒකනේ මේ කියවන්නේ.. .

ඌඌඌව්ව්.. ඒ කියන්නේ මට අද මේඝගේ කතාව අහගන්න පුළුවන් වෙයිද...

කියයිද මේ මිනිහා මට...

මන් කළුකුමාරයගේ මූණ දිහා බලාගෙන ඉදිද්දි මන් බලපු ඩ්‍රාමා වල සීන් මැවි මැවි පේන්න ගත්තා... ඒවයේ නම් මේ වගේ මේන් කැරක්ටර් එක බීලා ඉදිද්දි හැමතිස්සෙම කෙල්ලට උන්ගේ අතීත කතාව කියනවා... නැත්තන් හිතට වද දෙන දෙයක් කියනවා...

මෙයත් කියයිද.. ඒ වගේ ලයින් එකක් තියෙන්නේ.. කිව්වොත් ඉතිම් මාත් ගොඩ... ඔය කතාව දැනගන්නේ නැතුව ඉදලා වැඩකුත් නෑ..

කෝකටත් මන් කටපියන් මිනිහා දිහාම බලන් ඉදියා... කතාවලත් එහෙමයිනේ..

අහස දිහා බලන් ඉඳපු කළුකුමාරයා දිහා මන් කට ඇරන් බලන් ඉද්දි කළුකුමාරයා මගේ දිහා බැලුවා.. 

ඊටපස්සේ මිනිහා කට කොනෙන් පොඩි smirk එකක් දැම්මේ මාව පිච්චිලා යද්දි... හනේ මොන මගුලක් වෙන්න යනවද මන්දා...

හෙමින් හෙමින් කළුකුමාරයා එයාගේ හුස්මේ තියෙන රස්නේ පවා මට දැනෙන තරමටම මට ළංවුණා..

හරිනේ අමාරුව දැන් නම් පණ පිටින් අපාගත වෙලා වගේ ෆීලින් එකක් දැනෙන්නේ... මේඝගේ හුස්ම මගේ කන ළඟ හැපි හැපි එහෙම මෙහෙ යද්දි මට ඇත්තටම ටිකක් ඉන්න බෑ.. වෙන අමාරුවක් නෙමෙයි බොලව්.. කිචි කිචි.. ඒත් දඟලන්නත් බෑ මේ බූරුවගේ කකුල් දෙක උඩනේ ඉන්නේ...

"My life is a............. MESS"

මගේ කනට කරලා මේඝ ඒක කියපු විදියට නම් සත්තයි මාව නිකන් පිච්චිලා අළුවෙලා ගියා වගේ.. ඩීප් ඇන්ඩ් හස්කි ටෝන් එකකින් මගේ කන ගාවට වෙලා මේඝ ඒක කියද්දි... උගුර කට පවා වේලිලා ගිහින් හාට් එක රේස් දුවන්න ගත්තා.. හත්තික්කේ දෙවියනි සිරාවටම ඔබ මැව් ලෝකේ නම් පුදුම තමයි....

බෙල්ල පහත් කරන් ඉඳපු මේඝ ආයෙම කෙළින් වෙලා මගේ දිහා බලාගෙන මාව ගිනිතියලා දාන විදියේ smirk එකක් දැම්මා..

ඇත්ත වසයෙන්ම මන් මේ මොහොතේ බලාපොරොත්තු දල්වාගෙන ඉදියේ මේ කළුකුමාරයගේ අද්භූත කතාව අහන්න...

මගුලක් නට නට ඉන්නැතුව කියපන් මිනිහෝ..මගේ හිත කෑගහනවා එහෙම කිය කිය...

ඒත් ඊළඟ විනාඩියෙදි සිද්ද වුණේ හීනෙකින්වත් තියා මන් තුන් හිතකින්වත් නොහිතපු දෙයක්...

කිණ්ඩි හිනාවක් දාගෙන මගේ දිහා බලන් ඉදපු කළුකුමාරයා මාව එහෙමම පූල් එකට තල්ලු කරල දැම්මා කියහන්කෝ...
.
.
.
.
.
.
.
.
.

පීනන්න දන්න හින්දා මන් වතුර වැටුණට ගිලුනේ නෑ ඉතිම්...  මන් වතුරෙන් උඩට ඇවිත් බලාගෙන ඉදියේ පූල් එක ගාවින් නැගිටලා මොකුත් උනේ නෑ වගේ වන වන ගේ පැත්තට ඇවිදගෙන යන කළුකුමාරයා දිහා...

කෝ මිනිහෝ උබේ රොමෑන්ස්....

බොම්බෙලියා.. ශික්.. මූට උපන් අනුකම්පාව සේරම හේදිලා ගියා ඒ කරපු තුප්පහි වැඩෙන්.. මටත් හොඳ වැඩේ මුගේ ප්‍රෝඩාවට හැමතිස්සෙම රැවටෙනවට.. හ්හ් ඩ්‍රාමා වල විතරයි කොල්ලෝ බිව්වම අතීත කතා කියන්නේ.. මේ මිනිහා හොඳයි... නැගිටින්න කිව්වනම් මන් නැගිටලා යනවනේ රෙද්ද.. යකෝ ළඟට කතා කරලා මාව පූල් එකට තල්ලු කරන්න ඕනද...

පිස්සා...මන් මල හීතලේ වතුරෙන් උඩට ඇවිත් අර භූතයට බැන බැන ම ගේ පැත්තට ගියා..

බේත් දාන්න ඉදියේ.. ඉදහන්කෝ ඇහැක් ඇරලා බලන්නේ නෑ...

බලු පිසාචයා...

අර ලැට් එකට වැටුණු ෆෝන් එක ගැන කියන්නෙත් නෑ ඉදහන්කෝ.. පළිගන්න මාත්..

මන් කාමරේට දුවලා ගියේ ඉක්මනට ඇඳුමක් ඇදගන්න නැත්තන් සන්නිය හැදිලා මැරෙන්නේ....

•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°

When Avindi said,

"කෝ මිනිහෝ උබේ රොමෑන්ස්"

I felt it...-O-


මීළඟ මේඝයෙන් හමුවෙමු...

Continue Reading

You'll Also Like

606K 48K 51
မင်ရန်ရှင်း💓ဝမ်ယွမ် {ဝမ်ယင်}
4K 1K 23
කියවලම බලන්න *සමහර දේවල් ඉදිරියේ මිනිස්සු ගොඩක් අසරණයි . *ජීවිතය ආදරය ගැන කියන්න වෙන්වෙච්ච තැනක් #උපුටාගැනීම්
3M 263K 48
!အမွန္ေတာ့ မင္းက က္ုိယ္အၿမဲတမ္း အမွတ္တရ သိမ္းထားခ်င္မိတဲ့ အစိမ္းေရာင္ ေပ်ာ္႐ႊင္ျခင္းေလးပါ... Oct9.2021 !အ...
95.6K 10.7K 93
transition novel