Xiao Zhan's P.O.V
මගේ බර්ත්ඩේ එකට ලියාන් එව්ව සූර්යකාන්ත මල කොහෙන්ද කියලා මම හොයාගත්තා..
හතර වටේම සූර්යකාන්ත මල්.. පේන තෙක් මානෙකම වැවිලා තියෙන්නේ තනි ඉරකට පෙම් කරන දහස් ගානක සූර්යකාන්ත මල්..
හරියට කොල පාට උඩින් කහ පාට පලසක් එලලා වගේ..මී පැනි ගන්න එන මී මැස්සොයි සූර්යකාන්ත ඇට කන්න එන කුරුල්ලොයි..මට දවස වුනත් මෙතන ඉදගෙන ඒ දිහා බලන් ඉන්න පුලුවන්..
චෙන් යූ මාව මෙතනට අරගෙන ආව දවසේ ඉදන් හැම දවසකම මම මෙතනට ආවා..තනියම..
තනියම කිව්වට මෙතන වැඩ කරන්න ගොඩක් අය හිටිය.. එයාලා මේ තැන බලාගත්තා..එයාලා දවස තිස්සෙම පරවුන සූර්යකාන්ත මල් කැපුවා ඇට අරගන්න..මාත් ඉතින් පුලු පුලුවන් විදිහට එයාලට උදව් කලා..
මම ඉන්න ආසම තැන වුනේ මල් යාය කොනකට වෙන්න තිබුන ගහ ලග..ඒ ගහේ කවුරු හරි බැදපු ඔන්චිල්ලාවක් තියෙනවා..එතන ඉදගත්තම මුලු සූර්යකාන්ත මල් යායම ලස්සනට පේනවා..
මම දැනුත් ඉදන් හිටියේ එතනමයි...
" අහ්හ්...!"
එකපාරට පිටිපස්සේ ආව කවුරු හරි ඔන්චිල්ලාව ලාවට තල්ලුකරනකොට මම ගැස්සුනා..
' පිනා..'
සුදු ටී ෂර්ට් එකට ෂෝටක් ඇදන් ඔන්චිල්ලාව තල්ලු කරලා තියෙන්නේ පින් පියා..
දවස් පහකින් ඇහැට නොදැක්ක මිනිහා මොකෝ දන්නෑ එක පාරට මෙතනට පාත් වුනේ..
මම තල්ලු කරන්න එපා නොකියා පිටිපස්ස බලලා ඔරවලා ආයේ ඉස්සරහ බලාගත්තා..
" සමීපයි හැබැයි ලං කරගන්න බැරි තරමට දුරයි..
අයිති හැබැයි අයිතිවාසිකම් කියන්නත් බැහැ..
හිමි නමුත් සදහටම තමන්ගේ කරගන්න බැහැ අහිමියි.."
' මොකක්ද ඒ කිව්ව හරුපේ..'
හිමීට තල්ලු කරනගමන්ම මගේ පිටිපස්සේ ඉදන් එයා මොනවද අපංබන්සයක් කියවනකොට මම ඇහිබැමිත් රැලි කරන් එයා දිහා බැලුවා..
" මොකක් කිව්වා..?"
" සූර්යකාන්ත මලට හිරු එලිය හරි සමීපයි..මල පිපෙන්නෙම හිරු එලිය වෙනුවෙන්..ඒත් කොච්චර බලන් හිටියත් සූර්යකාන්ත මලට බැරි වෙනවා ඉරට ලං වෙන්න.."
මේකා සූර්යකාන්ත මල්ක් ගැනද කතාකරලා තියෙන්නේ..
"සූර්යකාන්ත මල් දහස් ගානක් පිපුනත් තියෙන්නේ එක ඉරයි.. කවදාවත් තනි මලකට බැහැ ඉරව තමන්ගේ විතරක් කරගන්න.."
"ඔක්කොම එක්ක බෙදාගන්න වෙනවා..."
" ම්ම්ම්.."
" එතකොට අන්තිම එක.."
" නමෙන්ම සූර්යකාන්ත මල හිමි වෙලා තියෙන්නේ ඉරට..ඒත් මලට හැමදාමත් වුනේ දුරින් ඉදන් අහසේ තියෙන ඉර දිහා බලන් ඉන්න එක විතරයි.."
" වාව්..මම දැනගෙන හිටියේ නැහැ නේ චෙෆ්ට ඔය වගේ අදහස් තියෙනවා කියලා..."
ඒවතාවෙනම් එයා ඔන්චිල්ලාව තල්ලුකරන එක නවත්තලා දීග හුස්මක් ගන්නවා මට ඇහුනා..
" ඒ මගේ අම්මාගේ අදහස්.."
" කොහෙද එයා.."
" එයා නැහැ..නැති වෙලා..."
එයාගේ උත්තරේත් එක්ක මම ක්ශනික එයා දිහා බැලුවා..
" ඕහ්.."
කියන්න දෙයක් නැතුව මගේ කටින් පිට වුනේ ඔච්චරයි..කොහොමද නැති වුනේ කියලා අහලා තවත් එයාගේ හිත රිද්දන්න මට ඕන වුනේ නැහැ..
" මගේ මමාට තමයි මේ සූර්යකාන්ත මල් වවන්න ඕන වුනේ...එයා ඉන්න කැමතිම තැන මෙතන..මාවත් පොඩි කාලේ මෙතනට අරගෙන එනවා.."
මම එයාට කතා කරන්න දීලා නිහඩව හිටියා..
" එයා තමයි මේ ඔන්චිල්ලාවත් බැන්දේ..මාවත් ඔඩොක්කුවේ තියන් එයා හැමදාම සූර්යකාන්ත මල් ගැන කියනවා..ඉස්සර මට ඕවයේ තේරුම හරියට නොදැනුනාට මම දැන් දන්නවා එයා මොනවද කිව්වේ කියලා..."
එයා අන්තිම ටික කිව්වේ මගේ දිහා බලන්..
ඒ මුහුන වෙනදා වගේම සීතල වුනත් ඇස් වලින් ගොඩක් දේවල් කිව්වා..
" ඔයාගේ අම්මා ගොඩක් හොද කෙනෙක් වගේ.. මම දන්න විදිහට මල් වලට ආදරේ කරන්නේ හිත හොද අය.."
" ම්ම්.. මගේ අම්මා තමයි මේ ලොකේ මම දැනගෙන හිටිය හොදම කෙනා.."
" "ඔව් එහෙම වෙන්න එපැයි..එයා මගේ ලියාන්ගෙත් අම්මනේ.."
" නැහැ එයා මගේ අම්මා විතරයි.."
" එහෙම කොහොමද-"
" ලියාන් මගේ පුංචිගේ පුතා...!"
එතකොට ලියාන් කිව්වේ එයා පිනාගේම මල්ලි කියලනේ..එහෙනම් පුංචිගේ පුතා වෙන්නේ කොහොමද..
මම ආයෙත් එයාගෙන් ප්‍රශ්න කරන්න කට අරිනකොට එයා මට දැනගන්න ඕන දේ කිව්වා..
" මගේ තාත්තගේ හොර ගෑනිගේ පුතා ලියාන්.. මගේ අම්මගේ නංගි..මගේම පුංචි.."
කියන්න දෙයක් නැතුව මම ආයෙත් ගොලු වුනා..
" මගේ අම්මව බැදලා ඉන්නකොට මගේ තාත්තා අධිරාජ්‍යයාගේ පුතා..ඊලගට කිරුල භාරගන්න හිටපු කුමාරයා මගේ පුංචිත් එක්ක මගුල් නැටුව..ලියාන්ගෙන් පුංචිගේ බඩට එනකොට මට අවුරුදු තුනයිලු..ඊටපස්සේ මගේ අම්මා ඉන්නකොටම තාත්තා පුංචිව මැරි කරලා.."
ඒ කටහඩ වේදනාබරයි..පිනා මොන වගේ චරිතයක් වුනත් පොඩි දරුවෙක් විදිහට අම්මා කෙනෙක් දුක් විදිනවා දකින එක කොයිතරම් නම් වේදනාවක් වෙන්න ඇතිද.. අම්මා ඉන්නැද්දිම තාත්තා වෙන කෙනෙක්ව බැදලා ගේනකොට , එයාව හුරතල් කරන්න ඕන වයසෙදි වෙන දරුවෙක්ව හුරතල් කරනකොට ඒ හිත කොයිතරම් රිදෙන්න ඇද්ද.. කටුක ලමා කාලයක් තිබුන කෙනෙක් විදිහට මට එයා ගැන තේරුම් ගන්න පුලුවන්...
ලියාන් වෙනුවට මට පිනා ගැන දුක හිතුනා..නිකන් එයා වෙනුවෙන් පපුව වේදනා දෙනවා වගේ..
දන්නේ නැහැ මොනා වුනාද කියලා ඒත් ඔන්චිල්ලාවේ ලනුව අල්ලන් හිටිය එයාගේ අත මම අල්ලගත්තා..
" චෙෆ්ට ආදරේ කරන්න අම්මා හරි හිටියා..තාත්තා නැතුව මගේ අම්මා නංගිත් එක්ක මාව දාලා යනකොට මාත් පොඩි කොල්ලෙක්..ඒත් මාව බලාගන්න චෙෆ්ට වගේ පවුලක් තිබ්බේ නැහැ...ඒ අතින් බැලුවම චෙෆ් කොච්චර වාසනාවන්තද.."
".............."
" චෙෆ්..!"
මම එයාගේ හිත හදන්න දහක් දේවල් කියවනකොට ඒකට හාවක් හූවක් නැහැ එයා එයාට නෙමෙයි වගේ බලන් ඉන්නේ එයාගේ අතේ පැටලිලා තියෙන මගේ අත දිහා..මම කෑගහපු පාරට මිනිහා බය වුනා..
" ඔව්..ඔව්.."
" දැන් ඉතින් මගේ අත අතහරිනවා.."
" අහ්..හරි හරි.."
සුපර් ග්ලු ගාලා වගේ අල්ලන් හිටිය මගේ අත මම කෑගහනකොට එයා අතහැරියා.
" හෙට ෂූටින් එකක් තියෙනවා අපි දෙන්නගේ.."
" ෂූටින්..ඒ පාර ෆිල්ම් එකකුත් කරනවද..?"
" නැහැ Crown prince's Daily life vlog එකක් කරන්න.."
" ඉතින් මම නෙමෙයිනේ කුමාරයා..ඔයානෙ.."
මෙච්චර වෙවෙලා පිටිපස්ස හැරිලා හිටිය මම ආයේ වතාවක් ඉස්සරහ හැරිලා ඔන්චිල්ලාවේ පැද්දෙන්න ගන්නකොට එයාආයේ තල්ලු කරන්න ගත්ත..
" ඒ කුමාරයා මැරි කරන්න ඉන්නේ මේ කුමාරයාවනේ.."
" ආ.. එහෙමද ආස..ඒකට තමයි අර ඉයුන් ඉන්නේ.."
" ඒත් මිනිස්සුන්ට ඕන මේ කුමාරයාවලු.."
" මිනිස්සුන් දන්නේ නැහැ නේ කුමාරයා ඇත්තට ආදරේ කාටද කියලා.."
ඒ වතාවේ නම් මට පුලුවන් වුනා එයාගේ කට වහන්න..
"ම්ම්..කවුරුත් දන්නේ නැහැ කුමාරයා ආදරේ කාටද කියන්න..මම ෆෝන් එකට මම කරන්න කැමති දේවල් ලිස්ට් එකක් එවලා ඇති..හෙට වෙද්දි ඒ ටික මතක තියාගන්න.."
" ඒ මොකටද..?"
" මිනිස්සුන්ට පේන්න රගපාන්න.."
🐾️🐾️🐾️🐾️🐾️🐾️🐾️🐾️🐾️🐾️🐾️🐾️🐾️🐾️
A/N ප්‍රශ්න තියෙනවනම් අහන්න ලමයි 👀
කතාව කියවන , කමෙන්ට් කරන වෝට් කරන හැමෝටම ආදරෙයි 😘😘❤️❤️
Ashi Niwarthana ✒️✒️