Love In My Heart ( Complet...

By kidurangana

33.5K 6.2K 775

සත්තයි , වසන්තය නැවත ඔබ සොයා එනවාමයි. More

චරිත හැදින්වීම.
chapter 01
chapter 02
chapter 03
chapter 04
chapter 05
chapter 06
chapter 07
chapter 08
chapter 09
chapter 10
chapter 11
chapter 12
chapter 13
chapter 14
chapter 15
chapter 16
chapter 17
chapter 18
chapter 19
chapter 20
chapter 21
chapter 22
chapter 23 * ( bonus )
chapter 24
chapter 25
chapter 27
chapter 28
chapter 29
chapter 30
chapter 31
chapter 32
chapter 33
chapter 34
chapter 35
chapter 36
chapter 37
chapter 38
chapter 39
chapter 40
chapter 41
chapter 42
chapter 43
chapter 44
chapter 45
chapter 46
chapter 47
chapter 48
chapter 49
chapter 50

chapter 26

553 122 17
By kidurangana

මෙය මාගේ මනඃකල්පිතයක් පමණි. සැබෑ ජීවිතයේ අයවලුන් හා ඒහා සබැදි ස්ථාන මෙම කථාංගයට කිසිදු සබදතාවක් නොමැති බැවින් ඒවා සම්බන්ධ කර නොගන්න.


කෝල් එක කනේ ගහගෙනම එයා ඔන් කරන්නම් කියල නෙතූ අක්කට කෑ ගැහුවා ..... ආයෙමත් පෝන් එක අතට අරගෙන ස්පීකර් එකත් ඔන් කරල මට දුන්න. ....

"චූටි. ...... නොකිය ආවට තරහ නෑනේ ....... . .ඔන්න ඔය පිස්සට කියන්න මට පුප්පන්න එපා කියලා. .... මගෙ විතරක් නෙමේ එයාගෙ future වයිෆුත් එනව කියන්න......"


*************************************

ඒ දේ ඇහුන ගමන් මගෙ අතේ තිබ්බ පෝන් එක උදුර ගත්ත බැල්කනි හොරා ඒකත් කනේ ගහගෙන යන්න ගියා වෙනකොට නෙතූ අක්කගෙ වචන මතක්වෙද්දි මගෙ හිත ගිනිගොඩක් මැද පිච්චෙනව වගේ හැඟීමක් දැනුන. ....

නින්දත් නොනින්දත් අතර කල්පනාවක වැටිල හිටිය මං කා එකේ සද්දෙට බැල්කනි එකට ගියා. .............. ඇවිත් හිටියෙ අංකලුයි ආන්ටියි එක කා එකකින් බහිද්දී අනික් එකෙන් බැස්සේ නෙතූ අක්කයි. ....තවත් තරැණ කොල්ලෙකුයි ..... කොට ගවුමක් ඇදගත්ත කෙල්ලෙකුයි........

නෙතූ අක්කත් එක්ක ඉන්නෙ මං හිතන්නේ එයා බදින්න ඉන්න කේශාන් අයියා. ..... එතකොට අර භාගෙට ගවුම් කොටයක් ඇදන් ඉන්න කෙල්ල වෙන්න ඇති බැල්කනි හොරාගෙ ෆියුචර් වයිෆ් කියල නෙතූ අක්කා කීවෙ. ........ ඇත්තටම ද නෙතූ අක්කා එහෙම කීවෙ නැත්තන් විහිලුවටද ......... ඒ කෙල්ල දුවගෙන ඇවිත් බැල්කනි හොරාගෙ කරේ එල්ලුනා වෙද්දී ඒ දිහා මම බලන්න ඉන්න ඉන්න මට දැනුනේ මහ දුකක් හරියට මගේ දෙයක් හොරැ අරගත්ත වගේ...... දැනුන. ...... ..... කොහොමත් පහලටම යන්න කිසිම අදහසක් නෑ මට ........ නිකං ඉන්න කම්මැලියි.... ඊයෙ රෑ පිස්සු නටල එහෙමම පිස්සන්කොටුවක් වගේ වෙලා තිබුන මගෙ රෑම් එක ආයෙමත් තිබුන විදිහටම පිලිවෙලට තිබ්බ. ..... හිතන්න දෙයක් නෑ මං දන්නව මේක බැල්කනි හොරාගෙ වැඩක් ...... නෑනෙ ඩයරි හොරා..... මේක හොරකම් කරන්න නම් හොදට දන්නව. ..... එක එක දේවල් හිත හිතා හිටිය උනත් මටත් නොදැනිම මගෙ හිත ආයෙමත් බැල්කනි හොරා ලග නැවතිල තිබුන...........

ලන්ච් එකටවත් රෑම් එකෙන් එලියට නොගිය මම විමල අම්ම අතේ බැල්කනි හොරා එවල තිබුන කෑම එකෙනුත් කටක් දෙකක් කාල ආයෙමත් ඇදට උනා........ හිතන්න දේවල් ගොඩයි ඒත් අගක් මුලක් නැතුව කොහොමද මම අම්ම අප්පච්චිගෙ මිනීමරුව හොයාගන්නෙ ඇත්ත යට ගහල හංගන්න හැරි දෙයක් කීවට මෙච්චර කාලෙකට කොහොමද මේ ඇත්ත හැංගිලා තිබ්බේ. .... මුං ඔක්කොම සල්ලි වලට යටයි..... නැත්තන් මගෙ අම්ම අප්පච්චිගෙ මිනීමරුව මේ වෙද්දි දඩුවම් විදින්න ඕන නේද ... ඒත් එහෙම උනේ නැ...... මේ පැය ගානටම මම හිතුවෙ අම්ම අප්පච්චිගෙ මිනීමරුව හොයාගන්නෙ කොහොමද කියල වෙනකොට නොදැනිම කාලය ගොඩක් ගිහින්. ......... ඩිනර් එකටවත් රෑම් එකෙන් එලියට යන්න හිතුන් නැතිනිසාම මම තවත් ඇදටම ගුලිවුනා. .....

"පුතා. ....... පුතා. ......."

"සුරේන් අංකල් ? ...."


රෑම් එකේ දොර ගාවින් ඇහුනෙ අංකල්ගේ කටහඩ වෙද්දී මම ගිහින් දොර ඇරියා. .....


" අංකල්...... ....."

"දැන් උණ අඩුද දරැවො ...... පුතා රෙස්ට් කරනව ඇති කියලයි කරදර කරන්න ආවෙ නැත්තෙ ...... ගොඩක් අමාරු නම් බෙහෙත් ගන්න යමු දරැවො........"

"ඕන් නෑ අංකල් එහෙමටම අමාරැවක් නෑ දැන් ....... "

"එහෙනම් පහලට යමු දරැවො ඩිනර් එක ගන්න ...... පුතාට අද අදුන ගන්න ගොඩ දෙනෙක් පහල ඉන්නව...... "

" හ්ම්ම්ම්. ..... යමු....."


අංකල් එක්ක පහලට ගිය මන් කෑම මේසෙ ලග නතර වුනා වෙද්දී බිම බලාගෙන හිටිය මම ඔලුව උස්සල බැලුව. ....... වටේම හිටිය හැමෝගෙම ඇස් මගෙ ලග නතර වෙලා. ..... ......

"ආ පුතාල ...... මේ ඉන්නේ මගෙ පුංචි කාලේ ඉඳන් හිටිය හොඳම යාලුවෙක්ගෙ පුතෙක්. ..... "

"හෙලෝ. ....... ?"

හැමෝම වගේ මට එයාලව ඉන්ටර්ඩියුස් කරල දෙද්දී මමත් එයාලට මාව හදුන්වා දුන්නා...... හැමෝම වෙනදවගේම කෑම මේසෙ වාඩිවෙලා උන්නා ඒත් පොඩි වෙනසක් එක්ක නෙතූ අක්කා ලගින් කේශාන් අයියා වාඩිවෙලා හිටිය වෙනකොට බැල්කනි හොරා ලගින් ඉදගෙන හිටියෙ නීශා හෙයිලි රන්දුනු බණ්ඩාර උන නෙතූ අක්කා කීව බැල්කනි හොරාගෙ future wife ...... කන්න ගිය බත් කටත් උගුරෙන් පහලට යන්න හිත නොදුන්නෙ බැල්කනි හොරා ලග ඇලි ඇලී ඒ කෙල්ල ඉන්නවා දැක්කම වෙද්දී මට දැනෙන හැගීම මටම තේරැම් ගන්න බැරිව ගියා...... ඒක දුකක් ..... ඩිනර් එක අරගෙන එද්දී බැල්කනි හොරා මට කතා කරා උනත් මං ඇහුනෙ නෑ වගේ රෑම් එකට ඇවිත් දොර වහගත්ත. ....

අල්මාරියෙන් ආචුගෙ ඩයරි එකක් නෙමේ දෙක තුනක්ම තිබ්බ වෙනකොට ආච්චි අම්ම තරැණ කාලෙ ලිව්ව ඩයරිය අතට ගත්ත මම ඒක කියවන්න ගත්ත වෙනකොට මුලින්ම මම දැක්කේ හරි ලස්සනට ලියල තියෙන ආචුගෙ නම .........

"අනීතා මැණිකෙ සුරවීර "

සුරවීර ඒ තමා ආච්චි අම්මගෙ වාසගම පස්සෙ ඒක වික්‍රමසිංහ උනා..... හරි ලස්සනට ගලාගෙන ගිය ආදර කතාවක් ආච්චි අම්මට තිබිල නැති උනත් ඒ හිත පිරෙන්න සීයට ආදරේ දීල තිබුන කියල ඩයරි එක අවසන් කරපු මට හිතුනා. .....ඒත් .... ආච්චි අම්මට සීය ගැන දැනුනු ඒ හැම හැගීමක්ම මට දැනෙන්නෙ බැල්කනි හොරා ගැන....... වෙද්දී මෙච්චර කල් මටම තේරැම් ගන්න බැරිව මම ආදරේ කරල තියෙන්නෙ බැල්කනි හොරාට කියල තේරුම් ගියා. ........ ඒත්....... මම වගේම එයත් පිරිමියෙක්. ... මම කොහොමද ඒ මනුස්සයාට නෑ නෑ දෙවියන්ගේ අනේ මට දැනෙන මේ හැගීම ආදරයක් වෙන්න එපා........... ආච්චි අම්මගෙ ඩයරි එක පපුවට තුරැල් කරගත්ත මම හිතේ තියෙන හැමදේම ආචුගෙ ඩයරි එකට කීව......


මම කොහොමද එයාට ආදරේ කරන්නෙ. ...... අනෙ ආචූ ...... මම ......මම ආදරේ කරනවද ...... ඔව් මම ආදරෙයි ඒත් පිරිමියෙක්ට  ..... ඇත්තටම ආදරේට ගෑනු පිරිමි භේදයක් තියෙනවද.... ආදරේ කියන දේ ඇතිවෙන්නෙ හදවත් දෙකක විතරයි නේද එහෙව් එකේ මොකටද ආදරේට ගෑනු පිරිමි භේදයක්. .... ඒත් මං වැරදියි.... කවදාවත් ලබාගන්න බැරි දේකට ආදරේ කරන මං වැරදියි. ..... මගේ නොවන දේකට ආදරේ කරන මං වැරදියි.......



" මේ දොර අරිනව ...... "

මන් දැන් දොර ඇරියොත් මට කීයටවත් උඹට මුණ දෙන්න බෑ රත්තරන්. ..... ඒ නිසා මෙතනින් යන්න. ..  මෙච්චර වෙලා දොරට තඩිබාන එයාට කිසි ගානක් නැති උනත් මගෙ හිතින්  මම හිටියෙ  ගිනි ගොඩක.....

" මං කිව්වේ මේ දොර අරින්න කියල නේද ........ ?"

ඉස්සෙල්ලට වඩා වැඩි වෙලා ඇහුන ඒ කටහඩට මම තවත් වෙලා මෙතනම හිටියොත් ප්‍රශ්නයක් වෙයි කියලා හිතල කදුළුත් පිහදාගෙන දොර ඇරියා. ........

" මොකද මේ මහ රෑ මනුස්සයෙක්ට නිදාගන්නවත් දෙන්නැද්ද"

දොර ඇරිය ගමන් මම ඇහුවා. ....

"මම කතා කරා ඇහුනෙම නැද්ද..... "

"සොරි ඇහුන්නෑ........... "

"බොරැ ඇහිලත් නෑහුනා වගේ ගියා..... කමක් නෑ ආයෙමත් අසනීප ද කියල අහන්න කතා කරේ....."

"නෑ...... මම හොදින්. ....... "

එච්චරයි. .... මම දොර වැහුව ......


ඊයෙ දවසෙම අඩල අඩලම හෙම්බත් උන මගෙ ඇස් දෙක ආයෙමත් කදුළු ගලන්න අරන් ........ ..... රිදෙනවා. ... මගෙ පපුවට පිහිතුඩකින් අනිනව වගේ ..... ඈත් කරන්න ලෝභයි ඒත් ලංවුනොත් මට ඔයාව නැතුවම බැරි වෙයි කියලා බයයි ......

*************************************

දවසක් දෙකක් නෑ අදට දවස් තුනක්. .... ඒ නැට්ටිච්චි මගෙ කොල්ලගෙ ඇගේ එල්ලෙන්න හදනව මං බලන් හිටිය ..... මගෙ කොල්ල කොහේවත් නැති වචනයක් මගෙ හිතට ආව ..... නෑ උඹ මගෙ නෙවෙයිනේ රත්තරන් ..... මටයි වැරදුනෙ..... මගෙ හිත මමම පාරව ගන්නකොට ගේට් එකෙන් ඇතුලට දැකල නැති කා එකක් ආව...... ඒ නීශා අක්කගෙ ෆැමිලි එකේ කවුරැහරි වෙන්න ඇති ... ... අද නෙතූ අක්කගෙ birthday එක ඒක නිසා ගෙදර party එකක්...... කා එකෙන් බැස්සේ කොල්ලෙකුයි කෙල්ලෙකුයි වෙද්දී නීශා අක්කා වගේම අංකලුයි ආන්ටියිත් ඒ දෙන්නම පිලිගත්ත විදිය බැල්කනි එකේ ඉදන් මං බලාගෙන .....



"චූටී .......චූටී...... මෙහෙ එන්නකෝ ලමයෝ ....... රෑම් එකටම වෙලා මොනා කරනවද මන්ද. ...... "


නෙතූ අක්කාගෙ කෑ ගැහිල්ලට මම පහලට ගියා.....





*************************************


😊 අද චැපිය  ලස්සන ද  මන්දා. ....

😀 කොහොම උනත් ඔබ පුල පුලා  බලා  සිටි  ඒ චැපිය ඊලග දින විකාශය  වේ..... හි හී. .....

😂 මොනාහරි කොටාගෙන යන්නෝ. .....

  





Continue Reading

You'll Also Like

2.8M 123K 60
*C O M P L E T E D* "This isn't like that stupid book, Oliver." "What do you mean by that?" "I mean this isn't a love story." - - - - Oliver Green is...
320K 9.6K 101
Daphne Bridgerton might have been the 1813 debutant diamond, but she wasn't the only miss to stand out that season. Behind her was a close second, he...
1.3M 58.7K 105
Maddison Sloan starts her residency at Seattle Grace Hospital and runs into old faces and new friends. "Ugh, men are idiots." OC x OC
13.9K 2.5K 15
"මන් තමුන්ගෙ බොස් මිස්ටර් යතාර්ථ...තමුසෙගෙ පෝස්ට් එකෙන් මට වැඩක් නෑ...මාව යකා නොකර මේ දැන්ම...දනගහපන්....!!" නෙත් X මිතූ