Heart to Heart...|ᴘᴊᴍ

By Mis_Yang

153 22 7

නොහිතපු තැනක, නොහිතපු වෙලාවක, නොතිතපු කෙනෙක්ගෙන් දැක්ක අමුතුම හැගීමක්, ආදරේකට පෙරලුනොත්? Ongoing... Start Da... More

Pʀᴏʟᴏɢᴜᴇ...✨
Chapter 1 💗

chapter 2 🫂

17 3 0
By Mis_Yang

" මට ශුවර් ඒ එයාමයි... "

සුකී තමන්ටම මුමුණගන්න ගමන් තමන් හැමදාමත් වගේ යන්න කැමති උන පොඩි බූක්ස්ට්‍රෝ ලයිබ්‍රී එක ලග හිටගෙන හිටියේ තමන් මෙච්චර කාලයක් තිස්සේ ආදරේ කරපු ඒ ඇස් දෙකේ අයිතිකාරයා හොයන ගමන්...

" අහ්හ්... අර එන්නේ,
අදනම් මොනාහරි කතා කරන්න ඔනීමයි... "

කෙල්ල තමන්ටම මුමුණගෙන කොණ්ඩෙත් හදන් ඒ ඇස් වල අයිතිකාරයා ලගට යන්න ලෑස්තිවුනේ තමන්ට ටිකක් පිටිපස්සෙන් හොරෙන් හැංගිලා තමන් දිහා බලන් ඉන්න ජිමින්ව නොදැක,

Jimin pov,
ඇත්තටම මට තේරෙන්නේ නෑ ඇයි මම මෙයාගේ පස්සෙන් මෙච්චර දුරක් ආවේ කියලා වගේම දැන් එයා දිහා හොරෙන් හැංගිලා බලන් ඉන්නේ කියලා. හැබැයි මට මේ එයාමද කියලා දැනගන්න ඕනේ.

Jimin pov ened,

සුකී හිමින් හිමින් අඩි තියලා එ අමුත්තා ලගට ලං වුනේ ජිමින් එතන ලගම තිබ්බ බිත්තියක් අසට ගිහින් හොරෙන් හැංගෙද්දි.

" හන් ඔ"

කෙල්ල ඒ ඇස් වල අයිතිකාරයාට කතා කරන්න කට අරිනවාත් එක්කම කොහේදෝ තිබ්බ වැස්සක් එකසැරේටම පොලවට කඩන් වැටුනේ කොහෙන්දෝ ඉදන් කෙල්ලෙක් දුවන් ඇවිත් සූකීගේ හිත හොරකම් කරපු ඒ ආඩම්බරකාරයාට කුඩයක් අල්ලද්දි.

කෙල්ල යමින් හිටිය අඩිය එහෙමම නැවතිලා ඒ දිහා බලන් හිටියේ එයාගේ ක්‍රශ් එකගේ රිඇක්ශන් එක බලාගන්න.
හන් එහෙමත් නැත්තම් සුකීගේ ක්‍රශ් එක තමන්ට කුඩේ අල්ලපු කෙල්ලව දැක්ක ගමන් ඇදලා අරන් ඒ කෙල්ලව බදාගත්තේ සුකීට එයාගේ ඇස් දෙක ඉස්සරහාම එයාගේ හීන ඔක්කෝම බිදිලා යනවා වගේ හැගීමක් දැනෙන්න ගද්දි.

" මම හිතුවේ අපිට ආපහූ හම්බෙන්න බැරි වෙයි කියලා... "

හන් එහෙම කියන ගමන් ඒ කෙල්ලගේ තොල් වලට පොඩි කිස් එකක් දුන්නේ සුකීගේ ඇස් වලින් දැනටමත් කදුලු දොරේගලන් එන්න පටන් ගද්දි.

කෙල්ල කිසිම දෙයක් නොකර පාර මැදම හිටගෙන හිටියේ කෙල්ලගේ මුලු ඇගම වැස්සට තෙමිලා යද්දි.

" අපි ඉක්මනට ගෙදර යමූ... "

එහෙම කියන ගමන් තමන් ලග ඉන්න කෙල්ලට හිනාවුන හන් ඒ කෙල්ලවත් ඇදගෙන දුවන් ගියේ එතන ඒ දෙන්නා අතර උන දේ සුකී කියලා කෙනෙකුත් බලන් හිටියා කියලා ඒ දෙන්නා නොදැන උනාත් එක කෙනෙක් මේ දිහා බලන් හිටියේ වෙන දේ ඔලුවට ප්‍රොසෙස් කරගන්න ගමන්.

" ර්...‍රියා ම්... මොනාද හන් එක්ක කරන්නේ?
ම්...ම්... මට මේ වෙන කිසි දෙයක් තේරෙන්නේ නෑ... "

කෙල්ල වැස්සෙම හිටගෙන තමන්ට මුමුණගෙන ඊලග මොහොතෙදි එතනම බිම ඉන්දවුනේ තමන්ගේ හොදම යාලුවා තමන් අවුරුදු ගානක ආදරේ කරපු කෙනා එක්ක සම්බන්ධයක් තමන්ටත් හොරෙන් පටන්ගෙන කියලා හිතට දැනෙද්දි.

විනාඩි හතක් අටක් එහෙම හිටිය කෙල්ල දිහා බලන් ඉන්න බැරි ම තැන ජිමින් ඒ පැත්තට අඩිය තිබ්බේ කෙල්ල ලගට යන්න උනාත් ඒත් එක්කම නැගිට්ට කෙල්ල කිසිම විදියක ප්‍රතිචාරයක් නැතුව ආපහූ ආපූ පැත්තටම හැරුනේ යන්න ඕනේ කොහෙද කියලාවත් ගානක් නැතුව උනාත් එකසැරේටම කෙල්ලගේ ඇස් දෙක බෝල වෙනවාත් එක්කම ආපහූ ඒ ඇස් දෙක හිමීට වැහිලා ගියේ වේගෙන් ආපූ කාර් එකක එලිය කෙල්ලගේ ඇස් දෙකට වැදෙද්දි.

________________________________

Next day Afternoon.

" ආව්ව් මගේ ඔලුව පැලිලා වගේ... "

ඇස් දෙකත් වහගෙනම නිදාගෙන හිටිය ඇදේ කකුල්දෙකත් ගොතාගෙන ඉදගත්තු කෙල්ල ඔලුව අත්දෙකෙන් බදාගෙන කෑගැහුවේ තමන් ඉන්නේ කොහෙද කියලා නොදැනුවත්ව උනාත් මෙච්චර වෙලා කෙල්ල ඇස් අරිනකම් බලන් හිටිය කෙනා පොඩි සැනසුම් හුස්මක් හෙලුවේ කෙල්ල ගෝතයෙක් වගේ යවපු ලොකුම ලොකු ඈනුම ඒ මනුස්සයාගේ මූනට හිනාවක් ගෙද්දි.
ඒ එක්කම වගේ ඒ හිටිය කෙනා තමන්ගේ එහාපැත්තේ හිටිය girlට ඇස් වලින් කෙල්ල ලගට යන්න කියලා ඇගෙව්වේ ඒ girl කෙල්ල ලගට ගිහින් හිටගද්දි.

" Good morning... "

ඒ girl සුකීට කිව්වේ සුකීත් ඇස් දෙක වහගෙනම " good morning " කියලා කියද්දි උනාත් එකසැරේටම ඊයේ රෑ උන සිද්දියත් එක්කම මේ රියාද කියලා බයවෙලා ඇස් ඇරිය කෙල්ල දැක්කේ තමන්ගේ එහාපැත්තේ ඉන්න ලස්සන සුදු කොරියන් ටයිප් girlව.

" ඔ... ඔයා කවුද? " ( ජැපනිස් )

" ආ... ඔයා මාවනම් දන්නේ නැතුව ඇති...
කොහොමද ඔයාට? දැන් හොදින් නේද? "

ඒ girl සුකීගෙන් අහද්දි සුකී ශේප් එකේ බැලුවේ එයා ඉස්සරහා ඉන්න girlගේ පිටිපස්සෙන් පේන background එක දිහා ඒත් එක්කම කෙල්ල වේගෙන් ඇදෙන් නැගිටලා මුලු රූම් එකෙන්ම ඇස් ගෙනියද්දි තමන්ගේ ඇදට එහාපැත්තේ තිබ්න කවුච් එකේ ඉදන් ඉන්න ජිමින්ව දැකලා කෙල්ලව ඒ ලග තිබුන පුටුවේ ඉන්දවුනේ මේ මොනා ලොකේද කෙල්ල ඉන්නේ කියලා කෙල්ලට හිතෙද්දි.

" ම්ම්... ඊ... ඊයේ රෑ මම මැරුනාද? "

සුකී මුමුණ මුමුණ ජැපැන් වලින් අහද්දි අර girlට හිනාගියේ ජිමින්ටත් තමන්ගේ හිනාව පාලනේ කරගන්න බැරි වෙද්දි.

" නෑ...නෑ බය වෙන්න එපා
ඔයාව ඊයේ රෑ ඇක්සිඩන්ට් වෙන්න ඔන්න මෙන්න තියෙද්දි ජිමින් බේරගෙන නිසා තාම ඔයා ජිවතුන් අතර... "

" ඈ? "

ඒ girl කියපු දේට කෙල්ල කටත් ඇරගෙන ඊයේ රෑ උන සිද්දි එකින් එක කල්පනා කරන්න ගත්තා.

" අයිගෝ ඔයානම් හරි ම කියුට් නේ?
කන්න හිතෙනවා. "

එකසැරේටම සුකීගේ කම්මුලක් මිරිකන ගමන් එහෙම කියපු girl, එයාගේ හෑන්ඩ් බෑග් එක අතට අරගෙන ජිමින් ලගට ගියේ ජිමින් ඉදන් හිටිය තැනින් නැගිටිද්දි.

" මම දැන් යන්නම්,
හෙල්ප් එකක් ඕනේ උනොත් කතා කරන්න.
බායී...
ඒයි කියුටී බායී... "

ඒ girl එහෙම කියලා සුකීටත් අත වනලා රූම් එකෙන් ගියේ සුකී කිසිම දෙයක් නොකියා ජිමින් දිහා ඇස් දෙකත් බෝල කරන් බලන් ඉද්දි.

" මොකෝ මාව නොදන්න කෙනෙක් වගේ ඔහොම බලන් ඉන්නේ?"

" අපි අදුනනවාද? "

කෙල්ල ජිමින්ගෙන් ඇහුවේ තවත් ඇස් ගෙඩි දෙක බෝල කරන ගමන්,

" ඊයේ ඔයාට ප්ලාස්ටර් එකක් දුන්නේ මම කියලා මෙච්චර ඉක්මනට අමතක උනාද ආ? "

" ආ? ආආ... ඒක මතකයි...
මම ඇහුවේ මේ ජිමින්ශි කතා කරේ ඊට වඩා අදුනන කෙනෙක් ගානට දාලා නිසා. "

ඒත් එක්කම කෙල්ල ආපහූ එක තැන ගල්ගැහුනේ එයා රෑ හිටිය ඇදුම වෙනුවට වෙන ඇදුමක් දැන් ඇදගෙන ඉන්න නිසා උනාත් ඒක ඔලුවට ප්‍රොසෙස් උන ගමන් ජිමින්,

" නෑ... මම නෙමේ!!!
අර නූනා ඉස්සෙල්ලා හිටියේ එයායි කරේ,
ඔයා ඒ වෙලාවේ හොදටම තෙමිලා හිටිය නිසායි මම ඒ නූනාට කිව්වේ, බය වෙන්න එපා එයාව විශ්වාස කරන්න පුලුවන්. "

ජිමින් කියාගෙන කියාගෙන ගියාත් එකසැරේටම ජිමින් නිශ්ශබ්ද උනේ සුකීගේ ෆෝන් එකේ රින්ගිස් එකට.
ඒත් එක්කම ඇදේන් නැගිටලා ෆෝන් එක අතට ගත්ත කෙල්ලගේ මුනේ හැම ඉරියව්වක්ම ආපහූ වෙනස් වුනේ ස්ක්‍රීන් එමේ ඩිස්ප්ලේ එකේ වැටිලා තියෙන නම දැකලා.

" රියා ! "

සුකී තමන්ටම මුමුණගෙන ෆෝන් එක සයිලන්ට් දාගත්තේ ජිමින් දිහාට පොඩි හිනාවක් මූනේ මවාගෙන හැරෙන ගමන්,

" කුමාවෝ... "

සුකී අංශක 90කටම නැමිල ජිමින්ට ස්තූති කරන්න තප්පර ගානක් එහෙමම ඉදලා ඔලුව ඉස්සුවේ ජිමින් සුකී දිහා ලස්සන හිනාවක් දාගෙන බලන් ඉද්දි.

" මාව බේරගත්තාට ස්තූතියි,
ඔයාට දෙන්න තරම් දෙයක් මම ලග නෑ ඒත් ඔයාට ඕනේ උදව්වක් තිබ්බොත් මට කියන්න මම පුලුවන් දෙයක්නම් ඒක කරලා දෙන්නම්.
කුමාවෝ... "

සුකී ආපහූ වතාවක් ජිමින්ට බෝ කරන ගමන් එහෙම කියලා හැරුනේ යන්න උනාත් ජිමින්

" ටිකක් ඉන්න "

කියලා කිව්ව වචන ටික සුකීව ආපහූ ජිමින් පැත්තට හරවන්න සමත් උනා.

" ඇයි ජිමින්ශි? "

" ආ මේ... මේ ඔ "

" ඕ... ඇදුම් ටික?
මේ බෑග් එකේ තිබ්බේ මගේ ටිකනේද ඒකයි ගත්තේ,
මම හෙට මේ අපාර්ට්මන්ට් එකේ කැබින් එකට මේ ඇදන් ඉන්න ඇදුම් ටික දෙන්නම්.
කුමාවෝ... "

ජිමින් කියන්න ගිය දේත් නවත්තලා කෙල්ල කියාගෙන කියාගෙන ගිහින් ආපහූ ජිමින්ට බෝ කරේ යන්න උනාත් කෙල්ල මේ සැරේ දොර පැත්තට හැරුනේ නැත්තේ ජිමින් තමන් ලගට මොකක්හරි කියන්න එනවා කියලා තේරුන නිසා.
හන් නිසා කෙල්ලගේ හිතේ හැම පිරිමියාම මේ වෙනකොටත් පහලටම වැටිලා තිබුන නිසා ජිමින් තමන්ට සාමාන්‍ය දුරකට වඩා ටිකක් කිට්ටු වෙද්දි කෙල්ල අඩියක් පස්සට ගියේ ජිමින් අහන්න හිතන් හිටිය දේ වුන කෙල්ලගේ ෆෝන් නම්බර් එක අහනවායි කියන සිතුවිල්ල එකතැනක නවතින ගමන් තමන්ගේ හිතට යටිපත් කරගෙන ඒ වෙනුවට,

" වමට හැරිලා කෙලින් ගිහින් දකුණට යන්න. "

සොෆ්ට් ස්මයිල් එකක් දාගෙන කෙල්ලට එහෙම කියාගෙන කෙල්ලගේ ඔලුවටත් තට්ටුවක් දාගෙන ජිමින් එහෙමම එතනින් ගියේ සුකී ජිමින් කියපු දේ තේරුම් ගන්න බැරුව තප්පර ගානක් එහෙමම හිටගෙන ඉදලා කොහොමහරි ජිමින්ගේ අපාර්ට්මන්ට් එකෙන් එලියට පැනගද්දි.

Typing mistakes නම් ඇති නේද රීඩර්නිම්ස්?
ඒවාට මියන්හේ... 🤍

Continue Reading

You'll Also Like

938K 21.5K 49
In wich a one night stand turns out to be a lot more than that.
393K 11.8K 80
"I'm not afraid to hit a girl," he argued, and you grinned. "I know you aren't," you said, "because you know I can fight back, and you wanna know how...
1.3M 25.7K 51
and all at once, you are the one I have been waiting for theodore nott x fem oc social media x real life lowercase intended started: 3.25.23 finished...
156K 5.6K 42
❝ if I knew that i'd end up with you then I would've been pretended we were together. ❞ She stares at me, all the air in my lungs stuck in my throat...