මෙය මාගේ මනඃකල්පිතයක් පමණි. සැබෑ ජීවිතයේ අයවලුන් හා ඒහා සබැදි ස්ථාන මෙම කථාංගයට කිසිදු සබදතාවක් නොමැති බැවින් ඒවා සම්බන්ධ කර නොගන්න.
උදෙන්ම යන නිසා කාල නැතුව ඇතිනෙ වෙලාවට කන්න බලන්න කොහෙ ගියත් රෑ වෙන්න කලින් ආපහු ගෙදර එන්න ........"
කා එකට නැගලත් මට මතක් වුනේ බැල්කනි හොරාගෙ වචන ටික වෙද්දී හිතේ තියෙන ලොකු බරක් ඒ වචන වලින් ටිකෙන් ටික අඩුවෙනව වගේ දැනුන.
*************************************
මගෙ ආචුට වගේම අම්ම අප්පච්චිටත් පින් ලැබෙන්න කියලා හිතල ඒ තුන්දෙනාම වෙනුවෙන් අටපිරිකරවල් තුනක් දළදා වහන්සේට පූජ කෙරැව මම නුවර වැව ලගට ඇවිදන් ආවෙ හිතට සැනසීමක් දැනුන නිසයි..... හිත ඈතට ඇදිල යද්දී මම දැක්කේ පාරෙ කොනකට වෙලා මේ අව් කාශ්ටකේ පොඩි දරැවෙකුත් වඩාගෙන හදුන්කූරැ පෙට්ටි විකුණන ගෑනු කෙනෙක්ව.... ටිකකින් පොඩි එකා බිමට බැහැල පොඩ්ඩ වෙලාවක් වටේ කැරකි කැරකි ඉදල එයාගෙ අම්මට අත දික්කර කර මොනවදෝ පෙන්නුව ...... ......මං බැලුවෙ ඒ දිහා වෙද්දී .... එතනට ටිකක් එහාට වෙන්න තිබුණ කඩල කරත්තයක් දිහාට ඇගිල්ල දික්කරල පෙන්නුව පොඩිඑකාගෙ මූණ මැලවිල ගියේ එයාගෙ අම්ම දිහා බැලුවම කියල මට හොදටම තේරැන. ..... ..... තාම අද දවසෙ බිස්නස් නැති නිසා ඒ අම්ම ගාව පොඩි එකාට කඩල අරන් දෙන්න සල්ලි නැතුව ඇති . ..... ඒ දරැව ගැන මට දුකයි ඒ වගේම සතුටුයි.... මොකද ... උඹට ජීවත් වෙන්න සල්ලිභාගෙ නැති උනත් උඹෙ අම්ම උඹව කොහෙ හරි අස්සක් මුල්ලකට විසික්කන්නැතිව ජීවත් කරවනව .... අඩුම ගානේ දුප්පත්කම කියන සාධකය ඇරැනම මං ගාව නැති ගොඩාක් වටින දේවල් උඹට අයිතියි පොඩි එකෝ..... ඒ අතින් මට වඩා උඹ වාසනාවන්තයි. ... මට පුළුවන් විදියට ඒ පුංචි හිතේ ආසාවත් ඉෂ්ට කරන්න හිතන් මම කඩල කරත්තය ලගට ගිහින් කඩල ගොටු දෙකක්ම ගත්ත වෙනකොට මම අර පොඩි එකා ලගට ගිහින් කඩල ගොටු දෙකම දික්කරා ..... ........ පොඩිඑකා මං දිහා බලල අම්ම දිහා බැලුවෙ හරියට ගන්නද එපාද කියල අහන්න වගේ......
"ගන්න බබෝ......... " ආයෙමත් මම පොඩි එකා දිහාට කඩල ගොට්ට දික්කරන ගමන් කතා කරා. ....
" අනේ මහත්තයො අපිට සල්ලි නෑ මහත්තයො .....තාම බිස්නස් උන් නෑනෙ. .... ටිකක් දවල් වෙලා මං දරැවට අරන් දෙන්න හිටියෙ. ....."
"ඒකට කමක් නෑ. ....මම කැමැතෙන් දෙන්නෙ....... "
ඒ සැරේනම් ඒ පොඩි එකාට අම්මගෙන් අවසර ලැබුන වෙනකොට ඒ පුංචි අත් දෙක මගෙ ලගට දික් කරා.... අනේ ඒ මූණෙ හිනාව එකයි..... හරි නිර්ව්‍යාජයි අහිංසක හිනාවක් ඒ පුංචි එකාගෙ මූණෙ ඇදිල තිබුන වෙනකොට පර්ස් එක අතට ගත්ත මම ඒකෙන් දාහෙ කොල පහ හයක්ම ඒ අම්මගෙ අතේ තිබ්බ. ......
"අනෙ මහත්තයො මහත්තයාට පින් සිද්ධ වෙනවා..... අපි ඉතින් එදා වේල හරි හම්බකරන් කන මනුස්සයොනෙ මහත්තයො.... මේ බඩු ටික විකුණුනේ නැත්තන් අදත් බඩගින්නෙ තමයි .... මට නම් ගානක් නෑ ඒත් මේ පොඩි එකාට තමයි....... ?"
" මම එහෙනම් ගිහින් එන්නම්. .......... පොඩ්ඩෝ ...... ලොකු වෙලා අම්මව හොදට බලා ගන්නෝනෙ හොදේ...... "
ඒ චූටි එකාට මම කියන දේ තේරැන්නැතත් ඔහේ ඔලුව වැනුව වෙනකොට අදවත් ඒ පවුලෙ අයගෙ බඩගින්න මං නිසා නිවෙයි කියන සතුට මගෙ හිතේ රැදුන........
වෙලාව දහය හමාරයි .... බඩගින්නක් නොදැනුනාම නොවේ. .... බඩගින්නට වගෙම ආසාවටත් එක්ක මමත් කඩල කරත්තෙන් කඩල ගොට්ටක් අරගෙන ඒකත් කකා ඇවිදන් ආයෙමත් නුවර වැව ලගට ආව වෙනකොට එතන හිටය කෙල්ලො දෙන්නෙක් මං දිහා බල බල හිනාවෙනව............ ඒත් එක්කම වගේ නන්නාදුනන නම්බර් එකකින් මට කෝල් එකක් ආව වෙනකොට මම කෝල් එක ආන්ස්වර් කරේ අර කෙල්ලො දෙන්න මගෙ දිහාවට ඇවිදන් එනව දැකලමයි..... එහා පැත්තෙන් මට ආවෙ බැල්කනි හොරාගෙ කටහඩ. ..... උන් දෙන්නා මගෙ දිහාට එන්නේ මොකටද කියල නොතේරෙන්න තරම් මම පොඩි එකෙක් නෙමෙයි වෙච්චි පෝන් එකත් කනේ තියාගත්ත මන් ඒ කෙල්ලො දෙන්නටම ඇහෙන්නත් එක්ක බැල්කනි හොරත් එක්ක කතා කරන්න ගත්ත. ......
"ඇයි රත්තරන් ඔයා කෝල් කලේ ............"
මං දන්නව ශුවර් එකටම බැල්කනි හොරා රෝන්ග් නම්බර් එකක් කියල හිතල ඇති ..... මගෙ ජීවිතේටම මං මේ රත්තරන් කියල කෙනෙක්ට කතා කරාමයි .....
" මොකක්. ..........මේ කවුද කතාකරන්නෙ "
මම හිතුව හරි ඔය ඇහුවෙ....මමයැ මුලින්ම කෝල් කරේ මගෙන් අහන්නෙ. ......
" තව ඔතන කවුද ඉන්නෙ. ........ කවුරැහරි ඉන්නවනෙ ....... "
මේ මනුස්සයා ෂර්ලොක් හෝම්ස් ද මන්දා ..........බලාගෙන හිටිය වගේ හරියටම කීව .....
" හ්ම්ම්ම්. ...... ඉන්නව ....... "
"මං කවුද කියලා අහන්නෑ .... කාට හරි ඇහෙන්නනෙ ඔහොම කතා කරන්නෙ ...... දැං ඔය උදේට කාලද ඉන්නෙ .. "
" තාම නෑ ..... එහෙමටම බඩගින්නක් ආවෙ නෑ..........."
"උඹ කියන්නේ බොරැ සුදු මැණික...... උඹට බඩගිනියි...... ඒත් හිත දුකින් නිසා බඩගින්න ගනන් ගන්නෑ...... ඔහොම ගිහින් ලෙඩ වෙන්න ද හදන්නේ ..... "
මට එයාව එකසැරේට රත්තරන් උනා වගේ එයාටත් මාව සුදු මැණික වෙලා තිබ්බ ..... මම දුකින් කියල කොහොම මේ මනුස්සයා දැනගත්ත උනත් මගෙ හිතට එකගව ඒ දේ ඇත්තක්ම නිසා වෙන මොකවත්ම කියන්න ගියේ නෑ.... මෙලෝ දෙයක් නොදන්න මට මෙච්චර වෙලා ලයින් දදා හිටිය කෙල්ලො දෙන්නත් එතනින් මාරු වෙලා යද්දී මට සුරේන් අංකල්ගෙනුත් මැසේජ් එකක් ආව ..
"සුරේන් අංකල්ගෙන් කෝල් එකක් මං තියනව....."
" හ්ම්. .... බුදු සරණයි. .. පරිස්සමට ගෙදර එන්න. ......."
අංකල්ගෙ කෝල් එකටත් ආන්ස්වර් කරපු මං පෝන් එක කනේ ගහගත්ත .... තාත්තයි පුතයි දෙන්නම එකයි... . බැල්කනි හොරා වගේම අංකලුත් මගෙන් කෑම කෑවද අහද්දී මම ඒකට නෑ කීව. .. අවසානෙට බැල්කනි හොරා වගේම අංකලුත් මට පරිස්සමට ගෙදර එන්න කීව වෙනකොට මම කා එක දිහාවට ඇවිදන් ගියා......
හිත නිදහස් වෙන්න තැන් දෙකතුනකම ඇවිද්ද මම අන්තිමට ගෙදර ඇවිත් නතර වුනේ හයට විතර .....මුලින්ම අංකල් හම්බවෙන්න හිතන් එයාගෙ කාමරේ ලගට ගිය මම
දොර ලග නැවතුනෙ ඇතුලෙන් ආව කතා බහට ......
"මේ අහන්න සුරේ ඔයා දන්නවනෙ අජිතුයි උමේධායි දෙන්නම නැතිවුනේ කා ඇක්සිඩන්ට් එකකින් නෙමේ කියල .... ඒක සීයට සීයක්ම හිතල කරවල තියෙන ඇක්සිඩන්ට් එකක් .... තනිකරම මර්ඩර් කේස් එකක් . .... පොඩ්ඩක් හිතන්න ... දැන් ඒ දෙන්නම නැතිවෙල අවුරුදු කීයක් ගියාද ඒත් තවමත් ඒක නෝමල් ඇක්සිඩන්ට් එකක් විදියට තියෙනව කියන්නෙත් ඇත්ත කාටවත්ම දැන ගන්න බැරිවෙන්න යටගහන්න පුලුවන් කියන්නෙත් ඕක කරවපු මනුස්සයා සාමාන්‍ය කෙනෙක් නෙමේ කියන එක නේද...... හොද වෙලාවට මේ මොකුත් අර දරැව නොදන්නෙ ... නැත්තන් ඒ ලමයා... අනේ මන්දා මොනව කරයිද කියල......."
" ඒක ඇත්ත මාලිනී..... මැණිකේ අම්ම උනත් මගෙන් ඒ ගැන ඔය දරැවට නොකියන්න පොරොන්දු කර ගත්තෙ මොකක් හරි ලොකු හේතුවකටනෙ..... ඒක නෙමේ තාම මේ දරැව ගෙදර ආවෙ නෑනෙ ..... ඉන්නකො මම කෝල් කරල බලන්න. ...... කොහොමත් අපි යන්න කලින් අපෙ කොල්ලට කියල යමු අනුහස් පුතා ආවොත් බලාගන්න කියල.... ....."
මො... මොනවද මේ කියන්නේ ඒක වෙන්න බෑ.... බෑ...... කොහොමද එහෙම. ....... ආපහු හැරිල මම කාමරේට දිවවුනෙ ඉබේටම වෙද්දී ඒ ඇහුන හැමදෙයක්ම මට ආයෙමත් මතක් වෙන්න ගත්ත. ..... කොහොමද එහෙම වුනේ ..... කොහො...මද.........
මට මං ගැනම ආව කේන්තියට කාමරේ තිබුනු හැම බඩුවක් කුඩුවෙලා විසිවෙලා යද්දී බැල්කනි එකට ආව මං හිරකරන් හිටිය දුකට කෑ ගැහුව වෙනකොට මගෙ අම්ම අප්පච්චි මගෙන් වෙන්කරපු උන්ට හෙණ ඉල්ලුව....
***********************************
😊ඔන්න ඕතරිය ටිකක් දිග චැපියක් දැම්මෝ........
😀 ලගදිම තව අලුත් කතාවක් ලියන්න යන්නේ. ..... ඒකෙනුත් හම්බවෙමූ .... තාම ඒකෙ හැදින්වීමවත් දැම්මේ නැතෝ........