BREATH OF LIFE (Complete)

By DEESHAPONNAMPERUMAGE

601K 112K 50.7K

කවුරුත් නැතිව උඹම උඹේ හිත සනස ගත් දවසට ඒහිත ඒ හේතුවටම කිසිදින නැවත නොවැටෙනු ඇත.........!! More

01වන කොටස........
02වන කොටස...
03 වෙනි කොටස.......
04වන කොටස.....
05වන කොටස.....(bonus )
06වන කොටස....
07වෙනි කොටස...
08වන කොටස....
09වන කොටස...
10වන කොටස.....
11වන කොටස.....
12 වන කොටස....
13වන කොටස....
14වන කොටස...
15වන කොටස...
16වන කොටස...
17වන කොටස....
18වන කොටස....
19 වන කොටස....
20වන කොටස.....
thank you note😘😘
21වන කොටස.....
AUTHOR NOTE...
23 වන කොටස..
24වන කොටස....(bonus )
25වන කොටස...
26වන කොටස.....
27වන කොටස...
28වන කොටස.....
29වන කොටස....
30 වන කොටස....
31 වන කොටස....
32වන කොටස....
33වන කොටස...
34වන කොටස...
35වන කොටස....
36වන කොටස.....
37වන කොටස...
38 වන කොටස...
39වන කොටස.....
40වන කොටස...
41වන කොටස..
42වන කොටස...
43වන කොටස...
44වන කොටස...
45වන කොටස....
46වන කොටස...
47 වන කොටස...
48වන කොටස....
49 වන කොටස......
50වන කොටස...
51වන කොටස...
52වන කොටස...
53 වන කොටස..
54 වන කොටස....
55වන කොටස...
56වන කොටස...
57වන කොටස...
58වන කොටස..
59 වන කොටස...
60වන කොටස..
61 වන කොටස...
62 වන කොටස...
63වන කොටස.....
64වන කොටස...
65වන කොටස...
66 වන කොටස....
67වන කොටස....
68වන කොටස.....
69වෙනි කොටස...
70වන කොටස....
71වන කොටස....
72වන කොටස...
73වන කොටස..
74 වන කොටස.....
75වන කොටස.....
76වන කොටස....
77වන කොටස....
78වන කොටස....
79වන කොටස...
80 වන කොටස....
81වන කොටස...
82 වනකොටස
83වන කොටස...
84වන කොටස....
85වන කොටස....
86වන කොටස....
87වන කොටස..
88 වන කොටස..
89වන කොටස...
90 වන කොටස...
91වන කොටස...
92 වන කොටස..
93 වන කොටස...
94 වන කොටස....
95වන කොටස..
96වන කොටස....
97වන කොටස...
98වන කොටස...
99වන කොටස.....
100 වන කොටස.
101 වන කොටස...
102වන කොටස...
103 වන කොටස....
104වන කොටස...
105වන කොටස...
106 වන කොටස..
107වන කොටස...
108 වන කොටස...
109වන කොටස .....
110 වන කොටස..
111 වන කොටස....
112වන කොටස....
113 වන කොටස..
114වන කොටස...
115 වන කොටස....
117.............!!!
Thank you note❤️😘

116 වන කොටස..

5.7K 853 277
By DEESHAPONNAMPERUMAGE

මම බිනරිගෙ දරුවා දිහා බලන් උන්නා......චුටි අතපය ....ඇබිත්තන් ඇගිලි අකුලන් කොල්ලා නිදාගන උන්නා.....චූටි මැනිකක්.......බිනරි ගාව අම්මා ඉන්නකොට කාවයියා මොන මොනවදෝ කිය කිය ඒකිට මොනවා හරි රස්නෙන් පෙව්වා ..........

මගෙ විතේන්ගෙ උකුලෙ ඉදන් උන්න කොල්ලා නිදි මතට ඇස් දෙක පොඩ් කර කර ඈනුම් අරිනවා...මං බිනරි දිහා බැලුවා...ලමයා දිහා බැලුවා......ඒකි ස්ටෙෆාන් වලු මැරි කෙරුවෙ........ස්ටෙෆාන් කියන්නෙ අම්මගෙ පුතෙක්.........එතකොට ඒකිට ඇයි බැරි උනේ මං අසරන වෙලා උන්න වෙලේ සුදු අයියෙ මෙන්න මෙහෙමයි මෙන්න මෙහෙමයි කියලා වචනෙකින් වත් උදව් කරන්න.......

මං මගෙ විතේන් දිහා බැලුවා එයාගෙ තාතතා හරි අම්මා හරි කියලා තිබුනා නම් මට වත් මගෙ අප්පච්චිටවත් එයාලා ගැන කියන්න එපා කියලා ......

ඒත් මම අයියා ....ඒකිව පන්නන් ඇවිත් හැම කුනටම කර ගැහුවෙ මම...මට කියන්න තිබුනා .....

මම ඒකි දිහා බලන් උන්නා.....

එගොඩින් මෙගොඩට ගියාට පස්සෙ ඒදන්ඩට පයින් ගහනවා නම්.......

කමක් නෑ.....මම ඒකිගෙ ජීවිතේ එහෙම හරි බේරුවා ....නැත්තන් ඒකිට වෙන්නෙත් පොඩීලට උන දේ තමා....ඒකිට අද ඒ දේවල් අමතක ඇති....අමතකයි කියන්න බෑ...මොකද ඒකි මැරිලා ඉපදුන්නෑ.....හෙනගහලත් හුස්ම ගන්න මටම මතක නම්.......

කමක් නෑ.....මිනිස්සු වෙනස් වෙන හැටි මිනිස්සු මග අරින හැටි........මෙ හැම දේම මම මිගෙ උන්ගෙම්ම දැනගත්තා .....

විතේන් ඔයා බලලා එන්න මම ලමයව අරන් පහලට යන්නම්....

ඔයා යන්නෙ නැද්ද එයා ගාවට...

ම්ම්ම්...නෑ.......මං යන්නෙ නෑ...

ඇයි සුදු මහත්තයා ඒ ...ඒ නංගිනෙ...පව්නෙ.........එයාට එයාගෙයි කියන්න ඉන්නෙ ඔයයි අප්පච්චි විතරයි තේශී....

ම්න්....ඒක ඇත්ත....හැබැයි මටත් කාලයක් තිබුනා මගෙයි කියන්න කිසිම කෙනෙක් නොයිදපු........මට සහෝදර කැක්කුම තිබුනට....එයාට නැත්තන්......මටඑතනින් එහා දෙයක් එපා මැනිකෙ...මට බිනරී මගෙ නංගි කියලා කියවෙන්නෙ ඉබේටම උනාට...ඒකි සුදු අයියෙ කියලා කතා කරන්නෙ හිතලා නම්......එතන ඇති බැදීමක් නෑ.......ඔයා එයා එක්ක කතා කරලා එන්න....මම ලමයා එක්ක පහල ඉන්නම්....

මම බිනරි දිහා බැලුවා....ඇයි උඹ මට උදව් නොකලේ කියලා වත් අහන්න උවමනාවක් නෑ.....මම එයාගෙ අතේ උන්න ලමයව අරගන එන්න හැරුනා ...

සුදු පුතා.....

බිනරි උන්න කාමරෙන් එලියට ඇවිත් අඩි දෙකතුනක් වත් යන්න හම්බුන් නෑ තාත්තා මට කතා කෙරුවා ....

තාත්තා .....

කොහෙද යන්නෙ...

එලියට යනවා..ලමයට නිදි මතෙ ඉන්නෙ...අප්පච්චි එක්ක විතේන් ඉන්නවා.....ඇරත් එතන කට්ටිය ඉන්නවනෙ ......

තාත්තා මගෙන් අහනවා ඇයි යන්නෙ කියලා...ඇත්තටම යන්න හේතුව මට බිනරි දිහා බලන් ඉන්න හිතුන් නැති එක වෙනකොට මම ලමයව පාවා දුන්නා .....

නිතේශ් ....

එපා තාත්තා ...තාත්තා කියන්න හදන්නෙ....තාත්තලගෙ කීමටයි බිනරි මට කතා නොකලේ....විතේන්ට මොකක් හරි වෙයි කියලා බයටයි එහෙම කලේ කියලා ..ඒ වචන ටික ඉතුරු කරගන්න තාත්තා .....තාත්තා ඔයා අද සුදු මහත්තයා ගගා මගෙ අප්පච්චි ගාව හුරතල් උනාට....අප්පච්චි ගාව ආදරෙන් උන්නට...කාලයක් තිබුනා අප්පච්චිට හයියක් ඕන වෙච්ච ...මට කාලයක් තිබුනා මගෙ විතෙන්ව ඕන වෙච්ච .......අපි දෙන්නම අද හිනා වෙලා උන්නට කාලයක් තිබුනා අපිට අපිව නැතිවෙච්ච ...එහෙම එකේ තාත්තා හදන්නෙ බිනරිව සාදාරනී කරනය කරන්න නම්.....ඒ වචන තියා ගන්න මගෙ කොල්ලව නලවන්න....ඒ ගැන කතා කරන්න එපා ....අනික ඔය මට කියන්න යන ටික මගෙ අප්පච්චි ට කියන්නත් එපා ඒ මනුස්සයගෙ හිත රිදේවි....මොකද.....හොදටම හිතලා බැලුවොත් ඔයාලගෙ පැත්තෙන් දරු කැක්කුම ඉස්සරහට දැම්මට මගෙ පැත්තෙන් ඔයාලා ආත්මාර්තකාමී උනා වගේ දෙයක් දැනෙන්නෙ තාත්තා ...ප්ලිස්...මේකතාව ඇති....

නිතේශ්.....නිතේ...ශ්.....

මම එන්න ආවා....ලමයව එක අතකින් අනිත් අතට මාරු කරන ගමන් මම පහලට එන්න ආවා.....

අප්පච්චිගෙ පැටියා දොයියන්න පුතෙ ..

මම ලමයාව උරහිස උඩ තියාගන නිදි කෙරෙව්වා ..පුංචි එකා සැරින් සැරේම ගැස්සෙනකොට මම හිමින් තට්ටු කර කරඑහා මෙහා ඇවිද්දා.....

නිතේශයා......

නින්දයාගන එන ලමයව මම උරහිසෙන් අරන් හරහට අරන් නලවනකොට මෙච්චර වෙලාම උඩ උන්න ශෙනෝන් වගේම ගඩාපි පැටියා පහලට ආවා...

.නිතේස් අයියේ අපේ චූටි පුතා දොයිද.....කෝ දෙන්න අනේ කොල්ලව.....

ඇගිල්ලකුත් උරවන ගමන් නින්ද ගිහින් උන්න කොල්ලව ගඩාපි පැටියා ගන්නකොට ශෙනෝන් මා දිහා බලන් ඉදලා උරහිසට තට්ටුවක් දැම්මා........

උඹලා යමල්ලා.......හෙට උඹට යන්න තියනවනේ ..මාත් හෙට වැඩට යන්න ඕනා.....අනිද්දට කොල්ලගෙ එක.....ඉන් අනිද්දට ..............

මම ඉන් අනිද්දට කියලා අහස දිහා බැලුවා.. .මගෙ මූනට හිනාවක් මතු උනා ..අහස පුරාවටම තරු පායලා තිබුනා පායපු තරු මාත් එක්ක හිනා උනා.....පායපු හද මං එක්ක හිනා උනා ....මං ඒ දවස එනකන් බලන් උන්නා.....එයා මගෙයි මගෙයි කියන්න හිත කිව්වා උනත්. ..කොලයක අස්සන් කරලා සදහටම එයා මගෙයි කියලා මුලු ලෝකෙටම පෙන්නන්න මට සාක්කියක් ඕනා උනා..... ...මම අහස දිහා බලාගන ඉන්නකොට මට දැනුනා ශෙනෝන් මගෙ උරහිස උඩට අත තියනවා...මං ඒ එක්කම හැරිලා බැලුවා....

උඹ බලන් උන්නේ ඒ දවස එන්කන් නේද ...

ම්ම්ම්......ඒ දවස එනකන් මං බලන් උන්නා.....ඒක හරියටම හීනයක් වගේ ශෙනෝන්......ඇහැරුනොත් හැම දේම නැති වෙයි කියලා හිත බය වෙන හීනයක් වගේ . .

ඒක හීනයක් නෙවෙ බන්....තව දුරටත් ඒක හීනයක් නෙවෙ ...... කියවන්න බැහැයි කියලා මිනිස්සු ලේබල් කරපු පොතක් උඹ අවසානෙදි කියවලා ඉවර කෙරුවා නිතේශයා....

බලන්න හිතෙන් නැහැයි කියලා මඩ ගහපු ෆිල්ම් එකක් උඹ අවසානෙදි බලලා ඉවර කෙරුවා ....

අහසෙ පායන දේදුන්නට ආදරේ කරන මිනිස්සු දේදුන්නෙ පාටට ආදරේ කරන මිනිස්සුන්ට ආදරේ නොකරන ලෝකෙක.. උඹ දේදුන්නකට ආදරේ කෙරුවා ......දේදුන්නා .....උඹ අවසානෙදි ඌට ආදරේ කෙරුවා නිතේශයා..........හිනාවෙන කැවුමකින් පටන් ගත්තු පලහිලව්ව දරුවෙක් එක්කම කසාදෙකින් ඉවර වෙනකොට ....අවංකවම උඹට වඩා මට සන්තෝසයි නිතේශයා..........උඹලා හුගක් දුර ආවා......හැබැයි තව හුගක් දුර යන්නත් තියනවා ......කියවන්න අමාරු හැම පිටුවක්ම අමාරුවෙන් හරු කියවපන් ...උඹ කියවන්න අමාරුයි කියලා අතෑරපු පිටුවෙ වෙන්න පුලුවන් හොදම දේවල් තියෙන්නෙ ......උඹ අමාරු පිටුව අතෑරලා අනිත් පිටුව කියවල මීට කලින් එකෙ මෙහෙම වෙන්න ඇතියි කියලා හිත රවට්ටගන්න නිගම වලට එන්න හදන්න එපා නිතේශයා.. මොකද ..අමාරු තැන් තමයි හැමදාම ජීව්තේට ලොකුම මතක වගෙම ලොකුම පාඩම් උගන්නන්නෙ...... ..ඒක හින්දා කවදාවත් අමාරුයි...අමාරුයි කියලා කවදාවත් අතාරින්න එපා බන්......පොත ගත්තා නම් ...කතාව ඉවර කරලම පොත වහපන්....

මට හිනා ගියා හිනා වෙන කැවුම මතක් වෙලා....අවංකවම මම එයාට හිනා වෙන කැවුමක් කියල මල ජරාවක් යවල තිබ්බා .......මගෙ අහංකාර මිස්ටර් විතේන් ......එයා එක්ක මම හුගක් දුර ඇවිත් තිබුනා....ඒ වගේම තව හුගක් දුර යන්නත් තියනවා....ඒක ඇත්ත ..ඌ කියපු කතාව සම්පුර්ණයෙන්ම ඇත්ත.......අමාරුයි අමාරුයි කියලා මම සමහර පිටු මගෑරියා නම්...මට අදරේ ගැන....ජිවිතේ ගැන...හැගීම් ගැන...බැදීම් ගැන මේ තරම් දෙයක් නොදැනෙන්න තිබුනා.............

නිතේස් අයියේ ......මේ ලමයව ගන්න ඒයි........නින්ද ගියා .. .

මම කල්පනා කර කර උන්නා..මුල ඉදන් ගත්තොතින් පොතක් ලියන්න තරම් මතක එකතු වෙලා තියනකොට මම එකින් එක මතක ගැන හිත හිත ඉන්නකොට ලමයව නිදිකරවන්න කියලා අරන් ගියපු ගඩාපියා මට මගෙ කොල්ලව අතට ගෙනත් දෙනකොට මම අත් දෙකෙම්ම අරගන තුරුල් කරගත්තා වගේම ඒ ටිකකිම්ම බිනරි ගාව උන්න අය එකා දෙන්නා එලියට ආවා.....

සුදු මහත්තයා

ඉවර නම් යමුද මැනිකෙ මට හෙට වැඩට යන්න ඕනා....මොනවා කරන්නද කරන්න ඉගන ගත්තෙ එක දෙයක් මෙහෙට ඇවිත් කරන්න උනේ එක දෙයක් එහෙමයි කියලා මට දැන් හිතෙන හිතෙන වෙලාවට ගෙදර නවතින්න බෑ විතේන් ...මට උඹ ඉන්නවා...ලමයෙක් ඉන්නවා....අහසින් කඩන් පාත් වෙන්නෙ නෑනෙ......

මම මගෙ අතෙ උන්න ලමයව විතේන්ගෙ අතට මාරු කරලා අප්පච්චි ඩ්දිහා බැලුව...මට තව දුරටත් අප්පච්චිගෙන් ඉල්ලන්න බෑ....එයාට කියලා ජීවිතයක් තියනවා...දැන් වත් ඒ මනුස්සයට සතුටක් දෙන්න ඕනා........

ශෙනොනයා හෙට එහෙනම් අම්මා එක්ක යමන්..මං එන්නෙ නෑ.....හරි ..ඒක කර ගනින්......

මම කාර් එකට නගින්න ගිහිනුත් ආයම හැරිලා ඇවිත් ශෙනෝන්ට තට්‍ටුවක් දාලා ඇවිත් කාර් එකෙන් ඉදගත්තා .....

හෙටින් පස්සෙ තියෙන්නෙ අපේ ජීවිතෙ වැදගත්ම දවස්.......

තේශී....

ම්ම්ම්....

වැඩට අරන් යන්නෙ මොනවද....

ඔයාට ලේසි දෙයක් හදලා දෙන්න විතේන් ලන්කාවෙ වගේ බත්මුල් දිගෑරන් හැට පැයක් ගිලින්න බෑ....ඒක නිසා ඔයාට ලේසි දෙයක් එහෙමයි කියලා හැට පැයක් අරන් උයන්න එපාමැනිකෙ විනාඩි පහට දහයට උයන්න පුලුවන් දෙයක්....වැඩියෙන් එපා ඔයා දන්නවනෙමන් කන තරම

එයා මගෙන් හෙට වැඩට අරන් යන දේවල් අහ අහ පස්සෙන් එනකොට මම එයාගෙ ඇදුම් ගොඩෙන් ඇදුමක් හෙව්වා හෙට වැඩට ඇදන් යන්න...

තේශී....

ම්ම්ම්....

හෙට නොයා ඉන්න බැරිද නිතේශ් ....හෙට අනිද්දා ඉන් අනිද්දා .....

ඇදුමක් හොය හොය උන්න මං ගාවට ආව එයා මාව පිටිපස්සෙන් තුරුල් කරන් හෙට නොයා ඉන්න බැරිද ඇහුවා ......ඇත්තටම මාත් ආසයි ....මමත් ආසයි මගෙ ලමයා එක්ක එයා එක්ක ඉන්න..ඒත්.....මම දැන් සාමාන්‍ය මනුස්සයෙක්.....ඉස්සර සල්ලි කියන දේ ඕනාවටත් වඩා අතගාපු මට අද මාසෙ පඩිය වෙනුවෙන් නහින්න වෙලා තිබුනා ....ඕන රෑක ඕන තැනක යන්න කාර් බාර් තිබ්බ මට අද බස් වල කෝච්චි වල ට්‍රෑම් වල යන්න වෙලා තිබුනා....

ජීවිතේ කියන්නෙ ඔන්න ඕකට.....

හිතන්න බැරි තැන්වලදි බිදුවෙ ඉදන් ඉහලට යන්නත් .....ඉහලම තැන ඉදන් බින්දුවට වැටෙන්නත් පුලුවන්

මම එයාගෙ පැත්තට හැරුනා.......ඒ ඇස් කිව්වෙම මට ඉන්න කියලා උනත්....මට එයාගෙ හිත කඩන්න සිද්ද උනා....මම ඒ අත් දෙක මගෙ ගොරෝසු අත් දෙකෙන් අල්ල ගත්තා ....

මගෙ විතේන්......මගෙ ලමයගෙ අප්පච්චි .....කම්පැනි එකක ලොකු ලොක්කෙක් උනා නම් මට ඉන්න තිබුනා...මම ceo කෙනෙක් උනා නම්...මට ඉන්න තිබ්බා...මටක කියල කම්පැනියක් තිබ්බා නම්...මට ඉන්න තිබ්බා.....

මගෙ කොල්ලගෙ අප්පච්චි පෝසත් මිනිහෙන් නෙවෙ මගෙ විතේන් ....කාලයක් තිබුනා උඹ ඉල්ලන්නෙ මොනවද මට දෙපාරක් නොහිතා ලේබල් එක නොබලා අරන් දෙන්න පුලුවන් උන....ඒත්....උඹ දන්නවා මැනිකෙ මට දැන් බඩුවක් ගන්න ගියහම ලේබල් එක බලන්න වෙනවා......

විතේන් උඹට මගෙ අත් අල්ලපුවම තේරෙනවා.....කතුරක් පනාවක්......බ්‍රශ් එකක් අල්ලපු අතට දැන් යකඩ යතුර අල්ලන්න වෙලා තියෙන්නෙ මජන් නාගන කාර් අස්සෙ රිංගන්න තියෙන්නෙ...උඹ හිතුවෙත් නෑ මං හිතුවෙත් නෑ මේ දේවල්......මේ විදිහට වෙයි කියලා ....ඒකට සම්පූරනම වැරදි මම මගෙ විතේන්...මගෙ පවුලෙ මිනිස්සු .....

මගෙ අම්මා අත්තම්මලා....ඒ මිනිස්සු හින්දයි විතේන් මම කබලෙන් ලිපට වැටුනෙ.....මට අප්පච්චිට බනින්න බෑ...මට ...ඒ මනුස්සයා දෙන්න පුලුවන් උපරිම දේවල් දුන්නා...

විතේන් මට අම්මට අප්පච්චිට දෙන්නටම උන්නෙ අප්පච්චි ...මට කවදාවත් අප්පච්චිට බනින්න බෑ විතේන් මට අරක දුන්නෙ නෑ මේක දුන්නෙ නෑ කියලා ...මගෙ අප්පච්චිට නෙවෙ මේ ලෝකෙ කිසිම දරුවෙක් අම්මා තාත්තට චෝදනා කරන එක වැරදි විතේන් ....මොකද ඒ මිනිස්සු දෙන්නෙ තමන්ට පුලුවන් විදිහට ....තම ගාව තියන හොදම දේ මගෙ විතේන් .....එහෙම එකෙ මට දැන් මගෙ අප්පච්චිට වචනයක් වත් කියන්න බෑ......

මමත් ආසයි උඹ එක්ක....ලමයා එක්ක හිනා වෙවි ඉන්න...මට උඹ ගාව ඉන්න පුලුවන් කාලයක් තිබුනා මැනිකෙ..මං ඒ කාලේ උඹ ගාව උන්නා...ඒත්...දැන් හැම දේම වෙනස්....උඹම බලපන් මගෙ විතෙන් මෙ අත් දෙක අල්ලලා...ඉස්සර තිබුන සුදු අප්පොගෙ අත් දෙක දැන් ගල් වලේ ගල් බන්ඩා වෙලා වගේ .......

දැන් ජීවිතේ හුගක් බරයි මගෙ විතේන්...උඹම දකිනවා මැනිකෙ එලියට ගියහම ඕන තරම් පාර්ට් ටයිම් තියනවා පැයට ඩොලර් පහයි........නැත්තම් දහයයි....පැයට දහයක් දෙන තැන කොච්චර මැරෙන්න ඕනෙද උඹ දන්නවා......එක පැයක් මැරිලා මැරිලා පැයට ඩොලර් පහක් ගන්නවා....

විතේන් ඩොලර් පහක් හොයන්න පැයක් මැරුනට...ඩොලර් පහක් වියදම් කරන්න පැයක් වත් යන් නෑ මගෙ විතේන් .......

මම එයාගෙ ඔලුව අත ගානකොට එයා දුකෙන් වගේ අහන් උන්නා....අපිට තිබුන හැම සබ්බ සකල මනාවම නැති උනා......මෙහෙට එන්න අපිට තිබුන හැම තඹ සතේම නැති උනා.....ඉස්සර ලේබල් එකක් නොබලා ගත්තු හැම දේම මට අද ලේබල් එක දිහා බලලා ගන්න වෙන තැනට වෙනකන් මම වැටිලා තිබුනා.......

අසනීප උන එයාට හැම දේම නැති උනා......පෝසත්තු දුප්පත් මිනිස්සු වෙන්න යන්නෙ තත්පර ගානයි....... මිනිස්සු හිත ඉන්නවට වඩා ජීවිතේ හරිබරයි ...වියදම් කරන රුපියලක් ආපිට උපයන්න කොයි තරම් අමාරුද දන්නෙ ඒක හම්බ කරන්න දාඩිය හලන මනුස්සයා ....

මං හිතන්නෙ නෑ මේ ලෝකෙ සීයට සීයක් ජීවිතෙ කොයි තරම් බරද කියලා හැමෝම දන්නවා ඇතියි කියලා ....මට උනත් ලමා කාලයක් නොතිබුනා උනත් අවුරුදු දහ අට පනින කම් මගෙ උරහිස් වලට හුස්ම හරි බරයි කියලා කවදාවත් දැනුන් නෑ....ගෙදරින් දෙන බත් පත ගිලලා ඵෝන් එකෙ උඩ පහලට ගියා මිසක් මට මගෙ අප්පච්චි ඵෝන් එක එකට කාර්ඩ් එකක් දාගන්න දෙන සල්ලි අස්සෙ අප්පච්චි ගෙ දාඩිය කොයිතරම් තියානවද කියන එක දැනුන් නෑ...

රුපියල් සීයක් දෙසීයක ඩේටා කාර්ඩ් එකක් අස්සෙ අප්පච්චිගෙ මහන්සිය කොයි තරම් තියනවද මට දැනුන් නෑ.....රුපියල් සීයක් වියදම් කරන්න ලේසි උනාට.....රුපියල් සීයක් හම්බ කරන්න හරි අමාරුයි කියලා මම දහ අට පැනලා හරි වයස එනකන් දැනන් උන්නෙ නෑ......

අවංකවම කියන්නෙ ජීවිතේ හරි බරයි ...

ගන්න හුස්ම හරි බරයි ...

අතට ගන්න බත් පත අස්සෙ තිබුනෙ රත්තරන් අප්පච්චිගෙ මහන්සිය විතරමයි.......

දුක් වෙන්න එපා මගෙ මැනිකේ....මං දන්නවා.....උඹ මට ඉන්නවා....උඹ මගෙ හයියට ඉන්නවා.....උඹයි මායි ආයම හිටපු නිතේශ් විතේන්ම වේවි ....මෙච්චර දේවල් වෙලත් අපි දෙන්නා අද හුස්ම ගන්නවා නම්......මේ ටික කාලෙත් ඉවසමු.....කවදා හරි නේ හැම දේම හරි යාවි.....

මම එයාගෙ කදුලු පිරුන ඇස් ඉක්මනට පිහ දැම්මා...මට බය හිතුනා ඒ ඇස් වලින් කදුලු වැටේවි කියලා .....ඇත්ත....මට ගැහුවෙ නැත්තෙ හෙන විතරක් වෙනකොට මම ඒ හැම දේමත් ඉවසුවා දරාගත්තා නම්....මේ තත්වෙන් කවදා හරි ගොඩ යනකන් අපිට බැරි කමක් නෑ...දැන් අපිට ජීවත් වෙනන් හේතුවක් තියනවා අතාරින්න හිතෙන හැම වේලේම මතක් කරගන්න පොඩි මූනක් තියනවා.....ඉතින් එතනින් එහා මොනවද .........

අපිව ජීවත් කරවන්නෙ කවදා හරි දවසක මේ හැම දේම හරි යයි කියන දවස නේද තේශි......මොන දෙ උනත්..."කවදා හරි" හැම දේම හරියයි කියලා අපිට හිත හදාගන්න හයිය දෙන්නෙ අර කවදා හරි කියන දවස නේද තේශි.....මන් උඹ එක්ක ඉන්නවා මගෙ නිතේශ් ....ආයමත් පරන නිතේශ් විතේන් වෙන්න මම උඹ එක්ක ඉන්නවා මගෙ සුදු මහත්තයා .......අපේ හීනවලට යනකන් මම උඹ එක්ක ඉන්නවා....

එයා මගෙ මූන කම්මුල් ඒ අත් දෙකෙන් අතගෑව....එයා කියනවා එයා ඉන්නවලු ..........හැම දේම හරි ගිහින් .....ආයමත් අපේ හීනවලට යනකන් එයා මගෙ ගාව ඉන්නවා කියලා මා දිහා බලලා හිනා වෙනකොට තොටිල්ලෙ උන්න පුංචි එකා කෙදිරි ගෑවා...හරියටම අපි දෙන්නගෙම හීනවලට යන්න එකම හේතුව එයා කියන්න වගේ...

සෙවනැල්ලත් මඟ හැර යන
අදුරේදිත් මා ගවින් රැදී...
නුඹ හිටියද හැම සංසාරේ
මේ වාගෙ මගෙ ලඟටම වී....
ඔබ හින්ද මං ගැයු පෙම් වදන්
දෝරේ ගලා ගියා....දැන්
නුඹෙන් මං
විදිමි හැගුමන් මා හද නිවාලනා
දවසක් ඒවි අපිත් අපෙ හීන වලට යාවී..
ඒ හැම මොහොතෙ ලගින්
නුඹ හිටියොතින් ඇතී......

මන් ආදරෙයි සුදු අප්පො.....

මගෙ අත උඩ ඔලුව තියාගන උන්න එයා නින්ද යන්න ඔන්න මෙන්න තියලා මං ආදරෙයි සුදු අප්පො කියන ගමන් මට තුරුලු වෙනවා එක්කම මට නින්ද ගියා .....






තේශී......

ම්ම්ම්

සුදු අප්පො නැගිටින්න.....

ම්ම්ම්හ්හ්..

සුදු පුතා අප්පච්චිට නැගිටින්න කියන්න.....කෝ අප්පච්චියට නැගිටින්න කියන්න.....

මට නින්ද ගියා ...වෙනදට ඔලුව තියන්න බැරි තරමට කදුලු වලින් පෙගෙන කොට්ටෙ අද තෙත් ගතියට අහු නොවෙනකොට එයාගෙ කටහඩ...ඇස් අරින්නත් කලින් එයාගෙන් හම්බුන හාදුව වගේම චූටි අතක ඇගිලි මගෙ කම්මුල් වලට ගහනකොට මං ඇස් ඇරියා .........

හිච්චි දිසානායක......woo to the young to the woo.....!! Go to the geu to the rami....haa......!!!! කෝ ඉතින් .....අප්පච්චිව දැක්කම කියන්න ඕනා......සුදු මහත්තයා .......අප්පච්චිගෙ සුදු මහත්තයා .......අයිගෝ.........ඒ කොල්ලට කතා කරන්න බෑ....

ඉරටත් කලින් නැගිටන් උන්න කොල්ලා මගෙ මූනට අත් වලින් ගහනකොට මම එයාව එක අතකින් මගෙ ලගට අරන් ඒ චූටි අතට හාදුවක් තිබ්බා ..එයා මගෙ දිහා බැලුවා...මේසෙ උඩ තිබුන කිරි වීදුරුවෙන් තවමත් දුම් රැල්ලක් යනකොට මම ලමයව අරගන මගෙ ඇග උඩින් තියාගත්තා ....එක එක විකාර ගොඩාක් මම පුංචි එකාට කරනකොට ඒකා හිනා උනා හූ තියලම......යන්තන් මතු උන දත් දෙක පොඩි ලේන් පැටියෙක් ව මතක් කරනකොට මම ඒකගෙ යටි පතුල් කිති කැව්වා......

සුදු මහත්තයා වෙලා යන් නැද්ද හතයි කාලට නේද බස් එක.....

ම්ම්ම්ම්හ්...ලෝබයි අප්පා.....ඇත්තටම රස්සාවක් නොකර ජීවත් වෙන්නම බැරිද මැනිකේ.........

මම මගෙ ඇග උඩ ඉදන් කට දිහා බලන් ඉන්න කොල්ලව තුරුල් කරන් යන්න කෙදිරි ගෑවා.....ඇත්තටම එයාලව දාලා යන්න ලෝබයි ........උදේ ගියහම ආයා එන්නෙ රෑට රෑවෙලා ...පැය කීයක් නම් මට ලමයව මග ඇරෙනවද......අනේ එයා මගෙ ඇස් වලට හොරෙන් චුට්ට චුට්ට ලොකු වෙනකොට ගෙදරින් පිට ඉන්න පැය ගානට මට එයාව කොච්චර මගෑරෙනවද. .......

මගෙ ඇග උඩ ඉදන් ඉන්න එයාවත් වඩාගනම මම් බාතෲම් එකට ගිහින් කට හෝදන් ඇවිත් කොල්ලව වඩාගනම කිරි එක බොනකොට මගෙ විතේන් කෑම එක බෑග් එකට දාලා ඇදගන යන ඇදුම ලෑස්ති කෙරුවා ...පොඩි එකාගෙ ඇස් දෙක තිබුනෙම මගෙ කට ගාවට වෙනකොට එයා මොනවා හරි කියන්න කට හදන ගමං උන්නා

අප්පච්චි ගෙ සුදු පුතා...ඕ......මොන්වා කියන්නද ඔය චූචි කච උල් කරන් ඉන්නෙ. .ඈ.........අවජානෙ ගන්න අඩන්නද හදන්නෙ......ඈ...ඈ....අවදානෙ ඉල්ලලා අඩන්න නේද හදන්නෙ ...........ආ කොල්ලො.....නිහාරයෝ..............අවදානෙ ඉල්ලල අඩන්න නේද කට හදන්නෙ......

මම දුම් දාන කෝප්පෙට කටින් පිඹ පිඹ අවදානෙ නේද ඉල්ලන්නෙ ගගා කොල්ලව හොලවනකොට ඒකා ඇහි බැම රැලි කරගත්තා හරියටම මගෙ විතේනයා වගේ.......හරියටම වදක මාමන්ඩියා වගේ ...
කොල්ලා හුස්මත් අල්ලන් මා දිහා බලන් ඉදලා ඉදලා එක පාරම කට ඈරියා මගෙ කටේ තිබුන කිරි උගුර එලියට ආවා......

කා....ය.....යි...

මොක....ක්...කැහ්...කැහ්...කායයි......මොකක්ද සුදු මහත්යා....

යා.....කා.....ය......

අනෙ කොල්ලො.....මැනිකෙ ඇහුනද.....ඇහුනද විතේනයො ..මෙ කොල්ලා මට කාවයියා කිව්වා......අනේ කොල්ලො අප්පච්චි අප්පච්චි කියන්න.....ඉක්කෙ...අප්පච්චි ට කාවයියා කියනවද....ආ.........කාවයිය උඹලගෙ මාමා.....කෝ අප්පච්චි කියන්න...මගෙ පුතා....

කා......ය...යි....යයි...ය....යි...යා.....

යෝ.....තේශී.........උඹම නේද ලමය ලව්වා අරූට කාවයියා කියවන්න ඉගැන්නුවෙ.........දැන් ඉතින් අපි දන්නෙ නෑ.....

සුදු මහත්තයා ....අඩේ...කොල්ලො...අප්පච්චි අප්පච්චි කියපන් පුතේ..කෝ..ප...ප්...ප....ච්.....

කා......ය....යි....

යෝ....නෑ බොල ඇටයෝ....ප...ප්...කෝ කියන්න ප...ප්...ප....ච්....චී...අප්පච්චි ගෙ රත්තරන් ...කෝ.....පප්...ප....

ප....ප්...කා....ය...යි

අනේ මැනිකේ.......අප්පච්චි නෙ රත්තරන් ...... අප්පච්චි කියන්න මැනිකේ.......

දැන් ඉතින් ඔය කොල්ලා අප්පච්චි කියන් නෑ...කාවයියා තමා කියන්නෙ

උඹ කට වහපන්කො.....

මම විතේනයට සැර කෙරුවා ....කොල්ල අප්පච්චි වෙනුවට පප් ගාලා ඉතුරු කෑල්ල කායයි ගානකොට මට තරු විසික් උනා.... ....

කයයි ......කා......ය....

ආ....කව්ද මේ මේවා ඉගැන්නුවෙ......ආ....සියා තාත්තා කියන්න....කෝ...සුදු මහත්තයා .....

මම උන්නෙ කොන්ඩෙ පීර පීර මට කයයියා කියපු කොල්ලා ඊලග පාර මුලු ගෙදරම උන්ට කායයියා කියන්න ගත්තා වගේම මෙච්චර දවස් විතේනයටත් මමී වෙනුවට මම් මම් ගගා උන්න එකා ඒකටත් කායයි ගානකොට උන් ඔක්කොම මගෙ බෙල්ල කන්න හැදුවා.....





සුදු මහත්තයා අප්පච්චි ගිහින් එන්නම් පුතේ.......මගෙ පුතා පරිස්සමින් ඉන්න ඕනා....තේරුනාද..... ...බයි කන්න ඕනා .....මේ සූටි බන්ඩිය පිරෙන්න.....

ගෙට ටිකක් එහයින් තිබුන බස් හෝල්ට් එකට එයත් මා එක්ක එනකොට ඈතින් එන 400 යෙ බස් එක දැකලා මං පොඩි එකාගෙ චූටි මූන ඉඹලා පරිස්සමින් උන්න ඕනා කියනකොට කොල්ලා මා දිහා බලන් ඉදලා ඉදලා අනෙ බස් එක ලගට එනවත් එක්කම වඩා ගන්න කියලා අත් දෙක දික් කරනකොට අනෙ මගෙ පපුව හෝස් ගාලා ගියා ...

අනෙ රත්තරනේ ...අප්පච්චි යන්න එපැයි....මගෙ පැටියා පරිස්සමින් ....මැනිකෙ ගිහින් එන්නම්...

පරිස්සමින් සුදු මහත්තයා .....

බස් හෝල්ට් එක ගාව නැවතුන බස් එකේ දෙපැත්තෙම දොරවල් ඉබේ ඇරෙනකොට මං ඉස්සරහින් නැගලා බස් කාර්ඩ් එක ගහලා ටීක් ගානවත් එක්කම මං ගිහින් ශිට් එකේ ඉදගන්නකොට අනේ එයා ලමයගෙ අත අරන් අත වැනුවා.....

මොනවා කරන්නද ...දරු පවුල් වෙනුවෙන් දරුවන්ගෙ හොදම දේවල් මග ඇරෙන අප්පච්චිලාට...අම්මලාට මේ දුක නම් ඕනවටත් වඩා දැනෙනවා ඇති....

මම එහෙම්ම් උකුලෞඩ තිබුන බෑග් එකේ පටිය ඇගිලි තුඩු වලින් මිරිකගන හෑන්ඩ් ෆ්‍රී දෙක කනෙ ඔබාගත්ත ...මට මගෙ පුතාගෙ ජීවිතෙන් පැය අටක් නවයක් නැති වෙනවා.......

මොනවා කරන්නද ......


අම්මා සදකි මම ඒ ලොව
හිරුය රිදී....

ඒ ඉර හදෙන් නුඹේ ලෝකය
එලිය වුනී.....

රැකුමට පුතු දිවියේ දුක්
ගැහැට විදී .......

පිය සෙනෙහසට කව් ගී
ලිය උනා මදී......

මම මගෙ ජීවිතේදි එකම දෙයයි ප්‍රාර්තනා කරන්නෙ මම මගෙ අප්පච්චි ට ආදරෙ කරන්නෙ කොහොමද ඒ හා සමානවම මගෙ කොල්ලා මට ආදරේ කෙරුවොත් ඒ මට හොදටම ඇති .... ....

මම මැස්ඩා එක ගාවින් බැහැගත්තා .... ..පල පුරුදු ඔටො මොබයිල් ඉන්ජිනියර්ස්ලා අස්සෙ කම වගේ මෙලෝ හසරක් නොදත් වෙන රටක එකෙක්ට මේක මොනතරම් අමාරුද කියලා දන්නෙ මම විතරක්ම වෙනකොට දෙවියො මගෙ මූන බැලුවා වගේ මං වෙනුවෙන් උන් එක අකුර ගානෙ කියා දිදී නට් එකෙ ඉදන් වයර් කෑලි අමුනන හැටි මේ මාස ගානට කියා දෙනකොට දෙයියන්ට පින් දෙන්න මම මොකක් හරි දුන්නම ගැට ගහගන්න පුරුදු උනා....

ගෙදරින් ඇදන් ආව ඇදුම ලොකර් එකට යනකොට හැමදාම අදින ඕරෝල්.එක ඇද ගත්තම ජපනා වගේ නිමක් නැතිවම වැඩ කරන්න තියෙන්නෙ වෙනකොට මං පල පුරු බාස් කෙනෙක් එක්ක අදත් වාහනයක් යටට රින්ගුවා ...

හැමදාමත් වාහනේ අස්සට රින්ගන්න කලින් ගහපු ජැක් එක හයියද හයියද කියලා මං සිය පාරකට වඩා බලනවා ...කරුමෙ කියන දේ පඩිසන් දෙන්න එච්චර වෙලාවක් නොයන එකේ වාහනේ යටට රිංගන් ඉන්න,වෙලාවක ඕක ගැලවිලා ඇගට වැටුනොත් මං නන් හිතන් නෑ මැරෙන දේ ඇරෙන්න වෙන මොකුත් වෙයි කියලා ....

ගෙදර ඉදන් ආව මොහොතේ ඉදන් අත් වලට සැනසීමක් නැති වෙනකොට කර ගැට දාපු අත්වල කර ගැට මටත් නොදැනිම බිදිලා ගිහින් දැන් අත තනිකරම වැලි කඩදාසියක් වෙලා ගිහින් තිබ්බා ....

දහයට විතර ටින්කර් කරන්න ගත්තු කාර් එකේ පේන්ට් සැර මාස්ක් එක කඩාගන ඇතුලට එනකොට ඒ හැම දේටම හුරු මම ස්ප්‍රේ එක අල්ලන් උන්නා....

වෙලාව යනව දැනුනෙවත් නෑ..නේ වෙනකොට ශෙනෝන් පල්ලියට ගිහින් ඇවිල්ලත් ඇති. ..හෙටයි අනිද්දයි දෙකේම මම නැති හින්දා අද උන්ට පෙනුනෙ මාව විතරක්ම උනත් වැඩ ඉහට උඩින් තිබ්බත් හිනා වෙල වචනයක් හරි කතා කරන හින්දා ඒක හිතට ලොකු සහනයක් උනා....

වෙලාව ඕනා නම් දවල් එක පහුවෙලා විනාඩි පහක් දහයක් යන්න ඇති මම එයා හදලා දුන්න කෑම එක මයික්‍රො එකටරත් වෙන්න දාලා මගෙ ඵෝන් එක අතට ගත්තා ....

අනේ මගෙ වස්තු කැටේ......

ඵෝන් එකේ ලොක් ඩ්ක්‍රින් එකේ උන්නෙ අපි තුන් දෙනා වෙනකොට කගෙ මූනට ඉබෙම හිනාවක් ආවා ....පුංචි එකාගෙ මූන බෝල ගෙඩියක් වගේ වෙනකොට මගෙ පවුල..මේ මගෙයි කියන හැගීම දැනෙනකොට මෙච්චර වෙලාම අත් පය වලට දැනුන වේදනාව වාශ්ප වෙලා ගියා වගෙමා මයික්‍රො අවන් එකේ ටින් ගාන සද්දෙ වහගන ඵෝන් එක රින්ග් වෙන්න ගත්තා ....

වීඩියෝ කෝල් එකක්...

හෙලෝ..මැනිකෙ....

සුදු මහත්තයා කෑවද....

කන්න යන්නෙ ඔයා කෑවද ලමයට කැව්වද .

ඒකට කවන ගමන් මං කෑවෙ නෑ...කෝපි බොනවා...

කෝපි මෙ වෙලේ.....?

කන්න බෑ අනේ මාව ඌරෙක් වගේ...

අදත් කෝපි එකට දෙහි දැම්මද........ඔය දකින දකින හැම මගුලම බොන්න එපා දරුවො ගෑස් හැදෙයි......කීයක් ජාති ගිලිනවද කෙට්ටු වෙන්න.....

අනේ.....

අනේ කියන්නෙ ..මට උඹ ඔය ඉන්න විදිහ හොදයි විතේන් .....කෝ මගෙ කොල්ලා....

මම මයික්‍රො එකේ තිබුන කෑම එක අරගන ඇවිත් කෑම මේසෙන් තියන් එයා දිහා බලාගන කෝ මගෙ කොල්ලා කියනකොට එයා කටට ඇගිල්ල තියලා සද්ද කරන්න එපා කිව්වා...

ඔන්න බලන්න සුදු මහත්තයා ..මුගෙ වැඩ....

මන් බලන් උන්නා එයා කැම් එක අනිත් පැත්ත දාන් හෙමින් හෙමින් කාමරේට ගිහින් ඒකගෙ ඇදුම් කබඩ් එක තියන තැන පෙන්නුවා...

මේ පේනවනේ කන්න දීපුවම කන එක පලිගුවට දාලා මේ ඇවිත් කරන වැඩ තමා මේ ... ගේ අස් කරනවා...

යෝ.....හ්හ්.......

මට හිනා ගියා....පොඩි එකා මුලු පැම්පර්ස් ලාච්චුවම ඇදලා දාලා තිබුනා....

සුදු මහත්තයා .......සුදු පුතා......කොල්ලො....

මං කතා කෙරුවා ...ඒකා නෙවෙ හැරිලා බලන්නෙ තනියෙන් හිටගන්න බැරි හින්දා ලාච්චුව අත් දෙකෙම්ම අල්ලන් තියන ඔක්කෝම එලියට දාලා ...එයාට වැඩ හරීයට ..........

ශෙනෝන්ලා ආවද විතේන් ....අම්මයි තාත්තයි ඒ දෙන්නව එක්ක ගිහින් නේද....

ම්ම්ම්....ආවා.....මං ශෙනෝන් එක්ක ගිහින් ලමයට ගවුමක් ගන්නද....ඔයාට සුදු ශර්ට් එකකුත් ඕනානෙ....සුදුනෙ අදින්න ඕනා......

ඔයාට පුලුවන්ද මං එන්න රෑ වෙයි...දවස දෙකක් නැති හින්දා මම කටින් කියලම ඕටි ඉල්ල ගත්තා විතේන්.....ශෙනෝන්ට මම කතා කරන්න ඕනද....

අනෙ එපා සුදු මහත්තයා ...මං ඒ ටික කරගන්නම්.....පල්ලිය ගාවම කඩේ අර ස්වීට් බොක්ස් එක තියනවා......වට පිට අයට දෙන්න ඕනනෙ....

ම්ම්ම්......එහෙනම් ඔයා ඒ ටික කරගන්න...ලමයව තියලා යන්න අප්පච්චි ල ඉන්නවනේ........කේක් එක.... ඔය ගන්න සීනී බෝලා ඇට අනම් මනම් ටික බලලා ගන්න....වෙඩිමට ඇල්වතුර දුන්නත් මට වැඩක් නෑ ලමයගෙ එක මට හොදට ඕනා විතේන් මට දහයක් නෑ ඉන්නෙ එකයි....ඕක දහපාරක් කරන්නෙත් නෑනෙ .ඒක හින්දා පිලිවලට ගන්න.....මගෙ කාර්ඩ් එක ඔයාගෙ වොලට් එකට දැම්මා...අරගන්න....ශෙනෝන්ලට කරදර කරන්න යන්න එපා මැනිකෙ උන්ටත් වැඩ නෑනෙ....

මම කියන්න ඕන ටික එයාට කියන්කොට එයා අහන් උන්නා....මං දන්නව...තාත්තා අප්පච්චි අම්මා......මේ හැමෝම.මා එක්ක ඉන්නවා කියලා ඒ මිනිස්සු මට නොදී ඉන්නෙ නෑ කියලා ඒත් මම අප්පච්චි හැටියට මම ඕනා බලන්න...අනිත් මිනිස්සුන්ගෙන් යැපෙන්න බලන් ඉන්නෙ නැතුව.....මට වෙඩින් එකට පාර්ටි නැතත් කමක් නෑ...මට ඕනා මගෙ ලමයගෙ දේවල් කරගන්න වෙනකොට මම අවසානෙදි වෙන්න කෙරෙන්න ඕන ටික කියලා මම එන්න වෙලා යනවා කියලා කෝල් එක කට් කෙරුවා ......

මට දැන් තේරෙනවා ඇයි අප්පච්චි ලා ලමයින්ට අලුත් ඇදුම් අරන් දීලා අප්පච්චිලා පරන ඇදුම් අදින්නෙ කියලා .....

මට දැන් තේරෙනව.....කේක් කෑල්ලයි ගෙදර හතර දෙනයි....මම ඔව්වා කන්න ආස නෑ පුතේ කියල අම්මා කියන්නෙ කියලා.......

අවංකවම අම්ම කෙනෙක් අප්පච්චි කෙනෙක් තමන්ගෙ ලමයි වෙනුවෙන් කොයි තරම් දේවල් කැප කරනවද කියන්න මට දැන් තේරෙනවා........

මම එයා හදලා තිබුන බත් එකේ එකම එක ඇටයක් අහක නොදා කෑවා.......ඉස්සර නම් සුපර්මාකට් එකට ගියහම ගාන නොබලා කූඩෙ පුරවන් එන මට දැන් ඇතුලට යන්න කලින් වොලට් එකේ ගාන බලලා ගන්න ඕනම දේවල් අරන් මගෙ දේවල් නැතුව හරි එන්න මං පුරුදු උනා....

බ්‍රෑන්ඩඩ් ඇදුම් ඇදපු මම විලි වහන ඕන එකක් අදින්න පුරුදු උනා...

ජීවිතෙ කියන්නෙ ගුරුවරයෙක්......අතීතය කියන්නෙ ගුරුවරයෙක් ......දවසක හැම දේම හරියයි කියන වචනෙ අස්සෙ හුගාක් බලාපොරොත්තු තිබුනා....ඉස්සර සිගරට් පෙට්ටියක් ගන්න ගානක් නැතුව සල්ලි දික් කරන මට දැන් එ ගානට ලමයට ගන්න පුලුවන් දෙයක් මතක් වෙනවා.......කන්න ආසදෙයක් දකිනකොට අනෙ මට මොකටද.....කියලා ලමය ආස දෙයක් ගන්න හිත පෙලබෙනව....

මං හිතන්නෙ ඒක මට විතරක් නෙවෙ .මේ ලෝකෙ ඉන්න හැම අම්මා අප්පච්චි කෙනෙක්ම කරන දෙයක්.......

කාපු මම ආයම අට පහ වෙනුවට අට එකොලහ කරන්න ගියා .....

වාහන සූරන්න ගත්තම එක තිතක් නොතියම සූරන්න වෙනකොට මගෙ උරහිස් කැඩෙන්න ආවා....දුකම විතරයි ජීවිතේ කියලා හිතුවට මට සතුටු වෙන්න දේවල් තිබුනා....කවද හරි ලෙඩ ඇදට වැටුනම මට මතක් කර කර අඩන්න හිනා වෙන්න හුගාක් දේවල් තිබුනා........

එතනින් පස්සෙ මම දිගටම වැඩ කරන්න ගත්තා..........ආය ඉතින් ගෙදර යනකන් මොකුත් නෑ..........





නිතේශ් ...මල්ලි....

වෙලාව රෑ එකොලහයි කාලයි....මම මගෙ මජන් කිට් එක ගලවලා ඇදුම් ඇදගන්නකොට මා එක්ක වැඩ කරන ලංකාවෙ අයියා කෙනෙක් මගෙ ගාවට ආවා....

කියන්න අයියෙ...

කොල්ලො..මට හෙට එන්න වෙන්නෙ නෑ....අපෙ අනිත් උන් එයි......

අනේ ඉතින්...උන් ආවට් උන් ඔක්කෝම සුද්දොනෙ...ඇයි හදිස්සියක්ද ......

ඔව් මල්ලි....මට හෙට එන්න වෙන්නෙ නෑ.....මෙන්න මේක මගෙන් .......

ඒ...ඒ...මට එපා....මට එපා අයියෙ....

පිස්සුද පිස්සුද ගනින් ගනින්...පොඩි එකාට මගෙන්.......මිනිස්සු ජීවත් වෙන්නෙ එක පාරයි .....ආය දෙපාරක් ජීවත් වෙන්නෙ නෑ.....ඒක නිසා ගනින් ඕක.

මගෙ ඇස් වලට කදුලු පිරුනා.......සුදු පාට කවරයක් අස්සෙ තිබුනෙ ඩොලර් තුන්සියල් වෙනකොට මෙහෙ අනිත් මිනිස්සුන්ට මේ පොඩි ගානක් උනාට මට මහ මෙරක් තරම් උනා.....මට ඉස්තූතියි කියලා කටුන් කියන්න බැරි තැන මම කොල්ලව බදාගත්තා .......මට දෙන්න පුලුවන් හොදම දේ වැලදගැනීමක් විතරයි ...........

වෙලාව දොලහට කාලයි.....සල්ලි දීපු කොල්ලා යන්න යනකොට මම බස් හෝල්ට් එකට වෙලා බස් එක එනකන් සීතල හින්දා අතට අත අතුල්ලන ගමන් බලන් උන්නා....මගෙ විතේන් මේ වෙනකොට සිය පාරක් මම ඉන්නෙ කොහෙද අහ අහ කෝල් කර කර මම එනකන් බලන් ඉන්නකොට හාරසීය කියල ගහපු බස් එක ඈතින් එනවා දැකපු මට දෙයියො බුදුන් දැක්ක හා සමාන උනා....

රට ජීවිතේ ලේසි නෑ......




සුදු මහත්තයා ....

මට ඇති මැනිකෙ......

මම සාලෙ පුරාවටම ඇවිදින ගමන් කේක් එක තියන්න ඩෙකරේට් කරලා තිබුන තැන සිය පාරක් විතර බැලුවා.......නිල්පාට බැලුම්...සිල්වර් පාට.....සුදු පාට.......බැලුම්......සීනි තවරපු ආමන්ඩ් ඇට බෑග්......තවත් එක එක කැන්ඩි ගොඩක් එක්ක මේසෙ සරසලා තියනකොට කේක් එකට විතරක් මේසෙට ඉඩ ඉතුරුවෙලා තිබුනා .....


තේශී....

ම්ම්ම්

ඇදට යන්න සුදු මහත්තයා .....

වෙන්න කෙරෙන්න ඕන හැම දෙයක්ම ශෙනොන් ලා අතින් වෙලා තියනකොට මැරිලා මැරිලා ආව මට සෝෆාවෙම නින්ද ගිහින් තියනකොට එයා මාව ඇහැරෙව්වා........ඇගට දැනුන මහන්සිය එකක් පුම්බපු බැලුමකුත් තුරුල් කරන් නින්ද ගිහින් තිබුන මගෙ කොල්ලවත් තුරුල් කරන් මට ඇදට වැටුන පමාවට නින්ද යනකොට එයා මගෙ කර ගැට පිරුන අත් දෙක උනුවතුර පොගවපු රෙදින් කඩකින් තවනවා මට නින්දෙන් වගේ දැනුනා.......




සුදු පුතා අනේ අනෙ ....මැනික ඉන්නකො.......අයි....අයි.....මේ...
.අයි...අයි....අම්මෝ....සස්සන.......
හරි සස්සනයි.....

ම්ම්......කා....ය...යි.....ප...ප්..

යෝහ්....කා....යයි...යා තමා...කායයියා......කෝ මේ පප්පුව දාන්න........කෝ.......අප්පච්චි ට නැමෙන්න බැ නාකියි දැන්.....

නිතේස් අයියේ.....
නිතේස් අයියෙ....අපෙ චුච්චුවා නැගිට්ටද එර්‍යි....සෙනෝන්......අනේ පුතේ කේක් එක පරිස්සමින් ගේන්න ඈ.....

මං උන්නෙ කොල්ලට සපත්තු දෙක දම්ම දම්ම දැන් මොකක් හරි අල්ලන් හිටගන්න පුලුවන් අඩියක් දෙකක් යන්න පුලුවන් මගෙ දග කොල්ලා දාන දාන සප්ත්තුව ගලවගන්න හැදුවා වගේම අන්දලා තිබ්බ ගවුමත් ඇද ඇද ඔලුවට දපු තොප්පියත් ගලවලා දාලා කායයියා ගෑවා....


මගෙම වෙලාවට ගඩාපි අම්මියා ආවා වගේම මම උගෙ අතට සපත්තු කුට්ටම දීලා වේදනා දෙන කොන්දත් අල්ලන් නැගිට්ටා ....

අනෙ බන් මෙන්න මේක දාපන්...මූ ඔක්කොම ගලවලා විසි කරනවා....

යෝ.....නිතේස් අයියෙ අහකට වෙන්න අනෙ.....චුච්චුවො....මට කකුල දෙන්න පුතේ.....කව්ද මේ පප්පු දෙක අරන් දුන්නෙ...සෙනෝන් අප්පච්චියා නේද...කෝ.....අපෙ පප්පුව දාමු....

අම්මෝ මූට ලමයි බලලා නම් හොද පුරුද්දක් තියනවා ....මං බලන් ඉන්නකොට සපත්තු දෙක අරන් දුන්නෙ ශෙනෝන් අප්පච්චියා නේ කියන ගමන් සපත්තු දෙක දාලා කොල්ලව වඩාගන පුකත් දික් කරන් යන්න යනකොට මං කේක් එක බලන්න ගියා...

නිතේශයා මේක හොදයිනෙ...


මං තට්ටු දෙකට හදලා තිබුන උස කේක් එක දිහාබලලා ශෙනෝන්ගෙ උරහිසට තට්ටු කෙරුවා මං නෑ කියලා නෑ...ඌ මගෙ අඩුව පුරවල තිබුනා අවංකවම ශෙනෝන් කියන්නෙ මම හා සමානවම ලමයට ආදරෙ කරන තවත් අප්පච්චි කෙනෙක් වෙනකොට මගෙ හිතට පුදුම සැනසීමක් දැනුනා......





දරුවගෙ සම්පූරනම නම....

Ezekiel nihara viven dissanayake ..

මම අහන් උන්නා.....සිංහල පූජාව තියන ෆාදර් දරුවගෙ නම අහනකොට තාත්තා අපි වෙනුවට උත්තර බදිනකොට ස්නාවක ජුවාම් තුමාගෙ පල්ලියේදි මම මගෙ එකම කොල්ලව ක්‍රිස්තියානි කරන හැටි බලන් උන්නා.....

ඥාන මව්පියො විදිහට උන්න ශෙනෝන් වගේම ඩියෝන් ප්‍රසාද ස්නාපන පොරොන්දු ආයම අලුත් කරන හැටි මගෙ පුතාව බලාගන්න පොරොන්දු දෙන හැටි ඉටිපන්දමක් අව්ලුවන් දුන්න පොරොන්දු රකින බවට සාක්කි දෙන හැටි මම බලන් උන්නා....

"එසකියෙල් නිහාර පියානන්ගේද පුත්‍රයානන්ගේද ශුද්දාත්මයානන්ගේද නාමයෙන් මම නුඹ බෞතීස්ම කරමි" කියන ගමන් ශෙනෝන්ගෙ අතේ හරහට උන්න ලමයගෙ ඔලුවට වතුර වක්කරන හැටි මම අත් දෙක වැදගන බලන් උන්නා....

අවසානෙදි නාවපු ලමයගෙ ඔලුව පිහලා ජීවිතේ අවස්තා දෙකකදි විතරක් දෙන ශුද්ධවූ තෛලයෙන් නලලට කුරුසයක් ඇදලා අද පටන් ආදි මව්පියන් වෙච්ච ආදම් ඒව ගෙන් පටන් ගත්තු ජම්ම පාපයෙන් නිදොස් කරලා මගෙ දරුවා කතෝලික සභහවට අයිති දේව දරුවෙක් කියන ගමන් ඥාන පියවරු වෙච්ච ඩියෝන් වගේම ශෙනෝන් අතට මගෙ කොල්ලව දීපු ෆාදර් අවසානෙදි පුංචි එකාගෙ කම්මුල අත ගෑවා....

ඉතින් අදින් පස්සෙ මගෙ නිහාරව අයිති මගෙ විතේන්ගෙ ආගමට .......ලොකු වෙලාඑයා මොන ආගම ඇදහුවත් ඒක එයාගෙ කැමැත්ත .....

ඉතින්....ශෙනෝන්ගෙ බෞතීස්මෙත් ඉවරයි ..

මගෙ සුදු මහත්තයගෙ බෞතීස්මෙත් ඉවරයි ....

හෙට අපේ කසාදෙ .....!!!















👉👈අජ මොකුච් කියන්න ඥෑ....!!

Ferdeesha ❤️💚😘 ....

Continue Reading

You'll Also Like

37.2K 5.5K 37
"ហង្សមែនទេ?​ត្រឹមតែមួយប៉ប្រិចភ្នែកយើងនឹងធ្វើអោយហង្សមួយនោះបាក់ស្លាប ហើយហង្សដ៍ស្រស់ស្អាតនោះត្រូវស្ថិតក្នុងកម្មសិទ្ធយើងម្នាក់គត់"ជុងហ្គុក "យើងដឹងពីអ្វីទ...
30K 4.8K 33
"ඒ නූනා...මං කැමතී වන්ග් යීබොට...මට එයා ළඟ ඉන්න තිබුණනම්..."❤️😃 "පිස්සු නැතුව ඉන්නවා ශානයෝ..ජොබ් එකක් හොයාගන්න බලනවා...ඉගෙන ගනත් ජොබ් එකක් කරන්නෙ නෑ...
43.8K 3.1K 72
ဖတ်ကြည့်နော်😉😉
97.5K 15.9K 65
මේක මහා අවුල් ජාලාවක්! මොන දේ වුනත් අපි දෙන්නා එකට! ඔයා මට පොරොන්දු වෙනවද?