Love In My Heart ( Complet...

By kidurangana

33.5K 6.2K 775

සත්තයි , වසන්තය නැවත ඔබ සොයා එනවාමයි. More

චරිත හැදින්වීම.
chapter 01
chapter 02
chapter 03
chapter 04
chapter 05
chapter 06
chapter 07
chapter 08
chapter 09
chapter 10
chapter 11
chapter 12
chapter 13
chapter 14
chapter 15
chapter 16
chapter 17
chapter 18
chapter 19
chapter 20
chapter 21
chapter 22
chapter 24
chapter 25
chapter 26
chapter 27
chapter 28
chapter 29
chapter 30
chapter 31
chapter 32
chapter 33
chapter 34
chapter 35
chapter 36
chapter 37
chapter 38
chapter 39
chapter 40
chapter 41
chapter 42
chapter 43
chapter 44
chapter 45
chapter 46
chapter 47
chapter 48
chapter 49
chapter 50

chapter 23 * ( bonus )

622 124 10
By kidurangana

මෙය මාගේ මනඃකල්පිතයක් පමණි. සැබෑ ජීවිතයේ අයවලුන් හා ඒහා සබැදි ස්ථාන මෙම කථාංගයට කිසිදු සබදතාවක් නොමැති බැවින් ඒවා සම්බන්ධ කර නොගන්න.



" මොකවත් නෑ. ........ "

හරි සරල උත්තරයක් දීල බැල්කනි හොරා බෙන්ච් එකෙන් යන්න නැගිට්ට. ..... වැඩිම අඩි දෙක තුනක් යන්න ඇති ආපහු වතාවක් ඒ ඇස් දෙක මගෙ ලග නතර වුනා වගේම මං දැක්කෙ කලින්ට වඩා බොරපාට උනු ඇස් දෙකක් ..... වැටෙන්න ඔන්න මෙන්න කියල කදුලක් ඒ ඇස් අග්ගිස්සෙ රැදිල තිබ්බ .... ඒත් අන්තිමට එයාගෙ කටින් පිටවුනේ. . .

" දන්නව ද මම ඒදේ මගේ කරගන්න අවුරුදු ගානක් බලන් හිටිය..... "




*************************************


කාලය කොච්චර ඉක්මනට යනවද ඒතරම්ම ඉක්මනට මගෙ හිතත් හදාගන්න පුළුවන් උනානම්. ..... ඒත් මතකයන් කියන දේ ඒතරම්ම ලේසියෙන් අමතක කරන්න පුළුවන් උනොත් අපේ ජීවිත හිස්වෙලාම තියෙයි.... අදට මම යුනිවර්සිටි යන්න අරන් සතියක්. ...... මේ ටික කාලෙටම ස්කූල් එකෙදි වගේම යාලුවෙක් නොහිටපු නිසාම වෙනද වගේම යුනිවර්සිටි එකේදිත් කාලය ගෙවුන................... මීට මාස තුනකට කලින් මම ගොඩක් සතුටින් හිටිය ........ දන්නවද ආචූ හරියටම හෙටට ඔයා මාව දාල ගිහින් මාස තුනක්. ....... ඒක මට හරි ලොකු කාලයක්... හෙට ඔයාගෙ තුන්මාසෙ දානෙ , තනිමට ලොකුවට කරන්න බැරි වුනත් පුලුවන් විදියට ඔයාට පින් දෙන්නම්... මං දන්නව ඒ නැතත් මගෙ ආචුට හොදටම පින්ඇති කියල ..

" චූටි මොකෝ මේ හවස් වෙලා තනියම බැල්කනි එකට වෙලා කරන්නේ. .... "

" නෙතූ අක්කා "

" අනේ ..... චූටි මොකද මේ අඩලා ලමයො...... ඇයි ?මොකද්ද ප්‍රශ්නෙ කියන්න ...... යුනිවර්සිටි එකේ කවුරැහරි රැග් කරාද....... මම උන්ට....."


" අනෙ එහෙම දෙයක් නෑ නෙතූ අක්කෙ..... රැග් නම් තිබුන ඒත් ඒව එච්චරම ගානක් නෑ. ..... "

"එහෙනම් මොකටද ඇඩුවෙ ?"

" නිකං ...මට ගෙදර මතක් වුනා ........ ඒකයි ......"

"අයියෝ ලමයො ඒකද ..... ඉතින් ආච්චි අම්මට කෝල් එකක් ගත්තනම් හරිනෙ..... මම ඔයා ආච්චි අම්මත් එක්ක කතා කරනව දැකලම නෑ.... දවසක් මම ඩැඩීගෙන් අහපු වෙලේක ඩැඩී කීව ඔයා රෑට කතා කරනව ඇති කියල. .... "

කෝල් එකක් ගන්න පුළුවන් දුරක ඔයා ඉන්නවනම් මම මේ තත්පරේම ඔයාව හොයාගෙන ගිහින් ආචු ..... කියන්න දෙයක් නැතිකමටම මම නෙතූ අක්කට බොරැවක් කීව..

"හ්ම්ම්. ....... රෑටම කෝල් එකක් ගන්නව"


" හරි හරි ........ දැන් හොද ලමය වගේ යමුකො පහලට ඔයා විතරයි එතන අඩු ...... "


ආන්ටි අන්කලුයි නිකන් කුරැලු ජෝඩුවක් වගේ එකට ඉදගෙන එයාලගෙ ලව්ස්ටෝරි එක එතනම ඉදගෙන ඉන්න බැල්කනි හොරාට කියනව මට ඇහුන ..... නෙතූ අක්ක මාවත් ඇදගෙනනම ගිහින් සෝෆා එකෙන් වාඩි වුණා...... මට දවසක් ආච්චි අම්ම කීව සීයගෙයි
එයාගෙයි lovestory එක එයාගෙ diary එකේ ලීව කියල ..... මං කවදාවත් එයාගෙන් ඒ ගැන අහන්න නොගියෙ ඒ හිත රිද්දන්න බැරිකමට මොකද යටගිය මතක ආය ආයෙම ඇදල අරන් මතක් කරල දීල ඒ හිත රිද්දන්න බැරිනිසා...... වෙලාවක ආච්චි අම්මගෙ ඩයරි එක කියවල බලන්න ඕන....... ටික වෙලාවකට පස්සෙ ආන්ටි නෙතූ අක්කත් එක්ක ඩිනර් එක රෙඩි කරන්න ගියා ....

" පුතා.. අනුහස්. ..... . ...... මොකද දරැවො මුනත් එල්ලගෙන ...මොකක් හරි ප්‍රශ්නයක් ද? "

" එහෙම මොකවත් නෑ අංකල්...... මට ටිකක් අංකල් එක්ක කතා කරන්න පුළුවන්ද ...... "

"මොකෝ බැරි දරැවො ...... "

" ඩැඩී කතාකරන්න මම යන්නම්. ...."

බැල්කනි හොරා මටයි අංකල්ටයි කතාකරන්න දීල යන්න ගියා....

" අංකල් හෙට ආච්චි අම්මගෙ තුන්මාසෙ දානෙ .......... "

" මට මතකයි දරැවො ....මම කොහොමත් ඒ ගැන කතාකරන්න හිටියෙ ඔයත් එක්ක ...... පුතා දැන් මොකද්ද කරන්න හිතන් ඉන්නේ. .. .."

"අංකල් මම හිතන් ඉන්නෙ හෙට යුනිවර්සිටි නොයා.... දළදා මාලිගාවට ගිහින් ආච්චි අම්මට පින්පෙත් පමුණුවන්න.... "

" ඒත් දරැවො..... දානෙ"

"මං දන්නව අංකල්.... මේ වෙලාවේ හැටියට මට ඔයාලට කරදරයක් වෙන්න ඕන නෑ ...... අනික ... මට හොදටම විශ්වාසයි දානයක් නොදුන්න කියල ආච්චි අම්මට පින් මදි වෙන්නෑ..... මම උදේ හවා බුදුන් වදිද්දි පවා ඉල්ලන්නේ ඉන්න තැනක මගෙ අම්මයි අප්පච්චියි ආචුයි හොදින් ඉන්න කියල..... ....."


"පුතා......මේ අහන්න ඔයා අපිට කරදරයක් නෙවෙයි...... ඔයා කැමති මැණිකේ අම්මගෙ දානෙ ඔය විදියට කරන්න නම් එහෙම කරමු දරැවො..... අපි දෙන්නම හෙට උදෙන්ම ගිහින් ඒ වැඩේ කරමු......"


"එහෙම එපා අංකල් මම තනියම යන්නම්.... අංකල් මං ගැන වැරදියට හිතන්න එපා මගෙ හිත ටිකක් නිදහස් කරගන්න ඕන ....... .... "

"ඔය දරැවගෙ කැමැත්තක් එහෙනම්..... හෙට උදේ සිරිසේනත් එක්ක කා එකේ ගිහින් එන්න හොදද...... අපි දැන් යමු පුතා ... දැන්නම් ඩිනර් ටේබල් එක රෙඩිත් කරල ඇති. ........ එන්න යමු දරවො.. .."

*************************************

ඊයෙ මුලු රෑම මට නින්ද ගියෙ නැති තරම්. ...... ඇස් පියවීගෙනම එනකොට පෙනුනෙ මගෙ ආචුගෙ මූණ වෙනකොට නින්ද මගෙ අහලකවත් නැති වෙන්න පැනලගිහින් තිබුන. ...... ඒ නිසාම මම මහ පාන්දර සීතල වතුරෙන් නා ගත්තෙ මගෙ හිතත් ගල් කරගන්න පුළුවන් වෙයි කියල හිතන් උනත් වතුරෙ සීතලටවත් ගල් නොවුනු මගෙ හදවත ෂවර් එක යට දියවෙලාම යද්දී ඊයෙ හවස ඉදලම හිරකරගත්ත කදුළු මම ඔහේ කඩාගෙන වැටෙන්න ඉඩහැරිය. ........... ඕනවට එපාවට කොන්ඩෙත් පිහදාන් සුදු වතින් සැරසුණු මම සුරේන් අංකල්ටයි ආන්ටිටයි දෙන්නටම ගිහින් වැන්ද. .. ආන්ටි මට කිසිම දෙයක් නොකියම ඔලුව අතගෑව වෙනකොට සුරේන් අංකල් මට පරිස්සම් වෙන්න කීව............. ..... මම පහලට එද්දී මගෙ ඉස්සරහට හිටියෙ බැල්කනි හොරා. ................ අද උදෙන්ම නැගටල .......

" හරි පින් පාටයි......... ගමනක් යද්දී කොහෙද යන්නේ කියල අහන්න හොදනෑ කියල මං දන්නව ඒත් ඩැඩීටවත් කියල නේද යන්නෙ. ........"


ඒ කටහඩත් අද හරි සන්සුන් වෙලා තිබුන ...

" හ්ම්ම්ම්. ......... "


" උදෙන්ම යන නිසා කාල නැතුව ඇතිනෙ වෙලාවට කන්න බලන්න කොහෙ ගියත් රෑ වෙන්න කලින් ආපහු ගෙදර එන්න ........"


කා එකට නැගලත් මට මතක් වුනේ බැල්කනි හොරාගෙ වචන ටික වෙද්දී හිතේ තියෙන ලොකු බරක් ඒ වචන වලින් ටිකෙන් ටික අඩුවෙනව වගේ දැනුන.

*************************************



😊 ඔන්න  අද ඕතරිය බොනස් අරන් ආව........ මේ මග පලවෙනි   බෝනස් එක.... ..... හදිසියට ලීවෙ  හොදේ.....

😀 ඊලගට  නම් මාත්තයා නොනා අඩන්න තමා වෙනව ..... හීහී.... මං කීවෙ මේ කතාව ගැන

😁 good  night බබාලා. ....

Continue Reading

You'll Also Like

95.1K 3.7K 15
【 rewriting - on going 】 「 jjk x f!reader x kny 」 ╰┄➤ [Name] was a girl that got turned into a demon in the taisho era by the Lord Demon himself, Kib...
1.1M 38K 63
𝐒𝐓𝐀𝐑𝐆𝐈𝐑𝐋 ──── ❝i just wanna see you shine, 'cause i know you are a stargirl!❞ 𝐈𝐍 𝐖𝐇𝐈𝐂𝐇 jude bellingham finally manages to shoot...
663K 33.4K 61
A Story of a cute naughty prince who called himself Mr Taetae got Married to a Handsome yet Cold King Jeon Jungkook. The Union of Two totally differe...
55.1M 1.8M 66
Henley agrees to pretend to date millionaire Bennett Calloway for a fee, falling in love as she wonders - how is he involved in her brother's false c...