Legend Of The Moon Lovers 🌜️...

By Bucket_Cat

2.3K 556 447

කාන්තාරය පවා ඉරිතලා ගිය කටුක ගිම්හානය අවසන නැඟෙන සෙනෙහෙබර වූ වසන්තය වෙත පියමනින්නට අවසර..... 🌜️🌟 Jeon Jung... More

පෙරවදනක් 🌜️🌟
EPISODE 02
EPISODE 03
EPISODE 04
EPISODE 05
EPISODE 06
EPISODE 07
EPISODE 08
EPISODE 09
EPISODE 10
EPISODE 11
EPISODE 12
EPISODE 13

EPISODE 01

333 67 46
By Bucket_Cat

මීට වසර දහස් ගණනකට පෙර අස්මෝදියස් කදුවැටිය ආශ්‍රිත වනාන්තරයේ Quileute නම් ගෝත්‍රිකයන් පිරිසක් ජීවත් වුනා. ඔවුන්ගේ නායකයා වූ තහා ආකි ( Taha Aki ) ගෝත්‍රයේ සියලු දෙනා අතර ගෞරවාදරයට පත් ඉතාමත් නිහතමානී කරුණාවන්ත පුද්ගලයෙක් වුනා.

සඳ දෙවඟනගේ භක්තිකයෙකු වූ තහා ආකි සෑම දිනකම සඳ දෙවඟන උදෙසා පුද පූජා පැවැත්වීමටත් තම ගෝත්‍රයේ අනෙකුත් සාමාජිකයන් සඳ දෙවඟන වන්දනයට පෙළඹවීමටත් කටයුතු කලා.

දිනක් සඳ ඇති රැයකම වනාන්තරයේ සැරිසරමින් සිටි තහා ආකිට උගුලකට හසුව තුවාල ලැබූ හිම මෙන් සුදු පැහැති ලොම් සහිත දැවැන්ත වෘකයෙක්ව දැකගන්නට ලැබුනා. වෘකයා පිළිබද අනුකම්පා කල තහා ආකි ඔහුගේ ජීවිතය බේරා ගැනීමට කටයුතු කලා.

ඔහුගේ මෙම යහපත් ක්‍රියාව පිළිබඳව සතුටට පත් සඳ දෙවඟන තහා ආකිට වටිනා ත්‍යාගයක් ලබා දීමට තීරණය කලා . සඳ දෙවඟනයේ ආශිර්වාදය ලත් තහා ආකිට තම ශරීරය අතහැර ආත්ම ලෝකයේ සැරිසැරීමටත් , සතුන් සමඟ කතා කිරීමටත් , අන් අයගේ මනස කියවීමටත් හැකියාව ලැබුනා. ඒ අනුව ඔහු ක්විලූට් ගෝත්‍රයේ පලමු පුරාණ ආත්ම රණශූරයා බවට පත් වුනා.

තහා ආකිගේ නායකත්වය යටතේ ක්විලූට් ගෝත්‍රයේ බලය තව තවත් වර්ධනය වුනා. ක්විලූට් ගෝත්‍රය හා එකල අස්මෝදියස් කඳුවැටිය ආශ්‍රිත වනාන්තරයේ ජීවත් වූ අනෙකුත් ගෝත්‍රයන් අතර වැරදි වැටහීම් නිසා ඇතිව තිබූ ගෝත්‍රක ගැටුම් නිමාවට පත් කර සැමට සාමය හා සතුට උදා කිරීමට තහා ආකිට හැකි වුනා.

එම නිසා තහා ආකිට අනෙකුත් ගෝත්‍ර නායකයන්ගේද පක්ෂපාතීත්වය හිමි වුනා . සාමයට කැමති යහපත් උතුම් නායකයෙකු ලෙස තහා ආකිගේ නාමය සියලු දෙනා අතර ගෞරවාදරයට පාත්‍ර වුනා.

තහා ආකිගේ පාලනය යටතේ සියලු දෙනා සතුටින් ජීවත් වුනා. ඒත් එක්කෙනෙක් හැර... ඒ තමයි තහා ආකිගේම සහෝදරයා වූ උත්ලපා ( Utlapa )

උත්ලපා තම සොහොයුරා වූ තහා ආකිට වඩා හාත්පසින්ම වෙනස් චරිතයක් වුනා. දැඩි ආක්‍රමණශීලී ගති පැවතුම් ඇති පුද්ගලයෙකු වූ උත්ලපාට අනෙකුත් ගෝත්‍රයන් ආක්‍රමණය කොට ඒවායේ පාලන බලය තමා යටතට ගැනීමට අවශ්‍ය වුනා.

උත්ලපාගේ දරුණු ආකල්ප පිළිබඳ කලකිරීමට පත් තහා ආකි අකමැත්තෙන් හෝ තම සොහොයුරාව ගෝත්‍රයෙන් නෙරපා දැමීමට තීරණය කලා.

මේ පිළිබඳ තහා ආකි සමඟ වෛර බැඳගත් උත්ලපා කෙදිනක හෝ තහා ආකිව මරා දමා ක්විලූට් ගෝත්‍රයේ පාලන බලය තමා යටතට ගැනීමට අදිටන් කර ගත්තා.

දිනක් තම ශරීරය වනාන්තරයේ ඇති ගල්ගුහාවක් තුළ සැඟවූ තහා ආකි ආත්ම ලෝකයට ඇතුලුව මිටියාවත පුරා සැරිසරමින් තම බල ප්‍රදේශයේ ආරක්ෂාව පිලිබඳ සොයා බලමින් සිටියා. මේ අතරතුර තහා ආකි පසුපස පැමිණ ගල්ගුහාවට ඇතුලු වූ උත්ලපා තහා ආකිගේ හිස කදෙන් වෙන් කර ඔහුගේ කවන්දය ගිනි තබා විනාශ කලා.

ඉන් පසුව තහා ආකිගේ හිසත් රැගෙන ක්විලූට් ගෝත්‍රය වෙත ගිය උත්ලපා තමා තහා ආකිව මරා දැමූ බව පවසා පුරාණ සම්ප්‍රදායන්ට අනුව ගෝත්‍රයේ පාලන බලය තමා යටතට ගත්තා.

හිරු බැසයන මොහොතේ නැවත ගල්ගුහාව වෙත පැමිණි තහා ආකිට තම සිරුර එහි නොමැති බව වැටහුනා . තම ශරීරය සොයමින් ක්විලූට් ගෝත්‍රය වෙත ගිය තහා ආකිට සිදුව ඇති සියල්ලම වටහා ගැනීමට හැකි වුනා.

උත්ලපාගේ පාලනය යටතේ ක්විලූට් ගෝත්‍රය හා අනෙකුත් ගෝත්‍ර අතර පැවති සාමය බිඳ වැටී නැවත යුධ ගිනිදැල් ඇවිලෙන්නට පටන් ගත්තා . අස්මෝදියස් කඳුවැටිය ආශ්‍රිත වනාන්තරයේ පැවති සියලුම ගෝත්‍රයන් ආක්‍රමණය කොට ඒවායේ පාලන බලය තමා යටතට ගැනීමට උත්ලපාට හැකි වුනා. උත්ලපාගේ කෲර පාලනය හමුවේ සෑම ගෝත්‍රයකම ජනතාව පීඩාවට පත් වූ අතර තහා ආකි තම සොහොයුරා පිලිබඳ තව තවත් කලකිරීමට පත් වුනා.

අවසානයේ තම ජනතාව උත්ලපාගේ කෲර පාලනයෙන් මුදවා ගත යුතු බව තීරණය කල තහා ආකි සඳ දෙවගනගේ උපකාර ලබා ගැනීමේ අරමුණින් අස්මෝදියස් කදු මුදුනේ පිහිටා තිබූ ඉපැරණි දෙවොල වෙත ගමන් කලා .

උත්ලපාගේ වංචනික ක්‍රියා පිළිබඳව දැනගත් සඳ දෙවඟන තහා ආකිට උපකාර කිරීමට කැමැත්ත පල කලා. නමුත් තහා ආකිගේ විනාශ වී ගිය ශරීරය වෙනුවට ඔහුට නව ශරීරයක් ලබා දීමට ඇයට නොහැකි වුනා. ඒ වෙනුවට ඇය ඔහුට එක් වරයක් ලබා දුන්නා. එමඟින් ඔහුට මරණය තෙක් තමා කැමති සත්වයෙක් සමඟ ශරීරය හුවමාරු කර ගනිමින් නැවත තම මනුෂ්‍ය ස්වරූපය ලබා ගැනීමට හැකියාව තිබුනා .

නැවත තම ගෝත්‍රය වෙත පැමිණෙන අතරතුර තහා ආකිට සුන්දර වෘකයෙක්ව දැක ගැනීමට ලැබුනා. ඒ තමා මීට පෙර උගුලකට හසුව තුවාල ලබා සිටියදී බේරාගත් සුදු පැහැති වෘකයා බව හඳුනා ගත් තහා ආකි තමන්ට උපකාර කරන මෙන් වෘකයාගෙන් ඉල්ලා සිටියා.

තහා ආකිට කලගුණ සැලකීම පිණිස වෘකයා ඔහු සමඟ තම ශරීරය හුමවාරු කර ගැනීමට කැමැත්ත පල කල අතර ඒ අනුව පූර්ණ චන්ද්‍රයා පායා තිබූ රැයක අස්මෝදියස් කඳු මුදුනේ පිහිටි ඉපැරැණි දෙවොලේදී සඳ දෙවගනගේ ආශිර්වාදය යටතේ එකම ශරීරයක් තුල තහා ආකිගේත් වෘකයාගේත් ආත්මයන් මරණය තෙක් එකිනෙකා සමඟ විශ්වාසයෙන් බැඳුනා .

සුදු පැහැති සුන්දර දැවැන්ත වෘකයෙකුගේ ස්වරූපයෙන් නැවත ක්විලූට් ගෝත්‍රය වෙත පැමිණි තහා ආකි ගෝත්‍රයේ සියලු දෙනා ඉදිරිපිට තම වෘක ස්වරූපය යටපත් කරගනිමින් නැවත තම මනුෂ්‍ය ස්වරූපයට පරිවර්තනය වුනා. මිය ගිය තම පැරණි නායකයාගේ නැවත පැමිණීම ගෝත්‍රයේ සියලු දෙනාවම මවිතයට පත් කිරීමට හේතු වුනා.

තමාට මුහුණ දීමට සිදුවූ ඉරණම පිළිබඳව තම ගෝත්‍රයේ ජනතාවට පැහැදිලි කර දුන් තහා ආකි ඔවුන්ගේද සහය ඇතිව උත්ලපාව අත් අඩංගුවට ගෙන මරා දැමූ අතර තහා ආකිගේ නායකත්වය යටතේ නැවතත් ක්විලූට් ගෝත්‍රය හා අසල්වැසි ගෝත්‍රයන් අතර සතුට හා සාමය වර්ධනය වුනා .

තහා ආකිගේ ලෙයින් උපන් දරුවන් සියලු දෙනාගේම මනුෂ්‍ය ආත්මයන් තහා ආකිගේ සේම උපතේ සිට මරණය දක්වාම වෘක ආත්මයක් සමඟ බැඳී පැවතුණ අතර මෙලෙස නරවෘකයන්ගේ ආරම්භය සිදු වුනා .

ක්විලූට් ගෝත්‍රයේ පලමු පුරාණ ආත්ම රණශූරයා වූ තහා ආකිගෙන් පැවත ආ නරවෘකයන් පසුව අස්මෝදියස් කදුකර ප්‍රදේශයෙන් පිටතට සංක්‍රමණය වී ලොව විවිධ ප්‍රදේශ වල විවිධ නායකයන් යටතේ තම ජනපද පිහිටුවා ගත් අතර ඉන් වසර දහස් ගණනකට පසු ලොව පැවති සියලුම නරවෘක කණ්ඩායම් ප්‍රධාන wolf pack හතක පාලනයට යටත් වුනා .

Black Diamond pack

Moon shine pack

Blue Stone pack

Shadow pack

Midnight pack

Silver Crown pack

Night Walker pack

නමුත් මේ කිසිදු වෘක කණ්ඩායමක තහා ආකිගෙන් පසුව ශ්වේත වර්ණ වෘකයෙකුගේ උපතක් සිදු වුනේ නෑ .

වසර සියගණනක් ගත වුනා. ප්‍රධාන wolf pack හත යටතේ ඒ ඒ කණ්ඩායම් පාලනය කිරීමට පත් කල ඇල්ෆාවන්ගේ නායකත්වය යටතේ සියලුම නරවෘකයන් ඉතාමත් සාමකාමී දිවියක් ගත කලා.

නමුත්... ඔහුගේ ආගමනය සියල්ල වෙනස් කිරීමට හේතු වුනා.

එක් අමාවක දිනක ප්‍රධාන wolf pack හත අතරින් විශාලතම වෘක කණ්ඩායම වූ Black Diamond කණ්ඩායම වෙත කඩා වැදුණු ආගන්තුක වෘකයෙක් බ්ලැක් ඩයමන්ඩ් කණ්ඩායමේ නායක ඇල්ෆාව සහ ලූනාව ඝාතනය කොට එහි පාලනය තමා යටතට ගත්තා.

යක්ෂයාගෙන් ආශිර්වාදය ලද අදුරු මායාවේ රජු ලෙවයාතන් ලෙස හැඳින් වූ මෙම ආගන්තුක වෘකයා තමාට විරුද්ධවන්නන් සියලු දෙනා සාහසික ලෙස ඝාතනය කරමින් බ්ලැක් ඩයමන්ඩ් කණ්ඩායම තුල තම බලය තහවුරු කර ගත්තා. ඉන් පසුව ඔහුගේ නොනවතින රුධිර සංග්‍රාමය ආරම්භ වුනා.

ඉතාමත් ම්ලේච්ඡ කුරිරු පාලකයෙක් වූ ලෙවයාතන් පලමුව මායාවරු සියලු දෙනාවම සමූල ඝාතනය කොට ඔවුන්ගේ ගම්බිම් ගිනි තබා විනාශ කලා. ඉන්පසු වැම්පයර් රාජධානි පහෙන් හතරක්ම විනාශ කල ඔහු අනෙකුත් වෘක කණ්ඩායම්ද එකින් එක තම පාලනයට නතු කරගත්තා. සියවස් යුද්ධය ලෙස හැඳින් වූ මෙම දරුණු යුද්ධයේ ලෙවයාතන්ගේ අවසාන ඉලක්කය වුනේ Moon Shine වෘක කණ්ඩායම.

මේ අතරතුර ඇල්ෆා ලෙවයාතන්ගේ ම්ලේච්ඡත්වය හමුවේ පීඩාවට පත් වූ දහස් ගණනක් අහිංසකයන් තමන්ට සිදුවූ අසාධාරණය වෙනුවෙන් සාධාරණයක් ඉටු කරන මෙන් ඉල්ලා සඳ දෙවඟන ඉදිරියේ වැඳ වැටෙන්නට පටන් ගත්තා.

ඒ අනුව සඳ දෙවඟන වැලලී ගිය පුරාවෘත්තයක නවමු පරිච්ඡේදයක් ආරම්භය කිරීමට තීරණය කලේ ලෙවයාතන්ගේ කෲර පාලනය නිමා කිරීමේ අරමුණින්...

__________________________

🌜️🌟

Continue Reading

You'll Also Like

9.1K 1.1K 18
"അൽമേധ സാമ്രാജ്യം"- മനുഷ്യരോ അതോ ചെന്നായ്ക്കളോ എന്ന് തിരിച്ചറിയാനാകാത്ത തരത്തിലുള്ള ഒരു വലിയ ജനത ആ നാട്ടിൽ തങ്ങളുടെ സന്തോഷകരമായ ജീവിതം ആസ്വദിച്ചു പോന...
295K 19.6K 52
My Heart 💘(Uni&Zaw) အရဲစွန့်ပြီး ဖွင့်ပြောမယ်လို့ ရည်ရွယ်ခဲ့တာ ငါချစ်တဲ့မင်းကို ငါပဲပိုင်ဆိုင်ချင်တာ ငါပဲပွေ့ဖတ်ချင်တာ.....ငါပဲထိတွေ့ချင်တာ... ငါနဲ့...
27.5K 5.1K 30
මගේ මේට් කොහොමද මට වඩා බලවත් වෙන්නේ..මං එයාව ප්‍රතික්ෂේප කරනවා.. මගේ මේට් අහිංසක ඔමෙග කෙනෙක් නොවී ඇයි නපුරු ඇල්ෆම උනේ..මං එයාව ප්‍රතික්ෂේප කරනවා..
1.4K 214 4
ගින්දරයි ජලයයි කිසිදා එක්නොවේ නමුත් ඔවුන්ගේ දෛවයට අනුව ඔවුන් එක් උනොත් ? ඔවුන්ගේ එක්වීමෙන් පරම්පරා ගත වෛරය ඉන් අවසන් වෙවිද ?නැතොත් ... මේ ඔවුන්ගේ කතා...