'CAUSE IM LOVED YOU ONCE || v...

By Queen_Jiniwa

38.1K 7.6K 992

'you don't need to be best friends ryt?' 'y-yes.' 'You don't need to hang again ?' 'No i want.' 'But tell me... More

chapter 01
chapter 02
Chapter 03
Chapter 04
Chapter 05
Chapter 06
Chapter 07
Chapter 08
Chapter 09
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
last chapter
Epilogue

Chapter 10

1K 242 20
By Queen_Jiniwa

double updates! happy reading :)

He's the nicest guy I've ever seen.
  He is the strongest, he is the best.

  - He is a beautiful flower that blooms in the desert-

-jeon jungkook-

_____________________

'යූරා!' ටේයොන්ගේ ඩෑඩ් ගෙදරට අඩිය තියන ගමන් හයියෙන් කතා කරාම කිචන් එකේ හිටපු ටේයොන්ගේ ඔම්මා යූරා සාලෙට ආවේ ඇස් ලොකු කරගෙන.

'මොකද කෑගහන්නේ ඩැනියල්?' යූරා ඇහුවම ටේයොන්ගේ ඩැඩ් ඩැනියල් එයාගේ අතේ තිබ්බ බෑග් එක සෝෆා එකෙන් දාලා ටයි එක බුරුල් කරන ගමන් යූරා ලගට ආවා.

'අරයා අදත් කාමරෙන් එළියට ආවේ නැද්ද?' ඩෑඩ් සන්සුන්ව ඇහුව්ම ටේයොන්ගේ මාම් ලොකු හුස්මක් පිටකරලා උඩතට්ටුවේ තියෙන ටේයොන්ගේ කාමරේ දිහා බලලා ලොකු හුස්මක් ගත්තා.

'මන් දන්නෙ නෑ ඩැනියල් එයාට මොනාද වෙලා තියෙන්නේ කියලා. දවසෙම නිදාගන්නවා නැත්නම් ෆෝන් එක දිහා බලාගෙන තනියම හිනාවෙවි ඉන්නවා... මට බයෙත් බෑ ඔය ළමයට ඔහොම ගිහින් පිස්සු හැදෙයිද කියලා..' ටේයොන්ගේ මාම් කිව්වම ටේයොන්ගේ ඩෑඩ් එහෙම්ම සෝෆා එකෙන් වාඩිවෙලා ටීවි එක දැම්මා.

ටේයොන්ගේ මාම් ඩෑඩ් ලගින් වාඩිවුනාම ටේයොන්ගේ ඩෑඩ් ලොකු හුස්මක් පිටකරා.

'එයාලගෙ එක්සෑම්ස් ඉවරයි.. දැන් ප්‍රැක්ටිකල් ඉයර් එක නේ යන්නේ... එයාට ස්ට්‍රෙස් වෙන්න දෙයක් නෑ දැන්.. මට ආරංචි රග්බි මැච් එක දවසේ කොල්ලා හොද අඩව්වක් අල්ලලා කියලා..' ඩෑඩ් කිව්වම ටේයොන්ගේ මාම් ඒ දිහා බැලුවා.

'වට්? මගේ සන් එහෙම කරන්නේ නෑ ඩැනියල්..'

'ඔයාගේ එහෙම කරන්නෙ නෑ කියන මහලොකු සන් තමයි ඒක කරලා තියෙන්නේ යූරා... ඕකා ගැන තව හොයන්න වෙනවා.. දැන් මම ගහන්න බනින්න යන්නෙ නැත්තේ අවුරුදු 26ක ඉලන්දාරියෙක් නිසා විතරයි. නැත්නම් ඕකා තාම මට මගේ පොඩි එකා විතරයි...

ටේයොන්ගේ කනට දෙකක් ගහලා මේ සෙල්ලම මොකක්ද කියලා මම අහන්න කලින් කාලා බීල හොස්පිට්ල් එකේ ප්‍රැක්ටිකල් වලට යන්න ලැහැස්ති වෙන්න කියන්න. නිකන් නෙවෙයි නේ කෝටි 2ක කෝර්ස් එකක් කෙරෙව්වේ එක්සැම් එකත් ෆේල් නිසා... මගෙන් නම්ජූන් ඇහුවා ටේ එන්නෙ නැද්ද කියලා.. ඊටපස්සේ තමයි මම ඔක්කොම දන්නේ..' ඩෑඩ් එක හුස්මට කිව්වම ටේයොන්ගේ ඔම්මා බයවෙලා එතනින් නැගිටලා වේගෙන් ටේයොන්ගේ කාමරේට ගියා.

ටික වෙලාවකින් ලොකු උනත් ටේයොන්ගේ ඇඩිල්ලක් ඇහෙනකොට ඩෑඩ්ට නිකන්ම ඉන්න තැනින් නැගිට්ටුනා. ඩැනියල් උඩට වේගෙන් ගියාම වෙන්න තියෙන දේ වෙලා ඉවරයි.

'ආහ්!! තමුසෙට පිස්සුද යූරා! මන් කිව්වේ ටේයොන්ගෙන් අහන්න කියලා විතරයි. කොල්ලට ගහන්න කිව්වේ කවුද?' ඩැනියල් ඇහුවම යූරා තාමත් හිටියේ ඇද උඩට වෙලා නිදිමත බේරේන ඇස් වලින් කම්මුලකුත් අතින් අල්ලගෙන අඩන ටේයොන් දිහා.

'ඩ්-ඩෑඩ්... ඇයි මමා ගැහුවේ..' ඩැනියල්ගෙන් ටේයොන් ඇහුවම ඩැනියල් ටේයොන්ව එයාගේ ලගට ඇදලා අරගෙන බදාගත්තා. ටේයොන් ඩෑඩ්ගේ බඩේ මූන හංගන් අඩන්න ගත්තම ඩැනියල් ටේයොන්ගේ පිටට තට්ටු කරා.

'දැන් තමුසෙ මෙයාට ගැහුවේ හැමදේම දැනගෙනද!!!' ඩැනියල් හයියෙන් කෑගහලා ඇහුවම ටේයොන්වත් ගැස්සිලා ගියා.

'මොකක් හරි අමන වැඩක් කරලා වෙන්න ඇති මෙහෙම කාමර අස්සේ රිංගන් ඉන්නේ.. කතා කරනවා ටේයොන් මොනාද තමුසේ කරේ ආහ්? දැන් සති ගානක් තිබ්බේ කාමරේ අස්සේ ඉදන් තමුසේ මොනාද කරන්නේ. කෙල්ලෙක්වත් සෙට් වෙලාද ආහ්?? මොකක්ද මේකේ තේරුම'

යූරා ආයෙමත් ටේයොන්ට ගහන්න පැන්නම ඩැනියල් යූරාගේ අතින් අල්ලගෙන පැත්තට කරලා ටේයොන්ව අනිත් අතින් තද කරලා අල්ලගත්තා.

'යනවා යූරා! ගිහින් කොෆි දෙකක් හදනවා මන් පුතා එක්ක කතා කරන්නම්.. ගැණුන්ට ඇයි දෙයක් කිව්වම් තේරුම් ගන්න බැරි.. ඔහොම ප්‍රශ්න විසදන්න පුලුවන් නම් මන් මරලා හරි මුගෙන් ඒක අහනවනේ..දැන් පුතාව මරාගෙන කන්න බලාගෙන ඉන්නෙ නැතුව යනවා මෙතනින්!' ඩැනියල් ආයෙමත් කැගැහුවම යූරා එතනින් යන්න ගියා.

ඕක හරිම සාමාන්‍යයි. ටේයොන්ගේ පවුලේ අය ටේයොන්ගේ වැරදි වලට කවදාවත් හොදින් උත්තර දීලා නෑ.. ගහලා බැනලා තමයි උත්තර හෙව්වේ. දැන් මෙහෙම කෙයා කරාට මාම්ට වඩා ඩෑඩ් හපන් කියලා ටේයොන් දන්නවා.

ඩෑඩ්ට කේන්ති ගිය වෙලාවට මාම් ලගට, මාම්ට කේන්ති යන වෙලාවට ඩෑඩ් ලගට ඒ දෙන්නටම කේන්ති ගියාම ජන්කුක් ලගට යන්න ටේයොන් පුරුදු වුනේ. ජන්කුක් ටේයොන්ගේ ජීවිතෙ වැදගත්ම කෙනෙක්.. හැබැයි ටේයොන්ට ඕනේ වුනේ නෑ ඒක ආදරේ කියලා පිළිගන්න... ඒක සාමාන්‍ය බැදීමක් වෙන්නයි එයාට ඔනේ උනේ... ආදරේ කියන බැදීම ආපු දවසේ ඉදන් ටේයොන්ට ජන්කුක්ව වදයක් උනා~ ඒ වෙන මුකුත් නෙවෙයි.. ටේයොන්ට ආදරේ සෙනෙහස ගැන විදලා පුරුද්දක් තිබ්බේ නැති එකයි වැරැද්ද.. ටේයොන් ආදරේ ලැබුනත් එයා හැමදාම ප්‍රාර්තනා කරේ නොලැබෙන දේවල් වලට, ඒක එයා පුරුදුවෙලා තිබ්බ දේවල්..පොඩි කාලේ ඉදන්ම... ඒකයි එයාට ආදරේ කියන දේ විදිනකොට කරදරයක් වගේ දැනුනේ..

ටේයොන්ගේ safe place එක ජන්කුක්, හැබැයි, ටේයොන් ඒක ආදරේට පෙරළුවේ හැමදාටම ජීවිතේ තියාගන්න.. ඒත් එයාට ඒක වදයක්~ ටේයොන්ව මුල ඉදන්ම ආදරේ ලබන්න සූදානම් කරවන්නයි ඔනේ... අන්න ඒක කවුරුත් තාම තේරුම් අරගෙන තිබ්බේ නෑ.. ඒකයි එයා දකින දකින ආස හිතෙන දේ පස්සෙන් යන්නේ~ එතකොට එයාට සීමාවන් දාන්න බෑනේ.. ඒක කරන්න එපා අරක කරන්න කියලා.  දෙන්නෙක් ආදරේ කරද්දි අපි දේවල් වලට සීමා වෙනවා. ටේයොන්ට ඕනේ අසීමාන්තිකව ජීවත් වෙන්න...

ටේයෝන් ප්‍රාර්තනා කරා එයාව කවුරුහරි තේරුම් ගන්නවා නම් කියලා. මොකද ටේයොන් කවදාවත් හැගීම් හරි හමන් විදියට වචන නොකරපු මනුස්සයෙක්~ එයාව තේරුම් ගත්ත මිනිස්සු තේරුම් ගත්තේ එයාගේ වෙනස් වීම්~ නැතුව එයා කියන දේවල් වලින් නෙවෙයි.

ටේයොන් ගෙව්වේ ජන්කුක්ට වඩා අපායක, මොකද ජන්කුක්ට කට්ටිය හිටියා... ඒත් ටේයොන්ට එහෙම නෑ~

ටේයොන්ට කෝමහරි ජන්කුක්ව ලග තියාගන්න ඔනේ උනා~
.
.
.
.
.
.
.
.

'හරි දැන් ඔයා කියන්නේ ඔයාට ප්‍රැක්ටිස් නිසා එකපාරට මිග්‍රේන් ආවා කියලද?' ඩෑඩ් ඇහුවම ටේයොන් ඔලුව වනලා කොෆි උගුරක් බිව්වා.

'ඇයි කිව්වේ නැත්තේ ඉතින්?' ඩෑඩ් ටේයොන්ගේ ඔලුව අතගාන ගමන් ඇහුවම ටේයොන් කොෆි එකෙන් පේන එයාගේ ප්‍රතිබිම්බය දිහා බලාගෙන හිටියා.

'මාම්ට මම කිව්වා- ම්-මාම් කිව්වා... ඒ-ඒ මගේ ෆෝන් එක නිසා නැත්නම් මට ඇති අමාරුවක් නෑ.. තව ටිකක් ෆෝන් එක ඔබ ඔබ ඉන්න කියලා..' ටේයොන් කිව්වම ඩෑඩ්ගේ අත මිටිමෙලවුනා. ඩෑඩ් උපරිම සන්සුන් වෙලා ටේයොන්ගේ ඔලුව පෙක් කරලා කොන්ඩේ ඇවිස්සුවම ටේයොන් ඩෑඩ් දිහා බැලුවා.

ටේයොන්ගේ ඇස් අමුතු අසරණ කමක් පෙන්නුවම කවදාවත් නැතුව ඩැනියල්ගේ හිතට අමුත්තක් දැනුනා. පොඩි කාලේ ඉද  ටේයොන් හරිම දග කටකාර කොල්ලෙක් ඒත් අවුරුදු 17 පැන්නම ටේයො ගෙදරන් ඈත් වෙන්න පටන් ගත්තා. ටේයොන්ගේ මාම් ඩෑඩ් දෙන්නම එකතුවෙලා ඒකට ටේයොන්ට බැනලා ෆෝන් එක ගනිද්දී ටේයොන් මුකුත් කිව්වේ නෑ.

ටේයොන් පොඩි කාලේ ඉදන් කාත් එක්ක හරි කතා කරලා හිනාවෙලා ඉන්න ආසයි. ඒත් එයා පවුලේ එකම ළමයා නිසා එයා ඩෑඩ් එක්ක මාම් එක්ක කඩ්ල් වුනා.ඩෑඩ් කැමති උනේ නෑ ටේයොන්ගේ කියවිල්ලට.. ඩෑඩ් අනන්තවත් ටේයොන්ට බැනලා එලවගෙන තියෙනවා ඒ වගේ වෙලාවට..

ටේයොන් එයාගේ කාමරේ ඉදන් හොරෙන්ම අඩනකොට මාම් කියන්නේ

'ඔයාට අඩන්න තරම් දෙයක් උනේ නෑ'

කියලා. ඒත් එයාලට තව හිතන්න තිබ්බා ළමයෙක් කියන්නේ ළමයෙක්ට කියලා..

එහෙනම් ටේයොන් අද ඉන්නේ මෙහෙම නෙවෙයි..

ටේයොන්ට ඔනේ වුනා කාවහරි, ඒ කෙනා බලාපොරොත්තු වුන විදියටම ලැබුනම ටේයොන් තව අය බලාපොරොත්තු උනා.. ඔහොම ඔහොම ගිහින් ටේයොන් නැවතුනේ ආයේ හැරෙන්න බැරි තැනක..

එයා එක අතකින් දන්නවා ජින්ව ලැබෙන්නෙ නෑ කියලා. ඒත් එයාට එහෙමයි කියලා ජන්කුක්ව ආයෙමත් ලවර් විදියට ඔනෙත් නෑ...

'මට උදව් කරන්න ජන්කුක්....'

කොච්චර බැන්නත්, කොච්චර වෛර කරත්... ටේයොන්ගේ safe place එක, jeon jungkook~






'හරි ජන්කුක් එතකොට ඔයයි බෝගම් දෙන්නාගේ අෆෙයාර් එක තිබ්බේ මිඩ්ල් ස්කූල් යන කාලේ.. එකත් නිකන් ඩේටින් වගේ එකක් විතරයි...' ජින් ඇහුවම ජන්කුක් ඔලුව වැනුවා.

නම්ජූන් හිටියේ ජන්කුක් 7වෙනි පාරටත් සූසයිඩ් කරගන්න අත කපාගත්ත තුවාලෙට හිරිවට්ටලා මැහුම් දාන ගමන්.

'අ-අපි අතින් වත් අල්ලලා නෑ හ්‍යුන්ගී... අනික ඒ අෆෙයාර් එක තිබ්බේ සති 3යි. ලව් ගැන කිසිම දෙයක් නොදන්න කාලේ හැමෝම කරනවට අපි දෙන්නා නිකන් යාලුවුනේ.. ඒ කාලේ අපි හරියට කතා කරලා වත් නෑ ෆෝන්වත් නෑනේ ඒ කාලේ...' ජන්කුක් කිව්වම ජින් ලොකු හුස්මක් පිටකරා.

'ටේයොන් ඕකද ඔච්චර ලොකු කරගෙන නැටුවේ? ටේයොන්ට ඔනෙ ඔයාගෙන් සම්පුර්ණයෙන් ගැළවෙන්න ජන්කුක්.. එයාට පොඩි දේත් ලොකු හේතුවක්..' ජින් නම්ජූන් ඇරපු ෆස්ට් ඒඩ් එක වහන ගමන් කිව්වා.

'එ-එයාට මගෙන් ඈත් වෙන්න නෙවෙයි හ්‍යුන්ගී ඔනේ... එයාට මාව ඔනේ..' ජන්කුක් කෙදිරි හඩකින් කිව්වම ජින් පිස්සෙක් දිහා බලනවා වගේ ජන්කුක් දිහා බැලුවා. නම්ජූන් මේ හැමදේම හොදට අහගෙන හිටියා.

'මොනාද මේ කියන්නේ.එහෙම නෙවෙයි නම් මොකටද ඔයාට කොලේජ් එක මැද්දේ ගහලා අරම ලැජ්ජ කරේ ප්‍රයිවට් දේවල් ඔක්කොම ඇදලා අරගෙන.. කෝමහරි ඒකෙන් උනේ ඔයාට යුනිවර්සිටි යන්න නැතිවුන එකනේ..' ජින් කිව්වම ජන්කුක් ලාවට හිනාවුනා.

'එයාට ඔනේ මට ආදරේ කරලා කරපු වැරැද්දෙන් ගැළවෙන්න හ්‍යුන්ගී.. එයාට මාව ඔනේ.. එයාට මන් ලග විතරයි සැනසෙන්න පුලුවන්.. එයාම ඒක කියලා තියෙනවා.. එයාට ඔනේ වෙන කාටහරි ආදරේ කරන්න...
ඔයා දන්නවා නේ... ටේ-ටේ ඔයාට කැමති කියලා...'

ජන්කුක් කිව්වම ජින් ජන්කුක් දිහා  බලලා නම්ජූන් දිහා බැලුවා. ඒ ක්ෂණයෙන්ම නම්ජූන්ත් ජින් දිහා බැලුවම ජින් ලොකු හුස්මක් අරගෙන ජන්කුක්ගේ අනිත් අත අතගෑවා.

'මන් ඒක දන්නවා... එයා මට ඒක කිව්වා.. මන් එයාට පැහැදිලි කරා කුක්.. අනික එයාට ඇයි මෙච්චර ලස්සන දියමන්තියක් වගේ ඉන්න ඔයාව මැනික් ගලක් දිහා බලාගෙන පයින් ගහගහන්නේ?'

ජන්කුක් කදුලු අතරින් හිනාවුනා.

'දෛවය හ්‍යුන්ගී... ඒක අපි දෙන්නගෙම දෛවය... මන් ප්‍රාර්තනා කරනවා ටේට එයා ආස හැමදේම ලැබෙන්න කියලා.. හ්‍යුන්ගිට නම්ජූන් හ්‍යුන් නැත්නම්... මන් කැමති හ්‍යුන්ගී ටේ එක්ක ඉන්නවා නම්.. ටේටේට ගැලපෙන්නේ ඔයා වගේ ලස්සන, අහිංසක හොද කෙනෙක් හ්‍යුන්ගී... මන් වගේ අමුතු කෙනෙක් නෙවී...' ජන්කුක් කිව්වම නම්ජූන්ගේ ඇස් වලට කදුලු පිරුනා.

කෙනෙක්ට මෙච්චර රිදදලත් ආදරේ කරන්න පුලුවන්ද? ඒවා තියෙන්නෙ ප්‍රබන්ධ වල විතරයි.. ඒත් මේක ඇත්ත ජීවිතේ..

'බබී තාමත් ටේයෝන් අර කියපු කතාව හිතනවද?' ජින් ටේයොන් එදා කියපු කැත කතාව මතක් වෙල ඇහුවම ජන්කුක් හිනාවුනා..

'ඒක ඇත්ත හ්‍යුන්ගී.. මට ඒක යුන්ගි හ්‍යුන්ත් කියලා තියෙනවා.. මන් ගෑනියෙක්ටත් නැති පිරිමියෙක්ටත් නැති එකෙක් කියලා...' ජන්කුක්ගේ කදුලක් ජින්ගෙ අතට වැටුනනම ජින් ජන්කුක්ගේ මූන දෝතට අරගෙන නළල පෙක් කරා.

'එහෙනම් මමත් එහෙම කෙනෙක්නේ කූ බබී..'

'නෑ නෑ හ්‍යුන්ගී එහෙම නෑ හ්‍යින්ගී ස්පෙශල් ඒනජ්ල් කෙනෙක්... මන් එහෙම නෙවෙයි.. හ්‍යුන්ගී වෙනස්...' ජන්කුක් කලබලෙන් කිව්වම ජින් කදුලු පිරුන ඇස් වලින් නම්ජූන් දිහා බැලුවා. නම්ජූන්ගේ ඇසුත් ලා කදුලු පටලෙකින් වැහිලා ගිහින්.

'ඔයත් ගොඩක් ස්පෙශල් මගේ කුකී...' ජින් කිව්වම ජන්කුක් ඉකිගහන ගමන් අඩන්න ගත්තා. නම්ජූන් බෙහෙත් දාලා ඉවර උන අතත් අරගෙන ජන්කුක් ජින්ව හග් කරාම ජින් ජන්කුක්ගේ පිට හෙමින් අත ගෑවා.

He's the nicest guy I've ever seen.
  He is the strongest, he is the best.

____________________

hey
hey!
double updates 😚
thursday updates නෑ හරිද?
මන් එදාට our kids update කරන්න හිතාගෙන ඉන්නවා 🙂👍

please comment!!

[කතාවට යමන් සිද්දවෙලා තියෙනවා! typ කරන්න ගියාම මේක පිස්සු කෙලිනවා වීව්ස් පෙන්නන්නේ අමුතුවට... මට පෙනි යනවා මෙකේ අප්ඩේට් ඔනේ නෑ වගේ එකක්! එහෙම එකක් තියෙනවා නන් කියන්න report නොකර හරිද 😚👍]


Continue Reading

You'll Also Like

398K 6.4K 79
A text story set place in the golden trio era! You are the it girl of Slytherin, the glue holding your deranged friend group together, the girl no...
802 141 5
Taekook Top kook⬆️ Bottom Tae⬇️ werewolf love story😘 Smut warning🔞 Male pregnant😇
1.1M 19.1K 44
What if Aaron Warner's sunshine daughter fell for Kenji Kishimoto's grumpy son? - This fanfic takes place almost 20 years after Believe me. Aaron and...
85.4K 16.9K 61
I don't want to be your brother. Why can't you see me as your lover ?! Started to write - 2021.08.22 🐆 Finished - 2022.09.29 🐇