BREATH OF LIFE (Complete)

By DEESHAPONNAMPERUMAGE

598K 112K 50.6K

කවුරුත් නැතිව උඹම උඹේ හිත සනස ගත් දවසට ඒහිත ඒ හේතුවටම කිසිදින නැවත නොවැටෙනු ඇත.........!! More

01වන කොටස........
02වන කොටස...
03 වෙනි කොටස.......
04වන කොටස.....
05වන කොටස.....(bonus )
06වන කොටස....
07වෙනි කොටස...
08වන කොටස....
09වන කොටස...
10වන කොටස.....
11වන කොටස.....
12 වන කොටස....
13වන කොටස....
14වන කොටස...
15වන කොටස...
16වන කොටස...
17වන කොටස....
18වන කොටස....
19 වන කොටස....
20වන කොටස.....
thank you note😘😘
21වන කොටස.....
AUTHOR NOTE...
23 වන කොටස..
24වන කොටස....(bonus )
25වන කොටස...
26වන කොටස.....
27වන කොටස...
28වන කොටස.....
29වන කොටස....
30 වන කොටස....
31 වන කොටස....
32වන කොටස....
33වන කොටස...
34වන කොටස...
35වන කොටස....
36වන කොටස.....
37වන කොටස...
38 වන කොටස...
39වන කොටස.....
40වන කොටස...
41වන කොටස..
42වන කොටස...
43වන කොටස...
44වන කොටස...
45වන කොටස....
46වන කොටස...
47 වන කොටස...
48වන කොටස....
49 වන කොටස......
50වන කොටස...
51වන කොටස...
52වන කොටස...
53 වන කොටස..
54 වන කොටස....
55වන කොටස...
56වන කොටස...
57වන කොටස...
58වන කොටස..
59 වන කොටස...
60වන කොටස..
61 වන කොටස...
62 වන කොටස...
63වන කොටස.....
64වන කොටස...
65වන කොටස...
66 වන කොටස....
67වන කොටස....
68වන කොටස.....
69වෙනි කොටස...
70වන කොටස....
71වන කොටස....
72වන කොටස...
73වන කොටස..
74 වන කොටස.....
75වන කොටස.....
76වන කොටස....
77වන කොටස....
78වන කොටස....
79වන කොටස...
80 වන කොටස....
81වන කොටස...
83වන කොටස...
84වන කොටස....
85වන කොටස....
86වන කොටස....
87වන කොටස..
88 වන කොටස..
89වන කොටස...
90 වන කොටස...
91වන කොටස...
92 වන කොටස..
93 වන කොටස...
94 වන කොටස....
95වන කොටස..
96වන කොටස....
97වන කොටස...
98වන කොටස...
99වන කොටස.....
100 වන කොටස.
101 වන කොටස...
102වන කොටස...
103 වන කොටස....
104වන කොටස...
105වන කොටස...
106 වන කොටස..
107වන කොටස...
108 වන කොටස...
109වන කොටස .....
110 වන කොටස..
111 වන කොටස....
112වන කොටස....
113 වන කොටස..
114වන කොටස...
115 වන කොටස....
116 වන කොටස..
117.............!!!
Thank you note❤️😘

82 වනකොටස

3.9K 860 266
By DEESHAPONNAMPERUMAGE

අප්පච්චි ......

මම මගෙ අප්පච්චිව අල්ලගත්තා ......

එයාගෙ තාත්තගෙ ඇස්වල තිබුනෙ මොන ජාතියෙ හැගීමක්ද කියන්න මම දන්නෙ නෑ ..එයා වගේම මම දෙතැනක හිර උනා...

තාත්ති ඇති... ... අනේ ප්ලීස් තාත්ති ඇති.......

මගෙ විතේන් ගෙයි දොරකොඩ මගෙ අප්පච්චිට වගේම එයාගෙ තාත්තට මැදි වෙලා ඉදන් දෙන්නව දෙපැත්තට තල්ලු කරනවා....එයාගෙ තාත්තා ගැහුවා උනත් මගෙ අප්පච්චි නෙවෙ කටක් ඇරියෙ....මගෙ අප්පච්චි නෙවෙ ආපිට ගැහුවෙ.....

පහන් ඇති... ප්ලීස් නවත්තන්න....ඔයා ආවෙ රන්ඩු වෙන්න බලන් නම්....දෙයියන්ගෙ නාමෙට වෙන කොහෙට හරි ගිහින් මරාගන්න....මේ දරුවො ඉස්සරහා නැතුව වෙන ඕන තැනක ගිහින් මරාගන්න .....

රසානි....පැත්තකට වෙන්න රසානි....

පහන් එයාට එයාට මොකුත් කරන්න එපා....ප්‍රශ්නෙ තියෙන්නෙ මා එක්ක නම් මා එක්ක බේරගන්නවා එයාට අත තියන්නෙ නැතිව....

අනේ අප්පච්චි ......අප්පච්චි නවත්තන්නකො.....

තාත්තී.....තාත්තී...අම්මි....අම්මී.....අනෙ අම්මි නවත්තන්නකෝ.........අනෙ සුදුමහත්තයා අප්පච්චිව ගන්නකෝ ..අනේ තාත්තීහ්.....දෙයියන්ගෙ නාමෙට නවත්තපියව් ...තොපි ඔක්කොම නවත්තපියව් ......

විතේන් .....විතේන් ....

නවත්තපියව් .....තොපි ඔක්කොම නවත්තපියව් .....සුදු මහත්තයා මාව අතෑරපන්.......

අප්පච්චි දෙයියන්ගෙ නාමෙන් ඕක නවත්තන්න අප්පච්චි ....වදින්නම්...මගෙ කොල්ලට උන...

එයාගෙ තාත්තා මගෙ අප්පච්චි එක්ක රන්ඩු කරන්න හදනකොට එයාගෙ අම්මා මැදට පැන්නා වගේම එයාගෙ තාත්තා අම්මව තල්ලු කරලා අරිනවා එක්කම මගෙ අප්පච්චි එයාගෙ අප්පච්චි එක්ක මරාගන්න හදනකොට මේ ඔක්කොම මැදට වෙලා උන්න මගෙ විතේන්ට ඉවසන්නම බැරිම තැනද මන්දා එයා එතන තිබුන වීදුරු රැක් එකක් පෙරලුවා...අම්මා තාත්තට ගහගන්න බැරි කමට එයා ඒ තිබුන බඩු ඔක්කොම කුඩු පට්ටන් කරනකොට මං එයාව ඇදලා අරන් තුරුල් කරන් කෑ ගැහුවා වගේම මරාගන්න ගියපු අය පැත්තට වෙනකොට මං එයාව එක්කන් ගියා ...

කෝ බලන්න....අත කපා ගත්තද.....කෝ.....බලන්න....

මම එයාගෙ අත පය බැලුවා....එයාව් ගැහෙනවා උනට අමාරුවටද තරහවටද දන්නෙ නෑ එයාව ගැහෙනවා....මම වත් එයාවත් නෙවෙ එතනින් පස්සෙ කතා කෙරුවෙ ....අපේ කෑ කෝ ගහන සද්දෙටද මන්දා පහල ගෙදර උනුත් ඇවිත් උන්නා වගේම ගුටි කාපු අප්පච්චි සද්දයක් නොකර ඇවිත් ඉදගත්තා එයාගෙ තාත්තා අනිත් පැත්තෙන් ඉදගත්තා .......

ලොකු පුතා අයිස් තියනවද.....

මම උන්නෙ එයාව තවමත් අත් දෙකෙන් තුරුල් කරන් ඉන්නකොට එයාගෙ අම්මා මට ලොකු පුතා කියලා කතා කෙරුවා ....එතකොට මම ලොකු පුතාද . . ...මං එයා මගෙන් අයිස් තියනවද අහනකොට මං ඔලුව වැනුවා ......එයාගෙ කටහඩෙ කිසිම තරහක්වත් මොකුත් තිබුන් නෑ....එයා හැසිරුනේ කාලයක් තිස්සෙ අපි හැමෝම එකට ජීවත් උනා වගේ හැගීමක් එක්ක වෙනකොට ආපු මහන්සියවත් යවන් නැතිව අයිස් හොයන්න ගියා .....

තේශී....

ම්ම්ම්...

එන්න යන්න ..

එයා මගෙ මූන දිහා බලලා එන්න යන්න කියනකොට මං අප්පච්චි දිහා බැලුවා ...මගෙ අප්පච්චි ඉන්නවා එයා බිම බලන් ඉන්නකොට එයාගෙ තාත්තා මගෙ අප්පච්චි දිහා බලන් උන්නා...

පහන් මේක තියන්න...

රසානි......

ඔයයි පටන් ගත්තෙ....මං ඔයාට කිව්වා ..කියලා එක්ක ආවෙ....අපි ගැන අමතක කරන්න...ඒත්...ඔයාට පේනවා මෙතන තවත් බැදීමක් තියනවා ......

මං අහන් උන්නා මගෙ විතේන් අහන් උන්නා....එයාගෙ අම්මා තාත්තගෙ අතට බලෙන් වගේ අයිස් බෑග් එක තිබ්බා වගේම මගෙ අප්පච්චිගෙ සුදු පාට කම්මුලෙ රතු පාට ඇගිලි පාරක් හිටලා තිබ්බා ....

තේශී ....එන්න යන්න ..එයාලගෙ දේවල් එයාලටම විසදගන්න දෙන්න ....ඔව්වට අපි අතදාන්න ඕන් නෑනෙ.....අනික තාත්ති....අප්පච්චි ඔය දෙන්නටම කියන්නෙ දෙයියන්ගෙ නාමෙට කියන්නෙ....ඉන්න දවස් ටිකේ කා ගන්නෙ නැතුව ඉන්න ...අප්පච්චි ඔයාම දන්නවා මම වගේම නිතේශ් කොහොමද උන්නෙ කියලා..කරුනාකරලා අනේ ආය මෙතන කා ගන්න එපා...වදින්නම්.....

.

එයා තේශි කියලා කතා කෙරුවත් ඒ ඇස් දෙක තිබුනෙ මගෙ අප්පච්චි වගේම එයාගෙ තාත්තා ගාවට වෙනකොට මං බලාගන ඒ දෙන්නම බිම බලන් උන්නා...අවසානෙදි එයා බැන්නා....මං විතේන් ඇති කියලා කියලා වත් කිව්වෙ නෑ......මන් කටවහන් උන්නා මොකද ඊලග පාර ඒ කට හැරෙන්නෙ මගෙ දිහාවට වෙනකොට මමත් මීක් නොගා උන්නා...වෙනදට මගෙ අප්පච්චි ලව්වා මොනවම හරි ගෙන්න ගන්න අඩුම ගානෙ රුපියල් සීයකට දෙසීයකට වත් විදින ගඩාපි පැටියා පව අද හොරා වගෙ කටවහන් ඉන්නකොට මං බලාගන පලිගුවා නන්නාදුනන ආගන්තුකයන්ගෙ අත පය ඉව කර කර එහා මෙහා ගියා වෙලාවකට නැට්ට වනන්න හැදුවා එයාගෙ අම්මගෙ පස්සෙ යන්න හැදුවා...සෙල්ලමට අඩගන්න වගේ බිරුවා......අවසානෙදි ඒකා අපි මැද ඉදගන කනක් කහන්න ගත්තා ......

එන්න තේශි.....

මම එයාගෙ පස්සෙන් යනකොට ඩියෝනයා වගේම ශෙනෝනුත් අපේ පස්සෙන් ආවා......

අම්මි....මහන්සීනේද.....වොශ් එකක් වත් දාගන්න

මහන්සී නම් තමයි.....ඒත් ඉතින් එන්නත් කලින් තාත්ති අඩව්වක් ඇල්ලුවා...මම කිව්වා..කට කැඩෙනකම්ම කිව්වා...මං කොච්චර කිව්වත්..කනකට ගත්තෙ නෑනෙ මේ මිනිහා මගෙ ලේ පුච්චනවා....වෙන මොකුත් නෙවෙ හිතුවක්කාර කම.....හිතුවක්කාර කම......මං එන්න බෑ කියනකොට ඇදන් ආවා.........

මං අහන් උන්නා...එයාගෙ අම්මා තාත්තට දෙහි කපන්න ගත්තා හුස්මක් වත් නැතිව....වෙනසක් නෑ මගෙ එකාට ගිහින් තියෙන්නෙ අම්මගෙම කට......අම්මා එයාගෙ තාත්තට හිතුවක්කාර කම කිය කිය බනිනකොට මට ඉබේටම මගෙ විතේන් දිහා බැලුනා...මේකත් මට බනින බැනිලි ඔය වගේමයි ..ඒ පුපුරන විදිහමයි...මොනවා උනත් මගෙ අප්පච්චි කලින් යාලුවෙලා ඉදලා තියෙන්නෙත් අනීතෙක් එක්කමයි.........මට ඉන්නෙත් අනීතෙක්මයි..........

ඔය උන්න දෙන් අම්මි....එයාගේ තියෙන්නෙත් මගෙ මිනිහට වගේම පුදුම අමාරුවක් හිටපු ගමන් ඇට පැලවෙනවා

ආ මේ මොකද මේ...මාව නම් ඕවට ගාවගන්න එපා ආ....

මන් මාරුවෙන්න හැදුවා නැන්දම්මලා පුතාලා එකතු වෙලා මාව මඩවන්න හදනකොටම මං මාරුවෙන්න හැදුවා .....ඒ උනත් මට යාගන්න බැරි උනා වගේම මාව ඒ අය මැද්දට හිර උනා...මං බලන් උන්නා අම්මලා පුතාලගෙ කියවිල්ල ඇත්තටම එයාගෙ අම්මා නම්..මට කියන්න තේරෙන්නෙ නැ....ඒ මනුස්සයා ජීවිතේ ගැන තේරුම් ගන්න හදන කෙනෙක් ජීවිතේ විදින කෙනෙක් ....බොරු තාන්න නාන්න පස්සෙ නොයන කෙනෙක් .කොටිම්ම කිව්වොත්.....මගෙ විතේන්ගෙ අම්මා...මගෙ අප්පච්චිගෙ අදරේ ..ඇත්තටම එයා මිනිස්සු කොටු කරපු රාමුවෙන් එහා ලෝකෙ දකින කෙනෙක් .....

ආදරේ කියන්නෙ ආදරරේට මිසක්...සර්වාංගෙ ගති ලකුනු එක්ක එලියට එන හැගීමක් නෙවේ කියන එක එයා තේරුම් අරන් තිබ්බා.....

ඇග රස්නෙයිනේ ...බෙහෙත් ටිකක් වත් ගෙනාවෙ නැද්ද ..

අපෙ විතේන්ට බෙහෙත් බොන්න බෑනෙ නැන්දියෝ....

ඇයි ඒ...

ඒ ලමයට බෙහෙත් බොන්න බෑනෙ ....

මං සාක්කුවට අත්දෙකත් දාගන පැන්ට්‍රි එකට හේත්තු වෙලා මම මට නොලැබුන අම්මෙක්ගෙ ආදරේ මගෙ විතේන් විදින හැටි බලන් උන්නා....මගෙ අම්මා ගාව කවදාවත් නොදැකපු ඒ හිනාව....ඒ නිදහස් කම....අම්මෙක්ගෙ පිරුන පපුවකට යටින් තියන ආදරේ මං බලන් උන්නා......ඇත්තටම ජීවිතෙ පලවෙනිම පාරට මං මගෙ පන වගේ ආදරේ කරන විතෙන් ගැන ඊරිසියාවක් දැනුනා....අම්මෙක් උන්නත්....නව මාසෙක වැදෑමහෙ පිහිටෙන් මං හුස්ම ඇල්ලුවත්....බත් කන තාක් කිරි පෙව්වත්....මට කවදාවත් අම්මගෙ ආදරේ පපුවට දැනෙන්න දුන්නෙ නැති වෙන්ස්කොට මං මගෙ විතේන්ට ජීවිතේ පලවෙනි පාරට ඊරිසියා කෙරුවා .....

සමහර විට මං වැරදි ඇති....ඒ උනත්..ඒ ලෝකෙ හුස්ම අල්ලන හැම ප්‍රානියෙක්ම කැමති ආදරේ විදින්න......ආදරේ කරන්න.........ආදරේ ලබන්න....ජීවත් වෙනවා කියන එක කට වචනවලට සීමා නොවී.....ඇත්තටම ජීවත් වෙනවා කියන වචනේ තේරුම විදින්න....

මං බලන් උන්නා..එයාගෙ අම්මා එයාගෙ නලලට අත තිය තිය බල බල අනම් මනම් කියනකොට කා එක්කත් තත්පර ගානක් ඇතුලත යාලුවෙන්න පුලුවන් කමක් තියන ගඩාපි පැටියා මගෙ විතේන්ට බෙහෙත් බොන්න බෑ ගගා කට උල්කර කර කියවන හැටි මං බලන් උන්නා....

ඇත්තටම ආදරෙ කියන්නෙ වෙලාවකට දුකක් කියලා කිව්වට....තවත් වෙලාවකට ආදරේ කියන්නෙම මහ පුදුම දෙයක්.....ආදරේ කියන්නෙම විශ්ව භාශාවක්.........

ආදරේ වෙනුවෙන් මිනිස්සු ලේබලයක් නොගහන තාක් කල්....ආදරයක් වෙනුවෙන් මිනිස්සු සීමාවක් වැටක් බදින්නෙ නැති තාක් කල්...මේ ලෝකෙ තියන සුන්දරම හැගීම ආදරේ.......

ගෑනු වේවා....පිරිමි වේවා...බැදීමක් ඇතිද වෙන්නෙ හැගීමක් හින්දා....

හැගීමක් ඇතිවෙන්නෙ කැමැත්තක් හින්දා අවසානෙදි ඒ හැම දේම එකතු වෙන්නෙ ආදරෙ හින්දා ......මට තේරෙන්නෙ නෑ....මොල්ලිගොඩ වලව්වෙ මිනිස්සු ආදරේ කියන වචනෙට ඔය තරම් ගරහන්නෙ ඇයි කියලා ..

උන් මගෙ අප්පච්චිගෙන් උදුරන් තියෙන්නෙ සුන්දර වගේම ආදරනීයම ගැහැනියක්ව...අම්මෙක්ව....සමහර විට මගෙ අප්පච්චි වයසට වඩා වයසට නොයා ඉන්න තිබ්බා හිත සතුටින් උන්නා නම්.....

මං බලන් උන්නා...මගෙ විතේන් අම්මි අම්මි ගගා කියව කියව මොන මොන මොනවදෝ දොඩවනකොට එයාගෙ අම්මා මහන්සිය ....අඩුම ගානෙ ඇදුමක් වත් මාරු නොකර එයා අහන කියන හැම දේටම අකුරක් වත් අහක දාන්නෙ නැතිව අහන් ඉන්න හැටි......එකම ප්‍රශ්නයක් වත් මග අරින් නැතිව උත්තර බදින හැටි මම අහන් උන්නා.....

කතාවක් තියනවා බල්ලෙක්ගෙ හදවත සමානයි වලිගෙට කියලා...ඌට හිතේ හැගීම් අකුරු කරන්න බැරි හින්දා ඌ වල්ගෙ වනනවා....සමහර වෙලාවට ෆෑන් එකක් වගේ...වනාගන වනාගන යනවා.....උගෙ ආදරෙ ඌ වල්ගෙන් පෙන්නනවා.......

අම්මෙක්ගෙ ආදරේ ඇස්වලින් වගේම කිරිවලින් පෙන්නනකොට තාත්තෙක් හැමදාම උරහිස් වලින් දරාගත්තා .. ..

හැබැයි මං හැමදාම ඇදුනුවෙ අප්පච්චිගෙ ආදරේ විතරයි.....කවදාවත් අම්මගෙ ආදරේ මට දැනුනෙවත් නැති වෙනකොට මම එ අම්මගෙ ආදරේ දිහ බලන් උන්නා.....

දන්නවද මට නොලැබුනත්...මම ප්‍රාර්තනා කෙරුවත්.....අම්මා තාත්තගෙ ආදරෙ හරි ඒක පාර්ශවීකයි.....මේ ලෝකෙ ඕන තරම් ඒක පාර්ශවීක ආදර කතා ඕන තරම් ඇති....ඉහේ කෙස් ගානට ඇති ...ඒත් කිසික දවසක අම්මා තාත්තගෙ ආදරේ තරම් ඒක පාර්ශවීක නැතිව ඇති......

අම්මෙක්ට පුලුවන් නොදකින කලලෙකට ආදරේ දෙන්න ඒ ආදරේ ඒකපාර්ශවිකයි.....උඹ මට ආදරෙයිද පුතෙ කියන එක නාහා ..ආදරෙ කරන්න ...දරුවා අම්මට ආදරේ කලා නැතා හෝ ආදරෙ දෙන්න. ..

අප්පච්චි කෙනෙක්ට පුලුවන් දරුවෙක් නිදා ගත්තු හැම රෑකම මම උඹට ආදරෙයි මගෙ පුතේ කියලා ඔලුව අතගාලා නලලට හාදුවක් තියලා රෙද්දෙන් පොරවලා යන්න..ඒ ආදරේ ඒක පාර්ශවීකයි... ..අපි දරුවෙක් විදිහට පෙරලා ආදරේ කලා...හෝ...නොකලා....අම්මට තාත්තට පුලුවන් ආදරේ දිගින් දිගටම දෙන්න...ආපහු අබ ඇටයක තර්ස්ම් වත් දෙයක් බලාපොරොත්තු නොවීම.......

එහෙම බලන් ගියාම අම්මා තාත්තාගෙ තරම්....ඒක පාර්ශවීක ආදරයක්...මේ ලෝකෙ කොහෙවත්ම නැතුව ඇති...මට නොලැබුනත්......මට අම්මා අප්පච්චි දෙන්නම උනෙ මගෙ අප්පච්චි ...උඹ මට ආදරෙයිද මගෙ පුතේ කියන දේ නාහා මට මේ වෙනකම්ම ඒක පාර්ශවීකවම ආදරේ කෙරුවෙ මගෙ අප්පච්චි .....

මම බලන් උන්නා.......එයාගෙ අම්මා ලෝභ කමක් නැතිවම ආදරේ බෙදනවා.....එයාව ඉබිනවා...කාගෙ ඇගක හරි එල්ලිලා හුරතල් වෙන්න හදන ඩියෝනයා එයාගෙ අම්මගෙ ගාවින් හෙළ වෙන්නෙ නැතිව උන්නා...මේ හැම දේම මං බලන් උන්නා....

අවංකවම...මිනිස්සු ඉපදෙන්නෙ ජීවත් වෙන්න බලාගන නෙවෙ ආදරෙ විදින්න බලාගන .....

ලොකු පුතා .......

අම්මා.....

එයාගෙ අම්ම මට ලොකු පුතා කියනකොට මම පලවෙනි පාරට හදවතින් අම්මා කියන වචනෙ කිව්වා.....ඒක මගෙ අනීත අම්මට අම්මා කියනවට වඩා ලේ නහර වලට දැනෙනකොට මම අම්මා කියන වචනෙටන්ලෙ නහරවල පවා තිබුන ආදරේ කාවැද්දුවා... ..

මෙන්න මේක ගිහින් දෙන්න.....දීලා වචනයක් කතා නොකර එන්න .මං ඔය මිනිස්සු දෙන්නගෙම හැටි දන්නවා.....

ඔව් අම්මි.....ඔය මිනිස්සු දෙන්නගෙ හැටි විතරක් නෙවෙ මේ මිනිහගෙත් හැටි දැනගන්න....

මං එයාට රැව්වා...මේකා අම්මා ඉස්සරහා මට අඩත්තේට්ටම් කරනකොට ඇස් දෙක හීනි කරපු මම් හොරාවට මගෙ මැද ඇගිල්ල පෙන්නනකොට මූ අදත් කාගෙත් ඇස්වලට හොරෙන් තට්ටමට තට්ටුවක් දාගන කටකොනින් හින උනා.....

ඔයා අපේ දෝනියටත් මොනවා හරි ....යම් කිසි දෙයක්....සුලුවෙන් හරි අරන් ආවද ඇන්ටියෝ....ඈ....විතේන්ලගෙ අම්මියෝ....ඈ....

ඔව්...ඔව්....සුලුවෙන් අරන් ආවා.......

එයාගෙ අම්මා මගෙ අතට ඉගුරු දාපු තේ එකක් දුන්නා....

මේක මගෙ ඩිවෝර්ස් උන මිනිහට...ඕකට දියවැඩියාව......මේක......

ඒක වෙන්න මිනිහට කියන්න ඇන්‍ටියෝ.....ඒක අපේ නිතේස් අයියගෙ අප්පච්චිට ........නේ....ඈ...ඇන්ටියෝ ..ඈ.....

ඇත්තටම මට හිතා ගන්න අමාරු උනා.....එයා කොහොමද මෙහෙම කතා කරන්නෙ කියලා ....ඒ ඇස් වල හිනාව...ඇත්තටම නිර්ව්‍යාජයි ......එයා මගෙ විතේන්ගෙ තාත්තට මගෙ ඩිවෝර්ස් උන මිනිහා කියලා කියනකොට ඒ මූනෙ හිනාවක් තිබුනා....මගෙ අප්පච්චගෙ තේ කෝප්පෙ ගාවදි ඒ මූන රතු උනා....ඇත්තටම මිනිස්සු සතුටින් ඉන්නකොට කොයි තරම් සැහැල්ලුද......ඩියෝනයා මගෙ අප්පච්චිව වෙන්න මිනිහා කියනකොට මං බලාගන එයාගෙ අම්මා අත් දෙකෙම්ම කට වහගන්නවා....ඇත්තටම එයා සතුටින් .......එයා මගෙ මූන දිහා බලලා හිනා උනා.....ලොකු පුතා කියන වචනෙ ඇතුලෙ තිබුනෙ ආදරයක් විතරක් වෙනකොට නියං කාලෙ අහවර වෙලාදෝ කියන එක මගෙ පපුවට දැනුනා....

ඇත්තටම එයාගෙ අම්මයි මගෙ අප්පච්චියි කසාද බැන්දා නම්.....මම ඉදීද.....එහෙම උනා නන්....එයා ඇත්තටම මට ලොකු පුතා කියාවි නේද..........

මම තේ දෙක අරන් සාලෙට ගියා.......එයාගෙ තාත්තා වගේම මගෙ අප්පච්චි ඉන්නවා ....කියන්න තේරෙන්නෙ නෑ. .එයාගෙ තාත්තා මගෙ අප්පච්චිගෙ මූනට අයිස් බෑග් එක තදකරන් උන්නා...ඒ දෙන්න තවම තරහෙන්ද කොහෙද ......

අප්පච්චි .......තාත්තා...මෙ ...තේ ගෙනාව....

තියන්න......

එ එයාගෙ තාත්තා ......

එයාගෙ තාත්ත්ගෙ කට හඩ අර අයුස් බැග් එක හා සමානවම සීතල උනා.....නැන්දම්මා මගෙ පැත්ත ගත්තට මාමන්ඩියා මා දිහා බලන් උන්නෙ ඇස් හීනි කිරන් වෙනකොට මං බලාගන මගෙ අප්පච්චි බිම බලාගන වහෙ උන්නට ඇස් කරකවනවා...

තමුන්......

තාත්තා ....

ලගට එනවා....

පහන්.......ඔයා මොකද කරන්න හදන්නෙ..

..එයාගෙ තාත්තා යන්න හදපු මාව ආයම අල්ලන් නවත්තගන්නකොට රතු සිග්නල් ලයිට් එකක් වැටෙන්න යන හින්දමද කොහෙද මගෙ අප්පච්චි එයාගෙ අතකින් අල්ලගත්තා උනත් එයාගෙ තාත්තා මගෙ අප්පච්චිගෙ අත ගසලා දැම්මා.....

දහම් තමුන් පොඩ්ඩක් කට පියන් පාඩුවෙ උන්නොත් වඩාත් හොදයි......අප්පගෙම අච්චුවනෙ......ගහේ කටු උල්කරන්න එපාය කියලා කියන්න මට අයිතියක් තියනවනෙ නේ.........

එයා මගෙ අප්පච්චිට බනින්න ගත්තා ......එයාගෙ අම්මව දලා ගියපු වරදේ දේශනාවම මටත් දෙන්න හදනකොට මම අඩියක් පස්සට ගියා ......ඇත්තටම මගෙ විතේන් කවුර් වගේද හිනා වෙනකොට එයා තනිකරම අම්මා වගේ....ඒත්....තරහා ගියහම රවාගන ඉන්නකොට .......ඒ මුන තනිකරම තාත්තා වගේ......ඇත්තටම මගෙ විතේන් අම්මා වගේ නෙවෙ ඒකගෙ තාත්තා වගේම යකෙක් ද කොහෙද ......

නම මොකක්ද .......

පහන් ඔයා දරුවව බය කරනවා....

දරුවා....මේකා දරුවෙක් නෙවෙනෙ දහම් නේ....දරුවෙකට පුලුවන්ද පවුල් කන්න....මෙ යස අගේට මගෙ කොල්ලා එක්ක පවුල් කන එකාට දරුවා කියන්න ඔලුව කොහෙ හරි වැදුනද.....

නිතේශ් සෙයෝන් දිසානායක .....

මම ඉක්මනට මගෙ නම කිව්වා...මොකද එයාගෙ තාත්තා මගෙ අප්පච්චි කියපු එක වචනයක් අල්ලන් පන්න පන්න පහර දෙනකොට මං අප්ප්ච්චිව බේරගන්න මගෙ නම කිව්වා ...ඇත්තටම එයාගෙ අම්මා තාත්තා කොහොම උන්නදෝ මන්දා ....

නිතේශ් සෙයෝන්....දි.....සා....නා....ය....ක......

ඔව්......

දිසානයක හාමුගෙ එකම පුතා.....මොල්ලිගොඩ වලව්වෙ එකම මුනුබුරා ........තමුන් ඔය දැලෙ දාන් ඉන්නෙ මගෙ පනව......

පහන්......

අනේ තාත්තී ....

.උඹ කටවහපන් විතේන් .....

පහන් ඔය ඇති පහන්......

රසානි .......දුක දන්නෙ විදපු එකානෙ නේද....

පහන්....ඒ උනාට අපි ආවා විතරයි .....

ඔව්...ආවා විතරයි ...ඒත්....දුක් විදපු මිනිස්සුන්ට උත්තර ලැබෙනකොට ඒවට වෙලාවක් අවේලාවක් නෑ.....තමුන් මගෙ ගාව උන්න හැටි මතකනෙ...නේ........රසානි ...මම ජීවත් ඉනේ කොහොමද තමුන් ජීවත් උනේ කොහොමද කියන්න දන්නවා.....අවුරුදු ගානක්.....අඩපු හැටි......එවා අමතක කරන්න බෑනේ ..නේ.......

එයාගෙ තාත්තා ආයම ගුගුරන්න ගත්තා එයාගෙ අම්මගෙ මුන වෙනස් උනා....අතීතෙ දේවල් අතීතෙට අයිති උනත්....වර්තමානෙදි ඒක මතක් වෙනකොට වේදනා දෙනවා කියන්නද කොහෙද එයාගෙ තාත්තා මිනිවලවල් උඩට අදිනකොට මගෙ අප්පච්චි ගෙ ඇස්වලින් වැටුන කදුලු බින්දුවක් සුදු පාට ටයිල් පොලව තෙමනකොට මම එයාගෙ තාත්තා ගාවට ගියා ....

තාත්තා ....මගෙ අප්පච්චි මේ අවුරුදු ගානටම හිනා උන දවසක් නෑ ..ඔයා හිතනවා නම්.....එයාව අතෑරලා මගෙ අප්පච්චි සතුටින් උන්නා කියලා ඒක අමූලික බොරුවක්....මගෙ අප්පච්චි අම්මව බැදල සතුටින් උන්නා කිව්වොත් ඒක බොරුවක් ........මගෙ අප්පච්චි මේ වෙනකම්ම ජීවත් උනේ මන් හින්දා.....හුස්ම ඇල්ලුවෙ එකමත් එක දවසක කරපු ආදරයක් නිසා......එහෙම නොවුන නම්....අදටත් මගෙ අප්පච්චි ඇයි නුවර වැවෙ බංකුව ගාව ඉන්නෙ........කොටපු අකුරු ගොඩක් කාටත් හොරෙන් තියනවද බලන්නෙ.........

මගෙ අප්පච්චිට අවස්තාවක් දෙන්න....තාත්තා ....ඔයා එයාගෙ කදුලු දැක්කා.....ඔයා වත් ඉන්න ඇති එයාට හිත හදා ගන්න උදව් කරන්න ......ඒත් මගෙ අප්පච්චිට කව්ද උන්නෙ......මගෙ අප්පච්චිට කොහෙන්ද සැනසීමක් තිබුනෙ.........මගෙ අප්පච්චි මල කදක්.......හුස්ම ගත්තා උනත් ඇතුලෙන් මැරුන ......

තාත්තා ...ඔයා කියන්න හදන්නෙ....මගෙ අප්පච්චි වගේම මාත් මහෙ විතේන්ව අතාරියි කියලද....

ඔව්.....එහෙම තමයි.....

ඒ ඉන්නෙ මගෙ පන.......

ඔය කතාවම අවුරුදු ගානකට උඩදි මහ දිසානායකත් කියල තියනවා..කෝ ඒ පොරොන්දු ...ඒවා රැකලද......

පහන් ඇති........

රසානී......පැත්තකට වෙලා ඉන්න පුලුවන් .......

මම අහන් උන්නා...එයාගෙ තාත්තා මගෙ අප්පච්චිගෙ එයාගෙ අම්මගෙ ආදර කතාවෙ සමහර තැන් කියවනකොට අපි හැමෝම ගොලු උනා......එයාගෙ අම්මා අද හිනා වෙලා උන්නත්....අමාරුම කාලෙ දුක අහලා තියෙන්නෙ එයාගෙ තාත්තා ...දුක දැකලා තියෙන්නෙ එයාගෙ තාත්තා....මොනවා උනත්.....එක අතකට එයාගෙ තාත්තා මට දොස් කියන්න හදන එක සාදාරනයි ....

තමුන් මගෙ පුතාට ආදරෙයිද ..

පනටත් වඩා...මගෙ පනටත් වඩා මං ආදරෙයි තාත්තා .......

බලා ගන්න පුලුවන්ද ....මං අහන්නෙ දුකක් නොදී ........කවදාවත් අඩවන්නෙ නැතිව ........

මට ..මගෙ ඇස් දෙක වගේ බලාගන්න පුලුවන් තාත්තා .......

මහ එකා වගේම සුරංගනා කතා කියලා අවසානෙදි ඒකා වගේම උඹත් මගෙ කොල්ලව අනාත කෙරුවොත් මන් මගෙ එකාව අරන් යන්නම යනවා....රසානි.....තමුන්ටත් එක්ක මම කියන්නෙ......මම මගෙ කොල්ලව එක මොහොතක් තියන්නෙ නෑ..........ආය හොයන් එන්නත් එපා...... අපි විදපු දුක මගෙ කොල්ලා විදින්න බෑ ..එච්චරයි ......

මම බිම බලන් උන්නා....එයාගෙ තාත්තා කෑ ගැහුවා.....බැන්නා....අවසානෙදි ඇස්වලට මතූ උන කදුලු පිහ දැම්මා......

ඒක කටින් කියනවට වඩා මහ වේදනාවක් ........පපුවම පැලෙන්න එන වේදනාවක්.....

අනේ තාත්තී........එපානෙ අඩන්න....මගෙ නිතේශ් කවදාවත් එහෙම කරන්නෙ නෑ තාත්ති......අනේ ප්ලීස් ....මෙතන කවුරුත් සැප විදපු උන් නෑ....අම්මි.....තාත්තී....මං මගෙ පොඩි කාලෙ ඉදලම ඔය ඇස් වල කදුලු දකිනවා ....අනික මගෙ නිතේශ්ගෙ අප්පච්චි ....මගෙ නිතේශ් .....මේ කවුරුත් හිනා උන මිනිස්සු නෙවෙ ..මන් හිනා උන කෙනෙක් නෙවෙ ....අපි හැමෝම විදවපු කාලයක් තිබුනා ....ඒත්...ඒ හැම දේම අතීතයක් ....අපි හැමෝටම හිනා වෙන්න දවසක් හම්ව උනා ...ආයම ආදරේ කරන්න අවස්තාවක් හම්බ උනා ....තාත්ති....ඔයා අම්මිට එයාගෙ ආදරෙ ගාවට යන්න ඉඩ දුන්නා....අම්මි ඔයත් තාත්තිට එයාගෙ ආදරේ හිටා ගන්න ඉඩ දුන්නා....මම මගෙ නිතේශ් නිසා ජීවත් වෙනවා .මගෙ නිතේශ් මන් හින්දා හුස්ම ගන්නවා .....

ඒත් අප්පච්චි ??මගෙ නිතේශ්ගෙ අප්පච්චි ....එයා තාම එතනමයි ..ඔයාලට ඔයාලව නැති උන තැනමයි ..එයා තවම හිර වෙලා......තාත්ති.....ඔයා හිතනව නම්...මගෙ නිතේශ්ගෙ අප්පච්චි අතෑරියා කියලා .....කවදාවත් නෑ.....එයා ඒ මතක එක්ක ජීවත් උනා. ...මං ආදරේ කරන්නෙ එහෙම මනුස්සයෙක්ගෙ පුතාට.....ඉතින්....හිතන්න එපා මේ අත කවදාවත් අතෑරෙයි කියලා .....

මං අහන් උන්නා..එයාගෙ අම්මා ඇස්වල කදුලු පුරවන් උන්නා...කියන හැම වචනයක් ගානෙම අහන් උන්න එයාගෙ තාත්තා මගෙ තාත්තා දිහා බලන් උන්නා....අපි හැමෝටම අපි ආදරේ කරන කෙනා අවසානම තත්පරේ හම්බුනා උනත්....මගෙ අප්පච්චි තවත් හිර වෙලා උන්නා....එහෙම බැලුවම ....මගෙ අප්පච්චි තවමත් අසරනයි ...

ඉගුරු දාපු තේ දෙක ඇල් වෙලා ගිහින් තිබුනා .ඒ උනත් මගෙ අප්පච්චි ඒක එක හුස්මට ගහලා ඉදගන උන්න තැනින් නැකිට්ටා .

සුදු පුතා මන් ගිහින් එන්නම් ...

අප්පච්චි ...එපා යන්න ...

දහම් ...

මං යන්න ඕනෙ...

මං බලන් උන්නා අප්පච්චි යන්න හදනවා....එයාගෙ තාත්තා මොකුත් නොකියම ගිහින් සෝෆාවෙ ඉදගන්නකොට යන්න හදපු මගෙ අප්පච්චිගෙ අතේ එයාගෙ අම්මා එල්ලුනා.....යන්න හදපු මගෙ අප්පච්චි එයාග අම්මගෙ මූන දිහා සෑහෙන්න වෙලාවක් බලන් උන්නා.....හරියටම කල්ප කාලාන්තරේකින් දකිනවා වගේ ඒ දෙන්නා මූනට මූන බලන් උන්නා.......

යන්න එපා දහම්........

එයාගෙ අම්මා යන්න එපා කියනවා...හරියටම එදා අවසානම පාරට දැකපු දා වගේ ...අපිට බලන් ඉන්නවා ඇරෙන්න කරන්න දෙයක් නැතිවෙනකොට මගෙ අප්පච්චි යන්න යනකොට එයාගෙ අම්මා පස්ස පාරෙ දිව්වා ....යන්න එපා ගගා...

තාත්ති...ඇයි ....දැන දැනම තුවාලවලට ඇගිල්ලෙන් අනින්නෙ......

එයා තාත්තා ගාවට ගිහින් ඇයි දැන දැනම තුවාල වලට ඇගිල්ලෙන් අනින්නෙ අහනකොට මන් බලාගන එයා ලොකූ හුස්මක් ගත්තා .....වගේම ඉදන් උන්න සෝෆාවෙන් නැගිටලා එලියට ගියා .......

මට තේරෙන්නෙ නෑ....ඇයි මේ මිනිස්සු තාම පරන කුනු අවුස්සන්නෙ කියලා .......මැනිකෙ....

එහෙම කියන්න එපා සුදු අප්පො........දුක විදපු එකාට ඒ වේදනාව ලේසියෙන් අමතක කරන්න බැරි නම්...ගහ මරාගන හරි...අවසානෙදි සමාදාන වෙනවා නම්....ඒ ඇති ........කොච්චර කොහොම උනත්...සමහර දේවල්.....ලේසියෙන් අමතක කරන්න බැරි නම්.......අපි කියලා මොනවා කරන්නද තේශී........

අනේ ...අම්මි.......

මොකද ලමයෝ........මැරෙන්න හදන්නෙ.....

කෝ මේ එකක වත් මට මොකුත් නෑනෙ.......ඔක්කොම තියෙන්නෙ අර මිනිහටයි ....බිබික්කමාටයි........ශෙනෝන්ටයි.....මේ .. පලිගුවටත් තියනවා...මට කෝ.......

ඇයි ඔයාට එපා කිව්වෙ.........නේද ඇන්ටියෝ.........අපේ විතේන් අයියගෙත් බොරූ ....මායන්.....අනේ....ඇන්ටියො....තරහ නැතිව ඩියෝන් බබාය ඔය බැදපු සොසේජ් කරල දෙන්න ඒයි....මෙ ලමයයට බඩගිනි වෙලානෙ.....හරි වැඩේ තමා........

මන් අහන් උන්නා....ඇවිලුන සිකරට් එජේ අලු බැල්කනි එකෙන් පහලට වැටෙනකොට රෑ අහසට හද පායන් ඇවිත් තිබුනා ...යන්න ගියපු අප්පච්චිව එයාගෙ අම්මා අයම එක්කන් එනකොට හවස් යාමෙ වෙනකොට දෙයියන්ගෙ පිහිටෙන් එයාගෙ තාත්තා අපි එක්ක සමාදාන උනා...... මගෙ විතේනයා බැගේජ් ඇරෙ ඇර ඒකය මොකුත් නෑ ගගා නහයෙන් අඩනකොට ශෙනෝන් මා එක්ක මගමන්මාමන්ඩියා ගෙනාව සිගරට් එකක දුම් රහ බලනකොට ගඩාපි පැටියා එයාගෙ අම්මා පස්සෙන් ගියා පලිගුවා ඒකට හම්බ උන සෙල්ලම් ගෙම්බව අත් දෙකෙම්ම අල්ලන් ඌට බුර බුර උන්නා ...

මගෙ හිතට සැනසීමයි.......දවල් ඇවිලුන ගින්න රෑවෙන්න නිවුන එක හිතට සැන්සීමයි......

දහම් ඔය ඇති...මදැයි.....කන්නෙ කොහාටද ......

මං අහගන එයගෙ අම්මා....නෑ....දැන් මගෙත් අම්මා අප්පච්චිට සැරකරනවා....එයාගෙ තාත්තගෙත් කනෙන් ඇදලා මොන මොනවදෝ කියනවා.........මට තේරෙන්නෙ නෑ........ආදරේ කරපු මිනිස්සු දෙන්නෙක් ඉස්සරහා එයාගෙ අම්මා කොහොම හිනා වෙලා ඉන්නවද කියලා.........ඒ කොහොම උනත්...මං බලාගන මගෙ අප්පච්චිගෙ ඇස් පවා හිනා වෙනවා....මන් බලාගන එයාගෙ අම්මා හිනා වෙනවා........ඒ මදැයි.........

සුදු මහත්තයා ........

ම්ම්ම්.....

ඔය මොකද කරන්නෙ . ..

.
.ඇද හදනවා .....

එයගෙ අම්මා අතින් හැදුන එලවලු බත් වලින් කට කපලා ගිල්ල මං කාටත් ජලින් කෑම මේසෙන් නැගිටලා ඇවිත් අපේ කාමරේ එක්කම තිබුන කාමරේ ඇද එයාලගෙ අම්ම වෙනුවෙන් දැන් සිය වතාවක් විතර හැදුවා .......එයා බපන් ඉද්දි මං නියපොත්තකුත් හප හප ඇද දිහාබල බල කැරකුනා...

ඇත්තටම අප්පච්චි රෑට මේකට රින්ගයිද.

ඒ අස්සෙන් මගෙ කනක් රතු උනා ...එයාට නොකියා මං හිතින් එක එක විකාර හිතුවා.....

සුදු මහත්තයා ......තේශී....ඔය ඇති මිනිහෝ.....උඹ ඔය ඇද කීපාරක් හැදුවද .....

මැනිකෙ.....

ඇයි බන් ඇයි....අනෙ වරෙන් කො සුදුමහත්තයා නිදාගන්න යන්න.....

නියපොත්ත කටේ ගහන් ඉදලම අවසානෙදි මගෙ මහපට ඇගිල්ලෙ නියපොත්ත නැතිවෙලා යනකොට මං එයා ගාවට ඇවිත් වටපිට බැලුවා ...

මැනිකෙ ....මහ රෑටමේකට අපෙ අප්පච්චි රිංගයිද ..

තේශී....හ්....මොනාද සුදු මහත්තයා මේ කියවන්නෙ....අනික රින්ගුවත් මොකද ...අම්මි ඩිවෝර්ස් ...

එහෙම කියන්න එපා විතේන් ....මගෙ අප්පච්චි තවම කසාද මනුස්සයෙක්........එහෙම එකේ....අම්ම ඩිවෝර්ස් කියලා ..

ආ.....වැඩිම උනොත් අපිට නංගි බබෙක් හරි මල්ලි බබෙක් හරි ඉදීවි ..

විතේනයා .....!!

මං ඒකව මරන්න හැදුවා කොච්චර කොහොම මගෙ අප්පච්චිට අවස්තාවක් දෙන්න දෙන්න කිව්වා උනත් සමහර තැන්වලදි මගෙ හිතට සමහර දේවල් බයක් ගෙනාවා....එයාගෙ අම්මා තාත්තා වෙන් උනාට මගෙ අප්පච්චි තාම අම්මගෙ....නීතියෙන් බැදුනත් හදවතින් නොබැදුනත්.....මොල්ලිගොඩ උන්ටෛව වැටුනොත් එයාගෙ අම්මට කරදරයක් වෙයි .ආයම දුක් විදින්න වෙයි කියන් බය මාව අනතමනත කරනකොට මම හොරගල් ඇහින්දා.....

මැනිකෙ.....මං එක්කො අප්පච්චිට කියන්නද ....

මොනවද ...නැට්ටෙ ඉදන් ගොමද නිතේශ් ..අප්පච්චි අම්මගෙ කාමරේට යන්න එපා කියලා රෙද්දක් ඇදන් ගිහුන් කියන්නෙ කොහොමද ...මෙන්න මෙහෙ වරෙන් උඹව බුදි කරවන්න....මටත් උන වැඩි කරවනවා....ඒ මිනිස්සුන්ට තොට වගේ විසේ නෑ.....

ඒ...ත්...

ඒත් මේත් නෙවෙ....අනේ වරෙන් තේශි උඹව නිදි කරවන්න ...

මං පොඩි බබෙක් නෙවෙ නිදි කරවන්න....

ඇද දිහා බල බල කන් රතු කරන් මනස් ගාත හිත හිත උන්න මාව එයා ඇදගන එලියට එනකොට අප්පච්චි සෝෆාව හද හද උන්නා වගේම එයාගෙ තාත්තත් අනිත් සෝෆව හදන ගමන් උන්නා....වෙලාවට ඒ සෝෆාවල් දෙකම ඇදක් වගේ හදන්න පුලුවන් ඒවා උනේ.....

අම්මි..තාත්තී...අප්පච්චි ගුඩ් නයිට් .....මගෙ මිනිහට නිදිමතේ ගහලා....ඔයාලා රන්ඩු නොකර නිදා ගන්න ඕනෙ ඈ......

මොන මගුලද බන් උඹ ඔය කරන්නෙ...ලැජ්ජා කර කර....ඒ මිනිස්සු බලනවා ඇති මං බිබික්කමක්ද කියලා ...

මොනා....චුම්චු ටිකක් දෙන්න....

ඒව්ව්ව්...විතේනයා කටවහපියකො....

පොඩ්ඩක් ඉන්න නිතේශ් ....ආහ්ම්ම්ම්ම්.....ආහ්හ්.....ම්ම්ම්......ඇදුම ඉරන්න...එපා.....ආහ්ම්ම්ම්

මගුල.....

මං එලියට පැන්නා....මං එක මගුලක් හිතනකොට කාමරේට ඇවිත් දොර වහපු එයා තවමත් සාලෙ ඉන්න අම්ම අප්පච්චිලාට ඇහෙන්න වෙන වෙන විකාර කරනකොට මං කාමරෙන් එලියට ඇවිත් ඉක්මනට හිටගත්තා එහෙම දෙයක් උනේ නෑ කියලා කියන්න වගේ....

මෙච්චර වෙලාම ඇවිලුන කුසියෙ ලයිට් එක නිවුනා ......එයාගෙ අම්මා ගුඩ් නයිට් කියාගන කාමරේට ගිහින් දොර වහගන්නකොට මං දොරට අගුල් වැටෙන කන් අහන් උන්නා වගේම මගෙ විකාර ඉවසන්න බැරිවද කොහෙද මගෙ විතේනයා මාව කාමරේ අස්සට ඇදලා ගත්තා වගේම උන ගැනුන එකා අමු හෙලුවෙන් උන්නා......

සුදු අප්පො...

ම්ම්ම්....ඕ ...

ඇයි නිදියන්නෙ නැත්තෙ....

මං ඇදට ආවා....ඇවිත් වෙනදා වගේම බිත්තිය අයිනට යන එයාව අත් දෙකෙම්ම තුරුල් කරගත්තා ......නින්ද කියන දේ අහලකටවත් එන්නෙ නැති වෙනකොට මට තුරුල් වෙලා උන්න එයා මගෙ මූන පුරාවටම අත ගාන ගමන් නිදා ගන්නෙ නැත්තෙ ඇයි අහනකොට මම එයාගෙ දිහා බැලුවා .....ඒ ඇස් දිලිසනවා ..........එයා ඉන්නෙ සතුටින් .........මම එහෙම එයාගෙ නලලට වගේම ලා රෝස පාට දෙතොලට හාදුවක් තිබ්බ...කෙටියෙන් ඉවර කරන්න හදපු හාදුව එයාගෙ ඇගිලි මගෙ නිරුවත් පිට පුරා යනවා එක්කම මම එයාව යට කර ගත්තා .....

තේශී .....

ම්ම්ම්.....

එයා කෙදිරි ගානව....බෙල්ල පුරාවටම තියපු උනුසුම් හාදුව එක්ක මම එයාගෙ බෙල්ල ගාවින් මූන ඔබාගන්නකොට මට එයාගෙ ඇගේ තිබුන ලා රස්නෙ ගතිය දැනෙනකොට මම ඒ මුන දිහ බැලුවා .....

එහා කාමරෙට ඇහේවිද තේශී.....

මොකුත් කරන් නෑ ..ඔයාට තවම උන....කෝ එන්න දොයියගන්න

මං ආයම එයාගෙ ඇගෙන් බැහැල එයාව තුරුල් කරගත්තා මගෙ දිගැටි ඇගිලිඒ හිස කෙස් පුරාවටම යනකොට ගමන් මන්හන්සියට ...ඇගේ උන ගතිය එක්ක එයාට තත්පරයක් ඇතුලත නින්ද ගියා වගේම හිතේ සැකෙට ඇහැරන් උන්න මට මහ රෑ මැදම නින්ද ගියා.......

බිත්ති ඔරලෝසුවෙ කටු වල සද්දෙ පවා නෑහෙන ගානට එයාව තුරුල් කරන් උන්න මට නින්ද යනකොට රෑ මැදකදි ගැස්සිලා ඇහැරුනේ දිව ගිලෙන වතුර තිබහවක් එක්ක වෙනකොට වෙනදට කාමරෙට ගේන වතුර ජෝගුව පවා අද අමතක වෙලා තිබුනා.....

මගෙ මැනිකට නින්ද ගිහින්.......

තදිම්ම නින්ද ගිහින් උන්න එයාව ඇහැරවන්නෙ නැතිව මම හිමින් සීරුවෙමගෙ පපුවෙ තිබුන එයාගෙ ඔලුව කොට්ටෙ උඩින් තියලා ඇදෙන් බැහැලා ගිහින් කාමරෙන් එලියට ආවා.....

මුලු ගේම අන්දකාරයි......ඒත් කුසියෙ විතරක් ලයිට් ඇවිලෙනකොට මම එයාගෙ අම්මගෙ කාමරේ පැත්ත බලලා කුසියට එන්න ආවා කුසියෙ කවුරු හරි උන්නා......

අප්පච්චි ......

මම මිමිනුවා.....

අප්පච්චි ඒ උන්නෙ වෙනෙ කවුරුත් නෙවෙ අප්පච්චි ......මගෙම සරමක් ඇදන් උන්න අප්පච්චි ගෙ ඇගෙ ශර්ට් එකක් නැති වෙනකොට වතුර බොන්න කුසියට ආව අප්පච්චි ගෙ ඇත් දල පාට පිට දිහා බලන් උන්න මගෙ ඇස් දෙක ලොකු උනා.....පිට දෙපැත්තෙ තිබුන ‍රතු උන පාර මගෙ ඇස් දෙක ජිල් බෝල සයිස් ලොකු කරනකොට මෙච්චර වෙලාම පස්ස හරවන් උන්න අප්පච්චි ඉස්සරහා පැත්ත හැරෙනකොට බෙල්ල ගාව තිබ්බ දත් පාරව දෙක තුන දැකපු මට කරකියා ගන්න දෙයක් තිබුන් නැති වෙද්දි මම අප්පච්චි එක්ක වචනයක් වත් කතා නොකර වතුර බෝතලයක් අරන් කාමරේට දිව්වා......

අප්පච්චි .........එයා....ඒ කියන්නෙ..............එයාලා දෙ...න්....නා.......නෑ ....නෑ.....ඒක.....







🙂දීසක්කෙ....ඇයි ඔයා ඔච්චර හොද...දීසක්කෙ ඈ...ඈ.....ඈ...😂😂😂👉👈මගෙන් අහන පස්න දැන් මමම අහගන්නවා

ආයම කොටසකින් එන්නා....ම්ම්

මම

Ferdeesha ❤️💚😘 .......

Continue Reading

You'll Also Like

40.1K 2.8K 72
ဖတ်ကြည့်နော်😉😉
437K 61.4K 152
ආස හිතෙන ආදරණීය කතාවක්
29.9K 4.8K 33
"ඒ නූනා...මං කැමතී වන්ග් යීබොට...මට එයා ළඟ ඉන්න තිබුණනම්..."❤️😃 "පිස්සු නැතුව ඉන්නවා ශානයෝ..ජොබ් එකක් හොයාගන්න බලනවා...ඉගෙන ගනත් ජොබ් එකක් කරන්නෙ නෑ...
81.5K 20.2K 62
💚❤ පෙරවදන් කුමකටද...... පසු වදනින් මුණගැසෙන තුරු.......❤💚 🆃︎🅷︎🅴︎ 🅸︎🅽︎🅵︎🅸︎🅽︎🅸︎🆃︎🆈︎...........❤️‍🔥❤️‍🔥