Unforgettable Love (Yoonmin)...

By zehaaGurl__

1.3K 210 84

[ YOONMIN] ඇස් වලින් හිනැහෙමින් නුබ කියන කතාවට !! දෙතොල් පෙති නලියමින් නුබ හෙලන හිනාවට !! පපුව අස්සෙන් දැනෙන ... More

01
02
03
04
05
07
08

06

154 31 7
By zehaaGurl__

උඩට ගිය ජිමින් කාමරේට ගිහින් දොර ලොක් කරලා දොරටම හෙත්තු වෙලා බිම වාඩි උනේ හිටගෙන ඉන්න පන නෑ වගේ කියලා හිතුන නිසා. කොල්ලට දුකයි, බයයි, තරහයි මේ හැමදේම එක්ක කොල්ලා ගොඩාක් අසරණයි. අත් දෙකෙන්ම කොන්ඩේ අදින ගමන් කොල්ලා ඇඩුවා.

"ම-මට ත්-තේරෙන්නේ නෑ, මේ මුකුත්, යුන්ගි හ්-හියුන් මට ආදරේ කරනවා. ඒකත් පොඩි කාලේ ඉදන්. එ-එතකොට එක න්-නිසා ද නුනා මට කැමති නැත්තේ.... හියුන් නිසා ද නුනා කිව්වේ මට එයා කැමති තේඕ හියුන් වගේ කෙනෙක්ට කියලා. මගේ ආදරේ මට අයිති නැද්ද එතකොට, මේ-මේ ඔක්කොම ඔයා හින්දා හියුන්, ඔව් ඔයා නිසා මගේ නුනා මට ආදරේ කරන්නේ සහොදරයෙක්ට වගේ, ම-මට ඔන්නෑ එයාට සහොදරයෙක් වෙන්න. ඔයා නැති උනානන් අද නුනා මට ආදරේ කරයි. ඇයි හියුන් ඔයා මට ආදරේ කරේ. ඇයි!!
ම්-මට ඕන ඔයාට වෛර කරන්න. ඒත් මට බෑ හියුන්. මට බෑ ඔයාට වෛර කරන්න, ඔයා මගේ හියුන්නේ හියුන්. මන් මොකද කරන්නේ. ඇයි ඇයි මට ඒවා ඇහුනේ"

දොරට හෙත්තු වෙලා කකුල් දෙක අස්සේ ඔළුව හංගගෙන අඩන ගමන් කියවන්න ගත්තේ කොල්ලගේ හිතේ තියෙන දුක. කොල්ලට තරහයි යුංගී එක්ක, එයාට ඕන කොල්ලට වෛර කරන්න, තරහා නිමෙනකන් ම ගහන්න. ඒත් කොල්ලාට එක කරන්න බෑ, කොහොමද ජිමින් එයාට ගහන්නේ ඒ ඉන්නේ එයාගේ හියුන්. ඒත් එක්කම කොල්ලට මතක් උනේ ඔෆිස් එකේ දී එයාට ඇහුන දේවල්.

Flashback

යුන්ගී යේජිත් එක්ක මිටීන් රූම් එකෙන් ගිහින් විනාඩි 5 කට පස්සේ ජිමින් වාඩි වෙලා හිටපු තැනින් නැගිට්ටේ එයාගේ කැබින් එකට යන්න.

"ඔයාලා දැන්ම යනව ද හියුන්"

"අහ්..... තව ටිකක් වෙලා ඉදලා යනවා ජිමින්"

නම්ජූන් එහෙම කිව්වම ලාවට හිනා උනු ජිමින් එයාගේ කෝට් එකත් අරන් මිටින් රුම් එකෙන් ගියේ 'හියුන් මං අද කලින් ගෙදර යනවා' කියලා කට්ටියට අතකුත් වනලා.

මිටීන් රූම් එකෙන් ඇවිත් කෙලින්ම කොල්ලා ගියේ එයාගේ කැබින් එකට ගිහින් ගෙදර යන්න. එත් යන අතරමග කොල්ලා නැවතුනේ එයාට ඇහුනු කටහඩ නිසා.

" අයියෝ ඔප්පා... මන් දන්නවා ඔයා ඔය කියන්න යන්නේ මොකක්කියලා. ජිමින් මට ආදරෙයි කියලනේ... ඔව් මන් දන්නවා එයා වගේම මමත් එයාට ආදරෙයී."

ඒ කටහඩ ඇහුන පැත්තට ඔළුව හරවපු කොල්ලට අදුරගන්න පුලුවන් උනා ඒ කටහඩ. ඔව් කොල්ලා නැවතුනේ යෙජීගේ කැබින් එක ඉස්සරහා. ඇත්තම කිව්වොත් ඒ වචනවලට ජිමින්ට සතුටක් දැනුනා. එයා සතුටු උනා යෙජී ඒ කිව්ව දේ නිසා ඒත් කොල්ලට ඇහුනේ නෑ ' ජිමින්ට ආදරෙයි සහෝදරයෙක් විදිහට' කියලා යේජී කිව්ව එක.

(යෙජි කිව්ව විදිහට යුන්ගිට විතරක් ඇහෙන්න කියලා 🙂)

ඒත් ජිමින්ට අමතක උනා හැම සතුටකටම පස්සේ දුකක් අනිවාර්‍යෙන් එනවා කියලා. ඉතින් කොල්ලා මේ පාර්ක් කම්පැනි එකේ කැබින්ස් soundproof නොකළ හැදුව එකට මේ කම්පැනි එක හදපු කෙනාට මල් තියලා වැන්දා. ඇත්තම කිව්වොත් ඒ මල් ටික අයිති වෙන්න ඕනී ජිමින්ගේම අප්පට ම තමයි. ඒත් හිනාවෙන් පිරිලා තිබුනු ඒ මුණ මැලවිලා යන්න ගියේ ඊළගට එයාට ඇහුන දේවල් නිසා.

" ඔයාගේ හිතේ එයා වෙනුවෙන් තියෙනවා වගේ දෙයක් නෙවේ ඔප්පා ඒක. මන් දන්නවා ඔයා මිමිට ආදරෙයි කියලා. එකත් අද ඊයෙක ඉදලා නෙවේ පොඩි කාලේ ඉදන්ම. ඔයාගේ ඔය හිතේ තියෙන දේ එයාට කියන්න පරක්කු වෙන්න එපා. අනික මං කොහොමද මගේ ඔප්පගේ ආදරේ ගැන එහෙම හැගීමකින් හිතන්නේ"

එ වචන ජිමින්ට ඇහුනේ නිකන් හිනෙන් වගේ. යුන්ගී එයාගේ හියුන් එයාට ආදරේ කරනවා, පොඩි කාලේ ඉදන් ම එයාට හිතුනා මෙක විහිලුවක් කියලා. එක නිසාම තමා එයා යේජිගේ කැබින් එකේ දොර ඇරියේ. ඒත් එයාට ඒත් හිතුනා ඇයි මේ කැබින් එක soundproof උනේ නැත්තේ කියලා. ඒ වගේ ම කම්පැනි එක හදපු මනුස්සයාටත් බැන්නේ ඒ තමන්ගේ අප්පා නෙද කියලාත් අමතක වෙලා. මේ වෙනකම් කොල්ලා හිතන් හිටියේ මේක විහිළුවක්, බොරුවක් කියලා.

ඒත් කොල්ලාට එක සහතික කරමින්, කැබින් එකේ දොර අරිනවත් එක්කම යෙජි කැබින් එකෙන් යන්න හැරිලා එයාව දැක්කම ගැස්සුන විදිහ, ඊලගට යුන්ගී එයාව දැකලා බය උනු විදිහ මේ ඔක්කොම හෙතුවක් උනා.

"මිමී"

"ජිමින්"

යුන්ගී, යෙජී දෙන්නා එකටම ජිමින්ගේ නම කිව්වත් කොල්ලා කලේ ඒ දෙන්නාගේ මුණවල් දිහා බලන් හිටපු එක විතරයි. ඊට පස්සේ කොල්ලා ඒ ඇස්වලින් දෙන්නම දිහාම බලාගෙන ඉස්සරහට ආවා.

"ඔයාලා දෙන්නා මොකක් ගැනද කතා කළෙ"

ඉස්සරහට එන ගමන් ජිමින් ඒහෙම ඇහුවත් දෙන්නගෙන් එක් කෙනෙක්වත් උත්තරයක් දුන්නෙ නෑ. දෙන්න ම කලේ ජිමින් දිහා බලාන හිටපු එක විතරයි. හැබැයි ඒ බැල්මවල් තේරුම් ගන්න බැරි වෙන්න විදිහක් තිබ්බේ නෑ ජිමින්ට.

"අහ්, මෙ-මේ මුකුත් නෑ මිමි.... මේ ඔප්පට මේ මේ love පිස්සුව ගහලා"

"Love පිස්සුව මොකක්"

" ඔව් මෙ මේ, මන් යනවා. තේඕ මොකක් ද වැඩක් තියෙනවා කිව්වා. එහෙනම් මන් ගියා. Bye"

එහෙම කියපු කෙල්ල එතනින් ගිය විදිහ ජිමින් බලාගෙන හිටියේ හිනාවෙමින්. ඒත් ඊලගට කොල්ලා හැරුනේ යුන්ගී දිහාට. කවදාවත් නැතුව යුන්ගිට වචන පටලැවෙන විදිහ, යුන්ගිගේ කලබලයෙන් එහා මෙහා යන ඇස් දෙක දිහා ජිමින් බලන් හිටියා. ජිමින් දන්නවා යුන්ගී කලබල උනු වෙලාවට විතරයි මේ විදිහට හැසිරෙන්නෙ. ඉතින් මේ හැම දෙයකින් ම උනේ ජිමින්ගේ හිතේ තිබ්බ සැකය තහවුරු උනු එක විතරයි. ඒයාට දුකක් දැනුනා. එයාට ඔන උනේ දැන් තනිවෙන්න විතරයි. ජිමින්ගේ වෙලවට වගේ යුන්ගී කැබින් එකෙන් ගියා. ඒත් යුන්ගී යන දිහා බලාන හිටපු ජිමින් හොද හුස්මක් ගත්තා.

"ඔයාගේ ඔය හිතේ තියෙන දේ අයින් කරගන්න වෙනවා හියුන්"

කියලා තමන්ට මුමුන ගන්න ගමන්. යෙජිගේ කැබින් එකෙන් එලියට ගිහින් තමන්ගේ කැබින් එකට ගියා. ඇතුළට ආපු කොල්ලා කැබින් එකේ දොර ලොක් කරා. විනාඩියකට කලින් පිළිවෙලකට තිබ්බ කැබින් එක දැනටම පිස්සන් කොටුවක් වෙලා. ෆයිල්ස් හැම තැනම, ලැප් එක කැඩිලා එකේ විදුරු කටු හැම තැනම, පුටු මේස මේ හැම දෙම අනික් පැත්ත ගහලා. ඔව් කොල්ලට කෙන්ති ඊටත් වඩා දුකයි.

"ආහ් !!!"

(හයියෙන් කෑ ගැහුවා කියලා හිතාගන්න ඈ 🙄)

හයියෙන් කෑ ගැහුව කොල්ලා එතනම තිබ්බ සොෆා එකට වැටුනා. පැය ගානක් ගත වෙලා ගියේ මුළු කැබින් එකම නිශ්ශාබ්ද තාවයට ඇදලා දාලා. විටෙන් විට ඇහෙන ජිමින්ගේ ඉකිබිදුම් හඩ ඇරෙන්න වෙන එක සද්දයක්වත් ඇහුනේ නෑ. මොකද කම්පැනි එකෙන් ම මෙ කැබින් එක ඒ කියන්නේ ceo ගේ කැබින් එක විතරයි soundproof. ජිමින් යේජිට ආදරේ කරේ ඇත්තටම.මුළු හදවතින්ම.

ටිකකින් කදුලු පිහිදගෙන නැගිට්ට කොල්ලා කැබින් එකෙන් ගියේ දැන් හොදටම හවස් වෙලා නිසා. ඒ වගේම අළුත් බලාපොරොත්තුවක් එක්ක. ජිමින්ට අනුව එයාට ඇහුන එකෙන් එයා තෙරුම් ගත්තේ එයාගේ නුනා එයාට ආදරෙයි. ඒ උනාට යුංගී හියුන් නිසා යෙජි තමන්ට සහොදරයෙක්ට වගේ ආදරේ කරන්නේ කියන එක විතරයි. ඉතින් කොල්ලා හිතුවා තමන්ගේ හිතේ තියෙන දේ යෙජිට කිව්වොත් එයාව පිලිගනි කියලා. ඒ වගේම යුන්ගිත් එයාව තෙරුම් ගනි කියලා. මොකද කොල්ලට මතකයි තමන් යෙජිට කැමති කියලා මුලින් ම කිව්වෙ යුන්ගීට කියලා.

End flashback

ආයෙත් ඒ දේ මතක් කරපු ජිමින් වාඩි වෙලා හිටපු තැනින් නැගිට්ටේ කොහොම හරි යෙජිගෙන් කැමැත්ත ගන්නවා කියලා හිතාගෙන. ඒ වගේම ඒ කාලේ ඇතුලට යුන්ගී එක්ක කතා නොකර ඉන්නත් හිතා ගත්තා. යෙජිට එයාගේ හිතේ තියෙන දේ කියනකන් විතරක් එයා යුන්ගී එක්ක තරහා වෙන්න තිරණය කලා. ජිමින්ගේ හිත ඉඩ දුන්නේ නෑ යුන්ගී එක්ක කතා නොකර කාලයක් ඉන්න එකට මොකද ඒ එයාගේ හියුන් !!!

එත් ජිමින් හිතුවනම් ඉස්සරහට ගොඩක් දුක් විදින්න වෙනවා කියලා !!

ඉස්සරහට මේ දේවල් මතක් කර කර පසුතැවෙන්න වෙනවා කියලා එයා දන්නවනම් !!

එහෙනන් කවදාවත් ජිමින්වගේ දෙවල් කරන්න හිතන්නෙවත් නැති වෙයි.

කදුලු පිහිදගෙන නැගිට්ට ජිමින් බාත්රූම් එකට ගියේ වොශ් එකක් දාගෙන යේජිට එයාගේ හැගීම ගැන කියන විදිහ හිතන්න ඔන නිසා. නිදහසේ !! ඒත් ජිමින් විතරක් නෙවෙයි තව කෙනෙක් කාමරේ දොර ලගට වෙලා ජිමින් වගේම අඩනවා කියලා. එයාට ඇහෙයි කියලා එලියට පනින්න හදන ඉකිය නවත්තගන්න අත් දෙකෙන්ම කට වහගෙනදොරටම හෙත්තු වෙලා අඩනවා කියලා.

දන්නවද ආදරේට පුලුවන් කළු ගලක් උනත් එකපාරින් දිය කරලා දාන්න......

_______________________________________________________

හායි 🙂
හරි මන් දන්නවා මන් පරක්කුයි...
සොරි හොම්දේ....

මේ දෙයක් කියන්නම්..
ආයේ අප්ඩෙට් කාලෙකට නැතිවෙයි.. ඇත්තටම මට එපා වෙලා ඉන්නේ මුළු ජීවිතේම. කලකිරිලා ඉන්නේ marriage life, relationships ගැන. ඒ වගේම මන් එච්චර ලොකු කෙනෙක් නෙවෙයි තාම ස්කූල් යන කෙනෙක්.. 🍂

එක අමතක කරන්න.......මෙහෙම කිව්වෙ මගෙ හිත නිදහස් කරගන්න 🙂

ආයේ ලගකටදි අප්ඩෙට් එකක් බලාපොරොත්තු වෙන්න එපා. ඒ වගේම් මේ වෙනකන් මගේ කතාවලට vote comment කරපු හැමෝටම thanq .ඒ වගේම silent reders ලටත් thanq මගේ කතා කියවනවට..

LYSM ❤️

Continue Reading

You'll Also Like

466K 31.6K 47
♮Idol au ♮"I don't think I can do it." "Of course you can, I believe in you. Don't worry, okay? I'll be right here backstage fo...
177K 18.3K 24
"𝙏𝙤𝙪𝙘𝙝 𝙮𝙤𝙪𝙧𝙨𝙚𝙡𝙛, 𝙜𝙞𝙧𝙡. 𝙄 𝙬𝙖𝙣𝙣𝙖 𝙨𝙚𝙚 𝙞𝙩" Mr Jeon's word lingered on my skin and ignited me. The feeling that comes when yo...
9.1K 111 10
This is the new story cus the last one I got second handed cringe from it- so here the new story giyuu a boy that thinks his useless annoying and a l...
948K 21.7K 49
In wich a one night stand turns out to be a lot more than that.