මෙය මාගේ මනඃකල්පිතයක් පමණි. සැබෑ ජීවිතයේ අයවලුන් හා සම්බන්ධ කර නොගන්න.
මම කීව විදිහට විමලඅම්ම තේ අරගෙන ගියා වෙනකොට මම ලුණු මිරිස හදන්න ගත්ත .......... හහ්........ ආ........ දනවා.....හ්.හ්....... මිරිස් ගලට මිරිසුත් දාල ලූණු ගෙඩිටිකත් දාල අබරන්න හදනකොටම මම මිරිස් ගල තියපු පාරට මිරිස් මගෙ ඇස් දෙකටම ඉහුන වෙනකොට ඇස් දෙක පුදුම විදියට දන්න ගත්ත. ..... මගෙ නහයත් බුරැල් වෙලා හරියට පොඩි එකෙක් වගේ. ...... එතකොටම කවුරු හරි කිචන් එකට ආව. .... ඇස් දෙක වහන් හිටිය නිසා කෙනා කවුද කියලා නොපෙනුනත් මම හිතුවෙ ඒ විමලඅම්ම කියල ........
" අ...හ්...... අනේ ........ දනව අයියො........ "
*************************************
"මගෙ ඇස් වලට මිරිස් ගියා. ..... අනෙ දනවා. ........ විමලඅම්මේ ....
හෝදන්නකෝ ........ ඌ...හ්යි...... දනවා..... "
සීතල අතක් ඇවිත් මගෙ කම්මුලේ රැදුන.. වෙනකොට ඒ පහසට මගෙ ඇගත් එක්ක හිරිවැටිල ගියා . . ..... ඒ සුවද බැල්කනි හොරාගෙ. ........... එයා මාත් එක්ක වචනයක්වත් කතා නොකරම මගෙ ඇස් දෙක හේදුවෙ හරියට පුංචි බබෙක් නාවනව වගේ ........ මගෙ අම්ම වගේ ........ ඇස් දෙක ඇරල බලද්දී මම දැක්කේ මට රවාගෙන ඉන්න බැල්කනි හොරාව.
"තමුසෙට කවුද ඕව කරන්න කීවෙ ?"
" කවුරුත් කීවෙ නෑ. .....මම කැමැතෙන් කරේ......... "
"හහ්...... ඔය කරල තියෙන්නෙ හොදට ......... පණ්ඩිතය වගේ ........... ඇස් දෙකෙත් මිරිස් හලාගෙන. ....... උයන්නත් පුළුවන් ද?"
" හ්ම්....... ඔව් ...... "
ඒකනම් මට කියවුනෙ පොඩි එකෙක් වගේ. ...... අඩල අඩල මගෙ වොයිස් එකත් වෙනස් වෙලා. .......
"බලනව පොඩි එකෙක් වගේ හරියට . ..... නහයත් රතු කරගෙන ....... "
එහෙම කියල එයා මගෙ ඉස්සරහට අඩිය තියෙනකොටම මම අඩියක් පස්සට ගියා . කොහොම හරි එහෙම ගිහින් අවසානෙ මම නැවතුනෙ කිචන් එකේ බිත්තිය ගාව. බිත්තියට හේත්තු වෙලා හිටිය මගෙ දකුණු පැත්තෙන් බිත්තියට අත තිපු බැල්කනි හොරා මගෙ කන ලගට ලන් උනා...... මම අනිත් පැත්ත බැලුවෙ යන්න උනත් ඒ පැත්තෙන් තිබුන ටේබල් එක මගෙ පාර හරස් වෙලා .ඒත් එක්කම
මෙච්චර වෙලා සාමාන්‍ය විදිහට ගැහුන මගෙ හදවත ආයෙමත් හයියෙන් ගැහෙන්න ගන්නකොට මම පපුවට අත තියා ගත්ත වෙනකොට මට හිතුනෙම එයාට ඒක ඇහෙයි කියල . ඒ තරම්ම මට ලන්වෙලා හිටිය එයා මම පපුව උඩින් අත තියා ගත්ත එක දැකලද මන්ද හිනාඋනා..... ඒ හිනාව ලස්සනයි. ......... ඕනම කෙනෙක් ඒ හිනාවට ඇදිලා යන තරම්ම ඒ හිනාව ලස්සනයි. ඒත් ඒ ලස්සන හිනාව ඉස්සරහ මම හිටියෙ මේ වෙන දේ තේරැම් ගන්න බැරිව.
" ඇයි.... මට ......... ඔච්චර බය....... "
" මම....... මොකටද තමුන්ට බය වෙන්නෙ "
ඇත්තටම මම එයාට බයද? නැත්තන් ඇයි ... . ඇයි මගෙ හදවත මෙච්චර වේගෙන් ගැහෙන්නෙ? මේ හැමදේම අවසානෙ මට මෙන්ටල් හොස්පිටල් එකේ නවතින්න වෙයිද මන්ද .....? මට මෙතනින් අතුරුදන් වෙන්න පුළුවන්නම් කියල හිතුන.
" ඒක හොඳයි. ........ කාටවත් බය වෙලා ජිවත් වෙන්න ඕන නෑනෙ අපි.... "
යන්න හැරැනු බැල්කනි හොරා ආයෙමත් මගෙ කන ලගට ලන් වෙනකොට එතනින් යන්න හදපු මම ආයෙමත් හිටපු විදිහටම බිත්තියට තද උනා ..... ....
"ආ ........තවදෙයක් .........ම්.... තේක .....හරිම රසයි . ...... හැමදාම හදල දුන්නත් කමක් නෑ ඉතින් ......... හැබැයි ...... මට විතරක්. ....... "
එයාට විතරක් තේ හදන්න ..... ඒ වචන ටික ඇතුලෙ විතරක් හිරවෙලා හිටිය මම පුලුවන් තරම් ඒ වචන වල තේරැම හොයන්න ගත්ත. තේරැම්ගන්න අමාරැ හේතුවකට උනත් ඒ වචන මගෙ හිතට ගෙනාවේ අමුතු සතුටක්.
"සුදු බෝලේ. ............ මොකෝ අනේ මේ දෙන්නම කිචන් එකට වෙලා කරන්නේ "
දන්නෙම නැතුව නෙතූ අක්කත් ඇවිත්... මම මොකට මේ ලුණු මිරිසක් හදන්න ගත්තද මන්ද ... ආසාවෙන් හදන්න හැදුවට දැන් නම් ඒක එහෙමම දියවෙලා ගිහින්. දැන් මගෙ හිතේ දුවන්නෙම එකම එක ප්‍රශ්නයක් විතරයි. ඒ මගෙ හිතට දැනෙන මේ හැගීම මොකද්ද කියන එක. ඒත් මම ඒ ගැන හිතන්න බයයි ... ඒ ප්‍රශ්නෙ අවසානෙ හම්බෙන උත්තරේ මොකක් උනත් මට ඒක පිළිගන්න පුළුවන් ද .... මන් පියවි සිහියට ආවෙ බැල්කනි හොරාගෙ කටහඩට වෙනකොට ඒ දෙන්නම මන් දිහා බලන් හිනාවෙනව.
"ඈ...... චුටි ...... ඔයාට උයන්න පුළුවන් කියල මම අදනෙ දන්නේ. ..... දැන් ඉතින් ගෙදර වසලත් හමාරයි ... ඇයි ඉතින් මම උයන්න දන්නව කියලයෑ .... මමීගෙන් හොද පදවලින් අහගතෑකි මට ...... ඒ .....චූටියෝ ...... නිකන් ඉන්න වෙලාවක මටත් උගන්නන්න කෝ ..... හොදේ..... "
" හ්ම්. ...... අක්කට ලෙක්චර්ස් නැති දවසක දෙන්නම දවල්ට උයමු ......."
"ඔය කට්ටිය කලින් පොඩ්ඩක් කීවනම් හොදයි ..... අඩුම ගානේ ඉතින් මටයි මමීටයි ඩැඩීටයි හොස්පිටල් එකේ රෑම්ස් තුනක්වත් බුක් කරල තියාගන්න එක හොදයිනෙ නේද ...... කියන්න බෑනෙ ඉතින් කොහෙන් නවතීද කියල ඕව කාල නෙහ් ......."
" මල්ලී තමුසෙ මහ නපුරුයි හලෝ .... ඉන්නවකෝ මම තමුසෙගෙ වෙඩිම දවසට දාල දෙනව ජාපාල දවසෙම ටොයිලට් එකේ ඉන්න. ......"
වෙනද වගේම ඒ දෙන්න රන්ඩු වෙවි ගියා .... හරියට වැස්සක් වැහැලා පෑව්ව වගේ...... ඒත් හරි පාලුයි. ... එහෙමම මම මගෙ වැඩේ කරන්න ගත්ත................ උදේ breakfast table එකට අන්තිමේටම ගිහින් හිටියෙ මම උනත් එතකනුත් එයාල කාල හිටියෙ නෑ. ඒ දෙන්නටම දන ගහල වදින ගමන් මම විෂ්කරා..... ඒක සාම්ප්‍රදායිකයි තමයි ඒත් මගෙ හිතෙන් මම ඒ ගැන සතුටු වුනා මොකද මාව බලාගන්න ඒ දෙන්නටම දෙන්න පුළුවන් උපරිම ගෞරවය ඒක කියල හිතුන නිසා .
" අංකල්.... ආන්ටි ..... wish you Happy 25st anniversary for you two ..... "
"පුතා. ...... අනෙ දරැවො නැගිටින්න මොනාද මේ කරන්නේ. ......"
"අංකලුයි ආන්ටියි මන් වෙනුවෙන් කරන හැමදේටම ගොඩක් පින්. ....... මගෙ ලග දැනට තියෙන ඔයාල දෙන්නටම දෙන්න පුළුවන් වටිනම දේ මගෙ හිතේ තියෙන ගෞරවය විතරයි .. මොකද ඒක කවදාවත් මුදල් වලට ගන්න බෑ......."
ඒ දෙන්නගෙම ඇස් වල කදුළු පිරිල . අද වගේ දවසකත් මම කියපු දේ නිසා ඒ දෙන්නගෙම හිත් වලට දුකක් එකතු උන එක ගැන පුංචි දුකක් මටත් දැනුන. මොකද අම්මා අප්පච්චි නැති මට ඒ දෙන්න මහ මෙරක් වගේ.
" මේ කොල්ල ..... බලන්නකො මාලිනී ........ අපිවත් අඩවනව..... "
අන්කල් මාව හග් කරා... මේ උනුසුම මට දැනිල ගොඩක් කල්..... තාත්තා කෙනෙක්ගෙ උනුසුම ....... මගෙ ඇස් දෙකටත් කදුළු ඉනුවෙ නොදැනිම උනාට ඒ ඇස් හංගන්න නම් කෙනෙක්ගෙන් අමාරැ උනා.........
" පුතා. ....... මොනවද දරැවො මේ කියන්නෙ ඔයා අපිට අපේම දරුවෙක් වගේ.... ඔයත් දැන් මේ පවුලෙම කෙනෙක් මේ ඉන්නේ ඔයාගෙම අයියයි අක්කයි කියල හිතන්න. ....... තේරැණාද? "
ඇත්තටම නෙතූ අක්කනම් මට මගේම සහෝදරියක් වගේ...... ඒත් බැල්කනි හොරා එයා දිහා සහෝදරයෙක් කියන කෝණයෙන් ..... මට බලන්න පුළුවන් ද. එයා මට සහෝදරයෙක් වේවිද. .. මම නිකමට ඒ පැත්ත බැලුව වෙනකොට ඒ ඇස් ආයෙමත් මට රවන්න ගත්ත. ..
"හ්ම්. ....... තේරැණා අංකල් "
"බලන්නකෝ අජිත් මේ..... අද හරියට අවුරුදු කෑම මේසෙ වගේ . "
"අනෙ ඔව් ලොකු නෝනෙ. .... ඔය ඉතින් අපෙ පුංචි මහත්තයගෙ වැඩ තමයි . ඊයෙ හවසම මා ලවා ඔය ඔක්කොම කැවිලි ජාති ගෙන්න ගත්ත. ඔන්න අද ලුණු මිරිසත් පුංචි මහත්තයා තමයි හැදුවෙ. ....."
" අනේ ...... මේ ලමයනම් . ........ හරි එන්න ලමයි කමු දැන් අපි....."
අපි හැමෝම breakfast ගත්ත වෙනකොට අවසානෙ අංකල් මට තෑන්ක්ස් කරා. ...
" Thanks you පුතා. ..... ඇත්තටම හුග කාලෙකට පස්සේ මෙහෙම breakfast එකක් ගත්තෙ.... මට අද ගොඩක් සතුටුයි දන්නවද ....... මට දැන් පුතාල දෙන්නෙක් ම ඉන්නව...... ."
ඒ දෙන්නම මේ මම වෙනුවෙන් කරපු හැමදේටම හිතින් පින් දෙන ගමන් ... කිචන් එකට ගියෙ විමලඅම්මටත් කෑම මේසෙ අස්කරන්න සපෝට් එකක් දෙන්න හිතන් .. ඒත් කවුරු හරි මගෙ අතින් අල්ල ගත්ත. .....
😊 දෙන්න පලාක්කු උනාට සොරි හොදේ. ...... කස්ටිය මට සමාව භජනය කරන්න. නැත්තන් ඔන්න ඔහේ භාජනයක දාන්ඩ..... හී...හී
☺ කතාව බෝරින් නම් කියන්නෝ. .යනගමන් මොනා හරි කොටාගෙන යන්නෝ.
2022.09. 28