Nerdy Girl🌻 || GL Story || (...

By Num_ya

8.6K 1.2K 223

"ඉතිං..... දැන් චූටිට කොහොමද?" "කවුද චූටි?"😳 ........................................................ "කරුණා... More

01.🌻
02.🌻
03.🌻
04.🌻
05.🌻
06.🌻
07.🌻
08.🌻
09.🌻
10.🌻
11.🌻
12.🌻
13.🌻
14.🌻
15🌻
17 🌻

16 🌻

374 63 7
By Num_ya

"මොනාද ළමයි මේ සිද්ධ වෙන්නේ? මේ දවස් කීපෙටම මට වැඩිපුරම පැමිණිලි ආවේ ඔයාලගෙන්... රණ්ඩු කරන වයසක්ද මේ? ඉස්කෝලේ ලොකු පංතිවල ඉන්න ළමයි හැටියට ඔය ළමයි පොඩි අයට ආදර්ශයක් වෙලා ඉන්න ඕනි... ඒත් ඒකේ අනිප්පැත්තනේ මේ වෙන්නේ!"

"සොරි සර්..."

"හැමදාම සොරි කිව්වට වැඩක් නෑ ළමයි වැරදි කරාම ඒකෙන් දෙයක් ඉගෙනගෙන ඒ වැරැද්ද ආයේ නොකරන්න වග බලාගන්න ඕනි... මේ පාරනම් ඔයාලට දඬුවම් දෙන්නම වෙනවා... දෙන්නම යනවලා දැන් පංතිවලට! ආයේ මං අඬගහපුවම එන්න"

"හරි සර්..."

රන්දිමායි නිමේෂුයි හිටියේ කන් දෙකත් අල්ලන් ප්‍රින්සිපල් ඔෆිස් එක ඉස්සරහා දනගහගෙන. මේ ඉන්ටවල් එකේ අන්තිම විනාඩි කීපය නිසා තම තමන්ගේ පංතිවලට යන ළමයි ඒ කොරිඩෝව දිගේ ගියෙත් හිනාවෙවී කුටුකුටු ගගා. නිමේෂ්ගේ සුදු ශර්ට් එකේ කොලර් එකෙයි උරිස් දෙකෙයි තැන තැන රතු පාට ලේ පැල්ලම්. ප්‍රින්සිපල් සර් ⁣ඒ දෙන්නාව ආයේ අන්තිම පීරියඩ් එකේදි ගෙන්නගන්නවා කියලා හිතාගෙන එයාලව යැව්වේ රන්දිමාගෙයි නිමේෂ්ගෙයි දෙමාපියන්ට කතා කරන්න හිතාගෙන.

කියන පමාවට නිමේෂ්ගේ තාත්තා ඉස්කෝලේ. ප්‍රින්සිපල් සර්ට හීන් දාඩිය දාන්න ගත්තේ නිමේෂ්ගේ තාත්තාගේ තත්වය තරාතිරම ආයේ අමුතුවෙන් දැනගන්න ඕනි දෙයක් නෙමෙයි නිසා.

"මොනාද සර් මේ ඉස්කෝලේ වෙන්නේ? බලනවා මගේ ළමයා අද මේ ලේ පෙරාගෙන ඉන්න තුන්වෙනි දවස! ගෑනු ළමෙක් නේද ගැහුවයි කියන්නේ? මට මේ මුළු ඉස්කෝලෙටම විරුද්ධව විනය නීකි ක්‍රියාත්මක කරන්න පුළුවන් බව අමතක කරන්න එපා සර්!"

ටයි ගැටය බුරුල් කරන ගමන් නිමේෂ්ගේ තාත්තා ප්‍රින්සිපල්ගේ මූණටම කියවගෙන ගියේ අතත් දික් කරකර. නිමේෂ් එයාගේ දරුවා බව ඇත්ත. ඒ වුණත් එයාට තිබ්බා මොන දෙයක් වුණත් තමන්ගේ දරුවා ඉගෙනගන්න ඉස්කෝලේ ප්‍රින්සිපල්ට ටිකක් ගරුසරු ඇතුව කතා කරන්න! ප්‍රින්සිපල් සර් ඒ වෙලාවේ හිටියේ ඇත්තටම මේ දේවල් නවත්තන්න විදිහක් හොය හොය. පුළුවන් විදිහට නිමේෂ්ගේ තාත්තාව සන්සුන් කරලා යැව්වේ නිමේෂ්ව වෙන පංති⁣යකටවත් මාරුකරන්න බලාගෙන.

'හම්මෝ... ඇති යන්නත් ගියා'

රන්දිමාගේ අම්මාත් ඉස්කෝලෙට ආව වෙලේ ප්‍රින්සිපල් එයා එක්කත් කතා කරලා කිව්වේ රන්දිමාට තරහා නොගෙන ඉන්න කියලා කියාදෙන්න කියලා. එයාලා ගහගන්නවා, සර් එයාලට බැනලා යවනවා, හැබැයි හේතුවක් දන්නේ නෑ. දන්නේ නැත්තේ ඉතිං අහන්නේ නැති නිසානේ. රන්දිමායි නිමේෂුයි ත් නිදහසට කරුණුවත් නොකියනකොට ප්‍රින්සිපල්ට ඔව්වා මතක් වුණොත් තමා පුදුමේ.
අන්තිම පීරියඩ් එකේදි ළමයි දෙන්නා ආවම ප්‍රින්සිපල් ඉස්සරහට මේ වගේ ප්‍රශ්න නොවෙන්න වැඩ කරන්න කියලයි නිමේෂ්ගේ පංති මාරුවීම ගැන කියලයි දෙන්නාටම දඬුවමුත් දුන්නා. මුළු ප්ලේග්‍රව්න්ඩ් එකේම වල්ගස් ගලවන්න!

වල්ගස් ගලවලා හවස් වෙලා රන්දිමා ගෙදර යද්දි තාම ගේ ඇතුළේ ලයිට් එකක්වත් දාලා නෑ. හයටත් කිට්ටුයි ඒත් තද තැඹිලි පාට ඉර එළිය තාම හොඳට තියෙන නිසා වෙන්නැති කියලා හිතන් රන්දිමා ගේ අස්සට ගිහින් කෙලින්ම ගියේ එයාගේ කාමරේට. හෙට හවස ප්‍රැක්ටිස් නවතින්නත් තියෙන නිසා එයා හිතුවේ පැයක්වත් පාඩම් කරලා ඉක්මනට නිදාගන්න. රන්දිමා ඇඳුම් මාරු කරන් එද්දි එයාගේ අම්මා ඇවිත් දොර උළුවස්සට හේත්තු වෙලා පපුවට උඩින් අත් දෙක බැඳගත්තා.

"දැන් චන්ඩියෙක් වෙලා නේ"

"ආ?"

"දඬු දික් වුණා කියලා ගහගන්න යන්න එපා දෝනි... අම්මාට අද කොච්චර ලැජ්ජ හිතුනද දන්නවද ප්‍රින්සිපල් සර් ඉස්සරහා"

"මං රණ්ඩු වෙන්න ගියේ නෑ අම්මා... ඒ කොල්ලා තමයි මාව අවුස්සන්නේ.. ඌ මට පාඩුවේ ඉන්න දෙන්නේ නෑ"

"ඉන්න දෙන්නේ නැත්තන් මිස් කෙනෙක්ට කියන්න එපැයි... වලි දාගන්න ගියාම නරක නාමේ එන්නේ ඔයාටමයි"

"මෙහෙමයි.... මටම නෙමෙයි වද දුන්නේ... අම්මා ගංගාවිව දන්නවනේ? අර මං කලින් කිව්වේ එයා ගැන... නිමේෂ් එයාට ඕන්නැති විදිහට කරදර කරනවා... එයා මගේ යාළුවානේ ඉතිං..."

"ගංගාවිට කරදර කරනවානම් ගංගාවි ඒක බලාගනියි... ඔයා ඔව්වට පැ⁣ටලෙන්න එපා... එයාටත් කටක් තියෙයිනේ කාටහරි කියලා ඒ පිරිමි ළමයා ගැන පැමිණිලි කරන්න... ආයේ මටනම් අහුවෙන්න එපා රණ්ඩු කරලා! කෙල්ලෙක් වගේ වැදගත් විදිහට හැදෙන්න!"

රන්දිමාගෙයි එයාගේ අම්මාගෙයි සංවාදෙන් පස්සේ රන්දිමා තව මොකුත් කියන්නත් කලින් අම්මා එතනින් ගියේ රන්දිමා තව මොකුත් කියන්න කලින්. රන්දිමායි එයාගේ අම්මායි කතා කරද්දි ඒ කතා වැඩිය දුරදිග යන්නේ නැත්තේ අන්තිමට ඒවා නතර වෙන්නේ අම්මාට කේන්ති ගිහින් කියලා දෙන්නම හොඳට දන්න නිසා. රන්දිමාට අම්මාව කේන්ති ගස්සන්න ඕනිත් නෑ අම්මාට රන්දිමාට කෑගහන්න ඕනිත් නෑ.

රන්දිමා ඒ විදිහට දවස ඉවර කරද්දි අනිප්පැත්තෙන් ගංගාවි නම් හිටියේ එච්චරම හොඳ හැඟීමකින් නෙමෙයි. එයා අද ගෙදර ආවෙත් මූණ එල්ලගෙන. එයා දැක්කා රන්දිමාගේ මූණ මොන වගේද කියලා ඉන්ටවල් එකෙන් පස්සේ පන්තියට ආවම. ඒ වෙද්දි නිමේෂ්ගෙත් මූණ හැමතැනම ප්ලාස්ටර් අලෝලා මමියක් වගේ පංතියේ පැත්තක වාඩි වෙලා හිටියා. නිමේෂ්ට හිතින් හොඳවැඩේ කිය කිය බැන්නට රන්දිමා දිහා බලද්දි එයාට දුක හිතුනේ හැමතිස්සෙම එයා නිසා රන්දිමාට ප්‍රශ්න ඇතිවෙන නිසා. එයාලා යාළුවෝ විතරයිනේ.... 'හොඳම යාළුවෝ'.... ඒක හොඳම යාළු⁣වන්ගේ දෙයක් වෙන්න ඇති... එක්කෙනෙක් වැටෙද්දි අනිත් කෙනා එයාට අත දීලා උදව් කරන එක... ඒක ඊට එහාගිය දෙයක් වෙන්නත් පුළුවන්....

................................................

හායි 🙂

මේක කොටයි, හොඳට ලියවුණෙත් නෑ මොකද මේක ඉවර වෙනවා කියලා මං දන්න නිසා 😭

ඔව් ඈ... ඊළඟ ⁣කොටසින් හරි ඊටපස්සේ එකෙන් හරි මේක ඉවර වෙනවා.... මං නම් හිතන්නේ ඊළඟ එකෙන් ඉවර වෙයි.... මට ශුවර් නෑ තාම ලියන්න ගත්තේ නැති නිසා...

This was on 17/10/2022

Thanks a lot everyone!!!
ඔයාලා මාව හුඟක් සතුටු කරනවා ❤️❤️❤️

ඊළඟ එක ඉක්මනට දෙන්න බලන්නම්....

ආදරෙයි හැමෝටම.....

පරිස්සමින් ඉන්න... ❤️❤️❤️

Continue Reading

You'll Also Like

1.3K 415 28
අහිංසකයෙකුගෙනුයි දාමරිකයෙකුගෙනුයි එක්කෙනෙක්ව ඔයාට තෝර ගන්න කීවොත්?? Theboyz ff ☑
1K 221 7
"ඒ දේවල් එහෙම තමයි" අපිටත් පොළවේ පය ගහන්න අයිතියක් තියෙනව කියල ඔප්පු කරන්න උන සමාජයක් මේක. Written by WinterbearsAngel ~2022/07/04
ඇය By cuv

Non-Fiction

1.6K 197 30
හිමි වූ නොවූ අවසානය නුඹම විය.
105K 11.3K 68
TaeKook Non Fanfiction #1 nonfic #1 nonfanfiction #1 nonff #1 nonfanfic 2023.12.09 2024.