BREATH OF LIFE (Complete)

By DEESHAPONNAMPERUMAGE

584K 111K 49.8K

කවුරුත් නැතිව උඹම උඹේ හිත සනස ගත් දවසට ඒහිත ඒ හේතුවටම කිසිදින නැවත නොවැටෙනු ඇත.........!! More

01වන කොටස........
02වන කොටස...
03 වෙනි කොටස.......
04වන කොටස.....
05වන කොටස.....(bonus )
06වන කොටස....
07වෙනි කොටස...
08වන කොටස....
09වන කොටස...
10වන කොටස.....
11වන කොටස.....
12 වන කොටස....
13වන කොටස....
14වන කොටස...
15වන කොටස...
16වන කොටස...
17වන කොටස....
18වන කොටස....
19 වන කොටස....
20වන කොටස.....
thank you note😘😘
21වන කොටස.....
AUTHOR NOTE...
23 වන කොටස..
24වන කොටස....(bonus )
25වන කොටස...
26වන කොටස.....
27වන කොටස...
28වන කොටස.....
29වන කොටස....
30 වන කොටස....
31 වන කොටස....
32වන කොටස....
33වන කොටස...
34වන කොටස...
35වන කොටස....
36වන කොටස.....
37වන කොටස...
38 වන කොටස...
39වන කොටස.....
40වන කොටස...
41වන කොටස..
42වන කොටස...
43වන කොටස...
44වන කොටස...
45වන කොටස....
46වන කොටස...
47 වන කොටස...
48වන කොටස....
49 වන කොටස......
50වන කොටස...
51වන කොටස...
52වන කොටස...
53 වන කොටස..
54 වන කොටස....
55වන කොටස...
56වන කොටස...
57වන කොටස...
58වන කොටස..
59 වන කොටස...
60වන කොටස..
61 වන කොටස...
62 වන කොටස...
63වන කොටස.....
64වන කොටස...
65වන කොටස...
66 වන කොටස....
67වන කොටස....
68වන කොටස.....
69වෙනි කොටස...
70වන කොටස....
71වන කොටස....
72වන කොටස...
73වන කොටස..
75වන කොටස.....
76වන කොටස....
77වන කොටස....
78වන කොටස....
79වන කොටස...
80 වන කොටස....
81වන කොටස...
82 වනකොටස
83වන කොටස...
84වන කොටස....
85වන කොටස....
86වන කොටස....
87වන කොටස..
88 වන කොටස..
89වන කොටස...
90 වන කොටස...
91වන කොටස...
92 වන කොටස..
93 වන කොටස...
94 වන කොටස....
95වන කොටස..
96වන කොටස....
97වන කොටස...
98වන කොටස...
99වන කොටස.....
100 වන කොටස.
101 වන කොටස...
102වන කොටස...
103 වන කොටස....
104වන කොටස...
105වන කොටස...
106 වන කොටස..
107වන කොටස...
108 වන කොටස...
109වන කොටස .....
110 වන කොටස..
111 වන කොටස....
112වන කොටස....
113 වන කොටස..
114වන කොටස...
115 වන කොටස....
116 වන කොටස..
117.............!!!
Thank you note❤️😘

74 වන කොටස.....

3.9K 893 686
By DEESHAPONNAMPERUMAGE

සෙනාරි......රවීන්........

මට ඒ මුනවල් දෙකපු ගමන් නිකන් කරකවලා අතෑරියා වගේ උනා...සෙනාරිගෙ මූන හිනහවෙන් පිරිලා තියනකොට මගෙ විතේන්ගෙ මූන තරහවෙන් පුපුරන්න ඔන්න මෙන්න තිබුනා  

සුදු අයියෙ    .....විතේන් කැමති උනා අපිට උදව් කරන්න ......

මි  ස්  ට   ර්      වි  තේ  න්....

ඔ...ඔව්....මිස්ටර් විතේන් ...

ඒ වගේම මිසිස් සෙනාරි එයා මිස්ටර් නිතේශ් ....


මම බලන් උන්නා.....එයා දත්කූරු හපාගන උන්නා....මම ඇතුලට එනවා එක්කම සෙනාරි දුවගන ඇවිදින් සුදු අයියෙ විතේන් උදව් කරන්න කැමති උනා කියනකොට විතේන් දැන් පුපුරලා යන බෝම්බයක් හා සමානව උන්නා වගේම සෙනාරි ගානක් නැතිවම විතේන් ,සුදු අයියා කියනකොට එයා තත්පරයක් යන්න කලින් ආයම ඒ වචන හරි ගැස්සුවා.........

මම සෙනාරිගෙ අත ගසලා දැම්මා....ඒත් ඒකිගෙ මුනෙ හිනාව අඩු උනේ නෑ...හරියටම එයාට ඕන දේ උනා වගෙ හැගීමක් ඒ මූනෙ තියන කොට මම කෙලිම්ම විතේන් ගාවට ආවා මොකක්ද මේ නටන නාඩගම අහන්න...ඒඋනාට මට කලින් විතේන් ඉක්මන් උනා....ආදරනීයම විතේන්ව සහමුලිම්ම මරලා දාපු මිස්ටර් විතේන් නපුරුම විතේන් මට කලින් ඉක්මන් උනා  

මිස්ටර් නිතේශ් ඉදගන්න.......

විතේන්  මොකක්ද තමුන් මේ කරන්න හදන්නෙ.....

මිස්ටර් ......

මිස්ටර් විතේන්     ..මට දැනගන්න පුලුවන් ද මොකක්ද මේ කරන්න හදන්නෙ කියලා....

නූතන වෙස්සන්තර ජාතක කතාවට ආයම පන දෙන්න.....දරුවො දෙන්නෙක්ව දන් දීලා...අවසානෙදි අඹුවවත් දන් දෙන්න පුලුවන් උනානම්......අපිට දරුවෙක් හැදෙන්න එක බීජයක් දෙන්න බැරි කමක් නෑනෙ....

ඔව් ඇත්ත මිස්ටර් විතේන්...මට ඒක දෙන්න බැරි කමක් නෑ..හැබැයි...මම කොතනකවත් බුදු වෙන්න ප්‍රාර්තනා කරලා නෑ...ඒක නිසා...මට බෑ ඔයා කියනදේ කරන්න ....

මම අනිත් පැත්තට විතේන්ට ඒ ආවේගම්ම උත්තර දුන්නා.....එයාගෙ මුඑ හිනාවක් ඇදුනා....හැබැයි ඒක මහ නපුරු වගේම පලිගැනීමෙ චේතනාව කියන දේ උපරිමෙටම පිරුන හිනාවක් වෙනකොට මමම පුදුම උනා ආදරනීයම හිනාවක් අහිංසක ඇස් දෙකක් තියන විතේන්ට මේ වගේ නපුරු වෙන්න පුලුවන්ද කියලා.....එයා මගෙන් පලි ගන්නවා.....ඇත්තටම එයා කරන්නෙ ඒක....එයා සෙනාරිව ගෙන්නලා කරන්නෙ පලි ගන්න එක....එයා කරන්නෙම මම බෑ කියපු එක කරවන්න හදන එක......

ඉතින් මිසිස් සෙනාරි.......කොහොමද ...හරි ලස්සන හිනාවක් තියෙන්නෙ...මෙච්චර වෙලාම මැරිලා වගෙ ඉදපු ඔයාට මගෙ හස්බන්ඩ්ව දැක්ක ගමන් හරි ලස්සන හිනාවක් ගියානෙ.....ම්ම්ම්ම්ම්....අනුන්ගෙ මල් ගාව හිනා වෙන එක ඒ තරම්ම හොද නෑ බබෝ..මොකද.....ලස්සන මල් ගාව තනියට බාදුරා මල්.....ශිහ්.....ජරා මැස්සා!!........

මම බලන් උන්නා...එයා ෆයිල් හෝල්ඩර් එකෙන් මේසෙට වහපු මැස්සව චප්ප චිරිප්පන් වෙන්න පාරක් ගැහුවා  ....ඒත් එයා ඒ පාර ගැහුවෙ මැස්සටද නැතිනම්  සෙනාරිට කම්මුල් පාරක්ද කියලා මං කල්පනා කෙරුවා ....ඇත්තටම එයා හරි සූක්ශම විදිහට මාව රිදවන ගමන් සෙනාරිට එයාගෙ අයිතිය පෙන්න පෙන්න කැපිල්ල දැම්මා.......

මොකක්ද මං කිය කිය උන්නෙ මිස්ටර් නලින්....

බ්බ්...බාදුරා....මල් ගැන සර්...

ආන්න රයිට් . .දන්නවද සෙනාරි...සමහර ලස්සන මල් ගාව බාදුරා පැල කරනවා ඒ  ඇයි කියලා  දන්නවද ....ම්ම්ම්

නෑනෙ.....

අවලමේ යන මීමැස්සො වගේ වගක් නැතිව රොන් ගන්න එනවනෙ ඒකයි...

මගෙ කන්දෙකත් එක්ක රත් වෙලා  ගියා...එයා ඇත්තටම පිහි තුඩවල් වගෙ වගේ වගක්  නැතිවම වචන වලින් දමලා ගහනකොට මෙච්චර වෙලා හිනාවක් තිබුන සෙනාරිගෙ මූන කලුවෙලා ගියා.....

මිස්ටර් නලින්...

සර්...

මිස්ටර් අධිකාරිට කතා කරන්න......

මිස්ටර් අධිකාරි ...??මං එයා දිහා බැලුවා ...එයා මොන නාඩගමක්ද මේ නටන්න හදන්නෙ.....අධිකාරි .....අධිකාරි කියන්නෙ එයාගෙ ලෝයර් ......ඒ මනුස්සයව මොකටද.......මගෙ ඔලුවෙ ප්‍රශ්න ගොඩක් කැරකුනත් මට ඒවා විසදගන්න ඕනා උනත් විතේන් කෙරුවෙම මගෙ ඇස් මග ඇර ඇර එයාට ඕන දේවල් කරගත්තු එක වෙනකොට මම බලන් උන්නා ..මොකද අවසානෙදි මට එයා ඉතිරි කරල තිබුනෙ බලන් ඉන්න එක විතරක්ම නිසා....

මිස්ටර් විතේන් ....

ආ එන්න මිස්ටර් අධිකාරි  ....එන්න......

එයා හිනා උනා...අධිකාරිව දැකලා ශීට් එකෙන් නැගිටලා අතට අත පවා දුන්නා. ඇත්තටම ඒ හිනාව මොන තරම් කුරිරුද.....මේ ඉන්නෙ මගෙ විතේන්මද කියන්න බැරි තරම් නපුරු කමක් ඒ හිනාව අස්සෙ තියනකොට එයා කෙලිම්ම රවීන් දිහා බැලුවා....

ඉතින් රවීන් ඔයා මම කියපු documents  ගෙනාවද....

Documents ....මොන documents  ද.....මම රවීන් ගෙ මූන...සෙනාරිගෙ මූන.....විතේන්ගෙ මූන මේ හැමදේම බැලුවා......රවීන් ගෙ මූන ඇත්තටම ඒ මූනෙ තිබුනෙ මට කියන්න නොතේරෙන හැගීමක්...හරියටම මහ හිස් හැගීම් ගොඩක්....සෙනාරි .......ඇත්තටම මම ජීවිතේ කිසිම තැනකදි කලු චරිතයක් කරන්න නොහිතපු සෙනාරි එයා ටිකෙන් ටික එයාගෙම චරිතෙට කලු පැල්ලම් එකතු කරන ගමන් උන්නා.....අවංකවම මගෙ විතේන් කිව්වා වගේම...මම හිතුවා වගේම සෙනාරි දවසක දරුවගෙ අයිතිය ඉල්ලන් එනවා......දරුවෙක් වදන්න බැරි මිනිහෙක් කියල එක ශොට් එකෙන් රන්වීර්ව ඩිවෝර්ස් කරන්න පුලුවන් කම ඕනවටත් වඩා සෙනාරි ගාව තිබුනා...

අනික සුදු අයියෙ    .. රවීන් ඉස්සරහා තවමත් මට සුදු අයියෙ කියලා කියන්න හිත හදාගත්තෙ  කොහොමද ........??මගෙ විතේන්  ඉස්සරහා........???

මිස්ටර් නලින්....

සර්  ....

අර ඉස්සරහා තියන අඹ පැලේට ක්‍රෝටන් වගයක්බෝ වෙලා නේද   

ඒ අතු පාස්සන්න හවස එනවා කිව්වා

නෑ ගහ මුලින් කපලා දාන්න....එක පාරකුත් ඕකෙ අතු පෑස්සුවනෙ........පාස්සන්න....පාස්සන්න.....ඒ කාක්කා ඇවිදින් එතනම ජරා කරලා යනවා නම්......

සර්.....

ඇයි මිස්ටර් නලින්......

සර්...එක....තායි වලින් ගෙන්නපු හොදම වර්ගෙ අඹ ගහක්නෙ සර්....

ඉතින්.......මිස්ටර් නලින්......මම මගෙ සේසතෙන් බාගයක් වියදම් කරල මට වටින දෙයක් අරගන්නෙ මට ඕනා නිසා..හැබැයි ඉතින්.....එක එක ජාතියෙ පිලිකා බෝ උනාම....සැරින් සැරේම අතු පාස්ස පාස්ස ඉන්නවට වඩා ගහම කපලා දාන එක ලේසිනෙ.......... එහෙම නේද මිස්ටර් නිතේශ් ..මම වියදම් කෙරුවෙ ගහට මිසක් පිළිකාවට නේවෙනෙ...........ම්ම්ම්ම්.....මිස්ටර් නලින් ගහ කපලා දාන්න කියන්න...ඔයාට මේ පාර සැලරි එක වැටෙනකොට පේ ශීට් එක මාගලක් සයිස් දික් වෙන්න ඕනෙද නැද්ද කියලා තීරනේ වෙන්නෙ ඔයාගෙ ක්‍රියා කලාපෙ අනුව......එහෙම නැති උනොත් ...ඕටි නැති...අමතර දීමනා...අනම් මනම්මොකුත් නැති බේසික් සැලරි එක අරන් මෙලෝ රහක් නැතිව දාඩිය පෙරාගන බස් එකේම එන්න පුලුවන් මොකද මං කාර් එකේ ඉදලම මගෙ අතට ගන්නවා.....

මම අහන්  උන්නා....ඒ අඹ පැලේ එයා තයිලන්ඩ් වලින් ගෙන්නුවෙ ....ලන්කාවෙ ඒ අඹ ගෙඩියක් රුපියල් දෙහක් තුන්දහකට වත් ගන්න බැරි තරම් පට්‍ටම ගනන්...හරියටම කලු ඇපල් හා සමාන අඹ ජාතියක් වෙනකොට එයා ගානක් නැතිවම අඹ ගහ කපලා දාන්න කිව්වා විතරක් නෙවෙ....එයාගෙ කතාවෙ දෙබඩි පැත්ත තේරුම් ගත්තු නලින්ට පවා සැර දැම්මා........

මිස්ටර් නලින්....

සර්....

කොහෙද ඔය යන්න හදන්නෙ ...

ස්...සර්...අර ගහ කපලා දාන්න....

තමුන්??

ඔව්...සර්.....ඒ මනුස්සයා එන්න වෙලා යයි.........ඒකයි.....මම...

කමක් නෑ ..ගහ කපනවා කිව්වනෙ   ඒක නිසා කලබල වෙන්නෙ නැතිව ඉන්න....පුලුවන් නම් මගෙ ආදරනීයම හස්බන්ඩ්ව එක්කන් ගිහින් ඇදුම් මාරු කරගන්න උදව් වෙන්න   

විතේන්  !!!

ශ්ශ්ශ්    මිස්ටර් නිතේශ්  .....ඔයාට පුලුවන් යන්න    මතකනෙ  මගෙ වචනෙ.....එක මෝඩ තීරනයක් හින්ද හදන්න බැරි වැරදි හුගාක් වේවි....කරුනාකරලා "පිට මිනිස්සු" ඉස්සරහා "ඔයාගෙ මැනිකව" ලැජ්ජා කරන්න එපා.....මොකද  .."පිට මිනිස්සු" ගාව මට ලැජ්ජා වෙන්න බෑ....

මම අහන් උන්නා........කෑගහලා බනින්න හදපු මට එයාගෙ කට ඉස්සරහා ආයම පහු බහින්න උනා....එයාම හිතුමනාපෙට සෙනාරිලාව ගෙන්නලා....එයා කෙරුවෙම මට රිදව රිදව අරුන්ගෙන් පලි ගත්ත එක වෙනකොට නඩුවෙ විත්ති කූඩුවෙ උන්න මං නඩුකාර හාමුදුරුවො ගාව ආයම පහු බැස්සා .....එයා ඔයාගෙ මැනික පිට මිනිස්සු කියන වචන ඕනාවටත් වඩා බර කරනකොට මං බලාගන සෙනාරිගෙ මූන අවුල් වෙලා යනවා වගේම  ඒ අවුල් මූන ඉස්සරහා විතේන්  හිනහා වෙනවා.....

එකම කාසියෙ පැති දෙකක් තිබ්බත් විතේන් කරන්න හදන්නෙ මොන පැත්ත වැටුනත් කාසියෙ වාසිය තමන් අතට ගන්න පාර කපන එක වෙනකොට මට මීට එහා කරන්න දෙයක් නැති කමට ඉදන් උන්න ශීට් එකෙන් නැගිටලා නලින් පස්සෙන් එයාටම වෙන්වෙච්ච නිදන කාමරයක් හා සමානවම හදපු කාමරේට ගියා....ඇත්තටම මේක නිදන කාමරයක්මයි  .වෙනසක් නෑ...එකම වෙනස තියෙන්නෙ සයිස් එකෙන් පොඩ්ඩක් පොඩි උන එක විතරක්ම වෙනකොට නලින් ගිහින් මං වෙනුවෙන් ඇදුමක් තේරුවා...

මිස්ටර් නලින්...

සර්...

ඇත්තටම අර විතේන් නටන්න හදන නාඩගම මොකක්ද නලින්.......සෙනාරිලාව ගෙන්නන්....අධිකාරිව ගෙන්නන්...මොකක්ද ඒ කරන්න හදන්නෙ නලින්....

එයා මටවත් නොකියන...මටවත් ලෙහන්න නොදෙන නූල් බෝලෙ මට නලින් ලව්වා හරි ලෙහා ගන්න ඕනා වෙනකොට මන් එයා දිහා බලන් උන්නා....

ඇත්තටම .........මිස්ටර් නිතේශ් .....සෙනාරිට....යන එනමන් නැතිවේවි .....සර්ගෙන් යන්නෙ එකම එක ස්පර්ම් එකක් උනාට.....එයාට ඉන්න හිටින්නවත් තැනක් නැතිවේවි...

මොකක්??

මං නලින් දිහා බැලුවා ...ඉන්න හිටින්නවත් තැනක් නැතිවේවි .......මං කතාව සම්පූරනම අහන්න ඕනා නිසා මැද්දෙන් ඇඩ් නොදා උන්නා...

සර්...ඇත්තටම ඔය ලේඩි තමා දෙපාරක් තුන්පාරක්ම සර්ට උදෙ ඉදන් කෝල් කලෙ....ඇත්තටම සර් උදේ ඔෆිස් ආවෙත් ඒ තරම් මූඩ් එකකින් නෙවෙ...ඒක අපි හැමෝම  දැක්කා...හැබැයි අපි  කාටවත්  අහන්න තරම් ගටක් තිබුන් නෑ සර්...

ඉතින්...

සර්...ඔය ලේඩි මං කැබින් එකේ ඉන්නකොට දෙපාරක් තුන්පාරක්ම ගත්තා පස්සෙ මිස්ටර් විතේන් සෑහෙන්න වෙලා කෝල් කරලා මිස්ටර් අධිකාරිව ගෙන්නුවා....ගෙන්නලා....එයාලා දෙන්නා කතා කරා සෑහෙන්න ....මට වෙච්ච  කියපු දේවල් ඇහුන්නෑ සර්...හැබැයි මෙච්චරයි දන්නෙ....

සෙනාරිට කිසිම හේතුවක් මත රවීන්ව ඩිවෝර්ස් කරන්න බෑ....සෙනාරිත් කැමති වෙලා රවීන් කැමති උනත් රවීන්ගෙ සියලුම දේපල දැන් තියෙන්නෙ සෙනාරි නමටනෙ...ඒ ඔක්කොම කැන්සල් වෙලා කෙලිම්ම මිස්ටර් විතේන් නමට යන විදිහට හදන්න යන්නෙ ..මොකද ...රවීන්ලගෙ අම්මලා ජීවිත බුක්තිය වත් තියා නොගෙන රවීන්ට ඔය  ඔක්කෝම දීලා තියෙන්නෙ....රවීන් ඒ ටික එයාගෙන් පස්සෙ සෙනාරිට හරවලා ...වන්දි විදිහට යන  හැම දේපලම  සෙනාරිට ලිව්වත්.....ඒක ඇත්තටම  හැරවෙන්නෙ විතේන් සර්ට.....හැබැයි කවුරු ඩිවෝර්ස් එක ෆයිල් කලත්...අවසානෙදි  ඒ දෙන්නට මොකුත්නෑ...
ඒ දේ කෙරුවෙ වෙනමොකටවත් නෙවෙ මිස්ටර් නිතේශ් ......සෙනාරි අනිවාර්යයෙන්ම බබා හම්බ උන ගමන් රවීන්ගෙන් ඩිවෝර්ස් වෙනවා....එයා දරුවගෙ අයිතිය ඉල්ලන්න සර්ගාවට අනිවාර්යයෙන්ම  එනවා  ...කියන එක මිස්ටර් විතේන් ඉවෙන් වගේ තේරුම් ගත්තා . . මොකද .....සර්....උනත්....දන්නවා ...
මිස්ටර් නිතේශ් ...ගෙ හිත උනුවෙනවා...කියලා ...

එයාට මොනම හේතුවකට වත් දරුවගෙ අයිතිය ඉල්ලන්නත් බෑ....ඩිවෝර්ස් වෙන්නත් බෑ....දේපල වල තුන්වෙනි පාර්ශවේ විදිහට හැම දේම මිස්ටර්  විතේන් ගාවට ලියන්න හදන්නෙ ...ඇත්තටම මටත් ඔය විස්තරේ මෙලෝ මලදානයක්  තේරෙන්නෙ නෑ සර්....ඒ කොහොම උනත් මන් දන්නෙ මෙච්චරයි ....සර් සෙනාරිලාට බබෙක් හදන්න උදව් වෙන එකට හිලව් වෙන්න  මිස්ටර් විතේන්  එයාලගෙ හැම දේම අතට ගත්තා වගේ දෙයක් ......

අනිත් එක...තව දෙයක් ...සෙනාරි මිස් දන්නෙ නෑ...ඩිවෝර්ස් උනෝතින් දරුවගෙ අයිතිය තාත්තට යන විදිහට හදන්න හදන්නෙ කියලා  ..ඒකයි එයා මිස්ටර් නිතේශ් එනකොට  උඩ පැනගන ආවෙ....

මට නිකන් ඔලුවෙ කැක්කුමට ආවා...

එකම එක පුරුෂ ධාතුවක් වෙනුවෙන් ....ඇත්තටම විතේන් කරන්නෙ උන්ටත් රිදවලා මටත් රිදවන එක නෙවේද .....

ඒ කියන්නෙ...නොකියා කියන්නෙ මිස්ටර් නලින්...මාව විකුනුවා වගෙ වැඩක් නේද .....ඇත්තටම එහෙම  දෙයක්නෙ මෙතන වෙන්නෙ....නේද ....

ඇත්තටම මිස්ටර් නිතේශ්  ඔයා හිතනවද ...සෙනාරිට ඩිවෝර්ස් එක  ඕනා උනත්....රවීන් ඩිවෝර්ස් එක දෙයි කියලා ....ඇරත් අතේ තඹ දොයිතුවක් නැතිව සෙනාරි කොහෙ ළමයෙක් බලාගන්නද.....අනවශ්‍ය විදිහට බලපෑම් කරන් ආවොත් ...ඒත් ඉතින් සෙනාරිට දෙවි පිහිටයි තමයි සර්...

සර් ලැහැස්ති වෙලා එනවද ....

කොහෙ යන්නද...

ඇත්තටම එයා මට ලැහැස්ති වෙන්න කිව්වට මන් කොහෙ යන්නද කියලා වත් නාහම ආවා මිසක් ඇයි ආවෙ කියලා මටවත් සිහියක් නැති උනා.....

සර්.....ඇත්තටම .....අපි දැන්....

හොස්ප්ටිල් යන්න ඕනා එහෙමද......

මම එයා දිහා බලල ඇස් හීනි කරන් ඔලුව වැනුවා  .....එයාට ඒ මොන දේ කෙරුවා උනත් අවසානෙදි මාව විකිනුවා වගේ හැගීමක් මට දැනෙන්න් ගත්තා ....මේ මගුල කනකට ගන්නෙ නැතුව උන්නා නම් මේ හැම දේම ඉවර වෙනවා ඒත් විතේ  මේ මොනවද කරලා තියෙන්නෙ  ...දරුවෙක් දෙන්න කැමැත්ත දීලා හැබැයි කිසිම වෙලාවක ඩිවෝර්ස් ඉල්ලන්නවත් අයිතිය ඉල්ලන්නවත් එන්න බෑ ඒ ආවොත්....එයාලගෙ හැම දේම එයාට ලියාගන්න හැම දේම හදාගන   . ..

ඒත්...සෙනාරිට ඒ හැම දේම නැතිව ගියත් කමක් නෑ කියලා ආවොත් ....ඒත් තැලෙන්නෙ මමනෙ......

විතේන්  .......විතේන් ....උඹ ඇවිත් කරන්නෙම මහා මෝඩ වැඩක් විතෙන් ........හරි  . උඹට ඕනෙත් ඒදේ නම්....කමක් නෑ අපි කරල බලමු විතේන්...මෙච්චර දේවල් කරලත් ඒකි මාව කන්න එන්නෙ නැතිව ඉදීද කියලා .......

මං නෑවා ....කලින් උඩින් පල්ලෙන් මූන හෝදපු මන් මෙවෙලේ වැඩිපුර නෑවා.......එයා එපාම කියපු දේවල් මං කෙරුවා ....එයා කරන්නෙ මුරන්ඩු කම් කරන එක...මෙච්චර දවසක් පාලුවට ගියපු කන් පෙත්තට මන් ආයම කරාබු දැම්මා...එයා හිනා වෙලා ගැම්මෙන් ඉන්නවා  වගේම මටත් එයාට අවුලක් නෑ වගෙ පෙන්නන්න ඕන වෙනකොට මන් අඩලා තඩිස්සි උන මූනෙ කදුලු පාරවල් වහලා දැම්මා...

උඹට ඕනෙ...මාව හුවමාරු කරගන්නද විතේන් ......කමක් නෑ...රෙද්දෙ පිහදාන එකනෙ නේ....

මන් එලියට ආවා...ඇවිදින් කෙලිම්ම එයාගෙ කැබින් එකට එන්න ආවා ..හැබැයි ඇතුලට යන්න ගියපු මන් දොර ගාව පොඩ්ඩක් නැවතිලා උන්නා...එයා කියන්නෙ මොනවද අහන් උන්නා...

හරි මිසිස් සෙනාරි.....ඔයාට කිසිම හේතුවක් පිට...නිතේශ්ව හම්බෙන්න බෑ...දරුවා සම්බන්ද කිසිම දේකට ....ඔයා ඩිවෝර්ස් වෙන්න හැදුවොත් වන්දි වලට හම්බෙන තඹ සතේ පවා මිස්ටර්  විතේන් දිසනායක....සොරි...තවම දිසානායක උනේ නෑ....විතේන්  ඩී සිල්වා ...කියන මගෙ නමට ලියවෙන්න ඕනා...

...............

තේරෙනවද මිසිස්....සෙනාරි    ගනු දෙනු නන්...අනිවාර්යයෙන්ම ගනු දෙනු    ඔයාට දරුවෙක් ලැබෙනවා   ..ඒ වෙනුවට මිස්ටර් රන්වීර්ගෙන් ඔයාට යන්න තියන හැම දේපලටම තුන් වෙනි කොටස් කාරයෙක් එකතු වෙනවා  ..හැබැයි ඇත්ත කතාව නම්......ඔයා ඩිවෝර්ස් කේස් එකක් දැම්මොත් ...තුන් වෙනි පාර්ශවයක් නෑ..කෙලිම්ම හැම තඹ සතේම මට ලියන්න ඕනෙ..මොකද මිසිස් සෙනාරි ...මට සමානයෙන් දෙයක්
දැනුනොනොත්......අනිවාර්යයෙන්ම  හරි යනවා........

ඇත්ත කතාව නම්......තමුන්ගෙ හිතේ ආයම නිතේශ් ගාවට යන බලාපොරොත්තුව තියනවනේ....ම්ම්ම්ම්ම්

න්.න්...නිතේ.....ශ්....

ප්‍රශ්නයක් නෑ....දරුවගෙ තාත්තනෙ.......යන්න පුලුවන් හැබැයි   ..දේපල ඔක්කොම මගගෙ නමට ලියලා....

මං අහන් උන්නා....එයා කියන හැම දේම...මන් අහන් උන්නා .....සෙනාරි අවසානෙදි විතේන් කියපු හැම දේටම කැමති උනා...සෙනාරිට ඕනෙ මගෙයි එයාගෙයි එකතුවකට පන දෙන්න....අයිතිය ඉල්ලන්න බැරි උනත් එයාගෙ මගෙ දෙයක් තියාගන රිදවන්න  . ...

එයාට ඇත්තටම දරුවෙක් ඕන නම්...ඕන කෙනෙක්ගෙන් දරුවෙක් හදාගන්න උදව්,ගන්න තිබ්බා ...හැම දේම නිර්නාමිකව කරගන්න තිබ්බා ....ඇත්තටම එයාම එයාට කලු තෙල් ගාගන්නවද මන්දා ....

විතේන්  කරන්න හදන්නෙ ඒ හැම දේටම හුවමාරුවක් කරන්න....එයා හිතනවා  ඒ දේවල් කෙරුවොත්  සෙනාරි මෙල්ල වේවි කියලා .....

අවංකවම මට පිස්සු හැදෙන්න වගේ.....

මං දොර ඇරියා ...එයා ඉන්නවා.....ඒ මූනෙ ඒ ඇස්වල බැල්ම....මගෙ ජීවිතේට මං දැකලා තිබුන් නෑ....ඒ මදිවට එයා කනවා  ඒකත් ...මං උදේ හදපු බත් එක...කවුරු ලව්වද ගෙන්නගන තියෙන්නෙ......???


සුදු මහත්තයා ....මේකට ලුනු දාන්න අමතක උනාද  

මිස්ටර් නිතේශ්  ගගා උන්න එයා ආයම මට සුදු මහත්තයා කිව්වා ...එයා කරන්නෙම අයිතිය පෙන්නවා ...අනිත් පැත්තෙන් පලි ගන්නවා .....මං මොකුත් නොකියම  ඉදගත්තා වගේම  මං බලාගන සෙනාරි අත මිටිමොලවන් වගෙ විතේන් දිහා බලන් ඉන්නවා ....

රවීන් උන්නෙම බිම බලාගන වෙනකොට  සෙනාරි විතේන් කන දිහා බලන් උන්නා...ජීවිතේට කෝපි එකක් ඇරුනම මං ඒකිට දෙයක් හදලා නොදුන්න කොට ඒකි පුපුරන්න ගත්තා ...කොච්චර කොහොම අඩලා වැදලා උඹ සතුටින් ඉදින් සුදු අයියෙ කිව්වත්...සෙනාරි අලු යට හැන්ගුන ගිනි පුපුරු එලියට දැම්මා.....

මිස්ටර් විතේන් ...

කියන්න මිසිස් සෙනාරි.....

දැන් ඔයාට ඕන කරන හැම දේම උනානෙ....අපෙ වැඩෙ..

ම්ම්ම්...මේ දැන් කරමු...මොකද විනාඩි පහ දහයක වැඩේනෙ....

අද.....

ඇයි...මිසිස් සෙනාරි ...තව කල් දාලා ඒ දවස එනකම්ම නිතේශ් ගාවට දුවන් එන්නද ......අනික ඕක අරන් තැන් තැන් වල දාන්නෙ නෑනෙ...අදාල දවසට ගිහින්  වැඩේ කරගන්න   ...වැඩේ ඉවරයි ....ම්ම්ම්...මිස්ටර් රවීන්

..................

ඔයාගෙ වයිෆ්ට අදාල දේවල් ටිකක් මගෙ හස්බන්ඩ් ගෙ  ගෙදර තිබුනා . ..ඉතින්...මේ ඒ ටික....අරන් යන්න ....

එයා ආයම මේසේ උඩින් බෑග් එකක් තිබ්බා . . .

මොනවද ඒ....

ඒක පුරාවටම තිබුනෙ බාගෙට පිච්චුන ඵොටෝ...වගේම  එයාට අයිති බඩු වගයක් වෙනකොට  විතේන් බත් එකේ ඇටයක් ඉතිරි නොකර කලා ගෑරුප්පුව එක්ක හිස් පෙට්ටිය පැත්තකට කරලා මා දිහා බලලා ඇස් හීනි කෙරුවා ....

මිස්ටර් නිතේශ්  ..අපි යමුද.....අදින් ඒ ප්‍රශ්නෙත් ඉවර උනහම ලේසියිනෙ....

ඔයාට මේකද කරන්න ඕනා විතේන්...

මං එයා දිහා බලන් රවාගන උන්නා වගේම  සෙනාරි  මං දිහා බලන් උන්නා ...කව්ද දිනුම්...කව්ද පැරදුම්...


මට හිතන්න ඕන උන් නෑ   මං එයා කියන දේට ඔලුව හොලවලා  එලියට  ආවා වගේම  මගෙ පස්සෙන් සෙනාරිත් ආවා...

සුදු අයියෙ...


ප්ලිස්.....සෙනාරි ...මට ඔය නම කියන්නවත් එපා..ප්ලීස්  ....උඹට ඕන දේ උනානෙ ..දෙයියන්ගෙ නාමෙට උඹ මගෙ දෑහෙට නොපෙනි පලයන් මෙතනින් පස්සෙ වත් ....

මං එන්න ආවා....ආය හුස්මක් වත් නොගෙනම පහලට එනකොට  සෙනාරි රවීන් විතේන්  ඒ තුන්දෙනාම මගෙ පස්සෙන් ආවා...විතේන් මගෙ කාර් එකට එනකොට  සෙනාරිලා උන්ගෙ කාර් එකේ ආවා   මං නෙවෙ විතේන්  දිහා බැලුවෙ ...එයා උන්නෙත් ලොකු කල්පනාවක වෙනකොට එයා සැරින් සැරේම ඵෝන් එක එබුවා ...

විතේන් ...තමුසෙට ඕනෙත් මේකනෙ නේ හරි ...අවසානෙදි මගෙ මූනුවර තියන ළමයෙක් ඇස් ඉස්සරහට ආව දාකට හූල්ලන්ඩ තියා ගත්තොත්  මං මේ අත් වලිම්ම උඹව මරනවා ....

මං කාර් එකේ දොර ගැලවිලා ගිය දෙන් කියලා වහලා දැම්මා වගේම එයත් මීක් නොගා පස්සෙන් ආවා...



මෙතනින්  කව්ද ....

Laboratory uniform  එකක් ඇදන් උන්න පිරිමි කෙනෙක් මෙතනින් කව්ද කියලා අහනකොට  උන් හැමෝම මං දිහා බැලුවා අවංකවම මට මහ දරන්න අමාරු වේදනාවක් දැනුනා ....

මං නිකන් ඉත්තෙක් වගේ වෙලා හැගීමක්  දැනෙනකොට  මං ඒ ආව කෙනා පස්සෙන් ගියා වගේම  එයා මට ජීවානුහරනය කරපු ලේ එකතු කරන සයිස් කුඩා නලයක් දුන්නා

මං ඇතුලට ගියා හැබැයි මං ඇතුලට ගිහින් කොමඩ් පියන පහත් කරලා ඉදගත්තා .....ඔලුව කැක්කුම ඔක්කෝටම වඩා වැඩි වෙනකොට  මටත් නොදැනි කදුලු බින්දුවක් කඩන් වැටෙනකොට  මං හිටගන කලිසමේ බෙල්ට් එක පැන්නුවා....බට්න් එක....ශිපර් එක.....

සුදු මහත්තයා...

ඒ එයා....

වි....තේන්....

එයා මොකද ඇතුලෙ කරන්නෙ ....අනික....එක්කෙනාවයි ගන්නෙත්.....කොහෙන්ද ආවෙ.....


විතේන්....මේකද අවසානම තීරනේ ...

මං එයා එක්ක රන්ඩු නොකර එයාගෙ මූන බලන් අහනකොට එයා මොකුත් නොකියම ඉදලා මාව ඇදලා අරන් තුරුල් කර ගත්තා  

මට සමාවෙයන්  සුදු අප්පො..මෙච්චර වෙලා උඹව රිදෙව්වට.....

මං බලන් උන්නා....එයා ඒ පාර සමාව ඉල්ලනවා  ....එයා මගෙ අතේ තිබුන හිස් නලේ ඉල්ලන් ඩසට්බින් එකට දැම්මා....

මෙන්න මෙහෙ වරෙන් පස්ස දොරෙන් ගෙදර යන්න....උඹ හිතුවද මට ඒතරම් මොලයක් නෑ කියලා ..සල්ලි කදක් තියන් ඒකිලාගෙ මගුල් වලට උඹව දෙන්න. .

විතේන් මට මොකක්ද උනේ කියන්න....

මං ඒ අත අල්ල ගත්තා ...එයා මා දිහා සෑහෙන්න වෙලා බලන් උන්නා...

තේශී ...ඒකි මට වද දුන්නා....සැරයක් දෙසැරයක් නෙවෙ ....ඒකි ඒකිගෙ  ඔයාගෙ පරන දේවල් කිය කිය මාව රිදවන්න හැදුවා.....ඔයා කවදාවත් ඒකි වෙනුවෙන් දෙයක් කරන්න බෑ කියන කෙනෙක් නෙවෙ....ඒත් අද ඔයා වෙනස් ගගා ඒකිට උදව් කරන්න ගගා මට වද දුන්නා සුදු අප්පො නොසෑහෙන්න ...මම ඒකිට කියන්න තියන හැම විදිහටම කිව්වා.....ඒත්....ඒඑකිට බැරි උනා....නවත්තන්න ....ඒකිට ඕනා උනේ මෙච්චරයි ...ඒකිට දරාගන්න බැරි උනා....උඹ මම ආදරෙ කරන එක....

ඒකි දැනන් උන්නා උඹගෙ හිත දරුවෙක් ගාව උනුවෙනව කියන්න  ..ඇත්තටම සුදු අප්පො....ඒකිට ඕන උනේ ඒ මාර්ගෙන් ආයම උඹට ලන් වෙන්න....

රවීන් කියන්නෙ තද කෙනෙක් නෙවේ නිතේශ්    .ඌ ඒකිට ආදරෙයි  .. ...ඒකයි ඌ සෙනාරි වෙනුවෙන් ...ඒකිගෙ සතුට වෙනුවෙන් සේසතම මට දීලා හරි උඹෙන් උදව්වක් ඉල්ලුවෙ  ..

ඇත්තටම කියනවා නම්...සෙනාරිට ඕනා උනේ දරුවා ලැබුනට පස්සෙ අනිවාර්යයෙන්ම රවීන්ගෙන් ඈත් වෙන්න....ළමයා උඹගෙ කරේ ගහලා ආයම හේත්තු වෙන්න....ඉතින්....ඕක දන්න නිසාමයි මං අරහෙම කෙරුවෙ....ඩිවෝර්ස් එකට ගියෝතින් සතපහක වන්දියක් නෑ...

ජීවත් වෙන්න ආදයමක් නැතිනම් දරුවව කවදාවත් අම්මට අයිති වෙන් නෑ නිතේශ් ....

අනිත් එක ඒකි ඒත් කමක් නෑ කියලා ඩිවෝර්ස් වෙන්න හදනවා  ළමයා රවීන්ගෙ නෙවෙ කියනවා ...ළමයා උඹේ කියනවා   ලමයව හදාගන්න උඹගෙ උදව් ගන්න ඒකි ආයම ප්ලෑනක් ගහනවා ...ළමයා රවීන්ගෙ නෙවේ කිව්ව ගමන් උන්ගෙ අම්මලා පරල වෙනවා මොකද උන් පිලිගන්නෙම නෑනෙ රවීන්  වද බව.....ඔතනදි සෙනාරි අනිවාර්යයෙන්ම  DNA එකක් කරන්න ඉල්ලනවා ළමයා රවීන්ගෙ නෙවෙ...නිතේශ් දිසානායක ...එයාගෙ කලින් ආදරෙගේ දරුවා කියලා මහ උජාරුවෙන්  ඔප්පු කරන්න හදනවා .....

ඒත් ඉතින්.......කව්ද ඒකිට උඹෙන් දෙන්නෙ...මේ හෙනගහන්න ඕනතරම් තියනකොට .....DNA  REPORT වල එනවා ළමයා උඹේ නෙවෙ කියලා ...ඒකිට ළමයා සම්බන්ද කිසිම දේකට උඹට කරදර කරන්න බෑ...එහෙම උනෝතින්...අනවශ්‍ය බලපෑම්...බොරු චෝදනා....යටතෙ එයාට නඩුවක් ෆයිල් වේවි .....අවසානෙදි කසාදෙත් නෑ....ළමයත් නෑ.....ඉන්න හිටින්න තැනුත් නෑ.....ම්ම්.........ඒකිට කවදාවත් ඒකිගෙයි ....උඹෙයි එකතුවක් මේ ලෝකෙට ගේන්නත් බෑ....

මිස්ටර් නිතේශ් ...මිස්ටර් නිතේශ් ...උඹ හිතනවද මං උඹව හුවමාරු කරයි කියලා  ....ම්ම්ම්ම්ම්....මන් ගැන ඒ තරන් අවතක්සේරු කරන්න එපා සුදු අප්පො ......එකී කෙරුවෙ ආදරේ කරපු එක  .හැබැයි මං කරන්නෙ මැරීගන ආදරේ කරන එක  ...ඒකිව අපි කලු චරිතයක් නොකර උන්නා.....ඒත් ..අවසානෙදි ඒකි ඒකිවම කලු කරගත්තා ...ඒකිට දැන් තියෙන්නෙ ආදරයක් නෙවෙ නිතේශ්....අයිති කරගන්න උවමනාවක් විතරයි ......ඒත් උඹ හිතනවද මේ දිසානායක මැනිකෙ  අඩලා කරලා වෙස්සන්තර පට්ටම ගහයි කියලා ....කවදාවත් නෑ  ..උඹ මගෙ......මං උඹගෙ    ආය ඒ මැදට කවුරුත් ඕන් නෑ....

මං බලන් උන්නා...එයා හිනා උනා මහ වියරුම වියරු හිනාවක් එයා ගාව තිබුනෙ ......ඒ වගේම  මගෙ ලගට ආව එයා කනට පහත් උනා...

මට අයිති උඹේ කෙස් ගහක් වත් වෙන එකෙක්ට මන් අයිති වෙන්න දෙන්නෙ නෑ නිතේශ් .....ඒකි ආවෙ මට රිදවන්න ......ඒකි ආවෙ..මට බැරි දේ ඒකිට  පුලුවන් කියලා උඹේ හිත නම්ම ගන්න........හැබැයි...ඒකිට බැරි උනා මං එක්ක කතා කරනකොට  පොඩ්ඩක් කල්පනා කරන්න...

මොල්ලිගොඩ පරම්පරාවෙ එකම මැනිකව මගෙ කර ගත්ත මට ඒකිව රිදවන එක මහ දෙයක් නෙවේ කියන්න.....

ඉතින්....අපිට පුලුවන් මේක උඹේ නමින් එයාට දෙන්න....

එයා හිනා උනා ..හිනා වෙලා තනි සුදු තරලයක් පිරුන පොඩි නලයක් පෙන්නුවා....

මේක....මේක කාගෙද .....විතේන්  ..

මං එයාගෙ දිහා බලන් උන්නා ....

කාගෙ කියලද හිතන්නෙ.....

එයා හිනා උනා.....ඇත්තටම එයා ආදරේ ගාවදි උමතු වෙලා උන්නා.........
ඇදන් උන්න ඇදුම හදා ගත්තු එයා මාව මිනි බාතෲම් එකෙන් එලියට  එක්ක එනව එක්කම වයස හැට ගනන් වල පිරුන හයිය හත්තිය තියන මනුස්සයෙක් එලියට ආවා  වගේම  මගෙ විතේන්  ඒ මනුස්සයා අතට චෙක් එකක් දුන්නා ...


තේශී  ........හැට පැන්නත්  ...වඳුරා කවදාවත් බිමින් ගියෙ නෑ.....!!!..

ඉතින්...මිසි සෙනාරිගෙ පුංචි පැටියා අරයගෙ කොපියක් වේවි...

..............!!









😒

ආය එන්නම් ඈ........

මම

FERDEESHA ❤💚 ..









Continue Reading

You'll Also Like

115K 17.7K 54
💚 මේ මගේ හැටි.. මේක මගේ විදිය.. තමුන්ට ඕන නම් ඉන්න පුළුවන්.. නැත්තම් තමුන්ට යන්න පුළුවන්.. ❤️ යන්න.. මන් මොකටද යන්නෙ.. මේක තමුසෙට විතරක් නෙවෙයි මිස්...
80.6K 10.8K 40
Seokjinက ငါ့အိမ်ကကျွန်လေ... အိပ်စရာလူကုန်ရင်တောင် သူနဲ့တော့မအိပ်ဘူး၊ ကျွန်စော်နံလို့...[ABO/kookjin]
91.5K 15.2K 65
මේක මහා අවුල් ජාලාවක්! මොන දේ වුනත් අපි දෙන්නා එකට! ඔයා මට පොරොන්දු වෙනවද?
450K 87.6K 91
අග්නි.... නමට අග්නි...ඒ උනාට... මට දැනෙනවා වෙලාවකට මේ පපුවෙ සීතල.... අග්නි..... හිතුවෙ පිච්චෙන ගින්දර.... ඒත් ඇතුලෙ තිබුනෙම... උතුරන ආලය.... අග්නි...