~Bobby~ || KTH ✔️

By Nishyoon

6.7K 993 312

--- ඉතිං...මං බලන් ඉන්නම් ආයෙමත් කවදාහරි දවසක මට ඒ නමින් ඔයා කතා කරනකන්...---- ~... More

🏵️🏵️ Arranged Marriage 🏵️🏵️
🏵️🏵️ Crazy Alien 🏵️🏵️
🏵️🏵️ Pikachu 🏵️🏵️
🏵️🏵️ Ex Again?? 🏵️🏵️
🏵️🏵️ The Mask 🏵️🏵️
🏵️🏵️ Suspicion 🏵️🏵️
🏵️🏵️ Forgiving 🏵️🏵️
🏵️🏵️ Confession 🏵️🏵️
🏵️🏵️ Jealousy 🏵️🏵️
🏵️🏵️ Secret Message 🏵️🏵️
🏵️🏵️ Cheating 🏵️🏵️
🏵️🏵️ Hurting 🏵️🏵️
🏵️🏵️ Suffering 🏵️🏵️
🏵️🏵️ Leaving 🏵️🏵️
🏵️🏵️ Alien Baby 🏵️🏵️
🏵️🏵️ Rocket Uncle 🏵️🏵️
🏵️🏵️ Is this the End? 🏵️🏵️
🏵️🏵️ Bond 🏵️🏵️
🏵️ Author's Note & New Story🏵️

🏵️🏵️ The Short Guy 🏵️🏵️

339 52 6
By Nishyoon

💌💌 Chapter 03💌💌

🐯: මේ ජිමිනා! US වල කෑම හිඟයක්වත් තියෙනවද බං?

ටේහ්‍යුන් එකපාරටම serious mood එකකින් ඇහුවේ එයාව බදාගෙන හිටපු අර කොට කොල්ලාගෙන්.

ඕහ්! එයාගේ නම ජිමින්ද එතකොට...

🐣: එහෙම නෑ බං...ඇයි එහෙම අැහුවේ?

ටේහ්‍යුන් ලඟින් අයින් වෙන ගමන් අර ජිමින් කියන කෙනා ඇහුවේ ඇසුත් හීනි කරගෙන.

🐯: උඹ තවත් කොට වෙලානේ බං!

ටේහ්‍යුන් හිනාවෙවී කියනකොට ජිමින්ගේ මූන නිකං තැලිච්ච තක්කාලි ගෙඩියක් වගේ වුනා.

🐣: මං කිව්වා කියලා හිතාගනින් පොල් බූරුවා!!

ජිමින් මූනත් ඇද කරන් කියනකොට ටේහ්‍යුන් හයියෙන් හිනාවුනේ කටත් අතින් වහගෙන.ඒත් එක්කම වගේ තමයි ජිමින් එකපාරටම ටේහ්‍යුන්ගෙන් ටිකක් එහාට වෙන්න හිටපු මාව දැක්කේ.

🐣: ඕහ්! මෙයා නේද ටේහ්‍යුන්ගේ බොබී?

ජිමින් හිනාවෙලා ටේහ්‍යුන්ගෙන් ඇහුවේ එයාට මාව ඇස් වලින් පෙන්නන ගමන්.

🐯: ආහ්! දේහ්...දේහ්...මෙහෙට එන්නකෝ බොබී...

ටේහ්‍යුන් හිනාවෙලාම මගේ ලඟට හැරිලා අත වනලා මට එයාගේ ලඟට කතා කරා.

🐯: මේ ඉන්නේ ජිමිනා බොබී...මං ඔයාට කිව්වේ පොඩි කාලේ ඉඳන්ම මගේ හොඳම යාලුවා..ඒ තමයි මෙයා...

ටේහ්‍යුන් ජිමින්ව පෙන්නලා මට කියනකොට ජිමින් ඇසුත් හීනි කරන් මගේ දිහා බලලා හිනාවුනා.

මේ මනුස්සයට හිනාවෙනකොට එයාගේ ඉස්සරහා ඉන්න අයව පේනවද දන්නේ නෑ...මොකද එයාගේ ඇස් වැහෙන තරමටම ගොඩක් චූටි වෙනවා හිනාවෙද්දි...මොනවා උනත් ජිමින් කියන කෙනාට තිබ්බේ අල්ලලා චප්ප කරන්න තරම් හිතෙන විදිහේ cute මූනක්..

🐣: Nice to meet you Bobby! ටේහ්‍යුන් කිව්වනේ...මං ජිමින්! පාර්ක් ජිමින්!...ටේහ්‍යුන්ලගේ company එකේ US වල තියෙන branch එක බලන්නේ මං තමයි...

ජිමින් හිනාවෙලා කිව්වේ එයාගේ අතකුත් මගේ දිහාට දිග්කරන ගමන්.

🗨️: Nice to meet you too ජිමින්ෂී! මං නාරා!

මාත් හිනාවෙලාම ජිමින්ට අත දුන්නා.

🐣: ඕහ්! අපේ ටේ එවපු ෆොටෝස් වල ඉන්නවට වඩා ඔයා ගොඩක් ලස්සනයිනේ!

🗨️: Thank you ජිමින්ෂී!

🐣: අනිත් එක...මූ කියපු තරම්ම පොඩි පාටක් පේන්නෙත් නෑ වගේ...

ජිමින් එයාගේ නිකටත් අතකින් අතගගා අමුතු විදිහකට හිනාවෙලා කිව්වේ මගේ දිහා යට ඉඳන් උඩටම බලන ගමන්.

🗨️: ම්...ම්වෝ?

මං ඇසුත් ලොකුකරන් ජිමින් දිහා බැලුවේ එයා කියපු දේ හරියටම තේරුනේ නැති නිසා.

🐯: අපෝ...මූ නම්!

ටේහ්‍යුන් නලලටත් අතක් ගහගෙන හිමීට කිව්වත් මට ඒක ඇහුනා.

🐯: බොබී! ඔයා ගිහින් එහෙනම් maidsලට හදපු කෑම ටික මේසෙට අරින්න කියන්නකෝ...ම්ම්...මං ජිමිනට guest room එක පෙන්නලා එන්නම්...

ටේහ්‍යුන් කියද්දි මං ජිමින්ටත් ආචාර කරලා kitchen එක පැත්තට ආවේ maidsලට ටේහ්‍යුන්ගේ පනිවිඩේ කියන්න.

ඈ!..පොඩ්ඩක් ඉන්න!...ආශ්! මේ වල් කොටා නම්😠😠!!

එතකොට තමයි මට තේරුනේ අර කොට ජිමිනා මගේ දිහා අමුතු විදිහට බලන් කියපු දේ මොකක්ද කියලා...කොහොමත් ඉතිං අවුරුදු ගානක් US වල ඉන්න මනුස්සයෙක් ගෙන් එහෙම කතාවක් ඇහුවම පුදුම වෙන්න දේකුත් නෑනේ..


දවල් කෑමෙන් පස්සේ ටේහ්‍යුන් මාත් එක්ක කතා කරේ නැතිම තරම්. එයාට අලුත් යාලුවෙක් හම්බවෙලානේ. ටේහ්‍යුන්ගෙයි, ජිමින්ගෙයි වැඩේම ආපු වෙලාවේ ඉඳන් මොනවාහරි කර කර හයියෙන් හිනාවෙන එක.

ඒ දෙන්නා video games play කරනවා, movies බලනවා...ආහ්! තව මං දැක්කා ජිමින් හිනාවෙවී ටේහ්‍යුන්ව wheel chair එකෙන් pool එක වටෙත් තල්ලු කරන් දුවනවා..ටේහ්‍යුනුත් අතුත් උස්සගෙන හිනාවෙවී කෑගහන්නේ එයා හරියට නිකං roller coaster එකක යනවා වගේ.

මට හිතෙන්නේ මේ මිනිස්සු දෙන්නගෙම වයස විතරද කොහෙද නිකං ගිහින් තියෙන්නේ..නැත්තං ඉතිං පොඩි ලමයි වගේ ඔහොම මෝඩ විදිහට හැසිරෙන්නේ නෑනේ.

ටේහ්‍යුන් කියපු විදිහට නම් ජිමින් අපේ ගෙදර සති දෙකක් විතර නවතිනවලු..ඒකත් හොඳයි එක අතකට..අර කොටාට පිංසිද්ධ වෙන්න මට අර ටේහ්‍යුන්ගේ මෝඩ කතා වලින් කනක් ඇහිලා ඉන්න පුළුවන්.

*************

--- Next day ---

මං හිටියේ university යන්න ලෑස්ති වෙලා ටේහ්‍යුන්ලත් එක්ක breakfast ගන්න ගමන්. ජිමින් නම් කොහේහරි යන්න වගේ ඇඳන් හිටපු shirt එකට උඩින් ash colour blazer එකකුත් දාගෙන ලෑස්ති වෙලා හිටියේ.

🗨️: මං එහෙනම් යනවා ටේහ්‍යුන්!..මං යනවා ජිමින්ෂී!

මං කාලා ඉවර වෙලා එහෙම කියන ගමන් නැඟිට්ටේ university එකට යන්න.

🐣: අාහ්!! මේ බොබී!!

මං මේසෙන් නැඟිටලා යන්න හදද්දිම වගේ ජිමින් එකපාරටම මට කතා කරේ එයාට මොනවාහරි මතක් වෙලා වගේ.

🗨️: දේහ්...කියන්න ජිමින්ෂී!

🐣: ඔයාලගේ යුනි එකේ අර professor සෑම් මේ දවස් වල Europe tour එකක් ගිහින් නේද?

🗨️: ආහ්! දේහ්...දේහ්...ඔ...ඔතොක්කේ අරා?

මං ජිමින් දිහා බලලා ඇහුවේ ඇසුත් ලොකු කරගෙන.

🐣: I have my own ways to know darling!

ජිමින් හිනාවෙලා මගේ දිහා බලලා කියලා ටේහ්‍යුන්ට ඇහැක් ගැහුවා.එ්ත් එක්කම දෙන්නත් එකපාරටම හයියෙන් හිනාවෙන්න ගත්තා.

ආශ්!! මේ මිනිස්සු දෙන්නට නම් ඇත්තටම පිස්සුද කොහෙද...

එහෙම හිත හිතම මං bag එකත් කරේ එල්ලගෙන ගෙදරින් එලියට ආවේ university එකට පිටත්වෙන්න.

-------------

මං lecture hall එකට එනකොට වෙනදා වගේම Sunny වාඩිවෙලා හිටපු තැන ඉඳන් හිනාවෙලා මට අත වැනුවා.

🦄: ඉතිං නාරා...ඔයාගේ අර alien husbandගේ ඊයේ එනවා කියපු US වල යාලුවා ආවද?

මං Sunnyට එහාපැත්තෙන් අැවිත් වාඩිවෙනකොට Sunny ඩෙස්ක් එක උඩ තිබුනු එයාගේ අතට මූනත් හේත්තු කරගෙන මගේ දිහා බලලා අැහුවා.

🗨️: Oh! God!!...ඒ ගැන නම් මතක් කරන්න එපා සනියෝ...මං හිතන්නේ ටේහ්‍යුන්ට වගේම එයාගේ යාලුවටත් පිස්සුද කොහෙද...අාපු වෙලාවේ ඉඳන්ම දෙන්නගේ වැඩේ මොකක්හරි කියලා හයියෙන් හිනාවෙන එක..

මං කටත් ඇදකරන් කියනකොට සනී හයියෙන් හිනාවුනා.

🗨️: යාහ්!! ඒ පාර ඔයත් හිනාවෙන්න පටන් ගත්තද මට??

මං සනීටත් රවලා අහක බලාගෙන කිව්වේ මගේ අත්දෙකත් බැඳගෙන.

🦄: අයිගෝ! නාරා! ඔයා හිතන තරම් ටේහ්‍යුන් නරක කෙනෙක් නෙමෙයි...මං කියනවට බලන්නකෝ...ටික දවසක් යද්දි ඔයාටම තේරෙයි...

සනී ආයෙමත් හිනාවෙවී කිව්වේ එයාගේ අතකින් මගේ කොන්ඩෙත් අවුල් කරන ගමන්.

🦄: ආහ්! ඒක නෙමෙයි නාරා...කුකී ගැන මොකද?...ම්ම්?..

සනී ඇහුවේ බැරෑරුම් මූනකුත් හදාගෙන.

🗨️: එයාව මට marriage එකෙන් පස්සේ හම්බවුනේ නෑ සනී...මං හිතන්නේ එයා හිත හදාගන්න ඇති...

මං කිව්වේ දිග හුස්මකුත් පිටකරලා.

🦄: හ්ම්...ඒක හොඳයි නාරා...you have to move on...

සනී කිව්වේ මගේ පිටටත් තට්ටුවක් දාලා.

සනී කුකීව අඳුරගත්තේ මං එයත් එක්ක coffee shop එකේ වැඩ කරද්දි, කුකී සමහර දවස්වලට මාව හම්බවෙන්න coffee shop එකට එනකොට. හැබැයි මොකක්ද මන්දා හේතුවකට සනී කුකීට ලොකු කැමැත්තක් පෙන්නුවේ නෑ. එයා කිව්වේ මට කුකීට වඩා හොඳ කෙනෙක් හම්බවෙයි කියලා.

මං ඒ ගැන සනීගෙන් හේතු ඇහුවත් එයා කරේ හැමදාම වගේ හිනාවෙලා ඒ ප්‍රශ්නේ මඟඇරපු එක. ඉතිං ටික දවසක් යද්දි මමත් ඒ ප්‍රශ්නේ ගැන එයාගෙන් අහන එක නතර කරලා දැම්මා.

" සූ....සූ...."

තත්පර කීපයක කල්පනාවකට වැටිලා හිටපු මං lecture hall එකේ stage එක දිහාට ඇස් යැව්වේ hall එකේ හිටපු කෙල්ලෝ ටික එකපාරටම කෑගහන්න ගත්ත නිසා.

What the ****!!...Park Jimin??

මං stage එක දිහා බලද්දි දැක්කේ ටේහ්‍යුන්ගේ අර කොට යාලුවා හිනාවෙලා ලමයි දිහා බලාගෙන stage එක උඩ හිටගෙන ඉන්නවා...ඕහෝ..ඒක තමයි එහෙනම් දෙන්නා මං එන්න ලෑස්ති වෙද්දි හිනාවුනේ..

🦄: නාරා වේ?...ඔයා එයාව දන්නවද?

මං ඇසුත් ලොකුකරන් ජිමින් දිහා බලන් ඉද්දි සනී ඇහුවේ මගේ අතකිනුත් හොල්ලලා.

🗨️: ද්...දේහ්...සනී මං අර ඔයාට කියපු ටේහ්‍යුන්ගේ US වල ඉඳන් ආපු පිස්සු යාලුවා තමයි ඒ...

🦄: ඔමෝ!!..චින්චා??

මං කියනකොට සනීත් ජිමින් දිහා බැලුවේ ඇස් ලොකු කරගෙන.

🐣: ලමයි! සෑම් සර් නිවාඩු ගිහින් එනකන් ඔයාලට මේ දවස් ටිකේ guest lecturer කෙනෙක් විදිහට lectures දෙන්න එන්නේ මං...මං පාර්ක් ජිමින්! US වල Kim Holdings Company එකේ දැනට වැඩ බලන්නේ මං තමයි...

ජිමින් කියාගෙන යද්දි වෙනදට සෑම් සර් ඉද්දි stage එක දිහා බලන්නෙවත් නැතුව හිටපු කෙල්ලෝ ටික අද කටවලුත් ඇරන් ජිමින් දිහා බලන් ඉන්නවා. මොනවා උනත් කලින් දවසේ දැකපු cute පෙනුමට වඩා spects දාගෙන හිටපු ජිමින්ගෙන් පෙනුනේ handsome matured look එකක්.

( but he doesn't look like matured here..doesn't he🤭🤭? )

🐣: මං lecture එක පටන් ගන්න කලින් ඔයාලට මගෙන් අහන්න ප්‍රශ්න මොනවාහරි තියෙනවද ලමයි?

ජිමින් හිනාවෙලා අහද්දි එකපාරටම hall එකේ හිටපු කෙල්ලෙක් අත ඉස්සුවා.

🐣: ඔව්...අහන්න දරුවෝ!

ජිමින් ඒ කෙල්ලට අතින් නැඟිටින්න කියලා සන් කරේ එයා දාගෙන හිටපු කන්නාඩි දෙකත් ඇඟිල්ලෙන් නහය උඩට කරලා තද කරගන්න ගමන්.

දරුවෝ😪?? හහ්...Are you kidding me Jimin??...තමුන් අර පිටසක්වලයත් එක්ක පොඩි එකෙක් වගේ කරන පිස්සු වැඩ මේ කෙල්ලෝ ටිකට පෙන්නුවා නම් මට බලාගන්න තිබුනා උන්ටික බඩත් අල්ලගෙන තමුන්ට හිනාවෙන හැටි...

මට ජිමින් ටේහ්‍යුන් එක්ක කරපු දේවල් මතක් වෙද්දි හිනායන්න ආවත් මං බොහොම අමාරුවෙන් හිනාව control කරගත්තා.

💃: Sir! Do you have a girlfriend?

අර නැඟිටපු කෙල්ල ඇඹරි අැඹරි ජිමින් දිහා බලලා අහද්දි hall එකේ ලමයි ඔක්කොම වගේ ආයෙමත් "සූ" කියලා කෑගැහුවා.

🐣: ම්ම්...good question! මට girlfriend කෙනෙක් නම් නෑ...හැබැයි ෆියොන්සි කෙනෙක් නම් ඉන්නවා...

ජිමින් හිනාවෙවී මුල් ටික කියනකොට හිනාවුනු hall එකේ හිටපු කෙල්ලොන්ගේ මූනු ටික සතපහ වගේ වුනේ එයා අන්තිම ටික කියද්දි.

🐣: හරි ලමයි! මං හිතනවා මගෙන් අහන්න තවත් ප්‍රශ්න නෑ කියලා...අපි එහෙනම් lecture එක පටන් ගමු!


ජිමින් ඔයා කොච්චර cute උනත් මං අකැමැත්තෙන් හරි කියන්න ඕන ඔයාගේ lecture එක නම් ගොඩක් boring කියලා..Puff😪

මං පුටුවටත් හේත්තු වෙලා අත්දෙකත් බැඳගෙන බලන් හිටියේ stage එකට වෙලා lecture එක දෙන ජිමින් දිහා...Hall එකේ හිටපු කොල්ලෝ ටික ඇරෙන්න අනිත් කෙල්ලෝ ටික නම් lecture එක පටන් ගත්ත වෙලාවේ ඉඳන් ජිමින් දිහා කෙලත් පෙරාගෙන බලාගෙන හිටියේ හරියට බලු පැටව් ටිකක් මස් කට්ටක් දිහා බලාගෙන ඉන්නවා වගේ.

ආශ්! මුන්ටත් ඉතිං කවුරුහරි කොල්ලෙක් ලස්සනට ඇඳලා කරලා ආවොත් ඊට වඩා දෙයක් නෑ!!..

එකපාරටම මගේ උරහිසට බරක් දැනෙන්න ගත්ත නිසා මං එහාපැත්ත හැරිලා බලද්දියි දැක්කේ සනී කටත් ඇරන් නිදාගෙන මගේ උරහිසට ඔලුව තියන් ඉන්නවා කියලා.

🗨️: යාහ්!! සනී!! නැඟිටිනවා බූරු පැටියෝ!!

මං ටිකක් සද්දෙන් සනීගේ කනට කරලා කියන ගමන් අතේ තිබුනු පෑනෙන් එයාගේ ඔලුවට හයියෙන් තට්ටු කරා.

🦄: කෝ??..කෝ??..කොහෙද සොම්බියෝ ඉන්නේ??

එහෙම කියාගෙන සනී බයවෙලා වගේ නැඟිට්ටේ කට වටේ තිබුනු කෙලත් පිහදාලා වටපිට බලන ගමන්.

🗨️: යාහ්!! තමුන් ඇරෙන්න මෙහේ වෙන සොම්බියෝ නෑ මෝඩ සනියෝ!..ඕක තමයි කියන්නේ එලි වෙනකන් film බලන්න එපා කියලා...

මං සනීගේ කනකුත් මිරිකලා කියද්දි එයා කරේ හිනාවෙවී බෙල්ල කසපු එක.

🐣: මං හිතන්නේ මං දැන් අහපු ප්‍රශ්නෙට ඔයා උත්තරේ දන්නවා ඇති කියලා...Mrs.කිම් නාරා??

මායි සනීයි හිනාවෙවී ඉන්නකොට මං ගැස්සිලා වගේ stage එක දිහා බැලුවේ ජිමින් අහපු සද්දෙට hall එකේ ලමයි ඔක්කොමලා වගේ මගේ දිහා බලන් ඉද්දි.

🗨️: ම්...මේ...මේ මො_න ප්‍රශ්නෙටද sir?

මං හිටපු තැනින් නැඟිටලා බෙල්ල පිටිපස්සේ කසන ගමන් ජිමින් දිහා බලලා අහනකොට hall එකේ හිටපු ලමයි ඔක්කොමලා හයියෙන් හිනාවුනා.

🐣: මං ඇහුවේ සේවකයාගේ සේවක පරිපාලන වාර්තාව තුළ ඔවුන්ගේ වර්තමාන රැකියාව මත සේවක වැටුප් අනුපාතය වෙනස් කිරීම සඳහා සුදුසු මාර්ගය මොකක්ද කියලා?

ජිමින් බැරෑරුම් මූනකුත් හදාගෙන මගේ දිහා බලලා ඇහුවේ අතින් එයාගේ කන්නාඩියත් නහය ලඟින් තද කරගන්න ගමන්.

🗨️: ම්...මං...මං දන්නේ නෑ සර්...

මං කිව්වේ අත්වල ඇඟිලිත් පොඩිකරන ගමන් බිම බලාගෙන.

🐣: ඒක තමයි මං කිව්වේ lecture එකට මුල ඉඳන්ම අවධානේ දෙන්න කියලා...ඔයා තවදුරටත් මගේ lectures වලදි සිහියෙන් හිටියේ නැත්තන් මට සිද්ධ වෙනවා ඔයාගේ husband ට මේ ගැන දැනුම් දෙන්න Mrs.කිම්!! Got it??

🗨️: Y...yes sir!

🐣: හ්ම්...තමුන්ට දැන් වාඩිවෙන්න පුළුවන්!

ජිමින් මගේ දිහා බලාගෙන ටිකක් සැරෙන් කියද්දි මං බිම බලාගෙනම ජිමින්ට ඔලුවත් වනලා පුටුවෙන් වාඩිවුනා. එතකොටම මට ඇහුනා hall එකේ හිටපු ලමයි මගේ දිහා බල බල කුටු කුටු ගානවා.

දැන් ඉතිං ඔක්කොමලා දැනගන්න ඇති මං married කියලා..මොකද class එකේ හිටපු ලමයින්ගෙන් සනී විතරයි මං married කියලා දැනගෙන හිටියේ. දැන් ඉතිං lecture එකෙන් පස්සේ මුං අහන ප්‍රශ්න ටිකට උත්තර
බැඳපන්කෝ!..ආශ්!!

desk එකටත් අත මිට මොලවලා පාරක් ගහන ගමන් මං බැලුවේ stage එකේ ඉන්න ජිමින් දිහා. මං ජිමින් දිහා රවලා බලනකොට එකපාරටම මගේ දිහා බලපු ජිමින් මට ඇහැක් ගැහුවේ අමුතු විදිහට හිනාවෙලා.

ආශ්!! පාර්ක් ජිමින්😠😠!! You stupid buffalo!!


Lecture එක ඉවර වුනු ගමන් සනීට washroom යන්න ඕන කියලා එයාගේ bag එකත් දාලා දුවපු නිසා එයාගේ bag එකත් අරගෙන මං හැදුවේ hall එකෙන් එලියට යන්න.ඒත් එක්කම මං දැක්කා class එකේ හිටපු කෙල්ලෝ වගයක් මොනවද කොල වගෙකුත් උස්සගෙන ජිමින්ව වටකරගෙන මොනවද ප්‍රශ්න වගයක් අහ අහ ඉන්නවා.

🐣: නාරා! ඔයාට පුළුවන් අද මාත් එක්කම යන්න!

ජිමින් මගේ දිහා බලලා කිව්වේ මං hall එකෙන් එලියට එන්න හදනකොට.

🗨️: Ok sir!

මං ජිමින්ටත් උත්තර දීලා lecture hall එකෙන් එලියට එනකොට අර ජිමින්ව වටකරගෙන හිටපු කෙල්ලෝ ටික ඇවිත් එකපාරටම මාව වට කරගත්තේ මං ඇසුත් ලොකුකරන් උඩ බිම බලද්දි.

" මේ නාරා! ඔයා කොහොමද ජිමින් සර්ව අඳුරන්නේ? එයා ඔයාගේ cousin කෙනෙක්ද? "

" ඔයා marry කරාලු නේද? අපිට කිව්වෙත් නෑ! "

" නාරා! ඔයාට Mrs.කිම් කියලා නේද සර් කිව්වේ? හුක්ෂි...ඔයා marry කරේ Kim group එකේ පුතෙක්වද? "

මාව වටකරගත්ත කෙල්ලෝ ටික ප්‍රශ්න වැලක් අහන්න ගත්තා.

🗨️: ආහ්...ම්...මේ...මං__

🦄: Sorry girls! මට නාරාව හදිස්සියෙම මගේ වැඩ වගේකට එක්කන් යන්න වෙනවා...ඔයාලගේ ප්‍රශ්න වලට උත්තර එයාගෙන් වෙන දවසක අහගන්න හොඳේ!

මං අමාරුවෙන් ප්‍රශ්න වලට උත්තර දෙන්න හදද්දි අර කෙල්ලෝ ටික අස්සෙන් අැවිත් මගේ කරටත් අතක් දාලා හිනාවෙලා කියපු සනී මාව එතනින් එක්කන් ආවේ අර කෙල්ලෝ ටික මූනු ඇද කරගනිද්දි.

🗨️: Thank God! ඔයා නම් දෙයියෙක් සනියෝ!! තව පොඩ්ඩෙන් මගේ හුස්මත් හිරවෙනවා අරුන්ගේ ප්‍රශ්න වලට උත්තර දෙන්න ගිහින්...Thanks හොඳේ!

මං හිනාවෙලා කිව්වේ සනීගේ කොන්ඩෙත් අතින් අවුස්සලා.

🦄: My pleasure Mrs.Kim!

සනී හිනාවෙලා කිව්වේ එයාගේ අතින් මට peace ලකුනත් ✌️පෙන්නන ගමන්.

🗨️: යාහ්!! අර කොට ලෙක්චරයා මදිවට ඒ පාර ඔයත් පටන් ගත්තද? අාහ්??

මං සනීට රවලා ටොක්කකුත් ඇනලා අහද්දි එයා කරේ දත් තිස්දෙකම එලියට දාලා හිනාවුනු එක.

🦄: අන්න නාරා ඔයා එනකන් කොට ලෙක්චරයයි, ඔයාගේ ඒලියනුයි දෙන්නම බලන් ඉන්නවා!

සනී කිව්වේ gate එක ලඟට වෙලා කාර් එකට හේත්තු වෙලා මං එන දිහා බලන් හිටපු ජිමිනුයි, කාර් එක ඇතුලට වෙලා shutter එකෙන් එලියට ඔලුව දාගෙන හිනාවෙවී මට අත වනන ටේහ්‍යුනුයි ඇස් වලින් පෙන්නන ගමන්.

මං ගිහින් කාර් එකට නැග්ගේ සනීටත් යනවා කියලා.

🗨️: ඔයාලා හරි නරකයි ටේහ්‍යුන්!! ඇයි මට කිව්වේ නැත්තේ ජිමින්ෂී තමයි අද අපිට lectures දෙන්න ඉන්නේ කියලා?..

මං කාර් එකට නැඟපු ගමන්ම ඇහුවේ මට එහාපැත්තේ වාඩිවෙලා හිටපු ටේහ්‍යුන් හිනාවෙලා මං එල්ලගෙන හිටපු bag එක ගලවලා seat එක එහාපැත්තෙන් තියද්දි.

🐣: ඔයාගේ husband තමයි නාරා මං කියන්න හදද්දිත් මට කිව්වේ ඔයාට කියන්න එපා ඔයාව surprise කරමු කියලා..

අපිට ඉස්සරහා seat එකේ driverට එහාපැත්තේ හිටපු ජිමින් හිනාවෙවී කිව්වේ ටේහ්‍යුන් දිහාට අතත් දිග්කරලා.

හ්ම්...හොඳ surprise එක😒! තමුන්ගේ කොට යාලුවට පිංසිද්ධ වෙන්න මං හිතන්නේ යුනි එකේ ඩීන් ඇරෙන්න අනිත් හැමෝම දන්නවා ඇති දැන් මං married කියලා...

එහෙම හිතුනත් මං මුකුත් නොකියා හිනාවෙලා shutter එකෙන් එහාපැත්ත බලාගත්තා.

🐣: අාහ්! ටේහ්‍යුන්ගා! උඹට කියන්න මගේ lecture එක අස්සේ උඹේ වයිෆ්ගේ වැඩේම කවුද මන්දා කෙට්ටු කොල්ලෙක් එක්ක කයිය ගහන එක..

ජිමින් ආයෙමත් හිනාවෙවී කිව්වේ මගේ දිහා හොරෙන් බලන ගමන්.

🐯: ආහ්! ඒ හෝසොක්...මං දන්නවා එයාව...එයා ගොඩ කාලෙක ඉඳන් බොබීගේ යාලුවෙක්...නේද බොබී?

🗨️: හ්ම්☺️..

🐣: පුහ්! මුං දෙන්නා යකෝ!

මායි ටේහ්‍යුනුයි හිනාවෙලා කියද්දි ජිමින් කිව්වේ බොරුවට කටත් ඇදකරලා.

---------

--- @ evening (Author's POV) ---

Kitchen එකට වතුර ටිකක් බොන්න කියලා wheel chair එකත් තල්ලු කරගෙන ආපු ටේහ්‍යුන් එකපාරටම ඇසුත් ලොකුකරන් බැලුවේ fridge එක ලඟට වෙලා ඇපල් ගෙඩියක් කකා හිටපු නාරා දිහා.

Kim mansion එකේ තිබුනු ජිම් එකට ගිහින් exercise කරලා ඇවිත් හිටපු නාරා හිටියේ කෙල්ලගේ කොට කොන්ඩේ උඩට කරලා ponytail එකක් දාගෙන, sports bra එකකට කෙල්ලගේ butts විතරක් වැහෙන්න වගේ තිබුනු black colour short එකක් ඇදගෙන.

කෙල්ල exercise කරලා හිටපු නිසා කෙල්ලගේ මුලු ඇඟ පුරාම දාඩිය බේරිලා ඇඳුම් ඇඟටම ඇලිලයි තිබුනේ. ඒ නිසා නාරාගේ පිරිපුන් ඇඟේ හැඩතල වෙනදටත් වඩා ඉස්මතු වෙලා පෙනුනා.

දාඩිය බිංදු නාරාගේ නිරාවරණය වෙලා තිබුනු ගෙල දිගේත්, උදරය දිගේත් ගලාගෙන යනකොට කෙල්ලගෙන් වෙනදා පේන cute look එක වෙනුවට දිස්වුනේ සරාගී පෙනුමක්.

ඉතිං නාරාව මීට කලින් මේ විදිහට නොදැකපු ටේහ්‍යුන් ආපු වැඩෙත් අමතක කරලා කෙල්ල දිහා ඇස්පිල්ලම්වත් ගහන්නේ නැතුව බලාගෙන හිටියේ කොල්ලට හුස්ම ගන්නත් අමතක වෙද්දි.

" ඇත්තටම බොබී perfect! "

ටේහ්‍යුන්ට වෙනදා වගේම හිතුනා.

   " ම්ම්...hot නේ? "

ටේහ්‍යුන් ගැස්සිලා වගේ නාරා ලඟ නැවතිලා තිබුනු ඇස් අයින් කරගත්තේ කන ලඟින් ඇහුනු ජිමින්ගේ සද්දෙට.

🐯: ආයිශ්!! මොකද හරකෝ හොල්මන වගේ එන්නේ?..මං බයවුනා!

ටේහ්‍යුන් කටත් ඇදකරන් පපුවට අතකුත් තියාගෙන ජිමින් දිහා බලද්දි ජිමින් බඩත් අල්ලගෙන හිනාවෙන්න ගත්තා.

🐣: මේ ඉස්සෙල්ලම උඹේ ඔය කට වටේ තියෙන කෙල ටික පිහිදගනින්!...මං දැක්කා උඹ දැන් සෑහෙන වෙලාවක් තිස්සේ නාරා දිහා සෙවල හල හල බලන් හිටපු හැටි...

🐯: කෑගහන්න එපා ගොන් හරකෝ! බොබීට ඇහෙයි!

ටේහ්‍යුන් කිව්වේ කොල්ලා ලඟට පාත් වෙලා හිටපු ජිමින්ගේ කටත් අතින් වහලා.

🐣: Oh! No!!.. ටේහ්‍යුන්ගා!!

එකපාරටම ජිමින් පුදුම වෙලා වගේ ටේහ්‍යුන් දිහා බැලුවේ කොල්ලගේ කට වහලා තිබුනු ටේහ්‍යුන්ගේ අතත් අයින් කරලා.

🐯: ව්...වේ?

ටේහ්‍යුන් ඇහුවේ ජිමින් දිහා බැලුවේ ඇසුත් ලොකුකරන්.

🐣: මට කියන්න එපා උඹලා දෙන්නා තාම පැණිහඳේ ගියේ නෑ කියලා නම්...මොකද උඹට ඇවිදින්න බැරිවුනාට අනිත් දේවල් කරගන්න පුළුවන්නේ...

🐯: ආහ්...ම්...මේ👉👈...ඒක මේ...
බොබී...එයා තාම පොඩියිනේ...ඒකයි මං ටිකක් කල් ඉන්න හිතුවේ...

ටේහ්‍යුන් බිම බලාගෙන කිව්වේ කොල්ලගේ අත්වල ඇඟිලිත් පොඩි කරන ගමන්.

🐣: අපෝ!..තෝ වගේ බත් කන හරකෙක් නම් කිම් අන්කල් මොකට හදාගත්තද මන්දා!

ජිමින් කිව්වේ නලලටත් අතක් තියාගෙන.

🐣: මට ඉස්සෙල්ලම කියපන්කෝ බොබීගේ කොහෙද පොඩි කියලා?...ඒකි උඹට වඩා අවුරුදු හයයිනේ බාල ගොන් හරකෝ! ඒකට බලපන් මං...සෝෆී මට වඩා අවුරුදු හතක් බාල වෙලත් marry කරන්නත් කලින් අපි___

🐯: හා! හා!..නවත්තගනින් උඹේ කෙරුවාව!...මං දන්නවා...මොනවා උනත් එක අතකට ජින් හ්යොන්ග් කියන කතාව ඇත්ත...

🐣: මොකක්ද?

🐯: උඹ කොට වෙලා තියෙන්නේ වලත්තකමට කියලා!

🐣: පලයන් යන්න බූරුවා!! මං කිව්වා කියලා හිතාගනින්!!

ජිමින් කටත් ඇදකරගෙන කියද්දි ටේහ්‍යුන් හයියෙන් හිනාවුනේ කොල්ලගේ කටත් අතින් වහගෙන.

🐣: එතකොට කවුද දන්නේ නෑ පොඩි කාලේදි දවසක් මං බෑ කියද්දි මාවත් බලෙන්ම එක්කගෙන ෆෝන් එකෙන් අර කොටු කොටු සීන් වගයක් බලලා ප්‍රින්සිපල්ට මාට්ටු___

ජිමින්ට තවත් කතා කරගන්න බැරිවුනේ ටේහ්‍යුන් ආයෙමත් කොල්ලගේ කට අතින් වහපු නිසා.

🐯: හරි හරකෝ! ඒ ඉතිං පොඩි කාලෙනේ!

🐣: අාහ්! ඉඳපන්කෝ උඹට!...මේ නාරා!...අපේ ටේහ්‍යුන්ට ඔයත් එක්ක___

එහෙම කියාගෙන ජිමින් හැදුවේ ටේ ලඟින් අයින් වෙලා නාරා ලඟට යන්න. ඒත් ඒ පමාවටම ටේහ්‍යුන් ජිමින්ගේ tshirt එකෙන් ඇදලා කොල්ලා ලඟට ඇදලා ගන්නකොට ජිමින් ගිහින් ඉන්ඳවුනේ ටේහ්‍යුන්ගේ ඔඩොක්කුවේ.

ඒ සද්දෙට නාරා kitchen එකේ දොරකඩ දිහාට හැරෙද්දියි දැක්කේ ටේහ්‍යුනුයි ජිමිනුයි ඇවිත් කියලා. නාරා කොල්ලෝ දෙන්නා දිහාට හැරෙද්දිම වගේ ජිමින් දඩිබිඩි ගාලා ටේගේ ඔඩොක්කුවෙන් නැඟිට්ටේ ටේත් බයවෙලා වගේ කෙල්ල දිහා බලන් ඉද්දි.

🗨️: ඕහ්! ඔයාලා දෙන්නා ගොඩක් වෙලාද මෙතනට ඇවිත්?...
මියාන්හේ...මං දැක්කේ නෑනේ...

නාරා හිනාවෙලා කිව්වේ කොල්ලෝ දෙන්නා ලඟට එන ගමන්.

🐣: ආහ්...ම්...මේ...ඒකට කමක් නෑ බොබී...නැද්ද ටේහ්‍යුන්ගා?

ජිමින් කිව්වේ වැලමිටෙන් ටේගේ අතකට අනින ගමන්.

🐯: ආහ්...ම්...මේ...ඔ...ඔව් බොබී..

ටේහ්‍යුන් කෙල්ල දිහා බලලා කිව්වේ ලොකු කෙල ගුලියකුත් ගිලලා.

🗨️: ඕහ්! මට අමතක වුනානේ අද maidsලා කවුරුවත් නෑ කියලා!...ඔයාලට තිබහත් ඇති නේද?...ඔයාලා බොන්න කැමති මොනවද කියන්නකෝ...ම්ම්...මං හදලා දෙන්නම්...

🐣: මට නම් ලොකු තිබහක් නෑ බොබී...මේ ටේහ්‍යුන්ට නම් දැන් ගොඩ වෙලාවක් තිස්සේ දාඩියයි කියලා cool වතුර එකක් ඕන කිය කිය හිටියේ...

🐯: කැහ්! කැහ්!!

ටේහ්‍යුන්ට කැස්සකුත් ආවේ ජිමින් හිනාවෙවී නාරාට කියනකොට.

🗨️: ඕහ්! ඉන්න! ඉන්න!...මං දෙන්නම්!

ටේහ්‍යුන්ට එකපාරටම කැස්සක් ආපු නිසා නාරා cool වතුර වීදුරුවක් අරන් ඇවිත් ටේහ්‍යුන්ට පොවන්න ගත්තේ කොල්ලා ඇසුත් ලොකුකරන් කෙල්ල දිහා බලන් ඉන්නකොට.

🐯: ක්ක්!...ක්ක්!...

ඒත් එක්කම වගේ ටේහ්‍යුන්ට එක දිගටම ඉක්කා වැටෙන්න ගත්තේ නාරා කොල්ලා ලඟට නැමිලා වතුර පොවද්දි, sports bra එක අස්සෙන් කෙල්ලගේ කිරිපාට පිරිපුන් පපු ප්‍රදේශය පේන්න ගද්දි.

නාරාව මේ විදිහට දකිනකොට ටේහ්‍යුන්ට දැනුනේ කොල්ලගේ පපුව
ගැහෙන වේගේ එන්න එන්නම වැඩි වෙනවා වගේ.

🗨️: ඕහ්! ටේහ්‍යුන්!!...මොකද මේ එකපාරටම?...ආහ්?..ඔයාට අසනීපයක්වත්ද?

නාරා බයවෙලා වගේ ටේහ්‍යුන්ගේ කම්මුලකටත් අතක් තියලා අහද්දි, ටේහ්‍යුන්ට තවත් ඉක්කා වැටෙන්න ගත්තේ කොල්ලගේ මුලු මූනම රතු පාටට හැරෙද්දි.

🐣: ආහ්...ම්...මේ බොබී! ටේහ්‍යුන්ට ටිකක් හඳ මෝරන දවස්වලට ඔහොම වෙනවා...කලබල වෙන්න එපා...මං එයාව ටිකක් එලියට එක්කන් යන්නම්...එතකොට හරියයි...

ජිමින් කිව්වේ කටින් පනින්න හදන හිනාවත් තදකරගන්න ගමන්.එ්ත් එක්කම ජිමින් ටේහ්‍යුන්ව එතනින් එක්කගෙන ගියේ නාරා වුනේ මොකක්ද කියලා තේරුම් ගන්න බැරුව උඩ බිම බලද්දි.

🗨️: හඳ මෝරන දවස්වලට??...ඒ මොන බහුබූත කතාවක්ද?..ඇයි එහෙම වෙන්න ටේහ්‍යුන් ඇල්ෆා කෙනෙක්වත්ද??...

නාරා ඔලුවත් කසන ගමන් කල්පනා කරේ ජිමිනුයි ටේහ්‍යුනුයි යන දිහා බලාගෙන.

---------------

---- Nara's POV ----

මං wash එකක් දාගෙන කාමරේට එනකොටත් ටේහ්‍යුන් හිටියේ ඇඳේ හෙඩ් බෝඩ් එකට හේත්තුවක් දාගෙන වාඩිවෙලා, එයාගේ අතේ මහපට
ඇඟිල්ලේ නියපොත්තත් කටේ
ගහගෙන ලොකු කල්පනාවක.

ඉස්සෙල්ලා ජිමින් එක්ක එලියට ගිහින් අාපු වෙලාවේ ඉඳන් මේ මනුස්සයට මොනවා වෙලාද මන්දා...ඒ ආපු වෙලාවේ ඉඳන්ම මට හරියට මූන දෙන්නෙවත් නෑ..

ඇඳේ කෙලවරකින් වාඩිවෙලා මං ටිකක් වෙලා බලන් හිටියේ ටේහ්‍යුන් දිහා.

ඒකත් හොඳයි එක අතකට..අද මට කලින් නිදාගන්න පුළුවන්...නැත්තං ඉතිං හැමදාම අලි බබාට නින්ද යනකන් ඔලුව අතගාන්න එපැයි..

මං සද්ද කරන්නේ නැතුවම ටේහ්‍යුන්ට පිටුපාලා අනිත් පැත්තට හැරිලා හාන්සි වුනේ නිදාගන්න කියලා හිතාගෙන.

🐯: බොබී!

Oh! God!!...මේ වදකාරයා නම්!!..අාසාවකට මට එක දවසක් කලින් නිදාගන්න දෙන්නේ නෑනේ...

🗨️: ඔව්...ටේහ්‍යුන් කියන්න...මං ඔලුව අතගාන්නද ඔයාගේ?...ඔයා කල්පනාවක හිටපු නිසයි මං කතා කරේ නැත්තේ ඔයාට...

🐯: අ...අනී...ඒකට කමක් නෑ බොබී...මේ මට...මට ඔයාට කියන්න දෙයක් තියෙනවා...

ටේහ්‍යුන් කිව්වේ එයාගේ උකුල උඩ තිබුනු කොට්ටේ ඇඟිලි වලින්
පහුරුගගා මගේ දිහා හොරෙන් බලන ගමන්.

🗨️: ඔව් කියන්න ටේහ්‍යුන්...මොකක්ද?...ම්ම්?..

🐯: ම්...මේ...මේ ඒක මේ...අපේ marriage එක...මං කිව්වේ...මං කිව්වේ අපි දෙන්නා marry කරාට පස්සේ මේ___

මෙන්න මෙයා ඒ පාර මූනත් බිමට හරවගෙන ගෑනු ලමයෙක් වගේ bedsheet එකේ ඇඟිලි වලින් රටා අඳිනවා...

ඕහෝ!..දැන්නේ මට තේරුනේ...
You wanna sleep with me Taehyung??...Right??..No way!!...Only in your dreams stupid alien!!..මං තමුන්ව marry කරාට කවදාවත් හිතන්න එපා තමුන්ව මගේ husband විදිහට පිලිගනී කියලා!...

ෂුවර් එකටම අර කොට ජීවියා තමයි මේ පිටසක්වලයගේ ඔලුව නරක් කරන්න ඇත්තේ..

Mmm..okay then..let's play a bit Nara😏..

🗨️: මේ...මේ ටේහ්‍යුන්!

මං විනාඩි දෙක තුනක් කල්පනා කරලා ටේහ්‍යුන්ට කතා කරා

🐯: ඔ...ඔව් බොබී...කියන්න..

ටේහ්‍යුන් මගේ දිහා මූනත් රතු කරන් බැලුවේ cute pout එකකුත් හදාගෙන.

🗨️: ඇත්තටම...ඇත්තටම මං කිව්වේ...ඔයා කියන දේ මට තේරෙනවා ටේහ්‍යුන්...මගෙත් අකැමැත්තක් නෑ ඒකට...ඒත් ඉතිං අපි දෙන්නා තව ටිකක් අඳුරගත්තොත් හොඳ නැද්ද?..මං කිව්වේ...අපි marry කරලා වැඩි දවසකුත් නෑනේ තාම...අනිත් එක...මේ දවස්වල මට periods හැදිලා නිසා මට ටිකක් අමාරුයි...I mean...ඔයාට තේරෙනවා ඇතිනේ මං කියන දේ...නේද?..

මං බිම බලාගෙන ටේහ්‍යුන්ට කිව්වේ කවදාවත් නැති විදිහට අහිංසක මූනකුත් හදාගෙන. එහෙම කියනකොට මං ඇස් කොනින් වගේ දැක්කා ටේහ්‍යුන් මගේ දිහා දුකින් බලන් ඉන්නවා.

🐯: අ...අනියෝ...මං කිව්වේ its okay බොබී...ඇත්තටම...ඇත්තටම මං ටිකක් ඉක්මන් වුනා වැඩියි තමයි...I mean ඔයා කිව්වා වගේ අපි තාම වැඩිය අඳුරගෙනත් නෑනේ...අපි තව ටිකක් අඳුරගන්න ඕන තමයි...ඒ හින්දා...ඒ හින්දා මං කලින් කියපු දේ ගැන වැඩිය හිතන්න එපා...ම්ම්...ඒකට කිසි ප්‍රශ්නයක් නෑ...

ටේහ්‍යුන් හිනාවෙලා කිව්වේ හිමීට මගේ ඔලුවත් අතගාන ගමන්.

🗨️: Thank you ටේහ්‍යුන්...මාව තේරුම් ගත්තට...

Puff😪...How foolish you Taehyung??..
මොනවා නැතත් ඕන කෙනෙක්ට තමුන්ව ලේසියෙන් අන්ඳන්න පුලුවන්...

🐯: හ්ම්...දැන් නිදාගන්න බොබී...ම්ම්...ඔයාට මහන්සිත් ඇතිනේ..

🗨️: හ්ම්...good night ටේහ්‍යුන්!

🐯: Good night bobby!

මං ඇඳේ හාන්සි වෙලා නිදාගන්න කියලා ඇස් දෙක පියාගත්තා.

ඒත් එකපාරටම වගේ මං ගැස්සිලා ගිහින් ඇස් ඇරියේ මං ඇඳන් හිටපු tshirt එක අස්සෙන් ආපු සීතල අතකින් මගේ බඩ ස්පර්ශ කරනවා වගේ දැනුන නිසා.

🗨️: ට්...ටේහ්‍යුන්!

මං ටේහ්‍යුන් නිදාගෙන හිටපු පැත්තට හැරිලා බලද්දි දැක්කේ එයා මූනත් බෙරිකරන් මගේ දිහා බලාගෙන මගේ බඩ අතගානවා.

🗨️: ටේහ්‍යුන්! මො...මොකද මේ?...අාහ්?

මං නුරුස්සන බැල්මකින් ටේහ්‍යුන් දිහා බලලා ඇහුවේ මගේ බඩ උඩ තිබුනු ටේහ්‍යුන්ගේ අතත් අයින් කරන්න try කරන ගමන්.

🐯: මං දන්නවා පෙන්නුවේ නැති උනාට ඔයා ගොඩක් අමාරුවෙන් ඉන්නේ කියලා බොබී...ඔයා බය නැතුව නිදාගන්නකෝ...ම්ම්...මං ඔයාට නින්ද යනකන් ඔයාගේ බඩ අතගාන්නම්...

ටේහ්‍යුන් ලාවට හිනාවෙලා කිව්වේ කවදාවත් නැති විදිහට අනුකම්පාවෙන් මගේ දිහා බලාගෙන.

🗨️: ආහ්...ම්...මේ...ඒකට කමක් නෑ ටේහ්‍යුන්...ඔයා එහෙම කරන්න ඕන නෑ...මට...මට එච්චර ලොකු අමාරුවක්___

මං කියාගෙන යනකොට ටේහ්‍යුන් එයාගේ ඇඟිල්ලකින් මගේ කට වැහුවා.

🐯: ෂ්ෂ්!...මට ඒක කරදරයක් නෙමෙයි බොබී...දැන් සද්ද නැතුව මගේ චූටි වයිෆ් නිදාගන්නවද?...ම්ම්?..

ටේහ්‍යුන් කිව්වේ එයාගේ අතින් මාව එයාගේ ලඟට ඇදලා අරන් පපුවට තුරුලු කරගෙන, එයාගේ අනිත් අතින් මගේ බඩත් අතගාන ගමන්.

ආයිශ්!!...ඕක තමයි කියන්නේ නාරා overact කරන්න යන්න එපා කියලා!..මොන මඟුලකටද තමුසේ මේ බූරු මනුස්සයට periods මඟුලක් ගැන කියන්න ගියේ??

ඕන මඟුලක් කියලා මං හිතින් ටේහ්‍යුන්ගේ ජාතිය අමතන ගමන්ම ටේහ්‍යුන් ලඟට වෙලා නිදාගත්තා.හැබැයි ඉතිං මොනවා උනත් ටේහ්‍යුන්ගේ සීතල දිග ඇඟිලි වලින් මගේ බඩ අතගාද්දි දැනුනු සනීපෙට මට වෙනදට කලින් නින්ද ගියා😌.

*********

මං හිටියේ hospital එකේ මාමාව බලන්න ගිහින්.

Marriage එකෙන් පස්සේ සතියකට සැරයක් වගේ මං මාමාව බලන්න hospital එකට එනවා. මාමාව ගමේ තිබුනු hospital එකෙන් මාරු කරගෙන හොඳ hospital එකක නතර කරලා treatments කරන්න අපිට පුලුවන් වුනේ කිම් මහත්තයට පිංසිද්ධ වෙන්න.

👨: නාරා සම්චොන් එක්ක තරහා නෑ නේද?...ම්ම්?...

මං මාමාව ඇඳේ හෙඩ් බෝඩ් එකට හේත්තු කරලා ගෙදරින් මං හදාගෙන ආපු සුප් එක පොවනකොට, මාමා ඇහුවේ දිග හුස්මකුත් පිටකරලා.

🗨️: ආශ්! සම්චොන්!!...මං කී දවසක් කියලා තියෙනවද ඕක මගෙන් අහන්න එපා කියලා!...මං මොකටද මගේ අප්පා වගේ ඉන්න සම්චොන් එක්ක තරහා වෙන්නේ?...ආහ්?..මං ටේහ්‍යුන් එක්ක සතුටින් ඉන්නේ සම්චොන්...එයා මාව හොඳට බලාගන්නවා...ඒක හින්දා ඔයා මං ගැන තවත් කරදර වෙන්න ඕන නෑ...අරස්සෝ?

සම්චොන්ගේ හිත රිද්දන්න බැරිකමට මං හිනාවෙලා කිව්වා. මොකද මෙතන ඇත්තටම මං ටේහ්‍යුන්ව බලාගන්නවා මිසක් එයා මාව බලාගන්නවා නෙමෙයිනේ...

👨: හ්ම්...ඒක මං දන්නවා නාරා...ඒකයි මං කිම් මහත්තයාගේ යෝජනාවට ඔයා කැමති වෙද්දිත් මුකුත් කිව්වේ නැත්තේ...මොකද පොඩි සර් තමයි මං දන්න විදිහට කිම් පවුලේ අහිංසකම ගුන යහපත්ම ලමයා...

👨: මං security job එක කරන කාලේ උනත් පොඩි සර් office එකට ඇවිත් හිටියොත් මාව කොහෙදි දැක්කත් හොඳට හිනාවෙලා කතා කරනවා...ඒ දරුවට අර අඩුපාඩුව නොතියෙන්න අනිත් හැම අතකින්ම ඒ දරුවා තමයි ඔයාට ගැලපෙන්නේ නාරා...

මාමා හිනාවෙලා කිව්වේ මගේ ඔලුවත් අතගාලා.

ආශ්!...මට තේරෙන්නේ නැත්තේ හැමෝම කියනවා වගේ මොකක්ද අර පිස්සු පිටසක්වලයගේ තියෙන හොඳේ කියලා...

To be continued...
✍️ Nishyoon💜️

~~ ඉතිං...මං බලන් ඉන්නම් ආයෙමත් කවදාහරි දවසක මට ඒ නමින් ඔයා කතා කරනකන්..🥀~~
-නාරා-

Continue Reading

You'll Also Like

407 58 5
Don't copy my work 🚫 This is mainly based with author's imagination.....so there is no relation with real life....hope you'll enjoy!!
224K 7.4K 32
Sold off to the highest bidder by her brother, Amara Cantrell is forced to leave the place that she has called home all her life to head to the Sunsp...
3.5K 517 31
පොරොන්දුවක් සමග දිවයන පලිගැනීමක්... අහම්බෙන් හමුවන අහිංසක හිතක් සමග ආදරයකට මුල පුරන නපුරු හදවතක්... ආදරයත් විටෙක මාෆියාවක්ම විය...!! PJM fanfaction...