අසම්මත පෙම [BL Story] Complet...

By Jazzy_Wolf_11

17.7K 1.5K 169

"තමුන් කොයි ලොකේද ආහ් ඉන්නේ. anyway තමුන් කොයි ලොකේ හිටියත් මට මොකද ඔහේ උඩ බලාගෙනද යන්නෙ.. බලනවා තව පොඩ්ඩෙන්... More

හායි පෙන්ස් 😁
පළමු කොටස
තෙවන කොටස
සිව්වන කොටස
පස්වන කොටස
අවසානය
ඕතර්ගෙන්....
🥺❤️
Hi Hi! 🌝❤️🌼

දෙවන කොටස

1.9K 217 15
By Jazzy_Wolf_11

මට වෙන මොකුත් කියන්න වුනේ නෑ තරුක කොල් එක කට් කරලා දැම්මා. මම ආපහු සාලෙට ගියේ මේකට මොනා කරන්නද කියලා හිත හිත ඒ යනකොටයි දැක්කෙ සෙතුල් ඉදන් ඉන්න තැනට ටිකක් ඉස්සරහින් මගේ boxers වගයක් තියෙනවා... මොන ලැජ්ජාවක්ද යකෝව්ව්ව් මම අඩියට දෙකට ගිහින් ඒ ටික අයින් කරා...

"හැන්ගුවට වැඩක් නෑ මන් දැක්කා"
අම්මපා මේ පොඩි එකා නම්...

"හේහේ"මන් හෙන මොංගල් හිනාවක් දාලා කතාව වෙන පැත්තකට හැරෙව්වා... "ඉතිම් මල්ලී කොහොමද මන් ඇත්තටම දැනගෙන හිටියේ නෑ මල්ලී එනබවක්"

"ඒක නම් මටත් පෙනවා... මෙයිට වඩා පිලිවෙලට ඉන්න දන්නෙම නැද්ද"

ඉදන් හිටපු තැනින් නැගිටලා එයා ගේ ඇතුලේ ඇවිදින්න ගත්තා ඒ අතර තුර මගේ ඇදුනුයි කාලා තැන තැන දාපුවයි දිහා ඇගිලි දික් කර කර පෙන්න පෙන්න කියවන්න ගත්තා...

"ආහ් ඔච්චර කියවන්නෙ පුළුවන් නම් අස් කරලාදෙනවකෝ"

"මොනාද කුටු කුටු ගාන්නෙ"

"හේ මොකුත් නෑ"

"මල්ලී මොනා හරි බෙනවද "

"ම්හ් එපා"

"පුදුම ගනන්නේ යකෝ..."

මගේ ජිවිතේ ගෙවෙන විදිහ සම්පුර්ණයෙන්ම වෙනස් වෙන්න ගියේ පැය කිහිපයයි

"අයියේ කෑම ලෑස්ති"

සෙතුල් මගේ කාමරේට එබිලා කියන් ගියා. මන් එන්නම් කියලා ඔළුවත් වනලා වොෂ් එකකුත් දාන් පහලට එනකොටම මගේ නහයට දැනුන සුවද ම්ම්හ්...

"මේවා ඔයාමද හැදුවේ"

"ම්ම් ඔව්"

"රස පාටයි"

කෑම මේසේ පිරෙන්න කෑම තිබ්බ... මට‍ මතක් උනේ මම වෙනදට කන විදිහ 😂😂 තුන් වේලම කඩෙන් කාපු මම 😂🥲

"ම්ම් අපේ පොඩ්ඩාට රසට උයන්න පුළුවන් නේ රසයියි..."

ඒක කිව්වාම නම් සෙතුල්ගේ කම්මුල් සොස පාට වුනා... ආව්ව් මගේ සුටියා

සෙතුල් නිදා ගන්න ගියාම මන් ගියෙ බැල්කනි එකට, පැය කිහිපයකට මගේ ජිවිතේ වෙනස් වුන විදිහ ගැන මටවත් තේරුමක් නෑ මට බැන බැනම දවල් ගේ අස් කරපු විදිහ අන්තිමට එයා මුළු ගේම අස් කරා ඊට පස්සේ ඉදම් අයියේ අයියේ ගාගා පොඩි බබෙක් වගේ කියව කියව හිටියෙ මෙච්චර දවස් ගෙදර තිබ්බ පාළුව පැය කිහිපයකින් නැති වෙලා ගියපු විදිය ගැන මට පුදුමයි ඒ වගේම සතුටුයි 🥰

කාලය ටිකෙන් ටික ගෙවුනා සෙතුල් ගැන තිබ්බ ආදරේ තව තවත් වැඩි වුනා... හැමදාම උදේම නැගිටලා කෑම ටික හදලා යුනි යන්නත් ලෑස්ති වෙලා මන් office එකට යනකොට මා එක්කම car එකේ යුනි එකට ගිහින් හවසට ගෙදර ඇවිත් රැ කෑමත් එයාම හදලා හරියටම හවස 6 වෙනකොට මට call කරනවා එයා බයයි රෑ වෙනකොට තනියම ඉන්න මන් එන්න කොච්චර වෙලා ගියත් මන් එනකම් බලන් ඉන්නවා... ඉතිං මට එයා ගැන තියෙන ආදරේ වැඩි වෙන එක අහන්නත් දෙයක්ද?

අද මන් එයා එක්ක එලියට යන්න හිතුවා මොකද සෙතුල් මෙහෙට ආවත් හරි එක පාරක් වත් එයාව කොහෙවත් එක්කන් යන්න බැරි වුනා අද අපි දෙන්නටම නිවාඩු නිසා මන් උදේම නැගිට්ටා.

"ම්ම්ම් සුවදේ නම් අවුලක් නෑ බලමුකෝ....
අර කම්මැලියා තවම නිදිද අප්පා"

කුස්සියෙ ඉදන් සුපර් මැන් වගේ පියෑඹුවේ සෙතුල්ගේ කාමරේට

"අයියේ....
මොනවද අප්පා කරන්නේ දොරට තට්ටු කරලා එනවකො"

"දොරට lock එකක් තියෙන්නේ අල තම්බන්න නෙමෙයි නේ 😒"

ආව්ස් උදේ පාන්දර මන් දැකපු දර්ශනය කිසි හේවිල්ලක් බැලිල්ලක් නැතුව දොර ඇරන් කාමරේ ඇතුලට ගියාමයි හිතුනේ දොරට තට්ටු කරලා ආවා නම් හරි කියලා 😬😬 එයා හිටියේ ටී එකක් නැතුව උදේ පාන්දරම නාලාද කොහෙද කලිසමේ බටන්ස් ටික දාගන්න බෙල්ලත් නමන් පොඩි එකෙක් වගේමයි.. පිස්සු කෝලමක් බටන්ස් දාගෙන දොර දිහා බලපුවමයි කොල්ලටත් එයා ඉන්න විදිහ ගැන මතක් වුනේ මන් අනෙත් පැත්ත හැරිලා ඇදුම් ඇදන් පහලට එන්න කියලා දොර වහලා දොරට හේත්තු වුනේ පපුවට අතක් තියා ගන්න ගමන් දෙවියනේ මගේ හාටුව ගැලවිලා වැටෙන්න වගේ

දෙන්නා එක්කම කෑමත් කාලා ගෙදරින් ආවේ උදේ අරහෙම දෙයක් වුනාද කියලා මතකවත් නැති විදිහට 🥲🥲

අපි මුලින්ම ගියේ ඇදුම් ටිකක් ගන්න පොඩි shopping පාරක් දාලා ටවුන් එකේ ඇවිදින්න ගියා එයා ටික්ක විතර කලබල වෙලා වෙන්න ඕන අද ටිකක් මිනිස්සු වැඩි දවසක් මගේ අතත් තදට අල්ලගෙන වටපිටාව ගැන ලොකු අවදානයකින් එයා හිටියේ.පොඩි උන් ටිකක් ice cream කනවා දැකලා අපේ සෙතුල් බාබාටත් ඕන වෙලාද කොහෙද..

"අයියේ අර ice cream "

"ඔයාටත් ඕනද"

"ම්ම්ම්"

ඒ අහිංසක හිනාව දැක්කම ඇත්තටම බෑ කියන්න බෑ 🥺 අයිස් එකකුත් කාකා මගේ අතේ එල්ලිලා යන විදිහට මට අල්ලගෙන ඉඹින්නමයි හිතෙන්නෙ

කකුල් දෙක රිදෙන්න අරන් සෙතුල් ගිහින් ළග තිබ්බ බෙන්ච් එකක වාඩි වුනා උඩ පැන පැන ගියපු විදිහට කකුල් රිදුනේ නැත්තම් තමා පුදුමේ ඒ මදිවට ice cream කටවටේ ගාගෙන කන ලස්සන පොඩි වුන් පාරාදායි 😌

"සෙතුල්"

"ම්ම්ම්"

එයා මගේ දිහා බලනවත් එක්කම තොල් ලග ගැවිලා තිබුන ice cream ටික මන් දිවෙන් ලෙවකැවා ම්ම්ම්...

"ආනාව්ව්ව්ව් රතු වෙලා "

මගේ දිහා කන්න වගේ බලන් ඉන්න මගේ සුටි පූස් පැටියා දිහා බලන් මන් හිතුවා විතරයි කියන්න ගියේ නෑ හිහි...

"කො කො ඉක්කමනට කන්න තව යන්න තැන් ගොඩක් තියෙනවා"

මොකුත් නොවුන විදිහට ඉදලා මට අවුරුදු 20ක පල පුරුද්දක් තියෙනවා

ඇවිදින්න තිබ්බ හැමතැනකම වගේ ඇවිදලා අපි දෙන්නා ගෙදර එනකොට හවස් වෙලා තිබ්බා රෑ කෑම ඕර්ඩර් කරලා වොෂ් දාගෙන එනකොට සෙතුල්ට නම් සොෆා එකෙම නින්ද ගිහින්

"කියුට්
පූස් පැටියෙක් වගේමයි "

කෑම කන්න ඕන නිසා සෙතුල්වත් ඇහැරවලා ගාර්ඩ්න් එකේ තිබ්බ ටෙබල් එකක් ඇරෙන්ජ් කරලා අපි රෑ කෑම කෑවා.අද හරි ලස්සන දවසක් නිදා ගන්න යන මොහොතෙත් මට හිතුනේ එදේ...

ඒ විදිහට දවස් ගෙවිගෙන ගියා ඊයේ රෑ තරුක කොල් කලා උගේ වෙඩින් එක ගැන කියන්න අම්ම්පා මෙහෙම යාළුවෝ පොල් පිත්තෙන් කපාගතහැකි.
හෙට මායි සෙතුලුයි දෙන්නම අයේ ලන්කාවට යනවා අර ගස් ගෙම්බාගේ වෙඩින් එකනේ හිටහන්කෝ ඕකාට හොද වැඩක් කරන්න ඕන

අද තමයි දවස... තරුක මැරි කරාට කාවද මැරි කරන්නෙ කියලා දන්නේ නෑනේ මන් නම් දන්නවා ඉතිං... ගෙස් කරන්න බලන්න 😁

"අදිශ් උබ ආවා එහෙනම්"

"මන් නැතුව කොහොමද
කෝ මගේ නංගි බාබා "

"උඩ තට්ටුවේ බැලුවේ නැද්ද"

"නෑ මන් බලලා එන්නම්"

මන් සුටුස් ගාලා දිව්වෙ මගේ නම්කියාව බලන්න

"නෙතු තවුසේ කොහෙද"

"අයියේ!!"

කොහෙද මන්දා ඉදන් දුවන් ඇවිත් මගේ කරට පැන්න පාර තව පොඩ්ඩෙන් කොන්දත් ලෙප්ට්

"බැහැපන් යකෝ"

"බෑ බෑ බෑ කිව්වෙවත් නෑ එනවා කියලා "

"ආහ් ඇයි උබලා මට කියලද මගුල් ගන්න ගියේ"

"හරි හරිරිරිරි "

දැක්කනේ කට වහපු විදිහ 😌😌 ඒ පාර ලග තිබ්බ dressing table එකක් ලගට වෙලා හැඩ බලනවා...

"කො අර එන්ජල් "

"කවුද ''

"සෙතුල් අයියා අනේ එයා එන්ජල් කෙනෙක් වගේමයි "

"හාකො කවදා ඉදන්ද දන්නෙ නෑ ඉතිම්
යකෝ දැන් ඔක්කොටම සේතුල්ව විතරයි පෙන්නේ ඔහොම යන්කො ඔහොම යන්කො "

"ඕකට කියන්නේ පැහැදිලි ඉරිසියාව කියලා"

"අනේ මෝඩි--"

"දුව ඔයා තාම ලෑස්ති වුනේ නැද්ද"

නැන්දම්මා is coming... ඒ තරුකගේ අම්මා මොනා උනත් මගේ නංගි පණව බය නැතුව දෙන්න මම හිත හදා ගත්තෙත් තරුකගේ අම්මා නිසා මට මගේ අම්මා වගේමයි තරුකගේ අම්මත්...

"ලෑස්ති වෙලා ඉවරයි අම්මේ මේකප් එක දා ගන්න විතරයි තියෙන්නෙ"

"එනම් එන්නන මම මේකප් එක දාන්නම්.... අදිශ් පුතා ලෑස්ති වුනේ නැද්ද"

"නෑ ආන්ටි දැන් යන්න ඕන "

"ඉක්මන් කරන්න හරිද"

මම මගේ ඇදුම් ටිකත් අරන් චෙන්ජින් රෑම් එකට ගිහින් ලෑස්ති වෙලා ආවා දැන් තියෙන්නේ එක වැඩක් විතරයි මම හැමදාම පටලවගන්න එකම දේ මෙච්චර කල් අම්මා හිටිය නිසා එකේ කිසිම අඩුවක් තිබ්බෙ නෑ ඒත් දැන්,

:to be continued



























කතාව දුන්නට එක පාරක් වත් ඔයාලා එක්ක කතා කරන්න උනේ නෑ නේ.... ඉතිම් කතාව ගැන මොනවද හිතෙන්නේ මන් මේක ඔහේ ලියන් යන එකක් ඔයාලට හිතෙනවද මේක ලස්සනයි කියලා 🥲🥲🥲

dewmimaho ඔයගේ massage එක දැක්කමයි කතාව දෙන්න මතක් උනේ හෙහෙ 😁😁

අන්න එහෙම ඔයාලා කතාවට ආසයි නම් මගෙන් ඉල්ලන්න... මම හරිම කම්මැලි මනුස්සයෙක් හෙහෙ

හිතෙන දේවල් අනිවාර්යෙන් කියන්න මම සාමාන්නයෙන් ඔයලගේ හැම comment එකකටම reply කරනෝ hehe 😌💗

Next chap එකෙන් හම්බවෙමු 👀🖤✨️

Continue Reading

You'll Also Like

1.2K 133 10
ආදරේ කරන්නම්.. අසම්මත උනත් මේක අපේ ආදරේ රත්තරන්
43.9K 2.4K 20
[short story] "why is she here...? i told you i don't want to talk to her." oc x jungwon !heavy angst, minor fluff! © 2021 jayjagiya ⁹'¹¹'²¹ - ²³'¹'²...
105K 12.1K 47
මන් උබට ආදරෙයි බන් !!! මටත් පුලුවන් වුනානම් කට ඇරලා බය නැතුව කියන්න. මම හරි බයයි බන් මගේ ඒ වචනෙන් මට උඹව නැති වෙලා යයි කියලා.. උබේ ඇස් දෙක දැක්කත් ඇත...
95.5K 2.2K 49
Alissa Iris De León the daughter of both the Spanish and Italian Mafia. A week after she was born she was sent away from her 2 brothers to live with...