BREATH OF LIFE (Complete)

By DEESHAPONNAMPERUMAGE

597K 112K 50.6K

කවුරුත් නැතිව උඹම උඹේ හිත සනස ගත් දවසට ඒහිත ඒ හේතුවටම කිසිදින නැවත නොවැටෙනු ඇත.........!! More

01වන කොටස........
02වන කොටස...
03 වෙනි කොටස.......
04වන කොටස.....
05වන කොටස.....(bonus )
06වන කොටස....
07වෙනි කොටස...
08වන කොටස....
09වන කොටස...
10වන කොටස.....
11වන කොටස.....
12 වන කොටස....
13වන කොටස....
14වන කොටස...
15වන කොටස...
16වන කොටස...
17වන කොටස....
18වන කොටස....
19 වන කොටස....
20වන කොටස.....
thank you note😘😘
21වන කොටස.....
AUTHOR NOTE...
23 වන කොටස..
24වන කොටස....(bonus )
25වන කොටස...
26වන කොටස.....
27වන කොටස...
28වන කොටස.....
29වන කොටස....
30 වන කොටස....
31 වන කොටස....
32වන කොටස....
33වන කොටස...
34වන කොටස...
35වන කොටස....
36වන කොටස.....
37වන කොටස...
38 වන කොටස...
39වන කොටස.....
40වන කොටස...
41වන කොටස..
42වන කොටස...
43වන කොටස...
44වන කොටස...
45වන කොටස....
46වන කොටස...
47 වන කොටස...
48වන කොටස....
49 වන කොටස......
50වන කොටස...
51වන කොටස...
52වන කොටස...
53 වන කොටස..
54 වන කොටස....
55වන කොටස...
56වන කොටස...
57වන කොටස...
58වන කොටස..
59 වන කොටස...
60වන කොටස..
61 වන කොටස...
62 වන කොටස...
64වන කොටස...
65වන කොටස...
66 වන කොටස....
67වන කොටස....
68වන කොටස.....
69වෙනි කොටස...
70වන කොටස....
71වන කොටස....
72වන කොටස...
73වන කොටස..
74 වන කොටස.....
75වන කොටස.....
76වන කොටස....
77වන කොටස....
78වන කොටස....
79වන කොටස...
80 වන කොටස....
81වන කොටස...
82 වනකොටස
83වන කොටස...
84වන කොටස....
85වන කොටස....
86වන කොටස....
87වන කොටස..
88 වන කොටස..
89වන කොටස...
90 වන කොටස...
91වන කොටස...
92 වන කොටස..
93 වන කොටස...
94 වන කොටස....
95වන කොටස..
96වන කොටස....
97වන කොටස...
98වන කොටස...
99වන කොටස.....
100 වන කොටස.
101 වන කොටස...
102වන කොටස...
103 වන කොටස....
104වන කොටස...
105වන කොටස...
106 වන කොටස..
107වන කොටස...
108 වන කොටස...
109වන කොටස .....
110 වන කොටස..
111 වන කොටස....
112වන කොටස....
113 වන කොටස..
114වන කොටස...
115 වන කොටස....
116 වන කොටස..
117.............!!!
Thank you note❤️😘

63වන කොටස.....

3.9K 879 393
By DEESHAPONNAMPERUMAGE

පොඩීගෙ අම්මා නටනවා නටනවා ඉවරයක් නෑ...ගුරාගෙ අතින් දුම්මල පාර වදින වාරයක් ගානෙම පොඩීගෙ අම්මා හූ තිබ්බා ....

උදව්වට ආව උන්ට ඒකිව අල්ලන්න අතදහයක් විතර ඕනා වෙනකොට දම් වැල් වලින් ගැට ගැහුන පොඩීආවේසෙන් කියෙව්වා ....

ඉතින් කියාපිය....කියාපිය.....කවුද තෝ.....ආ...කව්ද....ඇයි...ඇයි තෝ මෙතනට ආවෙ.....ආ...ඇයි කියාපිය.....

කෑ ගහන අඩන පොඩීගෙ කෙස් වැටියෙන් අල්ල ගත්තු ගුරා ඒකිට පුවක් මලක් කැඩෙනකම්ම තඩි බෑවා....ඒත් ඒකි කෙවෙ කට හෙල්ලුවෙ...ඒකි කෙරුවෙම යන්න ඉල්ලපු එක වෙනකොට ගුරා මහසොහොන් මන්තරේ ජප කරන්ඩ ගත්තා ..

අහස පලාගන...පොලව පලාගන....රොන් මඩ අස්සෙන්.......මුහුදු හතට එහායින් එන්ඩ කිය කියෝම ගුරා ජයසේනට ආරාදනා කරනකොට දූවීලි ඉහල අහසට නග්ගගන වැහි හුලගක් ගියා වගේම ගොරකා ලන්දෙන් වගේම පහල රබරෙන් පැගිරි ගස්වලින් කජු ගස්වලින් අතු හෙලවෙන සද්දය බද්ද එන්න ගත්තා ...

ඌරන්ගෙ හුස්ම අදින සද්දෙ එක්ක ගුරා මහසොහොන් සමයටම පේ උන එකාව ගෙන්නවලා ඒකට පන්දම් දීලා දුම්මල ගස්සවන්න පටන් ගන්නකොට ජයසේනයට ආරාදනා කරන්න මිනී කුනු ගද ඉහලට යන්න වහපු මිනිය ඇරියා ...

පොඩී හූ හත තිබ්බා.....කෑ ගැහුවා ...දෙපැරැන්ද දිගේ පිලී ගලනකොට ඒකි ඉල්ලුවේම කැරකොප්පුවට යන්ඩ ලෙහන්ඩ කියලා වෙනකොට නාදයා නටලා...නටලා කහ වතුර නාගන කලන්තේ දානකොට ඒකිගෙ අයියලා ඒකිව උස්සන් යන්ඩ ගියත් ගුරා නෙවෙ ඉඩක් දුන්නෙ...

තියාපන් ඕකිට ...ඕකිට වහල ඉන්නෙත් කැරකොප්පුවට අයිති නොවුන....තවත් එකියක් ...මොල්ලිගොඩ මැනිකේ......උඹට ලේසි පාසු වෙන්නෙ නෑ....උඹලා ඔය අත් දෙකෙන් කරලා තියන පව් වැඩ බෝමයි.....

ගුරා මේ වෙනකොට හොද සිහිය වගේම අවසිහිය දෙකේම උන්නා....නාද්‍යට වැහිලා තිබුනෙ සීයා අතින් බඩ උන අන්නාසි ගැටවල රහ බලපු තව එකියෙක් වෙනකොට පොඩීටගෙ අම්මට වැහුන එකී මහ මුරන්ඩු කාරියක් උනා....

ඒකි පෙරේත තට්ටුව වටේම කැරකෙනවා ...

තෝකව්ද කියාපිය......මොනවද තොට ඕබා කියාපිය...

පුලුට්ටක්....දීපිය මට පුලුට්ටක්....

බෙරවල සද්දෙ කන් දෙක පුපුරවන් යනකොට පොඩීගෙ අම්මා පිස්සුවෙන් වගෙ පුලුටු ඉල්ලුවා ....ඒකිට ඉන්ඩ හිටින්ඩ ඉස්පාසුවක් නැති වෙනකොට පිල්ලි කපන්ඩ ගෙන්නන ජයසේනයගෙ ටික ටික වැහීගන එන නැට්ටුක්කාරයා පන්දමට නිවනක් නොදී හූ තිබ්බා.....

වැස්සක් එන්ඩ වගේ යන්නෙ....

ඇගම හිරි ගඩු පිපෙනකොට වැහි හුලන් එක්ක මහ මූසල ගතියක් හිතට දැනුනා...

මගෙ අප්පච්චි මට එයාගෙන් හුස්මක දුරක් වත් යන්ඩ නොයා මාව ලගට කරගන උන්නා වගේම සැරින් සැරේම විදුලි කොටන අහස දිහා බලාගන වැස්සක් එන්න වගේ යන්නෙ කිව්වා....

ඇත්ත....වැස්සක් එන්න වගේ යන්නෙ......

අහස පලාගන පොලව පලාගන රොන් මඩ අස්සෙන් මුහු හත දෙබෑ කරන් ජයන්සෙනයට ආරදනා කර කර මතුරන්ඩ ගත්තු වෙලේ ඉදලම තනිකරම ඇහුනෙ සත්තුන්ගෙ ගොරවන සද්දෙ වගේම ගොරකා කැලේ සද්දෙ වෙනකොට පොඩීගෙ අම්මා පෙරේත තටුවෙන්ම පුච්චපු බොම්බිලි ගිල ගිල උන්නා.......

අතෑරපියාව්.....මාව.....අතැරපියාව්.........

පොඩී ඉවරයක් නැතිවම කෑ ගැහුවා....ගුරා ඉවරයක් නැතිවම දුම්මල ගැහුවා.....


පිදේනි ගාවට යන ගුරා මන්තර ජප කර කර...ජපකරකර...කෑගැහනකොට

නටන එකා පුලුවාන් තරම් නැටුවා......

අප්පච්චි ...මේක හරියාවිද අප්පච්චී.....

මට සැරින් සැරේම මතක් උනේම සුදූ වෙනකොට අප්පච්චි දන්නෙ නැ කියන්න උරහිස් ඇකිලුවා .....වෙන්න පුලුවන් සමහර ඒවා තියනවා ප්‍රේත ආත්මෙ කොයි තරම් බලවත්ද කියනවා නම් ගුරාට හතිවැටිලා පවා මැරෙන්න වෙනවා........

මං බලන් උන්නා....බෙර ගහන උන්ගෙ අත්වලට නිවනක් තිබුන් නෑ...ඒ අත්වල නහර මතු වෙලා බෙර පද වැරැද්දුවොත් එතනත් පරහක් හිටින බව දන්න හින්දම උන් කාගන බෙර ගැහුවා.......

මං බලාගන ඒ ඇගිලි පවා පැලිලා තිබුනා....

මහසොහොන් සමයම.කියන්නෙ දරන්න බැරි තොවිලයක් වෙනකොට නූල ගැස්සුනොත් ගුරාව හරි බිල්ලට ගන්න සමයමක් උනා.....

පොඩී නටනවා....බෙර පදවලට ආවේස උන පොඩී නටනවා...කොන්ඩේ වන වන නටනවා....දුම්මල වදිනකොට ඒකි හූ තියනවා....කකුල් වලට දාලා තිබුන දම්වැල්.කඩාගන දුවන්න හදනවා...........

කියාපිය...තොටමයි අමාරු....තොටමයි අමාරු තව දෙහි කපන්ඩ කපන්ඩ තොටමයි අමාරු..කියාපිය....කියාපිය....තව කපන්ඩ කලින් කියාපිය.......

අතෑරපන්......අතෑරපන්....යකෝ......දැවිල්ලයි......දැවිල්ලයි......දැවිල්ලයි.....ගනින් පරයා තොගෙ අත....මැනිකේ.......මැනිකේ....මං තොපි ඔක්කොම අරන් යනවා මැනිකේ....

ආ....ඒවා තොට හීන තමයි ....කතා කරපිය.....ඇයි තෝ මේ දරුවට වද දෙන්නෙ.....කතා කරපිය.....

ඔලුවට පොරවපු සුදු රෙදි හොයන්ඩ වත් නැති වෙනකොට ඒකි හූ තිබ්බා...අහස පොලව දෙදරන්න හූතිබ්බා........අවසානෙදි ඒකි අඩන්න ගත්තා .......ඒකිඅඩ අඩම බිම පෙරලුනා....බෙඩ් ජැකට් එකේ පලු දෙක දෙපැත්තට ගිහින්......ඇගපුරාම නිල්පාට පාරවල් තිබුනා......අන්දවලා තිබුන චීත්ත පට දනහිස හාවට උස්සපු පොඩි ළමයෙක් වදන්න වගෙම කකුල් ඇත් කරන් කෑ ගගහා අඩ අඩම තටමන්න ගත්තා .....

කොල්ලා දීහන් දීහන් ඔය රෙදි කඩ දීහන්.......

ගුරා රෙදි කඩක් ඉල්ලන් අම්මා ලව්වා පොඩීගෙ කකුල් මැදට හිර කෙරෙව්වා .......ඒකි වේදනාවෙන් කෑ ගහනවා ...සැරින් සැරේම විදුලි කෙටුවා වගේම කන් අඩි පුපුරවගන හෙන පුපුරනකොට ජයසේනයව ගෙන්නන්ඩ බෑ  බාධා වෙනවා කිය කිය ගුරා පුලුවන්  තරම්.නටන එකාට දුම්මල ගැහුවා තව තව අඩි ගහන්ඩ....

ජයසේනයව ගෙන්නඩ බෑ බාධා වෙනවා .....???

මං කෙලිම්ම අප්පච්චි දිහා බැලුවා .....මැනිකා එසේ මෙසේ කට්ටඩි කමක් නෙවෙ වගෙ කරලා තියෙන්නෙ.....ජය සෙනයව ගේන්ඩ බෑ බාධා වෙනවා කියන්නෙ ඒකි එසේ මෙසේ නම් කට්ටඩි කමක් නෙවෙ කරලා තියෙන්නෙ.....මහසොහොනව ගෙන්නගන්ඩ බැරි තරමට.....

අම්මා පොඩීගෙ කකුල් මැදට රෙදි තිය තිය පීලි එකෙතු කෙරුවා......සැරින් සැරේම විදුලි කොටනකොට අහු අහුරක් ගත්තු ගුරා පොඩීගෙ හිස්මුදුනට තිය තිය කපන්න ගත්තම සෑහෙන්න වෙලාවකට පස්ස්සෙ ඒකී  මට්ටු වෙලා අඩන්න ගත්තා.....ඒකි නැකිට්ටා...දම්වැල්  දාපු කකුල් ගන්න දෙයක් නැති වෙනකොට  ඒකි කකුල් අද්ද අද්ද ඇවිද්දා....ඒ ඇස් රතු වෙලා...කදුලු වැක්කෙරුනා......වෙලාවකට ඇඩුවා....ආයම හිනා උනා......

ගුරාගෙ ගෝලයො ඉවරයක් නැතිවම ස්තෝත්‍ර කිය කියෝම අරාදනා කර කර දුම්මල ගගහම නටනකොට  පොඩී ඇවිද්දා හිතේ තියන ගින්දර ඇස්වලින් එලියට එනකොට  ඒකි බඩ පපුවට අත තියන් ඇවිද්දා ..

විලංගු දාපු කකුල් වල කෑලි නැති වෙනකොට  තියන අඩියක් ගානෙම විලංගු සද්දෙ ඇහුනා....

කියාපිය බලන්ඩ කව්ද තෝ....

ගහන්ඩ...එපා...වේදනයි....වේද..නයි....

නෑ මං ගහන් නෑ කියාපන්....උඹ කවුද........කියාපන්....ඉතින්.....

අපි හැමෝම බලන් උන්නා....වෙච්ච දේවල් ඊයෙ ඉදන් දැකපු මං මේ වෙනකොටත් දැනන් උන්නා පොඩීට වැහුනෙ මගෙ සුදු අක්කා විත්තිය ...මං නැකිටලා යන්ඩ හැදුවා  උනත් අප්පච්චි මාව ආයම ඉන්දෙව්වා ...

සුදු පුතා ඉදගනින්...වලව්ව් දැන් අමනුස්ස විමානයක් ....ඉදගනින්.....

අප්පච්චි මාව ආයම ඇදලා අරන් ඉන්දවගන්නකොට  විලංගු දාපු පොඩී අඩියෙන් අඩිය ඉස්සරහට ඇවිත් ඈතින් පේන දලදාව දිහා බලලා දොහොත් මුදුන් දීලා වැන්දා....

උන් මාව අමු අමුවෙම මරා ගත්තා අපෙ හාමුදුරුවනෙ...

මාව සීතල වෙලා ගියා...

අනෙ මගෙ සුදු අක්කේ.....අනේ.....රත්තරන් සුදු අක්කෙ...

නිතේශ් ....නිතේශ් ....ඉදගනින්.....
ඉදගනින් මෙතනින්....

පොඩීගෙ කට ඇතුලෙන් තනිකරම ආවෙ මගෙ සුදු අක්කගෙ කටහඩ වෙනකොට  ගුරා උන්ව අල්ලන්ඩ බෝතල් ලැහැස්ති කරනකොට මං නැකිට්ටා උනත් අප්පච්චි මාව ඇදලා ගත්තා ...

පොඩී අඩනවා......ඒත් ඒ ඇස්වලින් එන්නෙ මගෙ සුදු අක්කගෙ කදුලු ....පොඩී කතා කරනවා ඒත් ඒ කටින් එන්නෙ මගෙ සුදු අක්කගෙ කටහඩ වෙනකොට  මං බලාගන මැනිකෙලා බයෙන්බීරාන්ත වෙලා උන්නා...අනෙ සුදූ....උඹට ඕනා නම් මගෙ බෙල්ල හරි කඩන් පලයන්...

මම හිතින් මිමිනුවා ....

පොඩී ගේ අම්මා නාද්‍යා පුලුටු කාල්ද කාලා හූ හත තියලා පොලවෙ පස් කාලා අමු අමුවෙම කුකුලු බෙල්ල කඩාගන ලේ බීලා අනතමනතෙන් ඉදන් ඉන්නකොට  ජයසේනයව ගෙන්නවලා පිල්ලියට පිල්ලියක් යවන්නම බැරි උනා.....

උන් මගෙ පැටියව මරා ගත්තා දලදා හාමුදුරුවනේ.....

අනේ මං හීන මැව්වා .....

කෙලි පොඩිත්තක් වදන්න මං හීන මැව්වා අපෙ හාමුදුරුවනෙ..........

ලගට අරන් තුරුල් කරගන්න...කිරි සුවද ගහන මූන අත ගාන්න මම බලන් උන්නා හාමුදුරුවනේ.....අයියො ....මං බලන් උන්නා....හාමුදුරුවනේ......

ඒත් මුන් එකතුවෙලා මගෙ දරුවා මරගාත්තා.......බඩම දැවිල්ල අරන් මගෙ පැටියා යන්ඩ යනකොට මං විදෙව්වා ....මං අපා දුක් වින්දා ......මතුපු වතුර පොවනකොට මං මගෙ පැටියව අත් දෙකෙන් වහ ගත්තා .......

ඒත් නෑ.....ඒත් නෑ...වලව්වෙ එකෙක් වත්...නෑ මගෙ පපුවට සහනයක් දුන්නෙ.....උන් හැමෝටම ඕනා උනෙ මගෙ නූපන් රන් කද මරා ගන්ඩ හාමුදුරුවනේ......

ඇයි දෙයියො...මේ කුල මල මැව්වෙ .....

මං අහන් උන්නා...අප්පච්චිගෙ අත මිරිකන්.අහන් උන්නා....ප්‍රේතයො කුම්භාන්ඩයො පවා බුදුන් ගාවදි මෙල්ල වෙනකොට මගෙ සුදු අක්කා දලදාවට දරු දුක කිව්වා ...බඩට අත් දෙක තියාගන දුක කිව්වා ...ඒකි මවපු හීන ඔක්කෝම බොද උන බව කිව්වා .....

මං ආස කෙරුවා ..අන් ආස කෙරුවා ...කාටත් වදයක් නොවී...මගෙ දරුවගෙ අප්පච්චි එක්ක හොදින් ඉන්ඩ.....ඒ උනාට....මු එකෙක්ටවත්  මගෙ දුක  දැනුන් නෑ අපෙ හාමුදුරුවනෙ..අන් අනන්ත දුක් වින්දා....

මං මගෙ පැටියා බේර ගන්ඩ දුක් වින්දා.... ගැට අන්නාසි ගිල්ලවනකොට මං ඇඩුවා.....ඒ උනාට මුන් එකෙක්ට වත්....එකෙක්ටවත් ගානක් තිබුන්නෑ.....

වීනීතා මැනිකේ.......මොල්ලිගොඩ මැනිකෙ.......උඹලා හැමෝම නයයි.....උවලා හැමෝම නයයි  ....උඹලා හැමෝම මගෙ පැටියගෙ ප්‍රානෙට නයයි...මගෙ ප්‍රානෙට නයයි....උඹලා හැමෝම නයයි .....වලව්වෙ උන්ට මං යගතින් ඉන්ඩ ඉඩ දෙන්නෙ නෑමයි.....දෙන්නෙ නෑමයි.....දෙන්නෙ නම් නෑමයි.....අනිතා මැනිකේ.....

කොහෙද උඹ යන්නෙ....ඉදගනින්...ඉදගනින්.....

ආව් ....හ්හ් ......අතෑරපන්....

පොඩීහූ තිබ්බා........පපුවට ගහගත්තා කෑ ගැහුවා...ඇඩුවා ......ඒකි පොඩීගෙ අම්මා ගාවට මගෙ අම්මා ගාවට  අත්තම්මගෙ ගාවට  මේ හැම තැනටම ගියපු පොඩී උන් හැමෝගෙම්ම ඉ ගන්නවා කියනකොට කපුවා ගහපු දුම්මල පාර එක්ක ඒකි කෑ ගැහුවා .....ඒකි ඇඩුවා .....දරු දුකට වැලහින්නක් උන ඒකි ඇඩුවා.....ඒකිගෙ දුක කිව්වා .......

මට බැරි උනා ......අනේ...මට දුවා ගන්ඩ බැරි උනා....මට..මගෙ දරුවගෙ අප්පච්ච ගාවට දුවා ගන්ඩ බැරි උනා....

මුන් මට වස පෙව්වා....මගෙ යටි බඩ හාරවගන දරු බොක්කට ලෝදිය හැලියක් වගෙ වස වැටෙනකොට අයියෝ...අගෙ නොදරුව යන්ඩ ගියා.....

මට අහන් ඉන්න බැරි උනා...ඒකිගෙ වේදනාව අහස පොලව පවා නූහුලනකොට ගුරා පුලුවන් තරම් මැතිරුවා........

මං වෙදනා වින්දා .....අයියෝ....යටි බඩම හාරවගන යනකොට  මං වේදනා වින්දා ....මගෙම්ස් උන් මට පරහට හිටියා දලදා හාන්දුරුවනේ.........

අයියෝ ....කකුල් මැදින මගෙ පුංචි එකා යන්ඩ යනකොට පොවඖ වහ වතුර පිට උගුරෙ ගියා ...ගිල්ලවපු ගැට අන්නාසි ගැට බඩම කොර කෙරුවා......

මං අත් දෙක අල්ලා වැන්දා....සාදූ....මගෙ අත් දෙක එකතු කරලා වැන්දා .....දලදා හාමුදුරුවනෙ.......මතු බුදුවන සුමන සමන් හාමුදුරුවනේ.......මං මගෙ එකාගෙ මුනක් නොදැක නමක් පවා හෙව්වා....අපෙ.....හාමුදුරුවනේ..........

මට අහන් ඉන්න බැරි උනා.....අනේ ඒකි දලදාවට වැන්දා.....ඒකි සමන්පුරේ පැත්තට හැරිලා වැන්දා.. . පුංචි එකාට නමක් පවා හෙව්වා කියලා  ඒකි වැන්දා....අප්පච්චිගෙ ඇස්වලින් පවා.කදුලු වැටෙනකොට වලව්වෙ උන් මුනුහංගන් උන්නා......ඒකි කෑ ගැහුවා...ඒකිව අමු අමුවෙම මරාගත්තා කියලා .........ඒකි දරු ගැබ හිස් උන බඩම මිරිකන් කෑ ගැහුවා.....නූතන පටාචාරාවක් ආයමත් බලෙන් ගෙන්නන් උන් වද දුන්නා.......

ගුරුලු රාජ මල පිපුනෙ නුඹට බලන්නට
සුළං ඇවිල්ලා මූනට කඩුල්ල ගාවට...
ඇස් ඇරපන් මයෙ අම්මා......
ඇස් ඇරපන් මයේ අම්මා......
දොලොස් මහෙ පහන තියේ සිරී පාදයට...නුඹයි....අපේ පහන් දැල්ල....අන්දකාරයට.....
(උපුටා ගත්තෙකි...)

මට ඉතුරු උනේ...එකම  දේ....ඒක වෙච්ච කොට උන් නම්බුව වෙනුවෙන් මගෙ දරු පැටියව අමු...අමුවේම....හෝදලා දැම්මා.....හාමුදුරුවනේ....මාව අමු අමූවෙම මරා ගත්තා හාමුදුරුවනේ.......මට සැනසීමක් දියල්ලා..........මට.....සැනසීමක්...දියල්ලා....මට සැනසීමක් දියල්ලා....

පොඩී බිම ඇකිලුනා.....ඒකි හූ තිබ්බා.....ඒකිගෙ මරනේ වේදානව ගැන කෑ ගැහුවා...දරු ගැබ හෝදන් යනකොට විදපු දුක වචන කෙරුවා .....වලව්වෙ පව් කාරයො මූනු හැංගුවා....ඒකි ඒකිට සදාරනයක් ඉල්ලනකොට අහස පොලව පවා කම්පා උනා............

උන් විදවන්න ඕනා අප්පච්චි ........

මම අප්පච්චිගෙ කන්වලට කොදුරනකොට අප්පච්චි පවා මගෙපැත්තට හිට ගත්තා .....

මට.....සදාරනක්..දීපල්ලා....මගෙ නොදරුවව මරාගත්තට....මාව මරා ගත්තට......සාදාරනයක් දීපල්ලා.............

මගෙ පුංචි එකා වෙනුවෙ....සාදාරනයක් දීපල්ල....ගගේ ගිල්ලවල මරපු එකී වෙනුවෙන් සාදාරනයක් දීපල්ලා......මගෙ ඇස් වල කදුලු වෙනුවෙන් සාදාරනයක් දීපල්ලා...දලදා හාමුදුරුවනේ....මං යන්නම්...මම යන්නම යන්නම්....මං...යන්....ම්...මගෙ වේදනාවට සහනයක්...දීපල්ලා...සාදූ.......

උන් මට හැම දේම නැති කෙරුවා...මට පිහිටට උන්න එකාවත් උන් පිස්සෙක් කෙරුවා....උගෙ ඔලුවත් උන් කෑවා....උගෙ ඇස් වලටත් උන් කදුලු පිරෙව්වා.....වස්වද්දන්න වත්...මට ඉඩ දීපන් සාදූ.....

ඒකි ඇකිලීගන අඩනවා...ඒකි මං ගැන පවා කිය කිය මං දිහා බලන් අඩනකොට මම ඒකි දිහා බලලා ඔලුව හෙල්ලුවා......

ඒකි පලි ගන්න අහනවා......

කුස ඇතුලෙ ඉද්දිම මරා මගෙ
දරුවාව...
කාගාවවත් තිබ්බෙ නෑ බිදක්
කරුනාව....
හැමදාම කිය කියා වලව්වෙ
වරුණාව
දරාගනු බැරි තැනයි පිලිගත්තෙ
මරුවාව.....

බලෙන් කට  මිරිකලා වස ගුලිය
පෙව්වාම
මගෙ දරුවා දිය උනේ තොපි
බලන් ඉද්දීම....
දැන් සමා ඉල්ලමින් දෙපය ළඟ
වැටුනාම
මගේ දරුවා රැක්කද තොපිට මං වැන්දාම....

මාසයක් ගෙවුනේ නෑ කුස ඇතුලෙ දරුවාට...
මොන හිතින් මැරුවාද මං වැරදි කෙරුවාට....
මගෙ පැටියා දියවෙලා යටින් ලේ ගැලුවාට....
අනේ තොපි දන්නෙ නෑ සාපවෙයි
මැරුවාට......

සුදු මල්ලියෙ එදා ඉල්ලුවට නුඹ
ගාව...
රැක ගන්න බැරි උනා ඒ උදේ උන්
ගාව....
දන්නවා උඹ හිතුවා රකින්නට මේ
මාව....
ඒත් පින තිබ්බෙ නෑ ඒ දවසෙ මං
ගාව....

තරහා නෑ මල්ලියෙ මේ ඩිංග
අහගනින්...
මගේ පලිය අරගන්න අනේ මට
ඉඩදියන්..
මං උඹව රකිනවා වලව්වෙන් දැන ගනින්...
ඉතින් පලිගන්න උඹෙ අවසරය
මට දියන්.....

(නෙතූ අමන්දා නංගා....අනේ ගොඩක්ම ගොඩක් ස්තූතියි මේ වචන වලට🥺🥺❤️❤️)

ඒකි අඩ අඩම අත් අල්ලලා වදිනකොට මම ලාවට ඔලුව වැනුවා...වනලා මම අප්පච්චි දිහා බැලුවා.....

අනේ පින්සිද්ද වෙයි....අප්පච්චි ...ඒකි ඉල්ලන්නෙ අම්මවද....ඒත් කමක් නෑ...දීලා දාන්න අප්පච්චි ...උන් අපිව කෑවා....උන් අපිහැමෝවම කෑව අප්පච්චි ...

අප්පච්චි මීක් නොහා බලන් උන්නා...අහන් උන්නා...ගුරා එකිගෙ ඔලුවට දෙහි පිට දෙහි කපනකොට ඒකි කටින් සෙම පෙරාගන.හූ තිබ්නා.....බෙර පදවලට ආවේසෙන් නටන්න ගත්තා ........මල කුන වටේ පවා නටන්න ගත්ත.........ජය සේනයට කොච්චර කන්නලව් කරත් පිල්ලිය කපලා තව එකක් යවාගන්න ජයසේනයා නැතිවෙනකොට උන් වෙන උන්ව ගෙන්නවන්න බැලුවත් මහසොහොන් සන්නියට පේ උන තොයිලයක් වෙන එකෙක් ගෙන්නවන්න කැප නැතිවෙනකොට උන් අවසානෙදි පුලුටු පිට පුලුටු පුච්චවලා පොල් පිට පොල් ගස්සවලා  කන්නලව්ව සම්පූරනම කනපිට කපන ගමන් රීරි යකාව ගෙන්නවන්න හැදුවා ....

ජයසේනයට නොඑන්න තව එකෙක් බැමිගහලා කිව්ව ගුරුන්වහන්සෙ සම්පූරනම පූජාව රීරියකාට දෙන්න පුලුවන් තරන් නැහෙනකොට ගෝලයො මිනි අලු ජප කර කර මහ පුලුට්ට වෙච්ච  ගොඩ දාපු මලකුනට රීරි යකාව අද්දවන්න හැදුවා ...

සුදූ අක්කව වැහුන පොඩී කොන්ඩෙ කඩාගන නටන්න ගන්නකොට ඒකිගෙ වාහෙලා දෙන්නා ගල්ගිලලා වගෙ බලන් උන්නා...කැරකොප්පුවෙ යකඩ  ගේට්ටු සට සට සට ගාලා එකට වදිනකොට මං බලාගන වස් වද්දව ගත්තු මැනිකෙලා තිස් තුන් කෝටිම වැද වැද බය වෙලා ඉන්නකොට  ගුරා පලවෙනි  හූව තියලා  හක් ගෙඩිය  පිඹිනකොට බෙර කාරයො නවත්තන් නැතුවම බෙර පැලුව...

පොඩී නටනවා...මල කුන වටේ නටනවා ........පිදේනි වටේ නටනවා හූ තියනවා...

ගුරා කෑ ගහනවා....කපුරු පෙති අවුල අවුල දුම්මල ගගහම පෙරේත තටු ගාව යාතිකා කර කර වලවේ උන්ව රකින්ඩ කියලා ඩ්ගෙහි ගෙඩි  හතක්...විසි එකක් කැපුවා ....අප්පච්චි ගෙ මගෙ දෙහි ඇරුනාම අනිත් උන්ගෙ දෙහි ගෙඩි ලේ පාටින් වතුරට වැටෙනකොට  හූ හතෙන් දෙවනි හූවත් තියපු ගුරුන් වහන්සෙ  පොඩීගෙ කෙස් වැටියෙන් අල්ලන් ඒකිගෙන් මොනවද ඕනේ අහනකොට  ඒකි හිනා උනා වගේම ගුරුන් වහන්සේ දිහා බලලා හිනා උනා........

උඹට කුකුලු බිල්ලක් දෙන්නම්....පලයන්....උඹව බෝතල් අස්සෙ හිරකරන්නෙත් නෑ....උඹට පුලුවන් ජය ශ්‍රී මහ බෝදියට යන්ඩ.....

මං ඉල්ලන දේ මට දීපිය බොල.......මං ඉල්ලන දේ මට දීපිය ........

තොට ඒක කිව්වනෙ සැරයක්....තෝ ඉල්ලන දේවල් දෙන්ඩ නෑ....මේන් ඉන්නවා කුකුල්ලු අරගන්.....

සුදු අක්කා ඉල්ලුවේම නර බිල්ලක් වෙනකොට ගුරා ඒකිට කුකුල් බිල්ල පංගරාත්තු කරනකොට රීරි යකාගෙ ආවේසෙන් ගෝලයා නටනකොට පන්දම් එලියට තව තව දුම්මල ගැහුවා වගේම මලකුනේ කිලිවලින් පිල්ලියක් මවන්න ගත්තා .....

ගහන දුම්මළ වාරයක් පාසාම ඇස් දෙක පවා අන්දවෙන්න වෙනකොට තොවිලෙ හොදම හරිය ලන් උනා වගේම අහස පොලව දෙදරවන් හෙන පුපුරනකොට සෙංකඩගලට නාය යන තරමට වැස්සක් ව්හින්න ගත්තා උනත් තොවිලෙ ඉවර වෙනකන් අපින්කාටත් හෙලවෙන්න බැරි උනේම රීරි යකා මහසොහොන් අවතාරෙට අන්ත වෙන හින්ද වෙනකොට නැට්‍ටුවො දුම්මල ගගහා නටාගන නටාගන යනකොට කපුවා ඇගේම වීරිය අරගන හක් ගෙඩිය හත් පාරම පිඹලා පිල්ලියක් මතු කරන් පන දුන්නා.....

ලේම ලේ පාට් නාග මාපිලෙක්.........

නාග මාපිලාට මතුරන මැතිරිලිවලට ඇග හිරි ගඩු පිපෙනකොට ඒකා මලකුනේ කටෙන් ඇතුලට ගිහින් කන් වලින් මතු උනා වගේම දොල පිදේනි වටේ හත් වතාවක් කැරකිලා යන්න ගියා........මහසොහොන් පිල්ලිය වෙනුවට රීරි යක් පිල්ල යවනකොට පුලුටු ගදින් මුලු වලව් වත්තම වැහිලා යනකොට පොඩීගෙ ඇගේ උන්න සුදූව අයින් කරන්න අතතන ගෙඩි අහුගෙඩි වගේම දෙහි ගෙඩි ජප කර කරම කපනකොට පොඩී හූ තිබ්බා...යන්ඩ බෑ කිව්වා..........එකිට කුකුලු බිල්ල මදි කියනකොට අත්තමලා හැංගුනා...උන්ට හැංගෙන්න පාරවල් නැතිවෙනකොට නාද්‍යා වගේම පොඩීගෙ අම්මා අනීතා පුවක් මල් වලින් ගුටි කාලා හොද සිහිය එනකොට බාගෙට මැරිලා උන්නා.......

තෝ මේන් මේ බිල්ල අරන් යනවද...නැද්ද.....

නෑ..අන් යන් නෑ....අන් යන් නෑ....මං මේකිව දාලා යන්නෙ නෑ බොල....මං...මේකිව දාලා යන් නෑ......

එහෙම නොගිහින් කොහොමද තෝ යන්ඩ ඕනා....තෝ නොගිහින් කොහොමද ....තොට දෙන්ඩ මෙහෙ මනුස්ස පරාන නෑ......

මට මේකිව අරන් යන්ඩ දීපිය.......මේකිව මට අරන් යන්ඩ දීපිය....

සුදූ වගේම රන් මලී දෙන්නා මාරුවෙන් මාරුවට     පොඩීව වහ ගන්නකොට ඒකි හූ තිබ්බා බිම පෙරලුනා...මූනට අල්ලලා ගහන දුම්මල පාර එක්ක උන් සෙන්කඩ ගලම  හොලවනකොට මහ වැස්සෙ අපි තෙමෙන්න බැරි කමට  වලව්වෙ අගු පිලට ගියා ....වලව්ව ඇතුල අකැපවෙනකොට වලව් අගුපිලේ උන්න අපි පොඩීගෙ කෙස් වැටියෙන් අල්ලන් මතුරන ගුර වගෙම ආවේශෙන් නටන ගෝලයා දිහා බලන් උන්න වගේම මහ වැස්සෙ උනත් උන්ගෙපන්දම පත්තු උනා .....උන්ගෙ දුම්මල ඇවිලුනා.....ගුරා ජප කර කරම හක් ගෙඩිය පිඹිනකොට අවසානෙදි කියලා...කියලා...මතුරලා...මතුරලා...මතුරලා.....සුදු අක්කා කුකුලු බිල්ල ගන්ඩ කැමති උනා.....

ගන් මෙතනින් කුකුලෙක්....තොට එකක් මදිනම්...දෙක තුනක්ම අරගන්....අරගන......තොගෙ බිල්ල අරන්....ලකුනක් දීගන පල....තේරුනාද තොට.....

එහෙමයි....එහෙමයි......

.ගන්...ගන්...එහෙනම්.....

පුවක්මල් වලින් ගහලා තියාන ගැහිලි වලට   කහ පාට පුවක් මල් කාලි හතර අත වෙනකොට වැස්සෙම නට නට උන්න පොඩී අවසානෙදි එතන උන්න ලොකුම.කුකුලව අල්ලගන්නකොට කුකුලා තටු ගගහා බෙරිහන් දුන්නා වගේම ඒකි  එක අතකින් උගෙ කකුල් වලින් උස්සන් බෙල්ල පහතට හිටින්න අල්ලන් අපි බලන් ඉන්නකොටම බෙල්ල හැපුවා වගේම බෙල්ල හපනකොට දැන්න වේදනාවට අර කුකුලා තටු ගැහුවා.....කුකුලා මරන වේදනාවත් එක්ක කෑගහනකොට පොඩීට වැහුන සුදු අක්කා ඒකිගෙ බිල්ල ගන්නකොට පොඩීගෙ කට දෙපැත්තෙන්කුකුලු ලේ වැක්කෙරෙනකොට ඒකි කුකුලව අල්ලා විසික්.කෙරුවා....බෙල්ල කඩාගත්තු කුකුලගෙ තටු දෙක දෙපාරක් ව්තර පන ගැහිලා ඌ මැරිලා යනකොට කපුවා ඒකීට දුම්මල ගැහුවා විතරයි ඒකි කෙලිම්ම වලව්වෙ අගුපිල දිහා බලනකොට මම එකී දිහා බලන් උන්නා......

සුදු....අක්කෙ......

මම එච්චරයි කිව්වෙ....

සු.....දූ.....මල්....ලී....

අනේ...මහ වැස්සෙ උනත් ඒකිගෙ කට හෙලවනවා මම දැක්කා වගේම කපුව සලකුනක් තියාගන යන්න කියල ගහපු දුම්මලත් එක්ක ඒකි කන් බීරි කරවන හූවක් තිබ්බ වගේම මහ සද්දෙන් කන පුපුරන හෙනයක් එක්ක යන්න ගියා........

සලාන්.............







එකි යන්න ගියා.........

එකි යන්න ගියා.............

නිකන් නෙවෙ......අගු පිලේ තිබුන වැහි පීල්ල කඩාගන.....ඒකිගෙ අම්මා....සුනීතා මැනිකෙගෙ බෙල්ල උගුරු දන්ඩෙම්ම  කපාගන ................



එකි ගත්තා....ඒකි ගත්තා ....ඒකි අවසානෙදි නරබිල්ල ගත්තා...........ගුරුන් වහන්සේගෙ පවා ඇස් වහපු ඒකි නරබිල්ල අරගත්තා .......පොඩීව මහ වැස්සෙම ඇදගන වැටුනා......

සුනීතා.......!!!!!




































Ferdeesha ❤️💚😘 .....

Continue Reading

You'll Also Like

29.9K 4.8K 33
"ඒ නූනා...මං කැමතී වන්ග් යීබොට...මට එයා ළඟ ඉන්න තිබුණනම්..."❤️😃 "පිස්සු නැතුව ඉන්නවා ශානයෝ..ජොබ් එකක් හොයාගන්න බලනවා...ඉගෙන ගනත් ජොබ් එකක් කරන්නෙ නෑ...
463K 88.8K 91
අග්නි.... නමට අග්නි...ඒ උනාට... මට දැනෙනවා වෙලාවකට මේ පපුවෙ සීතල.... අග්නි..... හිතුවෙ පිච්චෙන ගින්දර.... ඒත් ඇතුලෙ තිබුනෙම... උතුරන ආලය.... අග්නි...
86.9K 11.5K 42
Seokjinက ငါ့အိမ်ကကျွန်လေ... အိပ်စရာလူကုန်ရင်တောင် သူနဲ့တော့မအိပ်ဘူး၊ ကျွန်စော်နံလို့...[ABO/kookjin]
80.9K 20.1K 62
💚❤ පෙරවදන් කුමකටද...... පසු වදනින් මුණගැසෙන තුරු.......❤💚 🆃︎🅷︎🅴︎ 🅸︎🅽︎🅵︎🅸︎🅽︎🅸︎🆃︎🆈︎...........❤️‍🔥❤️‍🔥