Love In My Heart ( Complet...

By kidurangana

33.5K 6.2K 775

සත්තයි , වසන්තය නැවත ඔබ සොයා එනවාමයි. More

චරිත හැදින්වීම.
chapter 01
chapter 02
chapter 03
chapter 04
chapter 05
chapter 06
chapter 07
chapter 08
chapter 10
chapter 11
chapter 12
chapter 13
chapter 14
chapter 15
chapter 16
chapter 17
chapter 18
chapter 19
chapter 20
chapter 21
chapter 22
chapter 23 * ( bonus )
chapter 24
chapter 25
chapter 26
chapter 27
chapter 28
chapter 29
chapter 30
chapter 31
chapter 32
chapter 33
chapter 34
chapter 35
chapter 36
chapter 37
chapter 38
chapter 39
chapter 40
chapter 41
chapter 42
chapter 43
chapter 44
chapter 45
chapter 46
chapter 47
chapter 48
chapter 49
chapter 50

chapter 09

670 135 26
By kidurangana

මෙය මාගේ මනඃකල්පිතයක් පමණි. සැබෑ ජීවිතයේ අයවලුන් හා සම්බන්ධ කර නොගන්න.


ඇයි උඹ දන්නැද්ද බන් ඒක ප්‍රසිද්ධ රහසක් නෙ ... මූ චූටි කාලේ ... කවුද උගෙන් ඒක උදුරගෙන .... "

එයාල තුන්දෙනා කියවනව කියවනව ඉවරයක් නෑ . යාලුවෝ එහෙම වෙන්න ඇති කියල මට හිතුනෙ ඒ තුන්දෙනාම අතරම රහස් කියල දෙයක් නැහැයි කියලා මට මේ ටිකට තේරැන නිසා . ඒ අතින් සමහර බැදීම් මහ පුදුමයි. ලේ නෑකමක් නොතිබුණුනත් ඒ බැදීම් අතර ශක්‌තිමත් විශ්වාසයක් ගොඩනැගිල තියෙනව. මටත් යාලුවෙක් හිටියනම් ඒත් ඒකටත් මට වාසනාවක් නැති තරම්. අවංක යාලුවො ලබන්නත් පෙර පිනක් තියෙන්න ඕන කියනවනෙ. ඒ පින මට නෑ
එච්චරයි. මෙච්චර දේවල් හිත හිත හිටපු මම ආයෙමත් කල්පනා ලෝකෙන් මිදුනෙ ආයෙත් අර කචකචයට. බැල්කනි හොරාගෙ ෆස්ට් කිස් එක අරගත්තෙ කවුරු වෙන්න ඇති ද කියල මට එකපාරටම හිතුන. හේතුවක් තේරුම් ගන්න බැරි උනත් මට ඒගැන මහ අමුතු හැගීමක් දැනුන. ..............
*************************************


"උදුරගෙන, ඒ මොකක්ද බන් ඒ කුනුහරුපෙ . කිස් එකක් බලෙන් උදුර ගන්න පුළුවන් ද කියහන්කො ?"

"මොකද බන් බැරි ඔය යස අගේට කරල තියෙන්නෙ. ඔක්කොමත් හරි කියහන්කො මුගෙ කිස් එක උදුරන් තියෙන්නෙ කෙලිපැංචියක් නම් කමක් නෑ බන් . කොලු පැංචෙක් බන් ...හිහ් හිහ්..."

" දැං හිනා උනා ඇතිද උඹල දෙන්නට .... ඇත්තමයි ඔය හිච්චී කොල්ල අහු වුනොත් එහෙම මන් ඌට..."

" ඒ හීටපන්කො පොඩ්ඩක් ඔහොම. .... මම හිතන්නේ මුන්ගේ ඇල්බම් එකේ දැක්ක මන් ඔය පොටෝ එක"

" මොන ..... පොටෝ එකද බන්. .. "

" වෙන මොකද්ද බන් මුගේ කිස් එක උදුරා ගැනීමේ අග්‍රගන්‍ය අවස්ථාවේදී සිය මෑණියන් විසින් ගන්නා ලද ඡායාරූ සිතුවමක්... ඒ කොහෙද කියහන්කො ඇල්බම් එක ආ..... "

"උඹලත් යාලුවො ද බන් ඈ නොදකින් ඇත්තමයි... මන් දන්නෑ ඔය නල්ලමලේ ඇල්බම් එක..."

" හරි .... උඹ කියන්න ඕන් නෑ මන් ආන්ටි සුදූගෙන් අහන්නම් කෝ ..... ඉවරනෙ කතාව. ... ආන්ටි. ......."

බ්ලැක් ටීෂර්ට් එකක් ඇදගෙන හිටපු ඒ කොල්ල මාලිනී ආන්ටි ට කෑ ගහගෙන කිචන් එක පැත්තට ගියා.. ටික වෙලාවකින් ආයෙමත් ඇවිත් හිටිය තැනින්ම ඉදගත්ත මන් බලාන. ආන්ටි පහල තියෙන රෑම් එකකට ගිහින් ලොකු ඇල්බම් එකක් අරන් ඇවිත් අර කොල්ලට දුන්නා. එයාල ඒක පෙරල පෙරලා මොනා ද හෙව්වා. ඒ අර කිව්ව පොටෝ එක .

" හම්බුනා ........ මේ .. තියෙන්නේ බඩු...... හා .....හා... ඒ ජනිය වරෙන්කො.... මේ ..."

"ඒ මොනව උනත් මේ පුංචි කොල්ල ලස්සනයි බන්. ...... හරියට නිකන් බෝනික්කෙක් වගේ. .... මූට හම්බෙන කෙල්ල නම් මාරම ලකී ආ....... "


"ඒකනම් ඇත්ත තමයි බන්. ...... ඒ පුන්චි එකා උඹලගේ නෑයොද බන්. .... "

"උඹට පිස්සු ද ..... මතක හැටියට මට එතකොට අවුරුදු නමයක් විතර ඇති. අපෙ ඩැඩීගෙ කොලේජ් යන කාලේ බෙස්ට බන් ..... ඒ අංකල් එයාගෙ වයිෆුයි දරැවයි එක්ක දවසක් මෙහෙ ලන්ච් එකට ඇවිත් ගියා. එදා ආපු දවසෙ තමා ඕක වුනේ. ... දැංවත් දිය මෙහාට ඔය පොටෝ එක. ......."

බැල්කනි හොරා ඒ පොටෝ එක ඇදල අරන් ආයෙමත් ඇල්බම් එකටම එබුව. ටිකකින් මාලිනී ආන්ටි එයාලට ගෙනත් දුන්න තේකත් බීල මාලිනී ආන්ටිත් එක්කම එයාල තුන්දෙනත් එලියට ගියා.... මගෙ හිතනම් තාමත් නැවතිලා තිබ්බේ ටේබල් එක උඩ තියෙන ඇල්බම් එකගාව වෙනකොට මටත් කලින් මගෙ කකුල් දෙක ඉස්සර වුණා.

දෙපාරක් නොහිතාම ඇල්බම් එක අතට ගත්ත මම එක තැනකදි සීතල වෙලා ගියා. ඒ බැල්කනි හොරාගෙ ඒ පොටෝ එක ලගදි . ඒකෙ හිටියෙ වෙන කවුරුවත් නෙමේ මේ මම ... ඇත්තටම මගෙ කකුල් දෙකත් පණ නැති වුනා මම බැල්කනි හොරාට කිස් එකක් දෙන ඒ පොටෝ එක දැක්කම .. ඒ බැල්කනි හොරාම වුනේ මොන එහෙකට මන්ද .. ඔය දේ වෙද්දි මට හරියටම අවුරුදු හයයි . ඒක වුනේ සුරේන් අංකල් හින්දා. . එදා අපි සුරේන් අංකල්ගේ ගෙදර ලන්ච් එක අරන් යන්න යද්දී එයාල පේන්න හිටියෙ නෑ ඉතින් අප්පච්චි මට කීවා ගිහින් එක්ක එන්න කියලා. එයාල පේන්න හිටියෙ නැති හින්දා මම ඒ දෙන්න ඉන්න රෑම් එකටත් ඔලුව දැම්ම. ඇත්තට මන් දැක්කෙ සුරේන් අංකල් මාලිනී ආන්ටිට ලිප්ස් කිස් එකක් දෙනව . ඒත් ඒක පුංචි මට කොහොමවත් තේරුම් ගන්න බැරි වුනා . අංකල් මට කීවේ මාලිනී ආන්ටි එයාට ගිෆ්ට් එකක් දුන්න නිසා එයා තෑන්ක්ස් කරා කියල . ඉතින් මම හිතුවා කෙනෙක්ට තෑන්ක්ස් කරන්නේ එහෙමයි කියල. ඉතින් බැල්කනි හොරා එදා මට යන්න කලින් සෙල්ලම් කා එකක් ගිෆ්ට් එකක් හැටියට දුන්න නිසා අප්පච්චි කීව එයාට තෑන්ක්ස් කරන්න කියලා . මම ... මොනා කරන්නද මම ඉතින් සුරේන් අංකල්ගේ සිස්ටම් එකටම තෑන්ක්ස් කරා ..... මට මතකයි එදා හැමෝම මට හිනා වෙන්න ගත්තම මම අම්මාගෙ ඇගේ මූණ හන්ගගත්ත. මෙච්චර දවසක් මට ඒ දේ මතක් වුනේම නෑ එකඅතකින් මගෙ ජීවිතේ ඒ දේවල් වලට වඩා මතකෙ රැදුනෙ අහිමි වීම් විතරමයි. අනික අවුරුදු හයක පුන්චි එකෙක් වුණු මට කොහොම තේරුම් යන්නද ඔය වගේ දෙයක් . අතේ තිබ්බ පොටෝ එක ඇල්බම් එකට ඔබපු මම ආයෙමත් ඒක තිබුන විදිහටම තිබ්බ. මෙතනට එද්දි නොතිබුණු වතුර තිහබහක් මට ආව නිසා මම කිචන් එකට යන්න ගියේ වතුර ටිකක් බොන්න හිතාන . ඒත් කිචන් එකෙන් ඇහුනු දෙයක් නිසා මට උන් හිටි තැනුත් අමතක වුනා. ............




😊 ලමායි. ... හදිසියට ලීවෙ කැතද මන්ද ...

😁 ඔයාලගෙන් මම මේ සීරියස් අහන්නෙ කතාව බෝරින් නෑනේ ද . ලමායි .....

😊 සරි ..සරි කස්ටියටම G .N ...


මම

Kidu....

Continue Reading

You'll Also Like

1.4M 59.4K 106
Maddison Sloan starts her residency at Seattle Grace Hospital and runs into old faces and new friends. "Ugh, men are idiots." OC x OC
48.6K 8K 45
සිත අතරමං වෙලා රුදුරු ගිම්හානයේ..වැහි වළාකුළක් නෑ පෙනෙන තෙක්මානයේ..." ❤️🐰 බනී ට, තමන් දුටු මොහොතේ පටන් හිතින් ආදරේ කරපු,තමන්ගෙ කරගන්න බැරි උණත...
673K 33.8K 61
A Story of a cute naughty prince who called himself Mr Taetae got Married to a Handsome yet Cold King Jeon Jungkook. The Union of Two totally differe...
226M 6.9M 92
When billionaire bad boy Eros meets shy, nerdy Jade, he doesn't recognize her from his past. Will they be able to look past their secrets and fall in...