තම ගතින් නැගෙන වේදනාවත් සිතින් නැගෙන අවිනිශ්චිත භිතීයත් ගාරම්ව වෙලාගත්තද හනුල් නිසාවෙන් ඇය ඒ සියල්ල ඉවසා දරාගත්තා.
හනුල්ගේ පුංචි කුස පිරවීමට.. ඇයව උණුසුමින් තබාගැන්මට.. නිරෝගි ලෙසින් ඇය සිනාසෙනවා දැකීමට ගාරම් ප්‍රිය කලේ හනුල්ගේ උපතේ සිටමයි.
ඉදින් ගාරම් තමා ව අත්හැර ඇය උදෙසා ජීවත් උනා. දිවියේ කිසිකලක ඈ විසින් සිදු නොකල දෑ ඇය සිදු කලා.
මැඳුරක සේවිකාවක් ලෙස... සේද සෝදන්නියක් ලෙස.. වෙළඳපලට කුඩා දේ සපයන්නියක් ලෙස.. ඇය කාසි ඉපයීමට වෙහෙසුනා.
ලැබුන එකම අහරින් හනුල්ගේ කුසගින්න නිවා දමා ඇය අහර නොමැතිව දිනගණන් දිය පමණක් පානය කොට ජීවත් වීමට පුරැදු උනා.
ඒ සියල්ලම ඇය වෙතට කිසිඳු පැකිලීමකින් තොරව සිදු කල හැකි කාරින් වුනා. තම ප්‍රේමය දරාසිටියා මෙන්ම ප්‍රේමය නිසා ඈ වෙතට පැමිණි පුංචි දියණිය උදෙසා අහස් කුසක් අල්වා බැඳ තබාගැනීමට තරම් ධාරක ස්නේහයක් ගාරම් තුළ පිරි තිබුනා.
නගර ප්‍රධානිගේ නිවසේ සේද රෙදි ගොන්න හැකි ඉක්මනින් සෝදා දැමු ගාරම් ඒවා නැවතත් බාරදීමට ගියේ හනුල් උදෙසා අහරක් කලින්ම ලබාගැනිමේ අධිඨනින්.
සේද බාරදී නැවත පැමිණෙන විට නගර ප්‍රධානිගේ මැඳුරේදි ගාරම් නෙත ගැටුනේ කිසිවිටකත් හමුවක් නොපැතු අයෙක් උනා.
ගාරම් දෙස සියුම් ලෙස නිරික්ෂණය කෙරැ ආරක්ෂක ආමාත්‍ය අවඥා සහගත සිනාවකින් ඇය දෙස බැලුවා.
ඔහුගේ සිනහව නිසා ගාරම්ගේ හද භිතියෙන් තැතිගත්තා. ඇය හැකි ඉක්මනින් මැඳුරින් ඉවතට පා තබමින් ඇවිද ගියා.
" සෙබලුනි..... අර අසිලාචාර නීච ගැහැණිය අල්වා ගනු...... ඇයයි.. පලාගිය රාජකීය අභිසාරිකාව..ගාරම්..! "
ගාරම් සිටියේ හැල්මේ දිව යන ගමන්. ඇගේ හද ගොදුරක් වුන මුව දෙනක් ලෙසින් ගැහෙන්නට වුනා. ඇය කිසිවිටෙකත් තම කුඩා නිවස්නය දෙසට පා නොතැබුවා. සෙබලුන් මඟ හරිමින් ඇය වනය වෙතට දිව ගියා.
බොහෝ සෙයින් දුර්වල ගතින් යුතුව වුවත් ගාරම් තම වෙර යොදා සෙබලුන්ගෙන් ඈතට ඇවිද ගියා.
නමුත් එකවරම ගාරම්ව විසල් නුග රැක් සෙවණක් වෙතට ඇඳි ගියා. භිතියෙන් තැතිගැන්වුන ගාරම් ඒ ස්පර්ශයෙන් මිදිමට වෙරදැරැවා.
කොතරම් වෙර දරමින් ඇය අල්වා ගත් තැනැත්තාගෙන් මිදිමට හැදුවත් ගාරම්ව සුපුරැදු උණුසුම් පපුතලයක් වෙතට තරයේම සිරවුනා.
වේගයෙන් ගැහෙන හුරැපුරැදු හදගැස්ම ගාරම්ගේ වේගවත් සුසුමත්.. දැඟලිල්ලත් නවතාලීමට සමත් උනා.
මොහොතක් එම හද ගැස්මට සවන් දුන් ගාරම් ඒ උණුසුමෙන් නොමිදිම තම විඩාබර පළිඟු දෑස් දල්වා ඔහුගේ දෑස් දෙස බැලුවා.
කාලයට ගලායාමට ඉඩදුන් ඔවුන් නිහඬවම එකිනෙකාගේ වේදනාවෙන් බර ව තිබුන දෑස් දෙසම බලාසිටියා.
එකඳු වදනක් හෝ නැගිමට දෙදෙනාගෙන් එක් අයකු හෝ සමත් නොවුවා. වේගවත් හදගැස්මන් එකම රිද්මයකට වැයෙන්නට පටන් ගත්තා.
වසර ගණනාවක ඈතක සුපුරැදු විලසින්ම ඒ හදවත් එකම තනුවකට වැයුනා.
ඒ මියැඳුණු හදවත්වල ප්‍රේමය සියල්ල අත්හැර හඬාවැටුනා.
ඔවුන්ගේ දෑස්වල තිබුන වේදනාවන් දිස්නලන්නට පටන් ගත්තා.
" මගේ....ගාරම්........."
සොක්ජීන්ගේ හඬ සවන් වැකෙනවාත් සමඟම ගාරම්ගේ පළිඟු දෑස්වලින් නොනවත්වාම කඳුලු වැටෙන්නට පටන් ගත්තා.
සොක්ජීන්ගේ ගැඹුරැ දෑස්වල සිරවුන කඳුලු බිඳු එකින් එක සෙමින් නිදහස් වීමට පටන් ගත් කල්හිම සොක්ජීන් තරයේම ගාරම් ව වැළඳගත්තා.
පැවසීමට දහසක් දේ තිබුනත් ඔවුන් එලෙසින්ම ඒ උණුසුමට නතු වි සිටියා. නමුත් හදිසියේ ඈතකින් ඇසුන පා ශබ්දය නිසා ගාරම් එකවරම සොක්ජීන්ගෙන් ඉවතට වුනා.
" සො.....සොක්ජීන්.....! අප පලා යා යුතු..යි...ඇ...ඇය....ඇය... බේරාගත යුතුයි.....!! සොක්ජීන්... මා... අප... අප...ඇය...... "
" නිසැකයෙන්ම... පැමිණෙන්න.. මෙදෙසින්.....අප...... "
" සොක්ජින්.........!!!!!!
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
ඇය ව බේරාගත යුතුයි.......! "
සොක්ජීන් ගාරම්ගේ දෑත තරයේ අල්වාගෙන යාමට සැරසුනත් ගාරම් ඔහුගේ අත ගසා දමා උස් හඬින් ඔහුව ඇමතුවා.
" කවරෙක් ද.......? "
" මගේ...පුංචි හනුල්....... නොමැත... අපගේ පුංචි හනුල්.... අප...ගේ.. දියණිය..... ඇය ඇය... තනිව..යි.. "
" කු....ම...ක්...ද......? දිය...ණිය... ක්... අපගේ..... මගේ දියණිය.....!! "
සොක්ජීන් තරයේ ගාරම්ගේ උරහිස් අල්වාගෙන ඇගේ පළිඟු දෑස්වලට නැඹුරැ වුන විට ගාරම් කඳුලු අතරින්ම තම හිස සැලුවා.
" කොහි...ද....ඈ....ඇය.. කොයිබද..? "
සොක්ජීන් නොසන්සුන් ලෙස ගැහෙන හදිනුත් වේගවත් සුසුම්වලිනුත් විමසන විටම සෙබළුන්ගේ කෑ ගැසීමක් හොදින් ම ඇසුනා.
" අර... පෙදිසින්.......... !!! "
සෙබලුන්ගේ හඬින් පියවි සිහියට පැමිණි ගාරම් සොක්ජීන්ගේ දෑත් අතැර ඔහු වෙතට හැරැනා.
" කරැණාකර සොක්ජීන්.... අපගේ හනුල්ව ඔවුන්ට ප්‍රථම සොයාගන්න... "
" ඉදින් අප දෙදෙනාම පිටව යමු.. ඉක්මනින් මේ දෙසින්...... "
" සොක්ජීන්........ ඔබ දන්නවා... හොඳින්ම සෙබලුන් ආසන්නයේම වග.. අප දෙදෙනාටම එක්ව යා නොහැකි... මා වෙනතකට යන්නම්..... ඔබ... මේ වනයේ නදිය ඔස්සේ... ගොස් නදි නිම්නයට එපිටින් වන තැනිතලාව වෙත යන්න... කුඩා පැල්පතක්...එය... හනුල්.. එහි ඉදිවි..... ඉක්මනින් ඇය රැගෙන පැමිණෙන්න... ගල් පර ඇති වෙරළ කෙළවරෙදි හමුවෙමු....... "
" ගාරම්...........අප........"
" සොක්ජීන්.......!!!! ඇය දියණියක්..... !!! වැරදීකමකින් හෝ ඈ අල්වා ගත්හොත්.. ඇයත්...... මා මෙන්ම.......කරැණාකර.. මා අයදිනවා..... ස්වාමිනි.... කරැණාකර.. මා වෙනුවෙන්... අපගේ ප්‍රේමය උදෙසා... ඇය මුදාගන්න......"
" අහ්... හොදයි..... මා.. පිටවන්නම්.. නිසැකයෙන්ම ගල් පර වෙරළ කෙළවරදි එසේනම්....... යළි හමුවෙමු....අප..."
සොක්ජීන් හා ගාරම් ප්‍රතිවිරුද්ධ දෙදිසාවකට යාමට තිරණය කලා. නමුත් පෙරකදි දැනුන හැඟිම නැවතත් සොක්ජීන් ව වෙලාගත් වනම ඔහු පෙරළා ගාරම්ව වැළඳගත්තා.
" පෙර දැනුන හැඟිම මා පණපිටින් ම දවාලනවා...ගාරම්........! "
" සිය..ල්ලක්ම... නිසි පිරිදි විසදේවි සොක්ජීන්... ! "
සොක්ජීන් ගාරම්ගේ දෙතොල් අල්වාගෙන මොහොතක් සිටියා. ඇගේ දහඩියෙන් තෙත් වුන විඩාබර වත පුරා සොක්ජීන් හාදු තැවරැවා.
හැකි ඉක්මනින් යළි හමුවන බලාපොරොත්තුවෙන් ඔවුන් දෙදිසාවන් වෙතට ඇඳි ගියා.
______________________________________