Love In My Heart ( Complet...

kidurangana

33.3K 6.2K 775

සත්තයි , වසන්තය නැවත ඔබ සොයා එනවාමයි. Еще

චරිත හැදින්වීම.
chapter 01
chapter 02
chapter 03
chapter 05
chapter 06
chapter 07
chapter 08
chapter 09
chapter 10
chapter 11
chapter 12
chapter 13
chapter 14
chapter 15
chapter 16
chapter 17
chapter 18
chapter 19
chapter 20
chapter 21
chapter 22
chapter 23 * ( bonus )
chapter 24
chapter 25
chapter 26
chapter 27
chapter 28
chapter 29
chapter 30
chapter 31
chapter 32
chapter 33
chapter 34
chapter 35
chapter 36
chapter 37
chapter 38
chapter 39
chapter 40
chapter 41
chapter 42
chapter 43
chapter 44
chapter 45
chapter 46
chapter 47
chapter 48
chapter 49
chapter 50

chapter 04

766 138 13
kidurangana

මෙය මාගේ මනඃකල්පිතයක් පමණි. සැබෑ ජීවිතයේ අයවලුන් හා සම්බන්ධ කර නොගන්න.

මෙච්චර රෑ වෙලා කව්ද . සිකියුරිටි එකෙන් ඉන්න නිසා කාටවත් එන්න බෑනෙ. අනික එහෙම ආවත් බැල්කනි එකෙන් එයිද . සද්දෙ අනුව නම් සතෙක් වෙන්න බෑ. බැල්කනි එක ලග තිබුණු ජනේලෙ මම වැහුවෙත් නෑ. හො.....රෙක් ...... හොරෙක්වත්ද. මට එහෙම හිතුන . මට බයක් දැනුනෙම නෑ මොකද මගෙ රත්තරන් ආච්චි අම්ම මගේ ආරක්ෂාව සලස ගන්න මාව පුරැදු කරා. මාෂල්ලෝ සටන් කලාව මම අවුරුදු දහයෙ ඉදලම වගේ පුරැදු වුන. ඒ ආච්චි අම්මගෙ කීමට. මාෂල් ආට් ප්‍රගුණ කරපු ගුරුවරයකු තරමට නැතත් මාත් එක්ක ෆයිට් එකට එන දහ දොලොස් දෙනෙක් බිමට දාන්න පුළුවන් හැකියාව මට තිබුණා. එන එකාට හොද ගේමක් දෙන්න බලාගෙන මම ජනේලෙ වම් සයිඩ් එකට වුනෙ බෙඩ්ෂීට් එකත් අතට අරගෙන. .........

*************************************


මම හිතුවා වගේම බලාගෙන ඉද්දිම ජනේලෙ පියන් හීමීට ඇරැණ. ඒත් එක්කම වටේටම තිබුණු ලයිට් නිවිල ගියේ කරන්ට් එක ගිය නිසා. මේකත් හොරාගෙම වැඩක්වත්ද .මොනා උනත් අතක් පයක් කැඩෙන්න තරම් දරැණුවට නොගහ ඉන්න මම තිරණය කරා.

හොරා ජනේලෙන් ඇතුලට පැන්න විදියට නම් මට හිතුනෙම මූ පලපුරුදු හොරෙක් කියල. උගෙ ඔලුවට මම බෙඩ්ෂීට් එක දාල වැහුව. පස්සෙ උගේ වම් කම්මුලට අත මිටි මොලවල පාරක් දුන්න. තවත් පාරක් දණහිසෙන් බඩට එල්ල කරා.

" ආහ්.........ආහ් ........මා.......ව..... අතා.....රිනව ....... තමුසෙ කවුද ඕයි... මට ගහන්න. මෙහෙම.... අල්ලන්න. මෝඩ මීහරක ....... ආහ්........ආහ්........හ"

" තමුන් හොරකමේ ඇවිත් තව කෑගහන්නත් එනවද . ලැජ්ජා නැද්ද තමුන්ට ඇත්තටම හොරකම් කරන්න. ආ.....තමුසෙ හොරකම් කරන්න හේතුව කියනව බලන්න. "

ඒ මනුස්සයා මොකුත්ම කීවෙ නැති කොට මම තවත් තද කරල අල්ල ගත්තෙ සුරේන් අංකල්ගේ නම කියල කෑ ගහන ගමනුයි.

"සුරේ......න් අංකල්...... අංකල්. ....... ඉක්මනටම එන්නෝ........ හොරෙක්.......ගෙදරට පැනලා. ......."

ඒත් එක්කම හොරා මටත් වඩා හයියෙන් කෑගහන්න ගත්ත.
"ඩැඩී .......මාව .....බේරගන්නකෝ...ඩැඩී .........මූ මට....ගහනවා..........මමී .........එන්න කෝ.....ආහ්.."

ඇත්තටම මට හිතාගන්න බැරි වුණා හොරා එයාගෙ අම්මටයි තාත්තාටයි උදව් ඉල්ලලා කෑ ගහපුවම . මේ මනුස්සයගෙ අම්මයි තාත්තයි කොහෙද මෙහෙ. .. මගෙ සද්දෙටද හොරාගෙ කෑගැහිල්ලටද මන්ද ආන්ටි අන්කලුයි නෙතූෂා අක්කයි තුන්දෙනාම දුවෙගන ආවෙ කෙලින්ම මගෙ කාමෙර්ට. අදුරට තිබුණු රෑම් එක වටේ ගිය අංකල්ගේ අතේ තිබුණු ටෝච් එකේ ලයිට් එක නතර වුනේ වැටිල හිටිය මනුස්සය ලගින්.

"පුතා. ........මොකද. ..වුනේ.........."

"අංකල් මේ මනුස්සයා මගෙ රෑම් එකේ ජනේලෙන් ඇතුලට පැන්න. "

" ඩැඩී.. ..........."

"සුරේ. ....... සුදු පුතා....... මොකද මේ....."

ඇන්ටි හොරාගෙ ඔලුව වහල තිබ්බ බෙඩ්ෂීට් එක අයින් කරලා ඒ මනුස්සයා තුරැල් කරගත්තෙ සුදු පුතා. ....කියන ගමන්. කලුවර නිසා තාම මම ඒ මනුස්සයාගෙ මුණවත් දැකකෙ නැතිවෙනකොට වුනු දේවත් නොතේරුණු මන් හෙමීට නෙතූ අක්කගෙ පිටිපස්සට ගිහින් කනට කරල ඒ කවුද ඇහුවා. ඇත්තටම නෙතූ අක්කා කිව්ව දේට මම ගැස්සුන කීවොත් හරි.ඊටත් වඩා මට මහ වරදකාරී හැගීමක් දැනුන. මම ගහල තියෙන්නෙ සුරේන් අංකල්ගේ පුතාට.

" බලන්නකෝ. ..... මමී කවුද මන්ද ගොන් හරකෙක් මට ගැහුව... ඌට මම ......"

කේන්තියෙන් පුපුර පුපුර හිටිය ඒ කොල්ල නැගිටල මගෙ පැත්තට එද්දිම අංකල් ඉස්සර උනා.

" පුතා. ......නවත්තනව ........ ඕක........තමුන් හෙට උදේම breakfast එක ගන්න කලින් මාව ඇවිත් හම්බෙන්ඩ ඕන තේරැණද? "

සුරේන් අංකල් ඒක කේන්තියෙන් කිව්වෙ ඒ කොල්ල දිහාට ඇගිල්ලකුත් දික්කරන ගමන්. කලුවරේ හිටියත් මම ඒක හොදටම දැක්ක.

" එන්න මාලිනී. ...අපි යමු ......"

අංකල්ගෙ පුතාට ගැහුව එකට අඩුම තරමෙ මට බනී කියල හිතුවත් ඒක එහෙම වුනේ නෑ. මං දිහා නිකමටවත් නොබලපු අංකල් ආන්ටිත් එක්ක එයාලගෙ රෑම් එකට ගියේ මාව තවත් පුදුම කරල. ඒත් අර කොල්ලවත් නෙතූෂා අක්කවත් මගෙ රෑම් එකෙන් එලියට ගියෙ නෑ.

" මල්ලි ...........තමුසෙට හොද වැඩේ ....තමුසෙ ඉතින් පණ්ඩිතයනෙ..... එපා කිව්ව දේ කරනව ..... "

"අක්කේ මූ කවුද?....."

"ඩැඩීගෙ යාලුවෙක්ගෙ පුතෙක් . ඇයි දැන්. ... .. ඒ ලමය ඔයාට හිතල ගැහුවෙ නෑනෙ. මෙන්න මේ එනව යන්න නිදාගන්න.

නෙතූ අක්ක අර කොල්ලගෙ අතින් ඇදගෙන යන්න හැදුවත් අඩියක් දෙකක් ගිහින් මම ඉන්න පැත්තට ආපහු හැරිල මගෙ ගවට ආව.

"තමුසෙ ගැන හෙට උදේට බලා ගන්නම්කො"

එහෙම කියල ඒ මනුස්සයා යන්න ගියා. ජනේලෙ වගේම දොරත් ලොක් කරල ඇවිත් මම නිදා ගන්න කියලා ඇදේ පෙරලුනත් නින්ද නම් මගෙ අහලකවත් තිබුනෙ නෑ. ඇත්තටම මගෙ අතින් වුනෙ වරදක් ඒත් මම ඒක හිතල කලේ නෑනෙ .අනික ජනේලෙකින් අර විදිහට ආවම ඕන කෙනෙක් හිතන්නේ හොරෙක් කියල තමයි. මට ආයෙමත් හිතුන ආච්චි අම්මයි අප්පච්චියි අම්මයි ගිය තැනට මාවත් අරන් ගියානම් කියල . මට පාලුයි ඔයාල නැතිව. අඩුම ගානේ හීනෙන් හරි ඇවිත් යන්න. මන් බලාගෙන ඉන්නවා.

*************************************

ඊයෙ රෑ මට කොයිවෙලේ නින්ද ගියාද කියල මතක නෑ . මම හිතුව විදිහට එයාල මාව හීනෙන්වත් බලන්න ආවෙ නෑ. මම වොෂ් එකක් දාගෙන පහලට යද්දී මග නැවතුනෙ කාටද බනින සද්දෙට. ඔව් අංකල් කාටදෝ බනිනවා . තවත් කටහඩක් මට ඒත් එක්කම ඇහුන . ඒ බැල්කනි හොරා වෙන්ඩ ඇති ෂුවර් එකටම. මට එයාලව වගේම එයාලට මාවත් මෙතෙන්ට පේන්නෙ නැති හින්දා මම එහෙමම හිටිය.

"ඊයෙ campus එකේ lectures ඉවර වෙලා කොහෙද තමුන් ගියෙ? "

"ඩැඩී. .......ඒක......මේ මම birthday party එකකට ගියේ.

" ඇයි එහෙනම් අම්මටවත් මටවත් නොකීවෙ . අනික තමුන්ට මම කීසැරයක් කියල තියෙනවද ඒ රෑම් එකේ බැල්කනි එකෙන් පනින්න එපා කියලා. ඇයි පුතා. ....ඔයා අපි කියන එක අහන්නැත්තෙ..."

" I m sorry daddy .ඇත්තටම මගෙ ෆෝන් එකේ බැට්රි ලෝ වෙලා තිබුනෙ . අරැන් දෙන්නගෙ එකෙනුත් ගන්න අමතක වුනානෙ. "

"..ඒත් ඩැඩී අරෑට කොහෙන් ද මට ගහන්න අයිතියක් . කවුද ඩැඩී ඇත්තටම ඒ...."

" මගෙ යාලුවෙක්ගෙ පුතෙක්. ....පුතා.....ඒ ලමයට එහෙම මොකුත්ම කරල අහුවෙනව නෙමෙයි. තේරැණාද? "

අංකල් කිව්ව ඒ කතාව නිසා මම බයනැතුව පහලට බැස්සත් මම හිතුවෙම මට බනී කියල. මං අංකල් ලගට ගියේ බිම බලාගෙන මොකද ඊයෙ උන වැඩේ නිසාමට එයාට මූණ දෙන්න බැරිගතියක් දැනුන. මොනව උනත් මම ගැහුවෙ එයාගෙ පුතාටනෙ.

" මොකද. .....පුතා බිම බලාගෙන. ...."

" Sorry අංකල් ඊයේ රෑ උන දේට ... මම හිතුවෙ හොරෙක් කියල. ..."

" ඈ ..... ඕයි .......තමුසෙට මාව පේන්නෙ හොරෙක් වගේද "

බිමට බරකරන් හිටපු මගෙ ඇස් දෙක උස්සල මම බැලුවෙ ඒක කියපු කෙනා දිහා. . පලවෙනි සැරේට මාව දැක්ක ඒ ඇස් දෙක ගැස්සුන . ....


    
😊ඔන්න එයාල මුණගැස්සුව ලමායි ... විදිය නම් හොදද මන්ද. අවුලක්ම නෑනෙ. ...

😀 ආ.... අකුරැ අඩුපාඩු තිබ්බොත් ගණන් ගන්න එපා හොදේ.
      
   😇   එහෙනම් හැමෝටම G.N  😴 sweet dreams.

    

     මම ,
Kidu

Продолжить чтение

Вам также понравится

48K 7.9K 45
සිත අතරමං වෙලා රුදුරු ගිම්හානයේ..වැහි වළාකුළක් නෑ පෙනෙන තෙක්මානයේ..." ❤️🐰 බනී ට, තමන් දුටු මොහොතේ පටන් හිතින් ආදරේ කරපු,තමන්ගෙ කරගන්න බැරි උණත...
923K 21.2K 49
In wich a one night stand turns out to be a lot more than that.
20.5M 760K 89
When she was 14, Dalia was sold to Matteo Martinelli, the former leader of the largest Italian mafia. Flash forward with his son, Vittore Martinelli...
759K 28K 103
The story is about the little girl who has 7 older brothers, honestly, 7 overprotective brothers!! It's a series by the way!!! 😂💜 my first fanfic...