මෙය මාගේ මනඃකල්පිතයක් පමණි. සැබෑ ජීවිතයේ අයවලුන් හා සම්බන්ධ කර නොගන්න.
**********************************
මම ඇස් අරිද්දී මගෙ ළඟ හිටියෙ ටික වෙලාවකට කළින් ඩොක්ටර් එක්ක කතා කර කර හිටිය ඒ මනුස්සයා. ඒ මනුස්සයා මගෙ දිහා බලන් හිටියෙ මාව හුඟ කාලයක ඉදන්ම අදුනනව වගේ .ඒත්
මට ඕන වුනේ ආච්චි අම්ම බලන්න.
"එයා .....එයා එතන නෑ........".මම මටම කියා ගත්තෙ මම යනකොටත් ආච්චි අම්මගෙ බොඩි එක එතන නොතිබුණු නිසා. ඇස් වල කදුළු ආයෙ අයෙමත් අලුත් වෙනකොට මම පිස්සෙක් වගේ මෝචරි එකට දුවන්න හදනකොට මගේ අත දරදඬු අතකට හිරවුණා.
"පුතා. .......පුතා හොදින් ද? "
ඒ කටහඩ කරැණාබරයි. හරියට මගෙ ආච්චි අම්මගෙ වගේ. ඒත් මං හරියට නන්නාඳුනන මේ පුද්ගලයා කවුද. මම ඒ මූණ දිහා බැලුවෙ ප්‍රශ්නාර්ථ බැල්මකින්.
"පුතා. ......මැණිකේ අම්මගෙ බොඩි එක මම මල් ශාලාවට යැවූව . හෙට හවසට බොඩි එක ගෙනෙයි. පුතා. ...ඔය විදියට ඉන්නව දැක්කොත් ආච්චි අම්ම සතුටු වෙයි කියලා හිතනවද. අපිව දාල ගිය කෙනෙක්ට ආයෙ එන්න බැරි වුනත් අපිට එයාට සැනසීමක් උදාකරන්න පුළුවන් නේද. "
"ඔයා .......කවු....ද? ....මගෙ..... ආච්චි...... අම්මව... දන්නවද?"
"පුතා..මම සුරේන් සේනානායක. . ඔයාට සමහරවිට මතක නැතිව ඇති .එතකොට ඔයා ගොඩක් පුංචියි. මම පුතාගෙ තාත්තාගේ පුංචි කාලේ ඉඳන් හොඳම යාලුවා. පුතාගෙ ආච්චි අම්ම මට මගේම අම්ම වගේ හරිම ආදරෙයි. ."
මට මතකයි මං පුංචිම පුංචි කාලේ සුරේන් අංකල්ගේ දිහා ගිහින් තියෙනවා. ඒත් ඒ හරියටම කවුද කියන්න දැනන් හිටියේ නෑ. ඒක අපැහැදිලි මතකයක්. මට ආයෙමත් I.C .U එක දිහා බැලුන. බොදවුණු ඇස් වලින් මම දැක්කේ ඈතින් මගෙ දිහාට එන ඩොක්ටර්ව.
"ම්.....සිහිය..... ආවද ඔයාට. .."
මෙච්චර වෙලා කාගෙන්වත් පිළිතුරු නොලැබුණු මට අහන්නම ඕන උන ප්‍රශ්නය මම ඩොක්ටගෙන් ඇහුවා.
"ඩො.... ක්ටර් ම....ගෙ ආච්චි..... අම්මට
තිබුණු ලෙඩේ මො....කක්ද?"
" මේ අහන්නකෝ. ...ඔයාගෙ ආච්චි අම්මට තිබුණේ heart problem එකක්. එයාගෙ හාට් එක ගොඩක් වීක් . අනික මීට කලින් හාට් ඇටෑක් දෙපාරක් ඇවිත් තියෙනව. එයා එහෙම තත්ත්වයක් උඩ ගොඩක් මහන්සි වෙන්න හොඳ නෑ. ඒ වුණත් එයා ගොඩක් මහන්සි වෙලා තියෙනවා. අනික එයා මොනවා හරි දේකට ෂොක් වෙලා තියෙනවා "
" ඒත් .....එහෙම. ......."
"පුතා.......ඩොක්ටර් කියන දේ ඇත්ත. මැණිකේ අම්ම හොස්පිටල් එකේ ඇඩ්මිට් කරපු පලවෙනි දවසෙම මට කෝල් කළා. මම රට ගිහින් ආවම දැනගත්ත පුතාගෙ
අම්මයි තාත්තයි නැතිවුණා කියල. මේ ළඟක් වෙනකන්ම මම දැනං හිටියෙ නැ පුතාල මෙහෙ පදිංචිය කියල .දවසක් බිස්නස් වැඩකට ආපු ගමන් අහම්බෙන් මට මැණිකෙ අම්මව මුණ ගැහුන . ඊට පස්සේ මැණිකෙ අම්ම මට නිතර නිතර කතා කළා. එයා හොස්පිටල් ඇඩ්මිට් කරපු දවසෙ මට එන්න කියලා මොනවද කිව්වේ කියල දන්නවද පුතා. ....
"මොන.......වද ......කිව්වේ. ........මගෙ ආච්චි....... අම්ම ?"
" එයා දැනං හිටියෙ පුතා......කළින්ම එයාගෙ තත්ත්වය බරපතලයි කියල.
මැණිකේ අම්ම පුතාව ආදරෙන් බලාගන්න කියල මගෙන් ඉල්ලුවා. එයා හදිසියේ හරි නැතිවුනොත් පුතාගෙ භාරකාරත්වය මට ගන්න කීව. ඔයාට එයාගෙ අසනීප තත්ත්වය ගැන කියන්න එපා කියලා මාව පොරොන්දු කර ගත්තා. "
" ඒ......ඒත් මම දැනුවත්ව මගේ ආච්චි අම්ම හිටියෙ හුඟ......ක් සතුටි...න්. ෂොක් වෙන්න. ..තරම් දෙයක් වුනේ නෑනේ . ඇයි එයා එහෙම කළේ ....මගෙන් එච්චර දෙයක් හැංගුවෙ.. ..එයා මට කීවා මං ළඟින්ම ඉන්නව කියල. මාව තනිකරන්නෑ........ කියලා. ..... අන්තිමට එයා.... කරෙත් අම්මයි අප්පච්චියි වගේ මාව දාල ගියපු එක ..... ඇයි එයාලට බැරිවුනෙ මාවත් අරන් යන්න. ........"
අමාරුවෙන් හිරකරගෙන හිටපු කදුළු ආයෙමත් වැටෙද්දී බිත්තියට හේත්තු වුණු මං රෑටල ඇවිත් බිම ඉදගත්ත . එහෙමම දණහිස් ඇතුලෙ ඔලුව ඔබාගත්ත මං ආයෙමත් ඔලුව ඉස්සුවෙ මට දෙයක් මතක් වුණු හින්දයි . "ලොකු තාත්තා " මම මටම මුමුණ ගත්තා. මගෙ තාත්තාගෙ අයියා. ලොකු තාත්තා අපිත් එක්ක තරහ වෙලා ගොඩක් කල් වෙනවා. ඒකට හේතුව වුනේ මගෙ ආච්චි අම්ම .මොකද ආච්චි අම්ම මගෙ සීයගෙ දෙවනි කසාදෙ . සීයගෙ පළවෙනි කසාදෙ දරුවා වුණු ලොකු තාත්තට මගෙ ආච්චි අම්ම ගොඩක් ආදරෙන් සැලකුව. ඒත් පස්සේ පස්සේ මොකද වුනේ කියල මම හරියටම දැනං හිටියෙ නෑ.
"පුතා. ....දැන් ඔහොම ඉදල හරියන්නෑ . අපි ගෙදර යමු දැං."
ඇත්තටම මගෙ ඇගට පණ නෑ. ඒ ආච්චි අම්මා හොස්පිටල් ඇඩ්මිට් කරපු දවසෙ ඉදල මම හරියට කෑමක් බීමක් නොගත්ත නිසාද නැත්නම් මගෙ හිතේ වේදනාවටද කියල තේරැනේ නැහැ. ඒත් මම ගෙදර එනකම් ආච්චි අම්ම බලන් ඇති කියලා මට හිතුනා.
*************************************
දින, සති , මාස ඉක්මනට ගෙවිල ගියත් මට දැනුනේ ඒක මහ කල්පයක් වගේ. ආච්චි අම්ම නැති වෙලා අදට මාස තුනකට කිට්ටුයි. ආච්චි අම්මගෙ හත්දවසෙ දානෙ හොදට කෙරැව .ඒකට වැඩියෙන්ම උදව් කළේ සුරේන් අංකල් . අද මම මෙහෙන් යනවා. ඒකට හේතුව සුරේන් අංකල්ගේ ඉල්ලීම ම නෙමේ මේ මහ විසල් නිවසේ තවදුරටත් ඉන්න බැරි නිසා. මගේ හිත වගේම මේ ගෙදරත් හිස්, පාලුවට ගිහින්. මගේ ආච්චි අම්මගෙ funeral එකටවත් ලොකු තාත්තා ආවෙ නෑ . ඒතරම්ම වෛරයක් ආච්චි අම්ම ගැන ඒත් ඇයි ? මම මගෙන්ම ඇහුවා. පැහැදිලි උත්තරයක් නැති ප්‍රශ්නයක් . මට ආපු එකම පිළිතුර ඒක. ආච්චි අම්ම නැති වෙන්න කලින් , සීයා එයාට දීපු දේපලත් මගෙ නමට ලියල ගිහින් තිබුණා. දේපල, මිළ මුදල් උතුරන්න මට තිඛුන වුනත් හිතේ කිසිම
සතුටක් නෑ.
යන්න කලින් ආපහු මම ආච්චි අම්මගෙ කාමරයට ආව . ඒ සුවද තාම එහෙමමයි . ආච්චි අම්මගෙ රාමු කරපු ලොකු පින්තූරෙ දිහා බලපු මම මේසෙ උඩ තිබුණු මමයි. අම්මයි අප්පච්චියි, සීයයි ආච්චි අම්මයි එකට හිටපු පුංචි පින්තූරෙ අතට ගත්ත. ආයෙමත් ඒ කාලෙට යන්න තිබුනනම්. එහෙම හිතුන එකෙන් වුනේ ආයෙත් මගෙ කදුළු අලුත් උන එක විතරක් වෙනකොට.මට ඇහුනෙ සුරේන් අංකල්ගේ කටහඩ. .......
" පුතා. .........යමු නේද?"
"මම.......එන්නම්. ....අංකල් ......."
මම අතේ තිබුණු පොටෝ එකත් අරගෙනම යන්න ගියේ පොළොව සිපගත්ත කදුළුක් විතරක් ඉතිරි කරල .
*************************************
"පුතා. .. .......මේ පැත්ත ටිකක් සීතලයි. කොළඹ වගේ නෙමෙයි. ...... ."
අංකල් මටකීවෙ කා එකෙන් බහින ගමන්. ඇත්ත නුවර එහෙට වඩා සීතලයි.
ඒ ගෙදර අපේ ගෙදරට වඩා පුංචි වුනත් නිස්කලංක ලස්සනක් තිබුන.
" පුතා. ..... කෝමද ලස්සන ද අපේ ගෙදර. හැබැයි ඔයාගෙ ගෙදර තරම් ලොකු නෑ.'"
"ලස්සනයි අංකල්........"
"ඉන්නකෝ මම ඔයාට මගෙ ෆැමිලි එකේ අය ඉන්ටඩියුස් කරන්න. මා...ලිනී ........මාලිනී. . පුතා. ....ඔය එන්නෙ මගෙ වයිෆ්... ... "
මැදිවියේ සිටියත් රෑමත් පෙනුමක් ඇයට තිබුණා. ඒ කාන්තාව මාව දැක්ක ගමන් විත් වැලද ගත්ත . ආච්චි අම්මාට පසුව මාව වැදගත් පලමු කෙනා ඇයයි. ඒ උනුසුම මට දැනුනේ මගේ අම්මාගේ ලෙසටමයි . ඒ කරැණාබර මූණ ආයෙත් මට මැවී පෙනුණා. .
"පුතා. .....පුතා දැං ගොඩක් ලොකු වෙලනේ. පුතා ඔයාට මහන්සිත් ඇති නේද ? කොහොමද මැණිකේ අම්මට හොදින් නේද? "
" ආච්....චි අම්ම. ......"
මගේ ඇස් වලට ආයෙමත් කදුළු ඉනුව. ඒත් එක්කම මම ගැස්සිල ගියෙ පිටිපස්සෙන් ආපු අත් දෙකක් මගෙ කරවට එතුන නිසා. .....
😅 දෙවන පරිච්ඡේදය මෙසේ අවසන් වුණූ වගයි හි හී....
😊 සුරේන් කියන්නේ කවුද කියලා අහල තිබුන නෙ . උත්තරේ හම්බුනා නේ. 😁
😄 ආ...... ඒ අත් දෙක කාගෙ වෙන්න පුළුවන් ද?