"අනේ .......එපා. ........එපා. .......අ ආ.....ච්චි .......අච්චි අම්මා. ............"
හීනයක්. ඔව් ඒක හීනයක්. මගේ ආච්චි අම්මට මොකුත්ම වෙලා නැතුව ඇති. මහ මූසල හීනයක්. මම ඇදෙන් බැස්සේ ඉක්මනට හොස්පිටල් එකට යන්න බලාගෙන. ඒත් ඇයි දන්නෑ මට දැනුනේ මහ මූසල ගතියක්. මම ඉක්මනට ඇදුමක් දාගෙන බයික් එකට නැග්ග. ආච්චි අම්මා මෙතන හිටියනම් මට අනිවාර්යයෙන්ම බනිනවා .මොකද මම ඒතරම්ම ස්පීඩ් එකෙන් ආවෙ. මගෙ මුළු ලෝකයම උනේ ආච්චි අම්මා. අනාථයෙක් වෙන්න ගිය මාව ආදරෙන් බලාගත්තෙ එයා. ආච්චි අම්මට මොනවා හරි උනොත් ඇත්තටම මම පිස්සෙක් වෙයි. මටත් නොදැනිම මගේ ඇස් වලට කදුළු උනල .
හොස්පිටල් එක ඇතුලට ආව උනත් I. C.U එකේ ඉන්න ආච්චි අම්මව බලන්න යන්න මගෙ කකුල් වලට වාරැ නෑ. මට බයයි. මේ අවුරුදු ගාණටම මට රැකවලෙක් උන මාව ආදරෙන් බලාගත්ත මගෙ ආච්චි අම්ම මාව දාල යයි කියල. ජීවිතේ එකපාරක් මම මැරිලා ඉපදුන . ඒ ආච්චි අම්මා නිසා. ඒත් ඒ මතකයන් අදටත් මාව මරව මරව ජීවත් කරවනව. ඒ කාලකණ්නි දවස අදටත් මට හොඳට මතකයි. කොහොම අමතක කරන්නද ඒ තමයි මගෙ ජීවිතේ මම බාගෙට මැරැණු දවස.
එදා අපි ගොඩක් සතුටින් හිටියේ. මොකද අප්පච්චිට වසරේ හොඳම කන්ස්ට්‍රක්ෂන් කම්පැනි එකට හිමි සම්මානය දිනාගෙන තිබුණා. අපි සම්මාන උළෙලට ගිහින් එද්දී අප්පච්චිට දැනිලා තිබුණා කවුරු හරි කෙනෙක් අපිව ෆලෝ කරනව කියල. ඒ නිසා අප්පච්චි ටිකක් වේගයෙන් ගියේ. අම්මත් හොඳටම කලබල වෙලා හිටියෙ. මොකද අප්පච්චිට බිස්නස් හතුරො හිටිය නිසා . ටික වෙලාවකින් අපේ පස්සේ ආපු කා එක නොපෙනී ගියා. ඒත් එක්කම වගේ ඉස්සරහින් ආපු ට්‍රක් එකය කා එක ඉස්සරහට කෙළින්ම එද්දී අම්මගෙ තුරැලෙ හිටපු මාව තුරැලෙන් ඈත් කරපු අම්මා ක්ෂණයකින් මාව කා එකෙන් එලියට දැම්මා .මම අප්පච්චී කියලා හයියෙන් කෑ ගැහුවා. ඇස් පනාපිටම කා එක මගෙ ඉස්සරහ තිබුණු හෙලට වැටුන. කා එක ගිනි ගත්ත එක විතරයි මට මතක. මම ඇහැරෙද්දී මගෙ ආච්චි අම්ම විතරයි මගෙ ළඟ හිටියෙ. අම්මයි අප්පච්චියි කොහෙද කියලා මම ඇහුවත් ආච්චි අම්මගෙ කදුළු විතරක් මට උත්තර බැන්ද . අවුරුදු හතක පුංචිම පුංචි එකෙක් වුණු මං දවස් ගානක් ආච්චි අම්ම එක්වත් කතා කරේ නෑ. ඇත්තටම ඒදේ දරාගන්න තරම් මම පොඩි වැඩි වුණා . මගෙ ආච්චි අම්ම හෙවනැල්ල වගේ මගෙ ළඟින් නොහිටින්න මම මෙතන ඉදීද.
" මිස්ටර් අනුහස් දේශාන් වික්‍රමසිංහ." අතීතෙට ගිහින් හිටපු මම ගැස්සුනෙ ඒ හඩට. රෝහල් හෙදියගේ ඇස් මගෙ මුහුණෙ එහෙට මෙහෙට දුවනව මම බලාගෙන. ඒත් ඒ ගැන මට හිතන්න ඕන වුනේ නෑ.
"අ. ......අහ් මම තමයි. ඇයි මිස් " ?
"මිස්ටර් ,ඩොක්ටර් ඔයාට කතා කරනවා."
"මිස් .., කොහෙද ඩොක්ටර්. .......ඉන්නෙ? "
" ම්.... ඩොක්ටර් වෝඩ් එකේ ඇති. "
"තැන්ක්ස් යූ මිස්."
මම යද්දී ඩොක්ටර් කාත් එක්කදෝ බර කතාවක. හුරැ පුරැදු මුහුණක් ඒත් මට මතකනෑ. ඒ මනුස්සයාගෙ ඇස්වල කදුළු රැදිල තිබුණා. මං වගේම තමන්ට ගොඩක් වටින කෙනෙක් වෙනුවෙන් ඒ කදුළු උනන්න ඇති. ඒ කෙනාටත් කිසිම කරදරයක් නොවෙන්න කියල පතපු මම ඩොක්ටර් ඉන්න තැනට ඇවිදන් ආව. ඩොක්ටර් කලින්ම මාව දැකල මං දිහාට ඇවිදන් ආව.
"මිස්ටර් අනුහස්. ... "
" ඩොක්ටර්.... මගේ ආච්චි අම්මට කොහොමද? එයා හොඳින් නේද. "
"මෙහෙමයි. . අපි හැමෝම මේ ලෝකෙට ඇවිත් තියෙන්නේ කවදම හරි යන්න කවද කොහොම ඒක වෙයිද කියන්න කාටවත්ම බෑ . තේරැණාද ...".
"ඩො......ක්ටර්......."
ඇත්තටම මට දැනුනේ මගේ වචන හිරවෙනව වගේ....
" ම්......මේක අහල කලබල වෙන්න එපා.......මිස්ටර් අනුහස්. ......ඔයාගෙ ආච්චි අම්මට. ............"
" ඩොක්ටර්. .....ඩොක්ටර් ........... I.C.U........එකේ ඉන්න පේෂන්ට ගොඩක් අමාරුයි වගේ. "
හෙනයක් ගැහුව වගේ හෙදිය කිව්ව වචන ටික මගේ කන්දෙකේ රැව් දුන්නා. මම දිව්වා ඔව් මම දිව්වා.......අසිහියෙන් කදුළු ගල ගල මම පිස්සෙක් වගේ I.C.U එකේ දොර ඇරගෙන ඇතුළට ගියේ කවුරු ඉන්නවද කියලා වගේ වගක් නැතුව. ඒ දැක්ක දේත් එක්ක මගෙ අම්මයි අප්පච්චියි මැරැණු හැටි මට ආයෙමත් මැවි මැවී පෙනුණා. මගෙ ආච්චි අම්ම ජීවත් වෙන්න හුස්මත් එක්ක පොර බඳිනවා. ඉක්මනටම මම ආච්චි අම්මගෙ අතින් අල්ලා ගත්තෙ ඒ දෙන්නා වගේ මාව දාල යයි කියල බයට.
"ආච්.....චි අම්මෙ..... මම ආව ....ඔයාගෙ චූටි පුතා ආව..... මේ. ...... බල.....න්න. "
අතෝරක් නැතිව මගෙ කදුළු ඔහේ කඩාගෙන වැටුන. කදුළු අතරින් මට ඇහුණෙ මේ ලෝකේ මම අහන්න කැමති ම කටහඩ.
"ආ.......ච්චි. .......අම්........මා....".
"චූ......ටි .......පුතා. .......අඩ.....න්න...එපා...........රත්.......තරන්. ........"
"ආච්චි. .....අ.......ම්ම ආච්චි අම්ම....ට අමා...රැයිද. කතා කරන්න. ....මහ...න්සි වෙන්න. ......එපා ...ඉ...න්න මම ඩොක්ටර්. .....කතා. ....කරන්නම්."
"එ....පා......ම...ගෙ ....රත්. ......තරනේ.... මම .......කි....ය...න .......දේ .......අහ....න්. ......න .......මට.......පො.....රොන්දු. .....වෙන්. ....න.....මම .....නැ....ති.....උ...න....ත් ..... .......පු....තා.....ජීව.......ත් ......වෙන. .......ව .
...කි....ය...ල ., සු...රේන්... ..දු .........පු.....තාට...ම....ගෙ ....රත්....තරන්. ..ව ......බා..ර ......දුන්....නා....පුතා......කීකරු......ව ඉන්.....නව....කි....යලා ....... .......පොරො......න්...දු වෙ. ....න්න. ......"
" මම......පොරො.....න්......දු............. වෙ. ....නව.....ම..ගෙ .....ආච්චි .....අම්.....මට.........."
"ම...ගෙ.........රත්.....තරන්. ........සතු...ටි.. න් ...... ඉ.....න්....න ......හ්...හ්..."
ඒ අත මගෙන් ගිලිහුණු බව දැනෙනකොට මගේ මුළු ලෝකෙම කඩා වැටෙනවා මට දැනුන.
ආච්.....චි ....හ්....හ්...අම්මා....හ්..........
ආච්චි අම්මගෙ නිසල දේහය පාමුල මම ඇද වැටුන....මගෙ ඇස් පියවීගෙන එද්දී කවුද මට කතා කළා...ඇහුන..
🐇 ඔන්න මං පලවෙනි epi ය ලිවිව. අඩු පාඩුනම් ඇති හොදේ.
🐰මට සපෝට් කරපු හැමෝටම ගොඩාක් තැන්කූ. මගෙ අක්කි ඩලාටත් තැන්කූ හොදේ. 😄
🐣තව දවස ගානෙ දෙන්න අමාරුයි. දවසක් දෙකකට සැරයක් දෙන්නම් හොදේ.