ඉතිං, මේ මගේ හිත...

By AnjanaKumarasiri

10.6K 2.2K 473

අදිතට ආදරේකරන... ලංවෙන... අදිතගැන හිතන හැමකෙනෙක්ම ඉක්මනින්ම මේ ලෝකෙන් නැතිවෙලා යනවා. මොකක්දො අවාසනාවකට දෙව්පස... More

පෙරවදන
පළවෙනි කොටස
දෙවෙනි කොටස
තුන්වෙනි කොටස
හතරවෙනි කොටස
පස්වෙනි කොටස
හයවන කොටස
හත්වන කොටස
නවවන කොටස
දහවන කොටස
එකොළොස්වන කොටස
දොලොස්වන කොටස
පසුවදන

අටවන කොටස

585 145 38
By AnjanaKumarasiri

"මම අදත්බලාගෙන උඹගේ පංතියේ උන්ගේ වැඩ..."

"ම්හ්ම්... වැඩක්නෑ ඕගැන කතාකරලා දෙව්පසන්..."

"ඇයි උඹ උන්ට මුකුත් කියන්නෙ නැත්තේ?"

"මොනා කියන්නද?"

"බ්‍රෝ! විහිළුකරන එකේ සීමාවක් තියෙනවා කියාං!"

................."

"මම හිතන්නේ උඹ බයයිද කොහෙද?!"

"මොකටද?"

"ඇහුනද ආදී ප්‍රශ්නේ.. උඹ ඇහුදේ බයකාටද කියලා නෙමෙයි.... මොකටද කියල. උඹ බය විහිලුකරන උන්ට නෙමෙයි! උඹ බය විහිළුකරන උනව නවත්තගන්න බැරිවෙයිද කියලා!"

"පඬිටෝක්..."

"පඬි නෙමෙයි, බ්‍රෝ... දවසක් එකෙක්ගේ බෙල්ලෙන් අල්ලලා බිත්තියට හේත්තුකරපං! එක දවසක්!"

"ආච්චි බනියි ඉස්කෝලේ.ප්‍රශ්නදාගන්නවා කියල..."

"ආච්චිට හාල්ගරාගන්න කියපං!"

"උඹ කියන තරම් ඕවා ලේසිනෑ පසන්..."

"උඹ හිතන තරම් ඕම අමාරුත්නෑ, ආදී!"

==============================================

අදිත මුණසිංහ

දෙව්පසන් ඇරෙන්න වලියකට උනන්දුකරවන යාලුවෙක් ආයෙමත් කවදාවත් මුණගැහේවි කියල මම හිතුවේනෑ.

සනු දකින දකිනතැන මගෙන් අහන්නගත්ත "අදද වලිය? අදද වලිය...?" කියලා. ඒක කොච්චර අමනාපය දනවනදෙයක් වෙන්න පටන්ගත්තද කිව්වොත් සේරටම කලින් සනුට දෙන්න හිතුනා හොම්බ සමතලාවෙන්න!

ඊළඟට එහෙම නපුරු අදහසක් ඇතිවුනඑකගැන මමම පුදුමවුණා.

මම ඒවගේ දේවල් හිතන්න පටන්ගත්තේ කවදාඉඳන්ද? මම එහෙම වෙනස් වෙන්නගත්තේ කවදාඉඳන්ද? තව කෙනෙක්ගැන තියෙන බය නැතිවෙලා මට මංගැනම තිබුණු බය නැතිවෙන්න පටන්ගත්තේ කොයිකාලෙද?

අපි පසන්ගේ ලැයිස්තුවේ එක අංකයක් එක සතියක්ගානේ කරගෙනයන්න උත්සහකලේ අගෝස්තුමාසේ විභාගෙ ඉවරවෙන්න කලින් අන්තිම අංකේ අවසන්කරන අදහසින්. උත්සහය තිබුනේ නිවාඩුපාඩුවේ සැලසුම්කරලා හැමවැඩේම කරන්න. හදිස්සියක් නැතුව. සනූගේ සෞඛ්‍යතත්වයගැනත් හිතන්නවෙලාව අරගෙන.

වලිය මගේ පිට පැටවුනෙත් ඒ නිසාමයි. සනූගේ ලෙඩේඋඩ කාඑක්කහරි පොරබදින්න ගියොත් මැරිලා තමයි නතරවෙන්නේ!

ලෙඩයි ලෙඩයි කිව්වට... මටනම් දැනුනේම සනූ එන්නඑන්නම නිරෝගී වෙනවාවගේ ගතියක්. ඉඳහිට මහන්සිබවක් පෙන්නුවට එයාගේ තිබුණ ලෙඩගතිය ටිකෙන්ටික අඩුවෙලායනව මට දැනුනා. සමහරවිට මගේ හිතලුවක් විතරක් වෙන්නඇති.

මේ සතිය ඇතුලත්දී කොහොමහහරි වලියක් දාගන්න ඕනේ කියලා කිව්ව්ම මමම දැන් ඒ යෝජනාව ඇතුලේ හිරවෙලාදමන්දා. හිතනකොටත් දැනුනේ ත්‍රාසජනකබවක්.

පන්තියේ ලමයෙක් එක්ක රන්ඩුවක් අල්ලන්න අවස්ථාව ලබුනේ නතුවම නෙමෙයි. ඕනි තරම්... වෙනදාවගේ නෙමෙයි පන්තියේ කොල්ලෙක් විහිලුකරනකොට පපුව ඇතුලේ පොඩි ගිනිපුපුරක් දැල්වීගෙන උඩට එනවාවගෙ මටදැනුනේ මොන හේතුවකටද මන්දා. ඉබේටම අතමිටමෙලවිලා හකුදෙක එකට තදවෙනකොට කොල්ලෝ තවත් හයියෙන් විහිලුකරන්නගත්තා.

"අම්මෝ අම්මෝ! ගොතයට මලපැනලා!"

"ගුටිකන්න තමයි වෙන්නෙ අපිට!"

මම රවලා බලලා නතරවුනා. එකෙක්ටවත් අතක් උස්සන්නගියේ නෑ. හුස්මඇරලා අහකබලාගත්තා. කේන්තිය පලනේකරගත්තා.

මම ඉඳගෙනහිටි තැනට සනූව පේනවිදිහට මම ආයෙමත් මේසේ සෙට්කරගත්තේ පලවෙනි ටාස්ක්එක ඉවරකරපු කාලෙදිමයි. කොල්ලෝ විහිලුකරද්දී සනූ මාදිහා එකඑල්ලේ බලාගෙනහිටියේ දැන්ගහපං! දැන්ගහප! කියන්න වගේ. එයාගෙත් මේසේඋඩ තිබුණු අත මිටිමොලවෙලා තියෙනවා මම දැක්කා.

සිකුරාදා උදේවරුවේ හිස් පීරීයඩ්එකක්. මම මගේ පාඩුවේ පොතක් දිගෑරගෙන ඉන්නකොට කොලබෝලටක් ඇවිල්ලා ඔලුවේ වැදුනා. මගේ ඇස් කෙලින්මගියේ සනූදිහාට. ඌ කටකොනකින් හිනාවීගෙන බලාගෙන ඉන්නවා. ඇස්වල පොඩි දීප්තියක්. තත්පර කිහිපයක් මගෙදිහා එහෙම බලාගෙනහිටි සනූ හීන්සැරෙ අහකබලාගත්තා.

'මේක තමයි චාන්ස්එක..' සනූ නොකියාකිව්වේ අන්න ඒකයි.

මම අහකබලාගත්තා.

දෙවෙනි පාරටත් කොලබෝලයක් වැදෙනකොට මම නැගිටුනා... ඉඳගෙනහිටි පුටුව බිමපෙරලෙනවා මට පසුබිමෙන් ඇහුනා. කොලබෝල ගැහුව අසංක මොහොතකට පුදුමෙන්වගේ බලාගෙනහිටියා. පංතියේ හිටිය අනෙක් කොල්ලෝ වැස්සක් වැටෙනවා වගේ පුංචි හංඩකින් ඉඳලා මහ හඬක්වෙනකල් හූ තියාගෙන එනකොට අසංකගේ මූන රතුවෙලායනවා මම බලාගෙන.

"ඇයි උඹ පුටුවෙන් නැගිට්ටේ ගහන්නද?" අසංක ලැජ්ජාව යටකරගෙන මගෙන් ඇහුවා.

ඌ හීනෙන්වත් හිතන්න නැතුවඇති මම ඇත්තටම ගහන්න නැගිට්ටා කියලා. මම වචනයක්වත් කිව්වේ නැහැ.

මම බලාගෙන ඉන්නවා දැකපු අසංක හිතාමතාම උගේ පොතකින් කොලයක් කඩලා හුලිකරලා මගේ ඔලුවට විසික්කරනකොට මම ඒ කොලබෝලේ නවත්තනවත් උත්සහකලේනෑ. බෝලේ විසික්වෙලා ඇවිල්ල මගේ පපුවේ වැදිලා බිමට වැටුනා.

වටේම රතුවෙලා හතිවැටෙන්නතරම් වේගෙන් පපුව උස්පහත්වෙද්දී මම අඩියට අසංකට කිට්ටුවුනා. උගේ ශර්ට්එකෙන් උස්සලා බිත්තියල හේත්තුකරගත්තෙ දකුණු අත මිටිමොලවා කම්මුලට ශොට්එකක් දෙනගමන්. වටේ උසිගන්නගෙන බලහිටිය කොල්ලෝ මාව ඇදලාගන්න උත්සහකලේ කුලප්පුවුණු හරක් රැලක්වගේ. මම අසංකගේ කමිසේ තදින් මිටිමොලවාගෙන. අසංකගේ කකුල්දෙක තිබුණේ පොළොවෙන් අඩියක් විතර උඩ. ඌ දනිස්ස නවලා මගේ කකුලට ගැහුවේ පුලුවන්කමකටවඩා ලැජ්ජාවෙන් බේරෙන්නද කොහෙද. අසංකගේ අත්දෙක උගේ කමිසේ අල්ලගෙන ඉන්න මගේ අත ලෙහන්න උත්සහකරනවා. අසංකගේ ඇහැයට ඒවෙනකොටත් රතුවෙල යන්තම් ඉදිමීගෙන එනව දකිද්දි කේන්තියට මම අල්ලගෙන හිටිය අත වැරෙන ඇදලාරගෙන ආයෙමත් බඩටත් එකක් දුන්නා.

"ගහපන් ආදී ගහපන්!"

මගේ හිතඇතුලේ ඇහෙන්නේ පසන්ගේ කටහඬ.

එකපාරටම ඒහඬ සනූගේ හඬට මාරුවුනා.

හැම දෙයක්ම රතුපාටට පේනුනේ මට ඒ වෙලාවේදීයි. බටයක් ඇතුලින් බලනවාවගේ මම දැක්කේ අසංකගේ මූන විතරයි. උගේ කම්මුලට මම දත්මිටිකාගෙන ආයෙමත් සැරයක් ගැහුවේ මාව අයින්කරන්න හදන කොල්ලන්ගේ අත්වලින් එහෙට මෙහෙට කරගෙන.

ඩෙස්ක් එකක් දෙකක් පෙරලෙන සද්දේ මැඩගෙන ඊටපස්සෙ අහුනේ සර් කෙනෙක්න්ගේ කටහඬ.

"මොකක්ද මේ වෙන්නේ?"

මම අසංකගේ කොලර්එක අතාරිනවත්එක්කම ඌ බිත්තියදිගෙ රූටගෙන ගිහිල්ලා බිමටවැටුනා. මම හයියෙන් හතිහෙලමින් බලන්හිටියා. අසංකයගේ තොලයි කම්මුලයි නත්තල් පප්පාවගේ. යටිතොල පැලිලා පුංචි ලේ බිංදුවක් මතුවෙලා.

කෙල්ලො දෙපැත්තට වෙලා බලාගෙන ඉන්නවා.

වලිය එච්චර ඉක්මනට ඉවරඋනාද කියලවත් මට හිතාගන්න බැහැ.

මගේ ඇගේ මාළු නටනවා.

තවත් දෙතුන්දෙනෙක්ට අල්ලගෙන ගහන්නතරමමට කේන්තිය!

මාව අල්ලගෙන ඉඳපු කොල්ලො මාව පුටුවක් උඩින් හේත්තුකරලා දෙපැත්තටවුණේ හරියට විසකුරු සර්පයෙක් බේරෙන්නට යනවාවගේ.

"යනවා දෙන්නම පොත්බෑග් අරගෙන පින්සිපල්ගේ කාමරයට!" සර් බෙරිහන්දුන්නා.

ප්‍රින්සිපල්ගේ කාමරේට යනකොට මට සනුගෙ පන්තිකාමරය පැත්ත බැලුනේ ඉබේටම. සනු අත්දෙකේම මහපට ඇඟිලි උඩටඋස්සලා දත්විරිත්තලා හිනාවුණා. ඒමදිවට ඇහැකුත් ගැහුවා.

කේන්තිය යන්තම් යටපත්වෙලා මූණට හිනාවක් නැගෙනවා මට දැනුනේ ඌ ඇහැගහපු විදිහ දකිද්දී.

******

ප්‍රින්සිපල්ගේ ඔෆිස්කාමරේ ඉස්සරහ තිබුණු බංකුවේ දෙපැත්තටවෙලා මමත් අසංකත් වාඩිවෙලා පැයබාගයක්විතර.

ඉස්කෝලේ රතුකුරුසේ ලමයිද කොහේද බෙහෙත් පෙට්ටියක් උස්සගෙන ඇවිල්ලා උගේ තොලටයි ඇහලඟටයි බේත්කරනවා මම යටිඇහින් බලාගෙන. එක්කෝ හයේ නැත්නම් හතේ ලමයිදෙන්නෙක්. පස්සේ ප්ලාස්ටර් ඇලුව්වම ඌ නිකං මමියක්වගේ.

එහාපැත්ත හැරිලා සමාවඉල්ලන්න හිතුවත් මට බයක් ආවා. එකපාරම අරූට කේන්තිඇවිල්ලා ආයෙමත් ගහගන්න හැදුවොත්. පලවෙනිපාර කේන්තිගත්තට පස්සෙ දෙවෙනිවතාවට කේන්තිගන්න අමාරුනෑකියලා මට හිතුනා.

මම කට පියාගෙන අහක බලාගෙනහිටියා.

ආච්චිව ඉස්කෝලෙට ගෙන්නගන්නනම් විනාඩි දහයක්වත්ගියෙ නැහැනැහැ. ගේට්ටුවෙන් එහාපැත්තෙනේ කඩේ... අසංකගෙ අම්මා ආවෙ පැයදෙකකට විතරපස්සේ.

ප්‍රින්සිපල් මගේ පැත්තට වැරැද්දදාලා කතාකරනවා අපිඉන්න තැනට හොඳටම ඇහෙනවා. සමහරවිට බරපතළවිදිහට තුවාලවෙලා තියෙන්නේ අසංකට නිසා වෙන්නඇති.

"අනේ ඉතිං... මේ ළමයා පලවෙනි පාරනේ මෙහෙම දෙයක් කරගත්තේ!" ආච්චි කිව්වෙ මාව බේරෙනවටවඩා එයාව බේරෙන ස්වරයකින්.

"කොළ බෝලෙකින් ගැහුවකියල ඔහොම ගහන සිරිතක් තියෙනවද? අපි යනවා පොලිසි!" අසංකගෙ අම්මා උස්හඬින් කිව්ව.

"පොලිස්සි යන්න තරම්දෙයක්නම් වෙලා-"

"නැත්තේ මොකද?!" ප්‍රින්සිපල්ගෙ කතාවමැද්දෙන් පැනලා අසංකගෙ අම්මා කිව්වේ කලින්ටත්වඩා උස් ස්වරයකින්. "බලන්නකෝ කොල්ලගේ මූන!"

"මෙහෙමයි සර්... මට අවස්තා කීපයකදිම අහුවෙලා තියෙනවා... මේ පංතියේ ලමයි- අසංකත් ඇතුලුව- හරියට මේ ළමයට විහිළුකරනවා... කොලුකමට කියලා අපි අහකලං හිටිය එකත් වැරැද්දක්ද මන්ද..." පන්තියේ සර් මගේපැත්තට කිව්වේ මම හිතුවෙවත් නැතිවිදිහට. "අනිත් එක තමයි... ආච්චි කිව්වාවගේ මෙතෙක් කාලෙකටනම් අදිත කාටවත් අතක්වත් උස්සලාතියා වචනෙකින්වත් කියනවා මමදැකලා නැහැ..."

"එහෙම කියල මේවිදියට දඩුවමක්නොදී අතාරින්න පුලුවන්ද?"

මම අසංකදිහා බැලුවා. ඌ බිම බලාගෙන.

"කරන්න දෙයක්නෑ... ළමයි දෙන්නවම සතියක් සතියක් සස්පෙන්ඩ් කරනව!"

"ඒක හරි කතාවක්නෙ!"

"එහෙමනම් අපි පොලිස්සියමු. සර්ටත් කියන්න බැරියැ පංතියේ ලමයි අදිතට විහිලුකරඔඖහැටි!" ප්‍රින්සිපල් කිව්වේ තරමක් ආවේගෙන්. "මේ සතියට පස්සේ මම ලමයි දෙන්නගේම හැසිරීමේ ලොකුවෙනසක් බලාපොරොත්තුවෙනවා... අසංක ළමයින්ට විහිළුකරලා ඔෆිස්එකට පැමිණිලිආපු පළවෙනි අවස්ථාවත් මේක නෙමෙයි! මට ඔන්නම් අසංකගේ පර්සනල් ෆයිල්එක අරගෙන පෙන්නන්න පුළුවන් ලියුම් කීයක් තියෙනද කියලා..."

අසංකගේ අම්මගේ කටවැහුනේ අන්න එතකොටයි. අසංකගෙ අම්මා ඔෆිස්එකෙන් එලියට කඩාගෙන බිඳගෙන ඇවිල්ලා පුතන්ඩියාගේ අතනිත් ඇදගෙන එලියටයනවා මම බලාගෙන. ආච්චි කාර්යාලයෙන් එලියට ඇවිල්ල මම නොදැක්කගානට හෙමිනසැරේ ඇවිදගෙන කඩේට ගියා.

ඊළඟට එළියටආවේ පන්ති සර්.

"දැන් ඔය ලමයා පන්තියට යන්නඕන්නෑ... හෙමින්සැරේ ගෙදරයන්න... නැත්තං අච්චිගේ කඩේටවෙලා ඉන්නබැරියැ... දැන් පන්තියට ගියොත් එහෙම ඊළඟට අනිත් ළමයින් කුලප්පුවෙලා බලයි මොකදවුනේ කියලා...!"

"හරිසර්..."

මම ආච්චිගෙ කඩේටගියේ බැනුම් කෝටියක් බලාගෙන. එතන සනූ.... මම කඩේට කිට්ටුවෙනවත් එක්කම සනු හිනාවෙලා මගේ පිටටත් තට්ටුවක් දැම්මා. ආච්චි අම්මා මූණ ඇඹුල්කරගෙන දැක්කනොදැක්කගානට සනූට කප්කේක්එකක් දික්කරනවා මම බලාගෙන.

"කොහොමද ඉස්කෝලෙන් එලියටආවෙ?"

"අද ක්ලිනිකනේ...."

"මොකක්?"

"අද මට ක්ලිනික් දවසනේ..."

"කලින් කිව්වෙනෑනෙ!"

"දැන් තමයි ක්ලීන්ක්වැටුනේ...!"

සනූ ඉස්කෝලෙන් පැන්නහැටි එතකොටයි මීටර්වුනේ. "බොරුකාරයා!"

"ඔව් ඉතින්... අදගියාට පස්සේ පපුවේ අමාරුව වැඩිවෙලා සමහර වෙලාවට සතියක්විතර ඉස්කෝලේ නෑවිත්ඉන්න පුළුවන්වෙයි..."

සනූ බබාවගේ හිනාවුණා.

"සනූ... මට හිතෙනවා මේ වැඩේ නැවැත්තුවනම් හොඳයි කියලත්..." එකපාරටම මගේ අතේ නියපොතු හරිම ආකර්ෂණීය වෙලාවගේ මම ඒදිහා බලාගත්තා.

සනුදි මූනේ මොන වගේ හැගීමක් ප්‍රකාශවුනාද කියලා මම බලන්නවත් උත්සාහකළේ නැහැ.

"මම හිතුවා ඔයවගේ දෙයක් කියයි කියලා..."

අඩු ගානකට නොගෙන කියනකොට මට පුදුමත් හිතුණා. "මම නවත්තයි කියලා හිතුවා?"

"හ්ම්ම්..." සනූ නතරවෙලා සාක්කුදෙකේ අත්දෙක ඔබාගෙන උරහිස් අකුලුවාගත්තේ හීතලවගේ. "අන්න ඒ නිසයි මම ඔක්කොම ඔයාට නොකිව්වේ..."

"ඔක්කොම?"

"ඔව් බ්‍රෝ... ඔක්කොම. පසන්ගැන කියන්න තවදේවල් තියෙනවා... ඒවා දැනගන්න ඕනිනම් ලිස්ට්එක කම්ප්ලීට් කරන්නමවෙයි...."

මම නළල රැලිකරගත්තා. අත්දෙක ඉබේටම පපුවඋඩට ගිහිල්ලා. "ඒක මරු බ්ලැක්මේල් කිරිල්ල!"

"මං කොයිමවෙලාවකවත් කිව්වද මම බෝපැලේවගේ ගුනයහපත් කියල?"

"මට පේන්නබෑ රහස්!" මම කිව්වේ වචන වලින් දමලා ගහනවාවගේ වෙගෙකින්. "ඒත් මම කැමතිනෑ මාව රවට්ටලා-"

"කවුරුවත් කාවවත් රවට්ටලානෑ, ආදී!"

"එහෙනම් ඔක්කොම කිව්වෙ නෑ කියලා මේදැන්-!"

"පසන් තමුසෙට ආදරේකලා!" සනූත් මම තරම්ම වේගෙකින් වචනපිටකලා.

මගේ පපුව හිරිවැටිලාගියා. "යාලුවෙක්ටවගේ?"

"නෑ..." සනූ කිව්වේ තොල ටිකවෙලාවක් හපාගෙන ඉඳලා. "යාලුවෙක්ට එහාගිය ආදරයක්... මං වෙන මුකුත් කියන්නේනෑ ආදී... ලිස්ට්එක සම්පුර්ණ කරන්න එනවානම්.. ඉතුරු දේවලුත් කියන්නම්! එච්චරයි!"

තත්පරේට එක පියවරකටවඩා වෙගෙකින් සයනංක මාව පහුකරගෙන ඇවිදගෙන ගියා.

මතු සම්බන්දයි...

Next episode: 2022/09/02



Continue Reading

You'll Also Like

23.7K 4.4K 62
විෂ කැවුණු සෙල් හදක ආලෝකයක් උපදින්නට,විනාශයටම උපන් අයෙක් දිවිතුරා රකින්නට,අවසානය නොදකින ශාපලත් දෛවයක් දහස් වසරකට පතන්නටත් තරම්..... ආදරය...... එය එතර...
33.4K 6.3K 37
අපි ආදරේ කරන අය අපිටම ආදරේ කරන්න ඕනෙද..ඒ වගේම අපිට ආදරේ කරන අයට අපි ආදරේ කරන්නම ඕනේද..විකාරයි නේද ???🍀
1.9K 472 8
නොලද ආදරේනිසා හනාහකී පපුවේ මුල් බැහැගන්න්වාලු... පස්සේ, ඒ වේදනාවනිසාම මුල්ගිය ආදරේ දලුදාලා... අතු ලියලලා... මල් පිපෙන්න ගන්නවලු... මැරෙන්න කලින් එකමඑ...
77.5K 14.8K 31
මානසට ඉස්කෝලේදි බිමදාගෙන ගහලා පස්සේ උසස්පෙල අවුරුදු දෙකපුරාම ඔරවගෙන බලාහිටිය හිරුන්ට කෙමිස්ට්‍රි ක්ලාස්එකක් කරන්න කියලා කියද්දී මානස ඒ යෝජනාව බාරගන්න...