ඉතිං, මේ මගේ හිත...

By AnjanaKumarasiri

10.6K 2.2K 473

අදිතට ආදරේකරන... ලංවෙන... අදිතගැන හිතන හැමකෙනෙක්ම ඉක්මනින්ම මේ ලෝකෙන් නැතිවෙලා යනවා. මොකක්දො අවාසනාවකට දෙව්පස... More

පෙරවදන
පළවෙනි කොටස
තුන්වෙනි කොටස
හතරවෙනි කොටස
පස්වෙනි කොටස
හයවන කොටස
හත්වන කොටස
අටවන කොටස
නවවන කොටස
දහවන කොටස
එකොළොස්වන කොටස
දොලොස්වන කොටස
පසුවදන

දෙවෙනි කොටස

725 169 3
By AnjanaKumarasiri

"ඇත්ත කියපං! උඹ කැමැතියිනේ මම ආදී කියලා කතාකරද්දී?"

"ඒමනෑ...."

"බොරු...." පසන් විලිස්සලා හිනාවුණා.

"ඔව් බොරුතමයි..."

"දෙයක් අහනද, බ්‍රෝ?"

"මොන?"

"ඇයි වෙන යාළුවෝ හදාගන්න ට්‍රයිකරන්නෙ නැත්තේ?"

"මන්දා... උන් කවදාවත් මාඑක්ක යාළුවෙන්න ට්‍රයිකරලනෑ...මම කතාකලත් විහිළුකරනවා විතරයි..."

"උඹ අඩුගානේ ගෙදරඉන්න ආච්චියි සීයයිඑක්කවත් හරියට කතාකරන්නෙනෑනෙ ආදී!"

"එයාලා බලනින්නේ මම ඒලෙවල්කරලා කොහෙටහරි වෙනකල්...! අනික උඹ අපේ ආච්චිඑක්ක ගණුදෙනුකරලා තියේද?"

පසන් හයියෙන් හිනාවුණා. "ඇත්ත ඇත්ත... කේක්හදන්නේ ඒකටද?"

"හ්ම්..."

"කොහෙදයන්නේ ඉතිං?"

"පුළුවන්තරම් ඈතකට..."

"දන්නවද බ්‍රෝ? මටත් පුලුවන්තරම් ඈතකටයන්න තියෙනවානම් හොඳයි කියල හිතෙනවා, අඩෝ අදී... කප්කේක් බඩගිනියි බං"

"යකාගේ බඩගින්නක්නේ ඒක..."

"හෙට හදලා ආච්චිගේ කඩේන් මට වෙන්කරලා තියාංකෝ..."

"මට බෑ..."

"අඩෝ මොනාද බ්‍රෝ...?!"

"............."

"හරි දැන් මම හෙටරෑට මැරුණා.... උඹට අනිද්දා මොනවා හිතෙයිද? අනේ පව්... අරූගේ අන්තිම කැමැත්ත ඉශ්ටකරගන්නවත් බැරිවුනානේ.... මම කොහොම යාලුවෙක්ද?" දෙව්පසන් රඟපානාවා. "බ්‍රෝ?!"

"ම්ට බෑ..."

"වැඩක් නෑ...."

==============================================

දෙවෙනි කොටස

-අදිත මුණසිංහ-

ආච්චී කඩේ සල්ලිදාන ගඩොල් බාගයක්විතර සයිස් යකඩපෙට්ටිය ඇරලාගත්තු විස්සෙ කොල... පනහේ කොල... කෑමමේසේ උඩ පේලියට තියාගෙන ගනිනවා. ඊටපස්සේ පැත්තක තියෙන කොටුරූල් පොතේ මොනවද කුරුටුගාලා ආයෙමත් ගනිනවා... පැයක්විතර ගැනලා ගණන්හදලා එකඑක සල්ලිකොල මිටියගානේ අතගාලා පෙට්ටියට දැම්මටපස්සේ තමයි ඔලුව කෙලින් කරගන්නේ.

රුපියලක්වත් වැරදිලා ඉස්කෝලේ කොල්ලෙක්ට නොදෙන ආච්චිට ගණන් පැටෙලෙනවා වෙන්නබෑ. අනික ඔච්චර මොනවා ගනන්හදන්න තියෙනවද මන්දා... ආච්චි සල්ලි අතගගාඉන්න ආසයිද කොහේද.

"ලමයා... කේක්කෑලි විස්සට දහයගානේ දෙසීයයි... කප්කේක් විස්සට පහලවගානේ දෙසිය පනහයි... ඔක්කොම හාරසිය පනහයි..."

ආච්චි එයාගේ ඩයිකරපු කොන්ඩේ ඇඟිලිවලින් කසලා විස්සේකොල පනහේ කොලටිකක් මේසේ පැත්තකටකරා. මම කාමරේදොර ලඟින් ඇවිදගෙන එනවත් සල්ලිගන්නවත් ආච්චි හොරැහින් බලාගෙන.

ඒකියන්නේ ශුවර්එකටම කීයක්හරි අඩුයි.

මමත් මේසේ ලඟහිටගෙන ආච්චිට පේන්නම සල්ලිගැන්නා.

හරියටහරි! රුපියල් පනහක් අඩුයි...

"ඉතුරුවා උඹට පස්සේ දෙන්නම්... කේක් බඩුටිකක් ගෙනත්දාන්නත් ඕනේ... සීයට කොලොස්ටරෝල් පෙති ගන්නත් තියෙනවා..." මම සල්ලිගනිනවා දැක්ක ආච්චි යකඩ පෙට්ටියත් අරං එයාගේ කාමරේටගියේ එහෙම කියාගෙන. "අදත් උපන්දිනවලට කේක්හදන්නේ නැද්ද කියලා ප්‍රයිමරියේ අම්මලා දෙන්නෙක් ඇහුව... ඔහොම ගියොත් ඒ බිස්නස් වෙනකොහෙටහරි යයි..."

ආච්චී එහෙමකියාගෙන තැඹිලිපාටද... දුඹුරුපාටද කියලා හොයාගන්නබැරි දොරරෙද්දේන් එයාගේ කාමරේට අතුරුදහන්වුනා.

උත්තර නුදුන්නු මම රුපියල් හාරසීය අරගෙන කාමරේට ගිහින් බැංකුපොත ඇතුලට සල්ලිටික දැම්මේ හෙට ඉස්කෝලෙට ගෙනිහින් තැන්පතකරන්න හිතාගෙන. හම්බකරපුවා දකිද්දිත් සතුටුයි. ලක්ශයකට කිට්ටුවෙන්න තියෙනවා. ඒත් ගෙදරින් පිටවුනාටපස්සේ ලක්ශයකින් කොයිතරම් කාලයක් ජීවත්වෙන්න පුළුවන්වෙයිද? පස්සේ දෙන්නම් කියලා ඉතුරුකරපු සීයේඒවා පනහේඒවා ආච්චිදුන්නනම් තවත් පනස්දාහක් හැටදාහක් එකතුවෙයි... ඒවාලැබෙනවා හඳේ තමයි.

ආච්චී මාලව්වා කේක්හදලා එයාගේ කඩේටදාන්න අවස්ථවදුන්නේ කඩේ බිස්නස් වැඩිකරගන්න අදහසින්ද එහෙමත් නැත්නම් මාව ඉක්මනට ගෙදරින් පිටකරගන්න අදහසින්ද කියලා මමනම් දන්නෙ නෑ. දන්නේ අක්කයි මමයි මෙහෙ ඉන්නවාට ආච්චී අකමැතියි කියලා විතරයි.

හදිස්සියෙන්වත් මෙහෙන්යන්න සල්ලිටිකක් ඉල්ලුවොත්? ඒකටත් බැනුම් කෝටියක් අහන්නවෙවි!

"පුංචි කාලේ උඹලට කන්නබොන්න දුන්නේ අපි සල්ලි ගණන් තියාගෙන නෙමෙයි...."

"ඇඳුම් අරංදුන්නේ සල්ලිබලාගෙන නෙමෙයි..."

"උගන්නන්න වියදංකළේ සල්ලි ගැනගෙන නෙමෙයි!"

"උඹලගෙ මහ එකී සතයක්වත් අපට එව්වෙ නැහැ!"

"අර මිනිහා මැරිච්ච උන්ට තනිරකිනවා... මම නොකානොබී ඉතුරු කරනවා... වෙන එවුන්නං කොරයි ඔහොම!"

ආච්චිගෙ වචන මට කටපාඩම්. එකමදේ නිතරනිතර අහනකොට ඒවා ඇඟට පත්තියම්වෙනවා කියන කතාව බොරුවක්ද කොහේද... මොකද ආච්චිගෙ වචන අහන්න අහන්න මගේ හිත තවතවත් පෑරුනා මිසක් රිදිල්ලේ අඩුවක් දැණුනේ නෑ.. සමහරවිට ආච්චිවත් සීයවත් මට ආදරේ නොවෙන්නඇති එහෙමත් නැත්නම් මගේ හිතේ ඒ දෙන්නාගැන ආදරයක් නැතුවඇති. එයාලා මට ආදරේකලානම් තාත්තා.... සුනීතා ටීචර්... නවීන්.... දෙව්පසන් වගේ මෙලහකට ඒදෙන්නත් මැරිල ඉන්න එපැයි?!

දෙව්පසන්ගේ මරණය සිද්දවෙලා මාස ගාණක්. ඒත් ඌව මතක්කරද්දි තාම දුකයි.

මම කහගැහුණු කමිසය අතට අරගෙන නිල්දානවද නැද්දකියලා කල්පනාකලා. අවුරුද ඉවරවෙනකල් මේ යුනිෆ්ෆොම් දෙකම අදින්න අමාරුයි. හෙට ඉස්කෝලේ ගිහිල්ලා එනගමන් කලිසමක් කෙසේවෙතත් ශර්ට්එකක්වත් මහගන්න මෙශමන්ට්දීලා එන්න කියලා හිතාගෙන මම නානකාමරේටයද්දී ආච්චී බිත්තරගේන්න බකට්එකකුත් අරගෙන ෆාම්කඩේදිහාවට ඇවිදගෙනයනහැටි මම දැක්කා.

* * * * * *

සීයා වැඩටයන්න ලැහැස්තිවෙලා දවල්ට කන්න වලංපිඟං අදින සද්දෙ ඇහෙනකොට මම පාඩම්කරනඑක පැත්තක තියලා කාමරෙන් එලියට ආවා. ආච්චී තාම නෑ. එයා හිතලම සීයව මගහරිනවද මන්දා. සීයා උදේට එනකොට ආච්චී කඩේටගිහින්... ආචිචි හවසට එනකොට සීයා වැඩටගිහිං.

පොඩි පිඟානකට බතුයි ගෝවයි පරිප්පු හොද්දකුයි බෙදාගෙන කන සීයා මම කුස්සියට එනකොට යන්තම් සද්දයක්දාලා ආයෙමත් පිඟානට අවදානේයොමුකරගත්තා. හාල්මැස්සෝ බැදලානම් තිබුනා.... ඒත් කනත්තේ වැඩටයන දවස්වල සීයත් මස්මාළු... බැදුම් ජාති කන්නේ නැහැනේ. කිරට උයපු හොඳියි... බතුයි විතරයි. ජීවිතේට කවදාවත් සීයා හොල්මනක් දැකපුබවක් මම අහලා නැතුවට පුරුද්දක්හැටියට එයා එහෙමයි.

"ආදාහනාගාරේ වාර්තාවදෙන්න මම හෙට ඒජී ඔෆිස්ගිහින් එන්නේ..."

"ටවුමෙන් ගන්නදෙයක් නෑ, සීයේ.."

"හ්ම්..."

සීයා හරිම නිශ්ෂබ්ද පුද්ගලයෙක්. උවමනාදේ කිව්වා- එච්චරයි. ආච්චිත්එක්ක මෙච්චරකල් රණ්ඩුසරුවල්නොවී ජීවත්වුණෙත් එහෙම වෙන්නඇති. මට බනිනවෙලාවට ආච්චිනම් අම්මාතාත්තාගැන මතක්කලාට සීයා නෙමෙයි වචනයක් කිව්වේ.

සීයා උසයි කෙට්ටුයි. පනස් අටක් කියලා පේන්නේවත් නෑ. සමහරවිට මමත් උසයන්න ඇත්තේ තාත්තාගේ සීයාගේ ආරෙටවෙන්න ඕනේ කියලා කොන්දනවාගෙන කකුලක්පිට කකුලක්දාදෙන හපන්නෙත් නතුවම බත්ගිලින සීයාදිහා බලාගෙන මම කල්පනාකලා. "මම යනවා කොල්ලා..." කියාගෙන සීයා එලියට බහිනකොට හවස හතරහමාරට විතරඇති.

කන්ද ඇතුලට කපලා හදපු පොඩිගෙදරට උඩින් කලුගලත් එක්ක පයිනස් කැලෑව. මිදුල ඉඩතියලා තිබුනට හවස්වීගෙන එද්දී කලුවරයි. ගෙදර ඉස්සරහා නම් කවුරුත් නෑ... මීටර් පන්සීයක් විතර යනකොට එච්චරම බෑවුම්නැති කන්දෙ අයිතිකාරයෝ බෝංචි... කැරට්... ගෝවා... පේලිපේලිවගා කරලා.

කලුවර වැටෙනකල් කියලා මම පිළිකනලිකන්නේ උඩපඩියේ ඉදගෙන ඉස්කෝලෙට අලුතෙන්ආපු ළමයාගැන කල්පනා කරන්නගත්තා.

එයාගේ නම... ගම... විස්තර... ඉස්කෝලේපුරා පැතිරිලාගියේ බොහොම ඉක්මනට. සේරටමවඩා උනන්දුවෙන් එව්වාගැන කතාකලේ.ඉස්කෝලෙ සර්ලමිස්ලා!

"ඒළමයගේ අම්මානම් ඇඩ්මිනිස්ට්‍රෙශන්ලු..."

"අපෝ... මරු අම්මා! ලේලිගේ විස්තරේ නැන්දම්මගෙන් තමයි අහගන්න ඕනේ!"

"අනේ- අපේ ලොකු අම්මාත් ඩොක්ටර් ඇල්ලේපොළගෙන් බේත්ගන්නවා.. හරි හොඳයි. අපි නිකන්වත් දැනගෙනහිටියේ නෑනේ එයාගේ පුතාත් හාට් පේශන්ට්කෙනෙක් කියලා.... පව්නේ?!"

"තෝමස්එකෙන් අයින්කරලා මොකට මෙහෙදැම්මද මන්දා, අනේ..."

"ප්‍රින්සිපලුත් අහලා ඕකම... එහෙයන්න එන්න දුරවැඩියි කියලලු... "

මම වතුරබොන්න යන්නේ ස්ටාෆ්රූම් එක පිටිපස්සේ තියෙන ටැප්එක ලඟට. එතනට කොල්ලො එන්නෙත්නෑ.. ආවත් ටීචර්ලට පේනනිසා විහිලුකරන්නෙත් නැහැ. වතුර බොනටිකට ඕක ඇහෙනකොට මටත් හිතුණා, ඇත්ත.. දොස්තරලම දෙන්නෙක්ගේ පුතෙක්ට හොඳකරන්න අමාරුවිදිහක හදවත් ලෙඩක් තියෙනවා කිව්වහම කවුද විස්තර හොයලා නොබලන්නේ. ඒක හරියට ලොකු විහිළුවක් කියලයි මට දැනුනේ.

මාව පුදුමයට පත්කළේ සයනංකගේ විස්තර නෙමෙයි.

සයනංක මට කතාකරපු විදිය...

ආදී කියලා..

සුරතල් නමකින් මට කතාකරලා තියෙන්නෙ ජීවිතේටම දෙන්නෙක් විතරයි. අක්කා චූටි මල්ලි කිව්වට වෙනමල්ලියෙක් හිටියේත් නැහැ. සමහරවිට පොඩිකාලේ අක්කටවඩා මම ගොඩක් පොඩිනිසා වෙන්නඇති එහෙම කිව්වේ. දෙවෙනියට නම ඇරෙන්න වෙනත් නමකින් කතාකලේ දෙව්පසන්. ඒ.. ආදී කියලා.

දෙව්පසන් මගේ නික්නේම්එක වෙනකාටවත් කියන්න තරම් මෝඩයෙක්ද?. ඌ හොඳටම දන්නව ඔය නම ඉස්කෝලේ හැත්ත දැනගත්තොතින් ඒකම කැරකිලා මාව බයිට්කරන්න එනබව. එහෙම නැත්නම් තෝමස් ගියකෙනෙක්නිසා මූට කිව්වද?

අලුත් ලමයා - සයනංක - කතාකරද්දී මට මතක්වුනේම දෙව්පසන්ව. සයනංක කතාකලෙත් නාහෙටනාහන... කාටත්වඩා තමන්මහරි කියලා හිතාගත්ත ආඩම්භරකමයි මිත්‍රශීලීකමයි හරිමැදින්වැටුණු ශයිලියකින්.

දෙව්පසනුත් කප්කේක් කන්න හෙනම පිස්සා!

දෙපසන්ට කේක්එකක් වෙනකඩෙකින් අරගෙන කන්නබැරිකමක් තිබුනා නෙමෙයි. ඕනේනම් ගෙදරවුනත් හදාගන්න තිබුනා. අන්න ඒ නිසයි මම හිතුවේ දෙව්පසන් හැමදේකටමවඩා මගෙන් කප්කේක් ඉල්ලන්න පුරුදුවෙලාහිටියේ මගේ විනෝදාංශයගැන මාව උනන්දුකරවන අදහසකින් කියලා.

සයනංක කතාකරද්දි මට මතක්වුනේම පසන්ව!

මට ආච්චිගේ උපන්දින කේක් කතාව ආයෙමත් මතක්වුනා. උනන්දුවෙන් හදපු අන්තිම බර්ත්ඩේ කේක්එක හැදුවේ දෙව්පසන්ට. ඊටපස්සේ ඕඩර් බාරගත්තානම් එකක්දෙකක් විතරයි.

බැටර්බෝල්එක දකින වාරයක්ගානේ මතක්වුනේ අන්තිමදවසේ දෙව්පසන් කුස්සියේ පුටුවේ ඉඳගෙන ඒක හූරගෙන කාපුහැටි! මම කුස්සියටගිහිල්ලා කෙක් මිශනය හදන්න අමුද්‍රවය මනින්නගත්තා. හිතලම චුට්ටක් පිටි වැඩිකලේ සයනංකව මතක්වෙලා. කප්කේක්ටික බේක්කරලා අවන්එකේම තිබ්බොතින් උදේට එකක්දෙකක් අයිසින්කරනඑක විතරයිනේ...

* * * * *

"අයිසින් කප්කේක් ගන්නෙත්නෑ, ලමයි..." ආච්චී උදේම රවලාබලලා කිව්වා.

පුරුද්දක් හැටියට කේක් කඩේටදාන දවසට මම සේරම ආච්චිගෙ කඩේට ගෙනල්ලාදීලම තමයි පන්තියට යන්නේ. උදේ හීතලට ස්කූල් ජර්සියට උඩින් තවත් ජැකට්එකක් දාගෙනහිටි මම ශෝකේස් එකේ පැත්තකින් කේක් කෑලි පිලිවෙලට අඩුක්කලා.

"පැත්තකින් තිබ්බා. ඇහුවොත් දෙන්නකෝ..."

"සීයකටවත් දෙන්නවෙයි... මොකටද මේ දම්පාට අයිසින්?"

".................."

"හැබැයි ඉතිං ලාබෙන් දෙන්නේ පහලොවම තමයි..."

"කමක් නෑ..."

"කමිසයක්වත් මහගනින්... උඹලගේ පන්තියේ මිසුත් කිව්වා ජර්සියයි කමිසෙයි ගොනයි මීමයිවගේ කැපිලා පේනවා කියලා..." ජැකට් එක මැද්දෙන් පේන කමිසේදිහා බලං ආච්චි මිම්නුවා.

මිස්? ඒකිටත් ඕන්නැති මගුලක්නෑ!

"ශර්ට් එකකට මෙශම්න්ට් අද දෙනවා ආච්චි..."

"කලිසමකුත් මහගනිං... හිරවෙලා තියෙන හැටියට බිමට නැවුනත් පල්ල ඉරෙයි!"

"හා ආච්චි..."

"අලියාවගේ ලොකුවෙලා... අවුරුද්දක්ගානේ මහන්න කෝ සල්ලි?" ආච්චි අන්තිමටික කිව්වේ මට ඇහෙන්න හිතාගෙන නෙමෙයි මං හිතන්නේ... ඒත් ශුවර්නැ.

මම කඩේ පිටිපස්සේ දොරින් පිටවෙලා ටිකක් ඉස්සරහට ඇවිදගෙනගිහින් දෙපැත්ත බලලා පාරටබැස්සා.

පංතියට යද්දී මම විතරයි.

ඉස්කෝලෙත් ලමයි එක්කෙනයි දෙන්නයි.

පාන්දර අහැරිලා පුරුදුවුනාට ඉස්ස්කොලෙට ගියාටපස්සේ ටිකක් නිදිමත. මම වෙනදාවගේම පන්තියෙ පිටිපස්සේම ඩෙස්ක්එකට ගිහිල්ලා ඉඳගත්තා. උසස්පෙළ ගණිතය පන්තියේ ඉස්සරහ පෝලිම කිසිම අවහිරයක් නැතුව පේනවා.

ඉස්සර දෙව්පසන්ගේ පංතියෙ.

දැන් අලුත් ළමයාගෙ.

සයනංක රෝදහයිකරපු ස්කූල් බෑග්එකකුත් බිමදිගේ ඇදගෙන ඉබ්ගමනින් ඇවිදගෙන පන්තියට එනවා මම බලාගෙන. ප්ලාස්ටික් රෝද බිම වැලිවල ඇතිල්ලිලා හීන් හඬක් නංවනවා. එයාගේ අතක මම උදේ දම්පාටින් අයිසින්කරපු කප්කේක්එකක්.

එයා කප්කේක් එක උඩට උස්සලා දෙපැත්තට වැනුවා.

"තෑන්ක්ස් ආදී..."

මම බෑග්එකෙන් පොතක් අරගෙන ඒකදිහා බලාගත්තා.

මම හිතුවා ඌ පංතියට යයි කියලා.

නෑ...

සයනංක මට පේන්න මුලු කේක්එකම හිටගෙනම කාලා තමයි පංතියට ඇතුල්වුනේ!

පාරමීත් පන්තියේ වාස්එකට දාන්න කහපාට සූරියකාන්ත මල්වගේ පාරදෙපැත්තේ හැදෙන කැලෑමල් මිටියක් අතේතියාගෙන මතුවුනවා දකිද්දී මම අහකබලාගත්තා.

සයනංකට ලංවෙන්න මම තියපු පළවෙනි අඩිය ඒ දම්පාට අයින් කප්කේක් කෑල්ල කියලා මම කීයටවත් හිතුවේනැහැ.

සයනංක ඇල්ලේපොල ලොකු රහසක් හංගෙනහිටියා. මම එදා ඒ කප්කේක්එක නොහැදුවානම් සමහරවිට ඒ රහස සයනංකත් එක්කම මගෙන් ඈතටයන්න තිබුනා කියලා මට තේරුනේ ගොඩකලෙකට පස්සෙයි.

මතු සම්බන්දයි....











Continue Reading

You'll Also Like

162K 33.2K 58
Non fictional BL වසන්තය ලඟ නතර වුන පියුම...
998K 41.3K 53
ငါလား.... စိတ်ချ...... နိဗ္ဗာန်ရောက်ရင်လည်း မင်းကိုပဲ ချစ်နေအုံးမှာ.......... သုနေတင်ထွဋ် ကမ္ဘာပျက်သလို လေပြင်းမိုးသံတွေထ...
24.5K 4.7K 31
ප්‍රසිද්ධ ව්‍යාපාරික යුවලකගේ එකම පුතා වුණු ආදිත්‍ය බෝපිටිය ශ්‍රවණ ආබාධිත තරුණයෙක්. දෙමාපියන්ගේ හදිසි වියෝවෙන් පස්සේ ආදිත්‍යට සමාගමේ ප්‍රධානියා හැටියට...
40.7K 7.8K 35
(Non fictional BL) මේ ලෝකේ ඉන්න ලොකුම බොරුකාරයා කවුද? _ ඒ මම.