Baby Bully ✔️

Von sanju_54321

20.3K 3K 370

Baby bully Taehyung Nerd daddy Kook Mehr

INTRO
CHAPTER 1
CHAPTER 2
CHAPTER 4
CHAPTER 5
CHAPTER 6
CHAPTER 7
CHAPTER 8
CHAPTER 9
CHAPTER 10
CHAPTER 11
CHAPTER 12
CHAPTER 13
CHAPTER 14
CHAPTER 15
CHAPTER 16
CHAPTER 17
CHAPTER 18
CHAPTER 19
CHAPTER 20
EPILOGUE

CHAPTER 3

892 146 15
Von sanju_54321

සතියම කෙනෙක් ජන්කුක් කොලේජ් එනකම් ඉවසීමක් නැතුව බලාගෙන හිටියේ තමන්ගේ හිත හොරකම් කරපු ජන්කුක් ව හම්බ වෙලා වැඳලා හරි සමාව ඉල්ලලා තමන්ගේ ආදරේ ප්‍රකාශ කරන්න.

ඔව්. ඒ වෙන කෙනෙක් නෙවෙයි... ටේහියුන්ග්. තමන් කරපු ගොඩක් දේවල් වලට ටේහියුන්ග් හදවතින්ම පසුතැවුණා. ජන්කුක් ගැන හිතේ ආදරයක් ඇති වුණ දවසේ ඉඳලා ටේහියුන්ග් තමන් කරදර කරපු ළමයි දිහා අනුකම්පාවෙන් බලන්න පටන් ගත්තත්, එයා ඒ කරගෙන ගිය කරදර කිරීම් නම් නැවැත්තුවේ නෑ. ඒ නම් මේ සතියේ එක දවසක්වත් ජන්කුක් කොලේජ් නාව නිසා තිබුණ කේන්තියට.

මාස දෙකක් ගෙවිලා ගියේ නිවාඩුව ඉවර කරලා. ඒ කාලේ ඇතුලත ඩිනර් වලට හොබීගෙ ගෙදරට කතා කරපු හැම දාම ටේ කළේ මොකක් හරි බූත උත්තරයක් දීලා මගහරින එක.

ඒ හැම දවසකම හොබී ගෙ පුතා හරිම සතුටින් ජින්, නම්ජුන්, යුන් ගී වගේම තමන්ගෙ ඔම්මයි අප්පයි එක්ක රෑ කෑම ගත්තෙ හරිම සතුටින්.

යුන් ගී ටේ ගැන කට්ටියට කියද්දි හැමෝම හිනා වුණේ ටේ ජන්කුක් ගැන මේ තරම් බලාපොරොත්තු තියාගන්න පටන් ගත්තේ කොහොමද කියලා හිතන ගමන්මයි.

🐼 දැන් කූකී.. ඔයා කැමතිද අපේ එකාව භාරගන්න. මම දන්නවා ඇත්තටම මම මේ වගේ දෙයක් අහන්න හොඳ නෑ කියලා.

ජින් කිව්වෙ ටෙබොක්කි කන ගමන් ජන්කුක් දිහාට හැරිලා. ජන්කුක් නම් හිටියේ එයාගේ ඩයට් ප්ලැන් එකට අනුව බනානා මිල්ක්ෂේක් එකක් විතරක් බොන ගමන්.

ජින්ගෙ ප්‍රශ්නෙට ජන්කුක් ගාව හොඳ උත්තරයක් තිබුණා.

🐰 ටේහියුන්ග් අසරණ අයට සලකන විදිහ එච්චර හොඳ නෑ ජින් අන්කල්. ටේහියුන්ග් හෝසොක් ගේ පුතා කියල කියන පෝසත් කොල්ලට නැතිව ජන්කුක් කියන දුප්පත් කොල්ලට කැමතියි නම්.., ඒ දුප්පත් කොල්ලා එක්ක දුප්පත් ජීවිතයක් ගෙවන්න කැමතියි නම් මම එයාව හදලා ගන්න විදිය හොඳටම දන්නවා. ඔයාලා මට උදව් කරනවා නම්....

ජන්කුක් කිව්ව දේ හරිම පරිණත දෙයක් වුණා. හෝසොක් වගේම නම්ජුනුත් එයාට උත්තර දුන්නෙ එක පාරටම යි.

🐨🐿️ කියන්න පුතා.. අපෙන් වෙන්න ඕන මොකක්ද...

ජන්කුක් තමන්ගේ හිත ඇතුලේ තිබ්බ අදහස කිව්ව ගමන් කට්ටියම ඒකට එකඟ වුණා. එයාලා ජන්කුක් ට කැමැත්ත දුන්න නිසා ජන්කුක් නිවාඩුව ට පස්සෙ ආපහු කොලේජ් ගියේ පරණ පුරුදු නර්ඩ් ටයිප් එකටමයි.





















_____________________________________

"ආ.. අන්න ටේහියුන්ග් ගේ ගොදුර ඇවිල්ලා.."

ළමයි කියනවා ඇහුණත් ජන්කුක් බිම බලාගෙන කට කොණකින් හිනා වුණේ දැන් ටේහියුන්ග් ගේ ගොදුර ජන්කුක් නොවී ජන්කුක් ගේ ගොදුර බවට ටේහියුන්ග් පත් වෙන්න යන එක තාමත් රහසක් නිසා.

කොහොමින් කොහොම හරි ජන්කුක් ලොකර් රූම් එකට ගියේ තමන්ගේ පොත් පත් ටික එලියට ගන්න කියලා හිතාගෙන. පොත් අරගද්දි ලොකර් රූම් එකට කෙනෙක් එනවා දැක්ක ජන්කුක් සද්ද නැතුවම ආපහු ලොකර් රූම් එකෙන් එලියට යන්න හැදුවා..

ඒත් ජන්කුක් ගේ අතින් ඇදලා අරගෙන එයාව බිත්තියට හේත්තු කරපු ටේහියුන්ග් ජන්කුක් ගේ බොල ඩෝ ඇස්
දිහා බලාගෙන හිටියා. ජන්කුක් දන්නවා ටේහියුන්ග් ඇයි මෙහෙම කරන්නේ කියලා. එයාට ජන්කුක් ගේ අවධානය තමන්ගේ පැත්තට හරව ගන්න ඕන වෙලා.

" ටේහියුන්ග්.. මොකද මේ."

ජන්කුක් ගේ කටහඬින්, ජන්කුක් ගේ ඇස්වල අතරමං වෙලා හිටිය, ඒ ඇස් දෙක කියවන්න අපහසු උත්සහයක් දරපු ටේහියුන්ග් ඒ ලෝකෙන් එලියට ආවා.

"මො.. මොකුත් නෑ"

ටේහියුන්ග් කිව්වේ කවදාවත් වගේ නැතුව ජන්කුක් ව අත්හරින ගමන්. එයා බිම බලාගන්නවා දැක්ක ජන්කුක් කට කොණකින් හිනා වුණා. ටේට හොරෙන්...

" ඇයි ටේහියුන්ග්. මට ඔයාගේ වැඩ හොඳට පුරුදුයි. මට කියලා කරවගන්න මොනාහරි දෙයක් තියෙනවද..? මේ හිඟන කොල්ලා අතින් ඔයාට......."

ජන්කුක් කියාගෙන කියාගෙන යද්දි තමන්ගෙ ලස්සන දිග හීනි දබර ඇඟිල්ල ජන්කුක් ගෙ තොල් උඩ තියලා ජන්කුක් ව නවත්තපු ටේ එක පාරටම කදුලු පුරෝගන ජන්කුක් දිහා බලලා එක පාරටම ජන්කුක් ව බදා ගත්තා.

" මං මහ නරකයි නේද...? යෙශ් මම ගොඩක් නපුරු වුණා ඔයාට. මගේ නරක කමට සමාව දෙනවද.. මම ආයෙ ඔයාට රිද්දන්නෙ නෑ මම පොරොන්දු වෙනවා. ඇත්තටම මං මේ කියන්නේ. මට සමාවෙන්න ජන්කුක්..."

ටේ ජන්කුක් ගේ උරහිසට ඔලුව තියාගෙන, ජන්කුක් ව බදාගෙන අඬන්න ගත්තම ජන්කුක් ගෙ අතත් හෙමීට ටේ ගේ ඔලුව අතගාන්න ඉස්සුනත්, ජන්කුක් උවමනාවෙන්ම තමන්ගේ අත් පාලනය අත ගත්තා




🐰 ඔයා ඕක නවත්තන්න ටේහියුන්ග්. මම දන්නවා තව විනාඩියකින් ඔයා අර පරණ හිනාව දාලා මට කියයි මේක ප්‍රෑන්ක් එකක් ය... මාව පොඩ්ඩක් බයිට් කළාය කියල.

ජන්කුක් කිව්වේ කිසිම විශ්වාසයක් නෑ වගේ කටහඬකින් උනත් එයා ඇත්තටම දැනන් හිටියා ටේහියුන්ග් ඇත්තටම තමයි සමාව ඉල්ලන්නේ කියලා.

"අනේ නෑ නෑ... මම එහෙම කරන්නේ නෑ. අනේ මට තුරුල් වෙලා චුට්ටක් අඬන්න වත් දෙන්නකො සමාව දෙන්න බැරි නම්."

ටේහියුන්ග් කිව්වේ තවත් තදින් ජන්කුක් ව බදාගෙන ඉකි ගහන ගමන්.

" මනුස්සයෙක් අඬන්නෙ වේදනාව පිට කරන්න ටේහියුන්ග්. කාගෙන්වත් අනුකම්පාව බලාපොරොත්තු වෙලා නෙවේ. මම ඔයා ඉස්සරහ අඬපු හැමදාම ඔයා කිව්වෙ අවධානය දිනා ගන්න අඬනවා කියලා.

ඒත් ඇත්ත ඒක නෙවෙයි ටේහියුන්ග්. වේදනාව පාලනය කරගන්න තමයි මම ඇඬුවේ. ඔයා මට දරුණු විදිහට කෑ ගැහුවා වුණත් මම ඔයාට එහෙම කෑ ගහන්නේ නෑ ටේහියුන්ග්.

මොකද මම අනිත් අයට වඩා වැඩියෙන් වේදනාව අඳුනන නිසා. අඬන්න ටේහියුන්ග්. ඇති තරමක් අඬන්න. ඒත් සමාව නම් මගෙන් ඉල්ලන්න එපා. මට ඒක ඔයාට දෙන්න විදියක් නෑ.

මට ඔයාට සමාව දෙන්න බැහැ.. "






ජන්කුක් සාවධානව කියද්දී ටේහියුන්ග් තේරුම් ගත්තා කඳුලක වටිනකම. කඳුලක් එලියට එන්නෙ මොන තරම් නම් වේදනාවක් කැටි කරගෙනද...

පපුව තෙරපගෙන එන වරදකාරී හැඟීම කඳුලු වලින් පිටට යද්දි ටේහියුන්ග් ජන්කුක් ට තවත් කිට්ටු වුණා.

ජන්කුක් ගේ ඇඟිලිවලින් තමන්ගේ කඳුළු පිහිනවා දැනුණු ටේහියුන්ග් බෝල කරගත්ත එයාගෙ පපී අයිස් වලින් ජන්කුක් දිහා බැලුවා.

ජන්කුක් එක පාරටම හිනා වුණා. අනේ ඒ හිනාව.. හරිම ලස්සනයි. ජන්කුක් දිහා බලාගෙන ටේහියුන්ග් හිතුවා.

" මො.. කද හිනා වෙන්නේ..?"

ටේහියුන්ග් ඇහුවේ කොලේජ් එකේදි කවම දාක වත් ජන්කුක් ටේහියුන්ග් නිසා හිනා වෙලා හිටියේ නැති නිසා

ඒ අවසරයෙන් ටේහියුන්ග් ව බිත්තියට හේත්තු කරපු ජන්කුක් කියාගන්න බැරි තරම් ඩීප් ලුක් එකකින් ටේහියුන්ග් දිහෑ බලාගෙන හිටියා.

" බේබි..... "

ජන්කුක් කිව්වම ටේ ට උඩබිම අමතක වෙලා ගියා. ජන්කුක් එයාට බේබි කියලා කිව්වා...?

" මම ඔයාට තමයි බේබි කිව්වෙ මගේ බේබි bully..."

ජන්කුක් කට කොණකට හිනා වෙලා කිව්ව ගමන් ටේහියුන්ග් ඒක පාරටම පිණි ජම්බු ගෙඩියක් වගේ රෝස ගැහිලා බිම බලාගත්තා. ටේහියුන්ග් රතු වෙච්චි නිසා තවත් හිතට විශ්වාසය ඇති කරගත්ත ජන්කුක් ටේහියුන්ග් ට කතා කළේ තමන්ගේ දබරැඟිල්ල ටේ ගෙ නිකටට තියලා ටේගෙ මූණ තමන්ගේ ගානට උස්සලා.

" ශා... වාව් බේබි... කවුද හිතුවේ මගේ bully මේ තරම් ලැජ්ජකාරයෙක් කියලා. අද මම ඔයාට එක අවස්ථාවක් දෙන්න තීරණය කළා... අදින් පස්සෙ ඔයා කාව වත් bully කරන්න බෑ. තේරුණාද...?"








ටේහියුන්ග් ගේ බෙල්ලට පාත් වෙලා ටේහ්‍යුන්ග් ගේ බෙල්ලේ ජන්කුක් වෙට් කිසස් කිහිපයක් තියපු වෙලාවෙ ටේහ්‍යුන්ග් කරන්න බලාපොරොත්තුවක් හිටියෙ නැති වුණත්, එයා සිහින් කෙඳිරියක් පිට කළා.

ටේහ්‍යුන්ග් ගේ කිරි පාට බෙල්ල සක් කරලා එතන hickey එකක් තියපු ජන්කුක් ටේ දිහා බැලුවා.


ටේ දාඩිය ට පෙඟිලා පුදුමෙන් බලාගෙන හිටියා ජන්කුක් මේ මොනවද කරන්නේ කියලා. කවදාවත් ජන්කුක් මේ වගේ දෙයක් කරයි කියලා එයා තියා මේ කොලේජ් එකේ හිටි බල්ලෙක්වත් බලාපොරොත්තු වුණා කියලා ටේහියුන්ග් හිතුවේ නෑ.

ඒ වුනාට ඒක පස්දෙනෙක් බලාපොරොත්තු වුණා. ඒ වගේම එයාලා දැනන් හිටියෙ ටේ කොහොමත් ජන්කුක් ට විතරයි පාලනය කරන්න පුළුවන් කියලා.

ඒ වුණත් ටේ එකපාර පසුබහින්නත් කැමති නෑ. එක පාරටම යටත් වෙන්න බැරි තරම් උඩඟුකම ටේහියුන්ග් ගාව තිබුනා.






"මොකද ජන්කුක්..? මම එහෙම නොකළොත් ඔයා මට මොකක්ද කරන්න හිතාගෙන ඉන්නේ. අමතක කරන්න එපා තාමත් තමුසෙ දුප්පත් හිඟන කොල්ලෙක් විතරයි කියලා..."


ටේහියුන්ග් එහෙම කිව්වා වුණත් ජන්කුක් කට කොණින් හිනා වුණා. තමන් ටේගේ බෙල්ලෙ හදපු ලව් බයිට් එක හිමින් ජන්කුක් ඇඟිල්ලෙන් පිරිමදිද්දි ටේහියුන්ග් ඇස් දෙක පියා ගත්තා.

" මට මොනවද කරන්න පුළුවන් කියලා ඔයාට මම ඒ වෙලාවට පෙන්නන්නම් බේබි.. හ්ම්... "

ටේහියුන්ග් නම් දරලා හිටියේ කොලේජ් එකේ සෙක්සි ම ඒ වගේම කවදාවත් කවුරුවත් ඉස්සරහ දෙකට නැවුණේ නැති කොලේජ් එකේ bully විදිහට. ඒත් ජන්කුක් මේ විදිහට ටේව අල්ලද්දි ටේ ට දැනුණේ සමනල්ලු දාහක් තමන්ගේ බඩේ පිනුම් ගහනවා වගේ....


" ඔයා මතක තියාගන්න බේබි දැන් ඔයා රූල් කරපු කාලෙ ඉවරයි. දැන් ආවෙ මම ඔයාව රූල් කරන කාලේ. මම ඔයාට හැදෙන්න කල් දුන්නා බබා.

තව එක පාරක් හරි ඔය වගේ දේවල් කරලා අහු වුණොත් ඔයා ට පනිශ්මන්ට් හම්බ වෙනවා මගෙන්.. මතක තියාගන්න. This was just a love bite.. There are things more than this I can do to you. So.. Be careful about your actions babyboy...."


ජන්කුක් එහෙම කියල ටේහියුන්ග් ව අතහැරලා තමන්ගේ පොත් ටිකත් අරගෙන ලොකර් රූම් එකෙන් එලියට ගියා.

ටේහියුන්ග් ලප් තැනම ලොප් වෙලා බලාන හිටියේ ගල් පිලිමයක් වගේ. ජන්කුක් මොකුත් නොකරපු පොඩි එකා වගේ ඔලුවත් බිමට හරවන් ලොකර් රූම් එකට අහල පහල උන්නු ඕපදූප හොයන හැතිකරේ ජන්කුක් දිහා අනුකම්පාවෙන් බැලුවෙ එයාට අදත් ටේ මොනාහරි කරලා කියලා හිතාගෙන.




_____________________________________

ජන්කුක් ගියාට පස්සේ ටික වෙලාවක් ඒ විදියට ම හිටපු ටේහියුන්ග් ආයෙමත් පියවි සිහියට ඇවිත් ලව් බයිට් එකත් ස්කාෆ් එකකින් වහගෙන එලියට ආවා.







තමන්ගේ ආදරවන්තයා ඒමත් නැත්නම් ක්‍රශ් එක වෙනස් වෙලා තියෙන තරම ගැන ටේහියුන්ග් පුදුම වුණා. ඇත්තටම ජන්කුක් තවදුරටත් ටේ බලාපොරොත්තු වුණ ජාතියේ අහිංසක කොල්ලෙක් වුණේ නෑ.



තමන් ජන්කුක් ට ආදරේ කරන්න පටන් ගන්න කලින් දැක්ක හෙන ගොඩේ පෙනුමට වඩා ජන්කුක් ඉඳලා හිටලා කේන්ති ගත්තම කට කොණකින් හිනාවෙන කොට, ටේ ට හිතුණේ තමන්ගේ කකුල් දෙක පණ නැති වුණා කියල...

ඒ මොක වුනත් ජන්කුක් ට ඒ හොට් පෙනුම ලැබෙන්න හේතුව තමන් තමයි කියද්දි නම් ටේ ට ආවෙ පුංචි ආඩම්බරයක්. ඒ වුණාට තමන් ට විතරක් පෙන්නන මේ අමුතු සැර රූපෙට ටේ වශී වුණා.




ජන්කුක් ගේ ඒ සයිඩ් එක අවුස්ස ගන්න එයාට ආසාවක් ඇති වුණේ නැහැ කියලා කිව්වොත් ඒක බොරුවක්. ඒ හස්කි වොයිස් එක කන ලඟින් ඇහෙද්දී කොන්ද දිගේ වැටුණු හිරියට ටේ පිස්සු වැටුණා.


ඒක මතක් වෙන පාරක් ගානේ ටේහියුන්ග් පිනි ජම්බු වගේ රෝස වෙලා ගියේ කවදාවත් කවුරුත් නිසා රතු වෙන්න තියා හිතුවෙත් නැති ටේහියුන්ග් මද මේ කියලා තමන්ටම කියාගන්න ගමන්.

කොරිඩෝව දිගේ ජන්කුක් ගෙ සිහියෙ ඇවිදන් ගිය ටේහියුන්ග් දැක්කා තවත් පිරිමි ළමයෙක් එක්ක ජන්කුක් හිනාවෙවී කතා කරන විදිහ..

ජන්කුක් ව තව කෙනෙක් එක්ක දකිද්දි තමන්ට කේන්ති ගියේ ඇයි කියලා වත් ටේහියුන්ග් දැනගෙන හිටියේ නෑ. එයා එතන ජන්කුක් එක්ක කතා කරකර හිටපු ළමයට අපාය පෙන්නන්න කියලා හිතා ගත්තෙ ජන්කුක් අනිත් අයත් එක්ක ඉද්දි දැනුණු පැහැදිලි ඉරිසියාව පැහැදිලිවම ටේහියුන්ග් ව කෝප ගන්වද්දි...







මතු සම්බන්ධයි

Weiterlesen

Das wird dir gefallen

1.3K 276 8
The black swan of the Atlantic Ocean is like a legend, although it is still alive, destroying pirates' ships and stealing their wealth.. Published :...
4.1K 742 19
මාද ආදරයේ වහලෙකු වී ඇත. මාද ගැඹුරු ආදරයේ පැටළුනු නමුදු එයින් පැන යාමට වෙහෙස නොවන්නෙක්මි, ඒ මත්තේ ජීවත් වන්නෙක්ම පමණි. Published day - 11.08.2022 Fini...
42.4K 8.4K 46
Bloom The Spring 🌷 through the cold in winter ❄ I n the darkness A m the brightness M orning and in the Y outhful night... O ver the galaxy U...
383K 13.2K 33
A gangster falls for a southern belle. Will she be able to tame her? A Rihyoncé story