VegasPete Beginning of the lo...

By rashiyoshora

4.9K 378 114

This is a fan fiction story by VegasPete.. In this story Vegas and Pete find their love life and they start... More

part - 01
Part - 02
Part - 03
Part - 04
Part - 05
Part - 06
Part - 08
Part - 09
Part - 10
Part - 11
Part - 12
Part - 13
Part - 14
💜️💚
😭😭😭😭😭😭😭

Part - 07

187 22 8
By rashiyoshora

VegasPete Beginning of the love - 07

❤️Pete....

යහනේ වැතිර හුන් අප දෙදෙනාටම නින්ද ගොස් තිබූ අතර අප අවදි වන විට රාත්‍රිය එළැඹ තිබිණි. Vegas අවදි වීමට පෙරාතුව මා අවදි වූ අතර ඉක්මනින් සයනයෙන් බැස , නැවතත් මා ගත සෝදා සැහැල්ලු කමිසයකින් හා කලිසමකින් සැරසෙන්නට වූයේ රාත්‍රි ආහාරය පිළියෙළෙ කිරීම සඳහා ය.මා නාන කාමරයෙන් පිටතට පැමිණෙන විටදී Vegas අවදිව සිටියේය..

" how long have you been awake , Pete...?"

ඔහු විමසන්නට වූයේ සිය දෙවුර හකුලුවමින් නිදි ගැට හරිමිනි...

"දැන් ටිකක් වෙලා Vegas..."

"What are you going to do now..?"

"රෑ කෑම හදන්න කියලා.."

මා ඔහුට පැවසූයේ , මෙහි සේවයට කෙතරම් සේවකයින් සිටියද Vegas ට අවශ්‍ය වූයේ මා පිළියෙළෙ කරන්නා වූ ආහාර පමණක්ම වූ නිසාවෙන්...

"අද dinner out එකකට යමු.."

නිරුවතින්ම මා වෙත පැමිණි ඔහු මා දෙතොල් මත හාදුවක් තැබීමෙන් අනතුරුව නාන කාමරය වෙතට යමින් පැවසූයේ සතුටින් මා ඉපිළ යද්දි...

"මෙයත් වෙලාවකට හරිම හොඳයිනේ....ආදරෙයි මං..." මං හෙමිට මටම පවසා ගත්තේ සතුටින් උඩ පනිමිනි.

"මට ඒක ඇහුණා..." ඔහුගේ හඬ එක්වරම මා දෙසවනට වූයේ මා රත් පැහැයට හැරෙනා විටදී...

🌺🌺🌺🌺🌺🌺

ඔහු විසින් තෝරා ගනු ලැබූයේ අප නිවෙස අසළම පිහිටි අවන්හලකි.දෑත් අල්වා ගෙන අප දෙදෙනා පා ගමනින් එවෙතට යන්නට වූයේ රාත්‍රියේ මෙලෙස නිවසින් පිටතට පැමිණීම ඇත්තෙන්ම මිහිරි අත්දැකීමක් වූ නිසාවෙනි.

අවන්හල් දොර මෑත් කරමින් අප දෙදෙනා ඇතුළට වද්දී , අපගේ දෙනෙතට හසු වූයේ එයටම ආවේණික වූ අන්දමේ තේමාවකින් නිමව තිබූ අවන්හල පුරාම විසිර සිටි පෙම්වතුන් ය.අවන්හලට ඇතුළු වනවාත් සමඟම එහි කවුන්ටරය මත වූ රත් පැහැති රෝස මල් පොකුරෙන් Vegas මලක් ගෙන මා කණෙහි රඳවන්නට වූයේ ඔහුගේ දෑස් දීප්තියෙන් බබළමින් පවතින විට..

...පෙම්වතුන් ඔවුනොවුන් ඔවුනොවුන්ගේ ලෝකයන්හි තනි වෙමින් ඉතා ළෙංගතුව ආහාර ගනිමින් සිටිනු දක්නට ලැබුණු අතර අප දෙදෙනාද එහි වූ එක් මේසයක් වෙත යන්නට වූයේ අපගේ රාත්‍රී ආහාර වේල භුක්ති විඳීම සඳහා ය....

🌸🌸🌸🌸🌸🌸🌸

රැයෙහි මැදියම වූ නිසාවෙන්ම මාර්ගයේ එතරම් මිනිසුන් දක්නට ලැබුණේ නැත.පරිසරයේ පැවති දැඩි නිහඬ බව බිඳුනේ අතරින් පතර ධාවනය වූ මෝටර් රථයක් හඬකිනි..ආහාර ගෙන අවසන්ව අවන්හලෙන් පිටතට පැමිණි අප දෙදෙනා ,එක්ව දෑත් පටලා ගෙන උසුළු විසුළු කරමින් නිවෙස කරා වන්නට වූයේ සැහැල්ලු වූ සිත් වලිනි.

අප සිටි අවන්හලේ ප්‍රධාන මාර්ගයට මුහුණ ලා වූ කොටස දීප්තිමත් අන්දමින් විදුලි එළියෙන් ආලෝකමත් වුවත් අනෙක් පස වූයේ දැඩි අන්ධකාරයකි.එපෙදස ආලෝකමත් කිරීමට පැවතීයේ එකම එක ළා කහ පැහැති මළානික එළියක් විහිදු වන්නා වූ විදුලි බුබුළකි.එමඟින් එපෙදෙසේ පැවතියා වූ දැඩි අන්ධකාරය නිවාලීමට කිසිම අයුරකින් හැකියාවක් නොවීය.අප නිවෙස කරා යායුතු මාර්ගය වූයේද ඒ පෙදෙසිනි.මාතින් අල්වා ගත් Vegas එම මාර්ගය දිගේ පිය නගන්නට වූයේ මා ඔහුට අවනතව ඔහු හා පැමිණෙන විටදී....

.....නමුදු නිවෙස කරා ගමන් කරනවා වෙනුවට ඔහු ගමන් කරන්නට වූයේ දැඩි අන්ධකාරයක ගිලී පවතින අවන්හලේ අනෙක් පස වෙතටයි.....

යම්තමින් අඳුරට ඇස හුරු වූ නිසා අවට පරිසරය දැක ගැනීමට හැකි වුවද හොඳින් වටපිටාව දැක ගත හැකි අයුරින් ආලෝකයක් නොමැති වූ නිසාවෙන් මා සිටියේ තරමක තැති ගැන්මකිනි.නමුදු Vegas කිසිම ආකාරයකින් බියක් නොදක්වා මාගේ අතින් අල්වා පැමිණ අසළ තිබූ බිත්තියට මා හේත්තු කරන්නට වූයේ සිදු වන්නේ කුමක්දැයි මා හට සිතා ගන්නට වත් ඉඩක් නොතබමින්.ඔහු මා බිත්තියට හේත්තුකරන තාක් කල් මා දෙනෙතට මේ බිත්තිය හසුව තිබුණේද නැත...

මා බිත්තියට හේත්තු කරනවාත් සමඟින් ඔහු මා දෙතොල් සපමින් උරා බොන්නට වූයේ මාගේ දෙතොල් දැඩි සේ වෙහෙසට පත් කරමින්.ඔහුගේ වියරු වූ සිපගැනීම් හමුවේ මා සිටියේ ඔහුට ඇති වන තාක් කල් මා සිප ගැනීමට ඉඩ සලසා දෙමිනි..

....මිනිත්තු පහක්....
දහයක්...නැත...කොපමණ වේලා ගත වූ දැයි මම නොදනිමි.ඔහු මාගේ දෙතොලින් ඉවත් වූයේ මා දෙතොල් පැලී ගොස් රු...රය වහනය වීමට පටන් ගත් විටයි.එම මොහොතේ මා හට පුපුරා ගොස් තීබු දෙතොලින් වහනය වන්නා වූ රු..රයේ රසය හොඳින්ම දැනෙන්නට විය...

ඒත් සමඟින් ම මා අසළ දෙදණින් වැටුණු ඔහු මා බඳ පටිය ලිහිල් කරන්නට වූයේ මා ඔහුව දෑතින් තල්ලු කරනා විටදී.....නමුදු ඔහු මා හට අවනත වන බවක් කිසිසේත්ම දක්නට නොලැබිණි...

ක්‍රමයෙන් මා ගතෙහි වූ සළු ඉවත් වද්දී ඔහුගේ මුවෙහි වූ දැඩි උණුහුම් පහස මාගේ අතිශයින් සංවේදී පෙදෙස් කරා යොමු වන්නට වූයේ මා මාගේ පියවි සිහියෙන් බොහෝ දුර ගෙන යමින්. මාගේ බඳ වටා සිය දෑත් යවමින් ඔහු සිය මුව දෙසට මා තව තවත් ඇඳ ගත්දී මාගේ හැඟීම් පිබිදෙන්නට වූයේ පෙර නොවූ විරූ විලසින්.ඒත් සමඟින් ඔහුගේ හිස මත නතරව තිබූ මා දෑත් ගෙන ,මා මාගේ මුව වසා ගන්නට වූයේ මා මුවින් පිටවන දැඩි කෙඳිරිය නවත්වා ගැනීමේ ඉතා අසීරු වූ උත්සාහයක යෙදෙමින්...

අඩ හෝරාවකට පමණ පසු ඔහු සිය මුව මවෙතින් ඉවතට ගත් අතර , මා හට දැනෙන්නට වූයේ මා දෙපා අප්‍රාණික වී ඇති සෙයකි.දෙදෙණ වෙව්ලන්නට වූ අතර මා සිතුවේ මා බිමට ඇඳ වැටෙතැයි සිතා ය.ඒත් සමඟින් මාගේ සිතුවිලි තේරුම් ගත්තාක් මෙන් මා වාරු කරගත් ඔහු , ඔහු විසින්ම ඉවත් කරන ලද වස්ත්‍ර නැවතත් මා හට අන්දවා,මා ඔහුගේ දෑතට ගෙන නිවෙස කරා පියමනින්නට වූයේ මාගේ නළලත මත මුදු හාදුවක් තබමිනි...

Continue Reading

You'll Also Like

15.6K 1.5K 32
HASRAT - හස්ර(ත්)ට් Boy × Boy | 18 + Completed Categories - Romance & Drama Indian based sinhala fiction 🇱🇰 🇮🇳 ප්‍රේමයේ ප්‍රාර්ථනා ඉටුවූවද ඉටුන...
209K 4.3K 47
"You brush past me in the hallway And you don't think I can see ya, do ya? I've been watchin' you for ages And I spend my time tryin' not to feel it"...
576 83 7
"නිවෙන්න ඇවිල්ලෙන්නම ඕනෙද හ්‍යුන්ජින් ? පිටින් නිවිලා ඇතුලෙන් ඇවිලෙන මිනිස්සු ඕනතරම් මේ ලෝකෙ ඉන්නවා .." ~ I just wanted to you know ..That baby ,yo...
169K 17.7K 23
"𝙏𝙤𝙪𝙘𝙝 𝙮𝙤𝙪𝙧𝙨𝙚𝙡𝙛, 𝙜𝙞𝙧𝙡. 𝙄 𝙬𝙖𝙣𝙣𝙖 𝙨𝙚𝙚 𝙞𝙩" Mr Jeon's word lingered on my skin and ignited me. The feeling that comes when yo...