හැමෝම කියනවා...
"අද නම් ඔයා ගොඩක් ලස්සනයි..
බලන් ඉන්නත් ආස හිතෙනවා.. "
ඒත් මට නම් ඔලුවට දැනුනෙ පුදුම වේදනාවක්. ගෑනු ළමයෙක්ගෙ ජීවිතේ ලස්සනම දවස අද වගේ දවසක්ලු. එයාලා ගොඩක් සතුටු වෙන්නෙ අද දවසෙලු. ඒත් මට දැනුනෙ මාව හිර කූඩුවක හිර කරන්න යනවා වගේ හැඟීමක්. අඳින් පස්සෙ මට කිසි නිදහසක් නෑ. වෙන මනුස්සයෙක්ට ඕනි විදිහට මට ජීවත් වෙන්න වෙන්නෙ අද ඉදන්. කවදා වෙයි කියල හිතපු දේවල්ද මේවා. මට නම් එහෙම ජීවත් වෙන්න ඕනිම නෑ. ඇයි මගෙ ඔලුවට මහා බරක් දැනෙන්නෙ.
අද මගේ wedding එක. මගේ අකමැත්තෙන් වෙන මගේ wedding එක. church එකේ benches හැම එකකම මිනිස්සු පිරිලා. මගේ තිබුන දුප්පත් කම නිසා අප්පා කිව්වෙ නම් පොඩියට wedding එක කරමු කියලා. ඒත් සල්ලිකාර මිනිස්සු දුප්පත් අපිට හැරෙන්නවත් බෑනෙ. සල්ලි බලයට මගේ ජීවිතේ විකුනන්න වෙලා. hall එකේ හිටපු මිනිස්සු හැමෝම ඉස්සරහ මට එයාගෙ wife විදිහටත් එයා මගේ husband විදිහටත් දිවුරුම් දෙන්න උනා.
මම Kiya. තවම අවුරුදු 21යි. university එකේ ඉගන ගන්න ගමන් ඉන්නෙ. ඒත් අප්පා වැඩ කරන තැන ඇති උන ප්‍රශ්නයක් නිසා මට ඒ company එකේ ownerගෙ පුතාව marry කරන්න උනා. මහ එපා කරපු මනුස්සයෙක්. මන් දන්නවා අදින් පස්සෙ මට ජීවත් වෙන්න වෙන්නෙ වහලෙක් වගේ.
wedding එකේ වැඩ සේරම ඉවර වෙලා හැමෝම church එකෙන් එලියට ආවෙ මමයි මගෙ නීත්‍යානුකූල සැමියයි පිටි පස්සෙන්. හැමෝම සතුටින්. ඒත් දෙන්නෙක් ඇරුනම. මමයි මගෙ අප්පයි. කරන්න වෙන දෙයක් නෑ මට. අප්පා පව්. එයා නොවිදිනා දුක් විදිනවා එතන. වෙන විසඳුමක් නෑ එයාව මේකෙන් ගලවගන්න. අද ඉදන් එයා විතරක් හරි සතුටින් ඉදීනෙ. මෙච්චර කල් එයා මගෙ සතුට වෙනුවෙන් එයාගෙ සතුට කැප කරා. අද මන් එයාගෙ සතුට වෙනුවෙන් මගෙ සතුට කැප කරනවා.
මගේ නීත්‍යානුකූල husbandගෙ එක අතක පැටලිලා දෙන්නත් එක්ක ගියේ wedding car එක තිබුන තැනට. හැමෝගෙන්ම සමු අරන් මන් එයත් එක්ක කාර් එකට ගොඩ උනේ වෙන කොහෙවත් යන්න නෙවෙයි එයාගෙ ගෙදරට යන්න. මොකද මේක ඩීල් එකක් වගේ wedding එකක්. ඒත් මට මගෙ අප්පගෙ හිත පාරන්න බෑ.
කාර් එකේ යන අතර මගදි උනත් මට එයාගෙ මූනක්වත් බලන්න ඕනි උනේ නෑ. ඒත් මන් දැක්කා එයා හොරෙන් හොරෙන් මන් දිහා බලනවා. ඇයි කියලාවත් මට අහන්න ඕනි උනේ නෑ. ඒත් එයාට ඕනි උනා මාත් එක්ක කතා කරන්න.
" ඇයි තමුන්ට කතා කරන්න බැරිද ? "
ඔහුගේ හඬ රලුයි. ප්‍රහාරාත්මකයි. වේදනාකාරී. මගේ ඇගම සීතල වෙලා ගියේ හරියට ඒ මනුස්සයා මාව marry කරපු කෙනා නෙවෙයි මාව මරන්න ගෙනියන කෙනා කියලා.
" කන් ඇහෙන්නෙත් නැද්ද ? "
" ඇහෙනවා."
" ආහ් ඇත්තද ? හොදයිනෙ."
මට එවෙලෙම වාහනෙන් බැහැලා යන්න තරම් හැගීමක් ඇති උනේ. ඒ කතා විලාසය , ඒ හැඩ රුව , ඒ දාමරික ඇස් , හැඩි දැඩි සිරුර මේ කිසි දෙයක් මගෙ හිතට ඇල්ලුවෙ නෑ. මන් හිටියෙ හොඳටම බය වෙලා. එක දවසක් ආශ්‍රය කරලා , කවදාවත් දැකලා නැති මනුස්සයෙක් එක්ක ජීවත් වෙන්නෙ කොහොමද ? ඒත් ඒ ගෙදර තව මිනිස්සු ඉන්න නිසා හොදයි කියලා මට නිතරම හිතුනා.
විනාඩි ගානක නිහඬතාවයකින් පස්සෙ ඔහු වාහනේ ගෙනාවෙ දැවැන්ත ගේට්ටු පියන් දෙකක් ඉදිරියට. හිතා ගන්නවත් බෑ. film වල Tv series වල ඒ වගේ ගෙවල් දැකලා තිබුනට මන් හැබැහින්ම එහෙම ගෙයක් දැක්කෙ අදමයි. පුංචි ගෙයක් උනත් මන් හිටපු ගෙදර අප්පයි මමයි සතුටෙන් සැනසීමෙන් නිදහසේ හැම තප්පරයක්ම ගෙව්වා. ඒත් මේ මිදුලට පය තිබ්බ වෙලේ ඉදන් මට පෙනුනෙම ඒ සද්දන්ත මන්දිරේ මාව ගිලින්න හදනවා වගේ.
" මොනාද බලන් ඉන්නෙ ?"
" න්... නෑ.. මොනාත් නෑ.. "
මගේ හඩ වෙවුලුවා. මොකද ඒ කටහඩ ඇහුනෙ මගෙ කන අස්සෙන්ම වගේ නිසා. අදුරන කිසිම කෙනෙක් නෑ අඩුම තරමේ මූන බලලා කතා කරන්න කිසිම මනුස්සයෙක් නෑ. ඒත් අතට පයට සෑහෙන්න වැඩකාරයො නම් හිටියා.
" මෙයාට රූම් එක පෙන්නන්න. ඒ ගමන් මේ බෑග් ටිකත් අරන් ගිහින් රූම් එක අස්පස් කරගන්න උදව් කරන්න. මට meeting එකක් තියනවා උදේම මන් ඒකට ලෑස්ති වෙන්න ඕනි."
එයා එහෙම කියලා යන්න හැරෙනකොටම මගෙ කට ඉස්සර උනේ ඉන්නෙ කොහෙද කියලාවත් සිහියක් නැතුව.
" ඒත් අදනෙ අපේ වෙඩින් එක තිබුනෙ.. "
" ඔව් ඉතින් 🤨 ? මට මොකක්ද කරන්න කියන්නෙ 🙄 ? ඇයි ඔයාට honeymoon යන්න ඕනිද 😏 ?
දෙයියනේ.. මන් ඇයි එහෙම දෙයක් කිව්වෙ ? ඒ වචන ටික ඇහුනම මට පොලව පලාගෙන යන්න තරම් හැගීමක් දැනුනෙ. ඒක නිසාම මන් ආපස්ස හැරිලා දිව්වෙ මගේ බෑග් ටික අරන් යන මනුස්සයා දිහාවට.
..............
wash දාගෙන කාමරේට ආපු මම ලගේජ් එකක් ඇරලා ඒකෙ තිබුන ලොකු හූඩියකුයි ඩෙනිම් ශෝට් එකකුයි අතට අරන් කහ පාට බල්බ් වැලකින් හැඩ වෙලා තිබුන සුදු පාට කන්නාඩි මේසෙ ඉස්සරහින් ගිහින් හිට ගත්තෙ කිසිම හැගීමක් නැතුව.
තවමත් හරියට වතුර වේලිලා නැති කොන්ඩේ වතුර බිංදු කන් දෙක දෙපැත්තෙන් බේරුනත් තෙත මාත්තු කර ගන්නවත් මට ඕනි නෑ. කන්නාඩියෙන් පේන මගේම ඇග දිහා ඔහේ බලාගෙන මන් අතරමන් උනේ අවුරුදු ගානක් ආපස්සට ගිය මගේ අතීත කතාව අස්සෙ.
Flash back_____
" ඔම්මා.. මේ කටුව මෙතනින් ගහන්න.. නැත්තන් මේ ගවුම පැටලිලා මන් වැටෙයි.."
මගෙ ඇග වටේම දෙපාරක් විතර ඔතන්න පුළුවන් සයිස් එකේ සුදු පාට pearl white colour එකේ ලස්සන wedding frock එකක් ඇදගෙන මෙච්චර ලස්සන නොවුනත් මේ වගේ කන්නාඩි මේසයක් උඩ හිටගෙන ඔම්මත් එක්ක හරි හරියට මන් wedding එකට ලෑස්ති වෙනවා. ඒත් ඒ wedding එකක් ගැන හිතන්න තියා ඒ වචනෙ තේරුමක්වත් මන් දන්න කාලෙක නෙවෙයි. මට ඔම්මා නැති වෙන්නෙම අවුරුදු 13දි.
" කෝ මේ පැත්ත හැරෙන්න. ම්ම්ම්ම්ම්ම්... දැන් හරි. දැන් වැටෙන්නෙ නෑ. මේ ඉන්නෙ දැන් සුරංගනාවියක් වගේ.. "
ඔම්මා එහෙම කියනකොට මන් එයාගෙ බෙල්ල වටේට අත් දෙක යවලා එයාගෙ කරේ එල්ලුනේ කෙලිකාරකමට මට ආපු ලැජ්ජාවට.
" ඔම්මා 🤔.. දැන් කාගෙ අත අල්ලගෙනද මන් යන්නෙ ☹️ ?"
"මොකක් ? අනේ අනේ මේ කෙල්ලට තියන ප්‍රශ්න 🤭 "
ඔම්මා එහෙම කිව්වෙ මගෙ ඔලුවටත් යාන්තමින් තට්ටුවක් දාන ගමන්
" මෙහෙ එන්නකො මගෙ චූටි සුරංගනාවි...."
ඔම්මා මාව එයාගෙ අත් දෙකෙන්ම උස්සලා අරන් ගියේ අපි නිදා ගන්න ඇදට. මාවත් එහා පැත්තෙන් තියාගෙන ඔම්මා මගෙ ලගින් වාඩි උනා. මගේ චූටි අත් දෙකත් එයාගෙ අත් දෙකේ ගුලි කරගන්න ගමන් එයා සම්පූර්ණයෙන්ම මාව එයාගෙ පැත්තට හරව ගත්තා. මම ඔම්මා දිහා බලන් හිටියෙ කුතුහලේකින්. මගේ ප්‍රශ්නෙට මොන වගේ උත්තරයක් ලැබෙයිද කියන කුතුහලෙන්.
" මේ අහන්න මගෙ පැටියා... අපි හැමෝටම අපේ ජීවිත වලදි එක එක ජාතියේ මිනිස්සු හම්බෙනවා. ඒකෙන් ගොඩක් මිනිස්සු උත්සාහ කරන්නෙ අනිත් කෙනාව රවට්ටලා තමන්ට ඕනි දේවල් ලබා ගන්න..."
" ඉතින් ඔම්මා එයාලාට මොනාද ඕනි ? "
" එක එක අයට එක එක දේවල් ඕනි කරනවා..."
" ඉතින් ඒවා අනිත් අය ලග තියනවද ? "
" ම්ම්ම්ම් සමහර අය ලග තියෙන්නත් පුළුවන්.. සමහර අය ලග නැති වෙන්නත් පුළුවන්.. "
" ඔම්මා ඔයා කියන්නෙ ඔය සල්ලි එහෙම ගැනද ? "
" ම්ම්ම්ම්ම් සල්ලි , යාන වාහන , දෙපල ඉඩකඩම් තව තව දේවල් වෙන්නත් පුළුවන්. "
" තව තව දේවල් මොනාද ඔම්මා.. ? "
" මගෙ පැටියට ඒවා ලොකු උනාම තේරෙයි. තාම ඔයා චූටි මල් පොහොට්ටුවක්නෙ. "
ඔම්මා මගේ කම්මුල් දෙකත් දෙපැත්තට ඇදලා එහෙම කියනකොට මන් තව ටිකක් හුරතලේට හිනා උනා.
" එහෙනම් ඔම්මා මට නම් ඔය දේවල් ගැන බය වෙන්න දෙයක් නෑ.. "
" ආ ඒ කොහොමද දැන්ම එහෙම කියන්නෙ ? "
" අපේ අප්පාට ගොඩක් සල්ලි නෑනෙ. ඉතින් කවුරුත් එහෙම අපි ලගට එන්නෙ නෑ.. "
ඔම්මා එවෙලෙ නිහඩ වෙලා අහක බලාගත්තෙ ඇයි කියලා එවෙලේ නොතේරුනාට අද මන් හොදාකාරවම දන්නවා.
"මේ අහන්න මගෙ පැටියා.. ඔම්මා කියන දේ හොදට අහලා හොදට මතක තියා ගන්න හරිද.. "
එයා එහෙම කිව්වෙ මාවත් එයාගෙ ඔඩොක්කුවෙන් ඉන්දගන්න ගමන්.
" ඔන්න දැන් අහගන්න...
මේ ලෝකෙ ඉන්නවා එක එක විදිහෙ මිනිස්සු.. ඒ හැමෝම ඔයාගෙ ඔම්මා වගේවත් ඔයාගෙ අප්පා වගේවත් ඔයා වගේවත් නෑ. තේරුනාද ? එයාලා එක එක විදිහයි.. ගොඩක් මිනිස්සු ආත්මාර්ථකාමී.. එයාලා හැමවෙලේම උත්සාහ කරන්නෙ අනිත් අයට මොනා උනත් එයාලා සතුටින් ඉන්න... ඉතින් එයාලා එයාලගෙ සතුට වෙනුවෙන් ඕනිම නරක වැඩක් කරනවා.. මගෙ පැටියා දන්නවද ? එහෙම නරක වැඩ කරන මිනිස්සු තමයි හොද අය වගේ මුලින් අපිට ලන් වෙන්නෙ.. ඊට පස්සෙ එයාලා එක එක බොරු කතා කියලා අපිව රවට්ටගන්න හදනවා...
ඔම්මට මේ දේවල් කියා දෙන්න හැමදාම මගෙ පැටියා ලග ඉන්න බෑනෙ. ඔම්මත් කවදාහරි අර අහසෙ කහ පාට තරුවක් උනාම මගෙ පැටියා දිහා බලන් ඉන්න විතරයි පුළුවන්.. එතකොට මගෙ පැටියා ඔම්මා කියපු දේවලුත් අමතක නොකර ඉන්න ඕනි හරිද ?
ඔයාගෙ ජීවිතේ ඔයාට ලන් වෙන හැමෝම ඇත්තටම ලන් වෙන්නෙ නෑ පැටියා... ඒත් හරිම කාලෙ ආවම එක දවසක ඔයාගෙ සතුට සැනසීම ඔයාට ලැබෙයි... අන්න එදාට මොනම හේතුවකටවත් වරද්දගන්න එපා.. "
අන්තිම වචන ටික ඇහෙන නෑහෙන ගානට මිමිනුවේ මට ලාවට නින්ද ගිහින් තිබුන බව ඔම්මා දන්න නිසා.
Flash back End____
ඔන්න තව එකක් ගෙනාවා.... මේක නම් මන් ඔක්කොම ලියලා එක පාර අප්ඩේට් දෙන්නෙ.... නැත්තන් කියවන ඔයාලටත් එපා වෙනවා ලියන මටත් එපා වෙනවා...
කතාව ඉවර වෙනකන් කතාව එක්ක ඉන්න ඉතින්... අවසානෙට දැනුන දේ කියාගෙන යන්නත් අමතක කරන්න එපා... ඔයාලගෙ අදහස් යෝජනා චෝදනා හැමදේම මට වටිනවා .... ඒක නිසා ඕනි දෙයක් පහලින් කොටාගෙන යන්න... චරිතවලට උපරිම සාදාරනයක් කරන්නත් බලාපොරොත්තු වෙනවා...
වෝට් කරන කමෙන්ට් කරන හැමෝටම ගොඩාක් ස්තූතියි......
_JiU_
Possesive Girlfriend
2022/10/15
🌈🌬️