උදේම පන්තියේ කසු කුසුවක්. රන්දිමා වෙනදා විදිහට නැතුව දැන් ගංගාවි එක්කම ඉන්න එක පන්තියේ ළමයිට ලොකු කුතුහලයක් ගෙනාවා. ඒ මදිවට සයුරියි ශානිකායි මොන වෙලේ බැලුවත් අත් පටලගෙන. ඒත් ළමයි හිතුවේ රන්දිමායි ගංගාවියි එකට ඉන්නේ රන්දිමා එයාගේ වැඩ ටික අල්ලගන්න ගංගාවිගෙන් උදව් ගන්න නිසා වෙන්න ඇති කියලා. ඒ කතා මැද්දේ ගංගාවි පන්තියට එද්දි රොත්තට එකතු වෙලා හිටපු ළමයි ඈතට වුණේ එයාට ඇහෙයි කියලා බයට වෙන්නැති. පන්තියේ පිටිපස්සෙම පෝළිමේ ශානිකායි සයුරියි බර කතාවක්. 'මේකිට මං ආවා කියලා වගේ වගක් නෑ' ගංගාවි එහෙම හිතලා සයුරිගේ පිටිපස්සෙන් ගිහින් කනෙන් ඇදලා ගත්තේ සයුරි මරලතෝනි තියද්දි.
"මොකද ඇම්බැට්ටයෝ කනෙන් අදින්නේ. ආව්වා මගේ සූටි කන් පෙත්ත ඉරුනද කොහෙද"
"උඹට මං ආවා කියලා ගානක්වත් නෑ නේ? තව කියෝ කියෝ ඉන්නවා හරියයි තොට"
ගංගාවි මොන දේ කිව්වත් කියන්නේ ශානිකාට තියෙන අකමැත්තකට නෙමෙයි. ශානිකා හොඳ කෙල්ලෙක් බව ගංගාවි දන්නවා. ඒත් ශානිකා නිසා සයුරිට ගංගාවිව මගෑරෙන එකට එයා ආස කළේ නැහැ.
"කෝ රන්දිමා?"
පොත් ටික අස් කරලා ගංගාවි වට පිට බැලුවේ රන්දිමා ඉන්නවද කියලා බලන්න. ඊයේ රන්දිමා ඇහුවනේ ට්‍රිප් එක යන්න එනවද කියලා. අප්පච්චිගෙන් අවසර ලැබුණා කියන්න රන්දිමාව හෙව්වත් එයා පන්තියේ පේන්නවත් හිටියේ නැහැ.
"එයා ඔෆිස් එකට ගියා. බෙල් එක ගහන්න කලින් එයි"
විනාඩි දහයක් විතර යද්දි රන්දිමා පන්තියට ආවා. ඒත් ඒ මූණේ කිසිම හොඳක් පේන්න තිබුණේ නෑ.
"රන්දි මොකෝ බං මූණ අවුල්? පිනා මොනාහරි කිව්වද?"
රන්දිමා කිසි කතාවක් නැතුව එයාගේ පුටුවෙන් ගිහින් වාඩිවෙද්දි ශානිකා එයා ගාවට ගියේ රන්දිමා සයිලන්ට් වෙන්නේ මොකක්හරි නරක දෙයක් වුණ වෙලාවට නිසා.
"අර වැඳිරි ගිහින් පිනාට කියලා"
"මොකද්ද?"
"මං එදා ගැහුව එක"
"යකෝ!! ඒක පිනාට කියන්න දෙයක්ද බං?"
"නිකන්ම නෙමෙයි ඕයි නොකරපු එව්වත් හදලා කියලා"
"මොනාද කියලා තියෙන්නේ?"
"එයා ගංගාවිගෙන් ගානක් අහගන්න ආවලු... එයා අපේ පන්තියේ ඉන්නවා දැකලා මං කනට ගහලා එළියට දැම්මලු"
"ඕකිට මම!!!"
"පිනා කියනවා මට සතියක් යනකන් පිනාගේ ඔෆිස් එක අතුගාලා සුද්ද කරන්නලු"
"යකෝ එහෙම කොහොමද"
"ඒකනේ ඕයි"
ශානිකාට පිටිපස්සෙන් ඉඳන් රන්දිමාගේ කතාව අහන් හිටපු ගංගාවිට තේරුනේ මේක වුණේ එයා නිසා කියලා. හිතලා නොකෙරුවාට රන්දිමාට මෙහෙම වුණේ තමන් නිසා කියලා ගංගාවිගේ හිත දිගින් දිගටම කියන්න ගත්තා.
"සොරි රන්දි"
"ඒ ඇයි?"
"මං නිසානේ මෙහෙම වුණේ..."
"අයියෝ පිස්සුද ගංගා.... ඒකි ඔයාගේ කොන්ඩෙනුත් ඇද්දනේ මතක නැද්ද"
"ඒ වුණාට ඔයාට තිබුණා පැත්තකට වෙලා ඉන්න"
"එහෙම කියන්න එපා, කොහොම වුණත් එයාට බැහැ එහෙම අනුන්ගේ පන්තිවලට එන්න"
රන්දිමාගෙයි ගංගාවිගෙයි කතාබහ අතරේ හෙමීට එතනින් ලිස්සලා ආපු ශානිකා සයුරි ගාවට ගිහින් එයාට වැලමිටෙන් ඇනලා පෙන්නුවේ දෙන්නම එදා වුණ දේ සාධාරණීකරණය කරන්න හදන දිහා.
"අඩෝ මුන් දෙන්නා ලව් කරනවද?"
"කියන්න බෑ... අපිටත් හොරා සම්බන්ධයක් තියෙනවද දන්නෑ"
"බලහන් ගංගාවිගේ මූණ... තැලිච්ච ගොරකා ලෙල්ලක් වගේ බම්. ඒකිට පට්ට දුකයි වගේ"
"ඒකනේ... අපි පැත්තකට වෙමු මෙයා උන්ට ඕක කතා කරගන්න දීලා"
ශානිකායි සයුරියි එයාලා දිහා බලන් ඉන්නවා දැකපු රන්දිමා ඉක්මනට එයාලා කතා කරන මාතෘකාව වෙනස් කරන්න හිතුවේ ශානිකාගේ ඔලුව අස්සේ තියෙන කුණු ගොඩ තව ටිකකින් අදාලම නැති දේවල් හිතන්න ගන්න නිසා. (දැනටමත් එහෙමයි)
"ආහ් මේ ගංගා... ඔයා අම්මලාගෙන් ඇහුවද ට්‍රිප් එක ගැන?"
'දැක්කද සයුරි... කපටියා කතාව හැරෙව්වා අපි බලන් ඉන්නවා දැකලා'
'හ්ම් හ්ම් බලමුකෝ... ටික දවසකින් අතේ මාට්ටු වෙයිනේ'
"ඕ.... අප්පච්චි හා කිව්වා"
"ඒ කියන්නේ ඔයා එනවනේ?"
"ඔව් ඔව් අනේ... හැබැයි මාව ඔය තුන්දෙනාටම පරිස්සම් කරන්න වෙයි... මං ඔයාලගේ නම් ගම් විස්තර ඔක්කොම අප්පච්චිට කියලා ආවේ, මට මොනාහරි වුණොත් අප්පච්චි නඩු දායි"
ගංගාවි හිනා වෙවී කියද්දි කලාතුරකින් දකින්න හම්බෙන එයාගේ ඩිම්පල්ස් පෙනුනා. රන්දිමා ගංගාවි දිහා බලන් හිටියේ මේ දැන් ලෝකෙට ගොඩබැස්ස අමුතු ජීවියෙක් දිහා බලන් ඉන්නවා වගේ. ගංගාවි හිනාවෙද්දි ඇත්තටම ලස්සනයි.
"අහ්ම්... රන්දිමා.. මයේ මැනික... උඹට ගංගාවි දිහා ඇති තරම් බලන් ඉන්න පුළුවන් පස්සේ වෙලාවක, තව ටිකකින් මිස් එයි. ඒ හින්දා ගිහින් වාඩි වෙන්න මයේඅම්මා"
"පල හම්බාවෝ මොනාද කියවන්නේ"
රන්දිමා ලැජ්ජාවටම ශානිකාගේ බෙල්ල මිරිකගෙන එයාලා වාඩි වෙන තැනට ගියේ ශානිකා ආයේ ඒ වගේ විකාර කිව්වොත් එයා සයුරිට කැමති බව සයුරිට කියනවා කියලා තර්ජනේ කරලා.
"රන්දිමා අක්කා ඉන්නවද?"
පන්තියට ආපු නංගි කෙනෙක් රන්දිමාව හොයද්දි එයා මොකුත් නොකියා නංගි එක්ක ගියේ නංගිව හොඳට අඳුරනවා වගේ.
"අක්කාට ශ්‍රියන්ත සර් එන්න කිව්වා"
"ඒ මොකටද?"
"ඊළඟ ගේම් එක ගැන කතා කරන්න වෙන්නැති"
"කවද්ද තියෙන්නේ?"
"මං දන්නෙත් නෑ අපි ගිහින්ම බලමුකෝ..."
ස්පෝට්ස් ඔෆිස් එකට රන්දිමා ඒ නංගි එක්ක යද්දි තවත් එයා එක්ක සෙල්ලම් කරන ළමයි කීපදෙනෙක් ඇවිත් හිටියා.
"සර් රන්දිමා අක්කා ආවා"
"ආහ් ආවද... හොඳයි නිපුනි එහෙනම් ඉඳගන්න. ම්ම්ම්.. තව එන්න ඉන්නේ කෞශල්‍යා විතරයි, එයා ආවම අපි පටන් ගමු"
රන්දිමා ඔෆිස් එකේ තියලා තිබුණ පුටුවකින් ඉඳගෙන කුතුහලෙන් බලන් හිටියේ සර් කතාව පටන් ගන්නකන්.
"හරි කෞශල්‍යාත් ආවනේ... ඊළඟට තරඟ තියෙන දවස් ගැන ඔයාලව දැනුවත් කරන්නයි එන්න කිව්වේ, හොඳට අහගෙන ඉන්න"
"හරි සර්"
"අපිට ඊළඟ සතියට පස්සේ සතියේ දාසයෙන් පහළ තරඟ තියෙනවා. ඊට පස්සේ සතියේ විස්සෙන් පහළ. හැමෝම මේ සති දෙක තුනේ හොඳට ලැහැස්ති වෙන්න ඕනා. පළාත් තරඟ නිසා වෙනදට වඩා තරමක් තරඟකාරී වෙයි. ඔයාලගේ උපරිමය කරන්න හොඳට ප්‍රැක්ටිස් වෙන්න ඕනි තේරුනානේ?"
"සර් දහය වසරට ට්‍රිප් එකක් තියෙනවා ලබන සතියේ... දවස් දෙකක එකක්"
"ඔව් මට ආරංචි වුණා, ට්‍රිප් එක යන ළමයි ආපහු එද්දි කෙලින්ම ඉස්කෝලෙට එන්න ඕනි. ඊටපස්සේ පැය දෙකක් ප්‍රැක්ටිස් කරලා ගෙදර යන්න පුළුවන්. ට්‍රිප් එක යන්නැති අයට ඉස්කෝලේ වෙලාවෙයි හවස් වරුවෙයි ප්‍රැක්ටිස් තියෙනවා
පැහැදිලියි නේ? මොනවාහරි ප්‍රශ්න තියෙයිද?"
"නෑ සර්!!"
"හරි එහෙනම් දැන් පන්තිවලට යන්න පුළුවන්"
...........................
හායි 🙂
හිහී කම්මැලි නිසා අද දෙන්න හිතුනා 🙂 මගේ නිධානේ වගේ ලියලා පරිස්සමට තියාගෙන දවසක් බලන් ඉද්දි එපාවෙනවා 🙂
අපි දවස් දෙකකට සැරයක් දෙන එක අයින් කරමුද?
(ඉවසීමක් නැති කෙනෙක්ට කොහොමත් ඉවසන්න බෑනේ!)
ඇයි මේ ජීවිත පට්ට ordinary විදිහට ගෙවෙන්නේ😪 මට පේන්න බෑ!
තාමත් එහෙමයි.... කිසි වෙනසක් නෑ....🥲🤘
තැන්කූ බබාලා කියෝනවට 🙃
ආදලෙයි 🌝🙈❤️
පරිස්සමින් ඉන්න ❤️❤️❤️