මන්දාරම් හැන්දෑව
තුන්වන දිගහැරුම
අද රාත්‍රී අහස හරිම පාලු ස්වභාවයක් ගෙන ඇත.අහසේ පේන තෙක් මානයකම තිබුණේ නිවි නිවී දිලෙන තාරකා පමණෙකි.සඳ අද අහස හැරදමා ගොස් ය.නමුත් හඳ නැවතත් අහස් කුස ආලෝකමත් කරන්නට පොරොන්දු පිට මෙලෙස විවේකයක් ගන්නට ඇත.ඒ නිසා වෙන්නට ඇති,අහස දිලෙන එකදු තරුවක් සමඟ හෝ හාදකම් නොපෑවේ.අහස දන්නවා වෙන්නට ඇති,තමා වටා තාරකාවන් ලක්ෂ ගණනින් දිලෙමින් තිබුණද ඒ සියල්ලටමවත් එකම එක සඳ දෙන ආලෝකය අහසට දිය නොහැකි බව..අපෙ ජීවිතෙත් එලෙසමයි.තාරකාවන් වැනි මිනිසුන් බොහෝ සිටියද අපි ආදරේ කරන්නෙ හදක් වගේ අපිට ආලෝකය දෙන අයටම පමණි..
අද අහසේ වෙනදා තිබූ හද නැති නිසා මා ඒ දසුන දෙස බලා කල්පනා ලෝකයකට වැටුණෙමි.සිසිල් සුළං රැළ් දසතින් හමාවිත් විවෘතව තිබු කවුළුවෙන් මාගෙ මුව සිපගෙන කාමරයට ඇතුළු වන්නට විය.හිරිගඩු පිපෙන්නට තරම් සීතලක් ඒ සමඟ මා හට දැනෙන්නට විය.නමුදු මා ඒ සීතලට ප්‍රිය කලෙමි.මන්ද මුලු ගතම කුල්මත් කරන්නට එයට හැකිවූ නිසාවෙනි.එකවරම හමා එන සුළං රැල් නිසා සෙලවෙන පඳුරු අතරහුන් කණාමැදිරියන් වේගයෙන් ඉහළට පියාසර කළේ ඔවුනටද ඈත වූ තරු කැටමෙන් අහසේ රැඳීමට කැමැත්තක් ඇතිවී ඇතිබවක් මවාපාමිනි.කල්පනා සාගරයක ගිලී කිමිදෙමින් සිටි මා හට එකවරම මතක් වූයේ සඳරැස් සර්ගෙ හිනාවයි.සිනාසෙන විට වලගැසුණු කම්මුල් දෙකක් හිමි ඔහුගේ හිනාවෙ අලංකාරය එයින් දෙගුණ තෙගුණ විය.සැබැවින්ම ඔහුනම් ඉටිරූපයක් මෙන් ලස්සන කඩවසම් අයෙකු විය.ඔහුගේ ලඟින් එන පිච්ච සුවද මුසු සුවඳ විලවුන් සුවද මට එක දවසින්ම හුරු පුරුදු විය.අද ඔහුත් සමඟ පැමිණෙන විට ඒ සුවඳ මට තදින්ම දැනුණි.ඔහු ගැන මෙලෙස සිතන්නෙ ඇයිද කියා මා නොදනිමි.නමුත් ඔහුව මතකයට නැගෙන සෑම මොහොතක් පාසාම මගෙ සිත සතුටින් පිරී ඉතිරී යන්නට විය...
පසුදා උදෑසන මා වේලාසනින්ම ලෑස්ති වී අම්මා බෙදා දුන් කෑම එක කන්නට වුනෙමි.සුදු කැකුලු හාලෙ බත් සමඟ අර්තාපල් අල තෙලට හා කොච්චි සම්බෝලත්,කරවල බැදුමකුත් සමඟ පපඩම් බැද තිබුණි.ඇත්තෙන්ම බඩ පැලෙන්න කන්න තරම් එය රසවත් විය.මා කෑම කා අවසන් වූ පසු අම්මා කෙසෙල් කොලයක බැඳ තිබූ කෑම පාර්සලය බෑගයට දමා ගතිමි.ඒත් සමඟම සඳරැස් සර්ගේ අයියා කාර් එක නවත්වා හෝන් කරන්නට වූ නිසා,මා අම්මාට වැඳ බෑගයද දමාගෙන ගේට්ටුව දෙසට දුවන්නට වුණි.
" ගුඩ් මෝනිම් මල්ලි "
" ගුඩ් මෝනිම් අයියේ,ගුඩ් මෝනිම් සඳරැස් සර් "
" ගුඩ් මෝනිම් සෙහස් "
" එන්න නගින්න "
" හරි සර්, තැන්ක් යූ "
උදෑසනට ගම දිස්වූයේ සුරපුරයක් මෙනි.පේන තෙක් මානෙම මීදුමෙන් වැසී පැවතුණි.උදෙන්ම තම කුඹුරු කරා ඇදෙන්නට වූ ඇතමෙක් ඒ අතරින් පතර දැකගන්න්ට විය.පේන තෙක් මානෙක තිබූ ගොයම නිල්ල නැඟී ඇත.ඒ හා එතීයන සුළං රැල් නිසා ගොයම් ගස් ඒ මේ අත වැනෙන්නට විය.කොක්කු රෑන් පිටින් ගොයම් ගස් අතර කුඩා මසුන් වෙනුවෙන් මාන බලමින් සිටි අතර එය දිස්වූයේ ගොයම රැකීමට එහිඋන් රැකවලුන් මෙනි. උදෑසන මේ දකින මනස්කාන්ත දර්ශන සෑම දිනකම පාහේ මාගෙ සිතට නැවුම් බවක් ගෙනදෙන්නට සමත් විය...
" මල්ලි,හවස මං එන්නම් ගන්න.එතකම් මේ මල්ලි එක්ක ඉන්න.හෙට ඉඳන් ඔයාට එන්න පුලුවන්නෙ..."
" ඔව් ලොකූ...දැන් මට හුරුයි මෙහෙ.සෙහස් ඉන්නවනෙ ඇරත් "
" ඒකනෙ..එහෙනම් මං යන්නම් "
" සෙහස් මල්ලි මං යනවා.අපේ මේ සඳූව බලාගන්න හොඳේ "
" හේ 😁 හරි අයියේ "
" සෙහස්, අද physics තියෙන්නෙ කීවෙනි පීරියඩ් එකේද "
" අන්තිම පීරියඩ් හතර සර් "
" අහ් අද හතරක් තියේද,එහෙනම් ප්‍රැක්ටිකල් ටිකක් බලමු...මට මතක් කරන්න හවස "
" හරි සර්,එහෙනම් මං යන්නම් "
" හරි සෙහස් "
සඳරැස් සර්ට සමුදුන් මම ප්‍රධාන ශාලාව අසලින් වු පඩිපෙල දිගේ පංතිකාමරය වෙත ඇදුනෙමි.මා යනවිට පංතියෙන් බාගයක් පමණ ලමයින්ගෙන් පිරීගොස් තිබුණි.මදවේලාවක් ගොස් නාදවූ සීනුවත් සමඟ වාදනය වූ ජාතික ගීයෙන් පාසල ආරම්භ විය.ඉන් පසු සෑමදෙනාම තම පංතිවලට අදාල ස්ථානකරා රැස්ව පන්සිල් සමාදන් වන්නට විය.ඉන්පසු අප දවසේ නිවේදන ද අසා පාසල් ගීතය ගායනාකොට පේළියට පංතිකරා ගමන් කරන්නට විය..
අපි පංතියට යනවිතත් පංතිභාර ටීචර් පැමිණ සිටි අතර,නාම ලේඛනය ලකුණු කොට ඇයද පංතියෙන් පිටව ගියාය.
සුපුරුදු පරිදි වෙනදාමෙන් එතැන් සිට අද්‍යන කටයුතු වල නියැලුණු අප,උදේම තිබූ බයෝ පීරියඩ් හතර ගතකලේනම් ඉතාම අලසකමිනි.ඇතමෙක් නිදි කිරන්නට විය.තව අයෙක් ඈනුම් ඇර ආයාසයෙන් පියවි සිහියේ රැඳෙන්නට උත්සාහ කලෝය.තවකෙක් මුලදී මෙන්ම අවදානයෙන් පාඩම කරා ඇස් යොමුකරගෙන ඉන්නට විය.මා අයත් වූයේ ඉන් දෙවනි කාණ්ඩයටය.මා ද ආයාසයෙන් දෙනෙත් අයා බලා සිටින්නට වුනෙමි.බොහෝ අයෙකුගේ සිත් සතුටු වන්නට වූයේ විවේක කාලය ආරම්භවීමේ සීනුව නාදවීමත් සමඟය.ඉන් පසු ඇති භෞතික විද්‍යාව ද මට කල් කදුරුමෙන් තිත්ත වූමුත්, සඳරැස් සර් එනතෙක් මා උන්නේ නොඉවසිල්ලෙනි.
" ආයුබෝවන් ලමයි "
" ආයුබෝවන් සර් "
"අද ඔයාලට පීරියඩ් හතරක් තියෙන නිසා ධාරා තුලාව ප්‍රැක්ටිකල් එක කරලා ඉතුරු පීරියඩ් වල ඒකෙන් ප්‍රශ්න ටිකක් කරමු.ඔයාලා ඔහොම්ම පොත් ටික අරගෙන යමු physics lab එකට "
" හරි සර් "
"ළමයි මේ තමයි ධාරා තුලාව.මේකෙ මේ තියෙන්නෙ ධාරාව ගලාගෙන යන ලෝහ රාමුව.එතකොට මේ තියෙන්නෙ චුම්භක ක්ෂේත්‍රය.මේ රතුපාට පැත්ත දක්ෂිණ ධ්‍රැවය සහ නිල් පාට පැත්ත උත්තර ධ්‍රැවය.අපිට මේක පැහැදිලිවම හොයාගන්න පුලුවන් දණ්ඩ චුම්භකයක් පාවිච්චි කරලා.මේකෙ පාට වලින් උත්තර හා දක්ෂිණ ද්‍රැව හොයාගන්න ගියොත් ඔයාලට වරදිනවා.ඔන්න බලන්න දැන් මේකෙ නිල් පාට පැත්තට මං දණ්ඩ චුම්භකයකයේ උත්තර ද්‍රැවය ඇල්ලුවම විකර්ෂණය වෙනවා.ඒත් දක්ෂිණධ්‍රැවය ඇල්ලුවම ආකර්ෂණය වෙනවා.ඔයාලා group කරලා මං මේක කරන්න දෙන්නම් හැඳින්වීම කරලා. පද්ධතිය සමතුලිත කරගත්තම ඔයාලට පේනවා ඇති මේ ලෝහ රාමුව චුම්භක ක්ෂේත්‍රයේ ගෑවී නොගෑවී පැද්දෙනවා.ෆ්ලෙමිංගේ වමත් නීතියෙන් අපිට පුලුවන් චුම්භක බලය කොහාටද යෙදෙන්නෙ කියලා හොයා ගන්න.ඔයාලා කියන්න බලන්න බලය කොහෙටද යෙදෙන්නෙ "
" පහළට සර් "
" ඔව් හොඳයි...එතකොට ළමයි අපි මේකට ධාරාවක් ලබා දුන්නම මේ සමතුලිතය බිඳිලා මේ ලෝහ රාමුව මේ චුම්භක ක්ෂේත්‍රයට සම්බන්ධ වෙනවා.අපිට මේ අවස්ථාවේ චුම්භක බලය ගණනය කරගන්න පුලුවන් නා දැත්ත සහිත පැත්තට ස්කන්ධය දන්නා ලෝහ වස්තුවක් මැනගත් දුරකින් එල්ලුවම පද්ධතිය නැවත සමතුලිතතාවයට එලඹෙනවා. එතකොට ස්කන්ධය හා දුර දන්න නිසා අපිට වාමාවර්ත ඝූර්ණය හොයාගන්න පුලුවන්.එතකොට දක්ෂිණාවර්තව ලැබුණු අමතර ඝූර්ණයත් මේ වගේම මැනගත්තම දෙක සමානයි කියලා අපිට ලැබෙනවා.එතකොට අපිට පුලුවන් ධාරාව නිසා ඇතිවුණ චුම්බක බලයේ විශාලත්වය මැනගන්න..."
සඳරැස් සර් පාඩම පහදා දුන් අතර ඔහු එය වැටහෙනවාද අසන විට කිසිම දෙයක් නොතේරුණත් ඔලුව සොලවා කියාදුන් හැමදේම ඔලුවට වැටුණාක් මෙන් ඇස් අයා බලා සිටියෙමි.විෂය ධාරාවෙ අප්‍රියම විෂය physics වූයේ මේ දේවල් නිසා වෙන්නට ඇත.කණ්ඩායම් වලට බෙදා ඔහු පැහැදිලි කළ දේ ඔප්පු කර පෙන්වා එහි theory කොටස් සටහන් කරගෙන නැවතත් පංතිය වෙත පැමිණි අප එතැන් පටන් ගැටලු විසඳන්නට වීමු.period හතර අවසන් වනතුරු නොයිවසිල්ලෙන් මා බලා සිටියේ තව මොහොතක් සිටියහොත් මාගෙ මොළය විකාරවෙන බව දන්නා හෙයිනි.පාසැල් අවසන් වීමට සීනුව නාද කොට ගාථා කියා අවසන් වූ පසු ළමයි සියළු දෙනා පංතියෙන් පිටවී ගිය අතර,මා සඳරැස් සර් හා යන නිසා ඔහු සමඟ යෑමට නැවතුනෙමි.පංති කාමරයට ඉබ්බා දැමූ මා සඳරැස් සර් හා පාසලෙන් පිටවන්නට වීමු.
" සෙහස්"
" සර් "
" තේරුණා කියලා බොරුවට ඔලුව හෙල්ලුවම මම පිළිගත්තා කියලා හිතුවද ? "
" ස්....ස්....සර්"
" මං දැක්කා ඈනුම් ඇර ඇර හිටපු හැටි.අහගෙන හිටියෙ නෑ පාඩම "
මා නිරුත්තර වීමි.
" නිවාඩු දවසක් කියන්න.මං බැරි දේවල් කියලා දෙන්නම්.සෙහස් ට පුලුවන්නෙ අපෙව් ගෙදර එන්න නේද ?"
" පුලුවන් සර් "
" මට පුලුවන් දවසක් ඉක්මනට කියන්න.තව exam එකට මාස කීයද.ඒ නිසා ඔහොම ඉඳලා බෑ.සබ්ජෙක්ට් තුනම එක සමානව ඇදගෙන යන්න ඕනි."
" මට ඕනි දවසක් පුලුවන් සර්.සර්ට පුලුවන් දවසක කරමු "
"එහෙනම් සෙනසුරාදා උදේ ඉඳන් හවස් වෙනකම් "
" එච්චර වෙලා "
" ඇයි මොකද එච්චර වෙලා ගාන්නෙ..."
" සර්ට පුලුවන් ද ? "
" මට පුලුවන් නිසානෙ කිව්වෙ.කම්මැලි නොවි එන්න.පොඩි ඉන්ටවල් දෙක තුනක් දෙන්නම්.දවල් කෑම අපෙ ගෙදරින් ගත්තැකි.ඒ නිසා උදේ 8ට වගේ පටන්ගෙන පුලුවන් තරම් වෙලා කරමු..."
" හරි සර්.මට පිසික්ස් එච්චර බෑ."
" මං බැලුවා ලකුණු...ඒකයි මං කිව්වෙ.තව ලකුණු අඩු ලමයි ඉන්නවා ඔයාටටත් වඩා.ඒ අයට ආෆ්ටර් ස්කූල් ක්ලාස් දාලා ඒවා හදන්න ඕනි.නැත්නම් අනිත් සබ්ජෙක්ට් දෙක හොඳට ලකුණු අරන් පිසික්ස් අනාගයි සෙට් එකම..."
කතාවෙන් කතාව අපි ගේට් එක ලඟට එනකොටම සඳරැස් සර්ගෙ අයියා කාර් එකේ පැමිණ සිටි අතර සර් හා මම ගොස් කාරයට ගොඩවීමු
" good afternoon සෙහස් මල්ලි "
" good afternoon අයියේ "
" සඳූ මොකෝ අද ? "
" වරදක් නෑ ලොකූ.හෙට ඉඳන් මං බයික් එකේ එන්නම්.සෙහසුත් ඉන්නවනෙ.ඔයාට කරදරේ නැත්නම් "
"ඒක තමයි.කාර් එකේ හරි බයික් එකේ හරි එන්න ඔයා.දැන් පුරුදුයිනෙ.ඇරත් සෙහස් මල්ලි ඉන්නවනෙ.."
"ඔව් ලොකූ කොහොමත් ඔයා කලම්බෝ ගියාම මට තනියෙන් එන්න වෙනවනෙ.අප්පච්චිට කරදර කරන්න බෑනෙ "
" ඒක තමයි.හෙට එහෙනම් සෙහස් මල්ලි සඳූ එක්ක එන්න හොඳේ..."
" හරි අයියේ "
කාරයේ වූ කන්ණාඩියෙන් සඳරැස් සර් මා දෙස බලනවා මා කිහිප වරක්ම දුටු අතර මා ද එයින් ඔහු දෙස බලනවිට දෙදෙනාගේම ඇස් එකට හසුවෙන සැනින් දෙදෙනාම වෙනතක් බලාගතිමු.මා නම් ඔහු දෙස බලනුයේ මගේ හිතේ ඔහු ගැන ඇති කැමැත්‍ත නිසා වුවද,ඔහු එලෙස විටෙන් විට මා දෙස බලනුයේ මන්දැයි මා නොදනිමි.ඔහුගේ වූ කඩවසම් බව නිසා මට මාගෙ ඇස් ඔහුගෙන් වෙනතකට යොමු කිරීම ඉතා අසීරු විය.ගෙදර අසලටම ඇවිත් තිබුණු නිසා මා සඳරැස් සර්ටත් ඔහුගේ සොයුරාටත් සමු දී වැටෙහි දමා තිබූ උණ දඬු පසෙකට දමා ඇතුල් වුනෙමි...
මොහොතක් ඉස්තෝප්පුවේ වූ හාන්සි පුටුවක වාඩිවී සිටි මා කාමරයට ගොස් ඇඳුම් මාරු කර කලිසමක් දා ගතිමි.කුස්සියට ගොස් වතුර වීදුරුවක් බී මා වත්ත පහළ වූ ලිඳට ගියේ නා ගැනීමටය.ගෙදරට වතුර අරන් තිබුණ ද මා ලිඳෙන් නෑමට යෑම පුරුද්දකි.නැතහොත් මා වැවට යන්නෙමි.නමුත් ගමේ වූ සමහරක් සිදුවීම් නිසා අම්මා හෝ ලොකු අම්මලාගෙ කවුරුන් හරි නොමැතිව තනිව වැවේ නෑම මට තහනම් කටයුත්තක් විය.පහු ගිය අවුරුදු දෙක තුන තුළ ගමේ මිනිසුන් හය හතක් පමණ දියේ ගිලී මියගිය අතර එතැන් පටන් හවස පහේ හෝරාව පසුවගිය විට වැවේ නානතොටුපොළ මළ පාළුවට යයි.ගමේ වූ සියළුදෙනා දවල් වරුවෙන් නාගැනීමට එහි එන අතර බීමත් වී එනකෙක් හැර අන් කිසිවෙක් තනිවනම් දිය නෑමට නොපැමිණෙයි.ගම්මුන්ගේ වූ විශ්වාසයනම් දැන් වැවේ නානතොටුපොළ මිනිසුන් බිළි ගන්නා අතර,සවස් වරුව එය මාරයාගෙ බැල්ම වැටෙන ඉසව්වක් බවය.මේ විශ්වාස නිසා අම්මා දැඩි ලෙස නානතොටුපොළ මාහට සවස පමණක් නොව කිනම් මොහොතකවත් තනිව යන්නට තහනම් කළාය.කෙසේ නමුත් නෙලුම් මල් කැඩීමටනම් මා ඇතැම් දවස් වල මා සවස් වරුවේ වැවට යෑම පුරුද්දක් වූ අතර,නානතොටුපොළ වැවේ වෙනත් ඉසව්වක තිබූ නිසා හා වැව් ඉස්මත්තට වන්නට හවස් වරුවේ මාලු ඇල්ලිමට දැමූ දැල් අදින්නවුන් බොහෝ සිටි නිසා පාළුවක් නොවීය...
හායි ලමාආආආආයි 😚😚😚♥️ ගොඩක් කාලෙකින් මේක දුන්නෙ.මේක අතීතේ මෙහෙම වෙන්න ඇති කියලා හිතින් මවාගෙන ලියන එකක් නිසා භාෂාව හා අවස්ථා වෙනස් විදිහට ලියන නිසා මට අදහස් එන විදිහට මං අප්ඩේට් දෙන්නම්.
කියවන අය කමෙන්ට් එකක් දෙන්න 😪 මට ඊලඟ එක දාන්න හිතෙන්නවත්
Um xenn