𝓢𝓽𝓪𝓷𝓭 𝓫𝔂 𝓶𝓮 •ᶜᵒᵐᵖˡᵉᵗ...

By Nimjinie

1.6K 327 42

"කිසි වැදගැම්මකට නැති මනුස්සයෙක් වුන මට එදා ඉදන් ලග තිබ්බ වටිනම දේ ඔයා මැණික...ඔයාට බෑ එහෙම මෙච්චර දුරක් ඇවිත... More

"Disclaimer"
~1~
~2~
~3~
~4~
~5~
~7~
~8~
~9~
special

~6~

131 31 2
By Nimjinie

ඒ වෙන කවුරුත් නෙවේ ජන්ග්කුක් එක්ක ඉන්න කෙල්ල........ ඕනි කෙනෙක් එක්ක කතා කරල ෆිට් වෙන ඒ කෙල්ල නිසාම ජස්මින්ට පුලුවන් වෙනවා ජන්ග්කුක්ට තමන්ගෙ හිතේ තියෙන කැමැත්ත ප්‍රකාශ කරන්න...ඒත් ජන්ග්කුක් කෙල්ලව ප්‍රතික්ශේප කරන්නේ කොල්ලට ස්ථාවරත්වයක් නැති නිසා.....ජස්මින් අහිංසක වුනත් ඒ හා සමාන මුරණ්ඩුකමත් ඒකටම ඉන්න යාලුවත් නිසා ජස්මින් පසුබසින් නැතුව ජන්ග්කුක්ගෙ පස්සෙන් දිගටම යන්නේ කොල්ලත් කෙල්ලට කැමති කියල හොදටම දන්න නිසා.... ඒත් ජන්ග්කුක් බය වුනා! ජස්මින් කියන්නෙ අල්ලන්න අමාරු අත්තක් කියල කොල්ලා හොදටම දන්නවා...කොල්ලට ඕනි වුනේ නෑ කෙල්ලව රිද්දන්න ඒත් තමන් වගේ කෙනෙක් වෙනුවෙන් බලන් ඉන්න කියලවත් බලාපොරොත්තු දෙන්න කොල්ලට පුලුවන් කමක් තිබ්බෙ නෑ...
කොල්ලා ජස්මින්ට කොච්චර තේරුම් කරත් ජස්මින් ආදරෙ මැන්නෙ බෑන්ක් අකවුන්ට් එකේ තියෙන අමවුන්ට් එකෙන් නෙවේ......ජිවීතේට හරිහමන් ආදරයක් විදල නැති කෙල්ලට ආදරේ දැනුනු එකම තැන..ජන්ග්කුක්!
නොදැනුවත්ව වුනත් ජන්ග්කුක් කෙල්ලව ආරක්ශා කරනවා...කෙල්ලට ආදරේ දෙනවා.......

කාලයත් එක්ක ජස්මින් හිමින් හිමින් ජන්ග්කුක්ගෙන් ඈත් වෙද්දි තවදුරටත් කොල්ලට ජස්මින් ගැන හිතේ තියෙන හැගීම වලලා දාලා ඉන්න පුලුවන් වුනේ නෑ.........කොල්ලා හොදටම දන්නවා ඒ හැගීම ගැන......හැමදාම ජන්ග්කුක්ගෙ ක්ලාස් එක ඉස්සරහ ඉදන් කොල්ලා එනකන් බලන් ඉන්න ඒ ලස්සන දිලිසෙන ඇස් දෙක ජන්ග්කුක්ගෙ හිත හොල්ලන විදිය දැනන් හිටියෙ කොල්ලා විතරයි..... ජස්මින් තමන්ගෙන් ඈත් වෙද්දි කොල්ලා තීරණේ කලා තමන්ගෙ හැගීම් ජස්මින්ට කියන්න..ඒ දිලිසෙන ඇස්වල අයිතිකාරි සමාජ පන්ති කිසි දෙයක් නොසලා,කිසිම ලෝබකමක් නැතුව මහගොඩක් ආදරේ දෙද්දි, කොල්ලා ඒ හිත ලගම නතර වෙන්න තීරනේ කරනවා....

ජන්ග්කුක් ලග ජස්මින්ට දෙන්න පුලුවන් දේකට කියල තිබ්බේ ආදරේ විතරයි! ජස්මින් ආදරේට වඩා දෙයක් ජන්ග්කුක්ගෙන් බලාපොරොත්තු වුනෙත් නෑ...
ජන්ග්කුක් ජස්මින් ආදර කතාව අවුරුදු ගානක් පුරාවට ගල්පර අතරින් ගලාගෙන යද්දි මිස්ට ලී එහෙමත් නැත්නම් ජස්මින්ගෙ අප්පා මේ සම්බන්දෙ ගැන දැනගෙන දැඩිව විරුද්ද වෙන්නේ ජන්ග්කුක් වගේ තත්වයක් නැති මනුස්සයෙක් එක්ක තමන්ගෙ දුවගෙ සම්බන්දේ තමන්ට ලොකු කැලලක් කියන දේ නිසා.....

කොහොමත් තමන්ගෙ තත්වය,නම්බුව වගේ දේවල් ගැන විතරක් හිතන මිස්ට ලී වගේ කෙනෙක්ගෙන් බලාපොරොත්තු වෙන්න පුලුවන් දේ මේක කියල දන්න ජස්මින් තීරණේ කරනවා හැමදේම අතඇරලා ජන්ග්කුක් ලගට යන්න.....
සුපෝපභෝගී ජීවිතයක් ගත කරපු ජස්මින්ට ජන්ග්කුක් එක්ක චූටි කාමරේක ගෙවන ජිවීතේ මුලදි අමාරු වුනත් කෙල්ල පුරුදු වෙනවා තමන්ගෙ ආදරේ වෙනුවෙන් ඉවසන්න.....

ජන්ග්කුක්ට හැමවෙලාවෙම හයියක් වුනේ කෙල්ල....ගොඩක් අමාරු තැන්වලදි කොල්ලා අත අරින්න හදද්දි කොල්ලගෙ පස්සෙන්ම ඉදල ශක්තියක් වුනේ කෙල්ල...ජන්ග්කුක්ගෙ ඔම්මා සහෝදරී බිරිද..හැම කෙනාම මේ කෙල්ල......ජන්ග්කුක්ගෙ හැමදේම.... ජන්ග්කුක්ගෙ මුළු ලෝකෙම වුනේ ජස්මින්.....ජස්මිනටත් එහෙමයි... තමන්ගෙ පවුල අත ඇරල දුක් විදින්න බලාගෙන හරි ජන්ග්කුක් ලගට කෙල්ල ආවේ කොල්ලව දාලා යන්න නෙවේ....

අද වෙනකන් ජන්ග්කුක් තියන අඩියක් ගානෙම කොල්ලගෙ පිටිපස්සෙන් ඉන්නෙ කෙල්ල...කොල්ලගෙ සාර්ථකත්වය දිහා බලාගෙන සතුටු වෙන නිහඩ ආදරවන්තිය කෙල්ල!!!!
ජන්ග්කුක් මෙහෙම තැනක දැන් ඉන්නෙ කොල්ලගෙ කැපවීමත් කෙල්ලගෙන් ලැබුනු සහයෝගයත් නිසා......

ජස්මින් කියන්නේ කිසිම දෙයක් බලාපොරොත්තු නොවී ආදරේ කරපු කෙනෙක්.....අදටත් ජන්ග්කුක් මොන තත්වෙක හිටියත්...හෙට වෙද්දි ජන්ග්කුක් බංකොලොත් වුනත් මට විශ්වාසයි ජස්මින්ගෙ ආදරේ එහෙමම තියෙයි!!!!

Continue Reading

You'll Also Like

212K 9.6K 59
Orm Kornnaphat's feelings for Lingling Sirilak have undergone a transformation over time. Initially, at the age of 11, Orm held an unromantic, platon...
91.9K 2.6K 53
dahil sa hindi natapos ang gmik season 4, i just tried to continue their story in my own imagination 😂....
296K 14.2K 92
Riven Dixon, the youngest of the Dixon brothers, the half brother of Merle and Daryl dixon was a troubled young teen with lots of anger in his body...
27M 1.1M 42
she dreads to get to school because of one name. ; high school au, tsundere!taehyung lmao » under edit » #4 in fanfiction on 171222