BREATH OF LIFE (Complete)

By DEESHAPONNAMPERUMAGE

598K 112K 50.6K

කවුරුත් නැතිව උඹම උඹේ හිත සනස ගත් දවසට ඒහිත ඒ හේතුවටම කිසිදින නැවත නොවැටෙනු ඇත.........!! More

01වන කොටස........
02වන කොටස...
03 වෙනි කොටස.......
04වන කොටස.....
05වන කොටස.....(bonus )
06වන කොටස....
07වෙනි කොටස...
08වන කොටස....
09වන කොටස...
10වන කොටස.....
11වන කොටස.....
12 වන කොටස....
13වන කොටස....
14වන කොටස...
15වන කොටස...
16වන කොටස...
17වන කොටස....
18වන කොටස....
19 වන කොටස....
20වන කොටස.....
thank you note😘😘
21වන කොටස.....
AUTHOR NOTE...
23 වන කොටස..
24වන කොටස....(bonus )
26වන කොටස.....
27වන කොටස...
28වන කොටස.....
29වන කොටස....
30 වන කොටස....
31 වන කොටස....
32වන කොටස....
33වන කොටස...
34වන කොටස...
35වන කොටස....
36වන කොටස.....
37වන කොටස...
38 වන කොටස...
39වන කොටස.....
40වන කොටස...
41වන කොටස..
42වන කොටස...
43වන කොටස...
44වන කොටස...
45වන කොටස....
46වන කොටස...
47 වන කොටස...
48වන කොටස....
49 වන කොටස......
50වන කොටස...
51වන කොටස...
52වන කොටස...
53 වන කොටස..
54 වන කොටස....
55වන කොටස...
56වන කොටස...
57වන කොටස...
58වන කොටස..
59 වන කොටස...
60වන කොටස..
61 වන කොටස...
62 වන කොටස...
63වන කොටස.....
64වන කොටස...
65වන කොටස...
66 වන කොටස....
67වන කොටස....
68වන කොටස.....
69වෙනි කොටස...
70වන කොටස....
71වන කොටස....
72වන කොටස...
73වන කොටස..
74 වන කොටස.....
75වන කොටස.....
76වන කොටස....
77වන කොටස....
78වන කොටස....
79වන කොටස...
80 වන කොටස....
81වන කොටස...
82 වනකොටස
83වන කොටස...
84වන කොටස....
85වන කොටස....
86වන කොටස....
87වන කොටස..
88 වන කොටස..
89වන කොටස...
90 වන කොටස...
91වන කොටස...
92 වන කොටස..
93 වන කොටස...
94 වන කොටස....
95වන කොටස..
96වන කොටස....
97වන කොටස...
98වන කොටස...
99වන කොටස.....
100 වන කොටස.
101 වන කොටස...
102වන කොටස...
103 වන කොටස....
104වන කොටස...
105වන කොටස...
106 වන කොටස..
107වන කොටස...
108 වන කොටස...
109වන කොටස .....
110 වන කොටස..
111 වන කොටස....
112වන කොටස....
113 වන කොටස..
114වන කොටස...
115 වන කොටස....
116 වන කොටස..
117.............!!!
Thank you note❤️😘

25වන කොටස...

6.5K 1K 461
By DEESHAPONNAMPERUMAGE

එයා මාව තුරුල් කරගත්තා ......ටීක් ටීක් ගාන මැශින් ගොඩ මැදම මාව තුරුල් කරගත්තා .....මරනෙන් ගොඩ ආව මිනිහෙක් විදිහට මම ආයම එයාගෙ පිරිමි පපුව මැදම ඉපදුනා කිව්වොත් හරි.........

මගෙ සුදු මහත්තයා ....උඹ ආයම කවදාවත් මාව දාලා යන්නෙ නෑනේදමගෙ සුදු අප්පො......

කව...දාවත් ...නෑ......පන......

මට ලැජ්ජාවක් දැනුනා.....ඒක ලැජ්ජාවක් කියනවටත් වඩා මහ අමුතු හැගමක් ගෙනාවා..."පන...." ඒ වචනෙ මට ආගන්තුකයි ...හැබැයි.....පුදුමාකාර තරම් හදවතට සමීපයි. ..එයාගෙ අත් දෙකට නිවනක් නැතිවම මගෙ ඔලුව අතගානවා......සුදුරෙද්දකින් විතරක් වැහුන නිරුවත පුරාවටම යනවා....රෙද්ද උඩින් එයාගෙ අත ගියා උනත් මගෙ සර්වාංගෙම ඒ හැම  ස්පර්ශයක්ම  හිරිවැට්ටුවා......

මම බලන් උන්නා...එයාගෙ ඇස් දෙක ලෝබ කමෙන් පිරිලා...මට අහන්නවත් ඕන උනේ නෑ "උඹ මාව දාලා කොහෙ මගුලෙද යකො ගියේ" කියලා.....මට වේදනයි...මට දැනුන වේදනාවට මට බනින්න ඕනා උනත්....මේ මනුස්සයා මට දෙන්නෙ එසේ මෙසේ ආදරයක් නොවෙනකොට මට ඒ ආදරේ ඉස්සරහා දිය වෙන්න උනා......

සුදු අප්පො......

ම්ම්ම්....

එයා මට කතා කරනවා...ලෝබ කම පිරුන ඇස් හිනා වෙනවා....එයා මට සුදු අප්පො කියනකොට .....බබා...පැටියා කියනවට  වඩා මහ ආදරනීය බවක් දැනුනා...බබා....පැටියා...ඇත්තටම එ වචන හොදයි...තවමත් ආදරෙ කරන්න ඉගන ගන්න උන්ට.....මට ඕනේ පොඩි දේටත් මරා ගන්න ආදරේකට වඩා පරිනත ආදරයක්.....සුදු මහත්තයා .....සුදු අප්පො....මැනික.....තේශි....මේ වචන ඇත්තටම මගෙ හදවත සතුටින් තිබ්බා.....

එයා මට සුදු අප්පො කියලා කතා කරනකොට මම ඇහෙන නෑහෙන ගානට මාස්ක් එක අස්සෙන් ඇයි කියලා උත්තර බැන්දා.....

මන් මේක එක තත්පරේකට ගැලෙව්වොත්....හුස්ම ගන්න පුලුවන්ද මහත්තයා .....

..............

ඇස් ලොකු කරගන්න එපා මැනික..මට උඹට හාදුවක් තියන්න ඕනේ.....

එයා හාදුවක් ඉල්ලනවා.... ඉතින් මෙච්චර කල්ම එයා හාදුවක් තියනකොට මම කෙරුවෙ මගෙ කට සිල් කර ගත්තු එක වෙනකොට  අද නොදී කොහොමද මම මගෙ මාස්ක් එක පහත් කරනකොට එයා මං දිහා  බලන් ඉදලා හිනා උනා......

මගෙ මැනිකගෙ කන රතුවෙලා.....

එයා මගෙ මූනට පහත් වෙලා මගෙ කන රතුවෙලා කියලා මුමුනකොට මට මගෙ කන විතරක් නෙවෙ මගෙ සර්වාංගෙම රතුවේගන එනවා වගේ  මට දැනුනා...ලෝභ කම උතුරන  ඒ ඇස් දෙක මගෙ මූන පුරාවටම යනකොට එයා හිමින් මගෙ මූනට පහත් උනා මෙච්චර කාලෙකටම තිබුනේ ඒක පාර්ශවීක  හාදුවක් වෙනකොට මම පලවෙනි පාරට එයා වෙනුවෙන් මගෙ සීලෙ බින්දා......

උනුසුම් වගේම ආදරනීය හාදුවක්...මට තේරෙන්නෙ නෑ එයින් එහා ඒ හාදුව විස්තර කරන්නෙ කොහොමද කියලා.......ඒ ආදරේ දරන්නම බැරි තැන මගෙ ඇස් කොන් වලින් කදුලු වැටුනා ...........

ඇයි සුදු මහත්තයා මේ අඩන්නෙ......

එයා මගෙ ඇස් කොන් වලින් වැටෙන කදුලු ඒ ඇගිලි තුඩු වලින් පිහදාන  ගමන් අහනවා ඇයි අඩන්නෙ කියලා ....මට කියන්න ඕනා උනා මම උඹට ආදරේ නිසයි අඩන්නෙ කියලා...ඒ උනත් මට කතා කරගන්න ඇගට පනක් නැති උනා...මගෙ සර්වාංගෙම වේදනා දුන්නා.....

මගෙ මැනික උඹ අඩන්නෙ ආදරේ වැඩි හින්දද තේශි.......දන්නවද සුදු අප්පො........කදුලකට පුලුවන්  කියන්න උඹ හංගපු ආදරේ ගැන.....ඉතින්......මං අද දැනගත්තා .....උඹ නොකියපු ආදරේ තරම......තේශි....මං කවදාවත් අහන් නෑ උඹ මට කොච්චර නම් ආදරේ කරනවද කියලා ...මොකද....උඹ මට පැලෙන්න තරම් ආදරේ දෙනවා කියලා දන්නවා සුදු අප්පො.....

මට එයාට දෙන්න ඕනා උත්තරේ හොයාගන්න බැරි උනා........මගෙ හිත කියන දේම එයාට වචන කරන්න තරම් එයාට මාව දැනිලා තිබුනා.......කැනියුලාව ගහපු අත එයාගෙ නහර පැදුන පිරිමි අතට තද වෙනකොට මම එයා දිහා බලලා මගෙ ඇස් වලින් හිනා උනා....මාස ගානකට පස්සෙ මම හිනාඋනා.....මම ජීවත් වෙනවා කියලා දැනුනා...........ඒ එයා නිසා...

මං උඹට මහ හුගක් ආදරෙයි මගෙ සුදු අප්පො....


මා දන්නෙ ආදරේ ගැන විතරයි
ඒ කියලා දුන්නෙ ඔබම තමයි.....
ඔබ නැතුවම කොහොමද මා ඉන්නෙ....
හද සැනසුම ඇත්තෙ ඔබම ලගයි.......

එයා සැරින් සැරේම මගෙ අතට ගහපු බට දිහා බලන් උන්නා.....කටට දැනෙන අපුල ගතිය වගේම ඔලුව බර ගතිය...ඇගපත වේදනාව එක්ක මට උන ගැනිලා කියන එක මට දැනෙනකොට මටත් නොදැනිම මට කෙදිරි ගෑවුනා....

තේශි.........ඇයි......

මේක....රිදෙනවා

අනේ මැනික....තව ඉතුරුයි නෙ.......

මම වේදනා දෙන අත පෙන්නනකොට එයා තව ඉතුරුයි නෙ කිව්වා .....හතර වටම වැහුන කර්ට්න් කාමරේ තවත් අදුරු කරනකොට කහ පාට ලයිට් එලිය ඒ අන්දකාරෙ මකලා ඇරියා....

සුදු මහත්තයා ....ඔයාට මොනවා හරි ඕනෙද....

එයා මගෙ අත ගගා අහනවා මොනවා හරි ඕනෙද කියලා....

මට....අච්චාරු ...ඕනනෙ....

අච්චාරු .......?? අනේ තවම ඉර එලියවත් වැටිලා නෑනෙ  ....

එයා කිව්වා ඉර එලිය වත් වැටිලා නෑ කියලා ..එතකොට තවම රෑද පාන්දරද........මම එහෙම්ම බිත්තියෙ තිබුන ඔරලෝසුව දිහා බැලුවා ...

පහ මාරයි....

නිතේස් අයියේ....ඔයා ඇහැරුනාද ඒයි....

ඔන්න එනවා උඹගෙ හොර ගෑනි....

අමාරු කම් දාහක් මැද උනත් මට බකස් ගාලා හිනා ගියා..මෙච්චර වෙලාම මට සුදු  මහත්තයා ගගා උන්න මගෙ මිස්ටර් විතේන්ට ඊරිසියා හිතුනා....පොඩි ගඩාපියා.....අතින් කටින් කඩචෝරු මල්ලක් උස්සන් උන්න ශෙනෝන්ගෙ පොඩි ගඩාපියා උන්නෙ පිජාමා එක පිටින් වගේම ඒකගෙ නත්තල් පප්පා තොප්පියත් පැත්තට වැටිලා තිබ්බා මං හිතන්නෙ මූව නින්දෙන් වගේ උස්සන් ඇවිත් තියෙන්නෙ....

විතේන් අහකට යන්නකො ඒයි...ම්හුක්.....පෙන්නෙ නෑනෙ...

ඒ..ඒයාව අල්ලන්න එපා චූටි මැනික....

ඩියෝන්....එයාගෙ ..නම...ඩියෝන්....

අරූ අතින් කටින් කඩචෝරු එල්ලන් ඇවිත් මගෙ ගාවට ...නෑ ඇත්තටම ඒකා හැදුවෙ මැරෙන්න වැටිලා ඉන්න මගෙ ඇද උඩට නගින්න වෙනකොට  ඊරිසියා කාර මිස්ටර් විතේන් මාව අල්ලන්න එපා කිව්වා..නිකන් නෙවෙ චූටි මැනික කියලා ....ඒ මොන මගුලක්ද ඒ උගෙ නම ඩියෝන්...

හරි ...හරි ..ඒයි...මම අල්ලන්නෙ නෑ....
අම්මො...සෙනෝන්....මේ බලන්නකො ඒයි මේ විතේනයා මහ නරකයෙක්නෙ....අල්ලන්නත් එපාලු..ම්හුක්..අපේ කොල්ලා හරිතේ.......

මම ශෙනෝන් දිහා බලනකොට ඌ උරහිස් ඇකිලුවා....හරියටම අද ඉදන් උඹටයි මටයි අත්තම්මගෙ පිහිටයි ආරක්සාවයි කියන්න වගේ..

නිතේස් ....මේ ඒයි....ඔයාට ඇහෙනවා නේ...මාව පේනවා නේ ඒයි....ඇයි අප්පා මේ කොල්ලා වතුරට පැනලනෙ..මට එන කේන්තියට දෙන්න හිතයි පුක පුපුරන්න....මගෙ ඔලුවත් හරීයට කැක්කුමයි....ඔයාගෙ විතේන් අපිට ගන්නකොට රෑ දොලහත් පහුවෙලා අප්පා..පේනවනෙ....චූටි මැනික ඉන්නෙත් තාම පිජාමා එක පිටින්....

..................

අනෙ නිතේස්....ඔන්න මං දැම්ම කිව්වා අර නාකි බිබික්කමි ගත්තොත් ආන්ස්වර් නම් කරන්න එපා අනෙ...මම සෙනෝන් ගැනත් හිතන්න ඕනා...ඔයා ගැනත් හිතන්න ඕනා....දැන් ඉතින් මේ ළමයා ගැනත් හිතන්න එපැයිනෙ....දැන් ඉන්න ගෑනුන්ටත් වැඩ නෑ පිරිමින්ටත් වැඩ නෑ අපිට තමයි හරියට වැඩ තියෙන්නෙ ..
අනෙ සෙනෝන්...මෙන්න මූට කියපන්කො අනෙ ගොන් වැඩ කරන්න එපා කියලා ...ම්හුක්.....ඔලුව රදේ බැ....

මං අහගන උන්නා ඉනට අත් දෙකත් තියාගන පොඩි පුකත් පස්සට දික් කරගන මූ කව්කචර් වගේ කියවන හැටි මං අහන් උන්නා ..මුගෙ දේශනාව අහන්න වෙනවා කියලා දන්නවා නන් මං තව පාරක් ගගට පනිනවා ....

නිතේස්....මේ ඒයි....

ම්න්....

ඔයාගෙ ඔලුව එහෙම කොහෙවත් වැදුන් නෑනේත.....ඈ අනෙ....කෝ බලන්න උනද කියලා ...අපෙ අප්පේ...කොලුවට උනනෙ.....ඈ විතේන් මේ මනුස්සයට පැනඩෝල් පෙත්තක් වත් දුන්නද......මරු බලා ගැනිල්ල.....

දුන්නා...

කීයටද...කොයි වෙලේද...පැය හයෙන් හයට දෙන්න ඕනෙ අප්පා....කො අහකට වෙන්න....මදැයි ටිපිටිප් එකක් ගේන්න ගිය ඩිංගට කරලා තියන දේ....මාව කන්න තමා ඉන්නෙ....මේ ලමයට සැනසීමක් ඇත්තෙම නෑනෙ  .....මට හරියට වැඩ.....

ඩියොන් බබා එයාට බෙහෙත් දීලා ඉන්නෙ...

සෙනොන් මේ  ගොඩ දොස්තර නොවී ඉන්නවත....මං මේ ලමයට පෙනඩෝල් පෙත්තක් පොවා ගන්නකන්....

මගෙ කන් බෙර දෙක පැලෙන්න වගෙ..විතේන්ගෙ මූනට අබ දැම්මොත් පිපිරෙනවා....අරූ ඒ අස්සෙන් පැනඩෝල් හොයනවා .....

පෙනඩෝල් පෙත්තක් වත් නෑනෙ මේ දරුවට පොවා ගන්න....නිතේස් පෙනඩොල් නෑ ඒයි ඔයාට රතු පාට ජුජුබිස් එකක් දෙන්නද......

ම්න්....

චූටි මැනික හිස් බඩ ඔව්වා ගිල්ලවන්න හොද නෑනෙ....

හිස් බඩ කියන්නෙ ඒයි මේ ලමයට ක්‍රීම් කැකර් ගිල්ලන්නද කියන්නෙ...ඔන්න අනෙ මං මෙ හරිම ඉවසීමෙන් මේ කතා කරන්නෙ... ආය අර මෙහෙ ඉන්න නාකි හාමුවා ගත්තොත් ඇත්තමයි නිතේස් මම ඒකව නුවර වැවෙ ගිල්ලල හිරේ යනවා.....අපේ සෙනෝන් පල්ලයි....අර නාකි පාපිස්ස වංගෙඩියෙ දාලා කොටනවා....අපේ සෙනෝන් පල්ලයි.....

අනේ ඩියෝනයා...කටවහපිය ගහනවා තොට මම පුක පුපුරන්න හැම මගුලටම මං පල්ලයි ගානවා.....තොගෙ හෙන වැදිලමයි මට කොයි වෙලෙත් ඔලුවෙ කැක්කුම අල්ලන්නෙ.....

ඉතින් ඒයි...මට විස්වාස එකම එක්කෙනා ඔයානෙ ඒයි...ඒ උනාට ඔයාට අවිස්වාස එකම එකා මම නේ....මහ හොද නෑ ඒයි......ඒකෙන් වැඩක් නෑ නිතේස් ඔයා අපිට මේ දුන්න ලැව් ගින්න හොදටම ඇති....කරුනාකරලා ඔයා මේ අපේ විතේන් අයියා එක්ක හොදින් පවුල් කන්න බලන්න...මට නම් පවුල් කන එක ලොකු දෙයක් නෙවෙ මොකද ඩියෝන් බබාම තමා අපේ මුළු පවුලම තනියම කෑවෙ .....ඔයත් එහෙම කරන්න....ඔන්න නිතේස් අයියෙ...මං අනිත් පාර නම් ඉවසන් නෑ හාමුවට නැමි පනාව පුකේ ගහගන්න කියනවා...මට දැන් හරියට තරහා යාගන එන්නෙ...ඈ...අපිනෙ දන්නෙ   තොට සිහිය නැති වෙලා ඉද්දි අපි විදපු දුක ...මගුල.....මට වරමක් හම්බුනොත් මම ඔය වලව්ව ඩෝසර් කරලා නයිට් ක්ලබ් එකක් ගහල නාකි හාමුවව ස්පා එකකට විකුනලා අත්තම්මව පිටකොටුවෙ බෝග ගහ යටට දානවා පැයට පනහයි කියලා.....මගුල...මට කේන්ති අප්පා........

මං අහන් උන්නා...ඩියෝන් එහාට මෙහාට යන ගමන් කියන වචන එකක් නෑරම මම අහන් උන්නා.....එයාගෙ හිතේ තියන කේන්තිය වේදනාව ඒ වචනවලින් දැනෙන කොට මං අහන් උන්නා....මේ වෙනකොට විතෙන් වගේම ශෙනෝනුත් මොකුත් නොකියම අහන් ඉන්නකොට මේසෙ උඩ තිබුන මගෙ ඵෝන් එක රින්ග් උනා විතරයි බැන බැන උන්න ඩියෝන් බැනිල්ල නවත්තලා මගෙ ඵෝන් එක අතට ගන්නකොට අපි හැමෝගෙම කටවල් වල කෙල හිදුනා....

නිතේස් අප්පච්චි ....

ඇති යාන්තන් මට දැනුයි හුස්මක් වැටුනෙ....හැබැයි ඩියෝන් මට ඵෝන් එක නොදී ආන්ස්වර් කෙරුවා ...

හලෝ....අප්පච්චි ....මේ ඩියෝන් බබා...

මන් විතේන් දිහා බැලුවා ...වල්ව්වෙ මිනිස්සු කොහොම මොන තුප්පහි කතාව කියලා ඩියෝන්ලව කොන් කෙරුවා උනත් මගෙ අප්පච්චි කවදාවත් ඒ දෙන්නට වචනයක් වත් කිව්වෙ නෑ.....වලව් මාන්නෙ ඉහට  නොගහපු  මගෙ අප්පච්චි කියන්නෙ මොල්ලිගොඩ වලව්වට හම්බුන මැනිකක්....දලදාහාමුදුරුවන්ට පින් අයිති වෙන්න අප්පච්චි මං අම්මගෙ බඩේ ඉන්නකොට තියපු බෝධි පූජාවල පිහිටෙන්ම මට අප්පච්චිගෙ ගති ගුන පිහිටලා තිබුනා ....

ඵෝන් එක කනෙ ගහන් උන්න ඩියෝන් එලියට ගියා...මං දන්නවා ඩියෝන් ඕක අනිවාර්යයෙන්ම අප්පච්චිගෙ කනේ තියනවා .....

සුදු මහත්තයා ....දැන් ඉතින් අප්පච්චි ඒවී.....

මගෙ ගාවට ආව විතෙන් මගෙ අවුල් උන කොන්ඩෙ හදලා අප්පච්චි ඒවි කිව්වා ....එයා මාව අරන් ඇවිත් තිබුනෙ නුවර තිබුන ලොකුම ගෙවන වාට්ටුවකට වෙනකොට  මගෙ අප්පච්චි පියාඹලා හරි එනවා කියන්න මං දන්නවා....

එයා මගෙ මුලු මූනම වෙට් ටිශූ එකෙන් පිහ දැම්මා....ඇදුමක් අන්දවලා නැති සර්වාංගෙම අලුත් ශීට් එකකින් වැහුවා .

නිතේස්....අප්පච්චි තා ටිකෙන් එනවා කිව්වා ....ඔයාට කන්න මොනද ගේන්න ඕනෙ ඇහුවා....මං කිව්වා....ඉදිආප්ප ගේන්න කියලා ඩියෝන් බබාට ජෑන් බනිසකුත් ගේන්න කිව්වා........ආ...මේ...මං කිව්වා...අර ......වලව්වෙ හැත්තව නම් මේ හතර මායමක ගේන්න එපා කියලා....ඔන්න නිතේස් ....මගෙ අද කලදසාව හොදම නෑ ඒයි......

මම අහන් උන්නා......අප්පච්චි ඉදිආප්ප ජෑම් බනිස් කෙසේ වෙතත් ඇදිවත පිටින් හරි එනව කියන එක මට දැනුනා......දරු දුක දැනෙන්න අම්මෙක් අප්පෙක් වෙන්නම ඕනා උනත්...මගෙ අම්මට දරු දුකට  වඩා  වලව් මානෙ ලොකු වෙනකොට මම පුදුමාකාර තරම් අසරන උනා.......අප්පච්චි නැත්තන් මම මේ තාක් වත් ජීවත් වෙන්නෙ නෑ.....අවුරුදු තුන වෙනකොටම කිරි උරන එක නවත්තන්න කොහොම ඉස්ම ගාපු තන පිහ පිහ අඩනකොට අඩන මං ඉස්සරහා අප්පච්චි අසරන උන තරම් අප්පච්චි අදටත් කියන්නෙ කදුලු පුරවගන......කොටිම්ම අම්මා අප්පච්චි කියන්නෙම අහසට පොලව වගෙ.......

තේශි මැනික  ..

මටත් නොදැනුවත්ම මගෙ ඇස් වලින් කදුලු ඇවිත් තිබුනා.....

මාව ටිකක් තුරුල් කරගන්නවද......

මට ඕනා උනා එයාට තුරුල් වෙන්න...මට ඕන උනා ඕනම ගින්නක් නිවන ඒ පපුවට මගෙ ඔලුව තියා ගන්න.....

පොඩ්ඩක් ඉන්න තේශි මං කර්ට්න් එක අරිනකන්......අන්දකාරයි මැනික....එලිය තියන් ඇයි තේශි  අන්දාකරෙ ඉන්නෙ......

මගෙ මුලු ජීවිතේම අන්දකාරයක්ම තමයි.....මට එහෙම කියන්න හිතුනා..ඒ උනත් මෙච්චර ආදරයක් දෙන ඒ හිත මට තවත් රිදවන්න ඕන කමක් නැතිවෙනකොට මම සද්ද නොකර උන්නා.....

එයා කර්ට්න් එක ඇරියා.....

එලියෙ වහිනවා තේශි.....

ඇත්ත......එලියෙ වහිනවා.....පිජාමා එක පිටින් උන්න ඩියෝනයා කකුල් දෙකක් බෝක්කුවක් වගේ පලල් කරන් උගෙ කඩචෝරු මල්ල ගිලිනකොට අරූ පුලුවන් තරන් ඵෝන් එක කෑවා......

ඩියෝන් බබා යමුද.....

ම්හුක්...අප්පච්චි ජෑන් බනිස් ගේනවා කිව්වනෙ....

මම යනගමන් අර දෙන්නම්....

මට බෑ....

ඩියෝන් අකීකරු වෙන්න එපා ඩියෝන්....

ඇයි...මොකද.....පැරදුනාද.....දැන්ද ඩොයෝන් බබාව මතක් උනේ....සෙනෝන් මේහ්...මෙච්චර වෙලාම මම මේ කඩචෝරු මල්ල්ම ගිලිනකොට ඔයා ඔය ඵෝන් එක කකා උන්නා මිසක් මට කිව්වෙ නෑනෙ ඩියෝන් බබා ඔච්චර කන්න එපා කියලා...දැන් තමා මං ගැන හොයන්න එන්නෙ...මට හිතෙන්නෙ මූද කොහෙද අර පැයට කීයකද තරු දෙන සදරු අයියා.....තින්කිව් සදරු අයියා...යැයි...යැයි........ආවා මෙතන......

මම එයා දිහා බැලුවා....හරියට මම නම් නෙවෙ සදරු අයියා කියන්න වගේ.......වැස්ස වහිනවා.....කඩින් කඩ වහිනවා...එක දිගට වහිනවා......ඒ කොහොම වැස්සත්......වැස්ස ලස්සනයි...හැබැයි හැමෝටම නෙවෙයි.....පහේ කනිසමට මනිය වදිනකොට ලැයිම් කාමරවල ඉන්න ගෑනු ටික  ඉරටත් කලින් තේ දලු කඩන්න යනකොට එදාට වැස්සොත්......ඒ වැස්සෙන් වැඩක් තියෙයිද.......පුච්චගන්න තුනී රොටිය කොච්චර රසද දන්නෙ තුන්වේලම බඩ පැලෙන්න කන්න තියන අපිට  නෙවෙ, මැරිලා මැරිලා කූඩැල්ලන්ට ලේත් පොවලා ආව ලැයිම් කාමරවල ඉන්න ඇස්වලින් පන ගිය උන්දලා වෙනකොට "උනු තේ එකක්...වැස්සක්....පොල් රොටියක් " කියන වචන තුන හැමෝටම ලස්සන වෙන්  නැති තැන් අනන්තයි අප්‍රමානයි.......

මම වැස්ස දිහා බලන් උන්නා.....ඈතම ඈතට පේන දලදාව දිහා බලන් උන්නා.......නුවර නම් මහ පුදුමයි....කොයි ගැට්ට උඩට නැග්ගත්.....දලදාව පේනවා........


කොයිතරම් වැස්සත් එකම එක පහනක් හරි කාගෙ හරි ප්‍රාර්තනාවක් වෙනුවෙන් ඇවිලෙනවා ඇති.....එකම එක මලක් හරි...කාගේ හරි ප්‍රාර්තානවක් වෙනුවෙන් පේ වෙනවා ඇති.....

එයා මගෙ ගාවට ආවා...ඇවිත් මාව ඉන්දෙව්වා .....ඉතින්...ඒ ඇස් කියන්නෙ මට තුරුල් වෙන්න කියන එක නෙවේද....මං එහෙම්ම ඒ පපුවට මගෙ ඔලුව තියා ගත්තා ...එයා මගෙ හිස් මුදුනටම හාදුවක් තිබ්බා....ඉතින් මට කියන්න කාටත් ඕනේ හිත නිවන ආදරයක් නෙවෙද ....කාටත් ඕනේ ගින්නක් නැති ආදරයක් නෙවේද..........

මම හුස්ම ගත්තා    එයා නිසා...මම ආයම ඉපදුනා...ඒ එයා නිසා............ඉතින්....මට කියන්න......විතේන් කියන්නෙම මේ නිතේශ්ට හමුවුන හොදම හමුවීම නෙවෙද කියලා.....

ආලෝකයක්නොමැති දිවියට
එලිය දෙන මිණි පහනක්ම වීය
නුඹ..
වැහිකෝඩුවෙන් බැට කෑ ගතට
මහ වෘක්ශයක් වීය
නුඹ...
කප්පරක් දුක දැරූ හදවතට
සිසිල දෙන මද පවනක්ම වීය
නුඹ...
වලව්වෙ හාමුගෙ බස්තමේ රසබැලු
ගතට විය සවියක්ම නුඹව මට
"තේශි" මගෙ සුදු අප්පො
ආදරෙන් කියන විට නුඹ
සත්තමයි දැනුනා මට
නැවත පණ ලබන බව මම
ආදරෙයි  දිවි තෙබෙන තුරු මම
"විතේන්"මැණික ප්‍රාණයයි මගේ
නුඹ.....

මම උඹට ආදරෙයි විතේන් ......

(XZhan_1005 ස්තූතියි ගොඩක්ම ගොඩක් මේ ආදරේට😘😘😘❤️❤️මේ මහන්සියට.....හැමදේටම )

මම  එයගෙ අත අල්ලගන එයාට මිමිනුවා.....අවංකවම මම මේ වෙනකොට එයාට ආදරේ කරන්න පටන් අරන් තිබුනා.....

සුදු අප්පො......

එයා මට කතා කෙරුවා .......මම ඔලුව උස්සලා බලනකොට එයා උන්නෙ ඈත පේන දලදාව දිහා බලාගන වෙනකොට  එහෙම්ම මගෙ අත අරගන එයාගෙ අතට පටලව ගත්තා ..

කියන්න පන.......

දලදාහාමුදුරුවො....මං කියන දේත්  අහයි නේද  ...තේශි......උඹලගෙ වලව්වෙ වගේ....දලදාහාමුදුරුවො ගාව කුල මල මේ මොකුත් නෑනෙද....තේශි......මේ විතේන් ...අඩු කුලේ...වෙන ආගම් කාරයෙක් උනත්....මේ විතේන්ගෙ ප්‍රාර්තනාව දළදා හාමුදුරුවො අහාවි නේද සුදු අප්පො........

එයා මගෙන් හරි අහිංසක විදිහට අහනවා  එයාගෙ ප්‍රාර්තනාව අහාවි නේද කියලා .....මං එහෙම්ම ඈත පේන දලදාව දිහා බැලුවා ..........මගෙ ප්‍රාර්තනාව මොකක් උනත්...මට ජීවිතේ දුන්න එයාගෙ ප්‍රාර්තනාව ඉශ්ට කරන්න දලදාහාමුදුරුවනේ කියල මම මිමිනුවා......

තේශි......මම...ගාථා...කියන්න......උඹලා වගේ...පේ වෙන්න...මොකුත්..දන්නෙ නෑ...මැනික.......ඒත්..මට....ඕනා...උඹත් එක්ක පහනක්...අව්ලලා.......මලක් පූජා කරලා.......දලදාහාමුදුරුවන්ගෙන් ඉල්ලන්න...මොන හෙන හත මගෙ ඔලුවට වැදුනත්......මගෙන් කවදාවත් උඹව ඈත් කරන්න එපා කියලා .....මොන ගිනි පත්තු උනත්.....මට උඹව නැති කරන්න එපා කියලා ........මට උඹ එක්ක......මගෙ....අන්තීම දවස වෙනකම්ම ඉන්න ඕනා සුදු අප්පො.........

එයා හරි හිමීට මිමිනුවා......එයා හැමදාම බලාපොරොත්තු උනේ හැමදාමත් මාව විතරක් වෙනකොට මම එයාගෙ ඉල්ලීම ඉශ්ට කරලා දෙන්න කියලා දළදා හාමුදුරුවන්ගෙන් ඉල්ලුවා.....

සැරයටියෙන් අපි
යනෙන තුරා....
සංසාරෙ...අපි එකට ඉමු.....
සංසාරෙන් අපි සමු ගන්නාදා......
ඒ ගමනත් අපි එකට යමු.......

දොරට තට්ටුකරන සද්දෙත් එක්ක මම එයාගෙ පපුවෙන් ඈත් වෙනකොට  සෝෆාව උඩ දපනේ දාන් උන්න ගඩාපියා කඩචෝරු සීසිකඩ විසි කරන් දොර ගාවට දිව්වා....

අප්පච්චි ........

දොර ඇරපු ඩියෝන් කෑගහනකොට ඒකගෙ අතට මල්ල දීපු අප්පච්චි මා දිහා බලන් උන්නා....අතේ සේලන්‍යින් කටු ගහන්...ඔක්සිජන් බට එල්ලන් ඉන්න මාව දැකපු අප්පච්චිගෙ මූන අමුතු වෙලා ගියා....මොන අම්මා අප්පච්චිද දරුවෙක් මැරෙන්න වැටෙනකොට උහුලන් ඉන්නෙ......

සුදු   පුතා.....

ඒ මගෙ අප්පච්ච්ගෙ කට හඩ.....මෙවෙලෙ මගෙ අප්පච්චිගෙ පපුවෙ වේදනාව හරියටම කොයි වගෙද කියනවා නම්....ගුනාදරීගෙ  අප්පච්චි කෙටිහාමිගෙ මූනෙ තිබුන වෙදනාව වගේ...නොදරුවව පොඩි කරපු වෙලේ කෙටි හාමි පුංචි එකාව පපුවට තුරුල් කරන් දුවපු දිවිල්ල...ඒ පපුවෙ වෙදනාව....ඒ ඇස්වල කදුලු ......ඒ දරු දුක....අද මම මගෙ අප්පච්චිගෙ මුනෙන් දැක්කා......

අප්..පච්චි.....

උඹ..මොකක්ද....රත්තරනේ...මේ කරගත්තෙ.....ඇයි....පුතේ.....ඇයි  පුතේ උඹ මට මෙහෙම කරන්නෙ....මට ඉන්නෙ උඹ විතරනේද නිතේශ් ....ඇයි නිතේශ් ...ඇයි කොල්ලො...මගෙ පපුවට මෙහෙම ගිනි දෙන්නෙ .......උඹ මට වැදල ගෙයින් එලිබැස්සෙ මේකට කියල දන්නවා නම් ..මම කීයටවත් උඹව එලියට එවන්නෙ නෑ මගෙ  මැනිකේ.............

අප් ..පච්චි ...අනේ   නාඩා...ඉන්නකො......

නාඩා ඉන්න...නාඩා .. ඉන්න.....උඹව කරේ තියන් ඇස් දෙක වගේ බලන් හැදුවෙ මැරිලා යන්නද නිතේශ් .....උඹ අම්මා ගැන හිතුවෙ නැති උනත් මගෙ ගැන වත් හිතපන්කො රත්තරනේ...මට ඉන්න එකම සැනසීම උඹ විතරනෙ නිතේශ් .....

අප්පච්චි අඩනවා....අප්පච්චි දුක කිය කිය අඩනවා....මට කට උත්තර නෑ.....මම යන්න ගියා......හිතේ වේදනාව උහුලන්න අමාරු තැන මම යන්න ගියා ..ඒ උනාට දෙයියනේ....ඉතුරු වෙන එකා නේද විදවන්නෙ   ....අම්මට වඩා ආදරේ දීපු අප්පච්චිගෙ කදුලු හොලවපුවේදනාව මගෙ ඇගේ වේදනාවටවඩා වැඩි වෙනකොට මම එහෙම්ම අප්පච්චිගෙ උරහිසට ඔලුව ගැහුවා  ...

මට   සමාවෙයන් ..මගෙ...රත්තරන් ...අප්පච්චි .......

මං ..උඹට   කවදාවත් සමාව දෙන්නෙ නෑ...නිතේශ් ...උඹ...මොන දේ කෙරුවත්..මම උඹගෙ පැත්ත ගන්නවා   ඒ ..උනත්  ....උඹ ...අද කරපු දේට නම්...කවදාවත් සමාවක්...දෙන්නෙනෑ   නිතේශ් ......උඹ මොන හිතකින්ද මට මේවගේ දෙයක් කරන්න හිත හදාගත්තෙ නිතේශ් ....උඹට අර මහ වතුර කද දකිනකොට බයක්වත් දැනුන් නැතිද රත්තරනේ......

අනේ...අප්ප...ච්චි....නාඩා...ඉන්..නකො....

නාඩා ඉන්න ..නාඩා ඉන්න කියන්නෙ.....උඹලව හදපු මට මෙහෙම ගින්දර දෙන්න එපා නිතේශ් අර දරුවා නොයින්න උඹ අද මේ ලෝකෙත් නෑ....නෙද....පුතේ.....උඹ හිතුවද නිකමට මේ අප්පච්චිට මොනා වෙයිද කියලා ....උඹලගෙ අම්මවත් මරලා එක්කො මාත් මරාගන මැරෙනවා නිතේශ්

මට තවත් අප්පච්චිගෙ ඇස්වල කදුලු බලන්න හයියක් නැති තැන මං ඒ අත මිරිකගත්තා අම්මගෙ ආදරේ දැකපු මිනිස්සු හැමදාම බුදුවෙන්න කිව්වෙ අම්මට විතරක් උනාට දස මසක් කුස නොදැරුව අප්පච්චිලා බුදු බව නොපතාම ජීවිත කාලෙම දරුවන්ව පපුවෙ තියන් රැකගත්තා....අම්මා හදක් උනත්.....අම්මට එලිය දෙන්නෙ අප්පචි.....දස මසක් කුස දැරුවත් ලේ කිරි කරලා පෙව්ව උනත්.....කව්ද කින්ද මන්ද නොබලම ඉපදෙන්නත් කලිම්ම අපි ගැන ආඩම්බර උනෙ අප්පච්චි .....ඉතින් අප්පච්චි කෙනෙක් කියන්නෙම බුදුබව නොපතන බුදු කෙනෙක් වෙන කොට මං මගෙ අප්පච්චිගෙ පපුව මැදට මූන තියා ගත්තා ...

අම්මා සදකි මම ඒ ලොව හිරුය රිදී...
ඒ ඉර හදින් නුඹෙ ලෝකය එලිය වුනී..
රැකුමට පුතුන් දිවියෙ දුක් ගැහැට විදී...
පියසෙනෙහසට කව් ගී ලියැවුනා මදී....

සිරුරෙ දුවන්නෙ මගෙ ලේ නොවැ පුතුනේ....
කුසයේ නොදැරුවත් දිවි බර මට දැනුනෙ...
මහමෙරකට උසයි දරු පෙම හද පතුලේ...
පුදුමයි පුතුනි කිම මගෙ ලේ කිරි නොවුනේ.....

ආ ගාපන් රත්තරන් ...

අප්පච්චිගෙ ගොරෝසු ඇගිලි වලින් පොඩි වෙන ඉදි ආප්පෙ කා ගන්න බැරි උනත්මන් අමාරුවෙන් ගිලගත්තා...
කටම තිත්ත කරන් උන අමාරුව මාව පාගනකොට මං අප්පච්චිට තව වේදනා දෙන්න බැරි කමට කට ඇරියා.....තවමත් උනු ඉදි ආප්පෙට ලී වංගෙඩියෙ කොටපු පොල්සම්බෝලෙ එක්ක මිරිස් මාලු හොද්ද   එක්ක වෙන දවසක නම් මට ඉදි ආප්ප කොතක් උනත් කන්න පුලුවන් උනත් අද මට එකක් හපා ගන්නවත් පන නැති උනා...

ආ ගාන්න පුතේ....

ඒමගෙ අප්පච්චි ....අප්පච්චිලාට කොයි දරුවත් එක වෙනකොට එයා විතේන්ටත් කැව්වා.....ජෑම් බනිසෙ වටේ කාපු ගඩාපියා උඩ හරියෙ සීනි ටික ලොවලා මැද හරිය ශෙනෝන්ට ගිල්ලවලා ඒකත් අප්පච්චි ගාවට කිට්ටු උනා...අම්ම හරියට පිං කරලා තියනවා අප්පච්චි වගෙ කෙනෙක් ලබන්න...ඒත් මගෙ අප්පච්චිට පින් මදිවෙලා තියනවා හිත පිරෙන්න ආදරේ ලබන්න.....ඒක අප්පච්චි ගෙ නෙවෙ මගෙත් කරුමෙ.....

සුදු මහත්තයා ....මේ ආගපන් රත්තරන් ....බේත් ටික වත් බොන්නෙ කොහොමද පුතෙ හිස් බඩ....

ඒක..නෙ...නිතේ.....ස්......අප්පචි...අර...උම්මල...කඩ..කෑල්ල...කවන්නකො.....

අරූ ගිල ගිල උල්පන්දම් දුන්නා....මට ඒහැම කටක්ම දැනුනෙ තිත්ත කොහොඹ කනවා හා සමානව වෙනකොට මගෙ විතේන් මට ඇස්වලින් කිව්වා කන්න සුදු මහත්තයා කියල..........ඊලග කට අනලා විතේන්ට කවන්න ගියා විතරයි අප්පච්චිගෙ සාක්කුවෙ තිබුන ඵෝන් එක අඩන්න ගත්තා ....මම උඩ සාක්කුවට අත දාලා ඵෝන් එක ගත්තා ...

කව්ද සුදු මහත්තයා ....

අප්ප..ච්චි....අම්මා.....

ස්පීකර් ඔන් කරපන්කො....

අප්පච්චි වෙනසක් නැතිවම ඊලග ඉදි ආප්පෙ ශෙනෝන්ට කවන කොට නිවුන හිත ආයම අවුලන්න අම්මා කතා කරනකොට මම ආන්ස්වර් කරලා ස්පීකර් ඔන් කෙරුවා ....

හෙලෝ....දහම්....හෙලෝ..

කියන්න...

කොහෙද දහම් ගියේ.....අප්පච්චි හැම තැනම හොයනවා....ගෙදර ඉන්නම ඕන වෙලාවෙ කොහෙද දහම් යන්නෙ...අර කොල්ලා අර උදවියගෙ මූනවත් නොබල ගියා අද උදේ වෙනකොට ඔයත් නෑ....නිතේශ්ගෙ ඵෝන් එක වැඩ නෑ....එයාට කියන්න පොඩීගෙ ඔසරිය හදන්න ඕනෙ කියලා...මේවා කට ගාවට එනකන් ඉන්නද දහම්...එහෙන් අම්මා කෑ ගහනවා....

අනීතා...අනීතා....කරුනාකරලා හුස්ම අරන් නිවාඩු පාඩුව කතා කරපන්...ඔසරි හදවන්න...දැන් ඔසරි තමා මදි උනෙ....ඇයි මහ අම්මන්ඩිටම කියපන් කුල බලලා ඔසරියක්  වඩම්මන්න කියලා ඒකටත් ඉන්නෙ මගෙ එකාද.....

මොකක්ද දහම් ඔයාට හැදුන පිස්සුව.....අප්පච්චි කීයෙ ඉදන්ද ලෑස්ති වෙලා බලන් ඉන්නෙ අර  වෙද මහත්තයව හම්බෙන්න  යන්න.....හෙට තියන නැකතට  කාර්ඩ් ටික බෙදන්න ඕනේ.......කැවිලි පෙවිලි...ගෙවල් දොරවල් අස්කරගන්න....මේවා කරන්නෙ නැද්ද දහම්...

ඉතින් යකො උඹ නෙවෙනෙ බදින්නෙ...ඔච්චර නැහෙන්නෙ....අප්පච්චි ලෑස්ති වෙලා නම් ඉන්නෙ ගෙදර ඩ්‍රයිවර් එක්ක යන්න කියපන්.... මගුල මගෙ එකාගෙ නෙවෙනෙ.....තොපි එක එකාව මරාගන අඩවගන කරන මගුල් වලට මම කොහොමත් කර ගහන් නෑ....ඔව්වට කර ගහලා ඒකිගෙ කදුලු වල වස් වදිනෙත් මගෙ එකාට අවසානෙදි ....

දහම්..ඔයා හැම වේලේම නිතේශ්ගෙ පැත්ත ගන්න එපා දහම්...එයා කෙරුවෙ වැරද්දක්.....අපි කෙරුවෙ එයාට හොදක් කරන්න හදපු එක

තොපි කෙරුවෙ හොදෙ තමා....මගෙ කොල්ලා තොපේ හොද ඉවසන්න බැරිව නුවර වැවට පැනලා......තොපෙ පිත්තම් වලව් මාන්නෙ හින්දා මගෙ කොල්ලා මෙහෙ මැරෙන්න වැටිලා ඉන්නව ආ යකො උඹ අම්මා නේද අනීතා...උඹ අම්මා නේද  ..උඹ මූව වැදුවෙ නමටද කියපන්?

දහ..ම්...නිතේශ් ....

ඔව්..නිතේශ් උඹ වදපු එකා තමා....

නුවර වැවට පනින්න තරම් මොකක්ද දහම් අපි එයාට කරපු වැරද්ද....ආ දහම්...මේ ඔක්කොම ඔයාගෙ බුරුල හින්දා කොහෙවත් යන පරට්ටියක් කරගැහුව දා ඉදන් මූට  මොන සාපෙ වැදුනාදො මන්දා...මුන් කරන දෙවල් එක්ක අපිට මූන දෙන්නත් බෑ....ඊයෙ මම කට කැඩෙනකන් කිව්වා නූලක් මතුර

අනීතා.....

අන අන උන්න ඉදි ආප්ප එක පැත්තක දාපු අප්පච්චි කෑ ගැහුවා....අම්මා කෙරුවෙම සුව උන තුවාලෙ ආය ආය පර පාර බෙහෙත් දාපු එක වෙනකොට ඒ තුවාලෙ සුව වෙනවා වෙනුවට මට උනේ උඩු දුවපු එක......අප්පච්චි මාරාවේස වෙලා උන්නා....මැරෙන්න වැටුන මම නූලෙන් ගොඩ එනකොට අප්පච්චි මාරා වේස උනා.....

අනීතා ...ආ යකො...තොට මොලේ කලදක් කියන එකක් තියනවද...තොගෙ කොල්ලා මෙහෙ මැරෙන්න වැටිල හතර අතෙන් බට එල්ලන් ඉන්නවා...උඹට දරු කැක්කුම කියන එක තියන්වද අනීතා....අපේ අප්පච්චිලත් මැනිකෙක් කියලා මගෙ කරට ගහලා තියෙන්නෙම හූනියමක්....ඒ මිනිස්සු ජීවත් වෙලා උන්නා  නම් මට වෙච්ච අපරාදෙ දැකලා වහ කනවා....

දහම්....තමුන්ට මාව  බැන්දා කියලා මොනවද උන අඩු පාඩු දහම්..ආ...ගෑනියෙක් විදිහට මම හැමදාම

නවත්තපන් අනීතා උඹේ ගෑනු කම... පට්ට ගෑනි....උඹ ගෑනියෙක් විදිහට මට දීපු එකම දේ මේ කොල්ලව විතරයි අනීතා...උඹ ඌට හොද අම්මෙක් උනෙත් නෑමට හොද ගෑනියෙක් උනෙත් නෑ..උඹ පිට පිරිමි එක්ක නොගියට විසිහතර පැයම ඔසරිය පටලවන් කෙරුවෙ අපේ ඔලු කාපු එක...මම ගැන කතා කරලා වැඩක් නෑ අනීතා....මගෙ කොලුවා...තොපි ඌව කෑවා.... ඊයෙ අසනීප වෙලා ඉන්නකොට අර මහ එකී කටට හැන්දක් ඔබන්නලු...තෝ දන්නවා නෙද දරුවට පොඩි කාලෙ ඉදලා හතිය හැදුනා කියලා ....ආසවට අයිස්ක්‍රීමක් වත් කන්න නොදි ඌව පරිස්සම් කරපු හැටි තෝ දන්නවා නේද......තොපිට දරු කැක්කුම නෑ......කාලකන්නි හැත්ත....

අනේ ..අප්...පච්චි....

මම අප්පචිව නවත්තන්න හැදුවා...ඒ උනත් අප්පච්චි නෙවෙ නැවතුනේ....ඉන්නෙ කොහෙද කියන්නෙ  කවුද ඉන්නෙ කියන්නවත් ගානක් නැති අප්පච්චි යක්සාවේසෙන් බැනගන බැනගන යනකොට විතේන් මගෙ ගාවට ආවා.....

අනීතා...උඹ ලෝකෙට පේන්න මෙතන අම්මෙක් වෙල වැඩක් නෑ අනීතා...උඹම කිරි දීලා හදපු සුදූව මරාගන්න උඹත් අත ගැහුවා අනීතා....උඹලා ලෝකෙ ඉස්සරගා මොන සුදු හුනු ගාන් උන්නා උනත් තොපේ හුනු යැව්ව ගමන් තොපි තරම් හැත්තක් මෙ නුවර කොහෙවත් නැතිව ඇති....මම අදටත් දුක් වෙනවා මගෙ අප්පච්චි මට කර ගැහුව කුරුසෙ ගැන හිතලා...මං උඹට මගෙ අත් දෙක එකතු කරල වදින්නම්...මගෙ කොල්ලව මට ඉතුරු කරපන් අනීතා......

දහම්....බොරුවට කෑ ගහන්න එපා දහම්....මම උගෙ අම්මා...මාස දහයක් බඩෙ තියන් උන්නෙ මම...ලේ කිරිකරල පෙව්වෙ මම මිසක් තමුන් නෙවෙ දහම්...දරු කැක්කුම ගැන කියන්න එපා දහම්...අනික නිතේශ් දැනගන්න ඕනා.....නිතේශ් දැනගන්න ඕනේ අපිට ගැලපෙන්නෙ නැති තැන්වලින් මගුල් තුලා කරගහන්න හදනකොටම ...ඒවා අපිට ගැලපෙන්නෙ නෑ දහම්....බේබි හාමුලාට කොහෙවත් යන සංකර උන් හරියන් නෑ......

ඇයි අනීතා...ඇයි...ඇයි...යකො තෝ එකම එක ආය ආය උඩට අදින්නෙ....ඌ එක අමතක කරලා ඉන්නකොට තොපි කොහෙන් ගියත් ඒකම අදින්නෙ මොකද..ආ යකො...තෝයි තොපෙ හැත්තයි ඒකම ආය ආය උඩට ගන්නෙ මොකද......මගෙ කොල්ලට දරන්න බැරි උනේ ඒකි ගිය එක නෙවෙ..මගෙ කොල්ලට දරන්න බැරි උනේ තොපි එකම එක ආය ආය උඩට අදින එක....යකො හිතක් හැදෙන ඕනෙ තව ගෑනියෙක් බදින්න...

දහම්  ඒක ඒයා අමතක කරන්න ඕනෙ තමා දහම්.....එකම උඩට අදින්නෙ අහන්නෙ වෙන මොකටත් නෙවෙ ආය ආය ඔය නොගැලපෙන උඩැක්කි කරගහන්න ඉඩක් නෑ කියන එක මතක් කරවන්න..

කටවහපන් ...කටවහපන්  පට්ට හුත්#& උඹ...අනීතා....මේක හොදට මතක තියාගනින්.....ඌට ඕන මෙවෙලේ ගෑනියෙක් නෙවෙ...ඌට ඕනෙ උගෙ ඔලුවට නිදහසක්....අනීතා...මගෙ ඉවසීම මගෙ කොල්ලගෙ ඉදිමුන අත් ගාවදි නැති වෙලා ඉවරයි....මගෙ ඉවසීම මගෙ කොල්ලගෙ නහයට ගහලා තියන බට ගාවදි නැති වෙලා ඉවරයි අනීතා......... මගෙ කොල්ලා හුස්ම අල්ලන්නෙ බට වලින්....ඌට කත කරගන්න පන නෑ....උඹම දන්නවා.....ඌට පීනන්නවත් ඉගැන්නුවෙ නැත්තෙ ඌට හතිය හින්දා ..ඌ වතුර එක්ක පොරබදලයි හුස්ම ගන්නෙ......උඹයි උඹේ ඔය වෙට්ට හැත්තයි මගෙ කොල්ලගෙ කරට ආයම මැනිකෙක් කරගස්සවන්න හැදුවොත් මම නරකයි කියන්න එපා....මං තොපි ඔක්කොම මරාගන මැරෙනවා....

දහම් තමුන් කියන්නෙ ඌට අඩ අඩ ඉන්න දෙන්න කියලද ආ දහම්....අනික....මැරෙන්න තරම් දෙයක්ද ඒක...ආ....

ඇයි ගෑනියෙ..... පරට්ටියෙ....අනීතා....ඇයි යකො....උඹ මේ ලෝකෙ නෙවෙද අනීතා......තොපිට මොලේ කියන එක දෙන්න දෙයියන්ට අමතක වෙලාද.....ඌට උගෙ හිත හදන් සනීප වෙන්න දීපියව් මගෙ කොල්ලව තොපි මරන්න හදන්නෙ.....හැබැයි අනීතා...මම මේ ආවේගෙම්ම ගෙදර ආවොත්...දළදා හාමුදුරුවො පල්ලයි...තෝගෙ බෙල්ලට ගලක් එල්ලලා වැවට දානවා තොගෙ මහ එකා ඉස්සරහ....එතකොට ඒකට දරු දුක දැනෙයිනෙ....

හරි දහම්...නවත්තනවා...ඇති දැන් මොකක්ද තමුන් කියන්න හදන්නෙ....ඌව වලව්වට නාකි කරවන්නද....ඌ බදින් නැද්ද ඌ  දරුවෙක් හදන් නැද්ද.....

අන්න....ඕක තමා අනීතා උඹලට වැරදුන එකම තැන...උඹව මගෙ කරේ ගැස්සුවෙත් උඹලගෙ මහ උන්ගෙ කීමට වංසෙ කබල් ගාන්න.....උඹ ළමයෙක් හැදුවෙත් තොපෙ අම්මලාග් කීමට.....මගෙ දරුවට ඒ වගේ කාලකන්නි ජීවිතයක් නේ දහම් ඉන්න කන් නෑ..උගෙ අප්පච්චි ඉන්නකන්...ඌට ඒ වගේ වෙන්න දෙන්නෙ නෑ...ඌ බදින්නෙ කාවද...ඒක උ තීරනේ කරයි....ඌ ළමයි.හදනව නම් හදයි...නැති නම්...නිකන් ඉදි ....ඒක උගෙ කැමැත්ත මමයි ඌට ලේ දුන්නෙ...මමයි ඌට පන දුන්නෙ....

දහම්....

මේ කතාව මෙතනින් නවත්තපන් අනීතා......මගෙ දරුවට තවත් වද දෙන්න එපා...මට ඉන්නෙ ඔච්චරයි ...මට ඉන්නෙ ඔච්චරම තමා......උඹලට ඕනෙ වලව් බූදලෙයි ඔය වලව්වෙ නමයි උනාට...මට ඕනෙ මගෙ කොල්ලා...හරි....ඌ මොකා බැන්දත් ඌ සතුටින් නම්....එච්චරයි ....

මොකා බැන්දත් කියන්නෙ රොඩියෙක් බැන්දත් කමක් නැද්ද ආ දහම්.....ඒ මොනවා කෙරුවත් අපි ඇස් කන් පියන් ඉන්න ඕනෙද මගෙ ලේලි කව්ද කියන්න තීරනෙ කරන්නෙ මං.....

එහෙනම්...උඹ ඒ ලේලි එක්කම නිදිවැදපන්....මට මේ  දරුවො ඉස්සරහා උඹට හුප් පද කියන්න බෑ අනීතා.....උඹ මාව හරියටම දන්නෙ නෑ....ආය කොයි වෙලේ හරි නිතේශ් ගෙ කසාදෙ උඩට ගත්තොත් මං නරක මිනිහා කියන්න එපා....හරි....දැන් කටපියන් ඉදපන් මැරුම් නොකා....මම තොගෙ මිනිහා.....මං කියන විදිහට ඉදු නැත්තන් පල....මට තෝ උන්නත් එකයි..නැතත් එකයි......මට මගෙ දරුවා වටිනවා.......පකෙ නම්බුව.....තොපි නම්බුවට කලින් හුස්ම අල්ලපියව් ....

දහම්........!!!

අනීතා..මං මගෙ කොලුවා ගාව ඉන්නෙ...කරුනාකරලා මට මගෙ දරුව එක්ක ඉන්න තියන වෙලාව කන්න එපා....උඹලා ඕන මගුලක් නටපන්......හැබැයි...මම ගෙදර එනකොට තොපේ මහා එකීවයි...මහ එකාවත් ලෑස්තිකරන් මගෙ ඔලුව කන්න බලන් උන්නොත්.....ඔය ගෙදර මගුලකට කලින් මලගමක් වෙයි අනීතා.....කරුනාකරලා දැන් කට පියන් පාඩුවෙ ඉදපන්

මට හරි මහන්සී මගෙ පුතේ......

අම්මා එක්ක මගෙ ජීවිතේ වෙනුවෙන් ඔට්ටු උන අප්පච්චි අවසානෙදි පපුවට අත තියාගත්තා ......ඒ ඇස්වලින් කදුලු බේරුනා ......
මෙච්වෙලාම අඩපු අහසත් අප්පච්චිගෙ වියරුව ඉස්සරහා බය වෙනකොට ඇඩිල්ල නවතලා තිබ්බා.....

කාමරෙ පුරාවටම තිබුනෙ අප්පච්චිගෙ බර උන සුසුම් වෙනකොට අපි මුනිවත රැක්කා.........

අඩපු අහසෙ ලාවට ඉර මෝදු වෙලා තියනකොට අප්පච්චි එලිය දිහා බැලුවා......


නිතේශ් .....මම උඹගෙ අප්පචි...මමයි උඹව ජාතක කෙරුවෙ.....උඹව හදපු හැටි දන්නෙ මම.....නිතේශ් ...අහසක් වෙයන් රත්තරන් .......කොච්චර වැහි වැස්සත්....ඊලග පාර මොකුට් නොවුනා වගේ ඉදපන්.....මගෙ ඉස කෙස් පැහුනෙ උඹගෙ අම්මලාගෙ කෙරුවාවල් හින්දමයි.......උඹගෙ අම්මා එක්ක මම කවදාවත් සතුටින් උන් නෑ නිතේශ් .....මගෙ අප්පච්චි ලා මගෙ ජීවිතේ කෑවා....මට බෑ රත්තරනෙ උඹට ඒක වෙන්න දෙන්න... උඹ බදින්නෙ හිගන්නෙක් උනත් කමක් නෑ මගෙ මැනිකෙ  උඹ සතුටින් නම්........මේ අප්පච්චිට කවදාවත් උඹව නම් නැති කරගන්න බෑ නිතේශ් ......

මම අප්පච්චි දිහා බලලා විතේන් දිහා බැලුවා...ඒ උනත්...විතේන් ඇස්වලින් එපා කිව්වා......මොකද මගෙ අප්පච්චි ඉන්නෙත් දෙයක් දරන්න පුලුවන් තැනක නොවෙනකොට අපි ටිකක් ඉවසමු කියලා මගෙ විතේන් කියනකොට මම මගෙ අත අප්පච්චි අත උඩින් තිබ්බා.....

මම පොරොන්දු වෙනවා මගෙ අප්පච්චි ........

එයා ඇදෙන් නැකිට්ටා....ඉදුල් අත හෝදගත්තා ......ඒ ඇවිත් මා ගාවින් හිට ගත්තා ....

මගෙ මැනික....පරිස්සමින් මගෙ අම්මා.......නිතේශ් .....ජීවත් වෙන්න මොන දේ නැති උනත්....එකම එක කෙස් ගහක බලාපොරොත්තුවක් හරි ඉතිරි නම්.....ඒ වෙනුවෙන් ජීවත් වෙයන් පුතේ...උඹගෙ අම්මට මම ආදරේ කරන්න උත්සහ කරපු එක මා අදින් නවත්තනවා නිතේශ් .....මට ඉතිරි උඹ විතරයි පුතෙ...මේ අප්පච්චි ගැන පොඩි ආදරයක් තියනවා නම්..
මාව අසරන කරන්න එපා පුතෙ...උඹේ තාත්තා දැන් වයසයි.........

අ..ප්පච්චි.....

මට...ජීවත් වෙන්න එකම...හේතුව...උඹ...නිතේශ් ....ඒක නැති කරන්න...එපා..රත්තරන් .....මට ඉන්නෙ උඹ විතරයි ......අතාරින්න හිතෙන හැම වෙලෙම මේ නාකි අප්පච්චි ගැන හිතපන් මගෙ පුතේ....



















🙂අවසනම හරිය ලිව්වෙ මම නෙවෙද මන්දා අඩේ......ආච්චිත් වැහිලා ඉන්නෙ.....ආ...ඒ උනාට.....ඔයැයිලත් කුනුහප්ප දන්නවනෙ  .ම්හුක්......😂😂😂👉👈

🙂ආය හෙච ඈ.....

මෙ ළමයා බුජි........ගුජ් නයිච් ....






මම

Ferdeesha ❤️💚😘 .....

Continue Reading

You'll Also Like

481K 65.9K 78
🌻 " අනුක් අයියේ " "...................." " අනුක් අයියේ " බස් එකේ ජනේලෙන් එපිට බලාගෙන උන්න මන් ගැස්සුනෙ එයාගෙ සුළැගිල්ල මගේ සුළැගිල්ල වටේ එතෙනකොට...
31.5K 4.9K 35
"ហង្សមែនទេ?​ត្រឹមតែមួយប៉ប្រិចភ្នែកយើងនឹងធ្វើអោយហង្សមួយនោះបាក់ស្លាប ហើយហង្សដ៍ស្រស់ស្អាតនោះត្រូវស្ថិតក្នុងកម្មសិទ្ធយើងម្នាក់គត់"ជុងហ្គុក "យើងដឹងពីអ្វីទ...
176K 26.6K 21
"နွေအရောင်တွေဟာ ဝိုင်လိုပဲ..."
464K 88.9K 91
අග්නි.... නමට අග්නි...ඒ උනාට... මට දැනෙනවා වෙලාවකට මේ පපුවෙ සීතල.... අග්නි..... හිතුවෙ පිච්චෙන ගින්දර.... ඒත් ඇතුලෙ තිබුනෙම... උතුරන ආලය.... අග්නි...