TWO DECISIONS... ( wangxian f...

By moashi99

10.3K 2.1K 695

ලන්ශාන් ... මා හට නුබට වෛර කිරීමට අවශ්‍යයි ..නමුත් මා හට මා ගැනම කලකිරීමක් දැනෙනවා ... ❤ . . . . Wangxian... More

Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7 ( bonus )
Chapter 8
Chapter 9
Chapter 10 (bonus)
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22

Chapter 23 ( Last chapter )

531 90 59
By moashi99

ජියැන් ආලින් සහ ශූ යන්ග් ...

තවමත් ඔවුන් දෙස බලා සිටින වන්ජි එසේ පවසද්දී කුමක් කියන්නදැයි නොවැටහුනු සීන් තවමත් දෑස් නොගෙන ඔවුන් දෙස බලා සිටියා..

තමා දෙස බලා සිටින සීන් සහ වන්ජි දෙදෙනාව නොදුටු ආලින් සහ ශූ යන්ග් තම දරුවාද සමග පැල්පත තුලට යද්දි වන්ජි දෙස බැලූ සීන් එක්වරම පූස් පැටවෙකු සේ ගුලි උනේ වන්ජිගේ තුරුලට. සීන්ගේ ස්පර්ශය සමග වන්ජි පුදුමයට පත් වුනා.

මා හට සමාව දෙන්න ලන්ශාන්.. මා ඔබට බොහෝ සෙයින් රිදවූවා.

තමා මෙතෙක් කල් වන්ජිව රිදවා සිදුකලේ විශාල වරදක් බව සීන්හට වැටහුනා. සීන්හට දැනුනේ වරදකාරී හැගීමක්..

අසුපිටින් බැසගත් වන්ජි සීන්වත් අසුපිටින් බස්සවාගෙන තම තුරුලට ගත්තේ සියලුම ගැටලු විසදී ඇති නිසා සතුටින්.

ඔබට ශෝකයක් නැතිද මාගේ වෙයි යින් ?

වන්ජි ඇසුවේ තවත් සීන්ව තම තුරුලට තද කරගනිමින්. තමා ආලය කරන පුදගලයා වෙනකෙකු සමග සිටීම දැඩි ශෝකයක්. සීන් ශෝකයෙන් ඇතැයි සිතූ වන්ජි ,සීන්ගේන් එසේ අසන විට වන්ජිගේ තුරුලේ සිටම සීන් හිස දෙපසට සොලවා නැහැයි පැවසුවා.

නැහැ ලන්ශාන් ... මා හට දැන් දැනෙන්නේ නිදහසක්. මාගේ හිස මත තිබූ විශාල බරක් නිදහස් වූවා වාගේ.

ම්ම්.. නමුත් ඒ ශූ යන්ග්. නුබ ආදරය කල පුද්ගලයා. ඔබට පොඩි හෝ දුකක් නැතිද ?

නැහැ ලන්ශාන්.. ගිය ආත්මයේදී මා නුබ හට ආලය කරන්නට පටන් ගත්තායින් පසුව මා හට කිසිවෙකුත් ගැන ආලයක් දැනී නැහැ.

එසේ පවසමින් වන්ජිගේ තුරුලින් මෑත් උනු සීන්.. අසල තිබූ කුඩා බංකුවක් මත වාඩි වී වන්ජිට අනෙක් බංකුව පෙන්වූයේ ඉදගන්න යැයි හගවමින්.

සීන් හට පැවසීමට බොහෝ දේ ඇති යැයි හැගුනු වන්ජි කුඩා බංකුවෙන් හිද ගන්නා විට සීන් කතා කිරීම ඇරබුවේ බිම බලාගනිමින්.

ලන්ශාන් ... මා දන්නේ නැහැ මා නුබට ආලය කිරීමට පටන් ගත්තේ කවදද කියලා. නමුත් එදින නුබ ශූ අයියණ්ඩියව මරා දැමූ බව දැනගත් මොහොතේ  සිට මා නුබට වෛර කරා.. නුබ දන්නවද ලන්ශාන් මා අනාතයෙකු ව සිටියදී මා හට පියෙක් වූවේ ඔහු. මා නුබහට ආලය කලත් මා හට පියෙකු වූ ඔහුව මරා දැමීම නිසා මා හට නුබ ගැන දැනුනේ වෛරයෙක්. අනෙක නුබ මාගේ පොරොන්දුව කඩ කලා.
මා දන්නවා නුබ එසේ සිදුකලේ මා නිසා බව. එනිසාම මා මාහටත් වෛර කරා ලන්ශාන්. මා හට වුවමනා වූවා මේ ආත්මයේදී ඔවුන්ට මාගේ ණය ගෙවන්න. එසේම මා සිතුවේ නැහැ මේ ආත්මයේදී මා හට නුබව නැවත හමුවේවි කියලා. මා සිතුවේ නුබ නැවත පැමිනියේ මාගේ ජීවිතය විනාශ කිරීමට කියා...

මා නුබට බොහෝ රිදවූවා නේද ලන්ශාන් .. මා හට නුබගේ ආලය තේරුම් ගැනීමට නොහැකි වූවා නේද ලන්ශාන්.. මා හට සමාවන්න .. මා ..මා..

අවසන් වචන කීපය පවසන විට දෑතින්ම මුහුණ ආවරණය කරගනිමින් සීන් හඩන්නට පටන් ගනිද්දී ..මෙතෙක් වේලා තම කදුලු සිරකරගෙන සිටි වන්ජිගේ නෙතින්ද කදුලක් කඩාගෙන වැටුනා..

වෙයි යින් .. හඩන්නට එපා. අපට හැකියි නේද නැවත ආරම්භ කරන්න. ඔබත් මමත්.

තවමත් හඩමින් සිටින සීන්ව තම උකුලෙහි ඉන්දවා ගනිමින් තම පපුවට තුරුලු කරගත් වන්ජි සීන්ගේ හිස පිරිමදිමින් පවසන විට සීන් වන්ජිගේ ඉන වටා දෑත් යවමින් වන්ජිට තුරුලු උනා ..

ලන්ශාන් ... සැබවින්ම එය හැකි වේවිද. අපට නැවතත් ආරම්භ කිරීම.

හ්ම්ම්.. හැකියි.

එක්වරම හුරතල් වීමට උත්සාහ කරමින් සීන් වන්ජිගෙන් අසන විට ඉක්මනින්ම තම මුහුන වෙනස් කරගත් වන්ජි සිනා වෙමින් එසේ පවසද්දී එක්වරම වන්ජිගේ තුරුලින් ඉවත් වී සිටගත් සීන් තම කදුලු පිසදාගෙන සිනහ වීමට පටන් ගත්තේ වන්ජි දිලිසෙන දෑසින් සීන් දෙස බලාගෙන සිටින විට ...

යමු..

සීන් දෙස මොහොතක් බලාගෙන සිටි වන්ජි එක්වරම නැගිට සීන්ගේ අතකින් අල්ලාගෙන එසේ පවසමින් ඉදිරියට ඇදෙන්නට වුනේ අනෙක් අතින් අශ්වයාගේ ලනුවද අල්ලා ගනිමින්.

කොහෙද යන්නේ ලන්ශාන් ?

මාලිගාවට.

නමුත් ලන්ශාන් ...අපි ඊට පෙර මදක් කොහෙ හෝ ඇවිදින්න යමුකො සෑම විටම අපේ පසුපසින් එන ආරක්ෂකයින් නැතිව.

අද නොවේ හෙට දින යමු වෙයි යින්. මා හට නුබේ මෑණියන්ව හමුවිය යුතුයි ඉක්මනින්ම.

ඇයි ඒ ලන්ශාන් ?

ඇගේ පුතුව ඉක්මනින්ම මාගේ කරගැනීම සදහා අවසර ලබාගැනීමට.

සීන්ගේ මුහුණට එබෙමින් වන්ජි එසේ පවසන විට සීන් ඔහුගේ මුහුණ වන්ජිගේ පපුවෙහි සගවාගත්තා. 

සීන් හට මෙන්ම වන්ජි හටද දැනුනේ විශාල සහනයක්.. මෙතරම් කල් ඔවුන් වෙන්වී සිටියත් තව දුරටත් ඔවුන්ට වෙන් වී සිටීමට වුවමනා වූයේ නැහැ. සීන් වන්ජි කල වරදට සමාව දී අලුත් ජීවිතයක් ආරම්භ කිරීමට සිහින දකිද්දී ... ආත්මයෙන්ම තමා පැතූ ආදරය ලබා ගත් වන්ජිට දැනුනේ අපරිමිත සතුටක්..
.

.

.

.

.

.

.

.

.

.

.

වසර කීපයකට පසු..
ලාන් අධිරාජ්‍යය ...

ලන්ශාන්... ඉවත් වෙන්න .. මා හට යන්න දෙන්න ..

මාගේ වෙයි යින් .. කුමක්ද කලබය ? ඇයි ඔබ මෙසේ මාලිගය පුරා පාවහන් නොමැතිව දුවන්නේ ?

ලන්ශාන් ... මේ සියල්ල ඔබ නිසයි. කඩු සටන් තරගයෙන් ඔබ මා පරාජයට පත් කල නිසා මා හට නැවත ලාන් අධිරාජ්‍යයේ කඩු සටන් කලාව පුහුනු වන්නට සිදු වෙනවා. එ නිසා අන් සෙබලුන් ලෙසම මමත් එම පුහුනුව ලැබිය යුතුයි..

මාගේ වෙයි යින්..

වන්ජි තම අධිරාජිනියව වැලදගත්තේ දැඩි සෙනෙහසකින්.

සීන් ලාන් අධිරාජ්‍යයට පැමිනි දින සිට මෙවැනි දිනයන්ගෙන් නම් අඩුවක් උනේ නැහැ..

අධිරජ මාලිගයේ සහ බාලින් විල පාලම අතර තිබූ උයනේ වැලදගෙන සිටි අධිරජු හා අධිරාජිනිය දෙස බලමින් සේවක සේවිකාවන් ඔවුන්ට දිගුකාලීන සතුට ප්‍රාර්ථනා කරද්දී වන්ජි ඒ සියල්ලම ඉදිරියේ පහත් උනේ තම අධිරාජිනිය වූ වෙයි යින්ගේ දෙතොලට. 

මාගේ වෙයි යින් .. මා ආදරෙයි.

මමත් ආදරෙයි ලන්ශාන්..

.

.

.

.

.

.

.

.
.

වසර කීපයකට පෙර ෆිලියන් අධිරාජ්‍යයේ අධිරජු ව සිටි සීන් රජ කිරුල තම මෑණියන්ගේ සහෝදරයෙකුට පවරා ලාන් අධිරාජ්‍යයේ අධිරජු වන්ජි සමග විවාහ වෙද්දී , වන්ජි සහ සීන් එක්ව සශ්‍රීකමත් ලාන් අධිරාජ්‍යය පාලනය කරමින් කටුක අතීයට යන්නට හැර ,ආදරණීය අනාගතයක් නිර්මාණය කරගත්තා ..

.

.

.

.

.

.

.

.

.

.

.

සීයේ... සීයේ .. අනේ කතාව අවසන් ද ?

නැහැ නැහැ ... තවම අවසන් නැහැ .. ඔවුන් තවමත් සතුටින් ජීවත් වෙනවා..

හරියට අපේ ලාන් රජතුමයි වෙයියින් රැජිනයි ජීවත් වෙනවා වගේද ?

ඔව්. හරියටම ඒ වගේ..

ශූ .... ඔය කතාව මදකට නතර කර පැමිනෙන්නකො..

මේ පැමිනෙනවා ආලින්.. මදක් සිටින්න ..

තම මුනුපුරා සමග කතා බහක සිටි වයෝවෘද්ධ ශූ යන්ග් ඔහුගේ බිරිඳ ආලින්ගේ ඇමතීම නිසා තම අත තිබූ කතා පොත පසෙකින් තබා පැල්පත ඇතුලට ඇවිද ගියා ...

" අවසානෙදි ඔවුන් එකතු උනා "

තමාටම මුමුනාගත් ශූ යන්ග්ගේ රැලි වැටුනු මුහුනේ තිබුනේ මද සිනහවක්..

.

.

.

.

.

.

.

.

.

.

.

... THE END ...

.
.....................................................

කතාව ඉවරයි ....

මෙච්චර දවසක් කතාව එක්ක එකතු වෙලා හිටපු හැමෝටම ගොඩාරියක් ස්තූතියි ... 💚❤️🌸

මෙහෙම නෙවෙයි ඉවර කරන්න හිටියෙ .. තව දිගට ලියන්න හිටියෙ.. ඒත් ඉක්මනට ඉවර කරන්න හිතුනා .. මොකද මං කාලයක් කතාව නතර කරලා තිබුනු නිසා මගෙ රීඩස්ලා ටික නැති උනානෙ .. 🤧💔

I know I know.. කතාව boring තමා .. 🤧💔

.

.

.

.

.

.

.
.
.
...moashi...❣️

Continue Reading

You'll Also Like

110K 11.3K 121
"မှားယွင်းသော လက်ထပ်ခြင်းမှသည်.....ကောင်းမွန်သော အိမ်ထောင်သည်ဘဝဆီသို့...(၁)" ***MM Translation (Just for fun) "မွားယြင္းေသာ လက္ထပ္ျခင္းမွသည္.....ေကာင...
782K 61.4K 29
❌ Major Spoilers Ahead❌ All OTPs in Mo Dao Zu Shi.
89.7K 5.9K 52
ရှေးခေတ် မျိုးနွယ်စု ပုံစံရေးမှာပါ။ ဟိုဖက်မျိုးနွယ် ဒီဖက်မျိုးနွယ် တွေအကြောင်းပါ။စိတ်ကူးယဥ်ဇာတ်လမ်းဖြစ်လို​့ တချို့ဟာတွေက လက်တွေ့နဲ့ကွဲပြားမှာပါ။.
6.5K 887 17
"මට ඔයාගෙ තත්ත්වය තේරෙනවා මිස්ටර් ශියාඕ ,මට පුලුවන් ඔයාට ඔයාගෙ කම්පැනිය කඩාවැටෙන එකෙන් නවත්තන්න" යිබෝ සීරියස් කටහඩකින් කිව්වා. "මිස්ටර් යිබෝ මම දන්නව...