||| Wrong turn ||| :teakook:...

By jooan_love_zeha

50.5K 10.8K 1.3K

"මට ඕන උනා ඔයාගෙ කොල පාට ඇස් අමතක කරලා ලාවට කොල ඇස් උඩ තියෙන නිල් පාට ඩස්ක් එකෙන් විතරක් ඔයාගෙ ඇස් දිහා බලන්න... More

-[one]- Everything Changed~
-[two]-
-[Three]-
-[Five]- Your body language speaks to me~
-[Six]-
-[Seven]-
-[Eight]-
-[Nine]-
-[Ten]- 'Our first kiss' that was another reason for us to bond~
-[Eleven]-
-[Twelve]-
-[Thirteen]-
-[Fourteen]-
-[Fifteen]- This feeling is not familiar to me~
-[Sixteen]-
-[Seventeen]-
-[Eighteen]-
-[Nineteen]-
-[Twoenty]- Lock me up! more.. & more~
-[Twoenty one]-
-[Twoenty two]-
-[Twoenty three]-
-[Twoenty four]-
-[Twoenty five]-
-[Twoenty Six]- My heart's on fire for you love...~
-[Twoenty seven]-
-[Twoenty eight]-
-[Twoenty nine]-
-[Thirty]- I don't want to leave you.. hold my hands.. forever~
-[Thirty one]-
-[Thirty two]-
-[Thirty three]-
-[Thirty four]-
-[Thirty five]- (fianal) only LOVE can HURT like this..~
Epilogue

-[Four]-

1.4K 336 6
By jooan_love_zeha

ජන්කුක් ඔයාට දැන් අවුලක් නෑ නේද"

"නෑ!"

"මොකද කේන්තියෙන් ඉන්නෙ ජන්කුක්"

"කට වහගෙන ඉන්නවද! ඔයා විතරයි මෙතන හොරෙන් කියවන්නෙ!"

"ඔය්-ආ... හ්ම් හ්ම්"
ජන්කුක් රැව්වම ජින් සද්ද නැතුව ආයෙ හොදට පුටුවෙ වාඩි වෙලා ඉස්සරහ බලා ගත්තා

අසෙස්මන්ට් හෝල් එක පිටිපස්සෙ තිබුන මිලිටරි බෝයිස්ලගෙ මෙස් එකේ හැමෝම උදේ ආහාර වේල ගන්න මේජර් යුන්ගිගෙ අන ලැබෙන කන් බලන් හිටියා
විශාල දිගු හෝල් එකේ කෙලවරක් නොපෙනෙන තරමට දිග මේස වල පුහුණුකරුවො දෙපැත්තෙ වාඩි වෙලා ඉදගෙන හිටියා 

"සුබ උදෑසනක්..
මන් හිතනවා මාව කෙලවරට ඇහෙනවා කියල?"

"ඔව් සර්!!!"

"හොදයි එහෙනම් උදේ කෑම වේල ගන්න කලින් දැනුම් දෙන්න දේවල් ටිකක් තියෙනවා! දන්නවනෙ කැප්ටන් කිම් මේ පාරත් මිලිටරි කෑම්ප් එක බාරගෙන ඉන්නවා කැප්ටන් කිම්ට ගරු කරල වැඩ ටික කරන්න ඕන!

ඒ වගේම අදින් පස්සෙ ආයෙ ෆුල් යුනිෆෝම් එක අදින්නෑ ඔයාලා බොටම් එක්ක සුදු ටී ෂර්ට් එක ඇදගෙන පුහුණුවීම් කරන්නෙ! මාස අටකට පස්සෙ අවසානෙ දවසෙ ඔයාලට ආපහු යුනිෆෝම් එක අදින්න වෙන්නෙ! විශේෂ උත්සවයක් කෑම්ප් එක ඇතුලෙ තිබ්බොත් ඇරෙන්න!! ඒ වගේම අද ඔයාලට සතියකට කරන්න තියෙන ඩියුටි කොටස ප්ලැටුන් වලට බෙදනවා! ප්ලැටුන් නායකයා ඒක විසි පස් දෙනා අතරෙම බෙදලා සතියෙ වැඩ කොටස කරල තියෙන්න ඕන සතිය අවසානෙ!!

ඒ වගේම අද දවසෙ පුහුණූම් මුකුත් කරන්නෙත් නෑ!! ඔයාලට පුලුවන් ඩෝර්ම් එක සුද්ද කරන්න, ඩියුටි අද දවසෙ ටික ඉවර කරන්න වගේම මෙහෙන් ඔයාලගෙ ප්ලැටුන් වලට දීල ඉන්න සාජන්ලව අදුර ගන්න!!!
හොදයි එහෙනම් දැන් කෑම ගන්න බෝයිස්!!!

හැබැයි වැඩිය සද්ද බෑ!!!"

"හරි සර්!!!"
ඒත් ඊලග විනාඩියෙම හැදි ගෑරප්පු වදින සද්ද එක්ක මිමිනිම් හඩෙන් මෙස් එකම පිරිල ගියාම යුන්ගි කට කොනින් හිනා වී ගෙන මෙස් එකෙන් එලියට ගියා 'අදට ඔහොම යන්! හ්ම්.. හ්ම්...' යුන්ගි හිනාවෙන්ම මෙස් එක දිහා හැරිලා බලලා එලියට ඇවිදගෙන ගියේ මෙස් එකෙන් එලියෙ හිටපු සාජන්ලා යුන්ගිගෙ හිනාවට හේතුව හොදට දැනගෙන එයාලත් හිනා වෙලා බලන් ඉන්නකොට

























"කැප්ටන් කිම්!!"

"ඇතුලට එන්න මින්!"

"කැප්ටන් කිම්ට උදේ ආහාර වේල කැබින් එකට එව්වා ලැබුනද කැප්ටන් කිම්"

"ඔව් මින්!! ඒක දැන ගන්නද ආවෙ?!!"

"නෑ කැප්ටන් කිම්!!!"

"එහෙනම් කෙලින් කියන්න මේජර් මින්!!!"

"ආආආහ් ෆක්!! මදැයි විහිලුවක් කරන්න ආවා.. මට අමතක උනා උබ විහිලු දන්නෑ කියල!"
යුන්ගි කිව්වම ටේහ්‍යුන්ග් යුන්ගිගෙ උඩ ඉදන් පහලටම බලලා හිනා වෙලා කැප්ටන් රූම් එකේ මේසෙ ඉස්සර ඉන්න යුන්ගි ලගට ගිහින් මේසෙ උඩින් ඉද ගත්තා

ටේහ්‍යුන්ගෙ කර්ලි බ්ලොන්ඩ් කොන්ඩෙ මේසෙන් වාඩි වෙනකොට නලලට වැටුනම ටේහ්‍යුන්ග් දකුණ ඇතේ ඇගිලි කොන්ඩෙ අස්සෙන් දාලා පිටිපස්සට කලා

"උබ පොඩ්ඩක් උස ගිහින්ද මන්ද"
ටේහ්‍යුන්ග්ට එහා පැත්තෙන් මේසෙට පැනලා වාඩි උන යුන්ගි දිහා බලන් කට කොනින් හිනා වෙලා සමච්වලෙන් කිව්වම යුන්ගි අතේ තිබ්බ බෙලස් එකෙන් ටේහ්‍යුන්ගෙ උරහිසට ගැහුවා

"ගිය අවුරුද්දෙ සම'ර් එකට හම්බෙලා උබ රට ගියාට පස්සෙ අද හම්බෙනකන් උබ නිකමටවත් මට කෝල් එකක් ගත්තද ටේහ්‍යුන්ග් කිම්!!!" යුන්ගි කෑ ගැහන ගමන් අහනකොට ටේහ්‍යුන්ග් යුනිෆෝම් එකේ දිග අත් වටමිට ගාවට ඇදල උඩට ගත්තා

"උබ එහෙ මොකද කරේ කියපන්!! පුංචි කාලෙ ඉදන් සහෝදරයා වගේ හිටපු මාව උබ මෙච්චර කල් අමතකම කරල දැම්මා!!!"
යුන්ගි ආපහු කෑ ගැහුවමට ටේහ්‍යුන්ග්ට කේන්ති ගියා

"ආහ්!! මන් අයර්ලන්ඩ් ගියාට එහෙ හිටියෙ මාසයයි ඊට පස්සෙ පැරිස් ගිහින් ලුයිස් එක්ක පොඩි වැඩ වගයක් කලා!!"

"ටේහ්‍යුන්ග් ඔයා ඔම්මව හම්බුනාද?"

"ඒ ගැන කතා නොකර ඉමු!!"
"කොහොමද අලුත් කොල්ලො ටික"
ටේහ්‍යුන්ග් කවමදාවත් නැතුව අහනකොට යුන්ගි ඇහි බැමක් උඩට උස්සල අමුතු බැල්මක් ටේහ්‍යුන්ග්ට දැම්මා
ටේහ්‍යුන්ග් පොඩ්ඩක්වත්~ පොඩ්ඩක්වත්~ මිලිටරි සම්බන්ධ වැඩ වලටවත් හමුදාපති කිම් දෙන අන වලටවත් කැමති නෑ කියල යුන්ගි දැනන් හිටියා.. ඒත් ටේහ්‍යුන්ග් මේ පාර කවම දාවත් නැතුම අලුත් කට්ටිය ගැන අහනවා

"පැරිස් ගිහින් ලුයිස් එක්ක කරපු වැඩ ටික මොනාද?!!"
යුන්ගි ඇහුවම මූනෙ තිබ්බ හිනාව නැතිවෙලා ටේහ්‍යුන්ග් එයාගෙ කොල නිල් පාට තියුනු ඇස් වලින් යුන්ගි දිහා බැලුවා

"මොකටද!!"

"මේ කෑම්ප් එක තුන්පාරක්ම ඔයා බාර අරගෙන කරේ, දවස් ගානක රන්ඩුවකට පස්සෙ කැමති වෙලා!! ඒ මදිවට මාස අටක් ඉවර වෙන කන් වත් උබ හිටපු එක කොල්ලෙක්ගෙ වත් නමක් දැනන් හිටියද!! ඒ කෙනා අද අහනවා කොහොමද කොල්ලො ටික කියල!

එක්කො කිම් අප්පා ඔහෙගෙ ඔලුවට ගහලා මෙහෙ ආපු ගමන් හෙල්ලිලා යන්න නැත්තන් උබ පැරිස් ගිහින් මොකක් හරි අලුත් දෙයක් අල්ලගෙන!!!"     

"මන් ඩෑඩ්ව බලන්න ගියෙ නෑ යුන්ගි මන් කෙලිම මෙහෙට ආවෙ!" ටේහ්‍යුන්ග් මේසෙන් බැහැල සිකරට් එකක් පත්තු කර ගත්තම යුන්ගි ඉක්මනට මෙසෙන් බැහැල ගිහින් සිකරට් එක අරන් බිම දාලා පෑහුවා
යුන්ගිට තේරුන්නෑ ටේහ්‍යුන්ග් එහෙම කලේ දෙයක් මග අරින්න කියලා~

"ඔහ් මොකද්ද යුන්ගි!! ඔයිට වඩා දේවල් මේ කෑම්ප් එක ඇතුලෙ වෙන්නෙ"
යුන්ගි තවත් පුදුම වෙලා ටේහ්‍යුන්ග් දිහා බැලුවෙ ටේහ්‍යුන්ග් කොහොමද ඒව දන්නෙ කියල  ටේහ්‍යුන්ග්ට කවදාවත් කෑම්ප් එක ගැන උනන්දුවක් තිබිල නෑ.. මිලිටරි ගැන.. අඩුම එයා කැප්ටන් කියන එක ගැනවත් උනන්දුවක්, ආසවක් තිබිල නෑ... ඒත් මේ පාර එයා ගොඩක් උනන්දුයි වගේ!

"ඒක නෙවේ උබ උදේ මොකද මන් සැලියුට් කරන වෙලේ මගෙ ඇස් දෙක දිහා නැතුව නලල දිහා බලන් හිටියෙ!?"

"ඉර එළිය ඇස් වලට වැටිලා මට කිසි දෙයක් පෙනුන්නෑ යුන්ගි!! ඒකත් මන් ගෙස් කරල වගේ බැලුවෙ!!"
ටේහ්‍යුන්ග් කිව්වම දෙන්නම හයියෙන් හිනා උනා
ටේහ්‍යුන්ග් ගැඹුරු කටහඩ කැප්ටන් රූම් එකෙනුත් එලියට ඇහුනා...                                        

























මෙස් එකේ ඉස්සරහ දොර ඇරගෙන ටේහ්‍යුන්ග් ඇතුලට ආවම මෙච්චර වෙලා සද්දෙන් පිරිල තිබුන මෙස් එකම නිශ්ශබ්ද උනා    

ඇම්බර්, වයලට් එක්ක දුම්කොල මිශ්‍ර සැර ෆ්‍රැග්‍රන්ස් සුවදක් දැනුනම ජන්කුක් නොසන්සුන් උනා හිමින් ඇස් උස්සල ටේහ්‍යුන්ග් දිහා බැලුව ජන්කුක් තමන්ගෙ ඇස් ඒ ඇස් වල නතර කරල බලන් හිටියා ටේහ්‍යුන්ග් මොනාව හරි කෑ ගහල ගැඹුරු කටකඩකින් කියනව කියල තේරුනත් ඒ මොනවද කියල ජන්කුක්ට ඇහුනෙ නෑ...  ජන්කුක් ටේහ්‍යුන්ගෙ බෙල්ලෙ ඉලිප්පිලා පේන නහර දිහා බලලා ආයෙම ටේහ්‍යුන්ගෙ ඇස් දිහා බැලුවා..

"හැමෝම මේ දැන්ම ඩෝර්ම් වලට යන්න ගිහින් ඩෝර්ම් අවට සුද්ද කරල දාන්න!!!"

"හොදමයි කැප්ටන්!!"

















"මොන මනුස්සයෙක් ද ඒ!! හරියටම විනාඩි විස්සයි අපිට කන්න දුන්නෙ"
ජින් කෑ ගහන ගමන් කාණුවෙ පිරිල තිබුන පස් අරන් දැම්මා

"එහෙම තමා ජින් හ්‍යුන්ග් හෙට ඉදන් විනාඩි විස්සක් දෙන්නෑ"
යොන්ජුන් කාණුවෙ වටේ වල් පැල ගලවන ගමන් කිව්වම ජින් ගෙ ඇස් උඩ ගියා

"හහ් බලමුකො"
ෂර්ට් එකේ අත් උඩට කරන් රවගෙනම ජින් කිව්වම හ්‍යුන්ශික් ජින් දිහා බලන් හිනා උනා

"ජන්කුක් හ්‍යුන්ග්  කො-කොහෙද ජින් හ්‍යුන්ග්?"
යොන්ජුන් ඇහුවම ජින්ට මතක් උනා ජන්කුක්ව ටික වෙලාවක ඉදන් දැක්කෙ නෑ නේද කියල

"මොකක් කොහෙද ජන්කුක්!!"

"අහ් මන් එයාව යැව්වා වොශ් ඒරියා එකට වතුර බාල්දියක් ගේන්න!!"
හෝසොක් කොහෙද ඉදන් කෑ ගහල කිව්වම ජින් ආපහු කානුව සුද්ද කරන්න පටන් ගත්තත් හ්‍යුන්ශික් ඔලුවෙ අත ගහ ගත්තා

"හෝසොක් ලගට ඇහිත් කියනවා කෑ ගහන්නැතුව!!"

"ඔයත් කෑ ගහනවනෙ හියූන්!!!"

ඒත් එක්කම එහා පැත්තෙ ඩෝර්ම් එකේ කට්ටියටත් හිනා ගියාම ආපහු හ්‍යුන්ශික් මුකුත් කියන්න ගියෙ නෑ..

"ප්ලැටුන් අංක අටේ නායකයා කව්ද!!!"
සාජන් කෙනෙක් ඇවිල්ලා ඇහුවම හ්‍යුන්ශික් ඉක්මනට ඉස්සරහට ආවා

"මන් ඔයාලගෙ ප්ලැටුන් එක බාර සාජන් ජැක්සන්....





















ජන්කුක් කණ්නාඩියෙන් පේන තමන්ගෙ මූන දිහා බැලුවා
ජන්කුක් හිමින් කණ්නාඩියෙන් පේන තමන්ගෙ මූන අල්ලල බැලුවා

"ජන්කූ ගොඩක් ලස්සනයි...

ජන්කුක් ලස්සනට හිනා වෙලා කිව්වා ඒත් ටිකකින් හිනාව ටිකෙන් ටික නැති වෙලා ගිහින් රව්ම් ඇස් හීනි කරන් කණ්නාඩිය දිහා කේන්තියෙන් බැලුවා

...නෑ කඩවසම්! කඩවසම් වෙන්නයි ඕන!!!"

ජන්කුක් මූණ විතරක් පේන කණ්නාඩියෙන් පිටිපස්සට අඩි තිය තිය ගිහින් තමන්ගෙ ඇගත් කණ්නාඩියෙන් පේන විදිහට හිට ගත්තා

'ඔව් එයත් කැමති වෙයි ඒකට කලින් එව්න් වගේම...'

_________________________________________________

Hi... ❤️

කැප්ටන් ටේහ්‍යුන්ග්, කෙනෙක් කිව්වම ඔයාල හීනෙකින්වත් මේ වගේ නීති රීති කඩන කැප්ටන් ටේහ්‍යුන්ග් කෙනෙක් ඉන්නව කියල හිතුවද?😅

Bye 🙈
                                                    

Continue Reading

You'll Also Like

62.7K 11K 35
වෛරයෙන් ආරම්භ වන කතාවේ අවසානය ආදරය ද නැතහොත් මරණය ද
457K 7K 81
A text story set place in the golden trio era! You are the it girl of Slytherin, the glue holding your deranged friend group together, the girl no...
2.3K 516 5
"ඔහේ කවුද...?" "මම ටේහයුන්ග්නෙ අනෙව්..." "මොකක්ද මගෙ ගෙදර කරන්නෙ?" "ඒව පස්සෙ කතා කරමු...ඔයාගෙ වැඩේ කන්ටිනිව් කරන්නකෝ Mr.Handsome..." ජන්ග්කුක් බෙඩ්ෂී...