නුවරඑළියට යන ගමනේ අපි කොහොමත් පැයකට දෙකකට වඩා ඒ වෙද්දි ඇවිත් තිබුණේ.. බකුස්සෙක් එක්ක මේ වගේ ගමන් යනවට වඩා හොඳයි රෙද්දක් පොරවගෙන ගෙදරට වෙලා බුදියගන්න එක.. නැග්ගා වාඩිවුණා ඩ්‍රයිව් කරනවා එච්චරයි.. එක වචනයක් කියන්නෑ.. ඔහේ ඉස්සරහා බලන් ඩ්‍රයිව් කරනවා... අඩුම තරමේ ලස්සන සින්දුවක් දාපියකෝ ඒකත් නෑ.. ඒ.සී. එක දමාගෙන ගල් වෙන්න ඒ අස්සේ කුණු කරවල පර්ෆියුම් සුවඳ මුළු කාර් එක පුරාම පැතිරිලා ගිහින් නහය අස්සටම කාවැදිලා.. ඔලුවත් එක්ක කැක්කුමයි.. නෙදකින් විතරක්...
කළුකුමාරයගේ කාර් එකේ දොරේ සැනිටයිසර් එකයි මවුත් වොශ් එකයි තව මොකක්ද මන්දා ගැජමැටික් කෑලි වගේකුයි සෙට් කරලා තියෙනවා..ග්ලව් බොක්ස් එකේ පේපර් ප්ලේට්ස්, ප්ලාස්ටික් හැඳි ගෑරුප්පු, පේපර් කප්ස් ,වෙට් පේපර්ස් අනම් මනම් බඩු මුට්ටු ඔක්කොම පැක් කරලා තියෙනවා.. මාර ඩෑල් එක හැබැයි... මොනා උනත් මාර පිළිවෙලයි... ඕන වෙලාවක වන්දනා ගමනක් උනත් යන්න පොර ලෑස්තියි.. වැඩේ තියෙන්නෙ මිනිහා එක්ක යන්න බැරි එක විතරයි...
අනේ ඔය භූත රජ්ජුරුවොන්ට බම්බු ගහගන්න කියලා මන් හිටියේ මගේ හෙඩ්සෙට් එක දාගෙන සින්දු අහන ගමන්.. එයාට සින්දු අහන්න බෑ කියලා මන් පලි නෑනේ... හැබැයි පුතේ පැය දෙකහමාරක් තිස්සේ එකම ප්ලේලිස්ට් එක අහලා මට එපා වෙලා හිටියේ.. මොන සාපයක්ද කියලා හිතෙනවා.. එකම ටික කැරකෙනකොට මල එපා වෙනවනේ...
සින්දු අහන එක පැත්තකින් තියලා අවට සිරි නරඹන්න කියලා හිතන් මන් හෙඩ්සෙට් එක ගැලෙව්වා විතරයි.. මේ බකුසු පෝතකයා වාහනේ නැවැත්තුවනේ.. තව පොඩ්ඩෙන් නහයයි කටයි තැලිලා ඤොක්කන් වෙලා යනවා.. මොංගල්ද මන්දා...
නැවත්තුවද නැවතුනාද... අනේ මන්දා... පොර බැහැලා ගියපු හැටියෙන් නම් පේන්නේ නැවතිලාද කොහෙද... නෙදකින් විතරක්... පෙනුමට නම් මගේ අම්මේ මීට එහා වාහනයක් නෑ වගේ සීන් එක.. ඒ උනාට කොට උඩ යන ලදරම් හුචක්කුවක්නේ.. ශික්...
මාත් දොර ඇරන් එළියට බැස්සේ ඇතුළට වෙලා ඉන්න එක හරි නැති හින්දා...
"ඇයි බ්‍රේක් ඩවුන් එකක්ද..."
බොනට් එකට හේත්තුවක් දාන් හිටපු කළුකුමාරයට ළං වෙලා මන් ඇහුවා.. බෙල්ල හරවලා මන් දිහා බලලා ආයෙම ඉස්සරහා බලා ගත්තා විතරයි වෙන කිසීම උත්තරයක් නෑ.. අනේ සත්තයි.. මේ වගේ වෙලාවට තමයි යස්ස ආත්ම ආරූඪ වෙන්නේ.. ඇයි යකෝ ඇහුවම කියන්න මේ යකාගේ දිව නැවෙන්නේ නැද්ද...
"බ්‍රේක් ඩවුන් එකක් නම් බලන් ඉදලා හරි යන්නේ නෑනේ..."
කට තියන් ඉන්න බැරි අමාරුවට මාත් ඔහේ කියවනවා.. කුණු ගොඩේ වහන නිලමැස්සෙක් ගාණටවත් මේ මිනිහා මන් කියන එකකට ඇහුම් කන් දෙන්නෑනේ... තියෙන උද්දච්චකමනේ...
"කාට හරි කතා කරොත් මොකද...."
ම්හු... නෑ උත්තරයක්... කොහොමද දන්නෑ යන්න හිතන් ඉන්නේ.. හාමු මහත්තයා...
"යාළුවෙක් එහෙම නැද්ද මේ පැත්තේ උදව්වක් ගන්න..."
තේරුමක් නෑ කියලා දැන දැනම මාත් බූරුවා වගේ ප්‍රශ්න අහනවා.. මේ බස්සෙක් හින්දා මටත් පිස්සු තද වෙලා...
"කැබ් එකක් දාගන්නත් බෑ ඉතින් තෙල් නැති හින්දා දුර ගමන් යන්න එන්නෑනේ... මොකද කරන්නේ..."
උත්තර දෙන මිනිහෙක්ගෙන් එපැයි ප්‍රශ්න අහන්න.. අනේ මන්දා මොන භූත ආත්මයක් ආවේස වෙලාද කියලා.... කතා කරන්න බැරි නම් අඩුම තරමේ ඔලුව හොල්ලලා ඔව් නෑ කියන්න බැරිද.. එක්කෝ කතා කරන්න එපා කියන්නවත් බැරිද... එහෙමත් නෑ ඔහේ ඉන්නවා...
"බස් එකේ තමයි යන්න වෙන්නේ... කලින් බුක් කරා නම් ශීට් හම්බෙනවා දැන් ඉතින් හිටගෙන යන්න වෙන්නේ නෝමල් බස් එකක... බස් එකක යමුද..."
මන් ඒක අහනකොට නම් පොර අමුතු විදියට මගේ දිහා බෙල්ල හරවලා බැලුවා.. යකෝ අයිස්ක්‍රීම් පාලර් එකක වේටර් කෙනෙක් විදියට වැඩ කරන්න පුළුවන්නම් මේ මනුස්සයට බස් එකේ යන්න බැරි කමක් නෑනේ... මාව කන්න වගේ බලන්නේ මෙතන...
"බෑනේ නේ දුර වැඩී නේ.. බලමු වාහනයක් කතා කරගන්නවත් මොකක් හරි..."
කළුකුමාරයා බොනට් එකට හේත්තු වෙලා ඉස්සරහා බලන් ඉද්දි මන් ෆෝන් එක අරන් ලොකේශන් දාලා බැලුවේ ඉන්නේ කොහෙද කියලා... ඔක්කොටම කලින් ඒක දැනගන්න එපැයි.. අපි හිටියේ ඒ වෙද්දි කෑගල්ල හරියේ.. කෑගල්ලෙ නම් මගේ යාළුවෙක් ඉදියා එකට යුනිවර්සිටි ගියපු.. උන්දැව කන්ටැක්ට් කරගත්තනම් මොකක් හරි කරගන්න තිබ්බා.. ඔලුවට ආපු අයිඩියා එක හින්දා මන් කන්ටැක්ට් ලිස්ට් එක පීර පීර හෙව්වේ ඒ ළමයගේ නම්බර් එක.. ෆෝන් එකට ඔලුව ඔබන් මන් එහෙට මෙහෙට ස්ක්‍රෝල් කර කර ඉද්දි මගේ ඉස්සරහින් බස් එකක් ඇවිත් නවත්තන සද්දේ ඇහුනත් මන් ඒකට එච්චර අවධානේ දුන්නේ නෑ.. වැඩක් නෑනේ... මේ හාමුට බස්වල යන්න බැරුව ඇතිනේ... විකාර..
පීප්....පීප්.....පීප්......
බස් එක එකපාරටම කන අස්සේ ඉදන් හෝන් කරන්න ගත්තු හින්දා මන් එකපාරට උඩ ගියා හත්තික්කේ.... තව ටිකෙන් ෆෝන් එක කුඩු ඉහිරිලා යනවා.. පිස්සුද මන්දා...
"ඔය මිස් නගින්නැද්ද... පරක්කු වෙනවා...."
කොන්දට පිස්සුද දන්නෑ.. යකෝ මන් නගින්න ඕන්නම් මෙතෙන්ට වෙලා ෆෝන් එක කොට කොට ඉන්නවද නෑනේ.. පිස්සා... මන් කෝකටත් බොනට් එකට හේත්තු වෙලා හිටපු අනිත් පිස්සා දිහා බැලුවාමයි බඩ බොකු සීතල වෙලා ගියේ ඒ මිනිහා නෑනේ... මේකා කොහේ ගියාද ඒ පාර...
"මිස් නගින්න ඉක්මනට මොකක්ද කරන්නේ.. පරක්කු වෙනවා.. ගෙවල්වල රණ්ඩු මේවගේ තැන්වල විසඳ විසඳ ඉන්න බෑ..."
සෙනඟ බහිනකන් පිස්සු කොන්දා මරු කියවනවා.. මොන ගෙවල් වල රණ්ඩුද යකෝ.. මොංගල්ද මූට... දෙකක් කියන්න කියලා හිතන් බස් එක ළඟට ගියාමයි හත්තික්කේ දැක්කේ.. මේ කළුකුමා නැගලා කියහන්කෝ බස් එකට.. මන් හිතන්නේ සෙනඟ බහින්නත් කලින් නැගලද කොහෙද... සෙරෙප්පුව ගලවලා කන පැලෙන්න ගහන්න හිතෙනවා ලව් එකද ක්‍රශ් එකද හබීතද කව්ද කින්ද මන්ද සියල්ල අමතක කරලා දාලා... යකෝ... මෙහෙමත් මිනිස්සු ඉන්නවද මන් අහන්නේ...
පේන බල බල ඉන්න බැරි හින්දා මාත් බස් එකේ එල්ලුනා.. වාඩි වෙන්න ශීට් එකක්වත් නෑ ඔක්කොම ෆුල්. කළුකුමාරයා නම් බබා වගේ වාඩිවෙලා ඉන්නවා ශීට් එකක.. ඒකත් ජනේලේ කොනේ.. එළිය බලාගෙන ආතල් එකේ යනවා... මන් නැග්ගද කියලවත් නිකමට ඔලුව හරවලා බැලුවේ නෑ... අනික වෙන මනුස්සයෙක් නම් ඉස්සෙල්ලම තමන්ගේ වයිෆ්ට නේද ශීට් එක දෙන්නේ ඒකට මේකා.. ඉස්සෙල්ලම ගිහින් වාඩිවෙලා අහක බලාගෙන ඉන්නවා... මයි ලයිෆ් මයි චොයිස් කිව්වට ඔයිතරම්ම සෙල්ෆිශ් වෙන්න ඕන්නෑනේ... මන් හිටගෙනම කාලභූතයට හිතින් දෙහි කැපුවා.. සාප මේවා දේව සාප... ගොඩක් සෙනඟ නැති හින්දා හිටගෙන ඉන්න එක අමාරු නම් නෑ.. ඒ උනාට යුතුකමක් තියෙනවා නේද මේ මනුස්සයට.. ශික්...
.
.
.
.
.
.
.
.
.
.
බස් එකේ හිටගෙන ටිකක් වෙලා යනකොට තමයි මිශන් එක ස්ටාට් වුණේ.. යකෝ සෙනඟ නගිනවා කියන්නේ ආයේ උල්පතකින් උනනවා වගේ... එන්න එන්න බස් එක ෆුල් ලෝඩ් වුණේ හිටගෙන ඉන්න එක නරකාදී ෆීලින් එකක් වෙද්දි...
පේළි හතරක් විතර බස් එකේ හිටගෙන ඉන්න අස්සෙත් කොන්දා කියනවා තව නගින්නලු.. යකෝ.. ඩ්‍රයිවර්ගේ ඔලුව උඩ යන්නද දන්නෑ මේ මනුස්සයා තව සෙනග ලෝඩ් කරන්නේ... ඉඩත් තියෙනවලු.. මැදින් එහාට යන්නලු... ෆුට් බෝඩ් යන්න එපාලු.. අම්මපා මුගේ ඇස් පොට්ටද... මෙච්චර සෙනග පිරිලා ඉද්දි මරිමෝල් කතා කියන්නේ... මැදින් එහාට නෙමෙයි මැදින් උඩට ගිහින් කොන්දගේ ගෙදර යන්න වෙන්නේ... මගේ අම්මේ... ශීට් එකකට කකුළ අහුවෙලා එහෙන් මාර සනීපයි.. මේවා ට්‍රිප්ද යකෝ.. මේවා ට්‍රිප්ද.. කට ඇවිස්සෙනවා ඉතින්...
"නංගි මේ බෑග් එක උඩින් තියන්න..."
තැලිලා පොඩිවෙලා ඉන්න අස්සෙ නාකියෙක් ඇවිත් බෑග් එකක් දීලා එහෙන් මට නංගිලු අනේ බොල...
"ආ.. දෙන්න අන්කල්...."
මාත් හයියෙන් හැමෝටම ඇහෙන්න බර කරලා අන්කල් කියලා කිව්වා.. මුගේ වයසට නෙමෙයි නේ කතාව...
නංගි... හ්හ්.. මන් ආයෙම බැලුවේ කළුකුමාරයා දිහා.. දැන් බ්ලූටූත් එකත් කනේ ගහන් ජනේලෙන් එළිය බලන් ආතල් එකේ පොර යනවා.. ආයේ කතා කරපන්කෝ මට.. එන්නෑ මොන දේවාලෙකවත් යන්න...
අල්ලගන්න තැනකුත් නැතුව අමාරුවෙන් එහෙට මෙහෙට පැන පැන ඉද්දි ෆෝන් එකත් රින්ග් වෙනවා.. ඒක ගන්න ගිහින් බ්‍රේක් පාරක් ගැහුවොත් සෙත්තා පෝච්චි..
"ඔය ෆෝන් එක ගන්න ළමයෝ... දිගටම වදිනවා නේද.."
හරිනේ අමාරුව... ළඟ හිටපු ඇන්ටි කෙනෙක් මුළු බස් එකටම ඇහෙන්න කෑගලා කිව්වාම සත්තයි ෆෝන් එක පොළවේ ගහන්න හිතුනා. හොඳක් වෙන්නෑ ඔය කෝල් ගන්න කාලකම්ණියට...
අමාරුවෙන් සයිඩ් බෑග් එකෙන් ෆෝන් එක අරන් ආන්සර් කරපු ගමන් එහා පැත්තෙන් ඇහුනේ ඔලමොට්ටල ලපයගේ කටහඬ..
"උබ කොහෙද ඉන්නේ බන්.. අඩෝ සීතලද... ඒ මේ ස්ට්‍රෝබෙරි ගෙනෙන් හොඳේ.. "
"මේ ඕයි... මගෙන් කුනුසරුප නාහා ෆෝන් එක තියපන්...තොට මන් අහුවුනොත් ස්ට්‍රෝබෙරි හරහට ගිල්ලවනවා.. ස්ට්‍රෝබෙරි කන්න.. තියපන් ෆෝන් එක.. සතා..."
වැඩිය අනිත් මිනිස්සුන්ට නෑහෙන්න ශේප් එකේ කියලා දාලා මන් ෆෝන් එක මල්ලට ඔබා ගත්තේ අලුගුත්තේරු ලපයට නොසෑහෙන්න සාප කරනගමන්...
පැය දෙකක් විතර බස් එකේ යන්නත් ඕනලු නුවරඑළියට.. හරි ශෝක් ඉතින් කකුල් බෙල්ලේ එල්ලන් යන්න වෙන්නේ.. හුටා... බෑග් මලු ටික කාර් එකේ නේ... මගේ කැමරා ටික.. අනේ හත්තික්කේ... ඉවරයි.. ගත්තේ නෑනේ... ජූලි හතයි.. දැන් ඇඳිවත විතරයි ඉතුරු.. කළුකුමාරයා නෙමේ මේ ඉන්නේ රීරි යකා... මරන් කෑවනම් මීට හොඳයි..
එන්න එන්නම බස් එක ෆුල්ලෝඩ් වෙද්දි.. මට තේරුනා පිටිපස්සේ හිටපු නස්පෝනි ඩයල් එකක් ජැක් සීන් එකකට එන්ටර් වෙනවා වගේ ෆීලින් එකක්.. අම්මපල්ලා...මුන්ට තියෙන අසහනේ.. බලමුකෝ ටිකක් මොකාටද මූ එන්න හදන්නේ කියලා...
මන් පොඩ්ඩක් එහාට මෙහාට වෙලා ඉවසන් හිටියේ ඇත්තටම මූ එහෙම ගෙවල පෙරේත පරාණයක්ද කියලා හරියටම අඳුන ගන්න.. ආයේ ඉතින් කතා දෙකක් නෑ පෙරේත පරාණයක්ම තමයි.. ශික් ෆ්ලැට් සෙරෙප්පුවෙන් කකුළ පෑගුවට දැනෙන්නෙත් නෑ.. යතුරු කට්ටක්වත් නෑනේ මන් ගාව... සෙවලයට හිටහන්කෝ දෙන්න වැඩක්...
මන් බෑග් එකෙන් ෆෝන් එක අරගෙන කෝල් ලොග් එකේ උඩින්ම තිබුණ ලපයගේ නම්බර් එකට කෝල් එකක් ගත්තා..
"හෙලොව්.. වැඩේ හරිද..."
"මොන වැඩේද බන්..."
මන් බස් එකටම ඇහෙන්න මහ සද්දෙන් කතා කළා...
"ආහ් ඕකේ.. ප්ලේස් එක ක්ලීන් කරලා ස්ටේශන් එකට යන්න..."
"මොනාද බන් කියවන්නේ හීතලට මොලේ බුරුල් වෙලාද.."
"තව මන් එවන ලොකේශන් එකට ජීප් එක අරන් එන්න.. අර්ජන්ට් කේස් එකක් තියෙනවා..."
"තොට උන්මාදේද බන්.. මොකද වෙලා තියෙන්නෙ...."
"ඔව් ඔව්... මන් බස් එකේ ඉන්නේ විනාඩි දහයකින් පහළොවකින් එතන... "
"කොහෙද කොතනද... "
"සෙනෙවිරත්න මගේ ගන් එකත් ගේන්න... ඕකේ ඉක්මනට එන්න..."
කෝල් එකේ මුල් ටිකේදි හැමෝටම ඇහෙන්න කතා කරලා අන්තිමට ටිකේ මන් කතා කරේ ජැක්පොට් පොරට ඇහෙන්න විතරයි ඌ මගේ අස්සෙම හිටපු හින්දා ඇහෙන්න ඇති හොඳට.. අනික නැත්තන් සැක හිතෙයිනේ මිනිහට මොන මෝඩයද ගන් එකක් ගැන ගම රටටම ඇහෙන්න කෑ ගගහා කෝල්වලින් කතා කරන්නේ.. ඒ අස්සේ මෝඩ ලපයත් ලතෝනි දෙනවා..
"කවෞද යකෝ සෙනෙවිරත්න.. මොන මගුල්ද දොඩවන්නේ... පවු නොදී තියපන් ෆෝන් එක ... මගුලක් කියවනවා... නට් ටික තද කරගනින් වාත නොවී..."
"දෙතුන් දෙනෙක් ඇති.. හරි.. ඕකේ.. ඕකේ.."
මන් කෝල් එක කට් කරලා ඉවර වෙද්දි මට තේරුනා ගෙවල ප්‍රේත ප්‍රාණියා ටික ටික මගෙන් එහාට යනවා කියලා...හොඳ වැඩේ ආවා මෙතන ජැක්පොට් ගහන්න... අසහනකාරයා.... මන් ආයෙම බැලුවේ කළුකුමාරයා දිහා.. කොහෙද ලෝකේ පෙරළුනත් මිනිහා දන්නෑ.... වෙන එකෙක් නම් මෙලහට නැගිටලා ශීට් එක දීලා මන් ඉන්න තැනට එනවා.. ඒකට මෙයා.. ජාති ජාතිත් වාසනාවන්...
"මැද පේළිය ටිකට් ගන්න ටිකට් ගන්න..."
කොන්දත් එනවා තලාගෙන පෙළාගෙන.. ලතෝනි තිය තිය.. හයියෝ... මැරෙනවා මේ යකා රිංග රිංග යද්දි... පුදුම කරුම මේවා....
කොන්දා මන් හිටපු තැන අයගේ ටිකට් කඩද්දි ජැක්පොට් ගෙවල පෙරේතයගෙනුත් සල්ලි ගන්න දිහා මන් හොරෙන් බලන් හිටියේ...
"කොහෙද බහින්නේ..."
"ක්‍රෑක්... ක්‍රෑක්... ක්‍රෑ....ක්... ක්‍රෑහ්... ක්‍රෑ...ක්"
මොකක්ද යකෝ මේ මිනිහට වෙලා තියෙන්නෙ සතෙක් වගේ බෙරිහන් දෙන්නෙ... කොන්දත් අන්දොස් වෙලා බලන් ඉන්නේ පොර දිහා...
"කොහෙද බහින්නේ...."
"ක්‍රෑ...ක්කෑර්ක්.... ක්‍රැක්ක්.... ක්‍රෑහ්ක්.. ක්‍රෑහ්.... කැහ්... ක්‍රෑහ්.. .ක්‍රෑක්... ක්‍රෑක්... ක්‍රෑක්ක්ක්ක්"
යකෝ.... මරන්න අරන් යන ගවයෙක් වගේනේ මේ යකා ලතෝනි දෙන්නේ මොකක්ද වෙලා තියෙන්නේ මේ මනුස්සයට.....
"බස් එකේ තව සෙනග ඉන්නවා බහින තැන කියනවකෝ හරියට විකාර කරන්නැතුව.. ඔහේලා විතරක් නෙමෙයිනේ යන්නේ..."
කොන්දටත් මල පැනලා අර ජැක්පොට්කාරයට බනිනවා දාගෙන.. හොඳ වැඩේ.. ඒත් මේ මනුස්සයා උගුර බදන් සතෙක් වගේ කෑගහනවා ඇරෙන්න වෙන කිසිම දෙයක් කියන්නේ නෑ.. අත් දෙකෙන්ම උගුර අල්ලන් ඉන්න හින්දා බ්‍රේක් ගහනකොට වංගු ගන්නකොට පොර හතරවරම් ගහනවා බස් එක ඇතුළේ.. සමහර ඇන්ටිලා කුඩවලිනුත් ගහනවා ගුටි කද්දිත්
කෑගහන්නේ එහෙමමයි.. පිස්සෙක්නේ...
"කෝ බහිනවා ඔහේලව බස්වල එක්කන් යන්න බෑ.. බහිනවා බහිනවා පව් නොදී... පිස්සන් කොටුවකින් පැනලා අපිට පව් දෙනවා.. ඉතින් කිව්වම අහලා බහිනවා.. එනවා.. එනවා..."
බස් එක ඊළඟ හෝල්ට් එකේ නැවැත්තුවාම කොන්දා කෙළින්ම ජැක්පොට්ගේ බෙල්ලෙන් අල්ලගෙන බස් එකෙන් එළියට දැම්මා.. පුංචි සතුටක් තියෙනවා නැත්තේ නෑ.. ඇයි යකෝ.. මොන සමයක්ද.. එළියට ඇදලා දානකොටත් උගුර බදන් සතෙක් වගේ කෑගහනවා.. හෙන අසහනකාරී මන්දමානසික ඩෑල් එකක්ද කොහෙද....
මේ ඔක්කොම ජංජාල සිද්ද වෙනකොට මන් නිකමට වගේ බැලුවේ කළුකුමාරයා දිහා.. අනේ අම්මේ... තාම බ්ලූටූත් එක කනේ ගහගෙන ජනේලෙන් එළියට ඔලුව දාගෙන බවුන් වඩනවා.. මෙතන මෙච්චර හදියක් වෙලත් කිසි ගාණක් නෑ.. අඩුම තරමේ අර භූත මිනිහා කෑගහන එකවත් පොඩ්ඩක් උවමනාවෙන් බලන්න බැරිද ශික්....
ටිකක් වෙලා මන් තරහටත් එක්ක රව රවම පොරගේ මූණ දිහා බලන් හිටියා.. බස් එක ඒ හෝල්ට් එකෙන් අද්දනකොටම කළුකුමාරයගේ මූණේ ලාවට හිනාවක් වගේ එකක් ඇඳුනද මන්දා.. පොඩ්ඩක් ඒ වගේ.. ඇයි මේ මනුස්සයා හිනා වෙන්නේ... මගේ අම්මේ අපි වගේ හිතෙන හිතෙන වෙලාවට හිනාවෙන මනුස්සයෙක් නෙමේනේ මේකා.. ඇයි මේ...
ඕ මයි ගෝඩ්... ටිකක් ඉන්න... මට එතකොටම මතක් වුණේ දවසක් රෑ බීච් එකේදි මට වුණු දේ.. එදා මන් කන් දෙක බදාගෙන පිස්සෙක් වගේ කෑගහද්දි මේ මනුස්සයගේ මූණේ තිබුණෙත් ඔය වගේම හෙන අමුතු කෙටි හිනාවක්...
ඒ කියන්නේ ජැක්පොට්කාරයගේ කටහඬට වැඩේ දුන්නේ මේඝද... හත්තික්කේ.. එහෙම වෙන්න පුළුවන් නැත්තන් මොන යකාද එහෙම ඕනකමෙන් සතෙක් වගේ කෑගහන්නේ.... මේ මනුස්සයා මොන ජාතියේ ඉන්ද්‍රජාලිකයෙක්ද මන්දා.. බයෙත් බෑ.... ඒත් මොනා වුනත් හොඳ වැඩේ අර අම්බරුවට නම්.... ආවා මෙතන... හ්හ්හ්...
මන් එක එක ඒවා කල්පනා කර කර ඉද්දි එකපාරටම කළුකුමාරයා ශීට් එකෙන් නැගිට්ටා.. අලිදණ්ඩා වගේ උසම උසයි.. බස් එකේ හැමෝම ඒ හින්දා ඒ මනුස්සයා දිහාමයි බලන්නේ.. ඒ ඇරත් ෆැශන් ස්ටයිල් එකත් බස් එකේ යන මිනිස්සුන්ට වඩා වෙනස් නේ.... ක්ලාස් ඇරිලා යන පොඩි ඇටිකිච්චියෝ එහෙම කුචු කුචු ගගා කියව කියව කළුකුමාරයා දිහා කන්න වගේ බලන් ඉන්නවා... ආශ්... දෙන්න හිතෙනවා ඉතින්..
"මෙතනින් වාඩිවෙනවා..."
මගේ කනට කරලා එහෙම කියපු කළුකුමාරයා මගේ පිටිපස්සෙන් ඇවිත් හිටගත්තා... හත්තික්කේ හත්තික්කේ... කුමක්ද දෙවියනි මේ සිදුවන විපර්‍යාසය... වැඩිය හිත හිත ඉන්නේ නැතුව මන් ශීට් එකේ කොනෙන් යන්තන් වාඩි වුණේ හිත ඇතුළේ සමනල්ලු පිනුම් ගහද්දි..
මාව නිකන් පිච්චෙනවා වගේ සාම්ත.. කළුකුමාරයා ඉන්නේ මගේ ළඟමයි.. කෙළින්ම උඩ බැලුවාම පේන්නේ උන්දැගේ මූණ.... බස්වල කවදා ගියපු මනුස්සයෙක්ද.. මූණ සතපහ කරගෙන එහෙට ඇඹරෙනවා මෙහෙට ඇඹරෙනවා.. ගෑනු උදවියගේ ඇඟේ නොගෑවි ඉන්න මිනිහා පුදුම ට්‍රයි එකක් දෙන්නේ.. මොනා උනත් සෝ කියුට් අප්පා... එකපාරටම බ්‍රේක් එකක් ගැහුවම ඔක්කොම කළුකුමාරයගේ ඇඟ උඩ... ඒ උනාට පොර නම් නෝ හෙල්ලුම්... හෙනකදයා වගේ ඉන්නවනේ ඉතින්... මන් ශීට් එකේ වාඩිවෙලා හිනාවෙවී මේ ඔක්කොම දිහා බලාගෙන හිටියේ අමුතුම ෆීලින් එකකින්... ඒක කියාගන්න අමාරු හරි අමුතු හැඟීමක්....
"ඔය කවුරු හරි ශීට් එකක් දෙන්න...."
කොන්දා කෑගහගෙන එද්දි මට නැගිට්ටුනේ ඉබේටම වගේ.. වයසක ආච්චි කෙනෙක් ඇවිත් මාත් එක්කත් හිනාවෙලා මන් වාඩිවෙලා හිටපු ශීට් එකෙන් වාඩි වුණාට පස්සේ මන් ඉතින් ආයෙම හිටගෙන....
"තමුසෙට සතුටු ඇති දැන් නේ.. "
එකපාරටම මගේ පිටිපස්සෙන් කනට කරලා කාලභූතයා කිව්වාම අම්බෝ සරුවාංගෙම සීතල වෙලා ගියා හත්තික්කේ...
මන් ඉතින් මොනවා කියන්නද මෝඩ පහේ හිනාවක් දාලා ඉස්සරහා බලාගත්තා... මේඝ ඉන්නේ කෙළින්ම මට පිටිපස්සේ... උසම උස හින්දා මගේ ඔලුව තියෙන්නේ පොරගේ පපුව මට්ටමේ.. ඒක වෙනස්ම හැඟීමක්... මේඝට මේ තරම් ළඟින් ඉදන් බස් එකක යන එක ඒක හරියට හීනයක් වගේ... මේඝගේ හුස්ම රැළි මගේ ඔලුවේ වදිද්දී.. කුණුකරවල පර්ෆියුම් සුවඳ ළඟ ළඟම දැනෙද්දි.. මේඝගේ පපුවට හේත්තු වෙලා මෙහෙම යනකොට.. කොහොමද හත්තික්කේ මගේ හැඟීම් මන් වචන කරන්නේ....
ඒ උනාට සෙනඟ ටිකක් අඩුවෙනකොටම සෝශල් ඩිස්ටන්සින් වගේ මීටරේ පරතරේට මිනිහා ආයේ එන්ටර් වෙනවා... පව් ඉතින් මගේ අහිම්සක සිතුවිලි...
•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°
මීළඟ මේඝයෙන් හමුවෙමු....