ඉතිං, මේ මගේ හිත...

By AnjanaKumarasiri

10.6K 2.2K 473

අදිතට ආදරේකරන... ලංවෙන... අදිතගැන හිතන හැමකෙනෙක්ම ඉක්මනින්ම මේ ලෝකෙන් නැතිවෙලා යනවා. මොකක්දො අවාසනාවකට දෙව්පස... More

පළවෙනි කොටස
දෙවෙනි කොටස
තුන්වෙනි කොටස
හතරවෙනි කොටස
පස්වෙනි කොටස
හයවන කොටස
හත්වන කොටස
අටවන කොටස
නවවන කොටස
දහවන කොටස
එකොළොස්වන කොටස
දොලොස්වන කොටස
පසුවදන

පෙරවදන

1.6K 201 48
By AnjanaKumarasiri

පෙරවදන

දෙව්පසන් ප්‍රනාන්දු මැරුණේ හරියටම එයාගේ දාහත්වෙනි උපන්දිනේ දවසේ. එයා මැරුණේ මට ආදරෙයි කියපු හින්දා...

අපේ සීයගේ ගෙදර පොඩි කුස්සියේ දිරලාවැටෙන්න ඔන්නමෙන්න තියෙන ප්ලාස්ටික් පුටුවක් උඩ ඉඳගෙනහිටිය දෙව්පසන් "ආදී, මචං මම උඹට ආරෙයි..." කියලා කියනකොට මම උගේ බර්ත්ඩේ කේක්එක අයිසින්කරලා අතගත්තා විතරයි. ඒකත් හොඳ වෙලාවට... නැත්න්ම් දෙව්පසන්ගේ වචන ඇහෙනවත් එක්කම අත ඉබේටම මිරිකිලා වැටුණ තඩි අයිසින් ගුලිය එහෙම්මම කේක්ගෙඩිය උඩට වැටෙනවා.

"උඹ දන්නවානේ? මම උඹට ආදරෙයි..."

"තෑන්ක්ස්..."

මම පයිපින් බැග්එක පැත්තකට විසිකලේ රත්වෙච්ච යකඩයක් අතේතියාගෙන හිටියගානට.

එච්චර වෙලාවක් දැනුණු තද සීතලවෙනුවට එකපාරටම ඇඟට රස්නයක් දැනෙද්දී ඇඳගෙනහිටිය තුනී ජර්සිය ඔලුවෙන්ගලවලා අයින්කරපු මම ඇඟට දැනෙන කළන්තේගතිය මැඩගෙන මේසෙට අත්දෙකතියලා වාරුවුණා. දෙව්පසන්ගේ මුහුනේ අවුරුදුදාහතක කොල්ලෙක්ගේ මුහුණකට නොගැලපෙනවිදිහේ මාරම බැරෑරුම් බැල්මක්. ඒ මුහුනදිහා බලගෙනඉන්න බැරිකමට මම නිල්පාටයි සුදුපාටයි අයිසින්කරපු කේක්ගෙඩියදිහා බලාගත්තා.

ඕනේතරම්තැන් තියෙද්දි ඌට මටම කියලා බර්ත්ඩේ කේක්එකත් හදාගන්න ඕනේවුන්හැටි! වෙනතැන්වල කේක්වලටවඩා මම හදන කේක් රසයිලු!

"පාටියට එන්නබෑ කියලා ශුවර්ද?"

"ශුවර්..." මගේ හඬ ස්තිරයි. "අනික ආච්චි තනියෙම..." මම සුපුරුදු හේතුව කිව්වා.

"උඹයි උඹේ ආච්චියි!" මම ආච්චිඑක්ක ඕනෙවටවඩා නැතිබව හොඳටමදන්න දෙව්පසන් මගේ හේතුව හොයාගන්න වෙන ප්‍රශ්නයක් ඇහුවා. "මම ගෙනල්ල ඇරලවන්නම්?"

"බෑ... පසන්.."

"ඉස්කෝලේ කොල්ලෝ එනනිසාද? උන් මොනාහරි කිව්වොත් මම බලාගන්නම්..."

දෙව්පසන් අත්දෙකත් පපුව උඩින් බැදගෙන බිත්තියට හේත්තුවක්දාගෙන නිහඬවම බලාගෙනහිටියේ මගේ උත්තරේ වෙනස්වෙයි කියලා වෙන්නඇති. කුස්සියේ බිත්තියටගෑව හුණුවල පරනවෙච්ච සමරපාටට ඌ ඇඳගෙනහිටි රතුපාට ඝනකම් වූල් ජර්සිය කැපිලා පේනවා. ටිකවෙලාවක් ගිහින් හූරගෙන කකාහිටිය කේක්බැටර් බෝල්එකත් සින්ක්එකටදලා හුස්මක්හෙලලා නැගිට්ටේ මගේ තීරණේ පිළිඅරගෙනවගේ. එහෙම හුස්ම හෙලනකොට උගේ නාහෙන් පිටවුනු හුස්ම දුම්වලාවක්වගේ වාතලයට මුසුවුණා.

"උඹ අතදිගෑරල එකෙක්ට නෙළුවනම් වැඩේගොඩ! ආයේ ජීවීතේට එන්නෙනැ විහිලුකරන්න!"

"නිකං ප්‍රශ්න..."

"හැව් හැව් තමයි!" දෙව්පසන් කලුපාට ඩෙනිම් කලෙසමේ පොකට්වලට ඇඟිලිඔබාගෙන ඉස්සරහටයි පස්සටයි පැද්දුනා. "අන්තිමපාරට අහන්නේ... බැරිද?"

පාටියට එන්න කීපාරක් කිව්වද කියලා මට මතකනෑ. සමහරවිට දෙපසන්ගේ හිත රිදෙන්නත් ඇති. ඒත්... පාටි.. උත්සව... මිනිස්සු එකතුවෙනතැන් මතක්වෙනකොටත් මට දනුණේ අමුතුම අපහසුවක්. ඇරත් කොල්ලන්ගෙන් කෙල්ලන්ගෙන් ඉස්කෝලේ පැයහයට අහන උපහාස අපහාස ඊළඟ දවසවෙනකල්මම දිරවාගත්තේ බොහොම අමාරුවෙන්! තවත් ඉල්ලගෙන කන්නේ මොකටද?!

කුස්සියේ ඇතිවුනේ ලොකු නිහඩබවක්. කියන්න ඕනේ මොකක්ද කියලා හිතාගන්නබැරිවුන මම පහල පාරේ මෝටර් බයිසිකලයක්යන සද්දේ අහගෙන මම බොරුවට කේක්ගෙඩිය එහෙටමෙහෙට කරකර අඩුපාඩු තියෙනවදවගේ බලන්නගත්තා.

"මං දන්නවා උඹ අරහෙම කිව්වේ ඇයි කියලා..."

දෙව්පසන් මට ආදරෙයි කිව්වේ මගේ හිතහදන්න! මාව අස්වසන්න!

සතියකට විතර කලින් අපේ මිදුලේ ඉඳගෙන දෙව්පසන්ට කරපු පාපෝච්චාරණේ මට මතක්වුණා. දෙව්පසන්ට මිනිස්සුන්ව කිය්වන්න තිබුනේ පුදුම හැකියාවක්. මම මොනවාහරි ලොකු කාරනාවක් හිතේ තදකරගෙන ඉන්නවා කියලා දෙව්පසන් කිව්වේ සතිගානක ඉඳලා. අහන්න අහන්න නොකියා ඉන්නබැරිකමට කිව්වට... දැන්නම් හිතට ලොකු බයක්.

කුස්සියේ සීතලත් නිශ්ශබ්දතාවයත් අතරෙන් සීයා මුරකරන මීරහවත්ත පොදු සුසානේ තැනතැන ඉදිවුණු තාත්තාගේ... තුනවසරේ පංතිභාරවසිටි සුනීතා ටීචර්ගේ... අල්ලපු ගෙදර නවීන්ගේ සොහොන්කොත් මතක්කරද්දී හිතේ බිය ටිකෙන්ටික වැඩිවෙනව මට දැනුනා.

කොච්චර අමතකකරන්න උත්සහගත්තත් අමතකකරන්න බැරි සිදුවීම අපි හැමොටම තියෙනවා. මම කියලත් වෙනසක් නෑ!

'අම්මා නැතුවට තාත්තා පුතාට ආදරෙයිනේ...'

'ඔන්න පංතියේ ලමයි ආයෙමත් අදිතට විහිළුකළොත් මතකඇතුව කියන්න... සුනීතා ටීචර් අදිත පුතාට ගොඩාරියක් ආදරෙයි, හොඳේ?'

'අදිත... කියපං... ලබන ආත්මෙ උඹ මගේම සහෝදරයෙක් වෙනවානේද?'

තාත්තාගේ හෘදයාබාධය... සුනීතා මිස්ගේ පිළිකාව... ඩෙංගුහැදිලා අමාරුවෙච්ච නවීන් සේලයින් බටගහගෙන හොස්පිටල් ඇඳේගුලිවෙලා හිටියසැටි මතක්වෙනකොට, ඇඟඇතුලේ හමටයටින් කුරුමිණියෝ... හැකරැල්ලෝ... පත්තෑයෝ දුවනවාවගේ හිරිකිතක් මුසුවුණු බයකින්මාව වෙව්ලලාගියා.

"මම කාටවත් ඕනිවටවඩා කිට්ටුවෙන්නෙ නැත්තේ මට ආදරේකරන... මට කිට්ටුවෙන... මංගැන හිතන හැමකෙනෙක්ම ඉක්මනින්ම මේ ලෝකෙන් නැතිවෙලා යනනිසා දෙව්පසන්!"

මගේ ජීවිතයේ ගැඹුරුම රහස ඒවිදිහට කිව්වෙත් දෙව්පසන්ගේ ගැලවෙන්නබැරි ප්‍රශ්න ඇහිල්ලට උත්තරයක් විදිහට. "මචං ආදී, උඹට මාව වදයක්ද මචං? ඒකද ඩෝන්ට් කෙයා ඉන්නේ?" කියලා අහනකොට බොරුවක් කියන්න හිතුනෙනැත්තේ දෙව්පසන් අනික් කිසිමකෙනෙක්ටවඩා මගේ ජීවිතේ තෙරුම්ගත්තා කියලා මට හිතිලා තිබුනනිසා.

රහස කිව්වා නෙමෙයි... ඉබේටම කටින් පිටවුනා කිව්වනම්හරි!

"ඇයි උඹ එහෙම කියන්නෙ?"

මම හිතුවේ නෑ ඒ බූරුවා එහෙම අහාවිකියලා. අනික් අතට... දෙව්පසන් කවද්ද මම හිතපු විදිහට හැසිරුනේ?

දෙව්පසන්ගේ හරස් ප්‍රශ්න ඇහිල්ල ඉස්සරහ තාත්තා... සුනීතා ටීචර්... නවීන්ගැන විස්තර ඌට කිව්වේ පුංචිකාලේ ඉඳලා හිතේ හිරකරගෙන ඉඳපු රහස ගිනිකන්දක්වගේ පිපිරෙන්න කිට්ටුවෙලාහිටි නිසාද මන්දා! දෙව්පසන් බොහොම අවධානෙන් අහගෙනහිටියා. පොඩිම විහිළුවක්වත් හිනාවක්වත් උගෙන් පිටවුනේ නෑ. වෙනමනුස්සයෙක්ට කිව්වනම් 'ඔය හිතේ ඇතිවුණු මනස්ගාත...' කියලා දෙපාරක් නොහිතන කතන්දරේ මගේ යලුවා අහගෙනහිටියේ ඌ විශ්වාසකරන ආගමේ ශුභාරංචිය අහනවාවගේ උවමනාවෙන්. සේරම කියලා අහගෙන ඉඳලා ඌ ගෙදරගියා.

දෙව්පසන් හැමදාමකරනවාවගේ ගෙදරගිහිල්ල ප්‍රශ්නෙදිහා හැමකෝණයකින්ම බලන්නඇති. මොකද මට ආදරෙයි කියලා කියන්න ඌ තීරනයකළේ ඒහින්දා කියලා මට විශ්වාසයි.

නැත්නම් වෙනමොකටද?

අඩුතරමේ ආදරෙයි කියලා කියන්න හේතුවක් දෙව්පසන්ගේ පැත්තෙන් තිබුනේ නැහැ.

මගෙයි වැරැද්ද... මේදේවල් දෙව්පසන්ට කියපු එකෙයි වැරැද්ද. නොකියා ඉඳියානම් කිසිප්‍රශ්නයක්නෑ!

"මම හිතුවා උඹ ඔහොම දෙයක් කරයි කියලා..." මම කතාකළේ කලකිරීමෙන්.

"කොහොම දෙයක්ද?" දෙව්පසන් මෙලෝහසරක් නොදන්නගාණට ඇහුවා. ඌට එහෙම නොදන්න ටයිප්එකේ හැසිරීම කොහෙත්ම ගැලපෙන්නෙ නෑ.

"දැන් උඹ ඔය හදන්නේ මම බොරුයිකියලා පෙන්නන්නනේ?!" ඉස්කෝලේගිය අවුරුදු දහහතටම "යාළුවෙක්" කියලා බයනැතුව කටඇරලා කියන්න පුළුවන්වුණු එකම කොල්ලා, දෙව්පසන්ට කවදාවත් නැතිවිදිහක අමනාපයකින් මම ඇහුවා.

දෙව්පසන් වීරයාවෙන්නද හදන්නේ? මම බොරුයි කියලා පෙන්වන්නද ඌට උවමනා? නැත්නම් මට ආදරෙයි කියලා හිතේ දුකනැතිකරන්නද හදන්නේ? සේරටමත්වඩා හැමදෙයක්ගැනම හාරහාර හිතන්නේ නැතුව ඇයි මම කිව්වදේවල් ඌට අමතකකරලා දාන්නබැරිවුනේ?

මම බිත්තියේ එල්ලපු දුඹුරුපාට ඔරලෝසුවදිහා බැලුවා. වෙලාව හයටත් කිට්ටුයි. ඔරලෝසුව වටේටම මකුළුදැල්.

"සොරි! උඹට අප්සට්ගියාද කොහේද..." දෙව්පසන් නැගිටලා හිමින්සීරුවේ මාලඟට ඇවිදගෙනආවා. "අප්සට්ගියානේ?"

"ඔව්." අමතක කරන්න උත්සාහ කරන දෙයක් හාරහාර ආයෙමත් එලියටගන්න හදනකොට අප්සට් නොගිහින් තියේවිද?

"ඇයි ඒ?"

"ඇයි ඒ?!" මට දෙව්පසන්ගේ ප්‍රශ්නේ අදහාගන්නත් බැරිතරම්. "ඇයි ඒ?! සිරාවට පසන්? සිරාවට?!"

"මචං, ආදී... උබට ආදරේයි කිව්වා කියලා මිනිස්සු මැරෙනවානම් කීදෙනෙක් මැරෙන්න ඕනිද?"

"තාත්තා... සුනීතා මිස්... නවීන්..." මම ආයෙමත් නම් පේළිය මතක්කලේ ලොකු අකමැත්තෙන්.

"මනුස්සයෙක් මැරෙන්න තැනක් වෙලාවක් නෑ! අනික උබට ආදරෙයි කිව්වම කෙනෙක් මැරෙනවනම්... උඹව වෙපන්එකක් හැටියට පාවිච්චිකරන්න පුළුවන්නෙ!" දෙව්පසන් හාස්‍යයක් නැතුවම හිනාඋනා. "ඒක මරු වෙපන්එක... ආදීලාව්යූ ඇන්ඩ් ඩයි!"

මට නොතේරෙනවා නෙවෙයි. දෙව්පසන් විහිළුකරලා උත්සාහ කරන්නේත් මගේ හිත හදන්න. දෙව්පසන්ගේ කටහඬ පසුබිමට මුහුවෙලා සද්දෙ අඩුවෙලාම යනකොට ජනේලයට පිටතින් මීදුම ටිකෙන්ටික ඝනකම් වෙනහැටි මම ගොළුවෙලා බලාගෙන හිටියා.

අම්මා රටගියාටපස්සේ අක්කාගෙයි මගෙයි ලෝකෙමවුනේ තාත්තා. මගේ ජීවිතේට ඉල්ලන්නේ නැතුවම අඩුවක්නැතුවම ආදරේදුන්න කෙනෙක් ඉන්නවානම් ඒ තාත්තා විතරයි. 'අම්මා නැතුවට තාත්තා පුතාට ආදරෙයිනේ...' නිදාගන්න යන්න කලින් තාත්තා මගේ කනට කිට්ටුකරලා කියපුහැටි මට මතක්වුනා. 'කෝ තාත්තට ආදරෙයි කියලා කියන්නේ නැද්ද?'

-'මං තාත්තට ගොඩාරියක් ආදරෙයි!'-

සීයා සොහොන් පල්ලෙක්කියලා ඉස්කෝලේ ලමයි මාව කොන්කරද්දී... විහිළුකරද්දී... මාව ආදරෙන් ලංකරගත්තානම් ඒ සුනීතා මිස්. 'ඔන්න පංතියේ ලමයි ආයෙමත් අදිතට විහිළුකළොත් මතකඇතුව කියන්න... සුනීතා ටීචර් අදිත පුතාට ගොඩාරියක් ආදරෙයි, හොඳේ?' මිස් මාව තුරුල්කරගෙන ඔලුව අතගෑවේ එයාගෙම පුතෙක්ව සනසනවා වගේ සෙනෙහසින්. 'අදිත පුතත් ටීචර්ට ආදරෙයිනේද?'

-'මාත් ටීචර්ට ආදරෙයි!'-

ඉස්කෝලෙ ලමයිගෙන් කොන්වෙනකොට මගේ වයසේ යාලුවෙක් හැටියට කිට්ටුවුන එකමකෙනා නවීන්. 'නවීන් පුතා අන්තිමට මතක්කලේ අදිතව... එයාගේ සහෝදරයෙක්වුනානම් හොඳයි කිව්වා..' නවීන් අසනීපවෙලා ඉස්පිරිතාලේ ඉන්නකොට මම එයාව බලන්නගියහැටි මතක්වුනා. 'උබ මගේ අයියෙක්හරි මල්ලියෙක්හරි වුනන්ම් පට්ට! ආදී කියපං... උබත් මට උබෙම සහෝදරයෙක්වගේ ආදරෙයි නේද?'

-'ඔව් නවීන්.. මමත් උබට මගේම සහෝදරයෙක්වගේ ආදරෙයි...'-

"ආදී... ආදී... කොයි ලෝකෙදගියේ?" දෙව්පසන් මගේ මූන ඉස්සරහටම ඇවිල්ලා හිටගත්තා.

මට හුස්මගන්නත් අමාරුයි. අතීත හොල්මන්වල මුහුණු ජනේලයෙන් එලියේ මීදුම් අතුරින් මැවෙනවාවගේ පෙනෙද්දී මම ඇස්දෙක තදින් පියාගෙන ගැඹුරුහුස්මක් ඇදලාගත්තා. "හාහ්?"

"කියපං... උබත් මට ලව්නේ? යාලුවෙක්වගේ?" දෙව්මිත් කටකොනකින් හිනාවීගෙන අහනවා. මේ විස්තර ඌට කිව්වටවඩා හොඳයි නොකියා හිටියනම් කියලා හිතුනේ අන්න ඒ වෙලාවෙදි.

"මම උබට ඇති ලවක් නෑ!"

දෙව්මිත් කටබෙරි කරගත්තා. "සිරාවටමද කියන්නෙ?"

"ඔව්."

"අද මගේ උපන්දිනේ බ්‍රෝ!"

"ඉතිං?"

"මට තෑග්ගක් හැටියට අයිලව්යූ කියපං!" දෙව්පසන් කාටූන්එකක්වගේ දෙපැත්තට පැද්දිපැද්දී පයිපින්බෑග් එකේ අයිසින් ඇඟිල්ලෙන් හූරගෙන කනවා.

"පිස්සු නැත්නම් හොඳයි!"

දෙව්පසන් එකපාරටම අකුරුමැකීනෑ කොළගැලවීනෑ සිංදුවේ තාලෙට මහහයියෙන් "අයි ලව් යූ" කියන්න ගනිද්දී මගේ මුළුඇඟම හීතලවෙලා ගියා.

"අයිලව්යූ... අයිලව්යූ... අයිලව් යූ යූ ලව් යූ... අයිලව් ලව්ලව් ලව්ලව් යූ..." ඌ මහහයියෙන් කෑගහනවා.

බයටම මට "ඕක නවත්තගනිං යකෝ!" කියලවත් කියාගන්න බැරිවුණා. දෙව්පසන් මාව විහිළුවකට ගත්තාද? උගේ සද්දේ එන්න එන්න වැඩිවෙනවා.

"හරි හරි... මමත් ලව්! දැන් හැපිද?" මම දත්මිටිකාගෙන ඇහුවේ කේන්තියෙන්.

දෙව්පසන් එකපාරටම නතරවුනා. "හැපී හැපී. ඕ හැපී ඩේ! ඕ හැපී ඩේ!" දෙව්මිත් උන්ගේ පල්ලිගේ ගීතිකාවක් තාලෙට අත්පුඩිගගහ කියනගමන් දෙපැත්තට පැද්දුණේ තරඟෙන් දින්නා කියලා අඟවන්න.

හිතේ තිබුණු තිගැස්ම යන්තම් අඩුවුනේ දෙව්මිත්ගේ විහුළුරඟපෑමට. උගෙ ජෝක් ඉස්සරහ එච්චර වෙලාවක් කේන්ති අල්ලගෙන ඉන්න බෑ.

මම හුස්මක් හෙලුවා.

ජනේලෙන් එලියේ මූණු අතුරුදහන්වෙලා ගිහින්.

කවුද දන්නේ? සමහරවිට දෙව්මිත් කිව්වාවගේ ඒව අහඹුසිදුවීම් වෙන්ඇති. සමහරවිට මම හිතෙන් මවාගත්තා වෙන්නඇති. සමහරවිට... ඒක ඇත්තම සාපයක් නෙමෙයි, මගේ හිතේ මැවුණු සාපයක්වෙන්න ඇති.

මම හිතහදාගත්තා.

මම දෙව්මිත්ට ආදරෙයි කිව්වට ඇත්තටම නෙමෙයිනේ කිව්වේ.

එහෙම හිතද්දිත් මගේ යටිහිත චෝදනාකලා බොරුකාරයා කියලා.

දෙව්මිත් රුපියල් දෙදාස්පන්සීයක් දුන්නේ උගේ බර්ත්ඩේ කේක්එකට වෙනුවට.

"මේ මොකටද?"

"උඹට... කොළඹ ගිහින් කරන්න ඉන්න බේකරි කෝස් ෆන්ඩ්එකට!"

"හරිනම් මමයි අද තෑග්ගක් දෙන්නඕනි!"

"ප්ලීස් ආදී... මට කරන උදව්වක්හැටියට ගනිං?"

මම ආයෙමත් ගොළුවුනා. ඌදන්නව මම උසස්පෙල ඉවරවෙලා පේස්ට්‍රි බේකරි කෝස්එකක් කරන්න සල්ලි එකතුකරනබව. ඒ හිනදමද කොහෙද දෙව්පසන් දන්නදන්න හැමෝගෙම පාර්ටිවලට කේක් හදෝගන්න ආවේ මාලඟට. ගිය නත්තල තමයි මම ලාබලැබුව ලොකුම කාලෙ! ඒකත් දෙව්පසන් නිසා.

"පොඩ්ඩක් හිනාවෙලා හිටපං, බ්‍රෝ! උඹ ඕනිවටවඩා සීරියස්ගන්නවා හැමදේම. හිටපංකෝ එක්සෑම් ඉවරවෙනකල්..."

"ඇයි ඉවරවුනාම මොනවා කරන්නද?" දෙව්මිත් කියනකොටත් මට බයක් හිතුනා.

"අපියමු අහසේ පියාඹන්න!"

"උඹ මල් ඇද්දට මං ගහන්නෙනෑ!"

"ඒක ඒවෙලාවට බලාගමුකෝ..."

මම ශොපින් බැග් එකකටදාපු කේක්පෙට්ටිය දෙව්පසන් අතටගත්තේ බොහොම පරිස්සමින්. තවපරක්කුවුනොත් උගේ පාටියගන්න වෙන්නේ හෙට තමයි. ත්‍රීවිල්එකට කතාකලේ මම වැඩෙ අවසන්කරන්න විනාඩි පහලවකටවිතර කලින්. පහල පාරේ නවත්තපු ත්‍රීවීල්එක හෝන්කරනකොට දෙව්පසන් අඩියට දෙකට පහලටයන සිමෙන්ති ගල්පඩිපේලිය බහින්නගන්නවා මම බලාගෙනහිටියේ දොරකඩටවෙලා.

මීදුම තවත් තදකරලා.

වහීද කොහෙද...

"ලව් යූ බ්‍රෝ!!" දෙව්පසන් කෑගහගෙන යනසද්දේ යන්තමින් පොඩි මිදුලේ දෝංකාරදුන්නා.

මගේ මූනට පුංචි හිනාවක් මතුවුනා.

හැබැයි ඒ දෙව්පසන්ව පනපිටින්දකින් අන්තිම මොහොත කියලා දන්නවනම්... මම හීනෙකින්වත් හිනානම් වෙනඑකක් නෑ.

* * * *

ඊලග දවසේ ඉස්කෝලේ යනකොට පන්තියේ ලමයින්ගේ අමුතුම කසුකුසුවක්. මම නෙමෙයි ගාණකට ගත්තේ. මං පන්තියට එද්දී උං කසුකුසුගාන්නේ එකවසරේ ඉඳලා. ඒවා මට හුරුයි.

එකඑකා මාදිහා බලබලාකරන රහසින් කියවිල්ල ඉවරනොවෙද්දී මට දැනුනු නොසන්සුන්කම මැඩගෙන බන්ඩාරවෙලපැත්තට උදේට දැනෙන හීතලට සම්බන්දනැති වෙනම සීතලකින් මගේ ඇඟ ඇඟහිරිවැටිලා ගියා.

"දෙව්පසන්ගේ ත්‍රීවිල්එක ඇක්සිඩන්ඩ්වෙලා!"

සර් කියද්දී මාව ඉබේටම පුටුවේ ඉඳගැස්සුනා.

"බදුල්ලේ හොස්පිටල් එකට ගෙනිහිල්ල..."

නෑ... සමහරවිට තුවාලවෙලා විතරක් වෙන්නඇති.!

මම හිතුවා.

දෙව්පසන් මට ආදරෙයි කිව්වෙ ඇත්තටම නෙමෙයි. විහිලුවට. මමත් කිව්වේ විහිලුවට. ඒනිසා ඌ මැරෙන එකක්නෑ. අතක් කකුලක් කැඩිලාහරි බේරෙයි. පන්තියේ ලමයි ඔක්කොමල්ලා බලගෙන ඉන්නකොට ඇස්වලින් කඳුලු වැක්කෙරෙන්න පටන්ගත්තේ මටත් නොදැනීමයි.

කොල්ලෝ කිහිපදෙනෙක් "අරබලහංකෝ කැරකොප්පු ගෝතයා අඬනවා" කියලා විහිලුකරන්න ගත්තම පන්තියේ සර් උන්ට විහිලු නවත්තගන්න කිව්වේ නොකියාඉන්න බැරිකමටද කොහේද.

උන් සෙරමල්ලට නෙලන්න බැරිකමක් මට නෑ. ඒත්- මට හිතක් නෑ.

රණ්ඩුවෙලා මොනවා කරන්නද?

දෙව්පසන් බේරෙයි.

දෙව්පසන් බේරෙන්නම ඕනේ!

ඌට මුකුත්වෙන එකක්නෑ.

මම පලවෙනිවතාවට ආගම් පැත්තකටදාලා දෙව්පසන්ව බේරලාදෙන්න කියලා ඌ අදහන ජේසුස්වහන්සේටත් භාරවුනා.

* * * * *

සමහරවිට ජේසුස්වහන්සේ කියලා කෙනෙක් නැතුවඇති... ඉඳියනම් එයා සර්වබලධාරී වෙන්න විදිහක් නෑ... එහෙමත් නැත්නම් ජේසුස් අහන්නේ ක්‍රිස්තියානි අයගේ කන්නලව් විතරක්ද දන්නෙත්නෑ.

හේතුව මොකක්වුනත් දෙව්පසන් බේරුණේ නෑ.

මීරහවත්ත අපේ සීයා මුරකරන සොහොන එදා දාංලෑල්ලක්වගේ. කලු ඇඳගත්ත අයයි... සුදු ඇඳගත්ත අයයි... පිට්ටනියේ කෙලවරක සුදුඅරලිය ගහට කිට්ටුවෙන්න අලුපාට කුරුසදාපු පරන මිනීවලවල් අතරේ අලුත කපපුවලක දෙව්පසන්ගේ මිනීපෙට්ටිය වලදානකොට අවමගුලට සහභාගිවුනු කවුරුවත් ඇඬනවා මම දැක්කේනැහැ. දෙව්මිත්ගේ තාත්තා... පල්ලියේ පාස්ටර් හැමෝටම ඇහෙන්න යාතිකාකලා. සදාකාලික ස්වර්ගයයි... අමරනීය ආත්මයයි... පරිත්‍යාගයයි... ජීවිතයයි... දෙවියන්ගේ සැලසුමයිගැන කියවනකොට ඒ මනුස්සයා කියවන්නේ මොනවද කියලා එයාම නොදන්නබවකුයු මට දැනුනේ.

කවුරුත් ඇඬුවේනැත්තේ.... ඒ කියන්නෙ දෙව්පසන්ට ආදරේකරපු කිසිකෙනෙක් නැද්ද?

"සමහරවිට අදිත පුතා හිතනවාඇති අනතුරට පුතා වගකියන්න ඕනී කියල... ඒත් පුතාගේ වැරැද්දක් නෙමෙයි..." මගේ ලඟටආව දෙව්පසන්ගේ තාත්තා පාස්ටර් ශාන්ත ප්‍රනාන්දු ලොකු මහන්සියකින්වගේ කිවා.

ඒත්... ඒක මගේ වැරැද්ද තමයි. නැද්ද?

"අපි මනුශ්‍යයෝ පුතා... දෙවියන්ගේ තීරණය අපි හිතනවටවඩා ගොඩක් පුළුල්..."

රෙද්ද තමයි.

මට හිටිය එකම යාලුවා!

දෙව්පසන්ගේ තාත්තට මගේ හිත පෙනුනද මන්දා. පාස්ටර් අංකල් මගේ පිටට තට්ටුකරලා හිමින්සැරේ බිමබලාගෙන ඇවිදගෙන ගියා. සමහරවිට නොපෙන්නුවට අංකල්ටත් දුකඇති. සමහරවිට දෙවියන්වහන්සේගේ කැමැත්ත වෙනස්වුනානම් කියලා දෙව්පසන්ගේ අම්මටයි තත්තටයි හිතෙන්නඇති.

මම හිතාගත්තා...

ආයෙ කාටවත්ම ආදරේ කරන්නෙනැහැ...

ආදරෙයි කියන්නෙනැහැ...

කිට්ටුවෙන්නෙ නෑ...

මම මටම එහෙම කියාගෙන පොරොන්දුවුනා. කොහොමද අවදානමක් ගන්නෙ? මේ මගේ දෛවය වෙන්නඇති. කවදාවත් නොහිතපු විදිහෙ දෙව්පසන්ගේ මරණයෙන්පස්සේ මගේ ජීවිතය කළුසුදු චිත්‍රපටියක්වගේ ගෙවෙන්නගත්තා.

මම අතීතය අමතකකලේ කාර්‍ය්බහුලවෙලා.

ඉස්කෝලේ යනවා... ලමයින්ගේ විහිලු ඉවසගෙන ඉන්නවා... ගෙදර එනවා... ආච්චිට කඩේටදාන්න කේක්හදනවා... රෑට පාඩම් කරනවා... ආයෙම උදේට ගෙදරවැඩකර්ලා... ඉස්කෝලේට... රවුමට රවුම... එකමදේ. අනාගතයගැන නොහිතා පාඩුවේ ජීවිතේගතකරන්න උත්සහගන්නකොට මට අභියෝගකරන්න කුණාටුවක් හිමින් එනවාවගේ උසස්පෙලට අවුරුද්දක් තියලා සයනංක ඇල්ලේපොළ අපේ ඉස්කෝලෙට ඇතුලත්වුනා.

මතු සම්බන්දයි...




Continue Reading

You'll Also Like

102K 15.1K 48
ස්ස්ස්ස්....ස්ස්ස්ස්....උම්මා එකක් දෙනවද?...
130K 22.2K 62
නොමැකෙන්න හදවතේ ඔය රුවම කොටාගමි ලඟ ඉන්න තුරාවට සෙනෙහසින් බදාගමි හිමිවුණොත් සිනාසෙමි නැතිවුණොත් දරාගමි ප්‍රේමයම එය කියා හදවතට කියාදෙමි ඉඳුවර හීනයක පා...
77.8K 14.8K 31
මානසට ඉස්කෝලේදි බිමදාගෙන ගහලා පස්සේ උසස්පෙල අවුරුදු දෙකපුරාම ඔරවගෙන බලාහිටිය හිරුන්ට කෙමිස්ට්‍රි ක්ලාස්එකක් කරන්න කියලා කියද්දී මානස ඒ යෝජනාව බාරගන්න...
1.9K 472 8
නොලද ආදරේනිසා හනාහකී පපුවේ මුල් බැහැගන්න්වාලු... පස්සේ, ඒ වේදනාවනිසාම මුල්ගිය ආදරේ දලුදාලා... අතු ලියලලා... මල් පිපෙන්න ගන්නවලු... මැරෙන්න කලින් එකමඑ...