CRAZY IN LOVE|MYG|✔|

By _jesmine_

1.5K 417 57

රුපියල සක්තිමත් කිරීම සදහා වූ පලමු වෑයමයි... ආනයන අඩු කර හැකි තරම් අපනයන කරමු!!! රුපියල සක්තිමත් කරමු!! ලංකාව... More

Crazy In Love-01💗
Crazy In Love-02💗
Crazy In Love-03💗
Crazy In Love-04 pt1💗
Crazy In Love-04 pt.2💗
Crazy In Love-05💗
Crazy In Love-06💗
Crazy In Love-07💗
Crazy In Love-08💗
Crazy In Love-09💗
Crazy In Love-10💗

Crazy In Love-11💗 (The End)

119 28 4
By _jesmine_

After 6 years.

"ඉරේෂ......."

ආර්ග්ග්ග් මේ කොල්ලා.... ඔව් ඉතිං අප්පගෙම පුතානේ... මට නිවාඩු දවසෙවත් නිදහසේ ඉන්න දෙන්නෙ නැහ්.. අප්පත් එකයි පුතත් එකයි.. අර ලොන්ත බලු හාදයා ඩොලී ත් එකයි... මුන් ඔක්කොම මාව කන්නමයි බලං ඉන්නෙ.

යැස් යැස්... මේ සාරා මැතිනිය දැං අව්රුදු 5 හමාරක වසවර්තී කොලු පැටියෙක් ඉන්නවා... බැදලා මාස හයෙන් ඇති උන කැරකිල්ලට ඉස්පිරිතාලෙ ගියාම ඩොකා කිව්වෙ නැතැ මං ප්‍රෙග්නට් කියලා... මං නෑමයි කිව්වා... ඩොකා ඔව්මයි කිව්වා.. මං නෑමයි කිව්වා.. ඩොකා ඔව්මයි කිව්වා.. අන්තිම පාර මං නෑ කියන්න හදද්දිම හබ්බා කට වැහුවෙ නෑ කිව්වොත් මටයි හබ්බටයි බත් කන්න දත් නෑ කියන්න වෙයි කියලා හිතලා.

කොලුවගේ නම ඉරේෂ.. මං බල්ලට කෑම එක දාලා එන ටිකට මේකා අන්තරස්දාන් අනේ අම්මපා ඔයවෙලාවට තමා ඉතිං මට අපේ අම්මගෙ ආච්චිව මතක් වෙන්නෙ... 

ඇත්තටම මයෙ හීනෙ උනේ චංචුං නමක් දාගෙන කොරියාවෙ පදිංචි වෙන්න ඒත් අපේ දයාබර හබ්බයෙ බලකිරිල්ලට අපිට අනුරාධපුර නගරෙට ආසන්නයෙන් තට්ටු දෙකේ ගෙයක් අරං පදිංචි උනා... අපේ ගෙදර බෙඩ් රූම්ම පහක් තියෙනවා.. හිත් කොනෙන් පොඩි සැකයක් ආවා හබ්බයෙ හිතේ තව ළමයි හදන්න වගේ අදහසක් තියෙනවද කියලා.. බුදාම්මෙ හදාගන්න ළමයෙක් තනියෙන් හදාගන්නවා.. මට මෙතන ඉන්න එකාවත් හදා ගන්න බැරුව තව ළමයි... මෙයාට ඉතිං මොකද?? මං එපැයි වද විදින්න.

ඇත්තමයි පොඩි එකාව හදාගන්න තිබ්බා කොහෙද හබ්බා මේකා ඉල්ලන ඉල්ලන දේ ගෙනත් දෙනවනෙ. ඒකෙනුත් වදේ මට... පුහ් කසාද ජීවිතෙත් ලේසි ඤැහ්.

දොරෙන් මතු උන ඒ සරීරෙ දැකලා මට ඇත්තමයි අනිත්‍ය මතක් උනා... ඉස්සර අර අයෝමය පුරුසයා තරගෙට ගියානම් සිරාවටම කප් එක ගහන්න තිබ්බ එයිට් පැක් තිබ්බ හබ්බා දැං නිකං ලබ්බට ගහපු කෝට්ට වගේ වෙලා. වෙන්නෙතුව තියේවියෑ.. පොර දැං රජරට ලෙක්චර් කෙනෙක්.. උදේ පාන්දර කැම්පස් එකට ගිහිං හවස එද්දි ටවුම හතර වටේ ගිහිං අයිස්ක්‍රීම් බයිට් චොකලට් පලතුරු එලවලු කිරි පිටි ඔක්කොම උස්සන් ගේ ඇතුළට ආව වෙලේ ඉදං පොඩි එකාගෙ දසවද උහුලන්න වෙනවා.. ඊලගට නිවාඩු දවස් වලට අර හුච්චං බයිසිකලේ පොඩි එකාවත් තියාගෙන හැතැක්ම ගානක් පාගනවා... පොඩි එකා හරි කැමතිනේ තාත්තා එක්ක බයිසිකල් පදින්න.. පැදලා පැදලා සමහර දවස් වලට හබ්බයෙ කෑම එකත් පොඩි එකාට දීලා බකං නිලං ඉන්නවා.. පව් වෙලාවට දුකත් හිතෙනවා.... ඒත් කොල්ලො හෑ කොල්ලො නෑ නෑ අංකල් මට කරන්න දෙයක් නෑ... මං කිව්වෙ නෑනෙ ලමයි හදමු කියලා.

බඩු ටිකත් පැත්තකින් තියලා ජෝන් සීනා වගේ පොඩි එකා පස්සෙ දුවලම හති දදා උන්න මං ලගට ආවා.

"මොකෝ මේ.."

"ඔයාගෙ අර අහිංසකයට පරිප්පුයි ඔම්ලටුයි කන්න බෑ කියනවා.. මං බල්ලට කෑම එක දීලා එද්දි මේකා අන්තරස්දාන්.."

"මං හොයං එන්නම්."

පොර එහෙම කියාගෙනම උඩ තට්ටුවට ගියා විනාඩි පහෙන් අර අලි බබාවත් වඩාගෙන ආවා.. ඒ මදිවත් කොල්ලා හබ්බගෙ ඔලුවත් හපං... හීහී.. අම්මගෙ පුරුදුනේ ඉතිං..

"ඉහි ඉහි.... මත පරිප්පු කන්න බෑ.... අම්මට  කියන්න චිකන් ඩෙවල් දාන්න කියලා."

අනේ අම්මපා.......... අපේ අම්මා එහෙමනම් මෙලහට මගෙ දත් ඇන්දම ගලවලා බයිපාස් එකකුත් කරලා. කොහෙද මේකා මට ලමයව හදාගන්න දෙන එකක්වැයි.

"ම්ම් මගෙ  සූටි කොල්ලා.. අපි හෙට චිකන් කමු... මං අයිස්ක්‍රීම් ගෙනාවා අද බත් ඔක්කොම කෑවොත් අයිස්ක්‍රීම් කප් තුනක්ම ඔයාට දෙනවා... දැං ගිහිං හොද ළමයා වගේ කන්නකො."

ඔය ඔය ඉතිං මං කිව්වෙ... මොන තාත්තද යකෝ රෑට රෑ වෙලා ලමයට අයිස්ක්‍රීම් කවන්නෙ... ඔන්න මට කැව්වනම් කමකුත් නෑ.

"ඔයා එයාව නරක් කරනවා.."

"ඔය වයසට පොඩි අය එහෙම තමා.. ගනන් ගන්න එපා.."

කොල්ලා බත් කනකම් අර ගෙනාපු බඩු ටික අස් කරන ගමන් හබ්බට දෙහි කපන්න හිතුවත් පොර කරපු වැඩේ මාව පිටිපස්සෙන් ඇවිත් බදාගත්ත එක.. ඕකට තමා මං හැමදාාාාම රැවටුනේ... ඉහිඉහි මංම මහලා මංම  අදිනවා.. ඕවට කියන්නෙ පිරිමි හැටහතර මායම් කියලා.

"ළමයා දකියි.."

"එයාට පේන්නෙ නෑ."

හෙන ආතල් ඉතිං නේ..... කිලෝ හැට පහක් හැත්තෑවක් බර මේකවත් උස්සන් අස්කරපං චුන් චෑන් බඩු ටික...

"ඔයා ගාව සුවදයි."

මූ මොකටද ඒ පාර එන්නෙ... මේ මේ එන්න එපා ඈ.... 119 ගහලා දානෝ හිරේ... ඇයි යකෝ.

"⁣පොඩි එකාට ගෙනාපු නාමල් සබන්නෙ  ගාන්නෙ ඒක හිංදා වෙන්නැති."

එනවා මෙතන සුවද බලන්න.. බැදලා අව්රුදු හයක් උනා තමයි එහෙමයි කියලා උපන් ගති වෙනස් කරන්න පුලුවනෑ.

මේකා තවත් තද කරගත්ත යකෝ... මවෙ මරන්නද යන්නෙ...

"ඔයා ගාව ගදයි... ගිහිං නාගෙන එනවකො."

කූඩැල්ල වගේ එල්ලිලා උන්න හබ්බව බාත්රූම් එක පැත්තට තල්ලු කරන ගමන් කිව්වම හබ්බත් ලැජ්ජාවෙන් වගේ ගියා.. පොරට ගදයි කිව්වම අමුතු මෙව්වා එකක් හැදෙනවා...

හ්ම්....... මේක තමා ජීවි⁣තේ... ආකල් එකේ පව්ලත් එක්ක ඉන්නවා තරම් සැනසීමක් මට නම් නෑ... යුංගි.... අම්මටයි තාත්තටයි මල්ලිටයි පස්සෙ මට වැඩියෙන්ම ආදරේ කරන කෙනා.. මං වැඩියෙන්ම ආදරෙ කරන කෙනා... ඇත්තටම මං මේ ජීවිතේට ආසයි..

තවත් ගොන් වැඩ කරකර සතුටින් මැරෙනකම්ම ඉන්න...

______________The end💗____________

හායි හායි හායි.... ඉතිං කෝමද??

කියන්නනම් දේවල් නෑ ඉතිං..මාස ගානක් අප්ඩේට් නැති වෙලත් අවසා⁣නය දක්වාම මාත් එක්ක හිටිය හැමෝටම මං ගොඩක් ආදරෙයි.❤

මං වැඩියෙන්ම ආසාවෙන් ලිව්ව පොත උනත් ගොඩක් කල් අප්ඩේට් නොකරන්න හිතුනේ වීව්ස් තිබුනට කමෙන්ට් නැති උන එක. 🙂💔

ඕනෙ ලබ්බක් කියලා කියවන එකෙක්ට කියවන්න මං ඉතිං දිගටම දැම්මා.. ඇත්තටම මට ඕනෙ උනේ මේක ඉක්මනට ඉවර කරන්න.. ඒක හිංදා ගොඩක් වෙලාවට ඩබල් අ⁣ප්ඩේට් දුන්නා.😌

... සයිකො කියන්නෙ සෑහෙන්න බීලා ලියන්න ඕනෙ එකක් නිසා

අන්තිමට කියන්න තියෙන්නෙ ඉතිං වොට් කරපු අයට..කියවපු අයට.... කමෙන්ට් කරපු නොකරපු හැමෝටම ගොඩක් ස්තූතියි මාත් එක්ක මේ කතාව ඉවර වෙනකම්ම හිටියට..

මෙච්චර කල  රහසේම කියෝලා ගිය අය කතාව ගැන ගුනදොස් කියම් යමු නේත 🌝

ස්පැගටි දෙවියන්ගෙ ආනු බාවෙන් ඔබ සැමට දීර්ඝායුෂම ලැබේවා.. ඒස් වා පුඃ

#jesmine

Continue Reading

You'll Also Like

241K 6K 52
⎯⎯⎯⎯⎯⎯⎯ જ⁀➴ 𝐅𝐄𝐄𝐋𝐒 𝐋𝐈𝐊𝐄 .ᐟ ❛ & i need you sometimes, we'll be alright. ❜ IN WHICH; kate martin's crush on the basketball photographer is...
1M 54.6K 35
It's the 2nd season of " My Heaven's Flower " The most thrilling love triangle story in which Mohammad Abdullah ( Jeon Junghoon's ) daughter Mishel...
308K 6.8K 35
"That better not be a sticky fingers poster." "And if it is ." "I think I'm the luckiest bloke at Hartley." Heartbreak High season 1-2 Spider x oc
1.1M 44.3K 51
Being a single dad is difficult. Being a Formula 1 driver is also tricky. Charles Leclerc is living both situations and it's hard, especially since h...