එදා මව් රැජින මං දිහා බලපු බැලිල්ලට ඇත්තමයි තව ටිකෙන් හාට් ඇටෑක් එනවා.. පුහ් පොල්කටු හැන්ද එහෙම අහලහල තිබ්බනම් මං සදා සොත්ති බවන්තුතේ.
කොහොමහරි විස්තරේ අම්මටයි තාත්තටයි කියලා සප්තලම්ගෙ අම්මත් එක්කත් කතා කරා... එයැයිලා හෙට මෙහෙ එනෝ.. ඒ කියන්නෙ සප්තලනුයි සප්තලම්ගෙ අම්මා නොහොත් මගෙ වෙන්ඩ නැන්දම්මා..
අපි දැං ඉන්න කටුස් එයාපෝට් එකේ.... හප්පෙ පුදුම අව්වක් ඉස්කෝලෙ කාලෙ අව්වෙ ඉන්න බැරුව බොරු කලන්තෙ දාපුවයෙ ප්‍රතිඵල තමා මේ.... ආං ආං ෆ්ලයිට් එක ආව්ස් කිරි කිරි එලකිරි... ආ අමතක උනා... අපේ ගොන්සාරිස් තිනෙතයා පොරත් අදම ලංකාවට එනවා.. විදේශ විනිමය ටිකක් හොයාගන්න හදනකොටමනෙ මේකා ලංකාවට එන්නෙ..
දැං නිකං අපේ වෑන් එක පේරාදෙනිය මල් වත්ත වගේ.. අපේ අම්මත් ඉතිං... ගමනක් ගියොත් වාහනෙන් එකයි මල් අතුයි මල් පැලයි ඒවට පොහොරයි. තාත්තා දවසක බංකොලොත් වෙන්නෙම අම්මට මල් පැල ඇදලා. නැන්දම්මා අපේ අම්මයි බරටම කතාව.. ආ අපේ අම්මා. අව්රුදු දහයක් විතර කොරියාවෙ උන්නෙ. කරපු රස්සාවනම් මං දන්නෙ නෑ.. කොහොමහරි අපේ ඩඩාවත් එහෙම්ම තමා හම්බෙලා තියෙන්නෙ.. ඩබල එහෙන් සෙට් වෙලා මෙහෙ ඇවිත්.. අපරාදේ මං ඉපදුනාට පස්සෙම ආවනම් හෙන ගහනවද?? නෑනේ
වෙලාවට අර ඉසකුඩිච්චිය ඉස්කෝලෙ උගන්නන ගිහිං.. නැත්තම් මෙතන සකබබරෙ වගෙ කැරකි කැරකි බලබල යයි.. ඩඩා පාඩුවෙ ඩ්‍රයිව් කරනවා... අම්මයි නැන්දම්මයි මල් කඩනවා. මලයයි සප්තලනුයි කොල කඩනවා අහිංසක මං මං ඔහෙ බලං ඉන්නවා කාට කියන්නද ජෙයියනේ මේ නස්පැත්තිය..
කදු හෙල් තැනිතලා පහු කරගෙන වෙල් යායවල් පහු කරගෙන අපේ ගෙදර අපි ආවා... ආව වෙලේ ඉදලා අම්මට මාව මතක නෑ... බෑනන්ඩියයි නැන්දම්මයි ලොතු වෙලා.. ඒවා අසාදාරණයි අනේ..
රෑ කද්දි සැහ්... මේ තුන්දෙනාගෙ සිරික්කිය බලන්න එපැයි.... අහිංසක මට අපේ සිරිසේනගෙ තැනවත් නෑ.
"ලොකූ... කෑම එක සිරිසේනට දීලා එන්නකො"
සිරිසේන... නොහොත් අපේ ගෙදර බලු රජු... පොර ගේද්දි නම ටොමී... ඒත් මේකව ගේද්දි අපේ ආච්චි පරලො සැපත් වෙලා නෑ... උන්දැ මැරෙද්දිත් සීය පැනලා.. දත් තිස්දෙකෙත් දතක කෑල්ලක් නෑ... හරි. හරි. එතකොට අපේ ආච්චි ලෙඩ ඇදේ උන්නේ... බල්ලා ගෙනාවම ආච්චි කිව්වෙ නැතෑ එයාගෙ හබ්බව මතක් වෙන්න මේනට සිරිසේන කියලා නම දාමු කියලා.. අපේ ඩඩාටත් ඉතිං ආච්චි කිව්වොත් ආයෙ යමගල හරි පෙරලනවනේ.. ඉතිං මුට සිරිසේන කියලා නම දැම්මා..
උගේ කෑම එකෙන් මස් කෑලි දෙකකුත් උස්සලා කෑම එක දීලා බීලා නාලා නිදා ගත්තා. අනිත් උන්දලනම් දන්නෙ නෑ... හැබෛ මට පට්ටම මහන්සියි... .
ඊලග දවසෙ උදෙන්ම චතුරාංගනී සේනාව වගේ මායි ගොන්සාරිසුයි සප්තලනුයි ගියේ ගමේ අසිරිය හොදටම භුක්ති විදින්න..
සෙට් එක කලින් ප්ලෑන් නොකරපු විදියටම මුලින්ම ගියේ වෙලට... මලයයි සප්තලනුයි නම් පස්වනක් ප්‍රීතියේ ගිලිලා වතුර පිට උගුරෙත් ගිහිල්ලා. අපිට නෑනෙ ඔය දාංගලේ.. මං ඉතිං මනෝපාරක් ගහගෙන විසික් එහෙකුත් ගහගෙන ගියා.ආං ආං ආං හොර වැඩ.. සප්කලං නියරෙ තිබුන මඩ ටික හොරකං කරනවා.
ඔය අස්සෙ තමා අපේ මලයා මට මඩ පහාරයක් ගැහුවේ.. චිකේයියා...... කටටත් ගියා ගොම රහකුත් ආවා.... ඔහේ ඉවරයි ගොනෝ... ලෑස්ති වෙයම් තුන්වෙනි ලෝක යුද්ධෙට..
මාත් දෙපාරක් නොහිතම මඩ අහුරක්ම අරගෙන දමල ගැහුවා කෙලින්ම අරූගෙ මූණෙමයි.. පව් හැබෛ.. කටේ ඉදලම පස්... හුහ් ආවා මාත් එක්ක හැප්පෙන්න.. ඔය අතරෙ තමා අර මඩ හොරකම් කරකර හිටපු පොරත් අපිට සෙට් උනේ. දැං මෙතන එකම යුද්ධයයි... එහෙන් මෙහාට මෙහෙම අරහෙට.. මගෙ හදවත් පොජ්ජට හිච්චං බයක් ආවා මේකෙ අයිතිකාරයා අවොත් අපි තුනටම මගුල් කෙසේ වෙතත් හිරේනම් ලගින්න වෙනවා කියලා.
ඔය අවස්ථාවෙදි තමා වෙලේ අයිතිකාරයා රත්නසිරි අංකල් ආවේ..
"ආනේ... මේ අර මිහිරි දුවගෙ දුවයි පුතයි නේද?? අප්පා.... අදුරගන්නත් බැරුව නෙවෙ.. චූ කෙල්ලො ඉතිං දැං ලොකු ලමයිනේ.."
ඇයි මාමෙ ඔයා ඔහොම... ඔය වගේ කතා දැං මේ වගේ අවස්ථාවක ඇදලා ගත්තෙ...
මාත් දත් තිස් එකම පෙන්නලා සේප් එකේ මාරු වෙලා ගියේ මං රත්නසිරි අංකල්ගෙ පුතාගෙ චූටිම පුතාට ඒ කාලෙ කරපු අසික්කිත වැඩ සිහියට ආව නිසා..
ඊලගට අපි ළඟ තිබ්බ කීය කීය හරි දාලා සව් කොල ටිකක් ගන්න හිතුවා සරුංගල් අරින්න.. මොකද සෙල්ලම් කරන්න වයසක් තියෙනවද?? සප්තලංගෙ වොන් මේ වැයික්කියට ගැලපෙන්නෙ නෑ මහත්තයො.. ඒවට ගැලපෙන්නෙ දැං පාවෙන රුපියල් විතරයි..
මලයයි මායි රුපියල් සීය සීය දාලා සව් කොල ටිකකුයි කතුරකුයි ගම් ටිකකුයි නූලුයි ගත්තා.... ඉටි කොල ගන්න සල්ලි මදිනේ..
උණ බම්බු කපලා කොටලා සරුංගල් හදලා වෑකන්දට ගිහිං සරුංගලුත් ඇරියා.. මලයා එතනත් යුද්ධ ප්‍රකාස කරලා මගෙ සරුංගලේ නූල කැපුවා.. තුක් නොදකින් ගොන් බූරුවා.
සරුංගලුත් ඇරලා අපි ඉතිං වැවට පනින්න හිතුවෙ මැරෙන්න නෙමෙයි දියබුං ගහන්න.. එකටම පැන්නෙ මලයා.. පොරට වැවක් කිවිවොත් ආයෙ කන්න ඕනෙත් නෑ.. දියාකාව නෙමෙයි දියනයා වගේ පීනන්න මාර වැඩ්ඩා... ඒ අව් අස්සෙ සප්තලම් කන්න වයෙ මං දිහා බලං ඉන්නවා.. බය වෙන්න එපා රත්තරං.... ඔය බදන්න ඉන්නෙ සිරි ලංකන් යක්ක දුවෙක්.. ඕනෙ දේකට ඔට්ටුයි. උයන්න ඇර හැබෛ..
බලං ඉදලා බැරිම තැන සප්තලම්වත් තල්ලු කරලා මාත් පැන්නා.. පැය දෙකක් විතර වතුර බොර වෙනකම්ම නටලා නටලා ගොඩට ආවට පස්සෙයි මතක් උනේ ඇදුම් ගෙනාවෙ නෑ කියලා.. මොනා කරන්නද තුන්දෙනාම සොම්බි වගේ සෝට් කට් වගේ දිග පාරකින් ගෙදර ආවා...
අපි තුන්දෙනා දැකලා අම්මටනම් ආයෙමත් කාලි අම්මව ආවේස වෙලා...
"මේ ළමයි දෙන්නව හදා ගත්ත වෙලේ හොද ගොනෙක් හදාගත්තනම්මීට වඩා හොදයි.. අනේ අම්මපා මටම ඉපදුනානෙ මෙහෙම ළමයි දෙන්නෙක් මේ අහිංසකයවත් නරක් කරනවා. බලනවා මේ හොදටම ගැහෙනවා සීතලට."
අම්මා අපිව උඩ ඉදලා යටටම ස්කෑන් කරලා දෙහි කපන්න ගත්තා නාරනුත් කපනවද මංදා.. දොඩනුත් කැපුවා අනේ..
අපි ටිකේ තත්ත්වය අතිශ්‍ය සෝචනීයයි. සප්තලම් හැටට හැටේ ගැහෙනවා.. මලයගෙ සෙරෙප්පු දෙකම අන්තරස්දාන් වෙලා..මගෙ කකුලෙ එක සෙරෙප්පුවයි කකුලෙ අනික නෑ.. ඔලුවෙ රෙදි පටි බැදලා.. අන්තිමේ අර ආර්පිකෝ සුපර් සෙන්ටර් එකෙන් ගත්ත වොසින් මැසින් එක තියාගෙන මටයි මලයටයි ගෙදරම රෙදි හෝදන්න උනා...
රෑටත් කාලා බීලා ඉවර වෙලා අපි ටික ආයෙමත් සෙට් උනා.. දැන්නම් සප්තලනුත් අපේ රස්තා ටයිප් එකට එන්ටර් වෙන ගමන්. අම්මයි තාත්තයි සදායි නැන්දම්මයි ෆිල්ම් එකක් බලන්න සෙට් උනා..
"අක්කෙහ්... මට බෑ තනියම ගහන්න"
පුදනකොටම කාපි යකා කියලා මේකා බැහ් බැහ් ගාගෙන එනවනෙ.. ටීම් දෙහෙකට බෙදිලා අපි ගහන්න හැදුවෙ සප්තලම් සුව කැමැත්තෙනම් මගෙ පැත්තට ආවා.. ගොන්සාරිස් මෙතන නැට්ට පාගං කෑ ගහන්න ගත්තා.
"එහෙනම් පලෑම්.. මට පාඩු වෙයි."
"එහෙනම් මං සුදුට එන්න කියනවා.."
"ආාා.... සුදු වරෙම් සුදුව පෙන්නන්න"
සුදු.. මතකද කලින් දවසක කිව්වා අර මලයාගෙ නොවන මලයගෙ පෙම් පුරාවත ගැන..ඇත්තටම සුදු ගේනවට මං බය උනේ..මගෙ වෙන්ඩ හබ්බයෙ හිත වටේ ගියොත් මටනෙ පාඩුව ඒක ගැන හිතලා.
"ආ ආ... එහෙනම් ඔහෙගෙ අයියව ඔහෙම තියාගනින්.. මං තනියම ගේම ගහනෝ.. තනියමයි උපන්නෙ තනියමයි මැරෙන්න.. ඔය කාගෙන්වත් මට වැඩක් ඤැහ්."
____________________________________
තව දෙකයි 🌝🌚
#jesmine