අපි ගෙවන ජීවිතේ වාඩුවක්... ඔබ ගගක්නම් මං එහි පාරුවක්.. අපේ දුක දන්නෙ අපි විතරයි අවසානෙදි නැති උනා දෙන්නගෙ හාදකම්....
දොන්ත බබක්කට දෙන්න දෙයක් නැත පෙට්ට ගමක් උඩ තුට්ටු දෙකක් ඇත...
මං දැංනම් කකුල හපං මැරෙන්න හිතෙනවා යකෝ.. පාන්දර තුනයි නැගිටිද්දි... මේ කෙහෙම්මලක් ඇග වටේ ඔතන්න ගිහිං මගෙ පණ නවයෙන් අටක්ම නැති උනා.. ඇයි යකෝ මං අම්මට කිව්වා මේකනම් මහලා තියෙන්නෙ රෙදි වලින් නෙමේමයි කියලා.. කොහෙද අපෙ අම්ම මං කියන දේ පිලිගන්නවැ.. අපිට ඉතිං රැවුල නෑනේ.. ඔන්න අර මලයා වගේ මූණ පුරා රැව්ල වවං හිටියනම් අපේ අමමමලා මං කියන දේ විස්වාස කරයි. මේ ඔක්කොම ඉතිං ගෙදර ලොකු එකා හිංදනේ..
පැය දෙකක මහා යුද්දෙකින් පස්සෙ සාරියත් ඇදගෙන.. සාරියක් කිව්වට මේ මංගල්ලෙ ඔසරියක්... ඕකත් ඇදගෙන සුජානි ආන්ටි... හංදියෙ බදාම උලන කෙනා.. ඒකිත් ඇවිත් මට දෙතිස් වදේ දුන්නා.. දැං නිකං හරියට මං මේ දැං මරලා එම්බාම් කරපු මලමිනියක් වගේ... සුජානි ආන්ටිගෙ ඇගිලි හොදයි ඔපරේෂන් කරන්න... අඟල් පහක් විතර දිගයි නියපොතුම.. තව පොඩ්ඩෙන් මගෙ ඇහැ ඉවරයි.. මට මැරිලවත් මුං නිදහසේ ඉන්න දුන්නෙ නෑ.ඩ්‍රැකියුලාගෙ නංගි වගේ පේන්න රතු පාට ලිප්ස්ටික් එකකුත් ඒ පාර ඉලුවා..
දැං නිකං මං මරිෂ්කාගෙ නෑනා වගේ...
ඇත්තටම මං වෙඩිම ගන්න හිටියෙ ලංකාවෙ නෙමෙයි... ඒත් කරුමෙට නැන්දම්මට පලවෙනිම දවසෙ ලංකාව පට්ටෙටම හිතට අල්ලලා... ඒ ගෑණි කිව්වෙ නැතැ මගුල මෙහෙ ගමු කියලා... පංච මහා විවාදෙ දවස් ගානක් කරලා කරලා අන්තිමේ මං අන්ත පරාජයට ලක් උනා. කරුමෙට හබ්බටත් ඕනෙ උනේම ලංකාවෙම බින්න බහින්නනෙ.
කොහොමෙන් කොහොම හරි මට දැනෙන්නෙ මං නිකං කනත්තට අරං යන්න එම්බාම් කරපු මෝහිනි වගේ ෆීල් එකක්.. මට උදේට කන්න දුන්නෙත් නෑ.. කෑවොත් මගෙ මේක්අප් එක දෙපිටින් යන නිසා... නැගිට්ට ගමන් බිව්ව පස් පංගුවෙ බලේ තමා මේ.. නැගිටින්න බැහ් බැහ් කියලා හබ්බා ඉස්සරහා අම්මගෙන් හැදිමිටෙනුත් කන්නත් උනා..
අෂ්ටක සීයෙ දැන්නම් ඔහෙ මගෙන් අර ඩුප්ලිකේට් පිත්තල තලියෙන් කනවා.. ඇයි යකෝ. දැං කීයෙ ඉදංද මායි හබ්බයි අර සිංගර් එකේ ඉස්සරහ තියලා තියෙන සෙටප් දෙක වගේ විරිත්තන් ඉන්නෙ... විරිත්තලා කටත් රිදෙනවා ඕයි. ඒ අස්සෙ ඈනුමකුත් යන්න එනවා.. හබ්බටනම් මොකද හබ්බ හෙන චූන් එකේ දත් ටිකටත් හුලං බොන්න දිදී ඉන්නවා... හෙන චූන් ඉතිං..
අෂ්ටක කියලා ඉවර වෙලා ඇගිලි දෙක බැදලා වතුර දාද්දි තමා මට අහිංසා අක්කගෙ මහත්තයගෙ මැරිච්ච මී මුත්තිව මතක් උනේ.. සැක් සාරියත් තෙමුනා.. අහිංසා අක්කා කිව්වෙ වෙඩින් ගන්න එක එච්චර අමාරු නෑ.. ඔව් ඉතිං ගන්න අමාරු නෑ... ඒ්ත් ඉතිං වෙඩිමේ ප්‍රදර්ශන භාණ්ඩ දෙක වෙන එකනෙ පොබ්ලම් එක..
හම්බෙ වෙඩිමේ චාරිත්‍ර ටිකනම් යන්තම් ඉවර උනා දැං තියෙන්නෙ වන්දනා චාරිකාවෙ යන්න... මොන කෙහෙල් බොඩේකට අපේ අම්මා ජීවිතේට දැකලා නැති නෑයන්ටත් එන්න කියලද මංදා?? මගෙ දත කැඩුන වෙලේවත් මුං ආවේ නෑ..
අපේ පරම්පරාවටත් වැදගෙන යද්දි තව පොඩ්ඩෙන් වැරදිලා මලයටත් වැන්දෙනවා.. චික් මුට වැන්දනම් මට ගම රට අතහැරලා යන්න වෙනවා.. හබ්බයෙ පරම්පරාවටත් වැදගෙනම ඒ වැඩෙත් ඉවර කොරා..
ෂාසාසාසාස කෑම ටයිම්..... දැන්නම් මංගල කියලා බලන්නෙ නෑ කන්න දෙන්නැති එවුන් එකා ගානෙ මරලා මෙතන අවමංගලයක් කරනවා අම්මපා.. යකෝ බඩගින්නෙ ඉන්නවා කියලා මෙහෙමත් කරනවද?? තාම බුෆේ එක ඇරලා නැති එකටනම් නිසදි කේටරින් එක ගැන මට රිපෝට් කරන්න වෙනවා... යකෝ දැං දොලහත් පහු වෙලා.. ඒකේ අර කුකුල් අණ්ඩ මතක් වෙද්දි කෙලත් උනනවා.. මාළුත් තියෙනවා වගේ මතකයි.. වෙඩිම මගෙනේ තියෙන ඔක්කොගෙන්ම බෙදාගෙනම බෙදාගන්නෝනෙ.
වෙඩින් කේක් එකෙන් කෑලි දහයක් විතර ආමාෂ ගත උනාට පස්සෙ තමා නැති උන පණ ටිකෙන් පන දෙකක් විතර ආයෙ ආවේ.. දවල්ට කෑවට පස්සෙම ඉතුරු ටික එයි..
මං ඇසි පිය නොහෙලා බැලුවා මම ඇසි පිය නොහෙලා බැලුවා මම ඇසි පිය නොහෙලා බැලුවා ඔබෙ දෑස් දිහා ආආආආාාාආාාාා
මගෙ ඇස් දෙක දියෙ ඩාන්ස් ෆ්ලො එකේ මලයා ලංකාසෝයි නංගියි දැං සෙට් උන කපල් එක නටන දිහා... ආව්ස් සප්පා මටත් නටන්න එකෙක් හිටියනම්..
හිතහිතම අනිත් පැත්ත බලද්දි හබ්බා මං දිහා බලං හිටියෙ නටන්න එකෙක් නැතිව තනිකන්දෝසෙ හැදිලා නූල් පන්නපු මහසෝනා බලං ඉන්න ගානට..
"නටමුද??"
ඔයත් මාර කතා කියන්නෙ... මේ සරඅවාලෙ පටලං නටන්න... මට මතක් උනා සර් ආතල් කොනන් ඩොයිල්වත්... අනික මං ඕලෙවල් වලට කලේ ඩ්‍රාමා මට නටන්න බෑ දෙයියනේ.. ඕනනම් ජවුසමක් නටලා පෙන්නනම්... උඩරට පහතරටනම් බෑමයි...
කොහෙද මං බැහ් බැහ් කියද්දිම මේකා මාව නැටෙව්වා නැටෙව්වා ඒක කපල් ඩාන්ස් එකක්නම් නෙමෙයි... මං බයේ උන්නෙ සරුවාලෙ මේක මැද්දෙ කඩං වැටුනොත් මට යන කලදසාව කියලා එහෙම උනොත් ඊලග විනාඩියෙ FB ට්‍රෙන්ඩිං යයි..
සාරි ගැලවෙන්නම නටපු කෙල්ල කියලා...
වෙඩිමෙ වැඩත් ඉවර වෙලා අපි දැං ගෙදර යන වෙලාව ආවා.. අම්ම මාව බදාගත්ත හැටියට මට දැනුනෙ පාරෙ ගල් කැට බුල්ඩෝසරෙට අහුවෙද්දි ගල් වලට දැනෙන වේදනාවට සමාන වේදනාවක්.. මාව බදං අඩලා අඩලා ඉවර උනාට පස්සෙ ඩඩාත් මාව ඇවිල්ලා චප්ප කරා..
"දුව හොදට ජීවත් වෙන්න"
කියලා ඔලුවත් අත ගාලා ගියා.... හනේ මගෙ මලේ.................. තවුසෙ නැතුව හං ජීවත් වෙන්නෙ කොහොමද දෙයියනේ.. සදාට එරෙහි අපේ යුද්දෙට මොකද වෙන්නෙ
"මලේ...."
"අලේ..."
"මාව දාලා යන්න එපාා..."
"ඔහෙ මාත් එක්ක අපායට උනත් එනවා කිව්වා.... "
"ඉහි ඉහි... ඔහේ කිව්වා හනිමූන් එකට ෆ්‍රී ටිකට් එකක් මට දෙනෝ කියලා.."
මොනාද පොල් බූරුවො ඒ කියන්නෙ.. යකෝ වෙඩිම දවසෙම මගෙ ෆියුනරල් එක වෙයි මෙහෙම ගියොත්...
කොහොම හරි ඒක ඇහිලද දන්නෙ නෑ අපේ අම්මා ශිවංගියි අර ප්‍රේමායුද එකේ මුගටියයි වගේ වෙලලිලා උන්න මායි ගොන්සාරිසුයි ඈත්කරලා බලෙන්ම මාව කාර් එකට නැග්ගෙව්වා.
අඩලා අඩලා මේක් අප් එක බාගෙට හේදිලා ගිහිං මං නිකං මොකාද එකා වගේ..
"අයිගෝ.. මගෙ අඩන බබා.. කෝ හිනා වෙන්නකො."
හබ්බා මූණ පිහලා තුරුලු කරගන්න ගමන් කිව්වා.
"මෙහ් යන ගමන් සිද්දාලේප එකක් අරං යං ඈ."
මට හැදිලා තියෙන හංදිපත් රුදාවට එහෙම කියලම හබ්බයෙ තුරුලෙම සැප නින්දකට අවතීර්ණ උනා... සැප නින්දට ඉතිං ආර්පිකෝ මෙට්‍රස් ඕනෙම ඤැහ්
____________________________________
අන්තිම එකත් දාලා තියෙන්නෙ 🌝💔
#jesmine